'මම' ඉන්නේ කොහෙද?

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඇන්ජින් කතාවේ පොඩි දෙයක් මග හැරුණා... දැන් ඔය ඇන්ජිමක් කොච්චර වැඩ දාල, කොච්චර ඉස්තරම්ම විදියට, කොච්චර කල් පවතින්න හැදුවත්, ආයුෂක් තියනවා නේ... සදාකාලිකව භාවිතයට ගන්න බෑ!!! repair කර කර දුවන්න පුළුවන් උපරිම මට්ටමටම ආවයින් පස්සේ ඉතින් නානට තමයි!! පරණ යකඩ එකතුකරන අය ඉන්නේ... අන්න එයාලට තමයි දෙන්න වෙන්නේ!! ඇන්ජින් එක්ක සෑහෙන වැඩක් දාන්න පුළුවන්, මොකද කෑල්ලෙන් කෑල්ලට ගලවල, අලුතෙන් කෑලි දාල, ආයේ හයි කරලා, නැවත නැවත start කර කර භාවිතයට ගතහැකි නිසා... ඒත් මේ ඇඟවල් එක්ක එච්චර සෙල්ලම් දාන්න විදියක් නෑ!! හැබැයි දැන් නම් නවීණ වයිද්‍ය විද්‍යාවේ දියුණුව හන්ද මේ දැන් මැරෙන්න ඉන්න එකාවත් තව දවසක් දෙකක් වත් ඉස්සරහට අදින්න පුළුවන්... හැබැයි කීයටවත් ස්වභාවධර්මය ඉක්මවන්න බෑ!!! ආයුෂ ඉවරද, ඉවරයි තමයි!!! ඊළඟට ඉතින් නාන ගන්නෙත් නෑ... එක්කෝ වලලන්න ඕනේ, නැත්නම් පුච්චන්න ඕනේ.

    ඒක නෙවෙයි නේ වැඩේ... මේ ඉන්නකම් කොච්චර විඳවන්න ඕනෙද?? විඳවන්න වෙනවද?? කොච්චර දහිරිය දාල, කොච්චර ලොකු, කොච්චර වැදගත්, දෙයක් කලත් අවුරුදු දාස් ගණන් පවතින්නේ නෑ නේ?? මේ සේරම තාවකාලිකයි!!! දැන් මේකනේ වැඩේ... සංසාර ගමන ගැන දැනගන්නා තාක් කල් හෙණ අවුලක්!!! අපි higher studies වලට මහන්සි වෙනවා කියමු... ඔය විදියටම මහන්සිවෙලා ඇති මීට කලින් බර වාර ගණනක්. හෝඩියේ පන්තියේ ඉඳල masters වෙනකම් කරනවා... ආයේ හෝඩියේ පන්තියේ ඉඳන් masters වෙනකම් කරනවා!! ආයේ හෝඩියේ පන්තියේ ඉඳන් masters වෙනකම් කරනවා... ආයේ! ආයේ!! ආයේ!!! ගෙවලුත් හදල ඇති කෙලකෝටි ගණන්... ළමයිත් හදල ඇති කෙලකෝටි ගණන්... ආයි අමුතුවෙන් කරන්න කිසිම දෙයක් නෑ!!! ඕක ඉතින් තමුන් පිළිගන්නවද නැද්ද කියන එකෙන් කිසි වැඩක් නෑ... මොකද පිළිගත්තත් නැතත් වෙන්නේ එහෙම නිසා!!! ඒත්, මෙහෙම කෙහෙල්මලක් තමයි සිද්ධවෙන්නේ!! මේකෙන් කිසි වැඩක් නෑ!! කියල අපි කලින් දැනගත්තා නම්, මේ සැරේ දුක්විඳින්න ඉපදෙන්නෙත් නෑ නේ?? ඇත්තටම නම් ඔය ඉවරයක් නැති කතන්දරේ ගැන අපි කලින් අහලත් ඇති!! දන්නවත් ඇති!! ඒත් සාර්ථක (success) වෙච්ච නැති නිසා, ආයෙත් ඉපදෙන්න උනා!!! මේ ලැබිච්ච අවස්ථාවේ success උනානම්, ආයේ කතාකරන්න දෙයක් නෑ... ගොඩම තමයි!!!
     

    RaneNat

    Member
    Mar 27, 2011
    97
    7
    0
    podi pahe kathawak kiyannada?

    dan oyaala monawatada bandila inne?

    hamoma wage, thama thamange wasthuwa depala walata, gedara dorata, pawule udawiyata, seratama bandila inne kiyamu!! kauwuru hari marumus kihipa denek awilla, adala aragena, pihiyak bellata thiyala, "oya serama athaharala apith ekka waren, nathnam maranawa!" kiwwoth mokak weyida?? dan nam ithin hitha hithaa one deyak kiyaawi... eth practically anik serama amathakawenawa e welaawata!!! mathak wenne thamangana witharayi!!! jeewithe beraganna one pukak karaavi!!!:P:P

    mata sahena dawasaka indala wam atha dige ridena, paththak barayi barayi wage danena gathiyak thibuna. (pressure walata behethuth ganna kenek) meka enna enna wadi wenawa misak aduwak naa... ganan nogena indala indala, eeye pereda nonata beheth ganna family doctor gawata giya welawaka meka doctor ta kiwwa. eya eka paaratama 'ayi thiyan hitiye, ikmanata excercize ECG ekak karanna' kiwwa. maath ithin haa, balamu kiyala aawa. eelanga dawase wadatath giya. me kehelmala enna enna wadi handa net eketh poddak search kalaa. hutaa! hama ekema thiyenne call emergency kiyala!! ohelata nam kohomata hiteeda?? mata nam nikam barak ellala wage wadayak witharayi... poddak balance ekath upset wage danuna. wena mokakwath hithune naa.

    eda raa oya anthima kalla liya liya innakota hena case! pana naa! wage danuna. kakul ehema hondatama seethala wela... mokak hari seen ekak weyi kiyala theruna. ithin, kolayak aran PC eke pwds, gmail pwds, links serama liyala note ekak haduwa. yaluwo dennekuge contact numbers seramath daala, unta me wisthara tika forums dekata daanna kiyala, Ape Hamuduruwontath copy ekak labenna salaswanna kiyala liyala, shape eke doyiyaganna giya. honda ganan. eth ithin mama full silence buwa. malath kawuruwath danne naa. kohoma hari kakul seethala eka danila nona nagitala baluwa... 'dan kakul heduwe' kiyala shape una. wena mokuth naa. heta ude awadi unoth balamu kiyala nidagaththa. echcharayi! oya udawiyata mehema unoth kohomada???

    y2k baappe, mata hithaganna baa ban, dan mama mokak bandagannada kiyala??:rofl::rofl::rofl: eyi umba dannawada meetath wadaa abhinishkramanayak gana??:P:P:P okkoma iwarayi kiwwe iwarayi nisaa thamayi kollo!!! I have no doubts about that!!!

    passenda kokatah kiyala gihin EECG eka kalaa. danata penna awulak naalu. eth beheth thogayak labuna.:lol: nurve case ekakda kiyala check karanna one kiyalath kiwwa:lol::lol: danuth nikam side balance gihinwageth danenawa:lol::lol::lol: ITHIN MATA MOKO? owa wadak naa! machanla/machinila. mage dan aramuna meka witharayi. hospital eke hitiya dostharalatath bana tikak kiyalayi aawe:yes::yes: eyalath meka balaawi.

    meka thawa tikak issarahata yanakota jeewithe kiyana eka gana oyalatath prashna hitina ekak naa!!!
    නිකං විහින් මැරෙන්න එපා.බුදුහාමුදුරුවන්ටත් ජීවක කියල වෛද්‍යවරයෙක් හිටිය.ඔයාගේ ඇත්ත තත්වේ කිරිබත්ගොඩ හමුදුරුවන්ටවත් කියන්න.ඔයා නිවන් දැකල නම් හාමුදුරුවෝ මොකුත් කියන එකක් නෑ. එත් එහෙම වෙන්න බෑ ඔය ලියන විධියට සහ හැසිරෙන විධියට.අඩු ගනනේ ගුරු හමුදුරුවන්ටවත් කියන්න. තනි මතයට වැඩකරන්න එපා.මේක බලන කිරිබත්ගොඩ හාමුදුරුවෝ දන්නා කෙනෙක් ඉන්නවා නම් හාමුදුරුවන්ට දන්වන්න.මේ මනුස්සය නිකං මැරෙන්න හදන්නේ.
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    නිකං විහින් මැරෙන්න එපා.බුදුහාමුදුරුවන්ටත් ජීවක කියල වෛද්‍යවරයෙක් හිටිය.ඔයාගේ ඇත්ත තත්වේ කිරිබත්ගොඩ හමුදුරුවන්ටවත් කියන්න.ඔයා නිවන් දැකල නම් හාමුදුරුවෝ මොකුත් කියන එකක් නෑ. එත් එහෙම වෙන්න බෑ ඔය ලියන විධියට සහ හැසිරෙන විධියට.අඩු ගනනේ ගුරු හමුදුරුවන්ටවත් කියන්න. තනි මතයට වැඩකරන්න එපා.මේක බලන කිරිබත්ගොඩ හාමුදුරුවෝ දන්නා කෙනෙක් ඉන්නවා නම් හාමුදුරුවන්ට දන්වන්න.මේ මනුස්සය නිකං මැරෙන්න හදන්නේ.

