'මම' ඉන්නේ කොහෙද?

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    damith sahodaraya me thred eka math kiyewwa aththatama eka parak kiyawa terum ganna taram mama buddimath na ayeth kiyawanna ona puluwannam oya dapu post tika witharak pothak widiyata ganna download link ekak denna me tika hariyata tahawuru wenakan aye aye kiyawanna ona mathaka tiyaganna ona
    digatama karagana yanna subha pathum comment nodammata meka balagana inne digatama karanna

    ane mama pothak hadala denakam balan inna epa! mata meke issarahata liyanna thiyana tiakath karaganna amaaruwen me inne. balamu 'paralk' monawa hari karayi kiyala hithenawa... maath ehema unoth eken printouts ganna hithan inne. habayi ithin mata meka iwara karaganna labunoth passe refined complete guide ekak hadanawa!! danata puluwan widiyata karan yanna.
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ane mama pothak hadala denakam balan inna epa! mata meke issarahata liyanna thiyana tiakath karaganna amaaruwen me inne. balamu 'paralk' monawa hari karayi kiyala hithenawa... maath ehema unoth eken printouts ganna hithan inne. habayi ithin mata meka iwara karaganna labunoth passe refined complete guide ekak hadanawa!! danata puluwan widiyata karan yanna.
    hari hari patha hadanakan balan inne na mam kiwwe puluwannam witharak hadanna kiyala eka harima pahasuwak wey ekay
     

    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    hari hari patha hadanakan balan inne na mam kiwwe puluwannam witharak hadanna kiyala eka harima pahasuwak wey ekay
    :(math meka kiyawanna try kala.. eth harigiye na.. pothak wage thibboth hodai kiyala hithanawa
    1.gif
     
    Last edited:

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ධර්මය දකින්න ඕනේ තමන් තුලින්මයි... ධර්මයේ ඕපනයික ගුණය කිව්වේ ඒකයි!! ඊළඟට බුදුහාමුදුරුවෝ 'අත්තදීපා භික්ඛවේ විහරථ, අත්ත සරණා... අනත්ත සරණා...' (තමා තමන්ට දූපතක් කරගන්න, තමන්ට තමන්වම පිළිසරණය කරගන්න... වෙන සරණක් හොයන්න එපා...) 'ධම්‌මදීපා භික්ඛවේ විහරථ, ධම්ම සරණා... අනත්ත සරණා...' (ධර්මය දූපතක් කරගන්න, ධර්මයම තමන්ට පිළිසරණය කරගන්න... වෙන සරණක් හොයන්න එපා...) කියල කිව්වෙත් ඒකමයි!!! ඉතින්, අපි මුලින් මොකුත්ම දැනගෙන උන්නේ නෑ... 'දුක' (කය) බදාගෙන, 'දුකේ' (කයේ) බැහැගෙන උන්නේ. පස්සේ බලාගෙන බලාගෙන යනකොට අපි ඒකෙ නෑ!!! හැබයි ඉතින් සිද්ධිය තාම පැහැදිලි නෑ... පැහැදිලිවෙන්න මොකද්ද කරන්න ඕනේ?? ඔයාලත් ඉන්නේ ඔය ඇඟවල්වල නෙවෙයි කියන බව තම තමන්ට පැහැදිලි වෙනකම් ධර්මයේ හැසිරෙන්න ඕනේ!! ඒ කියන්නේ ආර්යෂ්ඨාංගික මාර්ගයේ අංග ගොඩාක් ප්‍රයෝගිකව පුහුණු කරන්න ඕනේ!! නම් වශයෙන්, ඒ කොයි කොයි අංග ද? කියන එක ධර්මය අවබෝධකරන උදවියට වැඩක් නෑ!!! නම් හැටියටම ඕනේ වෙන්නේ ධර්මය කියව කියව යන අයට තමයි. ඉතින්, කොහොමද වැඩේ කරන්නේ?? ඇස් වලට රූප වැටේවි වෙනදා වගේම... ඒත්, ගණන් ගන්න එපා!! ලස්සන, ප්‍රියමනාප රූප දැක්කට ඒවා මත්තේ හිත හිත, 'ප්‍රපංච' ඇතිවන ආකාරයට (රාග සිතුවිලි ඇවිස්සෙන ආකාරයට) කල්පණා කරන්න එපා!! ද්වේශය ඇවිස්සෙන අරමුණක් ඔස්සේ ප්‍රපංච ඇතිවන ආකාරයට කල්පණා කරන්න එපා!! තේරෙනවද? upset නේද? ඔය තමයි හාමුදුරුවරු කියන විදිය.

