'මම' ඉන්නේ කොහෙද?

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    අපි කවුරුවත් 'ලොකු' නෑ!! අන්තිම අසරණ පිරිසක්!! අඬාගෙන ඉපදිලා, අඬ අඬා සමුගන්න ආපු පිරිසක්!!! ඔන්න ඔය බව මතක් වෙන්න / මතක තියෙන්න ඕනේ!!! හිතෙන හිතෙන දේ කියන්න කරන්න පුළුවන් කම, ඕනේ දෙයක් කන්න බොන්න පුළුවන් කම, හිතේ හැටියට ඕනේ තැනක යන්න එන්න පුළුවන් කම, හැමදාම තියෙන්නේ නෑ!!! 'යව්වන මදය' නැත්නම් තරුණකම හන්ද, 'කික් එකේ' ඉන්න එක ලෙඩක්!! තරුණ කම නිරෝගී කම හැමදාම තියෙන්නේ නෑ!!! 'දුක' තමන්ව යට කරගන්න කලින්, 'දුක' තේරුම් අරන්, දුකෙන් ගැලවෙන්න try කරන්න ඕනේ...

    ඉතින්, මේ 'ඇඟ' සකස්වෙච්ච, අනිත්‍ය දෙයක් උනාට ස්වභාව ධර්මයේ අරුම පුදුම නිපැයුමක්!! හරිම advance, hi-tech නිර්මාණයක් බව දන්නවා නේ?? ඒකෙ පැවැත්මට, ආරක්ෂාවට සකස්වෙච්ච වැඩපිළිවෙලවල් ගොඩකුත් ඔය ඇඟ අස්සේ සිද්ධ වෙනවා. රුධිර ධාවන පද්ධතිය, ආහාර ජීර්ණ පද්ධතිය, ශ්වසන පද්ධතිය, බහිශ්‍රාවීය පද්ධතිය කියල, කීයක් ඒවා තියනවද? නේද?? ඒත් අහල තියනවද කවුරුවත් කියනවා, 'මම ලේ ගමනාගමනය කරනවා...' 'මම ආහාර දිරවනවා...' වගේ කතා මොකවත්?? ඒ උනාට, මොකද්ද හුස්ම වැටෙන එක සම්බන්ධයෙන් වෙලා තියෙන්නේ?? ඒක නම්, 'මම' හුස්ම ගන්නවා! 'මට' හුස්ම වැටෙනවා! නේද?? අනාගෙන!! එතැනදී සත්වයා රැවටිලා!! හුස්ම ගැනෙන එක මේ ශරීරයේ ඉබේ සිද්ධවෙන සිදුවීමක්, automatic process එකක්!! එහෙම නොවුනා නම් මෙලහට මැරිලා තියෙන්න එපාය, හුස්ම ගන්න අමතක වෙලා?? හැබැයි හුස්ම ගැනෙන එක සම්බන්ධයෙන් අපිට මැදිහත්වෙන්න පුළුවන් කමක් තියනවා (manual override). චේතනා පහල කරලා හයියෙන් හරි හිමින් හරි හුස්ම ගන්න, ගැඹුරට හුස්ම ගන්න, හුස්ම අල්ලන් ඉන්න, එහෙම පුළුවන් වෙලා තියෙන්නේ ඒකෙන් නේ?? හැබැයි, එහෙමයි කියල හුස්ම ගන්න එකට රැවටෙන්න එපා!! ඒක 'මං' ඉඳල කරන එකක් නෙවෙයි... තමන් කරන එකක්, තමන්ගේ මැදිහත්වීමෙන් කෙරෙන දෙයක් නෙවෙයි!!!

    ඔය සිදුවීම අපි මේ 'ඇඟට රැවටෙන්න' හෙතුවෙච්ච එකක්!!! මේ 'මම'...ය, මේ 'මං' වෙන්න ඇති...ය කියල හිතුනේ ඔය සිදුවීම් නිසයි. බුදුහාමුදුරුවෝ මේ ආශ්වාස ප්‍රශ්වාසයට කිව්වේ, කාය සංස්ඛාර කියලයි!!! හොඳට දැනගන්න... ඒක තමන් කරන දෙයක් නෙවෙයි!! හුස්ම ගැනීමට, ඇඟට 'තමන්ගෙන්' වැඩක් නෑ!! ඒකෙම අනික් පැත්ත, ලෙඩක් දුකක් හැදිලා, හදිසි අනතුරකට වගේ භාජනය වෙලා වගේ හුස්ම ගන්න අමාරු උනොත් එහෙම, 'බොට ඕනෙනම් ගනින්... නැත්නම් නිකං හිටපන්...' කියල අල්ලලා දාල හිත හදාගන්නවා මිසක්, කණගාටුවෙන්න එපා!! මේ ඇඟ අපේ නෙවෙයි... ඇත්තටම නම්, මේකේ අපිට කරන්න පුළුවන් දෙයක් නෑ!!! අනාත්මයි... තමන්ට උවමනා විදියට තියෙන්නේ නෑ!!! තමන්ට උවමනා විදියට තියාගන්නත් බෑ!!!

    ආයේ, අපේ කටවල් තිබුනට, ඒක ඉබේටම ඇරිලා, වචන පිට කරගෙන පිට කරගෙන යනවද? whole sale එකේ?? හොඳට හිතල බලන්න... මූට දෙකක් කියන්න ඕනේ... මෙහෙම කියන්න ඕනේ... කියල හිතල, චේතනාවක් පහල කරලා නේද, අපි යමක් කියනවා නම් කියන්න ඕනේ?? ඒත් කට්ටක් ඇනුනොත් 'ඌයි' ගෑවෙන්නේ... අත පිච්චුනාම එහෙම 'ආහ්...' 'ඌහ්...' ගෑවෙන්නේ, ඒත් හිතලද?? නෑ!! ඒකට හිතන්න දෙයක් නෑ!! ඒකත් මේ ඇඟේ සිද්ධවෙන ස්වභාවික, ස්වයංක්‍රිය සිදුවීමක්!!! හැබැයි එතනදිත් අපිට මැදිහත්වෙන්න පුළුවන් කමක්, manual override තියනවා!! ඒකෙන් නේ ඔය පිරිසක් මැද්දේ එහෙම මොකුත් උනාම ලැජ්ජාවට කට පියාගෙන, කාගෙන, තද කරගෙන ඉන්නේ?? ඒ උනාට අපිට හිතෙන්නේ, අපි කියන්නේ කොහොමද? 'මට' කෑගැහුන... 'මට' ඌයි කියවුන... හරිද?? නෑ!! වැරදියි!!

    ඕකත් අපි මේ 'ඇඟට' රැවටිච්ච තැනක්!! බුදුහාමුදුරුවෝ කියල දුන්නේ, වචී සංස්ඛාර එහෙම නැත්නම් විතක්ක / විචාර කියල!!! තැති ගැනීමක් (excite) සිදුවෙච්ච වෙලාවට, shock උනාම, ඔහොම ප්‍රතිචාර ඇතිවෙන එක මේ ඇඟ හැදිලා තියන විදිය මිසක්, ඒ දේවල් කරන්න ඇඟට 'මමෙක්' වැඩක් නෑ!!! මේ ඇඟ නිකම්ම නිකං මැෂිමක් විතරයි!!! 'මම' නෙවෙයි!!! ඒකෙ සිද්ධවෙන දේවල් වලට අහුවෙන්න එපා... ඕව නොදැන උන්න නිසයි අපි මේ 'මම' කියල රැවටුනේ!!!

    ඊළඟට තියනවා, සංඥා / වේදනා කියල. ඒ ටික බුදුරජාණන්වහන්සේ හඳුන්වල දුන්නේ චිත්ත සංස්ඛාර කියල. මේ කියන්නේ, විඳීමයි හඳුනාගැනීමයි ගැන!! ඒක තනිකරම මේ ඇඟ කියන මැෂිමේ ක්‍රියාකාරිත්වය!! 'මමෙක්' ඕනේ නෑ ඒකට!!! පණ තියනකම්, ජීවය තියනකම් ඕක සිද්ධ වෙනවා!! සංඥා ආයතන 6ක් මෙතන තියනවා නේ... ඔය කොයි ආයතනයෙන්ද සංඥාවක් ලැබෙන්නේ, හිත 'පටස් ගාල' ඒකට යොමු වෙනවා. auto select කිව්වා නම් හරියටම හරි! ඉතින් එහෙම වෙච්ච ගමන් විඳීම ඇතිවෙනවා, ඒ සැනින් හඳුනා ගැනෙනවා!!! අපිට හිතල කරන්න දෙයක් නෑ!! ඔය ලොකු සද්දයක් ඇහිච්ච ගමන් ගැස්සිලා යන්නේ... කකුලේ කට්ටක් එහෙම ඇනිච්ච ගමන් කකුල ඉබේම උඩට ඉස්සෙන්නේ... රත්වෙච්ච මොකක් හරි ඇඟේ ගෑවුනොත් 'පටස් ගාල' ඒකෙන් ඈත්වෙන්නේ... අන්න ඒ සේරම සිද්ධවෙන්නේ ඔය චිත්ත සංස්ඛාර තියන නිසයි!! හැබැයි, ඒ අපි කරන මොකක්වත් නෙවෙයි... ඒක, මේ ඇඟේ සජීවී බව!!!