    ඔව් ඉතින්... කොයි ක්‍රමේකින් හරි කමක් නෑ, මම ණිවන් දැකල නෑ!! ඕව බොරු!! ඕව හරියන්නේ නෑ!! කියන එක නේ කියාගන්න ඕනේ.:P:rofl::rofl: දැන් ඉතින් කොහොමත් එකයි... මම දැක්ක නොදැක්ක එකෙන්වත් වැඩක් නෑ!! දැන් missiles load කරගෙන flight එක take-off කරලා ඉවරයි... තව ටික දවසකින් target එක, 'අවිද්‍යාව' කුඩේ කුඩු!!!:yes::yes::yes:
     
    Last edited:

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    බුද්ධ කාලේ රහතුන් වහන්සේලා දහස් ගණනින් බිහිවුනෙත් මේ පටිච්චසමුප්පාදය අවබෝධ කරලයි!! හැබැයි මෙච්චර කැටයම් ඕනේ උනේ නෑ ඒ කාටවත්!! මොකද එයාලගේ ඔළුගෙඩි දැන්කාලේ එවුන්ගේ වගේ කුරෝලු වෙලා තිබුනේ නෑ!! බොහොම නිදහස්... නිරවුල්... හරි ඉලක්කයට, නිවැරදිව කල්පණා කිරීමේ හැකියාව තිබුණු උදවිය!!! අනික, ඒ අයට භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ගැන තිබුණු ශ්‍රද්ධාව!!! කොහොමද අද කාලේ?? ඇත්තටම නම් පිරිසුදු බුද්ධ දේශණා වලින් කෙනෙකුට ජීවිතාවබෝධය සඳහා කරුණු දක්වන උපරිමයටම දැන් මමත් මේකෙන් කියල දීල තියනවා!!! මෙච්චර කියලත්/ලියලත් මෙලෝ බෝලයක් තේරිච්ච නැති, තාමත් කට ඇරගෙන බලන් ඉන්න එකෙක්ව දැක්කත් මම නම් පුදුම වෙන්නේ නෑ!! මම, කඳයි බඩයි විතරක් ඇතුව ඉපදිච්ච එවුන් සෑහෙන දැකල තියනවා... හැබැයි අදටත්, මේ thread එකෙන්ම හා හාපුරා කියල ජීවිතේ ගැන කරුණු කාරණා දැනගෙන, උතුම් නිර්වාණයම සාක්ෂාත් කල උදවිය උන්නත්, ඒකෙත් අමුත්තක් නෑ!!! ඒ භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ දේශණා කොට වදාළ ශ්‍රී සද්ධර්මයේ ගුණයක්... සන්දිට්ඨිකයි!!! අකාලිකයි!!! ඊළඟට එහෙම අවබෝධය ලබපු කෙනෙක් නම්, එයාල පුදුම පින්වන්තයි!!! අනික් අයට ඉතින් තම තමන්ටම හිනාවෙලා 'නොකර සද්ද' ඉන්න වෙනවා... මොකද මෙච්චර දුරක් ඇවිල්ලත් කිසිම ධර්මාවබෝධයක් නොලැබුණා නම්, තම තමන්ගේම බුද්ධිමත්/ප්‍රඥාවන්ත කමේ තරම හන්ද තමයි!! මිනිස්සු 'මැනගන්න' නොම්මර එකේ මිම්ම තමයි මේක!!!

    පටිච්චසමුප්පාදයේ ඉතිරි තව පුරුක් දෙකයි කිව්වා නේ... විඥාණය ඇතිවුනේ සංස්ඛාර හන්ද!! සංස්ඛාර ඇතිවුනේ අවිද්‍යාව හන්ද!! මෙන්න මේ 'සංස්ඛාර' තමයි කචල් කාරයෝ ටික!!! බුදුහාමුදුරුවෝ පෙන්වල දුන්නේ, 'සංකතන් අභිසංකරොන්ති ති සංඛාරං' (නැවත නැවතත් සන්කතයක්ම සකස්වීමට හේතුවන, චේතනා පහල කරමින් සිතන/කියන/කරන දේවල් සංස්ඛාර වේ!) කියලනේ... 'සංකත' කිව්වේ, උප්පාදෝ පඤඤායති / වයෝ පඤඤායති / ටිතස්ස අඤ්ඤතත්තං පඤඤායති (හටගැනීමක් දක්නට තිබෙන, නැසී වැනසී යාමක් දක්නට තිබෙන, පවතින තත්වය අතරතුර වෙනස්කම් දක්නට තිබෙන) කියන ලක්ෂණ තියන දේවල් වලට!! මේ අපේ ජීවිත වලට!!! ඇයි? අඬාගෙන ඉපදුණා... දැන් මේ පිස්සු කෙල කෙල, ලෝකේ පෙරලන්න දඟල දඟල හිටියට, හැට පැනල / හොට බිම ඇනිලා, අඬාගෙනම මැරෙන්නයි තියෙන්නේ!!

    එහෙමනම්, ඉතින් මොකද්ද මේ 'සංස්ඛාර රැස් කරලා' කියල මීට කලින් අපි කරලා තියන කෙහෙල්මල?? අපි ඉල්ලලා!!! සරලවම කියනවා නම්, මට තව ඇහැක් ඕනේ... මට තව කණක් ඕනේ... මට තව නාසයක්/දිවක්/කයක් ඕනේ කියා කියා ඉල්ලුව නිසයි මේ ලැබිල තියෙන්නේ!!! මම අර 'කාම තණ්හාව කියල අර්ථ දැක්වෙන්නේ මේ ගැනයි' කියල කිව්වා මතක නේද?? අන්න එහෙම කිව්වේ, මේ පුනරුප්පත්තිය කියන එකට බලපාන නියම තණ්හාව මේ නැවත නැවත 'කයවල්' පැතීම හන්දයි!!! නිකමට හිතල බලනවා... 'මට ලොකු ගෙයක් ඕනේ!' 'මට හොඳ වහනයක් ඕනේ!' 'මට බඩපැලෙන්න කන්න ඕනේ!' කියා කියා කොච්චර බෙරිහන් දුන්නත් එහෙම ලැබෙනවද?? ඕනේ නම්, මහන්සිවෙලා සල්ලි හම්බකරගෙන ඒවා කරගන්න ඕනේ!! හැබැයි, වැරදිලාවත් මට තව කයක් ඕනේ... මට ආයේ උපදින්න ඕනේ... මට තව ඉන්න ඕනේ... කියල හිතුවොත්, අන්න ඒක නම් ස්වභාවධර්මයෙන් කරලා දෙනවා!!!

    හැබැයි ඉතින්, මේ කෙරුවාවෙන් කිසිම වැඩක් නෑ!!! අර ඉටිපන්දම් කතාවෙන්ම තේරුම්ගන්න පුළුවන් උදවියට වැටහෙන්න ඇති නේ, ඉටිපන්දම ඉවර උනාම දැල්ල නිවිලා යනවා මිසක් වෙන මොකවත් වෙන්නේ නෑ!!! එතනින් තොවිලේ එහෙමපිටින් ඉවරයි!!! ඒත් තව තව ඉල්ලුවොත්, බලාපොරොත්තු උනොත්, ස්වභාවධර්මයෙන් තව 'ඉටිපන්දමක්' ලංකරනවා!! එපාර ඉතින් ඒක දැල්වෙන්න ගන්නවා!! එකක් යනකොට තා එකක් ඇවිල්ල නිසා, 'එලිය' නොකැඩී එක දිගටම තියනවා වගේ දැනෙනවා!!! මේ... හැබැයි දිගින් දිගට පවතින්නේ 'එලිය' විතරයි හරිද?? එකම ඉටිපන්දමක් වත්, එකම දැල්ලක් වත්, දිගින් දිගට පවත්වාගෙන යන්න බෑ!!! හරිද?? තේරුණාද?? කයක් ඉල්ලපු නිසා, මට ආයේ උපදින්න ඕනේ! කියපු නිසා, මට තව ඉන්න ඕනේ! කියපු නිසා, ස්වභාවධර්මය තවදුරටත් 'මේ පන්චුපාදාන්ස්කන්ධයට' පවතින්න හදල දුන්න!!! තේරුණාද?? අනේ මන්ද... මම නම් හිතන්නේ නෑ තේරේවි කියල!!! මොකද, තේරුණොත් රහතුන්වහන්සේ නමක්!!! උත්සහ කරලා බලනවල කෝ...

    හරි! කමක් නෑ... දැන් ඉතින් ඇයි අපි මෙහෙම කයවල් ඉල්ලලා තියෙන්නේ? 'මට ආයේ උපදින්න ඕනේ...' 'මට තව ඉන්න ඕනේ...' කිය කිය කියල තියෙන්නේ?? ඇත්තටම එහෙම ඉල්ලුවේ තණ්හාව හන්ද තමයි... අර 3 in 1 තණ්හාව!! හැබැයි ඒ විදිය තණ්හාවක් ඇතිවුනේ මේ 'මම' අනිත්‍ය දෙයක් බව නොතේරුණ නිසයි!!! කොච්චර කිව්වද? මේ සතරමහා ධාතුන්ගෙන් හැදෙන ඕනෙම දෙයක් නැසී වැනසී යන සුළුයි... කොච්චර ලැබුණත් හැමදාටම අපිට ඕනේ විදියට තියාගන්න වෙන්නේ නෑ... අනිත්‍යයි/දුකයි/අනාත්මයි කිය කිය!! දැන් දන්නවා නේ, මේ 'අපි' කියන්නේ අන්න එහෙම අනිත්‍ය කයක ක්‍රියාකාරීත්වයට කියල!!! ඉතින් කයක් නැතුව අපිට පවතින්නත් බෑ නේ... ඒ හන්ද, අපි හැමෝමත් අනිත්‍යයි/දුකයි/අනාත්මයි!!! ඔන්න ඕක නොතේරිච්ච එක තමයි මේ සේරටම මුල!!! ඉතින්, මෙච්චර කාලෙකට ඔය විදියට ඉපදිලා කරපු හැමදේම තාවකාලිකයි නේද? මේක දිගින් දිගට පවත්වාගෙන යන්න වැඩක් නෑ නේද? කියල තේරිලා, අතහැරලා දාල නිකම් හිට්යා නම්, මේ ජීවිතෙන්ම කතන්දරේ ඉවරවෙනවා!!!