    මම කියන්නේ එහෙම නෙවෙයි... ලස්සන කෙල්ලෙක් / කොල්ලෙක් දැක්කට, කටට කෙල උණන කෑම ජාති එහෙම දැක්කට, සැප වාහන වගේ ඒවා දැක්කට, ඒවා ගැන හිත හිතා පිස්සු නටන්න එපා! මඩ පෝස්ටරයක්, බැණලා එවපු ලියුමක්, වගේ දෙයක් දැකල පිස්සු හදාගන්න එපා! ඇහැට පේන්නේ රතු, කොළ, නිල් එලි විතරයි නේද? කියන බව කල්පණා කරන්න!! ඇස සංවර කරගන්න නේ කිව්වේ... පාට දැකල කලබල වෙන්නේ මොකටද?? ඕනෙම දෙයක්, 'මම දකිනවා' කියල නෙවෙයි 'ඇහැට රූපයක් වැටෙනවා' කියල කල්පණා කරන්න!! ඇහැ තමන්ගේ නෙවෙයි නේ?? ඉතින් ඒ ඇහැට මොනවා පෙනුනත්, තමන් කලබල වෙන්නේ මොකටද?? ඔන්න ඔය විදියට හිතන්න... ඊළඟට, මනසිකාර නොකලොත් මොකුත් වෙන්නේ නෑ නේද? කියන බව මතක් කරගෙන, ඒ දකින දකින දේවල් ගැන අවධානය යොමුකරන්න යන්නේ නැතුව, වෙනින් දෙයක් ගැන හිතන්න!!! ඔය ඇහැට වැටෙන වැටෙන හැම මගුලම අපි බලන්න ඕනෙමය කියල මොකෙක්වත් බලකරන්නේ නැහැ නේ?? ඉතින් බලන්න එපා!! මොකටද බලන්නේ?? වැඩක් නෑ!! අපි ඔය ආයතන වලට රැවටිලා පිස්සු නටල තමයි වැඩ වරද්ද ගත්තේ... ඒක තමුන් නොදන්නා කමට කරපු වැරද්දක්!! දැන් ඇත්ත දන්නවා නේ?? ඉතින්, කලින් කරපු වැරදි දැන් කරන්න එපා!!! ඇහෙන් තමන්ට උවමනා ඒවා විතරක් බලන්න... අනික් වෙලාවල ඇහැ අමතක කරලා දාල ඉන්න!!! ඇහැ 'අත හැරලා' ඉන්න පුරුදු වෙන්න!!! හිත හදාගන්න අමාරු ඕනෙම වෙලාවක / දෙයකදී, බුදුහාමුදුරුවෝ ගැන හිතන්න!!! ධර්ම කරුණු සිහිකරන්න!!! එතකොට හිත හදාගන්න පුළුවන්.

    ඊළඟට, කණට මොනවා ඇහුනත්, ඒ වෙලාවලදිත් කරන්න ඕනේ මෙහෙමම තමයි!! තමන්ව වර්ණනා කරනවා ඇහුනත්, තමන්ට අම්බානට බණිනවා ඇහුනත් ගනන් ගන්න එපා! අපි මොකටද ඔය සතරමහා ධාතු වලින් හැදෙන සද්ද ගනන් ගන්නේ?? ඇයි, සද්දේ දාන්නෙත් මොකෙක් හරි තව සතරමහාධාතු වලින් හැදිච්ච එකෙක් නේ?? අනික, එක එක රටාවලට, එක එක සද්දෙන් ඇහුණට, නිකම්ම නිකම් ශබ්ද තරංග විතර නේ?? 'මනසිකාර කරපිය!' කියල කවුරුවත් බල කරන්නෙත් නෑ!! ඉතින්, මනසිකාර නොකර අතහැරලා දාන්න... ඒ සද්ද වලට හිත යොමුකරන්නේ නැතුව වෙන දෙයක් ගැන කල්පණා කරන්න!! ඉගෙනගත්තු ගාථාවක්, ධර්ම කරුණු, මොනවා හරි මතක් කරන්න!! මට නම්, ඔය try එකේ හිටිය කාලේ 'රතන සුත්‍රය' කටපාඩම් වෙලා තිබුණේ... ඉතින්, 'කෝකටත් තෛලය' වගේ, මම ඕනේ වෙලාවක ඒකමයි සිහිකර කර උන්නෙ. උවමනාවෙන් සිහිකලත් නෙවෙයි... ඉබේම හිතේ play වෙනවා!! ඔයාලටත් එහෙම දෙයක් පුරුදු කරගත්ත නම් හරිම ලේසි වේවි. මොනවා හරි ක්‍රමේකින් සද්දයට තියන අවධානය වෙනස්කරගන්න... එච්චරයි වෙන්න ඕනේ!! ඒත් එක ලෙඩකින් ගැලවෙන්න වෙන ලෙඩ වැටෙන ඒවා හිතන්න කල්පණා කරන්න එපා!! ඒකයි මේ ඕනෙම දෙයකට බුදුහාමුදුරුවෝ ගැනම නැත්නම් ධර්ම කරුණු ගැනම හිතන එකේ වටිනා කම!! තව තියනවා ඉතින් සතර සතිපට්ඨානය (සම්මා සති) කියල එහෙම... පුරුදු කරන්න පුළුවන් නම් නියමයි!! මට නම් මේවා එච්චරම සිරාවට බැහැගෙන කරන්න අවශ්‍ය උනේ නෑ... තම තමන් තමයි තමන්ට කොච්චර practice කරන්න උවමනා වෙයිද කියල දැනගෙන ඒ අනුව කටයුතු කරන්න ඕනේ! අන්තිමේ වෙන්න ඕනේ, රූප / සද්ද එච්චර වැදගත් නැති තත්වෙට පත්වීම තමයි!!!

