CCNA පා‍ඩම

sanjeeme

Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    අපි දැන් මේ Layers එකින් එක අරගෙන කතා කරමු මොනවද මේවයින් කරන්නේ කියලා.

    මම ඉස්සෙල්ලම 07 Layer එකෙන් පටන් ගන්නවා මොකද ඒක තමයි උඩින්ම තියෙන Layer එක.


    07. Application Layer

    මේ Layer එක තමයි network එකක අපි හුගක් දෙනෙක් වැඩ කරන අපි හුගක් දෙනෙක් සම්බන්ධ වෙන Layer එක.

    ඒ කියන්නේ network එකක් ගත්තම උදා. Internet එක ගත්තොත් ඒකේ
    network ගැන දන්න අය වගේම මෙලෝ දෙයක් නොදන්න අයත් දස දහස් ගනණක් දිනපතා එක එක වැඩ වලට සම්බන්ධ වෙනවා සමහරැ Web site Browse කරනවා සමහරැE-mail යවනවා සමහරැ chat කරනවා ඔන්න ඔය වගේ.

    හොදයි අපි ඔය දෙවල් කරන්නේ මොකක් හරි Software එකක් මාර්ගයෙන් උදාහරණයක් ගත්තොත් අපි
    Web site Browse කරන්නේ IE, Mozilla firefox, Chrome වගේ Web Browse එකක් මාර්ගයෙන්

    ඒ කියන්නේ
    network එකක Application run වෙන්නේ Application Layer එකේ. ලේසියි නේද

    ඒ වගේම මතක තියාගන්න
    Application කිව්වට හැම Application එකක්ම මේ Layer එකට අදාල වෙන්නේ නෑ. අර මම උඩින් කියලා තියෙනවා වගේ පරිගණක ජාලයක් හරහා තොරතුරැ හෝ වෙන ඕනම දෙයක් යැවීමට හෝ ලබා ගැනීමට භාවිතා කරන Application විතරයි මේ Layer එකට අදාළ වෙන්නේ.

    උදා.
    Web Browses, E-mail Client Software (MS outlook), Chatting Software (Skype), FTP Clients (FileZilla)

    එතකොට MS Word, Photoshop, වගේ
    Application මේ Layer එකට අදාළ වෙන්නේ නෑ ඒක හොදට මතක තියාගන්න.

    ඒ වගේම තව ලක්ෂණ ගණනාවක් මේ
    Application Layer එකේ තියෙනවා ඒවා කෙටියෙන් පහත සදහන්

    The application layer provides services for an application program to ensure that effective communication with another application program in a network is possible. The application layer is not the application itself that is doing the communication. It is a service layer that provides these services:
    • Makes sure that the other party is identified and can be reached (Check Application Availability)



    • If appropriate, authenticates either the message sender or receiver or both



    • Makes sure that necessary communication resources exist (for example, is there a modem in the sender's computer?)



    • Ensures agreement at both ends about error recovery procedures, data integrity, and privacy



    • Determines protocol and data syntax rules at the application level

    මේ ගැන වැඩි විස්තර ‍ http://en.wikipedia.org/wiki/Application_layer
     
    Last edited:

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    මේ විශයය සම්බන්ධ ගැටලු තියෙනවනම් ඉදිරිපත් කරන්න මම පුලුවන් විදිහට උදව් කරන්නම්
     
    • Like
    Reactions: thilina91

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    00020408.gif
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    06 Presentation Layer

    හොදහි අපි හත්වෙනි Layer එක (Application Layer) ගැන කථා කලානේ මේ 06 වෙනි Layer එක තමයි අපි කතා කරපු ඒ Application Layer එකට අවශ්‍ය තො‍රතුරැ present (ඉදිරිපත්) කරන්නේ. ඒක නිසා තමයි මේකේ නමත් Presentation Layer කියලා දාලා තියෙන්නේ

