ඔයාල ice දන්නවා නේද?? බලන්න ice කැටයක්... ඇහැට පේන්න / අතට අහුවෙන්න තිබුනට, රත්වෙනකොට දියවෙවී වතුර වෙනවා!! ඒ වතුරත් රත්වෙන්න රත්වෙන්න වාෂ්පවෙලා අන්තිමේ මොකවත් නැතුව යනවා!!! පරිසරයේ හැම තැනම ජලවාෂ්ප තියනවා... ඒවා එක්ක එකතුවෙනවා ඇති... ඒ ඒ 'වැඩි කතන්දර' මොකවත් ඕනේ නෑ!!! තිබිච්ච සේරම වාෂ්පවෙලා ගියායින් පස්සේ එතන ආයේ ice කියල දෙයක් නෑ නේ?? 'මෙන්න මේක නිසා තමයි ice හැදිලා තිබුනේ!' කියල පෙන්නන්න පුළුවන්, අංශුමාත්‍ර තරමේ වත් දෙයක් ඉතුරුවෙන්නෙත් නැහැ නේ?? තේරෙණවද??
ඊළඟට, ඔයාල දන්නවා නේද ශීතකරණ?? දැන් ඔය ශීතකරණයක් වැඩකරන්න ගත්තායින් පස්සේ, ඒකෙ මොකක්වත් නොදා තිබ්බත්, ටික කලක් යනකොට ඒකෙ ice හැදිලා තියනවා දකින්න ලැබෙනවා!! එහෙම වෙන්නේ, පරිසරයේ තිබෙන ජලවාෂ්ප සීතල වෙලා වතුර වෙලා... ඊළඟට ඒ වතුර මිදිලා ඝන බවට පත්වෙලා (ice වෙලා) මිසක් කවුරුවත් මවලා වත්, ඉබේම වත් නෙවෙයි නේ?? සීතල උනනිසා වෙච්ච දෙයක්!!! ඔය සමහර රටවල් වල සීත කාලෙට හිම වැටෙන්නේ... අන්න ඒ වගේ!!
මේ සිද්ධවෙන්නේ ස්වභාවධර්මයේ ක්‍රියාවලියක්!!! ඒකට බලපෑවේ රත්වීම හා සිසිල්වීම කියන ධර්මතාවය!! එහෙම නැත්නම් සිදුවීම!! කිසිම පුද්ගලයෙකුගේ, දෙවිකෙනේක්ගේ, මැවුම්කරුවෙක්ගේ සම්බන්ධයක් මෙතන නෑ!!!
ice හැදෙන එක සිදුවුනේ, පරිසරයේම තිබෙන දේවල් වලින්!!! පරිසරයේ තියන දේවල් මොනවද කියල හිතල බැලුවොත්, ඒ කිසිම දෙයක් ගැන මූලද්‍රව්‍ය හැටියට / ඒවායේ රසායනික සංයුතිය හැටියට හොයන්න යන්නේ නැතුව, ඇහැට දකින්න පුළුවන් / අල්ලලා බලල දැනගන්න පුළුවන් ස්වභාවය අනුව, අපිට ඒ සේරම දේවල් ගොඩවල් හතරකට වෙන්කරන්න පුළුවන්!!! 1) තද දේවල්. නැත්නම් හයිය (ඝන) දේවල්. 'පඨවි ධාතුව' කියල ටිකක් බර වචනයෙන් හඳුන්වමු. 2) ගලා යන දේවල්, නැත්නම් දියර ස්වභාවයෙන් යුතු දේවල්. 'ආපෝ ධාතුව' කියල බර කරලා ගමු! 3) රස්නේ ගතිය. නැත්නම් 'ශක්තිය'. 'තේජෝ ධාතුව' කියල බර කරලා ගමු! 4) වාතය නැත්නම් සුළඟ. 'වායෝ ධාතුව' කියල, බරට ගමු!
එතකොට, ස්වභාවික පරිසරයේ තිබෙන ඕනෑම දෙයක් අනිවාර්යයෙන්ම ඔන්න ඔය කාණ්ඩ 4න් එකකට වැටෙනවා!!! අන්න ඒ නිසා, අපිට ඒ ඕනේ දෙයක් හඳුන්වන්න පුළුවන්, සතරමහා ධාතු සහ සතරමහා ධාතුන්ගෙන් හැදිච්ච දේවල් කියල!!! දැන්, ඔය කරුණු ගලපලා, අපි ice හැදිච්ච හැටි හෙව්වොත්, අපිට පේනවා, ස්වභාවධර්මයේ රත් වීම හා සිසිල් වීම කියන වැඩපිළිවෙල නිසා, ස්වාභාවධර්මයටම අයිති සතරමහා ධාතුවලින් ice හැදුනා! කියන බව!!!
