Kenny G | කෙනී ජී

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    අද මම ඔයාලට කියන්න යන්නේ දැනට ලෝකයේ ඉන්න සාර්ථකම අනුවාදන ශිල්පියා ගැනයි.

    Kenny-G-kenny-g-483398_445_545.jpg

    කෙනත් බෲස් ගොර්ලික් නැත්නම් අපි කවුරුත් අහලා තියෙන විදිහට කියනවා නම් කෙනී ජී කියන්නේ වර්ථමාන සංගීත ලෝකයේ ඉන්න සාර්ථකම සැක්සෆෝන් වාදකයා. 1973 ඉඳන් සංගීත ලෝකයේ කරක් ගහපු කෙනී ජීගේ නම මුලු ලෝකෙ පුරාම පැතිරෙන්න ගත්තේ එයාගේ හතරවෙනි අනුවාදන ඇල්බමය වෙච්චි, 1986 දී නිකුත් කරපු Duotones කියන ඇල්බමයත් එක්කයි. Duotones එක්ක කළ එළි බැස්ස කෙනී ජී මේ වෙනකොට තමන්ගේ අනුවාදන ගීත ඇල්බමයන් මිලියන 75 කට වැඩිය විකුණලා තියෙනවා. ( අපි වගේ හොරෙන් ඩවුන්ලෝඩ් කරගන්න අයගේ ගාණත් ආවහම මේ ගණන සෑහෙන්න වැඩි වෙනවා…)

    කෙනී ජී උපත ලබන්නේ 1956 ජූනී පස්වෙනිදා ඇමරිකාවේ සියටල් වල. ඔහු උපතින් යුදෙව් ජාතිකයෙක් නිසා ඔහුගේ කුඩා කාලය බෙහෙවින්ම ගෙවුනේ යුදෙව් වටපිටාවක. ඔහුගේ ජීවිත කාලයම හා සබැදිච්චි සැක්සෆෝන් ගනුදෙනුව මුලින්ම ඇරඹෙන්නේ රූපවාහිනියේ ගිය The Ed Sullivan Show කියන වැඩසටහනේදී ඇහුණු සැක්සෆෝන් වාදනයක් හින්දයි. එතකොට ඔහුට වයස යන්තම් දහය වුණා විතරයි. Gerald Pfister කියන ට්‍රම්පට් වාදකයාගේ උදව්වෙන් සැක්සෆෝනයේ අයන්න ආයන්න කියවපු කෙනී තනියෙන්ම තම පුහුණු වීම් කරන්න පුරුදු වුණා ඉක්මණටම. Buffet Crampon ජාතියේ තමන්ගේ පළවෙනි සැක්සෆෝනයෙන් ඔහු තමන්ගේ කණට ඇහෙන Grover Washington වැනි අයගේ ගීත තනියෙන් වාදනය කරන්න පුරුදු වුණා.

    පාසල් කීපයකින්ම තම මූලික අධ්‍යාපනය ලබපු කෙනී වොෂිංටන් සරසවියට ඇතුළු වුණා. ඔහු ද්වීතීයික අධයාපනය ලබපු Franklin High School කියන පාසලේ සංගීත කණ්ඩායමට ඇතුල් වීමට ගත් ඔහුගේ පළවෙනි උත්සහය අසාර්ථක වුණා. නමුත් උත්සහය අත් නොහැරපු කෙනී ඊට පස්සේ අවුරුද්දේ සංගීත කණ්ඩායමේ නායකයා බවට පත් වුණා. ඔහු මේ කාලයේදී Jhonny Jesson කියන ක්ලැරිනට් වාදකයාගෙන් “ටියුෂනුත්” ගත්තා.

    ඔහුගේ වෘතීය සංගීත දිවිය ඇරඹෙන්නේ Barry White ගේ Love Unlimited කියන ඔර්කෙස්ට්‍රාවේ අත්වැල් ගායකයෙක් විදිහට 1973 දී. ඒ වනවිටත් ඔහු අවුරුදු 17 ක ගැටයෙක් විතරයි. සරසවියෙන් ඊට හාත්පසින්ම වෙනස් ගණකාධිකරණය ඉගෙන ගනිද්දිත් ඔහු සංගීත කණ්ඩායම් කීපයක් සමග තමන්ගේ සංගීත කටයුතු කරගෙන ගියා. උපාධිය සාර්ථකව නිම කරන විට ඔහු සංගීත දිවියෙත් තරමක් දුර ඇවිත් තිබුනා. Lorber කියන සංගීත කණ්ඩායමත් සමග කාලයක් හිටිය කෙනී 1982 දී තමන්ගෙම කියලා සංගීත ගමනක් යන්න පටන් ගත්තා.