    අපි පොඩි උදාරණයකින් බලමු අපි
    Application Layer එකට අදාළ Application එකකින් (email client කෙනෙක්ගෙන්) අපේ යාලුවෙ‍කුට email එකක් යවනවා කියලා හිතමු අපි මේකට තව attachment එකකුත් දාලා තමයි යවන්නේ. හොදයි එතකොට මේ attachment එක network එක හරහා යද්දී ඒක පරිගණකයට තේරෙන විදිහට digital signal එකක් විදිහට හරවලා තමයි යවන්නේ

    email එක අපේ යාලුවා open කරනකොට ඒ digital signal එක නැවත අපිට බලන්න පුලුවන් ආකාරයට convert කරලා දෙනවා. මෙන්න මේ ක්‍රියාවලිය data, encrypt කිරීම decrypt කිරීම ඒ වගේම ඔය සමහර සම්මත දත්ත ආකාර විදිහට ගැනෙන ASCII, EBCDIC වගේ දේවල් අවශ්‍ය පරිවර්ථනයන් කරන්නේ Presentation Layer එකෙන්.

    මම
    Presentation Layer ‍එකේ එම ක්‍රියාවලීන් කරැණු වශයෙන් පහත දක්වනවා

    # Data Encryption
    # Data Decryption
    # Data Compression (සමහර දත්ත
    Compress කිරීම)
    # Data decompression
    (Compress කල දත්ත නැවත දිගහැරීම)

    හොදයි ඉතාම කෙටියෙන් ගත්තොත් දැන් අපිට කියන්න පුලුවන්
    Presentation Layer එකෙන් කරන්නේ අපිට භාවිතා කරීමට හැකි ආකාරයට network එක හරහා එන නොයෙකුත් දත්ත පරිවර්ථනය කිරීම කියලා. ඒ පරිවර්ථනය කරන ලද දත්ත Application Layer එක මාර්ගයෙන් අපි ලබාගන්නවා.

    pic1.gif


    ලබාගන්නවා.තවත් වැඩි විස්තර ඕනෙනම් පහත link වලටත් ගිහින් බලන්න

    source 01
    source 02
     
    Last edited:

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    අපි ඊළගට 05 වෙනි layer එක ගැන බලමු

    05 Session Layer

    ඇත්තටම මේ layer නම් කරලා තියෙන විදිහෙන්ම අපිට සාමාන්‍ය අදහසක් ගන්න පුලුවන් ඒ ඒ layer වලින් කරන්නේ මොනවද කියාලා. Session layer එකෙන් කරන්නේ session control කරන එක. එතකොට මොනවද මේ session ???? අපි ඒකත් පොඩි උදාහරණයකින්ම බලමු නේද

    අපි හැමෝම බොහෝ විට chat කරන්න භාවිතා කරන Skype ගනිමු.
    Skype වලින් අපි තව කාත් එක්ක හරි chat කරනවා කියලා හිතමු එතකොට අන්න ඒකට අපිට කියන්න පුලුවන් එක chat session එකක් කියලා. හොදයි අපිට පුලුවන්නේ එක යාලුවෙකුට වඩා ප්‍රමාණයක් එක්ක එක වර chat කරන්න එතකොට ඒ ප්‍රමාණය අනුව ඊට සමාන session ප්‍රමාණයක් තියෙනවා. හැබැයි අපිත් එක්ක chat කරන අනිත් යාලුවෝ දන්නේ නෑ අපි තව කී දෙනෙක් එක්ක ඒ වෙලාවේ සම්බන්ධ වෙලා ඉන්නවද ඒ කවුද කියලා නේද. අන්න ඒ වගේ මේ session control කරන්නේ මේ Session layer එකෙන්.

    ඉතින්
    Skype විතරක්ම නෙවෙයි අපි network එකක් හරහා කරන හැම කාර්්‍යයක්ම session විදිහට තමයි යන්නේ. තව ඉස්සරහට තියෙන පාඩම් කරද්දි තවත් පැහැදිලි වෙයි මේ session කියන්නේ මොනවද කියලා. විශේෂයෙන් Telnet වගේ කරද්දි. නමුත් දැනට ‍ඉහත කරැණු ටික විතරක් දැන ගතතම ඇති.

