'කල්පය' කියන්නේ මොකද්ද කියල දන්නවද? ඒ ඇවිල්ල, ප්‍රමාණයක් දක්වන්න බැරි දේට 'අනන්තය' කියනවා වගේ, ප්‍රමාණයක් දක්වන්න පුළුවන් මිනුම්දඬු වලින් ලොකුම එක!! හැබැයි ඒ ප්‍රමාණයත් සංඛ්‍යාත්මකව, මිලියන් / බිලියන් වලින් ප්‍රකාශ කරන්න බැරි තරම් මහා විශාල එකක්!! මේ විශ්වයේ සිදුවන ස්වභාවික ක්‍රියාවලියේ ඉතා දීර්ඝ කාලාන්තර වලින් සිදුවන සිදුවීම් සඳහා ගතවන කාලය ප්‍රකාශ කිරීම සඳහා බුදුවරුන් යොදාගෙන තියෙන්නේ ඔන්න ඔය 'කල්ප' කියන මිණුම තමයි!! කල්පය ප්‍රමාණාත්මකව පෙන්වන්න බැරිනිසා, මෙන්න මේ විදිය උදාහරණ වලින් තමයි අඳුන්වලා දීල තියෙන්නේ...
යොදුන් 7ක් දිග, යොදුන් 7ක් පළල, යොදුන් 7ක් උස පෙට්ටියකට 'අබ' පුරවලා, අවුරුදු 100කට සැරයක් එයින් එක අබ ඇටයක් බැගින් අස්කලොත්, යම් දවසක ඒ පෙට්ටිය හිස්වෙන්න ගතවන කාලය, කල්පයට වඩා කුඩායි කිව්වා!!! ඒ කියන්නේ අච්චර අබ තොගයක් අස්කරන්න වත් කල්පයක් යන්නේ නෑ... කල්පය ඊටත් වඩා දිග... කාලයක්!!
යොදුනක් දිග, යොදුනක් පළල, යොදුනක් උස ගල් තලාවක්, අවුරුදු 100කට සැරයක් සිනිඳු රෙදිකඩකින් පිහිදැම්මොත්, යම් දවසක ඒ ගල්තලාව ගෙවිලා ගෙවිලා පොලව මට්ටමට එන්න ගතවන කාලය, කල්පයට වඩා කුඩායි කිව්වා!!! එච්චරට ලොකු ගල්තලාවක් අවුරුදු 100කට සැරයක් සිනිඳු රෙදි කෑල්ලකින් පිහිදල ගෙවෙන්න කල්පයක් යන්නේ නෑ... කල්පය ඊටත් දිග...යි!!
ගංගා නම් ගඟ මුහුදට වැටෙන තැන පටන් ආරම්භ වෙන ස්ථානය දක්වා තියෙන වැලි කැට ගණන් කලොත්, ඒ ප්‍රමාණය කල්පයට වඩා කුඩායි කිව්වා!!! ඒ කියන්නේ ගඟේ වැලි ප්‍රමාණයට වඩා වැඩියි, ලොකුයි, කල්පය!!
ඉතින්, හිතා ගන්න පුළුවන් නේද 'කල්පය' කොච්චර දීර්ඝ කාලසීමාවක් වෙන්න ඇතිද කියල??
