සින්හල සින්දු පිටුව - Sinhala Sindu Pituwa

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    සින්හල සින්දු පිටුව - Sinhala Sindu Pituwa

    326530340.jpg





    music-icon.jpg



    ඝෝෂාකාරී සංගීතයේ තර්ජනයට හසුව තිබෙන අපේ
    සංගීත කලාවට සාධාරනයක් කරනු ්පිනිස , සිංහල සින්දු රසවිදින අපේ දයාබර හිතවතුන් එකට ඒකරාශී කිරීමේ අරමුනින්
    අද දින මෙසේ ආරම්භ කරනු ලබන අතර..ඔබගෙන් ලැබෙන ප්‍රතිචාරය මත මෙහි අනාගත ගමන් දිසාවන් තීරනය වනු ඈත........


    ඔබත් ලස්සන සින්හල ගීත මෙහි තබා සහයොගයක් දෙන්න..

     
    Last edited:
    • Like
    Reactions: Era.123

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    ළඳුනේ ………. ළඳුනේ ………….

    ඔබේ දෑස දැක ගත්තෙමි
    සැදෑ කලෙක ළඳුනේ .. ළඳුනේ…

    දෙනෝ දහක් අත ගත්ත ද
    සැමියෙකු නැති ළඳුනේ
    නෑයෙක් නෑකම් නො කියන
    වීදි සරන ළඳුනේ ... ළඳුනේ …

    තෙල් මල් ගෙන දෝත පුරා
    මුනි කුටියට පිය මනිනා
    ඔබේ දෑස දැක ගත්තෙමි
    සැඳෑ කලෙක ළඳුනේ .. ළඳුනේ …

    බුදුන් දැක නිවන් දකිමැයි
    දෙව්රම යන පාර අහන
    ඔබ ද පටාචාරාවකි
    ඔබ ද කිසා ගෝතමියකි

    පිරිමින්ගේ පාප කඳට
    දෝස විඳින ළඳුනේ
    රහසේ පව් කරන දනා
    එලියෙ රවන ළඳුනේ
    ලැම පමණක් ලොවට පෙනෙන
    ළය නො පෙනෙන ළඳුනේ
    කුහුඹුවකුට වරදක් නැති වැරදිකාර ළඳුනේ
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    ගුනදාස කපුගෙ.....

    දොඹ මල් කැලෑවේ බඹරුන් ගැයූ
    කවියක් වගේ ආදරේ
    අත්වැල් බැඳන් යන්න ලංවී ලඟින් ඉන්න
    සංසාර ගිරි දුර්ගයේ

    දොඹ මල් කැලෑවේ..

    රෑ පිණි පොදේ සීත මිටියාවතේ
    මේ කේතකී මල් වනේ
    සඳ සේ උදාවූ සෙනෙහේ නිමාවේද
    දුක් දොරකඩින් හෙට දිනේ

    දොඹ මල් කැලෑවේ..

    කටු තුඩු මතින් එන්න කුර ගාව ගාවා
    හිනැහී දෙතොල් ඉරිතලා
    පෑ තුන් සඳක් නිසරු අහසේ පිපේවා
    කටු වැට උඩින් පායලා
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    හන්තනෙට පයන සද....
    ලස්සනය් ද කියන්න....
    මා නොදකින එ පුර හද...
    ඔබට හෑකිය දකින්න.....

    අදුරු ගලා වසිනා කල...
    සරසවි බිම පෙගෙන්න....
    කුඩෙ යටින් ඔබ යන කල ....
    එපා තනිය රෑදෙන්න....

    ලතා මඩුලු අත වනාවි...
    එපා අහක බලන්න....
    මා ගෑන මතකය ගුලිකර...
    මහවෑලියට දමන්න.....
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    ඩබිලිවි.ඩි අමරදේව

    සසර වසන තුරැ නිවන් දකින තුරැ
    පිංකෙත හෙළ රන් දෙරනේ යළි උපදින්නට
    හේතු වාසනා වේවා හේතු වාසනා

    රත්න මාලි සෑ කිරණයි
    මහ බෝ සෙවනයි
    තිසා වැවයි සිගිරියයි
    මගේ උරැමයයි

    සසර වසන තුරැ නිවන් දකින තුරැ
    පිංකෙත හෙළ රන් දෙරනේ යළි උපදින්නට
    හේතු වාසනා වේවා හේතු වාසනා
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    නන්දා මාලිනි.


    ලොවම එපා වී...

    ලොවම කලකිරී...
    දැවී දැවී හිදිනා වේලේ...
    ඔබේ දයාබර එකම වදනකින්...
    මගේ ආත්මය සුවපත් වේ...

    අසා අසෝබන නින්දා ගැරහුම්...
    වැලහින්නක සේ වැලපෙන මොහොතේ...
    පවනේ පාවෙන ඔබේ සුවදකින්
    පිපාසිත වූ හද සිහිලැල් වේ...

    ලොවම එපා වී......

    ලබා නොමිනිසුන්
    නගනා ගෙරවුම්
    මුවැත්තියක සේ බියපත් මොහොතේ...
    සිරුරේ තැවරෙන ඔබේ සුසුමකින්
    මුළු ගැන් වුන සිත උණුසුම් වේ....

    ලොවම එපා වී.....
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    සීත අරණේ සුපුල් නාමල
    සුවඳ ගැල්වූ ජීවිතේ
    සීත හිමගිර සීත නොදැනේ
    දැනේ උණුසුම ආදරේ

    ලතාවක් සේ වෙලී සියොලඟ
    පතමි රැකවරණය ඔබෙන්//
    සදා දෝතින් මලක්සේ ඔබ
    වැලඳ ගන්නෙමි හදවතින්..
    හදවතින්...

    සීත අරණේ...

    වළාවක් සේ අයාලේ ගිය
    සිතට නිවහන ඔබ ලඟයි//
    මහා කතරෙක ගෙවූ තනි මග
    නිමා කල ඉම ඔබ නෙතයි..
    ඔබ නෙතයි...
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    සුදු මුදු රළ පෙළ කිඳුරු කොදෙව්වේ - පාවඩ පලස එලා
    සිඳුළඳ ගෙන දුන් මුතු කැකුලක් සේ - ඔබ මට තිළිණ වෙලා

    යුග දිවි වැල්ලේ අඳුරු ඉසව්වේ - මුකුළිත සීත සලා

    අරුණල්ලක් සේ...
    අරුණැල්ලක් සේ නුඹ මිණ පායා - සනහස ජනිත කළා

    සැඬ රළ රැල්ලේ සැළෙන කැදැලලේ - රැඳුනෙමි සරණ සොයා


    සෙවනැල්ලක් සේ ....

    සෙවනැල්ලක් සේ නොමහැර ආවෙමි - ඔබ හද සැලෙන තුරා
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    ආදරයේ උණුසුම ලඟ දුක දැනෙන්නෙ නෑ
    දුක් කරදර නැති දවසට දුර පෙනෙන්නෙ නෑ
    ජිවිතයේ හැමදාමත් සැප රැඳෙන්නෙ නෑ
    සිනහ වෙවී සිනහ වෙවී කල් ගෙවන්න බෑ

    ආදරයේ උණුසුම ලඟ..

    තොල් අග මදහස දල්වා ප්‍රාර්ථනා මල් පිබිදෙයි
    ලෝකය උඩුයටිකුරු වී ප්‍රාර්ථනාවන් වැළලෙයි
    සැමදා දුක සැමදා සැප නොමැති ලෝකයේ
    සිනහ නැගෙයි කඳුල නැගෙයි එයයි ජීවිතේ

    ආදරයේ උණුසුම ලඟ..

    දිවා රැයේ දකින සිහින පවන් සලා ගිමන් නිවයි
    සිහින ලොවම ගරා වැටී තැවුලින් හදවත් ඇවිලෙයි
    ගීත හඬින් සුසුම් හඬින් පිරුණු ලෝකයේ
    සිනහ නැගෙයි කඳුල නැගෙයි එයයි ජීවිතේ
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    සඳ කැන් වැසිලා... අඳුරේ එතිලා...
    ගණඳුරු රෑ... තනිකම නෑ...
    සොයා... එන්න ගණඳුර තරු නිවලා...
    මගේ... එලිය අද ඔබ පමණි...

    ජීවිතයම සතු එකම සුවේ...
    හීසර පහරක වෙළෙනු පෙනේ ...
    මේ ලොව මා සතු, ඈ සතු ඒ නෙතු,
    අසල්වාසියෙකු සොයනු දැනේ...

    මා නැත අන් සතු සිත් බිඳලා...
    දෑතම බැඳගෙන හිඳිමි බලා...
    මේ ලොව යම් දවසක අපි වෙන් වෙමු,
    රහස් අහස් තලයට පවරා...
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    මෙ නගරය මා ඔබ මුන ගෑසුනු නගරයය්....
    මෙ නගරය මා ඔබ වෙන් කෙරුනු නගරයය්....

    වෑව් ඉවුරෙ දිය රල පෙල සෙම දිලෙනව....
    ණුග ගස් පෙල අප නෙතුවත් තව දලු ලනවා...
    සරසවි බිම කන්දුරෙල්ලෙන් එතෙර පෙනෙනවා...
    ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා.......


    ඔබ අත ගෙන ගිය වීදියෙ ඈ හා යනවා....
    සිගිති පුතා අතෙගිල්ලක එල්ලී එනවා....
    එ කලෙ පෑතු පෑතුම් යලි සිහි වෙනවා....
    ජීවිතයම සිහිනයකෙය් කිය සිතෙනවා...
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    බොල්පිනි වෑහෙන වෙලාවෙ...
    ඔබගෙන් සමුගෙන ය යුතු වෙ...
    තාමත් ඔබ ඈත සුව නින්දෙ....
    එකය් මා නොකියා යන්නෙ...

    ගෑල පිට නෙගලා... ,
    ඇත ගම්බලා පියමන් කරවන්නෙ...
    තවත් නිවහනෙක....
    ගිමන් නිවන තුරු....
    ඔබ සිහියට එන්නෙ,...
    ඔබගෙන් සමුගෙන මා යන්නෙ....

    ඔබ අවදිව මා...
    සොයනු එපා....ඈතය් මා ඉන්නෙ..,
    තවලන් කරුවො කවරදාකදො...
    එකම තෑනක උන්නෙ.....
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    අහස් ගැබේ තරුකැට ගානේ
    පොලෝ තලේ වැලිකැට ගානේ
    නිල් සයුරේ රළ පෙළ ගානේ
    ආදරෙයි මං ආදරෙයි

    වදුළු සිරස පිපි මල් ගානේ
    විහග තුඩග කිචි බිචි ගානේ
    පිසින සිඹින මඳ නල ගානේ
    ආදරෙයි මං ආදරෙයි

    පිපෙන මියෙන හිරු සඳු ගානේ
    සිතෙහි පිරෙන සිතුවිලි ගානේ
    සිහිල ගෙනෙන හැම රෑ ගානේ
    ආදරෙයි මං ආදරෙයි
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    අව්වට වැස්සට හුරු මිනිසුන්නේ
    දෑතේ විරියෙනි රටවල් නැගුනේ
    ඒ මිනිසුන්ගේ මළගම වෙනුවෙන්
    මොන රජ මැදුරෙද සුදු කොඩි නැගුනේ

    ... දා ගැබ් මහ වැව් කලා නිකේතන
    නුඹලා දෑතිනි මිහි මත මැවුනේ
    ඒ නුඹලාටයි මේ දරුවන්ටයි
    මොන රජ මැදුරෙද දොරටුව හැරුනේ...
    මොන රජ මැදුරෙද බත් පත බෙදුනේ...

    අව්වට වැස්සට හුරු මිනිසුන්නේ......

    රජ සැප විඳිනට රජ දරුවන් හට
    නුඹලා දෑතිනි මන්දිර මැවුනේ
    ඒ නුඹලාගේ දුක දැක ගන්නට
    මොන රජ දරුවද පැලකට වැඩියේ....
    මොන රජ දරුවද පැලකට වැඩියේ....

    අව්වට වැස්සට හුරු මිනිසුන්නේ......
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    අමර පෙම් ලතාවේ රන් මලක් උදාවේ //
    අඳුන් සඳුන් සුව මැවේ මහද මන්දි‍රේ.
    ඉසුරුමුණි කතාවේ යුවල දැන් සිනාවේ //
    කසුන් සදක් ජනිත වේ ජීවන අඹරේ

    ... ඔබෙ දෙපා ළග මගේ තුරුණු හද පිදේ
    හිම වතේ සිසිල දේ ගිමන සංසිදේ
    ආදරේ ආදරේ මී බඳුන් පිරේ
    ආදරේ ආදරේ මී බඳුන් පිරේ

    පිපෙන මල් විල් තලේ දියට බර නැතේ
    දෝත දී පිළී ගමී ඔබගෙ ජීවිතේ
    ආදරේ ආදරේ මී බඳුන් පිරේ
    ආදරේ ආදරේ මී බඳුන් පිරේ
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    හන්තානේ කදු මුදුන සිසාරා පවනක් වී එන්නම්
    ඔබේ සුවද රැදි කුටිය සමීපේ සුසුමක් වී ඉන්නම්

    තුන්මහලින් සැදි සරසවි පායේ මල් කැටයම් සෙවනේ
    සිරිපොද වැස්සේ නැගුනු සතුටු රල මිරිගු සයුර විනි අතීතයේ
    ...
    පාලු නිසන්සල කදුවැටි අතරේ මහවැලි ගං ඉවුරේ
    අත්තටු සිදගත් විහග විලසෙන් අපේ පැතුම් ඉකිබිදිනු ඇසේ
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    කවිය ඔබ
    තුන් තිස් පැයක් නිදිවරා වෙහෙසී
    සිත දෙගිඩියාවෙන් තවම නොලියූ
    කවිය ඔබ

    පද එකින් එක ලියවා
    සිත කුරුටු ගා මැකුවා
    ඔබ ලියූ කවි කියවා
    මන් අසරණව උන්නා
    යෞවනේ.... තනිකමක් දැනෙනා මොහොතක
    සිත ඉකිගසා හැඩුවා

    හොර ඇහින් ඉඟි කරලා
    සඳ මගෙන් සමු ගත්තා
    කවි පොතම පොඩිකරලා
    නිදියන්න මට සිතුනායෞවනේ....
    අත ළඟින් හිඳිනා මොහොතක
    දුර ඈත බව දැනුනා......
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    වැහි දිය මහ බිම තෙමුවට
    බිම තෙමන්නේ වැහි විතරද...
    රෑ අහසේ තරු තිබුනට
    තරු තියෙන්නේ රෑ විතරද...
    විහඟුන් කැල ගී ගැයුවට
    ගී කියන්නේ උන් විතරද...
    මට නුඹ විතරක් උනාට
    නුඹට ඉන්නේ මං විතරද...

    රෝස පතක කවි ලීව්වේ
    සුවද දිදි තියාගන්න
    මේ විදිහට ගී ගැයුවේ
    ඉන්න තැනක දී ඇහෙන්න...
    උස අත්තක මලක් උනේ
    ගව් ගණනක් උඩින් ඉන්න
    අවසානේ උරුම උනේ
    මල් පොකුරක එකක් වෙන්න...