    අපි මේ
    Session layer එකේ කරැණු පෙළ ගස්සවමු

    # Building up and manage
    Sessions
    # Dialog Control (මේකෙන් අදහස් කරන්නේ network devices අතර communicate කිරීමට අදාළ session පාලනය කිරීම) තේරැණාද ????


    හොදයි
    Dialog Control ගැන තව ටිකක් බලමු නැත්තම් අඩුපාඩුවක්නේ.

    පරිගණක ජාලයක ඒකට සම්බන්ධ network devices අතර නිතරම පණිවි‍ඩ හුවමාරැ වෙනවා.

    අපිත්
    network එක හරහා නොයෙකුත් data යවනවා ඒ වගේම අපිට ‍නොපෙනුනත් network devices ඒගොල්ලෝ අතරත් පණිවුඩ හුවමාරැ කරගන්නවා. ඉතින් මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ ඒ ඒ devices අතර සම්බන්ධ වෙලා තියෙන network cable එක හරහා.

    ඉතින් මේ එක එක විදිහට
    network cable එක හරහා එන data වෙනස් කරලා හදුන ගන්න බැරි වුනොත් මොකද වෙන්නේ ??? :confused: අන්න ඒ හේතුව නිසා Session layer එකෙන් මේ එන දත්ත ඒ ඒ එන ක්‍රමය අනුව Session වලට කඩලා අදාල තැන් වලට යවනවා.

    මේ
    network devices ප්‍රධාන වශයෙන් දත්ත සන්නිවේදනය සදහා ක්‍රම දෙකක් භාවිතා කරනවා.

    01 Half Duplex (10mbps)


    මේකෙන් කියන්නේ network cable එක හරහා එක වරකට data ගෙන යා හැක්කේ එක පැත්තකට විතරයි කියන එක.

    මේකට හොදම උදාහරණය තමයි ඔයගොල්ලෝ දැකලා තියෙනවද balky-talky. අර පොලීසියේ කට්ටිය ලග තියෙන්නේ තව අර cricket umpires ලාගාවත් තියෙනවා. මේවයෙන් එක පාරකට කතා කරන්න පුලුවන් එකපැත්තකට විතරයි.

    ඒ වගේම අපි CCNA වලින්ම උදාහරණයක් ගත්තොත් කලින් ඉගෙනගත්තු HUB දත්ත යැවීම සහ ලබා ගැනීම සදහා පාවිච්චි කරන්නේ
    Half Duplex මාධ්‍යයක්.


    02 Full Duplex (100mbps)

    මෙමගින් එකවර දෙපැත්තටම
    data ගමන් කරන්න පුලුවන්. ඒ කියන්නේ අපිට එකවරම data යවන්නත් පුලුවන් ඒ එක්කම data ලබා ගන්නත් පුලුවන්.

    උදාහරණ විදිහට switch භාවිතා කරන්නේ
    Full Duplex මාධ්‍යය. හැබැයි Full Duplex වලදි 10mbps භාවිතා වෙන අවස්ථාත් තියෙනවා.

    full-half-duplex.jpg




    pic2.gif



    Session layer එක ගැන වැඩි දුර විස්තර පහත links වලින් ගන්න පුලුවන්

    source 01
    source 02
     
    Last edited:

