මේ දවස් වල ටිකක් වැඩ අධික වුනා. අපි OSI Model එක පටන් ගමු.
OSI Model (Open System Interconnection Model)
මොකක්ද මේ OSI Model එක ? ඇයි මේක පාවිච්චි කරන්නේ ?.
හොදයි Networking Concept එක ආපු මුල්ම කාලේ Network Devices හැදුවේ ආයතන කිහිපයක් පමණයි නමුත් කාලයත් සමග මේ Networking දියුණු වීමත් සමග Network Devices හදන ආයතන හුගක් බිහිවුනා.
මුල් කාලයේ එක් ආයතනයක් හදපු Network Devices පාවිච්චි කරලා Network එකක් කරනවනම් අපිට සිද්ධ වුනා සියලුම Network Devices ඒ ආයතනයේ නිපදවපු ඒවම ගන්න. හදිසියේවත් ඒ වෙනකොටත් අපි ලග වෙන වෙන ආයතන වලින් නිපදවපු උපකරණ තිබ්බනම් ඒවා වීසි කරන්න තමයි වෙන්නේ.
මම මේක උදාහරණයකින් කියන්නම් අපි හිතමු IBM කියන ආයතයේ Network Devices පාවිච්චි කරලා Network එකක් කරනවා කියලා එතකොට අපි Computer එකට දාන Network Card එකේ ඉදලා සියලුම දේවල් IBM Products වලින් මිළදී ගන්න ඕන. කොහොම හරි අපි එහෙම කරලා අපේ ආයතනය Network කලා කියමුකෝ අපි අපේ ආයතනය තවත් ආයතනයක Network එකත් එක්ක සම්බන්ධ කරන්න යනවා කියලා හිතමු හැබැයි ඒ ආයතනය ඒ ගොල්ලන්ගේ Network එක කරලා තියෙන්නේ වෙන 3COM කියන ආයතයේ Network Devices පාවිච්චි කරලා අන්න එතකොට අපිට එතනත් ප්‍රශ්නයක් එනවා මොකද ඒ මම මුලින් කිව්වා වගේ ඒ කාලේ ඒ ඒ නිශ්පාදන ආයතන තම තමන්ට අවශ්‍ය විදිහට තමයි ඒගොල්ලන්ගේ නිශ්පාදන කලේ.
තවත් සරලව කිව්වොත් Network Devices හදන ආයතන දෙකක Network Card දෙකක් ගත්තොත් ඒ දෙක එකිනෙකට වෙනස්.
ඉතින් මේ ගැන කල්පනා කරපු International Organization of Standardization (ISO) ආයතනය Network Devices සදහා සම්මතයක් (Standard) එකක් ගෙනාවා.
අපේ ගෙදර Computer එකේ ඉදලා, Network Cable එකේ ඉදලා මහා පරිමාණ පරිගණක ජාලයක භාවිතා කරන ජාල උපකරණ දක්වා මේ Standard එක අදාළයි. අන්න ඒ නිසයි අද හැම Network Devices Manufacturing ආයතනයක්ම එකම Standard එකට ඔවුන්ගේ නිශ්පාදන කරන්නේ. අපිට අද මොන Brand එකෙන් Network Card එකක් ගත්තත් ඒක ඕනම Network එකකට කිසිම ප්‍රශ්නයක් නැතුව සම්බන්ධ කරන්න පුලුවන්.
හොදයි අන්න ඒ International Organization of Standardization (ISO) හදුන්වා දීපු ඒ Standard එක තමයි අපි මේ OSI Model කියලා හදුන්වන්නේ.
මේක අධ්‍යයන පහසුව සහ Network එකක ඒ ඒ උපකරණ භාවිතා වන ආකාරය අනුව ඒගොල්ලෝ කොටස් 07 කට කැඩුවා ඒව Layers කියලා හැදින්වූවා.
ඒ කියන්නේ OSI Model එක කියන්නේ Layers 07 කින් හැදිච්ච Layered Architecture එකක්.