    ඔය භයානක ආයතන දෙකට අමතරව අනික් නාසය, දිව, කය, සේරටම ඔය විදියටම treat කරන්න... ගනන් ගන්නේ නැතුව අතහැරලා දාන්න!! මොනවා දැනුනත්, මනසිකාර නොකලොත් අවුලක් නෑ නේද? කියන එක මතක් කරලා, වෙන දෙයකට අවධානය යොමු කරලා, ගඳ-සුවඳ / රස / පහස කිසි එකක් ඇත්තටම වැඩක් නෑ නේද? කියල හොඳට තමන්ටම තේරෙණ කම් පුරුදු වෙන්න!! ඊළඟට හිතට හිතෙන ඕනෙම දෙයකදිත්, ධර්මයට ගැලපෙන / ධර්මානුකූලව නිවැරදි දේවල් විතරක් පිළිගන්න!! (දේශනා අහල කියවල දැනගත්ත ධර්ම කරුණු වැදගත් වෙන්නේ ඔන්න ඔය වෙලාවට තමයි!!) අනික් හිතට හිතෙන දේවල් සේරම අල්ලලා දාන්න!! කිසි එකක් වැඩක් නෑ!! ඒ සේරම අමතක කරලා බුදුහාමුදුරුවෝ, ධර්මය, ගැනම සිහිකරන්න!! මේ දැන් මැරෙයි... මේ දැන් පණයයි... වගේ දේවල් හිතට ආවත් කලබල වෙන්නේ නැතුව හිත හදාගෙන, බුදුහාමුදුරුවෝ ගැන, ශ්‍රී සද්ධර්මය ගැනම හිතන්න!!! ආයේ හුස්ම වැටෙන එක ගැන, heartbeat එක ගැන, අවධානය යොමු කරලා පුළුවන් තරම් හිත සන්සුන් කරගන්න!! ඔහොම යනකොට යනකොට තමන්ට හරි පුදුම නිදහසක් සැහැල්ලුවක් ඇතිවේවි... හිතට මොන මොන සිතුවිලි ආවත් ගනන් නොගෙන ඉන්න පුළුවන් තත්වයක් තමන්ටම තේරේවි!!! මේ ටික මේ විදියටම වෙන්න සෑහෙන දවසක් ගත වෙයි... ඒක ප්‍රශ්ණයක් කරගන්න එපා!! තමන් පුහුණුවෙන්න දරන උත්සාහයේ, කැපවීමේ, ප්‍රමාණයට තමයි ප්‍රතිඵල ලැබෙන්නේ... ඉතින් try එකේම ඉන්න... ඒක තමයි වැදගත්!!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    අපි, මිනිස්සු සේරමලා යන්නං වාලේ යන ගමනක යෙදිලා ඉන්නේ!! ඒත් හැම එකාම කරන්නේ ඒකම හන්ද, කාටත් හිතෙන්නේ 'ඒක තමයි හරි... ඒ තමයි හරි පාර...' කියල. නමුත් භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ප්‍රකාශ කලේ, මුළු ලෝකෙම මිනිස්සු එකම දිශාවකට දුවනවා නම්, උන්වහන්සේගේම ආර්ය ශ්‍රාවකයෝ, ඒ කියන්නේ නියම බුද්ධ දේශනාවට අනුවම කටයුතු කරන ඉතාමත් සුළු පිරිසක්, යන්නේ ඊට ප්‍රතිවිරුද්ධ දිශාවටයි! කියලයි!!! තමන් නොදැන උන්නත්, දැනගන පිලි නොගත්තත්, මේ සත්වයාගේ පැවැත්ම සිද්ධ වේගන එන්නේ හිතාගන්නවත් බැරි දීර්ඝ කාලෙක ඉඳල. ඒ කාලයත් එක්ක සාපේක්ෂව බැලුවොත් මේ ජීවිත කාලය තත්පරයකින් මිලියනයකින් එකක් තරම්වත් නෑ!!! බුදුරජාණන්වහන්සේ කිව්වේ 'අප්පමිදන් භික්ඛවේ මනුස්සානං ආයු' (මනුෂ්‍යයාගේ ආයුෂ චුට්ටයි...) කියලයි. බලන්න ඒ සුළු කාලයට මිනිස්සු කෙලින පිස්සු?? හරි නම්, මුලින්ම කරගන්න ඕනේ මේ දිගින් දිගට පැවැත්ම නතරකරලා දාගන්න එකයි!!! බුදුහාමුදුරුවොත් කිව්වේ ඒකමයි!!!