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    අපි ඊට පස්සේ Transport Layer එක ගැන බලමු. මේකෙදි අමුතු වචන set එකකුත් තියෙනවා ඉගෙන ගන්න. ඒවත් පැහැදිලි කරගෙන 04 වෙනි Layer එක ගැන කියන්නම් හෙට
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    [FONT=&quot]අද[/FONT][FONT=&quot] අපි[/FONT] 04 [FONT=&quot]වෙනි[/FONT] layer [FONT=&quot]එක[/FONT][FONT=&quot] ගැන [/FONT][FONT=&quot]කතා [/FONT][FONT=&quot]කරමු[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මෙයා නම්[/FONT][FONT=&quot] ටිකක්[/FONT][FONT=&quot] කරදරකාරයෙක්[/FONT][FONT=&quot] මෙයාගේ[/FONT][FONT=&quot] පැහැදිලි[/FONT][FONT=&quot] කල[/FONT][FONT=&quot]යුතු[/FONT][FONT=&quot] කාරණා[/FONT][FONT=&quot] කිහිපයක්ම[/FONT][FONT=&quot] තියෙනවා[/FONT][FONT=&quot].[/FONT]

    [FONT=&quot]හා[/FONT][FONT=&quot].................[/FONT][FONT=&quot]ඊට[/FONT][FONT=&quot]කලින්[/FONT] layer [FONT=&quot]ගැන[/FONT][FONT=&quot] කතා[/FONT][FONT=&quot] කරද්දී[/FONT][FONT=&quot] අපි[/FONT][FONT=&quot] දැන[/FONT][FONT=&quot] ගත[/FONT][FONT=&quot]යුතු[/FONT][FONT=&quot] තව[/FONT][FONT=&quot] ප්‍ර[/FONT][FONT=&quot]ධාන[/FONT][FONT=&quot] කරැණක්[/FONT][FONT=&quot] තියෙනවා[/FONT][FONT=&quot] ඒ[/FONT][FONT=&quot] තමයි[/FONT] Protocol Data Unit [FONT=&quot]එක[/FONT][FONT=&quot].[/FONT]

    [FONT=&quot]මොකක්ද[/FONT][FONT=&quot]මේ[/FONT]PDU (Protocol Data Unit)

    අපි දන්නවනේ මේ layers වලින් මොකක්ද කරන්නේ කියලා. ආයෙත් මතක් කර ගත්තොත් අපි පරිගණක ජාලයක් ඔස්සේ යම් දත්තයක් යවද්දී ඒක source host (අපේ pc එක) ගේ සිට destination host (අපි යවන කෙනාගේ pc එක ) දක්වා මේ දත්තය පරිගණක ජාලය ඔස්සේ ගමන් කිරීමේදි සිදුවන ක්‍රියාවලිය තමයි මේ කොටස් එහෙම නැත්තම්
    layers වලට කඩලා විස්තර කරන්නේ.



    හොදයි එතකොට සමහර layers වලින් අපි යවන data වලට මොනවා හරි දෙයක් කරලා එලියට දානවා ඊට පස්සේ අනිත් layer එකෙන් ඒක ලබාගන්නවා. ඉතින් මේ සමහර layers වලින් මේ data එලියට දෙද්දි ඒවා අපි මුලින් අපේ pc එකෙන් යවපු data එක විදිහට නෙවෙයි එළියට එන්නේ ඒ එන දේට ඒ ඒ layers වලදි වෙන වෙන නම් භාවිතා කරනවා.



    ඉතින් මේ layers වලින් එළියට දෙන output එක තමයි පොදුවේ protocol data unit කියලා හදුන්වන්නේ.


    අපි දැන් මේ වෙනකොට layers 03 ක් ගැන කතා කරලා ඉවරයි


    07 Application Layer
    06 Presentation Layer
    05 Session Layer


    හොදට මතක තියා ගන්න ඔය layers 03 ‍ම PDU එක ලෙස ගැනෙන්නේ Data ම තමයි. මම PDU ගැන මුලින්ම කතා නොකලේ ඒක නිසයි.


    අපි බලමු අනිත් layers වලත් PDU එක මොනවද කියලා.

    untitled.bmp


    ඉහත රෑපයට බලන්න දැක්කද උඩින්ම තියෙන layers 03 නේම PDU එක Data. එතකොට

    Transport Layer එකේ
    PDU එක ----- Segments
    Network Layer
    එකේ PDU එක----- Packets
    Data Link Layer එකේ PDU එක ----- Frames
    Physical Layer එකේ PDU එක ------ Bits

    ඔය
    PDU ගැන exam එකේදී අනිවාර්්‍යයෙන් අහනවා. හැබැයි ගෙඩි පිටින් Network Layer එකේ PDU එක මොනවද කියලා අහන්නේ නෑ පොඩ්ඩක් රවුමේ කරකවලා තමයි අහන්නේ.