    කරුමෙටම ඔන්න ඔය සිදුවීමටත් අපිට මැදිහත්වෙන්න පුළුවන් කමක් ලැබිල!! ඒකටත් manual override පහසුකම ලැබිල!! අනික් ආයතන අමතක කරලා තමන්ට උවමනා ආයතනයක් තෝරාගෙන, ඒකෙන් එන විඳීම් දිගින් දිගට විඳ විඳ ඉන්න පුළුවන්... කැමති එකකට අවධානය වැඩිපුර යොමුකරලා වැඩිපුර විඳින්න පුළුවන්... නැත්නම් ගණන් නොගෙන ඉන්න පුළුවන්... ඉතින්, ඕක තමයි හැමෝම කර කර ඉන්නේ!!! හැබැයි හිතාගෙන ඉන්නේ, 'මම' විඳිනවා... 'මම'යි විඳින්නේ... 'මම'යි හඳුනාගන්නේ... කියල!!! එහෙම්පිටින්ම ගොනාට ඇඳලා!!! හොඳට කල්පණා කරලා බලන්න... හරියට තේරුණොත්, 'චිකේ, මොන කෙහෙල්මලක්ද මේ ජීවිතේ??' කියල හිතෙනවා!! තමන් ගැනම ලැජ්ජ හිතෙනවා 'මොනවද මෙච්චර කල් කලේ??' කියල!! හැබැයි, හිතන්න ඕනේ!!! හිත හිත, කල්පණා කර කර බැලුවොත් මිසක්, නැත්නම් මේ මොකුත් තේරෙන්නේ නෑ... එහෙම උනොත්, එදත් මී හරක අදත් මී හරකා වෙනවා!!

    ඉතින්, අපි නොදැනුවත් කමටයි මේ ඇඟට රැවටිලා, ඒක බදාගෙන මෙච්චර කාලයක් ඉඳල තියෙන්නේ... 'අපි' ඒකෙ නෑ!!! ලස්සන රූප බලනවයි කියල, මිහිරි සද්ද අහනවයි කියල, රස කෑම ජාති කනවයි කියල, මිහිරි සුවඳින් / ලස්සන ලස්සන ඇඳුම් පැළඳුම් වලින් / සුව පහසු ඇඳ-ඇතිරිලි කොට්ට-මෙට්ට වලින් සැප විඳිනවයි කියල මේ කරලා තියෙන්නේ කිසි තේරුමක් නැති වැඩක්!!! ඒ ඔක්කොම දීල තියෙන්නේ ඇඟට... කිසි දෙයක් අපිට ලැබිල නෑ!!! මට බැන්න, මට රැව්ව කියල කේන්ති අරන් තියෙන්නෙත් මේ සතරමහා ධාතුන්ගෙන් හැදිච්ච ඇඟට කියපු කරපු දේවල් වලට... කේන්ති ගන්න ඇත්තටම 'අපි'ට මොකුත් වෙලා නෑ!! තේරෙනවද? ඔය තියෙන්නේ රාග, ද්වේශ, මෝහ කියන එව්වා නේ?? බැලුවම ඒ සේරම හිස්, පුහු දේවල්!!! කිසි වැඩකට නැති දේවල්!!! අතහැරලා දාන්න... මේ ඇඟ පවතින තාක් කාය සංස්ඛාර, වචී සංස්ඛාර, චිත්ත සංස්ඛාර කියන ඒවත් දිගටම තියේවි... ඒවත් ඔහේ තිබිච්චාවේ... ඒවාට රැවටෙන්න, මුලාවෙන්න එපා!! ඒවා මත්තේ නැහෙන්න යන්නත් එපා!! කිසිම තේරුමක් නෑ... මේ ඔක්කොම අතහැරලා දාල නිදහස්වෙන එක විතරමයි හොඳ!!!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මමනම් දැන් office එකේ ඉන්නේ.. මේ thread එක මොකක් ගැනද?