    මොකද තමන් හරකෙක්, ඌරෙක්, කුකුලෙක් උනොත් ආයේ කතා දෙකක් නෑ, මරාගෙන කනවා!!! මේ ගෙවාගෙන ආව කාලය තුල එක්කෙනෙක් හරකෙක් හැටියට ඉපදිච්ච වෙලාවල මරල මස් කරද්දී ගලපු ලේ එකතු කලොත් සතර මහා සාගරයේ ජලයට වඩා වැඩියි කිව්වා... හිතාගන්න පුලුවන්ද?? එක හරකෙකුගේ ලේ වගේ කොච්චර ප්‍රමාණයක්ද, ලෝකේ 3/4 ක් තියන මුහුදේ වතුර?? ඉතින් හරක් කී දෙනෙක්ගේ ලේ ඕනෙද මූද පුරවන්න?? හොඳට දැනගන්න, තමන් පිළිගත්තත් / නැතත්, විශ්වාස කලත් / නැතත්, තමන් මේ වෙනකොට මූද පිරෙන්නටත් වඩා වැඩි වාර ගණනක් හරක් හැටියට ඉපදිලා මැරුම් කාල තියනවා!!! මනුස්ස ජීවිතයක් ලබන්න බොහෝම දුෂ්කරයි!!! මේ එහෙම ලැබිච්ච මනුස්ස ජීවිතයේදී ඔය කෙහෙල්මල් සංසාර කතන්දරේ ඉවරයක් කරන්න බැරි උනොත්, තව කීපාරක් මූද පුරවන්න තරමට හරක් වෙලා ඉපදිලා මරුම්කන්න වෙයිද දන්නේ නෑ!!! ඔය, 'දෙයියා මැව්වා...' 'මේ පලවෙනි පාරට ඉපදුනේ, මෙතැනින්ම ඉවරයි...' කියල හිතාගෙන ඉන්න අය හොඳට දැනගන්න, මේ පරිප්පුව ඔය හැමෝම කාල තියනවා!!! මේ සැරේ miss කරගත්තොත් තව ඉස්සරහටත් කන්න වෙනවා!!!

    බුදුහාමුදුරුවෝ දීපු උදාහරණ තේරුණ කෙනෙක් ආයේ නම් මේ තාවකාලික ජීවිතයට අහුවෙන්නේ, රැවටෙන්නේ නෑ!!! හරකෙක් වෙලා ඉපදිලා වෙච්ච සන්තෑසිය ඒ විදියටම වෙලා තියනවා කිව්වා තම තමන් ඌරෙක් හැටියට ඉපදිලත්!!! ඌරෙක් හැටියට වාර කීයක් ඉපදෙන්න ඕනෙද මූද පුරවන්න?? අන්න එච්චර වාරගණනක් ඌරෝ වෙලා ඉපදිලා මරුම්කාල තියනවලු!!! එළුවෝ, කුකුල්ලු සේරම හැටියටත් ඉපදිලා ඔය විදියටම වෙලා තියනවලු!!! ඉතින්... මෙන්න මේකත් හොඳට හිතට ගන්න!! සත්ව ඝාතනය නවත්තන්න, සත්ව හිංසනය නවත්තන්න වගේ කතා අල්ලාගෙන හප හපා ඉන්නත් එපා!!! ඒ වැඩපිළිවෙල සිද්ධවෙන්නේ සංසාර ගමන පටන්ගත්ත කාලේ ඉඳන් මයි... දැන් මේ එක එක පිස්සු පොරවල් සද්දේ දැම්මට, ලෝකේ යන රටාව වෙනස් කරන්න කාටවත් බෑ!!! වැඩිම උනොත්, සත්ව ඝාතනය නවත්තමු / සත්ව හිංසනය නවත්තමු කතා අල්ලාගෙන ඉඳල, ජීවිතය අවබෝධ කරගන්න එක මගහැරුනොත්, ඊළඟ වතාවේ ඉඳල ආයිමත් හරක් / ඌරෝ / කුකුල්ලු වෙවී මරුම්කන්න පටන්ගන්න වෙයි!!! සංසාර ගමනේදී 'ලොක්කෝ' කවුරුවත් නෑ, මේ මනුස්ස ලෝකෙට ආපු සුළු කාලෙට ලෝකේ පෙරලන්න හැදුවට...

    ඊළඟට අපි, මනුස්සයෙක් හැටියටම ඉපදිලා අම්මගෙන් බීපු කිරි ප්‍රමාණය මූදෙ වතුරට වැඩිලු... අම්ම මැරිච්ච වෙලාවට අඬපු කඳුළු මූදෙ වතුරට වඩා වැඩියිලු... තාත්ත මැරිච්ච වෙලාවට අඬපු කඳුළු මුදේ වතුරට වඩා වැඩියිලු... මහණ වෙලත් ඉඳල තියනවලු... ඉතින්, මේ පාරත් වරද්දගත්තොත් sorryම තමයි!!! බුදුහාමුදුරුවෝ නිකම් කට්ටිය බය කරන්න සුරංගනා කතා කියලා නෑ... ඇත්තමයි කියල තියෙන්නේ!!! ඇත්තටම වෙන දේමයි කියල තියෙන්නේ!!! මම කියල දෙන්නම් කතන්දරේ සිද්ධවෙන විදිය ලස්සනට!!!