    Arista Records නැමැති සංගීත පට සමාගමත් එක්ක එකතු වෙච්චී කෙනී ඊට පස්සේ තමන්ගෙම කියලා තැනක් සංගීත ලෝකයේ සටහන් කලා. Celine Dion, Tony Braxton, Whitney Houston, Andrera Bocelli වැනී ගායක ගායිකාවන්ගේ ගීත වලට සංගීතය සපයපු කෙනී බොහෝමයක් Smooth Jazz ගායකයන්ට නැතුවම බැරි සංගීත ශිල්පියෙක් වුණා.

    ඒ හින්දම ඔහුගේ මුල්ම ඇල්බමයේ සිටම සාර්ථක සහෘද පිළිගැනීමක් වගේම අලෙවියකුත් ලබා ගන්න පුළුවන් වුණා. ඔහු නිකුත් කරපු දෙවනි සහ තුන්වෙනි ඇල්බම වන G Force සහ Gravity කියන ඇල්බම දෙකම ඇමරිකාවේදී තැටි මිලියනයක වඩා අලෙවි කරමින් Platinum තත්ත්වය ලබා ගත්තා. ඔහුගේ හතරවෙනි ඇල්බමය වුණ Duotones, Kenny G කියන නම ලෝකය පුරාම පතුරමින් කොපි මිලියන 5 ක් විකුණුනා. මේ තියෙන්නේ එම ඇල්බමයේ තිබුණු Songbird කියන ගීතය...


    නමුත් ඔහුට සැබෑම වාසනාව ගෙනාවෙ ඔහුගේ පස්වෙනි ඇල්බමයයි. ඒ 1992 නිකුත් කරපු Breathless ඇල්බමයයි. දැනට ලෝකයේ වැඩිම අලෙවියක් සටහන් වෙච්චි අනුවාදන ඇල්බමය වෙච්චි Breathless, මේ වනවිට කොපි මිලියන 15 කට වඩා විකිණිලා තියෙනවා. ඊට අමතරව ඔහුගේ Miracles කියන නත්තල් ගීත ඇල්බමය ලෝකයේ වැඩියෙන්ම විකිණිච්චි නත්තල් ගීත ඇල්බමයයි.

    කෙනී ජී ගේ නම ගිනස් ලෝක වාර්තා පොතෙත් තියෙනවා. 1997 දී Cicular Breathing කියන ක්‍රමයෙන් කෝමල E ස්වරය විනාඩී 45 තිස්සේ නොනවත්වා වාදනය කරමින් සැක්ස්ෆෝනයකින් වාදනය කළ දිගම ස්වරය කියන වාර්ථාවට හිමිකම් කිව්වා.
    1994 දී Forever In Love කියන ගීතයට ග්‍රැමි සම්මානය දිනා ගන්නත් කෙනී සමත් වුණා.

    මේ තියෙන්නේ Breathless ඇල්බමයේ තිබුනු Forever In Love කියන ගීතය.


    ඇමරිකාවේ වගේම ආසියාකරයේත් තම නම රැන්ඳු කෙනී ජී,2003 වන විට වැඩිම අලෙවියක් සහිත සංගීත වේදින්ගේ ලිස්ට් එකේ විසි පස් වෙනියට හිටියා. මේ මෑතකදී නිකුත් වෙච්චි Katty Perry ගේ Last Friday Night කියන ගීත වීඩියෝ එකේ පුංචි කෑල්ලකට හිටිය හින්දා කෙනී ගැන කට්ටියගේ කථා බහ අලුත් වෙලා.

    සැක්සෆෝනය තම ලකුණ කර ගත්තූ කෙනී සාර්ථක ගොල්ෆ් ක්‍රීඩකයෙක් වගේම ගුවන් යානා නියමුවෙකුත් වුණා. ඒ වගේම දැන් ලෝකේ පුරාම පැතිරිලා තියෙන Starbucks “කෝපී කඩවලට” මුලින්ම සල්ලි දීපූ කෙනෙක් තමා කෙනී.

