CCNA පා‍ඩම

sanjeeme

Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    SWITCH

    switchsymbol.jpg



    • LAYER 2 Device (මේ ගැන අපි ඉදිරියේදී කතා කරනවා නිකන් මතකේ ති‍යාගන්න)
    • Use 100mbps or high
    • Only one Broadcast domain
    • Collision Domain = Amount of ports on the Switch
    • Full Duplex (එකවර Data ‍යැවීමටත් ලබාගැනීමටත් ඇති හැකියාව)
    වැදගත්ම දේ තමයි Switch එකකින් Collision Domain divide කරනවා. ඒ කියන්නේ Switch එකේ තියෙන ports ගණනට වෙන වෙනම Collision Domain එකක් තියෙනවා. හැබැයි මතක ති‍යාගන්න Switch එකකත් කොයි තරම් host ලා සම්බන්ධ ‍වෙලා හිටියත් Broadcast domain තියෙන්නේ එකයි.

    හොදයි ඒ කාරනෙත් අපි ටිකක් පැහැදිලි කර ගමු

    switchcollision.jpg


    ඉහත රෑපේ තියෙන්නේ Switch එකක්. ඒකේ ports 5 ක් තියෙනවා ඒ වගේම A,B,C,D,E කියලා host ලා 5 දෙනෙක් සම්බන්ධ වෙලා ඉන්නවා. දැන් A යවනවා Data එකක් E ට එතකොට Hub එකක් තියෙනකොට මොකද වුනේ ??

    Hub එක ඒ data එක හැමෝටම දුන්නා නමුත් Switch එක ඒ data එක කෙලින්ම අදාල කෙනාට විතරක් දෙනවා. ඒ කියන්නේ Switch එකක එකිනෙකාට වෙන වෙනම Collision Domain එකක් තියෙනවා. උඩ රෑපේ හැටියට එයාට Collision Domain 5 ක් තියෙනවා (Collision Domain = Amount of ports on the Switch).

     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ROUTER (CISCO ලොක්කා)

    routersymbolxymi.jpg



    • Guide & route the path of signals (Network එකක signals වලට පාර කියලා දෙන්නේ මෙයා තමයි )
    • Layer 3 switch (ඉස්සරහදි කතා කරනවා මතකේ තියා ගන්න)
    • Manage Data Transfer
    • Use the Logical Address (IP Address තමයි පාවිච්චි කරන්නේ)
    • Manage multiple WAN's (ප්‍රදේශ කිහිපයක හෝ රටවල් කිහිපයක හෝ තියෙන Network රාශියක් එකට සම්බන්ධ කිරීම මෙන්ම Manage කරන්නත් පුලුවන්)
    • Divide Broadcast domains.

    router-switch.jpg

    ඉහත රෑපයේ දැක්වෙන්නේ Router එකක් සම්බන්ධ කරන ලද සරල Network එකක්


    හොදයි මම Router ගැන හුගක් විස්තර කතා කරන්න යන්නේ නෑ මොකද අපිට සම්පූර්ණ Lesson එකක්ම තියෙනවා Routers ගැන.

    එකක් මතක තියාගන්න Broadcast domains Divide කරන්න පුලුවන් Router එකකට විතරයි. අපි Router එකත් එක්ක කතා කරද්දී Collision Domain ගැන කතා කරන්නේ නෑ මොකද Router වල collisions ඒ කියන්නේ signals collide වෙන්නේ නැති හින්දා


    හොදයි අපි ඉහත කතා කරපු Collision Domain,Broadcast domain සහ Hub,Switch,Router සම්බන්ධව CCNA වල ප්‍රශ්න කිහිපයක් එනවා. ඒවා හරිම ලේසියි. බලමු අපි මොනවද කියලා.
     

    malithx2

    Well-known member
  • May 19, 2010
    675
    366
    63
    මචන් ඇත්ම කිව්වෝත් උඹ දෙයියේක් මම ඒ ටිකට ගෝඞාක් දෙවල් ඉගෙන ගත්තා දිගටම කරගෙන යන්න නවාත්තන්න එපා. මෙන්න මගෙන් BUM එකක්.
     

    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    Thanks yaluwa Wede nam niyamai.
    Subneting Thamai Mata Nam Epa Wenne.MCTS Waladi Kala.

    Cisco Karannath Idea Ekak Thiyanawa
    Eth Ganan Dekkama Bada Dagalanawa..
    Exam Fail Unoth Hema kiyala Bayai.. :(
     

    bonji

    Well-known member
  • Jan 4, 2008
    3,449
    181
    63
    41
    E=382959.743, N=2844423.290
    adoo
    patt awedak ban
    nikamata kiyawann gatte
    okkoma tika beluwa
    ubat jaya digatama karapan
    uba karane me weden kawru hari eke mnawa hari deyak igana gannawa
    EK eke inna un pin karala tiyanawa me wage thread dana ewa balaganna
    cheers
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    Thanks yaluwa Wede nam niyamai.
    Subneting Thamai Mata Nam Epa Wenne.MCTS Waladi Kala.

