දස_මසක්_මා_කුස_තුළ_උන්_පුතුනේ...

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    දස_මසක්_මා_කුස_තුළ_උන්_පුතුනේ...

    පහුගිය දවස් ටිකේ මම ශ්‍රී ලංකාවේ වගේම හා ලෝක සංගීතයේ බිහි වෙලා මගේ හිතේ පැළපැදියම් වෙච්චි එකිනෙකට වෙනස් ආකාරයේ සංගීත සලකුණු කීපයක් ගැන මම දන්න විස්තරේ ඔයාලත් එක්ක බෙදා හදා ගත්තා. ඒවාට ලැබුනු ප්‍රතිචාර ගොඩාක් හොඳයි. ඒ වගේම කට්ටිය ලෝබ නැතුව දීලා තිබුනු + රෙප් වලටත් ස්තූතියි.

    අද මම ඔයාලට අරන් ආව ගීතය සතු පද මාලාවට සමාන පද මාලාවක් තියෙන වෙනත් ගීතයක් මම සිංහලෙන් වගේම වෙනත් කිසිම භාෂාවකින්වත් අහලා නැහැ. ඒ කියන්නෙ මේ ගීතයෙන් කතා කරලා තියෙන සිද්ධිය ගැන, මේ ගීතය කතා කරන කෝණයෙන් ලිය වෙච්චි වෙනත් ගීතයක් මම අහලා නැහැ. කියවලා බලන්නකෝ වචන ටික.


    lyricsdasamasak.jpg
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    මේ ගීතයෙන් කියවෙන්නේ ඉපදිනු ගමන් තමන්ගේ දරුවව අත ඇරලා දාලා යන්න වෙච්ච අම්මා කෙනෙක්ගේ හිතේ, එහෙම තමන්ගේ අළුත උපන් දරුවව අත ඇරලා දාලා යන මොහොතේ ඇතිවෙන,දිවෙන සිතුවිලි මාලාවක් ගැන... මේ අම්මා දන්නවා එහෙම තමන්ගේ දරුවව අත ඇරලා ගියාම මේ දරුවට විඳින්න වෙන දුක් ගැහැට. ඒ හින්දයි අම්මා හිතන්නේ "වග වලසුන් ගෙන් මවක ලබාවා... නයි පොළඟුන් ගෙන් පියෙකු ලබාවා..." කියලා.

    නමුත් අම්මා එක් ප්‍රාර්ථනාවක් කරනවා. එක්තරා විදිහක ඉල්ලීමක්. අම්මා හිතනවා පුතේ උඹ කොහොම හරි ලොකු වෙයන්. එහෙම ලොකු වෙලා ඇවිත් මෙහෙම අලුත උපන් උඹව දාලා යන්න වෙන තත්ත්වෙට උඹවත්, මාවත් අසරණ කරපු මේ ලෝකය කාලා දාන්න. එහෙම කාලා දාන්න ඕනේ පන්නරය උබම ලොකු මහත් කරන වලසුන්ගෙන්, නයි පොළඟුන්ගෙන් ගනින්. ඒ කියන්නෙ උඹව පෙළන සමාජයෙන්ම, ඒ සමාජය වෙනස් කරන්න ඕනේ පන්නරය ගන්න කියලයි අම්මා පුතාගෙන් ඉල්ලන්නේ.
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    මේ ගීතයේ පසුබිම් කතාව විදිහට මම අහලා තියෙන්නේ පෝසත් පිරිමියෙක් අතින් සල්ලං වෙච්චි තරුණ කෙල්ලෙක් ගැබ්බර වෙනවා. කෙල්ල තීරණය කරනවා දරුවව හදා ගන්න. නමුත් ඒ අතර තුරේදි ඇය දැන ගන්නවා තමාට මේ අවාසනාවන්ත ඉරණම උරුම කරපු ධනපති පන්තියට එරෙහිව කරගෙන යන විප්ලවයක් ගැන. නමුත් දරුවෙක් සමග විප්ලවයට සහභාගි වෙන්න බැහැ. ඉතින් ඒ හින්දා ඇයට දරුවව අත අරින්න වෙනවා. ඇයට තමන්ගේ එක් දරුවෙකුට වඩා ඉපදෙන්න ඉන්න තවත් සිය දහසක් දරුවන් වෙනුවෙන් ඇය ඉදි කරන්න යන අලුත් ලෝකය ඇයට වටිනවා.

    මේ ගීතය ඇතුලත් වුනේ විවාදාත්මක වගේම සමහර තරුණ තරුණියන්ගේ ජීවිතය හා මරණය තීරණය කරපු නන්දා මාලිනිගෙ "පවන" කැසට් පටයේ. සුනිල් ආරියරත්නයන්ගේ පද රචනාවට සංගීතය සපයලා තිබුනේ එච්. එම්. ජයවර්ධනයන්. මේ ගීතයේ කිසිදු තැනකදි විප්ලවය ගැන කියන්නේ නැහැ. නමුත් මේ ගීතයට විප්ලවය ගේන්නේ සංගීතයෙන්. අහලා බලන්නකෝ...