    ආ... මේ thread එක මේ 'අපි'ලගේ ගැන තමයි!!

    නොදන්න කතන්දරයක්... දැනගත්තොත් හරි වටිනවා!!!
    office එකේ ඉඳන් බලල, රස්සාව නැති උනත් කමක් නෑ, මේක හරියටම අල්ලගන්නවා නම්!!!
    ඒ උනාට එහෙමම කරන්නත් එපා!! වැඩ පට් පට් ගාල ඉවර කරලා, වෙලාව හදාගෙන බලන්න. (මේ මං කරනවා වගේ):D
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    Mama inne Koheda kiyana post Eketh Pages 70 k enakam Finish Karagaththa. Mama Ekath Mama Inne Koheda Volum 1 Kiyala Mekatama Daannam.

    hondayi. net pahasukama nathi ayata prayojanawath ne.

    habayi ithin 'kunu' ayin karala, awashya karunu ismathu wenna refine karala haduwoth thamayi honda... mokada meka naanaaprakaara saththuth ekka interactively karana wadak ne... :lol:

    kalin thread ekath stages keepayak thiyanawa. technical explanation eka thread eke 1/3 withara yanakota kiyala iwarayi. eelangata katha baha karapu udawiya ahapu / kiypu dewal anuwa prayogikawa kerena de, wena de wage ewa kiyanna thamayi godaak kal giye. ithuru serama ithin ape 'baka' kattiyata salakanna :P kiyapu, liyapu ewaa thamayi. oya seragenma wadagath karunu nam sahena danaganna puluwan. e handa okkoma thibunath awulak naa. habayi mamama refine karala pothak hatiyata kaloth oka sahena 'kettu' wenawa... :rolleyes::rolleyes:

    man koyi wage kenekda kiyala therum aran, friendly widiyata dakina, maawa dirawana 'fit' ayata nam me onema post ekak awulak wena ekak naa. fit eke hina wevee balana gaman, awashya wadeth kerevi... maawa dirawanne nathi aya nam pupuranawa athi neda??? :growl::growl: pupura pupura hari kamak naa, nodanna ewa danagena kalpanaa karala allagaththaa nam godama thamayi.
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මාත් මේක ටිකක් කියවල බැලුව, මොකුත් මග හැරිලද කියල... ම්හු! මොකුත් නෑ!! ශ්‍රද්ධාවන්ත උදවියට ජීවිතය අවබෝධ කරගන්න, නිවණ අවබෝධ කරගන්න ඕනේ කරන සේරම කියල තියෙන්නේ!!! මේ මාතෘකාව තනිකරම හෙළිදරව් කලේ බුදුරජාණන්වහන්සේ නේ?? ඉතින් උන්වහන්සේ හෙළිදරව් කරපු දේ ඒවිදියටම දරාගන්න ශ්‍රද්ධාව ඕනේ මයි!!! අපේ හාමුදුරුවොන්ට, මට, maximum තිබිච්ච එකම දෙය... ඔය හුඟාක් දෙනෙකුට ඇත්තෙම නැති දෙය... ශ්‍රද්ධාව!!