    ඇත්තටම, දැන් මම කැමති නෑ ඔය උදවිය වෙන වෙන අයගෙන් බණ අහන එකටවත්!!! අපේ හාමුදුරුවෝ විතරයි මම හොඳටම දන්නේ... උන්වහන්සේ තමයි අපිටත් පාර පෙන්නුවේ!!! උන්වහන්සේගෙන් අහනවා නම් ඕනේ තරම් අහන්න... අනික් උදවිය හුඟදෙනෙක් බණ කියන්නේ / කියල තියෙන්නේ, තමන්වත් කතන්දරේ හරියට දැනගෙන නෙවෙයි!!! අපට ඒවා අහනකොට, බලනකොට තේරෙනවා!!! (හැබැයි, හිටපු / ඉන්න තරමක් උදවිය කියපු / කියන දේශනා සේරම නම් අහල නෑ... අහන්න උවමනාවකුත් නෑ... අහල / කියවල තියන ඒවා අනුව තීරණය කරන්න පුළුවන් safe-side එක, ඕව අහන්න එපා! කියන එකයි!!) මොකද, ඔයාල හුඟ දෙනෙක් ඇත්ත හරියට දන්නේ නැහැ නේ?? එක එක්කෙනාගේ කතා අහල අනාථ වෙන්න පුළුවන්!! හුඟක් අය සංසාර අනතුරේ සැර බාල කරලා, මිනිස්සුන්ව සනසන්න, නලවන්න හදනවා!! ඒත්, ඒ නැලවිලි සේරම හබක් වෙනවා මේ අවස්ථාව miss උනොත්!!! එතකොට පාඩුව එහෙම්පිටින්ම තමන්ටයි!!! මොකද ජීවිතය අවබෝධ කරගන්න කම්, තමන් ඉන්නේ ලොකු අනතුරක!!! ඇත්තටම ඔන්න ඕකයි වෙන වෙන අයගේ බණ අහනවට, බලනවට කැමති නැත්තේ!!!

    නිවණ අවබෝධ කරගන්න අමාරු නෑ!!! අමතක කරන්න එපා, පුංචි පුංචි ඇත්තෝ මහා හුඟ දෙනෙක් ණිවන් අවබෝධ කරගෙන, සංසාර දුකෙන් සදහටම නිදහස් උනා!!! දැනුත් ඒක, ඒ විදියටම පුළුවන්!!! හරියට කියල දෙන්න කෙනෙක් නැතිකම තමයි ලොකුම අඩුව... අපේ හාමුදුරුවොත් මේ කතාව මේ විදියටම කියනවා!!! දැන් ඉතින් තව දුරටත් නිවණ හොය හොයා යන්න හදන්න එපා!!! ඔය ගෙනත් ඇරලුවේ ණිවන් දොරටුවට!!! මෙතන majic මොකවත් නෑ... ලොකු මුලාවකට අහුවෙලා ඉන්න අපි, ඒ මුලාව බිඳගෙන ගිහින් ඇත්ත දකින්න ඕනේ!!! වෙන කෙනෙකුට කරලා දෙන්න බෑ... තමන්මයි බලන්න ඕනේ!!!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    කස්ටිය බය වෙලාද මන්ද?? බයවෙන්න ඕනේ නෑ... ඕව ආයි වෙන්න ඉඩ තියන්නේ නෑ!!! බැරි වෙලාවත් ඊට කලින් මම expire උනත්, දැන් කරන්න ඕනේ දේ දන්නවනේ?? මම උන්නොත් බුරුතු පිටින් ගොඩ යාවි... නැති උනොත් වැඩේ ටිකක් අමාරු වේවි... ඒ ඇරෙන්න කාටවත් වරදින්නේ නෑ!!!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    අපේ ගෙවල් වලට එක එක උදවිය ඇවිල්ල දොරට තට්ටු කරනවා. හිඟමනේ යන අය ඇවිල්ල හිඟමන් ඉල්ලනවා... ආගම් පතුරුවන්න දඟලන පොරවල් ඇවිල්ල නහුතයකුත් එකක් බොරු බයිලා ගහල මිනිස්සුන්ව රවට්ටලා ගොනාට අන්දන්න හදනවා... sales කාරයෝ ඇවිල්ල ඒත් මිනිස්සුන්ව ගොනාට අන්දලා, නැති අවශ්‍යතා මවල පෙන්වල, නිකම් දීල, බඩු ගන්න පොළඹවනවා... චන්ද කාලෙට චන්ද කාරයෝ ඇවිල්ල බයිලා ගහනවා... හොරු, මංකොල්ල කාරයෝ රිංග ගත්තොත් බය කරලා වස්තුව පැහැරගන්නව... නේද?? කරදර ගොඩයි නේද?? හැබැයි ඔය හුඟාක් කරදර වලින් බේරිලා තමන්ගේ පාඩුවේ ඉන්න තිබුන දොරට තට්ටු කලාට, දොර ඇරලා බලන්න ගියේ නැත්නම්!!! අනික කිසිම සැලකිල්ලක් නැතුව දොරවල් ඇරලා දාල තිබ්බොත්, සත්තු සර්පයෝ ගෙට රිංගල කාල දාන්නත් පුළුවන්!!! පැහැදිලියි නේ?? ඉතින් ආරක්ෂාවට හොඳම විදිය මොකද්ද?? තමන්ට අවශ්‍ය වෙලාවට දොර ඇරලා කල්පනාවෙන්, පරිස්සමෙන් කටයුතු කරනවා... නැති වෙලාවට වහල දාල තියනවා... නේද??