සත්වයා කියන්නෙත් හැදිච්ච දෙයක්!! හැදිච්ච කියන්නේ, ඒකෙ නිත්‍ය / ස්ථිර දෙයක්, core එකක් / හරයක් මොකක්වත් නෑ!!! සත්වයා කියන්නෙත් පරිසරයේම තිබෙන දේවල් වලින්, ඒ කියන්නේ සතරමහා ධාතුවලින්ම හැදිච්ච දෙයක්!!! රත්වෙනවා සිසිල්වෙනවා වගේම ක්‍රියාවලියක්, නැත්නම් 'වැඩපිළිවෙලක්' හන්දයි සත්වයා හැදෙන්නෙත්!!! ඒ වැඩපිළිවෙලට කියනවා පටිච්චසමුප්පාදය කියල.
සත්වයෙකුගේ / සත්වයෙකුට, 'ආත්මයක්' / 'ආත්මය' කියල මොකවත් නෑ!!! කොයි කොයි හැඩයෙන්, කොයි කොයි ස්වභාවයෙන් හැදුනත් සත්වයෙකුට තියෙන්නේ ඇස / කණ / නාසය / දිව / කය / මනස කියල සතරමහා ධාතුන් ගෙන්ම හැදෙන ආයතන 6ක් විතරයි!!! ඒ කියන්නේ කකුල් නැති, පීනන / බඩගාන සත්වයෙක් උනත්, කකුල් 2/4/6/8 නැත්නම් ඊට වඩා තිබෙන එකෙක් උනත්, පියාඹන එකෙක් උනත්, ඒ කොයි සතාටත් තියෙන්නේ සතරමහා ධාතුන් ගෙන් හැදුනු ඇස / කණ / නාසය / දිව හා මනස ඇතුලත් ඇඟක් (කයක්) විතරයි!!! බල්ලෝ / පූසෝ / හුනෝ / කැරපොත්තෝ / දෙවියෝ / මිනිස්සු / මාලු / කුරුල්ලෝ කියන ඕනෙම එකෙකුට/කෙනෙකුට තියෙන්නේ ඔච්චරම තමයි!!! වෙන කිසිම අමුතු / අද්භූත / විශේෂ මොකවත්ම නෑ!!!
මේ සත්වයින්ට තිබෙන එකම විශේෂය, තමන්ටම හිතල, නැත්නම් චේතනා පහල කරලා හිතන්න / වචන ප්‍රකාශ කරන්න / ශරීරය ක්‍රියා කරවන්න පුළුවන් හැකියාවක් විතරයි!!! ඊට අමතරව තියෙන්නේ ඇස / කණ / නාසය / දිව / කය / මනස කියන ආයතන උපකාර කරගෙන විඳින / හඳුනගන්න / දැනගන්න සේරමත්, තමන්ට ලැබිල තියෙන හිතල කටයුතු කිරීමේ හැකියාවෙන් හිතපු / කියපු / කරපු හැම දෙයක්මත් මතක සිටින ස්වභාවයත් විතරයි!!! කොටින්ම සත්වයා සතරමහා ධාතුන් ගෙන් හැදිච්ච රොබෝ කෙනෙක් වගේ දෙයක්!!! කැඩිලා බිඳිලා ගියාම ආයේ සතරමහා ධාතු වලටම වෙන්වෙලා යනවා මිසක්, අංශුමාත්‍රයක තරමේ වත් දෙයක් ඉතුරුවෙන්නේ නෑ!!! කොහෙවත් යන්න මොකුත්ම ඇත්තෙත් නෑ!!!
සත්වයෙක් ඉපදුන තැන ඉඳල මහා දුකකට, කරදරේකට, අනතුරකට වැටෙනවා!!! ජීවිතය ආරක්ෂා කරගන්න, ඒක පවත්වාගෙන යන්න මහා දුක් කරදර ගොඩාක් විඳින්න ඕනේ!!! හැබැයි කොච්චර කලත් ලෙඩ රෝග හැදෙන එකෙන් ගැලවෙන්න බෑ!!! සමහර ලෙඩ හැදුනොත් හොඳ කරන කතා මොකවත් නෑ... වයස කීය උනත් මැරෙනවා. ලොකු මහත්වෙලා හැදුනත්, ඊළඟට වයසට ගිහිල්ල ගිහිල්ලම මැරෙනවා. ඉන්න කල් අප්‍රිය / අකමැති දේවල් එක්ක එකතුවෙන්න වෙලා දුකට පත්වෙනවා... ප්‍රිය / කැමති දේවල් වලින් වෙන්වෙන්න වෙලා දුකට පත්වෙනවා... අපිට කොච්චර උවමනා උනත් ලෙඩ නොවී, වයසට නොයා, දුක් නොවිඳ, සැපම විඳ විඳ ජීවත්වෙන්න කොහෙත්ම ඉඩක් ලැබෙන්නේ නෑ!!! මේ ජීවිත මහා කරදරයක්... වදයක්... හුඟ දෙනෙකුට තේරෙන්නේ නැතුව විතරයි!!!
