මිනිසුන්ගේ අතපය කපනවා-මැරවින්
මින් මතු අහිංසක සතුන් මරන අයගේ අත් කපලා දමනවා
නෝමන් පලිහවඩන සහ ධම්මික සල්වතුර - හුණුපිටිය
මින් මතු අහිංසක සතුන් මරන උදවියගේ අත් තමන් කපා දමන බව මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා මහතා ඊයේ (16 වැනිදා) කැලණියේ වරාගොඩ ශ්‍රී ධර්මාලෝක ප්‍රාථමික විදුහලේ පැවැති උත්සවය අමතා ප්‍රකාශ කළේය.
මෙම විදුහලේ පරිගණක ඒකකය විවෘත කිරීම නිමිත්තෙන් පැවැති මෙම උත්සවයේදී වැඩිදුරටත් කතා කළ ඇමැතිවරයා හලාවත කාලි කෝවිලේ බිලි පූජාවට සූදානම් කර සිටි එළුවන්, කුකුළන්ගේ ජීවිත බේරා ගැනීමෙන් පසු තමාට පොල් ගැසීමට පටන්ගෙන ඇති බවද කවුරු පොල් ගැහැව්වත්, කවුරු කටු ගැහැව්වත් ඵලක් නොවන බවද කීය. තමා කාටවත් වැරදි කළ අයකු නොවන බවත් කීවේය.
දෙවියන්, බුදුන් පිළිබඳ තිබෙන දැඩි විශ්වාසය මත තමාට වරදින්නේ නැතැයි ද ගම්පහ දිස්ත්‍රික්කය තුළ හරක් මස් කඩ වැසීමට තමා ළඟදීම පියවර ගන්නා බව ද කී ඇමැතිවරයා ශ්‍රී ලංකාවේ පවත්වාගෙන යන ජාත්‍යන්තර පාසල් තමාගේ ඊළඟ ඉලක්කය බවද ඇමැතිවරයා සඳහන් කළේය.
මෙම ජාත්‍යන්තර පාසල්වල චෙරියෝ, ටටා කීමට දරුවන් පුරුදුවී සිටින බවද සිංහල සංස්කෘතිය මෙන්ම බෞද්ධ සිරිත් විරිත් සාරධර්ම ඉතිහාසය ඔවුන් අමතක කර ඇති බවද පැවැසීය.
මාපාගොඩ සුමන තිස්ස හිමියෝ, පෑලියගොඩ නගරාධිපති නිහාල් ආනන්ද, කැලණිය ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක සුමංගල සමරවීර, කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී නදික සම්පත්, ප්‍රාදේශීය සභා මන්ත්‍රී දොස්තර ජයන්ත කබ්රාල් යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් මෙම උත්සවයට සහභාගි වූහ.

Last edited: