මේ ජීවිතය සංඥා ආයතන 6ක් හැටියට බෙදා වෙන්කරලා දකවද්දී ඇස/කණ/නාසය/දිව/කය කියන සංඥා ආයතන මොකක වත් 'හැඩය' සම්බන්ධයෙන් කිසිදෙයක් බුදුහාමුදුරුවෝ කියල තිබුනේ නැහැ නේ... නේද?? එහෙම කියල නැත්තේ, ඒවායේ හැඩය ජීවිතාවබෝධයට අදාළ නැති නිසයි!! ඉතින් 'මනස' කියන ආයතනය ඇහෙන් දකින්න බැරි නිසා, ඒක කොයි වගේද? රවුන් ද/හතරැස් ද/තුන්හුලස් ද/හැඩයක් නැද්ද?? කියන කිසිම එකක් අපිට වැඩක් නෑ!!! අපිට ගොඩාක් වැදගත් වෙන එකම දෙය, මේ 'මනස' කියන ආයතනයත් අනික් ඇස, කණ, නාසය, දිව, කය කියන ඒවා වගේම සතර මහා ධාතුන්ගෙන් හැදුන මේ කයේම තියන කොටසක්!!! නැසී වැනසී යන දෙයක්!!! අනිත්‍ය දෙයක්!!! කියන බව විතරයි. පැහැදිලියි නේ??
ඊළඟට ඔය ඇස/කණ/නාසය/දිව/කය/මනස කියන ආයතන මොහොතක් මොහොතක් පාසා ඇතිවෙමින් නැතිවෙමින් පවතින කතාවක් තියනවද??? නෑ!!! එහෙම එකක් නෑ!!! මේ හැම එකක්ම සකස්වෙච්ච දේවල්!! සකස් වෙච්ච, හැදිච්ච දේවල් වල, 'සංකත' වල, ලක්ෂණය හැටියට බුදුරජාණන්වහන්සේ පෙන්වා වදාළේ 'උප්පාදෝ පඤ්ඤායති' (හටගැනීමක් දක්නට තියනවා) 'වයෝ පඤ්ඤායති' (නැසී වැනසී යාමක් දක්නට තිබෙනවා) 'ටිතස්ස අඤ්ඤතත්තං පඤ්ඤායති' (පවතින කාලය අතරතුර වෙනස් වීම් දක්නට තිබෙනවා) කියල විතරයි!!! මේ ආයතන සේරම (මුළු ශරීරයම) හැදිලා තියෙන්නේ සයිල ගොඩාක් එකතුවෙලා බව හැබෑව! ඒ සමහරක් සයිල දවස ගනනේ මැරෙනවා... ඒ වෙනුවට අලුතෙන් සයිල හැදෙනවා... ඒක හරි!! ඒ හන්ද තමයි පවතින කාලය අතරතුර වෙනස් වීම් සිදුවෙන බව බුදුහාමුදුරුවෝ කියල තියෙන්නේ!!! ඒත් සයිල කෝටි ගණනින් එකතුවෙලා හැදිච්ච මේ ඇස/කණ/නාසය/දිව/කය/මනස කියන ආයතන හැටියට ගත්තහම, මේ කිසි එකක මොහොතක් මොහොතක් පාසා ඇතිවන නැතිවන කතාවක් නෑ!!! ඔයාලා එහෙම එකක් අහල/කියවල රැවටිලා ඉන්නවා නම් ඒක මේ දැන්ම නිවැරදි කරගන්න!!! ඒ කතාව, තමන්වත් ධර්මය හරියට අවබෝධ කරගත්තේ නැතුව, තමන්ට හිතෙන හිතෙන විදියට ධර්මය තෝරපු කෙනෙක් දාපු 'මාර ලෙඩක්' !!!