හොල්මන් කතා අහන්න එන්න

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    හොල්මන් කතා අහන්න එන්න

    ඔන්න මම ඕගොල්ලන්ට හොල්මන් කතා ටිකක් දෙන්න යන්නේ

    :):)

    හොඳ මන රෙප්++ දාන්න :):):)


    :):):):):):)








    රැන්වර්ත් බෙහෙවින් සුන්දර ගමිමානයක් වුවාසේම අවතාර බහුල ගමිමානයක් බවට ද ප්‍රසිද්ධව තිබිණ. විශාල දේවස්ථානයක් එම ගමිමානයෙහි විය. පෞරාණික වටිනාකමකින් මෙන්ම වටිනා භාණ්ඩ වලින් ද පිරුණු මෙම දෙවි මැදුර මුළු ප්‍රාන්තයෙහිම වු විශිෂ්ඨතම නිර්මාණය ලෙස පිළිගැනිනි. එහි සුන්දරත්වයෙන් වසග නොවු දෙනෙතක් නොවීය.
    බෙහෙවින් අලංකාර සිතුවමක් මේ දෙවි මැදුර තුළ විය. මෙම සිතුවම 15 වන ශත වර්ෂයෙහි එහි ජිවත් වු ජර්මන් ජාතික සිත්තරුන්ගේ විස්කමක් බව බොහෝ දෙනෙකුගේ අදහසයි. මේ දෙවි මැදුර ගොඩ නගන ලද්දේ 15 වන ශත වර්ෂයෙහි බව කියැවෙයි.
    රාත්‍රී කාලයට දේවස්ථානය අසලින් ඇති ඇල ඉවුර දිගේ යන ඇතැමෙකුට අලංකාර ලෙස පින්තාරු කරන ලද ඹරුවක නැගී හබල් ගාමින් යන මිනිස් රුවක් දක්නට ලැබේ. ඒ හැම දිනයක්ම සද හොදින් පායා ඇති දිනයක් වීම මෙහි විශේෂත්වයයි.
    ඹරුවෙහි නැගුණූ පුද්ගලයා ගේ ගත වැසී ඇත්තේ පුජකවරයෙකුගේ ඇදුමකිනි. ඹරුවෙහි තවත් අමුත්තෙකු ද වෙ යි. ඒ කුඩා දුඹුරු පැහැති සුනඛයෙකි.
    ඹරුවෙහි නැගුණූ මේ පුජක ඇදුමින් සැරසුණු තැනැත්තා රැන්වරුත් හි දේවස්ථානයේ සිතුවමි නිමවු පුජකයවරයා බවට විශ්වාසයක් පවතී.
    ඹහු කුඩා දුඹුරු පැහැති බල්ලෙකු ඇති දැඩි කළ බව ද තම ස්වාමියාට දැඩි සෙනෙහසක් දැක්වු මේ සුනඛයා ඹහු යන සෑම තැනකම පසුපසින් යෑමට පුරුදුව සිටි බව ද කියැ‍වේ. අද මිනිසුන් හමුවේ දිස්වන්නේ මේ සුනඛ මිතුරාගේත් මිනිස් මිතුරාගේත් අවතාරයයි. නමුත් ඹවුන්ගෙන් කිසිවෙකුට හෝ හිරිහැරයක් සිදු වි නැත. අවතාර වැවද ඒක්තරා අහිංසකයන් දෙදෙනකි.
    මේ ප්‍රදේශයෙහි සැරිසරන බුරු අවතාරයක් ද වෙයි. ශීත සමයෙහි එක් රැයක දෙපසින් වගුරු බිමි සහිත පාළු මාවතක් පසු කර යන ගැමියෙකි. හදිසියේ එක්වරම පසු පස හැරී බැලීමට සිතක් ගැමියා තුළ පහළ විය. කිසිවෙකු තමාට එසේ කරන ලෙස විධානය දෙන බවක් ඹහුට හැගුණේ අහේතුක බියක් සමගිනි.
    ඹහු හැරී බලනවාත් සමගම සතෙකුගේ කුර ගැටෙන හඩක් එක්වරම පසු පසින් නැගී ආවේ පැහැදිලිවය. පිටුපස හැරී බැලු ගැමියාට පාරෙහි තමා දෙසට එන සුදු පැහිති බු‍රුවෙකු දක්නට ලැබිණ. ඌ දක්කාගෙන එන්නෙකු පෙනෙන්නට නොවීය.
    ගැමියාට බියක් දැනිණි. ඹහු බලා සිටියේය. එවිට බුරුවාත් නැවතී තමා දෙස බලා සිටිනු ඹහුට පෙනුණි. ඹහු ගමන ආරමිභ කළ විට මේ අද්භූත සත්වයාත් ඹහු පසු පස ගමන් කරන්නට විය.
    මේ අද්භුත සත්ත්වයා අවතාරයක් විය නොහැකිද? යන සැකය ගොවියා තුළ පහළ විය. ඒ සමගම සිතට ආ අදහසක් ක්‍රියාත්මක කළ හෙතෙම ආපසු හැරී බුරුවා දෙසට ගමන් කළේය. බුරුවා දෙසට තමා ළගා වත්ම ඌ පාර මැද නැවතී තමා දෙස බලා සිටිනු ගැමියාට පෙනුණි. ඒ සමගම බියට පත්වුවාක් මෙන් එක් වරම හැරුණු සත්ත්වයා පසු පස නොබලා දුවන්නට විය. ගැමියා ආපසු හැරුණේය. ඹහුගේ සිතිනි බිය පහව ගොස් තිබිණ. නමුත් මොහොතකට පමණි.
    ගමන ආරමිභ කළ ඹහු පිටුපසින් නැවත කුර හඩ නැගෙයි. බුරුවා නැවත ඹහු පසු පසින් පැමිණෙයි. හැරී බලන සෑම මොහොතකම ඌ පෙරට වඩා තමාට ළංවී සිටිනු ගැමියාට පෙණින.
    මේ වන විට ගැමියා හොදින් බියපත් වී සිටි අතර ඒ සීත රැයේදීත් ඹහුගේ සියොළග දහදිය නැගෙමින් තිබිණ.
    දැන් බුරුවා තමා අසලින්ම වාගේ එනු ඹහුට දැනෙයි. එක්වරම හැරී බැලු ඹහු බුරුවා තමාට අඩි කීපයක් පිටු පසින් එන බැවින් උගේ නාස් කුහර වලින් ළා රෝස පැහැති ගිනි දළු දෙකක් සමග දුමි රොටු පිටතට එන බවක් පෙනිණ. පල්මානික්කමි පිළිස්සෙන ගද වැනි ගදක් ද ඹහුට දැනිණ.
    බුරුවා තමා පසු කර දිව යනු ගැමියාට පෙනෙයි. ඉදිරියෙහි වු වැටක් තුළින් ඌ එක්වරම යනු දුටු ගැමියා මේ නමි අවතාරයක්ම බව සැක හැර දැන ගත්තේය.
    දේවස්ථානය ද පසු කළ මේ අද්භුත සත්ත්වයා එක පිමිමේ ගමිමානය වෙත ඇදෙයි. දේවස්ථාන භුමියේ විශාල තාප්පය තුළින් ඌ අනෙක් පසට යනු දුටු ගැමියාගේ දෙනෙත උඩ ඉන්දවිණි.
    පසු දින උදැසනින්ම පැමණ මාවත පරීක්ෂා කර බැලු ගැමියාට බුරුවෙකුගේ කුර වල සළකුණ කුදු සොයා ගත නොහැකි වීමෙන් තමා දැක ඇත්තේ පෙර අසා තිබු අවතාරය බව ඹහුට වැටහිණ.......



    meka mama gaththe methanin
     
    Last edited:

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    බ්‍රිතාන්‍යයේ පාළු නිසසල ගමිමානයක සුවිසල් නිවසකි."විනිශ්චයකරුවන්ගේ නිවස" යනුවෙන් ගැමියන් අතර ප්‍රචලිතර මේ සුවිසල් මැදුර බොහෝ කලක් තිස්සේ වසා තැබීම නිසාදෝ දැඩි පාළු පෙනුමක් උසුලයි. නමුත් මේ කියන දිනවල දිවා කාලයන්හි එහි දොර ජනෙල් ඇර තිබෙණු රාත්‍රී කාලයන්හි පහන් දැල්වෙනුද පෙනෙයි. ඊට හේතුව තරුණ ලේඛකයෙකු වන "මැල්කමි" තම නවතම ග්‍රන්ථයක් ලියා නිම කිරීම පිණිස තෙමසකට මෙම නිවස භාරකරුගෙන් කුලියට ගැනීමය.
    කලකදී වැරදි කරුවන්ට දරුණු දඩුවමි දීම පිළිබදව ප්‍රසිද්ධව සිටි විනිශ්චයකරුවකු ගේ නිවස වු මෙහි හොල්මන් අවතාර බහුලව ඇතැයි සැක කරන ගමිමුන් දිවා කාලයන්හි හෝ මේ නිවස පසුකර යාමට මැලි වන අතර "මැල්කමි: ටද ඒ පිළිබද අනතුරු ඇගවීමට උත්සුක වුහ. නමුත් හොල්මන් අවතාර පිළිබද මත තරයේ ප්‍රතික්ෂේප කළ මැල්කමි තම කාර්යය බාධා කිරීමකින් තොරව කිරීමට ස්ථානයක් ලැබීම පිළිබදව ප්‍රීතියට පත් වුයේය.


    දින කිහිපයක් ගෙවී ගියේය. ඉදහිට රාත්‍රීරයට ඇසෙන මීයන් එහා මෙහා දිවෙන හඩ හැරුණු විට "මැල්කමි" ගේ කාර්යයට බාධා කෙරෙන අන් කිසිවක් නොවීය. විශාල නිවස දැවැන්ත මියන්ගේ පාරාදීසයක් බව නමි මැල්කමි ට වැටහී ගොස් තිබිණ.


    ආහාර ගැනීමට අසල වු තානායමට යන මැල්කමි ඉතිරි කාලය ගත කළේ ග්‍රන්ථය ලිවීම පිණිසය. නිවස පිරිසිදු කරදීම පිණිස දිනපතාම උදය වරුවේ පැමිණෙන කාන්තාවද එසේ පැමිණෙන්නේ තමා විසින් ගෙවනු ලබන වැඩි වැටුප නිසා මිද කැමැත්තකින් නොවන බවද මේ වන විට "මැල්කමි" ට පැහැදිලිව වැටහී ගොස් තිබිණ.


    වැසි බර රැයක් ආරමිභ විය. දැඩි සුළගක් හමා ගියේ ගත කිලි පොලා යන සීතලයක්ද සමගිනි. "මැල්කමි" තම ග්‍රන්ථය ලිවීමෙහි නිරත වී සිටියද සුළගෙහි හා දැඩි වර්ෂාවෙහි ශබීදය ඹහුට සිත එකග කර ගැනිමට මග අවුරා සිටියේය.
    නිවසෙහි විශාල විසිත්ත කාමරයේ පසෙක වු මධ්‍යම ප්‍රමාණයේ කාමරයක වු ජනේලයක් කීප වරක්ම මහ හඩින් ඇරෙනු වැසෙනු ඇසුනු මැල්කමි එම කාමරයට ගියේ ජනේලය වසා දමනු පිණිසය.


    දොර වසා තිබු කාමරයේ දොර විවර කොට විදුලි පහන දැල්වු "මැල්කමි" බිත්තියෙහි තැනින් තැන රාමු කර එල්ලු සිතුවමි සහිත කාමරයෙහි ජනේලය තදින් වසා දැමුවේය. ආපසු කාමරයෙන් පිට වන්නට පෙර ඹහුගේ දෙනෙත කාමරයෙහි පසෙක වු සිතුවමක් වෙත එල්ල විය. පැරණි පන්නයේ ඇදුමකින් සැරසී පුටුවක වාඩිවී සිටින ප්‍රභූවරයා දැඩි රළු මුහුණකින් යුතු වු අයෙකි. සිතුවම දෙස බැලු ඹහු දොර අසලට ගියේ කාමරයෙන් පිටවිමටය. දොර අසලදී ආපසු හැරී බැලු ඹහු නෙත ගැටුණු දර්ශනයෙන් විමතියටත් භීතියටත් පත්විය. සිතුවමෙහි වු ප්‍රභූවරයාගේ රුව අතුරුදහන් වී තිබුණු අතර ඒ මත දිස් වුයේ විශාල ලේ පැල්ලමකි.


    කර කියා ගත හැකි දෙයක් සිහි නොවු "මැල්කමි" වහා කාමරයෙන් පිටවී හඩ නගා දොර වසා දැමුවේය. ඊ ළග මොහොතේ නෙත ගැටුනු දර්ශනය ඹහුගේ බිය දෙගුණ තෙගුණ කළේය. තම සියොළග වෙවිලනුත් නළලට දහදිය උනනුත් "මැල්කමි" ට දැනිණ.


    විසිත්ත කාමරයේ වු කැටයමි සහිත විශාල පුටුව මත සිතුවමෙහි වු ප්‍රභූවරයා වාඩි වී සිටියේ ගිනි පුළිගුවන් වියරු දෙනෙතින් "මැල්කමි" දෙස බලමිනි. දැඩි කුරිරු බවක් රැදුණු ඹහුගේ‍ බැල්මෙන් භීතියෙන් මුසපත් වු "මැල්කමි" ගේ බැල්ම ප්‍රභූවරයාගේ සුරතෙහි වු තොණ්ඩුවක් සහිත රැහැන වෙත යොමු විය.


    ඊළග මොහොතේ පියවර කිහිපයක් පිටුපසට තැබු තරුණයා පසු පස නොබලා දිවගොස් නිවසේ ඉදිරිපස දොර විවෘත කර මිදුලට පැන්නේය. ඹහු නැවත නිවස දෙස හැරී බැලුවේ යාර කිහිපයක් දිව ගිය පසුය. ඹහුගේ මහත් සැනසුමට මෙන් ඹහු බලාපොරොත්තු වු පරිදි පිටුපසින් හඹා එන අවතාරයක් නොවීය.


    අදුරු පාර දිගේ දිව ගිය "මැල්කමි" නතර වුයේ තානායමේ ආලින්දය තුළය. තම අත්දැකීමි විස්තර කිරීමට තරමි සිහි එළවා ගැනීමට ඹහුට තවත් පැය භාගයක් පමණ ගතවිය. ඹහු සනසවා නිදා ගැනිමට කාමරයක් පිළියෙල කරදුන් තානායමි හිමියාත් ඹහුගේ බිරිදත් සියල්ල විස්තර කළේ පසුදාට පහන් වු පසුවය.


    "අපි මහත්තයාට කිවිවනෙ ඹය ගෙදර නතර වෙන්න එපා කියලා. ඹය ගේ මහා භයානක තැනක්. මීට අවුරුදු ගණනාවකට ඉස්සර ඹය ගේ අයිති වෙලා තිබිලා තියෙන දරුණු විනිශ්චයකාරයාගේ රූපෙ තමයි ඒ කාමරේ තියෙන සිතුවමමේ තියෙන්නේ. ඹය මිනිහට බලය තිබුනු දවස් වල සුළු වැරදි වලට පවා එල්ලලා මරන්න නියම කරපු මිනිසුන්ගේ ගණන නිමත් නැහැලු. ඹය වගේ පවිකාර මිනිස්සු ලේ තැවරුණු දෑත් පිටින්ම මැරුණාම උන්ගේ ආත්ම වලටත් නිදහසක් නැහැ මහත්මයා. මරණින් මතුත් පුරුදු පවිකාර ජිවිකයම තමයි උන්ගේ ආත්මය බලාපොරොත්තු වෙන්නේ" තානායමිකරුවා විස්තර කළේය.



    මම මේක ගත්තේ මෙතනින්
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    <!-Local Time Clock widget - HTML code - localtimes.info --><div align="center" style="margin:15px 0px 0px 0px"><div align="center" style="width:140px;border:1px solid #ccc;background:#010 ;color: #010 ;font-weight:bold"><a style="padding:2px 1px;margin:2px 1px;font-size:13px;line-height:16px;font-family:arial;text-decoration:none;color:#11ff11 ;" href="http://localtimes.info/Asia/Sri_Lanka/Colombo/"><img src="http://localtimes.info/images/countries/lk.png" border=0 style="border:0;margin:0;padding:0">  Colombo Time</a></div><script type="text/javascript" src="http://localtimes.info/clock.php?continent=Asia&country=Sri+Lanka&city=Colombo&color=green&widget_number=1000&fwdt=150&mon=1"></script></div><!-end of code-->
     

    Prothean

    Member
    Apr 25, 2011
    866
    93
    0
    මේ site එකට ගිහිල්ලා මේ game එක play කරන්න.
    මන් හිතන්නේ ඒකම ඇති වෙයි බය වෙන්න ඔයාට.
    hotel626.com