    මම කෙනී ජී ගේ වාදන හරිම කැමැත්තෙන් අහන කෙනෙක්. ඔහුගේ නවතම ඇල්බමය, Namaste India තුලින් ඔහු ශාස්ත්‍රීය ඉන්දීය සංගීතය, බටහිර සංගීතයේ සලකුණක් වන සැක්සෆෝනය හා මුසු කරනවා.

    වෙලා තියෙන වෙලාවක අහලා බලන්න. Stress වෙලා ඉන්න වෙලාවක අහපුවම පුදුමාකාර සැහැල්ලුවක් දැනෙනවා.


    Kenny-G-jazz.jpg
     

    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    maxxa

    ---------------------------
    Message from webpage
    ---------------------------
    You must spread some Reputation around before giving it to Mindada hee sara.. again.
     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,327
    3,117
    113
    6°54′N 79°54′E
    හොද විස්තරයක් යාළුවා:) ඔයාගේ හිතට අල්ලපු හොද සින්දු ටිකකුත් මෙතන දාන්න
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    Kenny G | Rahul Sharma - Dance of the Elephant God

    මේක තියෙන්නේ කෙනී ජී ගේ අලුත්ම ඇල්බම් එකේ. මේ ගීතයේදී පෙරදිග අපරදිග ලස්සනට Blend කරලා තියෙනවා...

     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ආයේ කතා කරලා වෙඩක් නැහැ මචන් ලෝකේ පහල උණු හොදම අනුවාදකයා තම
    love කරන කලේ Boot කාපු කාලේ හිත සැනස ගන්න මට තිබ්බ ලොකු සහනයක් ඕක
    මෙයාගේ songbird කියන අනුවදනයට මම හරිම කැමතියි
    යාළුවා ලොකු උදව්වක් කලේ කාර්ය බහුලත්වත් එක්ක ඒ අහපු දේවල්; අමතක උනා
    අයෙත් ඒ ක අහන්න පුළුවන් දැන්
    ඇත්තටම stress එක නැති කර ගන්න මේක හොදම අවුෂදයක් rep+++
    oya gawa thiyenawa nam Kenny ge mp3 link tikakuth danna machan
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    හුඟක් යාළුවෝ කියනවා කෙනී ජී ගේ mp3 දාන්න කියලා. මෙන්න ඒ ඉල්ලීම් වෙනුවෙන් කෙනී ජී ගේ අලුත්ම ඇල්බම් එක.

    Kenny G & Rahul Sharma​
    Namaste India

    [ 320 kbps ]

    Namaste_India_by_Kenny_G_and_Rahul_Sharma.jpg
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    මෙතන තියෙනවා කෙනී ජී ගේ ඇල්බම් ටිකේ නම් ටික... මම මුලින් දාලා තියෙන විස්තර වගේම මේකත් විකිපීඩියා අයියගෙන් තමා ඉල්ල ගත්තේ..

    Studio albums

    Kenny G (1982)
    G Force (1983)
    Gravity (1985)
    Duotones (1986)
    Silhouette (1988)
    Breathless (1992)
    The Moment (1996)
    Classics in the Key of G (1999, cover album)
    Paradise (2002)
    At Last...The Duets Album (2004, cover album)
    I'm in the Mood for Love...The Most Romantic Melodies of All Time (2006, cover album)
    Rhythm & Romance (2008)
    Heart & Soul (2010)
    Namaste India (Kenny G & Rahul Sharma (2011)

    Holiday albums
    Miracles: The Holiday Album (1994)
    Faith: A Holiday Album (1999)
    Wishes: A Holiday Album (2002)
    The Greatest Holiday Classics (2005)
    The Holiday Collection (2006)

    Live albums
    Kenny G Live (1989)
    Best (2006)
    Kenny G The Tour Collection (2011)

    Greatest hits/Compilation albums
    The Collection (1993)
    Montage (1993)
    The Very Best of Kenny G (1994)
    Kenny G – Greatest Hits (1997)
    In America (2001)
    Ultimate Kenny G (2003)
    The Romance of Kenny G (2004)
    The Essential Kenny G (2006)

    EPs
    Six of Hearts (1997)