    උදාහරණයක් කිව්වොත් දැන් මේ කාලේ exam එකේ නිතරම එන ප්‍රශ්නයක් තමයි frames ගැන හෙන හෑල්ලක් දීලා ‍ඒ හෑල්ලෙන් කියන දේ සිද්ධ වෙන
    Layer එක මොකක්ද කියලා අහනවා එතකොට අපි ඔය පත හෑලි කියවන්න යන්න ඕනේ නෑ frame ගැන දැක්ක ගමන් වෙන මොනවත් නෑ ඉතින් Data Link Layer එක ගැන තමයි මේ කතා කරන්නේ කියලා අපි දැනගෙන ඉන්න ඕනේ

    ඒක නිසා මේ
    PDU ගැන ‍හොදට මතක තියාගන්න.


     
    Last edited:

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    04 Transport Layer

    [FONT=&quot]අපි[/FONT][FONT=&quot] ඉගෙන[/FONT][FONT=&quot] ගත්[/FONT][FONT=&quot]අනිත්[/FONT] layers [FONT=&quot]වල[/FONT][FONT=&quot] වගේම[/FONT][FONT=&quot] මෙයාගෙත්[/FONT][FONT=&quot] සමස්ථ[/FONT][FONT=&quot] කාර්්‍යය[/FONT][FONT=&quot]භාරය[/FONT] layer [FONT=&quot]එකේ[/FONT][FONT=&quot]නමින්ම[/FONT][FONT=&quot]කියවෙනවා[/FONT][FONT=&quot]. ඒ කියන්නේ අපි යවන්න හදන [/FONT][FONT=&quot]data [/FONT]එකක් අවශ්‍ය ස්ථානයට යැවීමට සූදානම් කිරීම [FONT=&quot]හෝ අපිට ආපු data [/FONT]එකක් network එකෙන් ලබා ගැනීම සිදු කරන්නේ Transport Layer එකෙන්.

    දන්නවනේ Transport Layer එකේ PDU එක Segments

    දැන් අපි තවදුරටත් මේකෙන් වෙන වැඩේ පැහැදිලි කරගමු.

    මුලින්ම මෙයා අපි මීට කලින් කතා කරපු
    layers වලින් එන [FONT=&quot]data ඔක්කෝම [/FONT]Segments විදිහට හදා‍ගන්නවා. මේ segment එකක් මොන වගේද කියලා මම තව ටිකකින් කියන්නම්.

    ඊට පස්සේ මෙයා මේ
    segment එක යැවිය යුතු ස්ථානය එහෙම නැත්තම් destination එක පිළිබදව හොයා බලනවා ඒ එක්කම මේ [FONT=&quot]data එක යැවිය යුතු ආකාරය ගැනත් [/FONT]හොයා බලනවා

    ඊට පස්සේ මෙයා source එකයි
    destination එකයි අතර logical connection එකක් හදා ගන්නවා. හොදට මතක තියා ගන්න මෙයා physically, cable එකක් හරහා [FONT=&quot]data යැවීමට සහභාගී වෙන්නේ නෑ. මෙයා කරන්නේ [/FONT]logical පාරක් (path) එකක් හදා ගන්න එක විතරයි.

    මම කිව්වනේ මෙයා මේ
    segment යැවිය යුතු ආකාරය සොයා බලනවා කියලා ඒ කියන්නේ network එකක් හරහා මේ දේවල් යැවීම සදහා අපි ප්‍රධාන වශයෙන් protocol 02 කක් භාවිතා කරනවා.