    බලන්න ඉතින්, 'යන්කිංචි සමුදය ධම්මං, සබ්බත්තන් නිරෝධ ධම්මං' (යම්කිසි හටගත් දෙයක් වේද, ඒ සියල්ල නිරුද්ධ වන ස්වභාවයෙන් යුක්තයි) කිව්වම, මේ හැදිච්ච කයත්, එහි ක්‍රියාකාරීත්වයත් නිරුද්ධ වෙලා යනවා!!! මොකුත් ඉතුරුවෙන්නේ නෑ!!! කියන එක පැහැදිලියි නේ?? බුදුහාමුදුරුවෝ ඇහුව, "පහණත් අනිත්‍ය නම්, එහි තෙලුත් අනිත්‍ය නම්, එහි වැටීත් අනිත්‍ය නම්, එහි දැල්ලත් අනිත්‍ය නම්, ඒ දැල්ල නිසා ඇතිවෙලා තියන ආලෝකය නිත්‍යයිද?" කියල... නිත්‍යයිද?? නෑ නේ!! දැල්ල නිවිලා ගියාම එළියක් කොහෙන්ද?? ඊළඟට බුදුහාමුදුරුවෝ ඇහුව, "කෙනෙක් කිව්වොත් පහණ අනිත්‍යයි තමයි... තෙලුත්, වැටීත්, දැල්ලත් අනිත්‍ය වෙන්න පුළුවන්... ඒත් එලිය නම් නිත්‍යයි... කිව්වොත්, ඒ කතාව හරිද?" කියල. වැරදියි නේද?? එහෙම කියනවා නම් ඉතින්, ඒකා පිස්සෙක් නේ... ඔයාලට කොහොමද හිතෙන්නේ?? මම නම්, අපේ හාමුදුරුවෝ ධර්මය තෝරලා දෙද්දී, මේ විස්තර ඇහෙනකොටම ධර්මය 'අල්ලලා' ඉවරයි!!! ඔයාලත් එහෙම නම්, fit ම තමයි!!!

    ආයේ තව උදාහරණයක් තියනවා, "ගසත් අනිත්‍ය නම්, හිරු එළියත් අනිත්‍ය නම්, ගස නිසා ඇතිවෙලා තියන හෙවනැල්ල නිත්‍යද?" කියල... simple දෙයක් නේ?? අව්ව බැහැල ගියත් හෙවනැල්ල නැතිව යනවා!! ගහ නැති උනත් හෙවනැල්ල නැතුව යනවා!! මේ අපිත් එහෙම්ම මයි... එහෙම්පිටින්ම නැතුව යනව!!! ඔන්න ඕක නොතේරිච්ච නිසා තමයි මනුස්සය කියන එකා පිස්සු නටන්නේ!! ආ... තවත් උදාහරණයක් තියනවා... බුදුහාමුදුරුවෝ ඇහුව, "ගෙදරක නැගෙනහිර පැත්තේ තියන කවුළුවකින් වැටෙන හිරු එලිය, ගෙයි බටහිර පැත්තේ බිත්තියට වැටිලා තියනවා... දැන් ඔය බටහිර පැත්තේ බිත්තිය නොතිබුනා නම්, හිරු එලිය වැටෙන්නේ කොහෙටද?" කියල. ඉතින්, ශ්‍රාවක සංඝයා වහන්සේලා උත්තර දුන්න, "ස්වාමිනි භාග්‍යවතුන් වහන්ස, බටහිර පැත්තේ බිත්තිය නොතිබුණා නම්, හිරු එලිය වැටෙන්නේ පොළවටයි!" කියල. ඊළඟට බුදුරජාණන්වහන්සේ ඇහුව, "හොඳයි පොළවත් නොතිබුණා නම්?" කියල. එතකොට හාමුදුරුවරු උත්තර දුන්න, "එහෙමනම් ස්වාමිනි, හිරු එලිය ජලයට වැටෙයි..." කියල. බුදුහාමුදුරුවෝ, "ඔව් ඒක හරි!" කියල ඊළඟට ඇහුවා, "හොඳයි, ඒ ජලයත් නොතිබුණා නම්?" කියල. ඉතින්, හාමුදුරුවරු උත්තර දුන්න, "ස්වාමිනි, එහෙම නම් හිරු එලියට පිහිටන්න තැනක් නැතුව යනවා!!" කියල. බුදුරජාණන්වහන්සේ කිව්වා, "ඔව් මහණෙනි, අන්න ඒ විදියටම මේ නාම-රූප නිරුද්ධ උනාම විඥාණයට පිහිටන්න තැනක් නැතුව යනවා... විඥාණයත් නිරුද්ධ වෙලා යනවා!" කියල!!!

