ඉතින්, දැන් 'මට' මොකද වෙලා තියෙන්නේ?? බුදුරජාණන්වහන්සේ කියල දුන්නු කරුණුවලට අනුව මේ අපේ ඇඟවල් වල සැබෑ තත්වය හොයාගෙන හොයාගෙන යනකොට 'මම' කියල අපිට දැනිල / තේරිලා තියෙන්නේ වෙනින් එකක් නේ?? ඒ ඇවිල්ල විඥාණය!!! තව විදියකට කිව්වොත් ඇඟේ ක්රියාකාරිත්වය!!! ඒ විඥාණය තමයි රූප/ශබ්ද/ගන්ධ/රස/පහස/අරමුණු කියන සේරම දැනගත්තේ... ඒ විඥාණය තමයි විඳින, හඳුනාගන්න, චේතනා පහල කරලා හිතන/කියන/කරන සේරම දේවල් වලට මූලික උනේ!!! හැබැයි 'ඒක' තියෙන්නේ ඇඟේ නෙවෙයි... ඇඟට කිසිම සම්බන්ධයක් නැතුව, ඇඟේ උපකාරයෙන් පවතිනවා විතරයි!!! ඉපදිච්ච / උපදින හැම සත්වයෙකුගේම ඇත්ත කතාව ඒකයි... ඒ කවුරුවත් ඉන්නේ 'ඇඟේ' නෙවෙයි... ඒත් කවුරුවත් ඒ බව දන්නේ නෑ!!!
රස විඳිනේ දිව!! දිව තියෙන්නේ ඇඟේ. දිව රස විඳලා අපිට ඒ ගැන පණිවිඩයක් දෙන එක විතරයි වෙන්නේ!! හරියටම කියනවා නම්, mail එකක් sms එකක් එවනවා වගේ වැඩක් තමයි වෙලා තියෙන්නේ/වෙන්නේ. ඒ ලැබෙන පණිවිඩ තමයි අපි විඳින්නේ... ඒ විඳින දේ තමයි හඳුනාගන්නේ... ඒ හඳුනාගත් දේට අනුව තමයි චේතනා පහල කර කර සිතින්, කයින්, වචනයෙන් ප්රතිචාර දක්වන්නේ... ඔය වෙන දේවල් ටික තමයි අන්තිමේදී අපි කවුරු කවුරුත් දැනගෙන තියෙන්නේ!!! ඒ ඇරෙන්න ඇත්තටම 'අපි' ඔය කිසිම එකකට මැදිහත්වෙලා නෑ!!! අපි ඕක දන්නේ නැතිහන්ද, 'මම' රස විඳිනවා... 'මට' රස දැනෙනවා... ෂා... මරු මරු, තව කන්න ඕනේ! තව කන්න තිබුනානම් හොඳයි! කියල හොඳටම රැවටුණා!!! හරී සැපයි... මේ සැප තව විඳින්න ඕනේ! මේ සැප දිගටම විඳින්න තියනවනම් හොඳයි! කියල බලාපොරොත්තු ගොඩගහගත්ත!!!
ඒත්, ඇත්තටම බැලුවාම, මේ විඳින තරමක් සැප දුක් ඇත්තටම අපි විඳිනවා නෙවෙයි!!! 'වෙන කෙනෙක්' කනවා... අපි කොහෙවත් ඉඳන් ඒක දැනගෙන, 'මෝඩ චුන් එකක්' අරගන!! ආයේ ඔය සැප ගන්නවා, ආතල් ගන්නවා, කියල නොයෙකුත් නොයෙකුත් දේවල් කරන්නේ?? ඒ හැම එකේදිම අදාළ ආයතන ටික 'ආතල් එක' අරගෙන, අපිට පණිවිඩ දෙනවා විතරයි!!! ඇත්ත නොදන්න නිසා අපි 'සියලු ලෝක සත්වයෝ' එහෙම්පිටින් රැවටිලා, ඒ පණිවිඩ වලට 'අහුවෙලා' විතරයි!!! 'මෝඩ චුන් එකක්' ගන්නේ!!! ඉතින් තව තවත් සැප විඳින්න හිතන එකත් කිසිම වැඩකට ඇති වැඩක් නෙවෙයි!!! තව කොච්චර කලත් ඔච්චරම තමයි!!! මේ ජීවිත තනිකරම මුලාවක්!!! අවිද්යාව!!! තේරෙනවද අපේ අවිද්යාවේ තරම??? ඔන්න ඕක තමයි මේ සේරම 'අලකලංචි' වලට (දුකට, සංසාර ගමනට) හේතුව!!!