    Cisco Karannath Idea Ekak Thiyanawa
    Eth Ganan Dekkama Bada Dagalanawa..
    Exam Fail Unoth Hema kiyala Bayai.. :(

    බය වෙන්න එපා Subneting මම කියලා දෙන්නම් පාඩම් කරන්න ඕනේ විදිහ සරලව කියලා දුන්නම අල්ල ගන්න ලේසියි. ඒක මතක තියාගන්න ක්‍රමයක් තියෙනවා ඒක අල්ල ගත්තම ගේමක් නෑ. අමාරැයි කියලා හිතන්න එපා.
     
    Last edited:

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    adoo
    patt awedak ban
    nikamata kiyawann gatte
    okkoma tika beluwa
    ubat jaya digatama karapan
    uba karane me weden kawru hari eke mnawa hari deyak igana gannawa
    EK eke inna un pin karala tiyanawa me wage thread dana ewa balaganna
    cheers

    Thanks machoooo
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    හොදයි Collision Domains සහ Broadcast Domain එක්ක Cisco වල හැමතිස්සේම අහන ප්‍රශ්න කිහිපයක් බලමු.

    ඊට කලින් පහත කරැණු හොදට මතක තියාගන්න

    HUB එකකට කොයිතරම් Host ලා හිටියත් තියෙන්නේ එක Collision Domain එකයි ඒ වගේම එක Broadcast Domain එකයි.

    Switch එකකට ඒ Switch එකේ Port ගණනට සමාන Collision Domain සංඛ්‍යාවක් තියෙනවා. හැබැයි Switch එකකට තියෙන්නේ එක Broadcast Domain එකයි.

    Routerඑකක් ගත්තොත් ඒකට සම්බන්ධ වෙලා තියෙන Connection ප්‍රමාණයට සමාන Broadcast Domain සංඛ්‍යාවක් තියෙනවා.

    හොදයි ඔය ටික මතක තියාගෙන පහත Network එකේ Collision Domain කීයක් තියෙනවද ඒ එක්කම Broadcast Domain කීයක් තියෙනවද කියලා කියන්න පුලුවන්ද
    unledquu.jpg


    හොදයි මටනම් ආවේ පහත පිළිතුරැ. ඔයගොල්ලන්ගේ පිළිතුරැත් ඒකට සමානද කියලා බලන්න.

    Collision Domains = 07
    Broadcast Domains = 02


    හොදයි අපි බලමු ඉහත පිළිතුරැ ආවේ කොහොමද කියලා.

    352ksue.jpg


    ඉස්සෙල්ලාම කරන්න ඕනේ Network එකේ තියෙන Devices ටික හොයාගන්න එක. ඉහත Network එකේ එක Hub එකකුයි එක Switch එකකුයි එක Router එකකුයි තියෙනවා. ඒ එක්කම Switch එකට Host ලා 05 දෙනෙකුත් Hub එකට Host ලා 05 දෙනෙකුත් සම්බන්ධ වෙලා තියෙනවා.

    හරි ඊට පස්සේ අපි Hub එක පැත්තෙන් පටන් ගමු Hub එකට කොච්චර Host ලා හිටියත් තියෙන්නේ එක Collision Domain එකයි ඒ වගේම එක Broadcast Domain එකයි. ඒ කි‍යන්නේ මම ඔය කොල පාටින් square එකකින් දක්වලා තියෙන පැත්තේ තියෙන්නේ එක Collision Domain එකයි.

    ඊට පස්සේ අපි
    Switch එක තියෙන පැත්ත අරන් බලමු මතකනේ Switch එකකට ඒකේ Port ගණනට සමාන Collision Domain ගණනක් තියෙනවා බලන්න හොදට රෑපය දිහා කීදෙනෙක් Switch එකට සම්බන්ද වෙලා ඉන්නවද කියලා

    Host ලා 05 දෙනෙක් ඉන්නවා ඒ කියන්නේ එතන Collision Domain 05 ක් තියෙනවා. ඒ එක්කම අමතක කරන්න එපා Switch එක Router එකට සම්බන්ධ වෙලා තියෙන්නෙත් තව Port එකකින් ඒක මම 06 කියලා ඊතලයකින් දක්වලා තියෙනවා ඒ කියන්නේ Switch එක තියෙන පැත්තේ ඔක්කොම Collision Domain 06 ක් තියෙනවා

    ඒ කියන්නේ එකතුව 07 නේද :D:D

    හොදයි
    Broadcast Domain කොහොමද ගනන් කරන්නේ මම කිව්වනේ Broadcast Domain divide කරන්න පුලුවන් Router එකකට විතරයි. Router එකකට සම්බන්ධ වෙලා තියෙන Network ප්‍රමාණයට සමාන ගණනක් Broadcast Domain තියෙනවා ඒ කියන්නේ ඉහත Router එකට Networks දෙකක් සම්බන්ධ වෙලා තියෙනවා. මම නිල්පාට ඊතල වලින් දක්වලා තියෙන්නේ ඒවා. එතකොට Broadcast Domain තියෙන්නේ 02 යි. හරි ලේසියි නේද

    ඔය වගේ
    Network එකක් දීලා Collision Domain සහ Broadcast Domain ගාන කීයද කියලා Exam එකේදී අහනවා ඒක නිසා තව Network කිහිපයක් මම පහත දාන්නම් ඔයගොල්ලෝ ඒවත් බලන්න.