'මම' ඉන්නේ කොහෙද?

Thief

Member
Oct 13, 2009
5,772
337
0
Make Amurika Great Again !!

ms48mail

Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    Last edited:

    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    :eek:

    :lol::lol::lol:

    awulak na damith aiya, kabayak wunahama ekenma wala daagena ellenawa :lol:

    Hahaahaaa

    Adow anika kakula ethunama lesine ban,galawa galawa inna onath na,otha thanaka idan shape eke wade karala kalisama chuttak helluwama kakulath ekka araka naya wage aya kakule ethila idie
     

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    Contd. from http://www.elakiri.com/forum/showpost.php?p=10809175&postcount=834

    තණ්හා කතන්දරේ තව ගොඩක් වැදගත් දෙයකුත් තියනවා... බුදුරජාණන්වහන්සේ ප්‍රකාශ කළා 'යායං තණ්හා පෝනෝභවිකා' (යම්කිසි තණ්හාවක් වේද, පුනර්භවයක් ඇතිකරයි) කියල. එතකොට, පුනර්භවය කියන ඒක නේ අපේ ප්‍රශ්ණය... එහෙම නම් ඉස්සෙල්ලම පැහැදිලිවම දැනගන්න ඕනේ, මේ තණ්හා / ආසා තියන ඒවායින් නැවත ජීවිතයක් අරමුණු කරන, තවත් ජීවිතයක් පතන තණ්හාවක් උනොතින් විතරමයි අවුල!!! නැත්නම් අවුලක් නෑ!!! දැන් බලන්න පොඩි කාලේ ළමයි සෙල්ලම්බඩු වලට, බෝනික්කන්ට, සෙල්ලම් ගෙවල් හදන්න, කොම්පිට්ටු හදන්න ආසයි. ඒවා සංසාර ගමනක් හදනවද? නෑ!!! දැන් ඒවාට ආසාවක් ඇත්තෙත් නෑ නේ?? හැබැයි, තමන්ට එහෙම සෙල්ලම් කාලයක් තිබුනේ නෑ... ඒ නිසා ඊළඟ පාරට ඉපදිලා වත් බලන්න ඕනේ!! නැත්නම්, 'ඒ කාලේ හරි ෂෝක්! ආයේ ඉපදිලා තව සැරයක් එහෙම ඉන්න තිබුන නම් ෂෝක්...' වගේ හිතුවොත් / බලාපොරොත්තු උනොත්, අන්න ඒවා case!!! එහෙම හිතුවොත් upset!!! ලැබුණා/නොලැබුණා මොක උනත් මේ හොඳටෝම ඇති! කියල ලද පමණින් සෑහීමකට පත්වෙන්න!!

    ආයේ, තරුණ වයසට එනකොට 'පණතියන බෝනික්කන්ට / බෝනික්කියන්ට', වාහන වලට, ලස්සන ඇඳුම් පැළඳුම් වලට වගේ ඒවාට, party දාන්න, trip යන්න වගේ ඒවාට ආසයි. ඒ ඕනේ එකක් අවුලක් නෑ!! හැබැයි අනික් උදවියට හිංසාවක් / පීඩාවක් නොවෙන විදියට, කාටවත් වදයක් / කරදරයක් නොවෙන විදියටයි සේරම කරන්න ඕනේ!!! අනික ඇබ්බැහි වෙන්න පුළුවන්, නැති කරදර ඇතිවෙන්න පුළුවන් දේවල් වලටත් යන්න එපා!! මේ වැටිලා තියන ලෙඩේ (ජරා/මරණ) හොඳටම ඇති!!! තව අලුතෙන් ලෙඩ දාගන්න ඕනේ නෑ!!! ඉහලට ඉගෙන ගන්න, රස්සාවේ දියුණුවට විභාග වගේ කරන ඒවා මේ කතන්දරේට කොහෙත්ම අදාළ නෑ... ගෙයක් දොරක් හදල, පවුල් පන්සල් වෙලා, ළමයි හදල සේරම කරන්න!! ඒ කිසි එකක් අවුලක් නෑ!!! ඉඳල හිටලා චුට්ටක් දැම්මත් අවුලක් නෑ... ඒත් ඔය කිසි එකක් මත්තේ නැහෙන්න යන්න එපා!!! මේ ජීවිතේදී ලැබුණේ නැතෙයි කියල, ඊළඟ එකෙදිවත් ලබනවා කියල, බලාපොරොත්තු තියාගන්න යන්න එපා!!! මේ තියන ඒවාට වඩා හොඳ හොඳ ඒවා, ලොකු ලොකු ඒවා, ඊළඟ සැරේ ලබන්න වැඩකරන්න ඕනේ කියල හිතන්න එපා!!! අන්න ඒවයි අවුල!!! 'මගේ' වස්තුව, 'මගේ' දේපල, 'මගේ' ළමයි, කියල හැමදාම ඒවත් එක්ක ඉන්න බලාපොරොත්තු වෙන්න එපා!!! අන්න ඒවයි අවුල!!! තව මදි... තව මදි..., තව ඕනේ... තව ඕනේ... සංකල්පයෙන් මිදිලා, තියන විදියකට කාල ඇඳලා, ලද දෙයින් සතුටු වෙලා, ජීවත් වෙන්න!! මේ තමන් කලින් කරපු පින් වලට අනුව ලැබුණු ජීවිතයක්!!!

    ඔය සේරම කතන්දර පටලවාගත්ත හන්දයි නිවණ ගැන කතා කරන කොට, ජීවිතය අවබෝධ කරගන්න කියනකොට, පොරවල් සේරමලා 'විරෝපට්ටන්' වෙන්නේ!!! එහෙම වෙන්න දෙයක් නෑ... මේ තියෙන්නේ ජීවිත කතාව සම්බන්ධයෙන් අපි නොදන්න පැත්තක් දැනගැනීමක් විතරයි!!! ඒ හන්ද එදිනෙදා ජීවිතයේ කටයුතු සේරමත් කරන් යන අතරේ, ජීවිතය අවබෝධ කරගන්නත් අඩුම ගනනේ දවසකට පැයක් දෙකක් හරි යොදවන්න!!! එතකොට, නොදන්න නිසා ගැලවෙන්න බැරුව අහුවෙලා හිටිය ලොකු උගුලකින් ගැලවෙන්න, නොදන්න හන්ද වැටිලා හිටිය ලොකු වලකින් ගොඩ එන්න, හැකියාව ලැබෙනවා!!! එච්චරයි... 'රහත් උනොත් ගිහි ගෙයි ඉන්න බෑ! හිටියොත් මැරෙනවා (පිරිණිවන් පානවා), ආහාර ප්‍රත්‍ය වෙන්නේ නෑ, සේරම කලකිරෙනවා... මොකවත් නොදනී යනවා...' වගේ මොන මොනවද කෙහෙල්මල් කතා වගයක් තියනවා... ඒ සේරම බොරු!!! ඒ මොන මගුලක්වත් වෙන්නේ නෑ!!! බයවෙන්න එපා!!!
     
    • Like
    Reactions: ms48