    01 TCP - Transmission Control Protocol
    02 UDP - User Data gram Protocol

    මේ දෙකේ වෙනස් කම් තියෙනවා. මේ දෙකට වෙනස් වෙන වාසි අවාසිත් තියෙනවා. අපි අපේ pc එකකින් කුමන ආකාරයේ දෙයක් network එකක් හරහා යැව්වත් අනිවාර්යයෙන්ම ඒ දේවල්
    Transport Layer මගින් ඉහත Protocol දෙකින් එකක් හරහා තමයි යවන්නේ.

    මේකෙන් ඔය
    TCP කියන එක ගැනනම් සමහර විට ඔයගොල්ලෝ අහලත් ඇති. අපි internet එක හරහා Data යැවීමට භාවිතා කරන Protocol එක TCP/IP කියලා අහලා ඇතිනේ. ඒ කියන්නේ අන්තර්ජාලය හරහා Data යැවීමේදිත් මේ TCP කියන Protocol එක භාවිතා කරනවා.

    02 UDP - User Data gram Protocol

    අපි ඉස්සෙල්ලාම UDP ගැන කතා කරමු. User Data gram Protocol එක මාර්ගයෙන් Data යැවීමේදි අපි බලාපොරොත්තු වෙන කෙනාටම හරියටම ඒ Data එක යයි කියලා විශ්වාසයක් තියාගන්න බෑ

    ඒක හරියට අපි කාට හරි ලියුමක් යවනවා කියලා හිතමු හැබැයි අපි ලිපිනය සදහන් කරද්දී යවන කෙනාගේ නම සදහන් කරන්නේ නෑ. එතකොට මොකද වෙන්නේ ලියුමනම් කොහොම හරි අදාල ලිපිනයට යයි නමක් නැති හින්දා ඒ ස්ථානයේ ඉන්න හැමෝම ලියුම කඩලා කියවයි නේද. අන්න ඒ වගේ දෙයක් තමයි
    UDP වලදි වෙන්නෙත්

    ඒක අපි මෙහෙම කියමු
    UDP data යැවීම සදහා පාවිච්චි කරන්නේ unreliable method එකක්. මෙයාට එන segments මෙයා අනිත් කෙනාට යවලා ඒ හැම දෙයක් ගැනම අමතක කරලා දානවා.

    අනික තමයි
    UDP කියන්නේ connectionless transport method එකක්. ඒ කියන්නේ අපි UDP භාවිතා කරමින් යමක් යැවීමේදී එයා destination එක ගැන කිසිවක් හොයා බලන්නේ නෑ එයාට එන හැම දෙයක්ම ඔහේ network එකට මුදා හරිනවා.

    ඒ වගේම තමයි මෙයා non sequential. ඒ කියන්නේ මොකක්ද ?? මෙයාට එන
    segment මෙයා කිසිම පිළිවෙලකට destinations වලට යවන්නේ නෑ.

    හැබැයි
    User Data gram Protocol එක භාවිතා කිරීමේ වාසියකුත් තියෙනවා මෙයාගේ overhead එක පොඩියි. දන්න විදහටම කිව්වොත් මෙයා TCP වලට තරම් ලොකු ඔලුවක් තියෙන කෙනෙක් නෙවෙයි. ඒක නිසා මෙයා මගින් යවන segments ඉක්මණට යනවා. fast වැඩියි.

    මේක වැඩිදුර තේරැම් ගන්න පහත මම දක්වලා තියෙනවා
    TCP වල සහ UDP segment වල රෑප දෙකක්. ඒවා වල තියෙන දේවල් ගැන වැඩිය හිතන්න යන්න එපා overhead එක ගැන පොඩි අදහසක් ගන්නයි දාලා තියෙන්නේ.

    5_udp_segment_format1.jpg


    TCP.jpg


    අපි දැන්
    UDP ගැන ඉගෙන ගත්ත දේවල් සාරාංශ කරමු

    # UDP provide Unreliable service
    # UDP is Connectionless
    # Non sequential
    # low Overhead



     
    Last edited: