CCNA පා‍ඩම

sanjeeme

Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    [FONT=&quot]Virtual Private Network

    [/FONT]
    A VPN is a private network that is constructed within a public network infrastructure such as the global Internet. Using VPN, a telecommuter can access the network of the company headquarters through the Internet by building a secure tunnel between the telecommuter’s PC and a VPN router in the headquarters.

    VPN එකක් කියන්නේ සාමාන්‍ය network එකක් තුල සැබෑ Cable line එක තිබෙද්දී LAN දෙකක් හෝ Host දෙකක් Virtual line එකකින් connect කිරීමයි. මේ Virtual line එක tunnel එකක් ලෙස හදුන්වනවා.

    උදාහරණයක් ගත්තොත් අපි skype පාවිච්චි කරද්දි users දෙන්නෙක් එකට සම්බන්ද වෙන්නේ VPN එකක් හරහා. ඒ කිය‍න්නේ එක user කෙනෙක් america ඉන්නවා කියලා හිතන්න අනිත් user ඉන්නේ ලංකාවේ

    එතකොට ඔවුන් දෙදෙනා Phsically connect වෙන්න කොයි තරම් Servers හරහා ISP හරහා ඔය connection එක build වෙන්න ඕනෙද අන්න එතකොට පළවෙනි සැරේ Phsicall path එක build කර ගත්තට පස්සේ ඒ users දෙන්නා අතර VPN එකක් ගො‍ඩනගනවා එතකොට ඒ දෙන්නට direct communication කරන්න පුලුවන්

    අද නවීන තාක්ෂණයක් විදිහට කතා කරන Cloud Computing වලත් භාවිතා කරන්නේ VPN තාක්ෂණයයි.

    ‍මේ VPN ගැන වැඩි විස්තර අප ඉස්සරහදි කතා කරනවා.

    තව මේ ගැන වැඩි විස්තර ඕනේනම් පහත link එකෙන් ගන්න

    http://en.wikipedia.org/wiki/Virtual_private_network

    flowVPN.jpg

    Last edited:

    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    topology වලට වඩා වාසියක් තියෙනවා ඒක තමයි එක connection line එකක් කැඩුනත් network එක down වෙන්නේ නෑ.

    mesh.gif

    [/LEFT]
    [/CENTER]

    ඇත්තටම එකක් නෙමෙයි කීපයක් කැඩුනත් මේක down වෙන්නේ නැහැ . අනිත් කාරණේ mesh topology එකකදී හැම විටම තියන devices ගන්නට වඩා එකක් අඩුවෙන් හැම එකකටම links සවි වෙනවා .:) ඒ වගේම තමයි වියදමත්:P
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ඇත්තටම එකක් නෙමෙයි කීපයක් කැඩුනත් මේක down වෙන්නේ නැහැ . අනිත් කාරණේ mesh topology එකකදී හැම විටම තියන devices ගන්නට වඩා එකක් අඩුවෙන් හැම එකකටම links සවි වෙනවා .:) ඒ වගේම තමයි වියදමත්:P

    Thanks මචන් වැඩි පුර විස්තර වලට. සමහර දේවල් සිංහලෙන් පැහැදිලි කරන්න ගියාම ටිකක් අමාරැයි. පුලුවන් තරම් සරල විදිහට තේරැම් කරන්න උත්සාහා ගන්නවා. උඹලගේ උදව්වත් සෑහෙන්න වටිනවා.

    ඒ වගේම යමක් නොතේරෙනවනම් නැවතත් අහන්න. මම පුලුවන් තරම් සරලව තේරැම කර දෙන්න උත්සාහ ගන්නම්.
     
    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    machan ccna and cisco wena exam karanna lesima widiya dumps balala yana eka...
    90% wage ewamai enne.
    Hondama wade igena ganna thamange danumata. CCNA materials tika. Exam eka wenuwen potha padam karana eka nuwanata huru na. Prayogika knowledge eka enneth na, exam ekatath loku wasiyak na.
    Niyamama wade notes tika hondata therum araganna. Karala balanna. Eeta passe aluthma dump eka hoyagena keepa sarayak practise karanna..
     
    ඕක ඒ තරම් හොද දෙයන් නෙවෙයි මචං. dump බලලා ගිහින් විභාගේ පාස් වෙන්න පුලුවන් නමුත් කවදාවත් CCNA practice කරන්නේ නැතුව කවදාවත් JOB එකකටනම් යන්න බෑ. Simulator එකක් use කරලා practice කරනවටත් වඩා වැදගත් සැබෑ උපකරණ එක්ක Practice කරන එක. Router එකක් එක්ක වැඩ කරන්නේ නැතුව කවදාවත් Job එකකට ගිහින් වැඩ කරන්නනම් බෑ. ඒක මම ‍ප්‍්‍රායෝගිකව දන්න දෙයක්. අනික ඒක CCNP කරන දවසට ඒකටත් බලපානවා.

    තමන් දැනටමත් Networking side එකේ Job එකක් කරනවනම් Routers සහ අනෙක් දෙවල් ගැන දැනුමක් තියෙනවනම් (ප්‍රායෝගික දැනුම) dump එකක් බලලා ගිහින් CCNA කෙරැවට ප්‍රශ්නයක් නෑ. නැත්තම් dump එකෙන් සහ packet tracer එක විතරක් කරලා Exam එක කරලා පස්සේ පසු තැවෙන්න වෙනවා.
     
    Sampurnayen aththa. Eka thamai machan maamth kiwwe. CCNA exam eka karanna igena gena wadak na kiyala. CCNA theory hondata igena gena (exam ekata girawa dameema karanne nathuwa) prayogikawa practice karala exam eka goda daganna dump ekak karala giya nan hari kiyala thamai mama kiwwe. :D
    Mama networking field eke masa ganak hitapu nisa mama dannawa ahtthata ena problems handle karanna practical experience eka onamai. Theory walin ganna ba eka. CCNA / CCNP / CCSP wala mukuthma nathi hithaganna bari prashna saha issues thamai ahtthata enne.
    Habai practice eken issue tika andunaganna theory danaganna ona hondata. eka thamai basic eka. Theory dana ganna ekai exam pass wenna girawa daganna ekai wenas. Theory eke concept eka hondata awaboda karaganna ona. Ekata umbe post eka kattiyata godak wadagath wei. :D
    Exam eka pass wenna ona qualification ekatane. Eka karanna dump eken puluwan. wadiya mahansi wenna ona na. Wadagath de theory and concept hondata igena gena eka apply karana eka.
     
    Yes machooo. ඒ වගේම තමයි මම මේ පාඩමේදී Routing කරද්දී use කරන්න බලාපොරොත්තු වෙන්නේ Packet Tracer software එක. හැබැයි එක දෙයක් තියෙනවා අන්න එතනදිත් උඹ කියනවා වගේ Packet Tracer එකෙන් අර real router එකකින් configuration කරනවට වඩා සමහර දේවල් වෙනස්. මම අදහස් කරගෙන ඉන්නවා Packet Tracer කරද්දී real router එකකදී සමහර commands වෙනස් වෙන හැටි ‍වගේම ඒ වගේ අවස්ථා වලදී එය සැබෑ ලෙස සිදු කල හැක්කේ කොහොමද කියලා අදාල තැන් වලදි විස්තර කරන්නත්.
     
    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    :):)

    හොදයි මම ඉහතින් දක්වපු කරැණු ඇත්තටම CCNA වලදි ප්‍රශ්න විදිහට අහන්නේ නෑ. නමුත් මුල අමතක කරන්න හොද නෑනේ ඒක නිසා ඒවත් හිතේ ති‍යා ගන්න.

    ඔන්න මම දැං කතා කරන්න යන්නේ Network වලදි ඉතා වැදගත් වන මාතෘකා දෙකක් ගැන.

    Collision Domain

    The effect of two nodes sending transmissions simultaneously in Ethernet. When they meet on the physical media, the frames from each node collide and are damaged.

    අපි හිතමු විශාල කාමරයක මිනිස්සු විශාල ප්‍රමාණයක් ඉන්නවා කියලා. ඒ එක්කම ඒ අය අකිනෙකා කතා කරනවා කියලා එතකොට මොකක්ද වෙන්නේ
    හැමෝම කතා කරන දේවල් හැමෝටම ඇහෙනවා ඒ එක්කම හැමෝම කතා කරන ‍නිසා ශබ්ද පැහැදිලි නැතුව යනවා අන්න ඒ වගේ දෙයක් තමයි සරලව Collision Doamain එකකදි වෙන්නේ

    Broadcast Domain

    A group of devices receiving broadcast frames initiating from any device within the group.

    broadcast domain එකක් කියන්නේ LAN දෙකක් අතර තිබෙන logical බෙදීමක්. එක
    LAN එකක ඇති වෙන්නේ එක විශාල broadcast domain එකක්. තව LAN එකක තව විශාල broadcast domain එකක්.
     
    Last edited:

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මචං උඹ මේ කරන වැඩේ වටිනාකම කියලා නිම කරන්න වචන නැහැ..
    සමහර දන්න අයගෙන් අපි දන්නෙ නැති ප්‍රශ්නයක් ඇහුවොත් කීයෙන් කී දෙනාද පැහැදිලිව උත්තරයක් දෙන්නේ?
    මමත් මේ නෙට්වර්ක් සම්බන්ධව කරන්න ඕන කෝස් සම්බන්ධව අහලා ත්‍රෙඩ් එකක් දැම්මා.. කීදෙනාද ඒකට රිප්ලයි කරලා තිබ්බේ..
    ඉතිං එහෙම පසුබිමක උඹ මේ කරන වැඩේ හරිම ශ්‍රේෂ්ඨයි!
    හරිම පැහැදිලිව සරලව හැමදේම කියලා දීලා තියෙනවා..
    මමත් CCNA කරන්න ඉන්නේ..
    මේක මට ලොකු ශක්තියක්..
    උඹට සහ උඹ වැදූ මවටත් වැඩූ පියාටත් බුදු සරණයි මචං!
    ජයම වේවා!

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    හොදයි දැන් අපි බලමු CISCO වල අපි කතා කරන ප්‍රධාන Devices කිහිපයක් පිළිබද කෙටියෙන් කාරණා කිහිපයක්

    HUB

    hubsymbol.jpg

    හොදයි ඉතාම සරලව කිව්වොත් HUB එකකින් කරන්නේ network එකේ HUB එකට සම්බන්ධ වෙලා තියෙන host කෙනෙක්ගෙන් එන message එකක් ඒ ආකාරයෙන්ම ඊලග network point එකට යවන එකයි.

    මේක හරියට අර විද්‍යුත් transformer එකක් වගේ එන විදුලිය ප්‍රමාණය අඩු නොකර ඊලග
    point එකට යවන. network වල ඒ වගේ ඒවට කියන්නේ Repeaters කියලා.

    අපි තව වැදගත් කරැණු කිහිපයක් බලමු

    • Connects group of hosts (host ලා කිහිප දෙනෙක් එකට සම්බන්ධ කිරීම)
    • One HUB has large one Collision Domain and one Broadcast domain - මේ කාරණය හොදට මතක ති‍යාගන්න
    • HUB normally repeat, receiving messages to next network point
    • Use 10mbps speed
    • Half Duplex (එක වරකට එක පැත්තකට පමණයි Data යවන්න පුලුවන්)

    hubinanetwork.jpg

    ඉහත තියෙන්නේ සරල Network එකක් ඒකේ HUB එකට host ලා දෙන්නෙක් සම්බන්ධ කරලා තියෙනවා නමුත් මතක තියාගන්න කොයිතරම් host ලා හිටියත් තියෙන්නේ එක Collision Domain එකයි ඒ වගේම එක Broadcast domain එකයි.

    හොදයි ඔය
    Collision Domain කතාව තව ටිකක් පැහැදිලි කර ගමු.

    hubcollision.jpg

    ඉහත දක්වලා තියෙන්නේ HUB එකක්. ඒකේ port 5 ක් තියෙනවා අපි හිතමු ඒ port පහටම host ලා 5 දෙනෙක් සම්බන්ධ කරලා තියෙනවා කියලා. ඔන්න A කියන host විසින් E කියන host ට message එකක් යවනවා එතකොට වෙන්නේ ඒ message එක HUB එකට සම්බන්ධ වෙලා ඉන්න අනිත් host ලටත් ඒ කියන්නේ B,C,D ටත් නිකන්ම ලැබෙනවා. අන්න ඒ නිසයි කියන්නේ HUB එකට තියෙන්නේ එක Collision Domain එකයි කියලා. මේක තවත් තේරෙයි Switch ගැන බලනකොට
     
    Last edited:
    • Like
    Reactions: precious