ඔන්න ඔය කල්පයකට වරක් තමයි මේ හිරුයි සඳුයි සහිත සක්වල එහෙම්පිටීම විනාශ වෙලා, අළු දූවිලි වෙලා, යනවා කියල තියෙන්නේ!! ආයේ සක්වල අලුතෙන්ම නිර්මාණය වෙන්නත් ඒවගේම කාලයක් ගත වෙනවා කියල තමයි කියල තියෙන්නේ!! හැබැයි, මෙහෙම විනාස වෙවී හැදී හැදී එන්නේ කොයිකාලෙක ඉඳන්ද කියල නම් කියන්න බැයිලු!!! මොකද ඒක හරියට දෙක තුනෙන් බෙදනවා (2/3) වගේ, 0.666666666~ වගේ, එකක්! යන්න යන්න තවත් යන්න පුළුවන්... කෙළවරක් දකින්න බෑ!! අනික් කරුණ, මේ... 'අපි'ල ඉන්නේ... 'සත්වයෝ'... අන්න ඒ සේරමලත් ඔන්න ඔය වගේ කෙළවරක් පේන්නේ නැති තරම් කාලෙක ඉඳන්ලු මේ මැරී මැරී, ඉපදී ඉපදී, ඇවිල්ල තියෙන්නේ!! අන්න ඒක තමයි මනුස්සයාගේ ආයුෂ චුට්ටයි කියල තියෙන්නේ... තේරෙනවා නේද? හරියට සාමාන්‍ය මනුස්සයෙකුගේ ජීවිත කාලයෙන්, තත්පරයෙන් මිලියනයකින් එකක් වගේ චූටි කාලයක්!!! හැබැයි අපි තාමත් ඉන්නේ ඔය සංසාර කතන්දරෙන් ගැලවිලා නෙවෙයි උනොත්, අපි ඉන්නේ ලොකු අනතුරක!!! මොකද මේ පාර miss උනොත්, ආයේ පරණ විදියටම වෙනවා!! අපිට වෙලා තියෙන විදිය කිව්වනේ... වැඩි හරියක් ඉඳල තියෙන්නේ සත්තු සර්පයෝ හැටියට... උන්ට ජාති/ආගම් නෑ!! දැන් මේ ජීවිතේදී පන්සිල් රකිනවා වගේ ඒවා කර කර ඉඳලත් හරියන්නේ නෑ... මොකද, මහණවෙලත් ඉඳලා තියන උදවිය නේ!! අනික මේ දුක ගැනම කතා කලාට, අපි දෙවියෝ හැටියට දිව්‍යලෝක වල ඉපදිලා ඉඳල තියනවා!! රජවෙලා ඉඳලා තියෙනවා... සිටුවරු, මහාමාත්‍ය වරු, හැම කෙනෙක්ම විදියට ඉපදිලා ඉඳලා තියෙනවා!! තව කොහෙද යන්න තියෙන්නේ?? අන්න එකයි, බුදුරජාණන්වහන්සේ කිව්වේ, "මම නම් ඇසිපිය හෙලන මොහොතකට වත් සංසාරය වර්ණනා කරන්නේ නැහැ!!!" කියල... අපිට දැන් කරන්න තියෙන්නේ මෙතනින් ගැලවෙන එක විතරයි!!!
අපිත් මේ මොකවත් දැනගෙන හිටියේ නෑ... මුළු ලෝකෙම ඉන්න සත්වයෝ හැමෝම එහෙමයි!! කවදා හරි දවසක, බුදුරජාණන්වහන්සේ නමකගෙන් මේ ලෝක සත්‍ය ගැන අහලා දැනගන්න ලැබෙන කම්, හැමෝම ඉන්නේ තිත්ත කළුවරේ... මොකුත්ම නොදැන!!! මේ... මේ කරුණු කිසිම දෙයක් අන්ධ භක්තියකින් 'පිළිගන්න ඕනෙමයි!!' කියල නම් නැහැ... විශ්වාස නැත්නම්, ඇත්තද? කියල තමන්ටම බලාගන්න ඕනේ නම්, භාවනා කරලා, හිත දියුණු කරලා, එහෙම කරගන්න පුළුවන්!! සැහෙන කාලයකුත් අවශ්‍ය වේවි... ඒවාට ගියොත් බොහෝවිට මේ ලැබිච්ච අවස්ථාවත් ගිලිහිලා, ආයෙම සංසාර ගමනටම set වෙන්නත් වේවි... ඊට වඩා දෙයක් වෙන්නේ නෑ!! මේවා පිළිනොගත්තා කියල, පිළිනොගන්නා කෙනාටම මිසක් වෙන කාටවත් අවුලක් වෙන්නෙත් නෑ!!! ඉතින්, කරදරේ වැටිලා විඳවනවට වඩා හොඳයි. බුදුරජාණන්වහන්සේ කියාදුන් කරුණු ඉගෙන ගෙන, ඊට අනුව ණුවනින් කල්පණා කර කර බලල, තමන්ගේ ගැලවීම හදාගන්න පුළුවන් නම්!!!