    මතකයිද? නාම-රූප කිව්වේ මේ සක්‍රිය, එහෙම නැත්නම් සජීවී කයට!! විඥාණය කිව්වේ, මේ සියලු විඳීම් / හඳුනාගැනීම් තියන, චේතනා පහල කර කර ප්‍රතිචාර දක්වන ක්‍රියාකාරිත්වයට!! නැත්නම්, ඔය 'මම' කියල දැනිච්ච / තේරිච්ච එකට!! ඒ දෙක එකටමයි තියෙන්නේ... ඒ හන්දයි රඳා පැවැත්ම සිද්ධවුණේ!! 'නාමරූප පච්චයා විඥාණං, විඥාණ පච්චයා නාමරූපං' loop එක මතක නේ?? ඔය දෙක වෙන්වෙච්ච ගමන් කඩන් වැටෙනවා... පැවැත්ම නැතිව යනවා!! නලකලාපී සුත්‍ර දේශනාවේ සඳහන්වෙනවා කිව්වේ... ඉතින්, අපි මේ ඇඟේ නෑ... මේ ඇඟෙන් ඇති වැඩක් නෑ... කියල ණුවනින් දැකල, මේ කය අතහැරලා දැම්මම මෙතැනින්ම සේරම නිරුද්ධවෙලා යනවා!!! ඒ කියන්නේ සිඳිලා බිඳිලා ඉවරවෙලා යනවා... මොකුත්ම ඉතුරුවෙන්නේ නෑ!!! ඉතින් ඔය බව තේරුම්ගන්න... ඕක තමයි අපි මේ මහා ලොකුවට දැක්ක ජීවිතේ!! නිකම්ම නිකම් පුස්සක්!!! ලොකු 'පඩයක්':rolleyes: !!!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මේ... අතහරිනවා... අතහරින්න... අතහැරපිය... කිය කියා කියනව! මොන මගුලක්ද මේ?? කොහොමද අතහරින්නේ?? මොනවද අතහරින්න ඕනේ?? කියල දන්නවද??? අපි හිතමු රස කෑම එකක් හම්බවුනා, පිඟානක් පුරවල... මතක් වෙනවා, 'ආ... අතහරින්න කිව්වා නේ...' කියල!! අතහරිනවද කෑම පිඟාන 'ඩොකොස්' ගාල?? එහෙමද කරන්න තියෙන්නේ??? ආයි දරුවෙක් වඩාගෙන ඉන්න වෙලාවක මතක් උනොත් 'අතහරින්න ඕනේ!!' කියල?? අතහරිනවද දරුවාව 'දෝයි' ගාල??

    ඒවා කිසිදෙයක් කරන්න ඕනේ නෑ!!! මේ අත හැරීම කියන්නේ simply, ඉතාමත් සරලව, ඔය ඇලීම/ආසාව ඇතිවන දේවල් සම්බන්ධයෙන් දිගින් දිගට හිතන්න තියාගන්න එපා!!! ආයේ තරහා ඇවිස්සෙන/ගැටීමට හේතුවෙන දේවල් ගැනත් දිගින් දිගට හිතන්න තියාගන්න එපා!!! මුලාවෙන දේවල් සම්බන්ධයෙනුත් එහෙමයි!!! මෙතන සිද්ධවෙන්නේ එහෙම්පිටින්ම technical, විද්‍යාත්මක කතන්දරයක්!!! හැබැයි බොහොම සරලව, non-technical විදියට ඔය සේරම හොඳට තෝරලා දීපු සුත්‍ර දේශනා ගොඩාක් තියනවා!!! මාලුන්ඛ්‍යපුත්ත හාමුදුරුවෝ කියපු කතාවක් තමයි මම අර technical explanation එකට අරගත්තෙත්. තව මුගලන් හාමුදුරුවෝ කියපු අවස්සුත පරියාය (කෙලෙස් වැගිරීම) කියන සුත්‍රයේත් මේ බව තිබ්බ වගේ මතකයි.

    ඇත්තටම අපි 'හිතනවා' 'චේතනා පහලකරනවා' කියන කාර්යය කරනකොට ඇඟ ඇතුලෙ වෙන්නේ, විද්‍යුතය ජනනය වීමක්!!! ඊළඟට, ඒකම ඒකම නැවත නැවතත් කරද්දී, ඔය හැදෙන එක 'හිටු කියල' වැඩිවෙන්න ගන්නවා!!! amplify වෙනවා!!! ඕක තමයි බුද්ධ දේශනාවේ හැඳින්වෙන්නේ 'හිත බැස ගැනීම' කියල!!! ඒක ලෝක ලෙඩක්!!! මොකද විද්‍යුත් ශක්තියක් නම්, ඊට අදාළ චුම්බක ක්ෂේත්‍රයක් අනිවාර්යයෙන් හැදෙනවා!!! ඒක තමයි භවය... නැවත උප්පත්තියක් ඇතිකරන සංසිද්ධිය!!! රාග/ද්වේශ/මෝහ කියන අරමුණු ඔස්සේ නැවත නැවත හිතනකොට දුගතිය පැත්තට භවය සකස්වෙනවා. (-Ve charge කියමු). අර වලවල් හෑරෙනවා වගේ වෙනවා, කාණු හෑරෙනවා වගේ වෙනවා, කියල මුලින් කිව්වේ... අන්න ඒක!! නෙක්ඛම්ම/අව්‍යාපාද/අවිහිංසා සංකප්ප කියපු දේවල් ඔස්සේ හිතනකොට සුගතිය පැත්තට (+Ve charge) භවය සකස් වෙනවා. අර... polish කරනකොට වගෙයි කිව්වේ... අන්න ඒක!! දිගින් දිගට හිතන්න ගියේ නැත්නම්, භවත් නෑ... මොකුත් නෑ... මෙතැනින්ම close!!! අන්න ඒකයි නියම අතහැරීම!!!
     

    paralk

    Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    hondayi. net pahasukama nathi ayata prayojanawath ne.

    habayi ithin 'kunu' ayin karala, awashya karunu ismathu wenna refine karala haduwoth thamayi honda... mokada meka naanaaprakaara saththuth ekka interactively karana wadak ne... :lol:

    kalin thread ekath stages keepayak thiyanawa. technical explanation eka thread eke 1/3 withara yanakota kiyala iwarayi. eelangata katha baha karapu udawiya ahapu / kiypu dewal anuwa prayogikawa kerena de, wena de wage ewa kiyanna thamayi godaak kal giye. ithuru serama ithin ape 'baka' kattiyata salakanna :P kiyapu, liyapu ewaa thamayi. oya seragenma wadagath karunu nam sahena danaganna puluwan. e handa okkoma thibunath awulak naa. habayi mamama refine karala pothak hatiyata kaloth oka sahena 'kettu' wenawa... :rolleyes::rolleyes:

    man koyi wage kenekda kiyala therum aran, friendly widiyata dakina, maawa dirawana 'fit' ayata nam me onema post ekak awulak wena ekak naa. fit eke hina wevee balana gaman, awashya wadeth kerevi... maawa dirawanne nathi aya nam pupuranawa athi neda??? :growl::growl: pupura pupura hari kamak naa, nodanna ewa danagena kalpanaa karala allagaththaa nam godama thamayi.


    Onna Ehenam......

    Methanin Baaganna.


    http://www.mediafire.com/?6ceu8yxze0jt19u
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    Hamuduru Namak niyama deshanaawak karanawa me dan radio eke. karma kathandare niyametama therum gaththu Hamuduru Namak!! nama danneth naa... kawuda danneth naa... eth denawaa niyametama!! ahanna nolabunata kamak naa... mata denna puluwan e Hamuduruwo kiyana tika eetath wadaa detail karala. aayi kaatawath amuthuwen hithanna, hoyanna deyak nathiwenna!!!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    හරි ප්‍රශ්ණයක්! ධර්මය හප හප ඉන්න උදවිය ලක්ෂ ගණනක් ඉන්නවා!! EK එකෙත් දාස් ගණනක් ඉන්නවා!! උන් මේ කතන්දරේ බලනවද දන්නේ නෑ!!! හුඟක් ධර්මධර, විනයධර, ධරධර, කට්ටිය තොග ගණනක් හිටිය 'මම අපාගත වෙන්න යනවා...' 'මම ලෞකික සමාධියකට රැවටිලා ඉන්නවා...' කියල බයිලා ගහපු!! මං කියලමයි පටන්ගත්තේ, ඉස්සර ඉඳලම මට 'පාට්' දාන්න, මට සෙල්ලම් දාන්න ආව අයට අන්තිමේ කට _ක පියාගෙන පැත්තකට වෙන්න උනා කියල... දැන් පේනවනේ??

    ඔය කාගෙවත් ලොකු 'වංස' මට වැඩක් නෑ!!! හැබැයි මෙතනින් එහාට ආයේ සංසාරේ යන්නත් බෑ!!! අන්න එච්චරයි මගේ තීරණය. මොකද භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කරන්න කිව්වේ එහෙම!!!

    දැන් මට fit / හිතවත් හැමෝම, ඔය 'මට මොංගල්' කියපු මොංගල් කාරයෝ හැමෝම, 'මට බූරුවා කියපු' බූරුවෝ හැමෝම, 'මට පිස්සු' කියපු පිස්සෝ හැමෝම, 'මම තාමත් සංසාරේ මයි' කියපු සංසාරේ යන්න හදන හැමෝම, 'මම ලෞකික සමාධියකට රැවටිලා' කියපු ලෞකික සමාධි වලට රැවටිලා ඉන්න හැමෝම, තව 'මම අපායේ යනවා' කියපු රජිතා ළමය එහෙම, ආයි ඔය මහමෙව්නා වලටත් සම්බන්ධ හැමෝම අනිවාර්යයෙන් මේක බලන්න!!! ඔය හැමෝම මේ සැරේ ණිවන් දකින්නම ඕනේ... නැත්නම් අනාගාමී වෙන්න වත් ඕනේ... ආයේ කීයටවත් සංසාරේ යන්න නම් බෑ!!! ඒක එච්චරයි. ඒ විදියටමයි වෙන්න ඕනේ... වෙනස් විදියකට වෙන්න ඉඩ තියන්නේ නෑ... බලන උදවිය දන්න දන්න අයට email පාරක්, sms පාරක් හරි දාන්න... අනික් අය 'පව්' නේ...

    මේ කතාව ඉවර කරන්න ලැබෙයිද නැද්ද කියන එක විතරයි මට තියන එකම ප්‍රශ්ණේ... අපි අනිත්‍යය කියන දේ බොක්කෙන්ම දන්නවා! ඒකයි. එහෙම උනත් කියන්න ඉන්න කරුණු සේරම drafts හදල තියෙන්නේ! මම expire උනත්, ඒ drafts ටික ඒ විදියටම හරි forum වලට වැටෙන්න වැඩ කටයුතු කරනවා. කරුණු දැනගත්තම, වෙන වෙන අය හරි ඒවා පැහැදිලි කරලා අනික් අය වෙනුවෙන් හදල දාවි... කියල දන්නවා.

    මම මුළු සංසාර කතාවම real-life උදාහරණ වලින් පෙන්වන්න හදල තියෙන්නේ. ඒක පොඩි ළමයෙකුට උනත් තේරෙනවා!!! තෙරුනායින් පස්සේ සංසාර ගමන එහෙමපිටින් හබක්!!! මම නෙවෙයි, බුදුහාමුදුරුවෝ මයි එහෙම කියල, පෙන්වල දීල, තියෙන්නේ!!! ඉතින් ඇත්ත කතාව ඒකයි!!!

    මේක එකපාරටම කියල දාන්න බැරි, ඔය ආත්ම සංකල්පය, 'මම' කියන එක, කුඩේ කුඩු වෙනවා ඔය ටික තෝරලා දුන්නම. කොටින්ම 'මට' කණ පැලෙන්න ගැහුවා වගේ වෙනවා!!! එතකොට සමහර උදවිය upset වෙන්න පුළුවන්!!! බුදුරජාණන්වහන්සේත් ඉර්දී ප්‍රාතිහාර්යය මගින් ණිවන් අවබෝධ කරවීමට වඩා කැමති උනේ ආදේශනී ප්‍රතිහාර්යයෙන් ඒක කරන්න... ඊටත් වඩා කැමති උනේ අනුසාසනී ප්‍රතිහාර්යයෙන් අවබෝධය ඇති කරවන්න... එහෙම කලේ හරි ක්‍රමය ඒක හන්දනේ?? අන්න ඒ හන්ද මාත් දැන් කරුණු ඉදිරිපත් කලේ තමාගේම අවබෝධයෙන් වැඩේ කරගන්න!!! ඊළඟට උදාහරණ දෙන්නම් නිවණ මේකමයි, පරිපූර්ණ වශයෙන් දකින්නේ මෙහෙමයි, දැක්කම වෙන්නේ මෙහෙමයි කියන සේරටම!! අවසානයට දෙන්නම් සංසාරේ umbrella powder වෙන්න!! ඊට පස්සේ ඔයාලම බලාගන්න 'සංසාරේ යන්න' පුලුවන්ද? 'මට' මොකද්ද වෙන්නේ? කියල!!!