    බුදුහාමුදුරුවෝ මේ ගැන කිව්වේ, 'බැඳිලා ගියොත් මාරයට!! අතහැරියොත් නිදහස්!!' කියලයි. මොකද මේ සංසාර ගමන කියන්නේ තනිකරම 'ඉල්ලං කන' case එකක්!!! කවුරුවත් කරලා, කාගේවත් උවමනාවක්/බලපෑමක් අනුව සිද්ධවෙන දෙයක් නෙවෙයි මේ!! තමන්මයි 'දුක' ඉල්ලාගන්නේ!!! විඳවන්න උනාම එපෝ එපෝ කියනවා... ආයේ අමතක උනාම ඉල්ලනවා!! ස්වාභාවධර්මයත් ඉල්ලන තාක් දෙනවා... හැබැයි දෙන තරමක් ඒවා මාරයට අයිති දේවල්!!! ඒක දන්නවද?? දැන් ඔය ලොකු වත්තක් වගේ මොකක් හරි අරන් බැලුවොත් ඒකට අයිතිය ප්‍රකාශ කරන්න කෙනෙක් ඉන්නවා නේ? ඒ ඉන්න කෙනා සදහටම ඉන්නේ නෑ... මැරිලා යනවා!! ඒත් එකෙක් මලා කියල අයිති කාරයෙක් නැතිවෙන්නේ නෑ නේ?? කොහෙවත් ඉන්න එකෙක් හොර ඔප්පු හදලා හරි අයිතිය ගන්නේ...:D නැද්ද?? මාරයා කියන තනතුරත් අන්න ඒ වගේ එකක්!!! හොර ඔප්පු වලින් කරන කෙහෙල්මලක් නෙවෙයි... මේ විශ්වයේ එහෙම තනතුරක් තියනවා!!! කාලෙන් කාලෙට ඒ තනතුර හොබවන කෙනා වෙනස්... කවුරු ආවත් ඒ එන කෙනාට මේ සතරමහා ධාතුන්ගෙන් හැදෙන ආයතන වල පූර්ණ අයිතිය හිමිවෙනවා!!! දැන් ඉන්න ගොයියා, Mr. වසවර්ති, බුදුහාමුදුරුවෝ ලඟට ඇවිල්ලම කිව්වා 'ශ්‍රමණය, ඔය ඇහැ මගේ! ඔය කණ මගේ! ඔය කය මගේ!' කිය කිය!!! බුදුහාමුදුරුවොත් කිව්වා, 'ඔව් ඇත්ත... මේවා ඔයාගේ තමයි' කියල!!! මොකද ඒක මේ විශ්වයේ තියන කතන්දරයක්!!

    දැන් වැඩේ තියෙන්නේ, කවුරුහරි කෙනෙක් මේ සතරමහා ධාතුන්ගෙන් හැදිච්ච ආයතන (පොදුවේ කය) මගේ කියල බදාගත්තොත්, එයා අනිවාර්යයෙන්ම මාරයට අයිති කෙනෙක් වෙනවා!!! කයවල් වලට බැඳිලා, කයවල් වලට ආසාවෙන්, තව තවත් කයවල් බලාපොරොත්තුවෙන් ඉන්නා තාක් කල්, ස්වභාවධර්මය කයවල් හද හදා දෙනවා!!! මාරයා අනික් පැත්තෙන් ඉඳන් වෙලාව ආව ගමන් ඒ කයවල් ආයේ ගන්නවා!!! ඒත් ඉල්ලගෙනම නම් ඉන්නේ ස්වභාවධර්මය තව එකක් දෙනවා... මාරයා වෙලාව ආවම ඒකත් ගන්නවා!! සත්වයා, සදහටම ඉපදෙනවා... මැරෙනවා... මොකද බැඳිලා ගියොත් මාරයට!!! දැන් ඇත්ත දැනගත්ත ඔයාල, මේ දැන් ඉඳල, 'මේ ඇහැ මගේ නෙවෙයි!' 'මේ කණ මගේ නෙවෙයි!' 'මේ ඇඟ මගේ නෙවෙයි!' කියල මේ 'කය' අතහැරලා දැම්ම නම් ආයේ සංසාර කතා මොකවත් නෑ... මෙතැනින්ම ඉවරයක් දකින්න පුළුවන් වෙනවා!!! ඔන්න ඔහොම තමයි බුද්ධ දේශනාවේ විස්තර වෙන්නේ!!!

    ඒත්, තේරුණේ කීයෙන් කීදෙනාටද?? මොනම ක්‍රමේකින් වත් 'අවිද්‍යාව' එහෙම්පිටින් දුරු වුනේ නෑ!! ඉතින් හරි!! දැන් කාලේ ඉන්න එවුන්ට ධර්මය අවබෝධ කරන්න බෑ!! දැන් කාලේ ණිවන් දකින්න බෑ!! කියල 'වැල් බයිලා' ටිකකුත් කියල, දිගින් දිගටම සංසාරේ යන්න වෙනවා!! මොකද මේ ඇවිල්ල ධර්මයේ ground floor එක!! යම් මට්ටමකට යෝනිසෝමනසිකාරය, ප්‍රඥාව, ශ්‍රද්ධාව තිබුනොත් විතරයි මෙච්චර කාලෙකට ගොඩයන්න ලැබුණේ!! අපේ හාමුදුරුවෝ කිව්වෙත්, '1000ක් ගත්තොත් 5ක් විතර තමයි ධර්මය අල්ලන්නේ...' කියලයි!! ඒත් ඉතින් සදහටම මෙහෙම 'ඉල්ලං කන්න' ඇරලා කොහමද?? මට නම් ඒක හරියන්නේ නෑ!!! මං බලන්නේ 1000ක් ආවනම් 1000ම pass කරලා දාන්න!!! මම 'ධර්ම කතාව' බුදුහාමුදුරුවෝ කිව්වටත් වඩා deep ගෙනියනවා!! මොකද, බුදුහාමුදුරුවෝ ජීවමානව වැඩසිටිය කාලේ නොතිබිච්ච දේවල් ගොඩාක් දැන් උදාහරණ හැටියට ගන්න පුළුවන්!!! කතාව තිතටම අල්ලගත්ත නිසා, ගොඩක් සෙල්ලම් දාන්නත් පුළුවන්!!!:yes::yes: ඉතින්, ground floor මට්ටමේ වත් නැති අයට basement එකෙනුත් යටට ගෙනිහිල්ල, කතන්දරේ එහෙම්පිටින්ම දිගහැරලා පෙන්නලා, ඉවරයක්ම කරනවා!!! මට ඒකට අනික් හුඟාක් උදවියට හීනෙකින්වත් හිතන්න බැරි points සෑහෙන තියනවා!! ඉතින් පටිච්චසමුප්පාදයේ මුලටම ඇවිල්ලත් තේරුණේ නැතුවට upset වෙන්න එපා!!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    Ado mokada hora rahase comment danne bayada face to face katha karanna :baffled: :yes:

    ado pado talks daanna epa harida do.:P

    me umba hora rahase comment daapu ewun hoyagaththada? godak comments watila bawa nam matath penuna... habayi mama nam hora rahase wada mokawath naa!!! thota unath kunuhabben baninna unoth, ekath karanne elipitama thamayi!!!:growl:

    aththatama mama kaatawath baninneth naa ban! me wadeta disturb karanna aawoth bella mirikana eka wenama ekak!! umbala hamotama Aththa penwala deela goda daanna uwamanaawatayi me serama.:D
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    දැන් මේකෙදි පටිච්චසමුප්පාදය තණ්හාවෙන් පටන් අරගෙන නේ ආපස්සට ආපස්සට ගියේ... කොටස් මගහැරුණා කියලා හිතුනේ නැද්ද?? දෙක තුනක් මගහැරුණා තමයි!! ඒත්, ඇත්තටම වෙන කතන්දරේට අනුව, ඒ මගහැරිච්ච දෙකෙන් කියවෙන කරුණු ටිකත් ඔය කියපු ටිකේම කියවෙනවා!! තේරුණාද දන්නේ නෑ ඉතින්... දැන්, කලින් වතාවේ (පෙර ජීවිතයේ) සංස්ඛාර රැස්කර කර හිටිය එකෙන් විඥාණය පැලවුනා... ඒ විඥාණය නිසා නාමරූප ඇතිවෙලා මේ ජීවිතය හටගත්තා කියල නේ පටිච්චසමුප්පාදයේ කියවෙන්නේ... අන්න ඒ ටිකම, වඩාත් සවිස්තරව, අනාගත කාලයට බලපැවැත්වෙන විදිය තමයි ඔය 'තණ්හා පච්චයා උපාදාන' 'උපාදාන පච්චයා භවෝ' 'භව පච්චයා ජාති/ජරා/මරණ...' කියල එහෙම තියෙන්නේ!!

    තණ්හාව 3 in 1 එකක්!! ඒක 3න් ආකාරයකින් ක්‍රියාත්මක උනා දැක්ක නේ? දැන් මේ ඊළඟට තියෙන්නේ උපාදාන!! ඒක ඇවිල්ල 4 in 1 එකක්!! මෙහෙමයි... දැන්, අපි මේ ජීවිත ගැන මොකවත්ම නොදන්නා කාලේ, රූප/සද්ද/ගඳ-සුවඳ/රස/පහස/අරමුණු සේරම 'මම විඳින' දේවල්ය, ඒවා හරිම ආශික්ය, කියල හිතාගෙන තණ්හාවක් හදන් උන්න නේ... එතකොට ඒ කම් සැප දිගින් දිගටම විඳින්න, තව තවත් විඳින්නමයි හිතේ කැමැත්ත ඇතිවෙන්නෙ. ඒ කැමැත්තට අනුව දිගින් දිගටම ඔය කාම අරමුණු දිගේම කල්පණා කර කර ඉන්නකොට, 'ප්‍රපංච' එක්ක පැටලවිල ඉන්නකොට, සත්වයා ඒවාටම බැඳිලා යනවා!! ආයේ වෙන මොකවත් හිතන්න/කරන්න/කියන්න වෙන්නේ නෑ!!! එක්කෝ නැගිට්ට වෙලාවේ ඉඳල 'කන බණේ' ...රෑට හීනෙනුත් රස රස කෑම ජාති හොයාගෙන/හදාගෙන කනවා... එක්කෝ රූප බලන්න වටේ යනවා... ඔය යන්නේ 'trip යනවා' එහෙම කිය කිය... එක්කෝ නැත්නම් සද්ද අහන්න වටේ යනවා... නැත්නම් 'අහවල් අහවල් තැන්' හොය හොය යනවා... ඔහොමනෙ වෙන්නේ!! අන්න ඒ විදියට කම්සැපම බලාගෙන, ඒවාටම ඇලීගැලීගෙන ඉන්න ගතිය හඳුන්වනවා 'කාම උපාදාන' කියල!! කාමයටම බැඳිලා ගිහින්!!! ඒ තත්වෙට වැටිච්ච උදවියට ජීවිතේ කියන්නේ කෑමයි, බීමයි, ලෑමයි තමයි!!

    ඊළඟට කොට්ටාශයක් ඉන්නවා, මේ ජීවිතේ කියන්නේ මොකද්ද?? ඇයි මෙහෙම ජීවිතයක් ඇතිවුනේ?? මේ ජීවිතය අවසානයේ වෙන්නේ මොකද්ද?? මොකද්ද මේ ලෝකේ තියන පරම සත්‍යය?? කියන 'කතන්දරේ' දිරවන්නෙම නැති!!! ඒ මාතෘකාව ගැන කතා කරනවට වත් කැමති නැති!!! කතා කරන්න ගියොත් යක්ෂාවේශ වෙන!!!:yes: අන්න එහෙම උදවිය කරන්නේ, බොහොම ලේසියට, 'දෙයියෙක් ඉන්නවා ඇති!' 'එයා අපිව මවන්න ඇති!' 'එයා අපිව බලාගනී...' 'අපි ඉල්ලුවොත්, ඉල්ලන ඉල්ලන හැටියට දෙයි...' 'එයා මේවට මේවට කැමති ඇති!' 'එයා මේවට මේවට අකමැති ඇති!' එහෙමත් නැත්නම් 'අපි ඉබේ හැදිලා ඇති!' 'මැරෙනකම් තමයි සේරම! ඔහේ කාල බීල enjoy කරලා ඉන්න තමයි තියෙන්නේ...' වගේ නානාප්‍රකාර 'උපකල්පණ' ටොන් ගානක් හදාගන්න එක තමයි!!! හරියටම නිකම් කට්ට කළුවර, තිත්තම තිත්ත කළුවර, කාමරයක් ඉසරහට වෙලා පූජා වට්ටි තියාගෙන, වැඳගෙන, කියව කියව ඉන්නවා වගේ case එකක්!!! නිකමට හරි එළියක් අල්ලලා බැලුවොත් පේනවා, 'ඈ බොල! මොකෙක්වත් නෑ නේ!!!' කියල... දැන් තියන X'ray / Infrared / Thermal view පාවිච්චිකලා නම් තවත් සැකහැර දැනගන්න තිබුන කියමු! ඒත් එහෙම හිතන්නෙවත් නෑ!!! 'අනේ අපේ ගොංකම අපිට හොඳයි!!' කියල ඔහේ යන්නන් වාලේ යනවා. ඇත්ත මොකද්ද කියල දන්නේ නෑ... ඇත්ත ඉගෙනගන්න බලන්නෙත් නෑ... කියන දෙයක් අහන්නෙවත්/පළිගන්නේවත් නෑ... ඔහේ 'හිතින් හිතාගත්තු මනස්ගාත' ගොඩකට හිරවෙලා, ඒවාටම බැඳිලා, දෘෂ්ඨිගතවෙලා, ඉන්නවා!!! මෙන්න මේ බැඳීයාම තමයි අනික් උපාදානය... 'දෘෂ්ඨි උපාදානය'!!!

    ඊළඟ කාන්ඩේ අය කරන්නේ ඊටත් සොමි වැඩක්!! එයාල හිතනවා 'සීතල වතුරෙන් නෑවොත් සේරම හරියයි...' 'උණු වතුරෙන් නෑවොත් හරියයි...' 'වතුරේ ගිලිලා හිටියොත් හරියයි...' 'එලවලුයි බතුයි විතරක් කෑවොත් හරියයි...' 'බඩගින්නේ හිටියොත් හරියයි...' 'තනි කකුලේ හිටගෙන උන්නොත් හරියයි...' 'පන්සිල් රැක්කනම් හරියයි...' 'දානේ දුන්නා නම් හරියයි...' 'සිල් රැක්ක නම් හරියයි...' 'වැඳ වැඳ උන්න නම් හරියයි...' 'පෙරහැර පැවැත්තුවා නම් හරියයි...' 'හයියෙන් කියව කියව හිටියනම් හරියයි...' 'මයිත්‍රී කලානම් හරියයි...' කියල!! ඒ වගේ දේවල් වලින් මේ දුකෙන් නිදහස් වෙන්න පුළුවන් කියල!!! ඒ ප්‍රතිපත්ති වලටම බැඳිලා, ගැතිවෙලා ඉන්නවා මිසක්, ඇත්ත හොයන්නේ නෑ!!! ඇත්ත ඉගෙන ගන්නේ නෑ!!! සත්‍ය අවබෝධ කරගන්න මහන්සි ගන්නේ නෑ!!! ඔහේ 'යකා _ක බදාගත්තා වගේ!' සම්ප්‍රදාය රකින්න යනවා!! කෙරෙන්න ඕනේ දේ කරන්නේ නෑ!!! කලයුතු දේ කරන්නේ නෑ!!! අන්න 'සීලබ්බත උපාදාන' වලට අහුවෙලා!!! සීලවෘත වලට බැඳිලා ගිහිල්ලා... සීලවෘත වල හිරවෙලා...

    ඊළඟ set එක ඔය සේරමලටත් වඩා full ආතල්!!! 'අත්තවාද උපාදාන' වලට අහුවෙච්ච එවුන්!! මේ 'මම' / මේ 'මගේ ඇඟ' / මේ 'මගේ ආත්මය' කියල බදාගත්ත එවුන්!!! මං එහෙම එකෙක්ගෙන් ඇහුව, "දැන් ඔය ඔයා කියන, 'මම' ඉන්නේ කොහෙද කියල?" කියල... මේකා කියපි, 'ආත්මය මුළු ඇඟ පුරාම තියනවා!' කියල. {මං දන්නවා කෙලින්න ඕනේ තැන!!! ඒකයි ඉතින් මං මෙහෙම කොයි කාටත් ඇට්ටි හැලෙන්නම දෙන්නේ!!:rolleyes:} මං ඉතින් අහවලා 'ඇඟ පුරාම ආත්මේ තියනවා' කිව්වම, "එහෙම නම් කකුල් දෙක නැත්නම් ආත්මෙන් බාගෙද තියෙන්නේ? අත් දෙකත් නැත්නම් ආත්මෙන් කාලක් වත් නැතුව ඇති නේද?" වගේ 'කොමිටල්' කළා... මේ යකා හාල් මිල, පොල් මිල, ජීවන වියදම වගේ ඒවා කියවන්න ගත්ත!!:lol::lol: බොල හුඟදෙනෙක් කරනවා වගේම තමයි!!! මොන 'කෙංගෙඩියක්' වත් දන්නෙත් නෑ... ඒත් දෙන්නේ නැව් talks!!!:angry::angry: බලන අනික් මෝඩයොත් හිතනවා, 'අප්පට සිරි, මේ දමිතය නම් ඇත්තටම පිස්සෙක් වෙන්න ඇති' කියල... ඔහොම යමල්ලකෝ... මොලය > 0 උනොත් ගොඩම තමයි!!! මොලය = 0 & මොලය < 0 උදවිය ගැන විතරයි මට කණගාටු!!!

    ඉතින්, උපාදාන වලින් හතරවෙනි එක ඔය අත්තවාද උපාදාන තමයි. එහෙම 'මම' කියන හැඟීමට වහල්වෙච්ච කෙනා 'මම' නැතිවෙනවට ගූ බයයි!!! ආයේ නෑ... තෝරලා දෙන්න ගියොත්, පණ එපෝ කියල දුවනවා!!! {මාත් පස්සෙන් පන්න පන්න කියල දෙනවා:yes::yes:, පැනල දුවන්න දෙන්නේ නෑ!:no::no:} දැන් බලන්න ඔය උපාදාන කියන ඒවායින් අපිට මොකද්ද වෙන්නේ? කියල. අපි මෙහෙම බොරු වැඩ වලට, පුහු දේවල් වලට හිර උනාම, අපි අපිම හිර කූඩු හදාගෙන, ඒවා ඇතුලට රිංගලා, ඉබ්බෝ දාල දොරවල් වහගෙන, ඒ ඉබි යතුරුත් විසිකරලා දාල 'බකන් නිලන්' ඉන්නවා වගේ වැඩක් වෙනවා!!! ** අපේ හාමුදුරුවෝ කිව්ව කෑල්ලක්!!! ඉතින් එහෙම එකෙකුට ඇත්ත ඉගෙන ගන්න වෙන්නේ නෑ!!! ඇත්ත දැනගන්න වෙන්නේ නෑ!!! ඇත්ත අවබෝධ කරගන්න වෙන්නේ නෑ!!! ආයුෂ ගෙවිල ඉවර උනාම හිස් අතින්ම මැරිලා යනවා!!! ජීවත් වෙලා ඉන්න තාක් කල් කරන්නේ අර හිතේ හදාගත්ත 'මනෝ විකාර' අනුව චේතනා පහල කර කර කටයුතු කිරීම නේ?? අන්න, සංස්ඛාර රැස් වෙනවා!!!

    දැක්කද?? ඇත්ත ඉගෙන ගන්න වෙන්නේ නෑ!!! ඇත්ත දැනගන්න වෙන්නේ නෑ!!! ඇත්ත අවබෝධ කරගන්න වෙන්නේ නෑ!!! කියන්නේ ඒ පුද්ගලයා ඉන්නේ අවිද්‍යාවේ නේ?? නොදැනුවත් බවින් යුතුව නේ?? එහෙම ඉඳන් කල්පණා කරනකොට කරනකොට රැස් වෙන්නේ තව තවත් 'සන්කතම' හදා දෙන සංස්ඛාර තමයි!!! අවිද්‍යා පච්චයා සංඛාරා!!! පටිච්චසමුප්පාදයේ මුල, කලින් ජීවිතයේ එහෙම අවිද්‍යාවෙන් කටයතු කරපු නිසා මේ ජීවිතය හැදුන බව කිවවා!! අවසානයේ, මේ ජීවිතයේදී ඒ අවිද්‍යාවෙන් මිදෙන්න බැරි උනොත් ආයේ ආයේ උපදින්න වෙන බව කිවවා!!! තේරුණාද?? පැහැදිලියිද??? නිකම් කියෝගෙන කියෝගෙන ගියාට තේරෙන එකක් නැහැ බොල!! කල්පණා කර කර බලපිය!! (තරහද?;) නෑ නේ?:D)


    මිල සොයන්න උවමනාවට බාරගත්තු වැඩක් තාම එහෙම්ම මයි. මේක කරගෙන යන අතරවාරේ ඒ වැඩේට අවශ්‍ය උපකරණත්/කටයුතුත් ලැස්ති කරගත්ත. දැන් නම් තියෙන්නේ ඒක කරන්න ගන්න. ඉතින් මේකෙන් දවස් ගණනකට ඈත්වෙන්න වෙනවා!! යලුල කවුරුවත් upset වෙන්න එපා!! ඒක ඉවරයක් කරලා එනකම් පොඩ්ඩක් ඉවසන්න...
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    අදත් ටිකක් ලියන්න වෙලාව තියනවා...

    ම්ම්... එතකොට, අවිද්‍යාවෙන් වැහිලා ඉඳගෙන සංස්ඛාර රැස් කර ගත්තොත්, ආයේ ආයේ උපදින්න වෙනවයි කිව්වා! මතකයිනේ?? ඒත් ඔය ක්‍රමේට මේ සත්වයා කියන එකා, ආත්මයෙන් ආත්මයට, එක එක විදියට උපදින්නේ කොහොමද?? කියන එක පැහැදිලි වෙන්නේ නෑ!!! අන්න ඒක සිද්ධවෙන්නේ තම තමන් 'බැඳීයාම්' වලට යට වෙන / අහුවෙන ආකාරය, ඒවාට ගැතිවෙන ආකාරය, අනුවයි!!! මෙන්න මේ සිදුවීම තමයි 'භවය සකස්වීම' කියන්නේ!!! එහෙම සකස්වෙච්ච භවයට ගැලපෙන උපතකට තමයි ඊළඟ සත්වයාට 'කරගහන්න' වෙන්නේ!!! පැහැදිලිද?? මෙන්න මේ කරුණු සේරම පැහැදිලිව කියවෙන විදියට තමයි, තණ්හා පච්චයා උපාදාන => උපාදාන පච්චයා භවෝ => භව පච්චයා ජාති => ජාති පච්චයා ජරා/මරණ හැටියට, බුදුහාමුදුරුවෝ පටිච්චසමුප්පාදය එහෙම්පිටින්ම තෝරලා දීල තියෙන්නේ!!!

    භවය කියන්නේ බොහොම වැදගත් තැනක්!!! කොච්චර වැදගත්ද කියනවා නම්, අපේ හාමුදුරුවෝ ඇවිල්ල, පිරිසුදු බුද්ධ දේශනාවල් කියව කියව බලලා බලලා, ලෝකයාට ඒකෙ 'ඇත්ත තේරුම' තෝරලා දෙනකම්, භවය කියන එක එහෙම්පිටින්ම අනල / වකූරු කරලා දාලයි තිබිල තියෙන්නේ!!! භවය කියන තැනින් කතාව 'අනල' දැම්මම හොඳටම ඇති!!! එකෙක් වත් මේ සම්මජ්ජාතියේදී ණිවන් දකින්නේ නෑ!!! එතකොට. අහවලාටයි, එයාගේ ගෝල බාලයෝ සේරටමයි ඕනේ එච්චරයි!!! මිනිස්සු කොච්චර පිස්සු කෙලියත්, මහා පින්කම් / මහා සීල ව්‍යාපාර / මහා පෙරහැරවල් / මහා පිරිත් සජ්ජායනා කොච්චර කර කර හිටියත්, 'එයාල' මොකුත් බාධාවක් කරන්නේ නෑ... මොකද හොඳටම දන්නවා ඒවායින් මොකෙක්වත් ණිවන් අවබෝධ කරගන්නේ නැති බව!!! අපේ හාමුදුරුවෝ වැඩේට බැහැල, පාර එළිකරන්න ගත්ත තැන ඉඳල, පරපුරම කුපිත උනා!!! 'අසපු දාගෙන හම්බ කරනවා...' 'අසපු කාරයෝ සාසනේ කනවා...' කිය කියා එලියට පැන්නේ, අන්න ඒ කුපිත වෙච්ච පාර තමයි!!! හැබැයි දැන් ඉතින් time pass!!! දැන් 'ඇත්ත' දැනගත්ත ගොඩ දෙනෙක් ඉන්නවා!!! ඉතින්, වහන්න අමාරුයි!!! ඒ හන්ද දැන්කාලේ ඉන්න මොලේ තියන එවුන්ට ණිවන් දකින්න පුළුවන්!!! උන්ට පාර විවෘතයි!!!

    සංසාර ගමන නේ මේ අපිට තියන භයානකම ප්‍රශ්ණය!!! මේ ඇවිල්ල තියෙන්නේ හොඳම අවස්ථාව!!! පිරිසුදු බුද්ධ වචනය හොඳටම තේරෙන්න තේරුම්ගන්න ලැබිල තියනව!!! මෙතැනින්ම ආයේ උපදින්නේ නැතිවෙන්න වැඩකටයුතු කරන්න පුළුවන් නම්, දාන / සීල / භාවනා මොකක්වත් නැතත්, 84000ක් ධර්මස්කන්ධය ගැන දන්නෙවත් නැතත්, පන්සිල් රැක්කත් නැතත්, අවුලක් නෑ!!! 'භවය' කියන එක විතරක්ම තිතටම තේරුම් ගත්තා නම්, ඒත් සංසාර ගමන 'හබක්' වෙනවා!!! (හැබැයි භාවනාවෙන් තොරව, ණිවන් දකින්න නම් බෑ!!! maximum අනාගාමී විතරයි!!!) මොකද, කවුරු කොයි ජාතියෙන් ආවත්, භවයක් තිබුනොත් විතරයි උපදින්නේ!!! නැත්නම් ආයේ උපදින්නේ නෑ!!! ඉතින් හිතාගන්න පුලුවන්ද ඒ වචනේ වැදගත් කම?? අන්න ඒකයි හරියටම ඒ වැදගත් වචනෙටම 'කෙලලා' තියෙන්නේ!! කලින් හිටිය කස්ටිය හිතාගෙන ඉඳල තියෙන්නේ, පිළිඅරගෙන ඉඳල තියෙන්නේ, භවය කියන්නේ 'වීම' (becoming) කියල... ඒත් බුදුහාමුදුරුවෝ කියලා දීල තියෙන්නේ වෙනමම එකක්!!! බුදුහාමුදුරුවෝ කියල දීපු එකට වඩාත්ම ගැලපෙන සිංහල තේරුම තමයි 'විපාක පිණිස කර්ම සකස් වීම!!' ඒක නිවැරදි කලේ අපේ හාමුදුරුවෝ!!! උන්වහන්සේ නොආවා නම්, අපි අනාථයි!!! දැන්, අපේ හාමුදුරුවෝ හන්ද යන්තම් බෙරිච්ච මම යන්නේ off-road නේ... එතකොට භවය දියවෙලාම යනවා!!! ඇත්තටම, මම දැනගන උන්නෙත් නෑ, මගෙන් සංසාරේ 'රුප්පති' වෙයි කියල...:yes::yes:
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මේ... භවය භවය කියනවා... මොකද්ද ඇත්තටම මේ භවය?? කියන ප්‍රශ්ණය ආවේ අපිට විතරක් නෙවෙයි!! ආනන්ද හාමුදුරුවොන්ටත් ඔය ප්‍රශ්ණෙම ඇතිවෙලා, මෙන්න මේ විදියට බුදුරජාණන්වහන්සේගෙන් විමසලා තියනවා!! "භවෝ, භවෝ’ති භන්තේ වුච්චති, කිත්තාවතානු ඛෝ භන්තේ භවෝ හෝති?” (භවය, භවය කියල කියනවා... ස්වාමීනී, භවය කියල කියන්නේ කුමන කරුණක් මතද?) කියලා. ඒ වෙලාවේ බුදුරජාණන්වහන්සේ, ආනන්ද හාමුදුරුවොන්ගෙන් මෙහෙම ඇහුවලු!! "කාමධාතු වේපක්කඤ්ච ආනන්ද, කම්මං නාභවිස්ස අපි නු ඛෝ කාමභවං පඤ්ඤායති?" (ආනන්දය, කාම භවයේ විපාක විඳින්න කර්මයක් නැත්නම්, කාම භවයක් කියල එකක් තියෙනවාද?) කියල. ආනන්ද හාමුදුරුවෝ උත්තර දුන්නලු, "නෝ හේතං භන්තේ" (නැහැ ස්වාමීනී.) කියල. ඉතින්, බුදුහාමුදුරුවෝ කිව්වලු, "ඉති ඛෝ ආනන්ද, කම්මං ඛෙත්තං, විඥාණං බීජං, තණ්හා සිනේහෝ!" (ඒ නිසා ආනන්දය, කර්මය තමයි කුඹුර, විඥාණය තමයි බීජය, තණ්හාව තමයි වතුර!) "අවිජ්ජා නීවරනාණං, තණ්හා සංයෝජනානං සත්තානං, හීන ධාතුයා විඥාණං පතිට්ඨිතං, පත්තනා පතිට්ඨිතං, චේතනා පතිට්ඨිතං, ඒවං ආයතිං පුනබ්භවං අභිනිබ්බන්ති හෝති!!" (අවිද්‍යාවෙන් වැසුණු, තණ්හාවෙන් වෙළුණු සත්වයෙකුගේ විඥාණය හීන ධාතුවේ පිහිටියොත්, ප්‍රාර්ථනාව හීන ධාතුවේ පිහිටියොත්, චේතනාව හීන ධාතුවේ පිහිටියොත්, ඒ අනුසාරයෙන් හීන ධාතුවේ පුනර්භවයකට හේතුවෙනවා!!) කියල. තේරුණාද???

    දැන් ඔය භවය කියන එකත් 3 in 1 එකක්!! කාම භවය / රූප භවය / අරූප භවය කියල අවස්ථා 3ක් මේකේ තියනවා!! ජීවිතය ගැන 'ඇත්ත' නොදන්නා කමට සත්වයාට මුලින්ම ඇතිවෙන්නේ, 'මම'ය / 'මම'වෙමි කියල හැඟීමක්!!! නොදන්නා කම නිසාම ඇතිවන අන්න ඒ හැඟීම (විභවය / potential එක) පවත්වන්න තියන උවමනාවට කියනවා 'විභව තණ්හාව' කියල!! ඉතින්, යම් අවිද්‍යා සහගත සත්වයෙක්, විභව තණ්හාවෙන් පමණක් යුතුව ඉදිරි ජීවිතයක් ප්‍රර්ථනා කලොත්, ඔහුගේ චේතනාවත්, විඥාණයත් එහිම පිහිටියොත්, සකස්වෙන්නේ අරූප භවයක් තමයි!!! බුදුරජාණන්වහන්සේ මේ අරූප භවය හැඳින්වුයේ 'ප්‍රනීත ධාතුව' කියලයි!!! ඊළඟට මේ අවිද්‍යාවෙන් වැහුණු සත්වයා 'මම' පවත්වනවාට අමතරව, නැවත ඉපදීමටත් තණ්හාවක් ඇතිකර ගන, භව තණ්හාවෙනුත් යුතුව ඉදිරි ජීවිතයක් ප්‍රර්ථනා කලොත්, ඔහුගේ චේතනාවත්, විඥාණයත් එහිම පිහිටියොත්, සකස්වෙන්නේ රූප භවයක් තමයි!!! බුදුරජාණන්වහන්සේ මේ රූප භවය හැඳින්වුයේ 'මජ්ජිම ධාතුව' කියලයි!!! අවසාන වශයෙන් මේ අවිද්‍යා සහගත සත්වයා නැවතත් ඉපදිලා, කම් සැප විඳීමටත් ආසාවක් ඇතුව, කාම තණ්හාවෙන්ද යුතුව, ඉදිරි ජීවිතයක් ප්‍රර්ථනා කලොත්, ඔහුගේ චේතනාවත්, විඥාණයත් එහිම පිහිටියොත්, සකස්වෙන්නේ කාම භවයක් තමයි!!! බුදුරජාණන්වහන්සේ මේ කාම භවය හැඳින්වුයේ 'හීන ධාතුව' කියලයි!!! පැහැදිලියි ද??

    'අවිජ්ජා නීවරනාණං, තණ්හා සංයෝජනානං සත්තානං, මජ්ජිම ධාතුයා විඥාණං පතිට්ඨිතං, පත්තනා පතිට්ඨිතං, චේතනා පතිට්ඨිතං, ඒවං ආයතිං පුනබ්භවං අභිනිබ්බන්ති හෝති!!' 'අවිජ්ජා නීවරනාණං, තණ්හා සංයෝජනානං සත්තානං, පනීත ධාතුයා විඥාණං පතිට්ඨිතං, පත්තනා පතිට්ඨිතං, චේතනා පතිට්ඨිතං, ඒවං ආයතිං පුනබ්භවං අභිනිබ්බන්ති හෝති!!' විදියට තමයි මේ කරුණු ටික බුද්ධ දේශනාවේ තියෙන්නේ... අපේ හාමුදුරුවෝ දේශනාවක් කරපු එකකින් ඔය කරුණු සේරම ඇහුවා, ඒත් වචනයක් වචනයක් ගානේ type කරන්න මතකයක් නෑ! මතකය අලුත් කරගන්න උපකාර කරගත්ත පොතේ ඒ මුළු පැහැදිලි කිරීමම නෑ... ඉතින් ටිකක් හිතල හදලයි කිව්වේ.

    කොහොම හරි, තේරුණාද ඉතින්? තමන් බුද්ධිමත් කෙනෙක් කියල නේද හිතන් ඉන්නේ?? කරුණු තේරෙණවා නම් ඉතින්, තමන්ගැන හිතන් හිටිය විදිය හරි ඇති... නැතත් ඉතින් කමක් නෑ!! මොකද තාම මම තෝරන්න ගත්තේ නෑ නෙව...:yes::yes:
     

    Mesozoic

    Member
    Aug 21, 2011
    770
    102
    0
    Cyber Realm
    මට දැන ගන්න ඕනේ දැන් බුද්ධාගමේ කියනවනේ සාරස කල්ප කල්ෂයක් පෙරුම් පුරන්න ඕනේ කියලා බුදු වරයෙක් වෙන්න ඒක අවුරුදු වලින් ගත්තම කොච්චර විතරද?
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මේ... භවය භවය කියනවා... මොකද්ද ඇත්තටම මේ භවය?? කියන ප්‍රශ්ණය ආවේ අපිට විතරක් නෙවෙයි!! ආනන්ද හාමුදුරුවොන්ටත් ඔය ප්‍රශ්ණෙම ඇතිවෙලා, මෙන්න මේ විදියට බුදුරජාණන්වහන්සේගෙන් විමසලා තියනවා!! "භවෝ, භවෝ’ති භන්තේ වුච්චති, කිත්තාවතානු ඛෝ භන්තේ භවෝ හෝති?” (භවය, භවය කියල කියනවා... ස්වාමීනී, භවය කියල කියන්නේ කුමන කරුණක් මතද?) කියලා. ඒ වෙලාවේ බුදුරජාණන්වහන්සේ, ආනන්ද හාමුදුරුවොන්ගෙන් මෙහෙම ඇහුවලු!! "කාමධාතු වේපක්කඤ්ච ආනන්ද, කම්මං නාභවිස්ස අපි නු ඛෝ කාමභවං පඤ්ඤායති?" (ආනන්දය, කාම භවයේ විපාක විඳින්න කර්මයක් නැත්නම්, කාම භවයක් කියල එකක් තියෙනවාද?) කියල. ආනන්ද හාමුදුරුවෝ උත්තර දුන්නලු, "නෝ හේතං භන්තේ" (නැහැ ස්වාමීනී.) කියල. ඉතින්, බුදුහාමුදුරුවෝ කිව්වලු, "ඉති ඛෝ ආනන්ද, කම්මං ඛෙත්තං, විඥාණං බීජං, තණ්හා සිනේහෝ!" (ඒ නිසා ආනන්දය, කර්මය තමයි කුඹුර, විඥාණය තමයි බීජය, තණ්හාව තමයි වතුර!) "අවිජ්ජා නීවරනාණං, තණ්හා සංයෝජනානං සත්තානං, හීන ධාතුයා විඥාණං පතිට්ඨිතං, පත්තනා පතිට්ඨිතං, චේතනා පතිට්ඨිතං, ඒවං ආයතිං පුනබ්භවං අභිනිබ්බන්ති හෝති!!" (අවිද්‍යාවෙන් වැසුණු, තණ්හාවෙන් වෙළුණු සත්වයෙකුගේ විඥාණය හීන ධාතුවේ පිහිටියොත්, ප්‍රාර්ථනාව හීන ධාතුවේ පිහිටියොත්, චේතනාව හීන ධාතුවේ පිහිටියොත්, ඒ අනුසාරයෙන් හීන ධාතුවේ පුනර්භවයකට හේතුවෙනවා!!) කියල. තේරුණාද???

    දැන් ඔය භවය කියන එකත් 3 in 1 එකක්!! කාම භවය / රූප භවය / අරූප භවය කියල අවස්ථා 3ක් මේකේ තියනවා!! ජීවිතය ගැන 'ඇත්ත' නොදන්නා කමට සත්වයාට මුලින්ම ඇතිවෙන්නේ, 'මම'ය / 'මම'වෙමි කියල හැඟීමක්!!! නොදන්නා කම නිසාම ඇතිවන අන්න ඒ හැඟීම (විභවය / potential එක) පවත්වන්න තියන උවමනාවට කියනවා 'විභව තණ්හාව' කියල!! ඉතින්, යම් අවිද්‍යා සහගත සත්වයෙක්, විභව තණ්හාවෙන් පමණක් යුතුව ඉදිරි ජීවිතයක් ප්‍රර්ථනා කලොත්, ඔහුගේ චේතනාවත්, විඥාණයත් එහිම පිහිටියොත්, සකස්වෙන්නේ අරූප භවයක් තමයි!!! බුදුරජාණන්වහන්සේ මේ අරූප භවය හැඳින්වුයේ 'ප්‍රනීත ධාතුව' කියලයි!!! ඊළඟට මේ අවිද්‍යාවෙන් වැහුණු සත්වයා 'මම' පවත්වනවාට අමතරව, නැවත ඉපදීමටත් තණ්හාවක් ඇතිකර ගන, භව තණ්හාවෙනුත් යුතුව ඉදිරි ජීවිතයක් ප්‍රර්ථනා කලොත්, ඔහුගේ චේතනාවත්, විඥාණයත් එහිම පිහිටියොත්, සකස්වෙන්නේ රූප භවයක් තමයි!!! බුදුරජාණන්වහන්සේ මේ රූප භවය හැඳින්වුයේ 'මජ්ජිම ධාතුව' කියලයි!!! අවසාන වශයෙන් මේ අවිද්‍යා සහගත සත්වයා නැවතත් ඉපදිලා, කම් සැප විඳීමටත් ආසාවක් ඇතුව, කාම තණ්හාවෙන්ද යුතුව, ඉදිරි ජීවිතයක් ප්‍රර්ථනා කලොත්, ඔහුගේ චේතනාවත්, විඥාණයත් එහිම පිහිටියොත්, සකස්වෙන්නේ කාම භවයක් තමයි!!! බුදුරජාණන්වහන්සේ මේ කාම භවය හැඳින්වුයේ 'හීන ධාතුව' කියලයි!!! පැහැදිලියි ද??

    'අවිජ්ජා නීවරනාණං, තණ්හා සංයෝජනානං සත්තානං, මජ්ජිම ධාතුයා විඥාණං පතිට්ඨිතං, පත්තනා පතිට්ඨිතං, චේතනා පතිට්ඨිතං, ඒවං ආයතිං පුනබ්භවං අභිනිබ්බන්ති හෝති!!' 'අවිජ්ජා නීවරනාණං, තණ්හා සංයෝජනානං සත්තානං, පනීත ධාතුයා විඥාණං පතිට්ඨිතං, පත්තනා පතිට්ඨිතං, චේතනා පතිට්ඨිතං, ඒවං ආයතිං පුනබ්භවං අභිනිබ්බන්ති හෝති!!' විදියට තමයි මේ කරුණු ටික බුද්ධ දේශනාවේ තියෙන්නේ... අපේ හාමුදුරුවෝ දේශනාවක් කරපු එකකින් ඔය කරුණු සේරම ඇහුවා, ඒත් වචනයක් වචනයක් ගානේ type කරන්න මතකයක් නෑ! මතකය අලුත් කරගන්න උපකාර කරගත්ත පොතේ ඒ මුළු පැහැදිලි කිරීමම නෑ... ඉතින් ටිකක් හිතල හදලයි කිව්වේ.

    කොහොම හරි, තේරුණාද ඉතින්? තමන් බුද්ධිමත් කෙනෙක් කියල නේද හිතන් ඉන්නේ?? කරුණු තේරෙණවා නම් ඉතින්, තමන්ගැන හිතන් හිටිය විදිය හරි ඇති... නැතත් ඉතින් කමක් නෑ!! මොකද තාම මම තෝරන්න ගත්තේ නෑ නෙව...:yes::yes:
    me karunu tika nam poddakwath therune na tawa tikak pahadili karannko :no::no::no::no:
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    me karunu tika nam poddakwath therune na tawa tikak pahadili karannko :no::no::no::no:

    yaluwa, oyath ekka katha baha nokalata mama dannawa oya awankawa mekata unandu wena kenek bawa. eth oya ohoma simply, 'therune naa!' kiyala kiwwama mata sahena upset!!

    me Pirisudu Buddha Wachana!!! therum ganna amaaruyi thamayi!!! lesi unaa nam hamoma Niwan dakinawa ne... eth amaaruyi kiyanne kochcharada? anna e gaanatama thaman meka therum ganna daana try eka uparimayatama wadi karanna one!!! ekayi kramaya!!! mama kiyala thiyanawa ne... oyalage try ekath uparimayen one! kiyala...

    ithin, mama me gana meeta wadaa Sampradaayika kramayata nam wisthara karanna hithuwe na. oyaa ahapu handa tikak liyannam.

    mama me tika wisthara karanne mage kramayata!!! eeta passe ithin sansaare hoyanna wenawa. dan oya kattiya kiya kiya inne paralowa jeewithaya sarthaka karaganna, paralowa jeewithaya wasanawantha karaganna ehema kiya kiya... anna ewata makka weyida danne naa!!!

    mama balanne awasaana prathiphalaya gana witharayi!!! e, oyaala kawuruwath aaye kawadaawath dukata watenna baa!!! ekko methaninma iwarayi!!! nathnam non returner!!! echcharayi!!!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මට දැන ගන්න ඕනේ දැන් බුද්ධාගමේ කියනවනේ සාරස කල්ප කල්ෂයක් පෙරුම් පුරන්න ඕනේ කියලා බුදු වරයෙක් වෙන්න ඒක අවුරුදු වලින් ගත්තම කොච්චර විතරද?

    ඒක අවුරුදු වලින් ගත්තම, අවුරුදු සාරස කල්ප කල්ෂයක්!! ;)
     

    Mesozoic

    Member
    Aug 21, 2011
    770
    102
    0
    Cyber Realm
    ඒක අවුරුදු වලින් ගත්තම, අවුරුදු සාරස කල්ප කල්ෂයක්!! ;)

    මට කියන්න සාරස කියන්නේ මොකක්ද? කල්පයක් කියන්නේ මොකක්ද?
    ඒ යුගයන්ට අවුරුදු කීයක්ද තියෙනවද කියලා කියන්න පුලුවන්ද? අපි දසක,සහස්‍ර,සියවස්,මිලියන,බිලියන වලින්නේ සාමාන්‍යේන් කාලය මනින්නේ මට ඒවායින් කියන්න පුලුවන්ද?
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මට කියන්න සාරස කියන්නේ මොකක්ද? කල්පයක් කියන්නේ මොකක්ද?
    ඒ යුගයන්ට අවුරුදු කීයක්ද තියෙනවද කියලා කියන්න පුලුවන්ද? අපි දසක,සහස්‍ර,සියවස්,මිලියන,බිලියන වලින්නේ සාමාන්‍යේන් කාලය මනින්නේ මට ඒවායින් කියන්න පුලුවන්ද?

    meka hariyata kiyanawaa nam, saaraa sankhya kalpa lakshayak kiyalayi kiyanne! e kiyanne (4 x asankhya x kalpaya x lakshaya) tharame pramanayak. ganana ilakkam walin kiyanna thiyaa hithanna wath baa. echcharata lokuuuuuuuuuuuuuuuuuu ekak!! me gana hoyana eken oyata wadak wenne naa!!

    thread eka follow kaloth, oya karuna gana liyapuwa witharak neweyi, eeta wadaa godaak wadagath karunuth oyata danaganna puluwan!!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඔයාල ice දන්නවා නේද?? බලන්න ice කැටයක්... ඇහැට පේන්න / අතට අහුවෙන්න තිබුනට, රත්වෙනකොට දියවෙවී වතුර වෙනවා!! ඒ වතුරත් රත්වෙන්න රත්වෙන්න වාෂ්පවෙලා අන්තිමේ මොකවත් නැතුව යනවා!!! පරිසරයේ හැම තැනම ජලවාෂ්ප තියනවා... ඒවා එක්ක එකතුවෙනවා ඇති... ඒ ඒ 'වැඩි කතන්දර' මොකවත් ඕනේ නෑ!!! තිබිච්ච සේරම වාෂ්පවෙලා ගියායින් පස්සේ එතන ආයේ ice කියල දෙයක් නෑ නේ?? 'මෙන්න මේක නිසා තමයි ice හැදිලා තිබුනේ!' කියල පෙන්නන්න පුළුවන්, අංශුමාත්‍ර තරමේ වත් දෙයක් ඉතුරුවෙන්නෙත් නැහැ නේ?? තේරෙණවද??

    ඊළඟට, ඔයාල දන්නවා නේද ශීතකරණ?? දැන් ඔය ශීතකරණයක් වැඩකරන්න ගත්තායින් පස්සේ, ඒකෙ මොකක්වත් නොදා තිබ්බත්, ටික කලක් යනකොට ඒකෙ ice හැදිලා තියනවා දකින්න ලැබෙනවා!! එහෙම වෙන්නේ, පරිසරයේ තිබෙන ජලවාෂ්ප සීතල වෙලා වතුර වෙලා... ඊළඟට ඒ වතුර මිදිලා ඝන බවට පත්වෙලා (ice වෙලා) මිසක් කවුරුවත් මවලා වත්, ඉබේම වත් නෙවෙයි නේ?? සීතල උනනිසා වෙච්ච දෙයක්!!! ඔය සමහර රටවල් වල සීත කාලෙට හිම වැටෙන්නේ... අන්න ඒ වගේ!!

    මේ සිද්ධවෙන්නේ ස්වභාවධර්මයේ ක්‍රියාවලියක්!!! ඒකට බලපෑවේ රත්වීම හා සිසිල්වීම කියන ධර්මතාවය!! එහෙම නැත්නම් සිදුවීම!! කිසිම පුද්ගලයෙකුගේ, දෙවිකෙනේක්ගේ, මැවුම්කරුවෙක්ගේ සම්බන්ධයක් මෙතන නෑ!!!

    ice හැදෙන එක සිදුවුනේ, පරිසරයේම තිබෙන දේවල් වලින්!!! පරිසරයේ තියන දේවල් මොනවද කියල හිතල බැලුවොත්, ඒ කිසිම දෙයක් ගැන මූලද්‍රව්‍ය හැටියට / ඒවායේ රසායනික සංයුතිය හැටියට හොයන්න යන්නේ නැතුව, ඇහැට දකින්න පුළුවන් / අල්ලලා බලල දැනගන්න පුළුවන් ස්වභාවය අනුව, අපිට ඒ සේරම දේවල් ගොඩවල් හතරකට වෙන්කරන්න පුළුවන්!!! 1) තද දේවල්. නැත්නම් හයිය (ඝන) දේවල්. 'පඨවි ධාතුව' කියල ටිකක් බර වචනයෙන් හඳුන්වමු. 2) ගලා යන දේවල්, නැත්නම් දියර ස්වභාවයෙන් යුතු දේවල්. 'ආපෝ ධාතුව' කියල බර කරලා ගමු! 3) රස්නේ ගතිය. නැත්නම් 'ශක්තිය'. 'තේජෝ ධාතුව' කියල බර කරලා ගමු! 4) වාතය නැත්නම් සුළඟ. 'වායෝ ධාතුව' කියල, බරට ගමු!

    එතකොට, ස්වභාවික පරිසරයේ තිබෙන ඕනෑම දෙයක් අනිවාර්යයෙන්ම ඔන්න ඔය කාණ්ඩ 4න් එකකට වැටෙනවා!!! අන්න ඒ නිසා, අපිට ඒ ඕනේ දෙයක් හඳුන්වන්න පුළුවන්, සතරමහා ධාතු සහ සතරමහා ධාතුන්ගෙන් හැදිච්ච දේවල් කියල!!! දැන්, ඔය කරුණු ගලපලා, අපි ice හැදිච්ච හැටි හෙව්වොත්, අපිට පේනවා, ස්වභාවධර්මයේ රත් වීම හා සිසිල් වීම කියන වැඩපිළිවෙල නිසා, ස්වාභාවධර්මයටම අයිති සතරමහා ධාතුවලින් ice හැදුනා! කියන බව!!!

    සත්වයා කියන්නෙත් හැදිච්ච දෙයක්!! හැදිච්ච කියන්නේ, ඒකෙ නිත්‍ය / ස්ථිර දෙයක්, core එකක් / හරයක් මොකක්වත් නෑ!!! සත්වයා කියන්නෙත් පරිසරයේම තිබෙන දේවල් වලින්, ඒ කියන්නේ සතරමහා ධාතුවලින්ම හැදිච්ච දෙයක්!!! රත්වෙනවා සිසිල්වෙනවා වගේම ක්‍රියාවලියක්, නැත්නම් 'වැඩපිළිවෙලක්' හන්දයි සත්වයා හැදෙන්නෙත්!!! ඒ වැඩපිළිවෙලට කියනවා පටිච්චසමුප්පාදය කියල.

    සත්වයෙකුගේ / සත්වයෙකුට, 'ආත්මයක්' / 'ආත්මය' කියල මොකවත් නෑ!!! කොයි කොයි හැඩයෙන්, කොයි කොයි ස්වභාවයෙන් හැදුනත් සත්වයෙකුට තියෙන්නේ ඇස / කණ / නාසය / දිව / කය / මනස කියල සතරමහා ධාතුන් ගෙන්ම හැදෙන ආයතන 6ක් විතරයි!!! ඒ කියන්නේ කකුල් නැති, පීනන / බඩගාන සත්වයෙක් උනත්, කකුල් 2/4/6/8 නැත්නම් ඊට වඩා තිබෙන එකෙක් උනත්, පියාඹන එකෙක් උනත්, ඒ කොයි සතාටත් තියෙන්නේ සතරමහා ධාතුන් ගෙන් හැදුනු ඇස / කණ / නාසය / දිව හා මනස ඇතුලත් ඇඟක් (කයක්) විතරයි!!! බල්ලෝ / පූසෝ / හුනෝ / කැරපොත්තෝ / දෙවියෝ / මිනිස්සු / මාලු / කුරුල්ලෝ කියන ඕනෙම එකෙකුට/කෙනෙකුට තියෙන්නේ ඔච්චරම තමයි!!! වෙන කිසිම අමුතු / අද්භූත / විශේෂ මොකවත්ම නෑ!!!

    මේ සත්වයින්ට තිබෙන එකම විශේෂය, තමන්ටම හිතල, නැත්නම් චේතනා පහල කරලා හිතන්න / වචන ප්‍රකාශ කරන්න / ශරීරය ක්‍රියා කරවන්න පුළුවන් හැකියාවක් විතරයි!!! ඊට අමතරව තියෙන්නේ ඇස / කණ / නාසය / දිව / කය / මනස කියන ආයතන උපකාර කරගෙන විඳින / හඳුනගන්න / දැනගන්න සේරමත්, තමන්ට ලැබිල තියෙන හිතල කටයුතු කිරීමේ හැකියාවෙන් හිතපු / කියපු / කරපු හැම දෙයක්මත් මතක සිටින ස්වභාවයත් විතරයි!!! කොටින්ම සත්වයා සතරමහා ධාතුන් ගෙන් හැදිච්ච රොබෝ කෙනෙක් වගේ දෙයක්!!! කැඩිලා බිඳිලා ගියාම ආයේ සතරමහා ධාතු වලටම වෙන්වෙලා යනවා මිසක්, අංශුමාත්‍රයක තරමේ වත් දෙයක් ඉතුරුවෙන්නේ නෑ!!! කොහෙවත් යන්න මොකුත්ම ඇත්තෙත් නෑ!!!

    සත්වයෙක් ඉපදුන තැන ඉඳල මහා දුකකට, කරදරේකට, අනතුරකට වැටෙනවා!!! ජීවිතය ආරක්ෂා කරගන්න, ඒක පවත්වාගෙන යන්න මහා දුක් කරදර ගොඩාක් විඳින්න ඕනේ!!! හැබැයි කොච්චර කලත් ලෙඩ රෝග හැදෙන එකෙන් ගැලවෙන්න බෑ!!! සමහර ලෙඩ හැදුනොත් හොඳ කරන කතා මොකවත් නෑ... වයස කීය උනත් මැරෙනවා. ලොකු මහත්වෙලා හැදුනත්, ඊළඟට වයසට ගිහිල්ල ගිහිල්ලම මැරෙනවා. ඉන්න කල් අප්‍රිය / අකමැති දේවල් එක්ක එකතුවෙන්න වෙලා දුකට පත්වෙනවා... ප්‍රිය / කැමති දේවල් වලින් වෙන්වෙන්න වෙලා දුකට පත්වෙනවා... අපිට කොච්චර උවමනා උනත් ලෙඩ නොවී, වයසට නොයා, දුක් නොවිඳ, සැපම විඳ විඳ ජීවත්වෙන්න කොහෙත්ම ඉඩක් ලැබෙන්නේ නෑ!!! මේ ජීවිත මහා කරදරයක්... වදයක්... හුඟ දෙනෙකුට තේරෙන්නේ නැතුව විතරයි!!!

    ස්වභාවයෙන්ම සත්වයා හරිම මෝඩයි!!! වහා රැවටෙන සුළුයි!!! ලැබිල තියන හිතන්න පුළුවන් කමෙන් මුලින්ම හිතන්නේ මේ 'මම' / මේ 'මගේ ආත්මය' කියලයි!!! සත්වයා දන්නේ නෑ තමන් කියල 'ස්ථිර / නිත්‍ය' මොකුත්ම මේ ඇඟවල් වල නැති බව!!! මේ අපි හැමෝම එහෙමයි!!! එහෙම්පිටින්ම 'පුස්' !!! මොකුත්ම නෑ!!! ඒත් ඔය බව නොදැන, මේ 'මම' / මේ 'මගේ ආත්මය' කියල ස්ථිර / නිත්‍ය දෙයක් වෙන්න ඇති!!! කියල හිතාගෙන චේතනා පහල කරලා කටයුතු කලොත්, මේවගේම මල කරදරයක්, 'තව ජීවිතයක්' හැදෙනවා මේ ජීවිතේ අවසන් වෙනකොටම!!! ඒ පාර ආයේ විඳවන්න වෙනවා!!!

    ඔන්න ඔය දිගින් දිගටම දුකට පත්වීම මේ විශ්වයේ පවතින සදාකාලික සත්‍යයක්!!! ආර්ය සත්‍යයක්!!! ඒ දුක හටගන්නේ හේතුවක් ඇතුවයි... ඒ හේතුවත් සදාකාලික සත්‍යයක්!!! ආර්ය සත්‍යයක්!!! ඔය 'දුක' සදහටම නැතිකරලා දාන්න පුළුවන්... ඒකත් සදාකාලික සත්‍යයක්!!! ආර්ය සත්‍යයක්!!! දුක නැති කිරීමට ක්‍රමයක්, වැඩපිළිවෙලක් තියනවා... ඒකත් සදාකාලික සත්‍යයක්!!! ආර්ය සත්‍යයක්!!! මෙන්න මේ කරුණු හතරට කියනවා, චතුරාර්ය සත්‍යය කියල!!! නමුත් බුදුරජාණන්වහන්සේ නමකගෙන් හෝ, උන්වහන්සේගේම ආර්ය ශ්‍රාවකයෙකුගෙන් අසා දැනගන්න ලැබෙණා තාක් කල්, සත්වයාට මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව කිසිවක් දැනගන්න ලැබෙන්නේ නෑ!!! ඒ සත්වයා ඉන්නේ එහෙම්පිටින්ම අවිද්‍යාවෙන් වැහිලා!!! නොදැනුවත් කමින් මුළා වෙලා!!!

    ඉතින් මෙන්න මේක තමයි මේ අපි කතාකරන මාතෘකාවේ මුල!!! අපි කවුරු කවුරුත් මේ විදියට ඉපදෙන්න හේතුව!!! අවිද්‍යාව!!!
    1) 'දුක්ඛේ අඥාණං' මේ ජීවිතය දුකක්ය, ඇතුලේ අංශුමාත්‍රයක් තරමේ වත් ස්ථිර, නිත්‍ය කිසිම දෙයක් නැති, සම්පූර්ණයෙන්ම හැදිච්ච, සම්පූර්ණයෙන්ම විනාසවෙලා යන දෙයක්ය, අනිත්‍ය දෙයක්ය කියන බව නොදැන සිටීම!!
    2) 'දුක්ඛ සමුදයේ අඥාණං' මේ ජීවිතය හටගත්තේ හේතුවක් හන්දයි කියන බව නොදැන සිටීම!!
    3) 'දුක්ඛ නිරෝධේ අඥාණං' මේවිදියට නැවත නැවත දුකට පත්වීම නතරකරන්න පුළුවන් බව නොදැන සිටීම!!
    4) 'දුක්ඛ නිරෝධ මග්ගේ අඥාණං' දුක නැති කිරීමට ක්‍රමයක්, වැඩපිළිවෙලක්, මාර්ගයක් තිබෙනා බව නොදැන සිටීම!!

    මෙන්න මේ කරුණු ගැන කිසිම දෙයක් හරිහැටි නොදන්නා කම තමයි සත්වයෙක් නැවත නැවත හටගන්නා ස්වභාවයට පත්කරන්නේ!! ඒ ස්වභාවයෙන් ගැලවෙන්න බැරුව ඉන්නාතාක් කල් තමයි සංසාර දුක, සංසාර බය කියන සේරමත් තියෙන්නේ. අවිද්‍යාවෙන් එහෙම්පිටින් මිදුණු දවසට, ඔහොම ප්‍රශ්ණයක් තිබුණද කියලවත් නැතුව යනවා!!!
     
    Last edited:

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    yaluwa, oyath ekka katha baha nokalata mama dannawa oya awankawa mekata unandu wena kenek bawa. eth oya ohoma simply, 'therune naa!' kiyala kiwwama mata sahena upset!!

    me Pirisudu Buddha Wachana!!! therum ganna amaaruyi thamayi!!! lesi unaa nam hamoma Niwan dakinawa ne... eth amaaruyi kiyanne kochcharada? anna e gaanatama thaman meka therum ganna daana try eka uparimayatama wadi karanna one!!! ekayi kramaya!!! mama kiyala thiyanawa ne... oyalage try ekath uparimayen one! kiyala...

    ithin, mama me gana meeta wadaa Sampradaayika kramayata nam wisthara karanna hithuwe na. oyaa ahapu handa tikak liyannam.

    mama me tika wisthara karanne mage kramayata!!! eeta passe ithin sansaare hoyanna wenawa. dan oya kattiya kiya kiya inne paralowa jeewithaya sarthaka karaganna, paralowa jeewithaya wasanawantha karaganna ehema kiya kiya... anna ewata makka weyida danne naa!!!

    mama balanne awasaana prathiphalaya gana witharayi!!! e, oyaala kawuruwath aaye kawadaawath dukata watenna baa!!! ekko methaninma iwarayi!!! nathnam non returner!!! echcharayi!!!
    ow sahodaraya mata passe terune mam tikak gaburin kalpana karala balannam :yes::yes: oya wade digatama karaga yanna:D
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ow sahodaraya mata passe terune mam tikak gaburin kalpana karala balannam :yes::yes: oya wade digatama karaga yanna:D

    hari! maath udaw karannam:). kalin post eka kale oyage illeematath ekka. ekatama adaalawa thawa tikak thiyanawa... liyala dannam.

    kohomath awasanayedi me Dharma kathawata adaala hamadema oyalata hondatama therevi!!! ehema therunayin passe aaye sansaara kathaa mokawath naa!!!