    මේ ඇඟ කියන 'ගෙදර' සම්බන්ධයෙනුත් කතාව ඔහොමමයි!!! හොඳට බලන්න... ඇහැ, කණ, නාසය, දිව, කය, මනස කියන ටිකට මොන මොන දේවල් වැටුනත්, වැදුනත්, ගැටුනත්, අපි ඒ දේවල් මනසිකාර කරන්න ගියොත් විතරයි දොරවල් ඇරලා ඇතුලට ගත්ත වෙන්නේ!! එහෙම උනොත් තමයි විඳලා, හඳුනාගෙන, චේතනා පහල කර කර දඟලල, මහා ජංජාලයක් වෙන්නේ. හැබැයි දොරවල් වහල දාල නිකම් හිටියා නම්, කිසිම අවුලක් නැතුව ඉන්න තිබුන!!! දැන් හොඳට දන්නවා නේ, මේ ආයතන වලින් ඇවිල්ල තියෙන්නේ නිකම්ම නිකම් signals විතරයි... ඒවායේ ගන්න දෙයක් ඇත්තේ නෑ!!! කියන බව?? කවුරුත් ආස නැද්ද, කිසිම හැල හැප්පීම් / ගැටීම් / වදවෙන / වාත වෙන මොකවත් නැතුව, හොඳ සැප නින්දක් දාන්න පුළුවන් නම්?? ඔය ආයතන වලට වැටෙන වැටෙන ඒවා මනසිකාර කරන්න යන්නේ නැතුව, ඒවා ගැන හිතන්න / අවධානය යොමුකරන්න යන්නේ නැතුව, අතහැරලා දාල ඉඳල බලන්න... සහනයක් කියන්නේ, කියල වැඩක් නෑ!!!

    එක පාරටම හිතේවි, එහෙම ඉන්නේ කොහොමද?? ඇහැ / කණ නැතුව ඉඳල කොහොමද?? මොකුත් නොකර ඉඳල හරියනවද?? එහෙම කියල. ඇත්තටම එහෙම හිතෙන්නේ පුරුදු නැති නිසා!! ඊළඟට ඒවා අත හැරියොත් මොනවා හරි වෙයිද?? එහෙම කියල හිතේ තියන බයට!! ඇත්ත කතාව නම්, ඔය බය / සැක තමයි හරහට හිටින්නේ. අවුලක් නෑ... බයයි නම් බයෙන් බයෙන්, සැකයි නම් සැකෙන් සැකෙන්, චුට්ට චුට්ට කරලම බලන්නකෝ... ටික දවසක් යනකොටම තේරේවි, ෂා!! මරු නේ!!! අපරාදේ නේ මේ ඇහැට වැටෙන වැටෙන ඒවා පස්සේ එලෙව්වේ... අපරාදේ නේ මේ කණ පස්සේ පැන්නුවේ... දැන් හරිම relax නේ... බැලුවම මේක සැපයි නේ සේරටම වඩා... කියල!! 'සමාධි සුවය' කියල එහෙම අහල තියනවද? අන්න ඒවා ලබන්න තියෙන්නේ ඔය විදියට තමයි!! ඉතින්, ඔහොම පුරුදු වෙනකොට කලබල ගතිය දන්නෙම නැතුව අඩුවෙනවා. ඒ විදියට කලබල ගතිය අඩුවෙන කොට හොඳට හිතන්නත් පුළුවන් කම ලැබෙනවා. ඉතින් හිතල / කල්පණා කරලා බලන්න, ඔය හිතට එන එන ඒවත් අතහැරලා දැම්ම නම් කොහොමට ඇත්ද? කියල. ඒකත් පුරුදු කරන්න... බයවෙන්න මොකුත් ඕනේ නෑ!!!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මේ ජීවිත කාලේදී මුහුණ පාන්න වෙන සමහරක් සිදුවීම් වලදී, වේදනා 'ගෙට' එන්නේ දොරට තට්ටු කරලා, අපි ඇතුලට ගන්නවද නැද්ද බලල, නෙවෙයි. දොරවල් කඩාගෙන අපිව පෙරලගෙන එන්නේ... හිතාගන්නවත් බැරි විදියට!! අතක් පයක් කැඩුනොත්, කැපුනොත් කොහොමද? (කයට දැනෙන පහසක්) ලඟම ඥාතියෙක්, හිතවතෙක් මැරුණා... නැත්නම් වෙන ලොකු කරදරයක් කියල අහන්න ලැබුණොත් කොහොමද? (කණට ඇහෙන සද්දයක්) ආයේ, තද බල අසනීපයක් හැදුනාම, හිතමු පිළිකාවක් කියල දැනගන්න ලැබුණ! කොහොමද?? (ඒත් කයට දැනෙන පහසක්) මෙහෙම උනාම ඉතින් අයියෝ... අම්මෝ... අනේ... අපෝ... මිසක් මනසිකාර කරන්නද / නොකරන්නද මොකුත් හිතාගන්න බැරිවෙනවා!! අසරණ වෙනවා!!! ජීවිතේ 'දුක' කියන එක දැනෙන්න ගන්නේ ඔන්න ඔයවගේ දේවල් වලට මුනදෙන්න උනාම තමයි!!! අඬන්න වෙනවා... හැබැයි කරන්න දෙයක් නෑ. මොකද දැන් ඉපදිලා ඉවරනේ?? ඉපදුන සත්වයාට දුක උරුමයි!!! වෙන දෙයක් වෙච්චාවේ කියල බලන් ඉන්න තමයි තියෙන්නේ... හැබැයි, මෙන්න මේ කරුණු හොඳටම දැනගත්තම, ඔයවගේ සිදුවීම් වලදී තමන් අසරණ වෙන්නේ නෑ!!!
     

    paralk

    Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    HAREEMA SANTHOSAYI YALU!!!

    kiyala wadak naa... habayi balala, kiyawalaa witharak madi hondada? practical steps aniwaaryayi!!! me... ahanna deyak naa, ara oya pothak hatiyata haduwayi kiwwa eka publish karanna... eth ekama wade, meka nam thaama iwara nathi nisa ehema poth karanawaa nam, vol-1 vol-2 kiyala wath karanna weyi. eth puluwan nam loku deyak yalu.

    math meken karunu tika extract karala print karanna thamayi inne. mokada ape ammala, thaththala, naayo kaatawath mewa denna wena kramayak naa. mama thakahaniyak printer ekakuth gaththa ekata, aththama kiyanawanam.

    me yalu, habayi me wena wena bana kathandarath mekath ekka tapala ganna epa!! ahala thiyanawaa ne 'too many cooks spoils' kiyala kathaawak. mata dan wena kagewath ewa kisi ekak one naa!!! mama serama hondatama dannawa...

    mage level ekata wena kawuruwathma nathuwa athi me thun lokema. ayi kiyanawaa nam, job ekak karanna uwamanawata igena gannawa wage misak thamangema keen interest ekata serama kooru gaala kooru gaala paratheratama allaganna unanduwena minissu harima aduyi!!! e aya atharen Aakaarawathee Shraddhaawa thiyana udawiya theruwa gaman seramala lost!!!

    mama Budurajaananwahansewa jeewithe karagaththu kenek!!! ewage Sraddhaawak athuwa katayuthu karala, niwan awabodhayath sampoorna karagaththa, thamangema uwamanaawata bella kadaagena dangalalaa dangalalaa technical subjects serama wage tip top ekata dirawapu wena ewun kohe hoyannada meya???

    umbala me man karana waden prayojanaya aran, me jeewithayenma godayanawaa nam, mata one echcharayi!!!




    Onna palaweni Eka. |"Budu dhama Tectonicallywa dakimu" post eke Doc file eka with font.

    Download karagena balanna. Balala Jeevithayata Galapaganna Uthsaha karanna.

    Siyalu Denatama waha wahaa Satyyaya Awabodha wewa.....


    Menna linkeka,

    http://www.mediafire.com/?zxc53fjny1ak27u
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    Onna palaweni Eka. |"Budu dhama Tectonicallywa dakimu" post eke Doc file eka with font.

    Download karagena balanna. Balala Jeevithayata Galapaganna Uthsaha karanna.

    Siyalu Denatama waha wahaa Satyyaya Awabodha wewa.....


    Menna linkeka,

    http://www.mediafire.com/?zxc53fjny1ak27u

    mata harima santhosayi sahodaraya!!!
    oya sahena mahansi welaa thiyanawa!!!
    mama pin siddha weva wage ewa nam kiyanne naa... e wenuwata pin paw gana, ewa siddha wena widiya gana, serama kiyala dennam.

    kohomath maath ekka, me kiyana karana dewal ekka inna kawuruwath aaye lost wenne naa!!! me thamayi oyala labaapu wasanawanthama jeewithaya, me iwarayak nathuwa aawa gamana nawathwana jeewithaya, kiyana bawa danaganna!!!

    dan mata wenna one me wisthara hama bhashawakinma loke pura pracharaya wena eka witharayi!!! me Gauthama Budurajaananwahansege kathawak!!! nambu naama ganna dan 'mama' naa!!! mewa puluwan ikmanata hamoma atharata yanawa nam, hamotama danaganna labenawaa nam eka witharayi ekama balaaporoththuwa!!!

    anika yalu, mama wath hithagena hitiya deyak neweyi ne me... ithin puluwan ikmanata kiyala daanna uwamanaawa witharayi aawe. liyanna giyama hithata ena serama liyala damme mama kawuda koyiwage kenekda serama danenna, therenna. ehema unaama guna yahapath udawiya ikmaninma fit wenawa. e fit eka thamayi one wenne me kiyana dewal adaha ganna, piliganna. e trust eka aawa kiyanne aaye lost wenne naa.

    habayi mama dakka jeewithaya kiyana eke anathura hondata. karma wipaaka kisi chance ekak denne naa!!! elawa elawa gahanawa... kochchara wadakaarayek unath, arahathwayata pathwelaa misak ewa defeat karanna baa!!! mata hondatama fit yaluwo (mallila) 3 denek me wenakota malaa. math ekka hitiyaa nam un 3 denama methaninma iwara karanna thibunaa kiyala mama hondatama dannawa. e unata dayiwaya apita ida deela balan inne naa. anna ekayi maath serama wada paththakata daala dan meke bahagena inne.

    oyaalath e widiyatama try karala kathawa iwarayak karaganna. technical explanation eke thamayi jeewithe kathawa thithatama kiyanna puluwan. eth therena udawiya aduyi ne... meke liyana widiya hunga denekuta therevi. ithin mekata wadi attention eka denna. kohomath dekema karunu parallel yanne. e handa awulak naa.

    meke speciallity eka, follow karagena yanakota, dannema nathuwa sansara gamane foundation eka crack wenawa. ethanin ehaata kohomatawath yanna baa!!! force shutdown ekak!!!
     

    paralk

    Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    mata harima santhosayi sahodaraya!!!
    oya sahena mahansi welaa thiyanawa!!!
    mama pin siddha weva wage ewa nam kiyanne naa... e wenuwata pin paw gana, ewa siddha wena widiya gana, serama kiyala dennam.

    kohomath maath ekka, me kiyana karana dewal ekka inna kawuruwath aaye lost wenne naa!!! me thamayi oyala labaapu wasanawanthama jeewithaya, me iwarayak nathuwa aawa gamana nawathwana jeewithaya, kiyana bawa danaganna!!!

    dan mata wenna one me wisthara hama bhashawakinma loke pura pracharaya wena eka witharayi!!! me Gauthama Budurajaananwahansege kathawak!!! nambu naama ganna dan 'mama' naa!!! mewa puluwan ikmanata hamoma atharata yanawa nam, hamotama danaganna labenawaa nam eka witharayi ekama balaaporoththuwa!!!

    anika yalu, mama wath hithagena hitiya deyak neweyi ne me... ithin puluwan ikmanata kiyala daanna uwamanaawa witharayi aawe. liyanna giyama hithata ena serama liyala damme mama kawuda koyiwage kenekda serama danenna, therenna. ehema unaama guna yahapath udawiya ikmaninma fit wenawa. e fit eka thamayi one wenne me kiyana dewal adaha ganna, piliganna. e trust eka aawa kiyanne aaye lost wenne naa.

    habayi mama dakka jeewithaya kiyana eke anathura hondata. karma wipaaka kisi chance ekak denne naa!!! elawa elawa gahanawa... kochchara wadakaarayek unath, arahathwayata pathwelaa misak ewa defeat karanna baa!!! mata hondatama fit yaluwo (mallila) 3 denek me wenakota malaa. math ekka hitiyaa nam un 3 denama methaninma iwara karanna thibunaa kiyala mama hondatama dannawa. e unata dayiwaya apita ida deela balan inne naa. anna ekayi maath serama wada paththakata daala dan meke bahagena inne.

    oyaalath e widiyatama try karala kathawa iwarayak karaganna. technical explanation eke thamayi jeewithe kathawa thithatama kiyanna puluwan. eth therena udawiya aduyi ne... meke liyana widiya hunga denekuta therevi. ithin mekata wadi attention eka denna. kohomath dekema karunu parallel yanne. e handa awulak naa.

    meke speciallity eka, follow karagena yanakota, dannema nathuwa sansara gamane foundation eka crack wenawa. ethanin ehaata kohomatawath yanna baa!!! force shutdown ekak!!!


    Ela,

    Maath Full Try Eka Denawa 2012 Issella Godayanna..

    Full Support Eka Denna One, Hrida.......