ස්වභාවයෙන්ම සත්වයා හරිම මෝඩයි!!! වහා රැවටෙන සුළුයි!!! ලැබිල තියන හිතන්න පුළුවන් කමෙන් මුලින්ම හිතන්නේ මේ 'මම' / මේ 'මගේ ආත්මය' කියලයි!!! සත්වයා දන්නේ නෑ තමන් කියල 'ස්ථිර / නිත්‍ය' මොකුත්ම මේ ඇඟවල් වල නැති බව!!! මේ අපි හැමෝම එහෙමයි!!! එහෙම්පිටින්ම 'පුස්' !!! මොකුත්ම නෑ!!! ඒත් ඔය බව නොදැන, මේ 'මම' / මේ 'මගේ ආත්මය' කියල ස්ථිර / නිත්‍ය දෙයක් වෙන්න ඇති!!! කියල හිතාගෙන චේතනා පහල කරලා කටයුතු කලොත්, මේවගේම මල කරදරයක්, 'තව ජීවිතයක්' හැදෙනවා මේ ජීවිතේ අවසන් වෙනකොටම!!! ඒ පාර ආයේ විඳවන්න වෙනවා!!!
ඔන්න ඔය දිගින් දිගටම දුකට පත්වීම මේ විශ්වයේ පවතින සදාකාලික සත්‍යයක්!!! ආර්ය සත්‍යයක්!!! ඒ දුක හටගන්නේ හේතුවක් ඇතුවයි... ඒ හේතුවත් සදාකාලික සත්‍යයක්!!! ආර්ය සත්‍යයක්!!! ඔය 'දුක' සදහටම නැතිකරලා දාන්න පුළුවන්... ඒකත් සදාකාලික සත්‍යයක්!!! ආර්ය සත්‍යයක්!!! දුක නැති කිරීමට ක්‍රමයක්, වැඩපිළිවෙලක් තියනවා... ඒකත් සදාකාලික සත්‍යයක්!!! ආර්ය සත්‍යයක්!!! මෙන්න මේ කරුණු හතරට කියනවා, චතුරාර්ය සත්‍යය කියල!!! නමුත් බුදුරජාණන්වහන්සේ නමකගෙන් හෝ, උන්වහන්සේගේම ආර්ය ශ්‍රාවකයෙකුගෙන් අසා දැනගන්න ලැබෙණා තාක් කල්, සත්වයාට මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව කිසිවක් දැනගන්න ලැබෙන්නේ නෑ!!! ඒ සත්වයා ඉන්නේ එහෙම්පිටින්ම අවිද්‍යාවෙන් වැහිලා!!! නොදැනුවත් කමින් මුළා වෙලා!!!
ඉතින් මෙන්න මේක තමයි මේ අපි කතාකරන මාතෘකාවේ මුල!!! අපි කවුරු කවුරුත් මේ විදියට ඉපදෙන්න හේතුව!!! අවිද්‍යාව!!!
1) 'දුක්ඛේ අඥාණං' මේ ජීවිතය දුකක්ය, ඇතුලේ අංශුමාත්‍රයක් තරමේ වත් ස්ථිර, නිත්‍ය කිසිම දෙයක් නැති, සම්පූර්ණයෙන්ම හැදිච්ච, සම්පූර්ණයෙන්ම විනාසවෙලා යන දෙයක්ය, අනිත්‍ය දෙයක්ය කියන බව නොදැන සිටීම!!
2) 'දුක්ඛ සමුදයේ අඥාණං' මේ ජීවිතය හටගත්තේ හේතුවක් හන්දයි කියන බව නොදැන සිටීම!!
3) 'දුක්ඛ නිරෝධේ අඥාණං' මේවිදියට නැවත නැවත දුකට පත්වීම නතරකරන්න පුළුවන් බව නොදැන සිටීම!!
4) 'දුක්ඛ නිරෝධ මග්ගේ අඥාණං' දුක නැති කිරීමට ක්‍රමයක්, වැඩපිළිවෙලක්, මාර්ගයක් තිබෙනා බව නොදැන සිටීම!!
මෙන්න මේ කරුණු ගැන කිසිම දෙයක් හරිහැටි නොදන්නා කම තමයි සත්වයෙක් නැවත නැවත හටගන්නා ස්වභාවයට පත්කරන්නේ!! ඒ ස්වභාවයෙන් ගැලවෙන්න බැරුව ඉන්නාතාක් කල් තමයි සංසාර දුක, සංසාර බය කියන සේරමත් තියෙන්නේ. අවිද්‍යාවෙන් එහෙම්පිටින් මිදුණු දවසට, ඔහොම ප්‍රශ්ණයක් තිබුණද කියලවත් නැතුව යනවා!!!