මහසොහොන් බලකාය | Mahasohon Balakaya

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
උතුවන් කන්දේ සූර සරදියෙල්....

වරක්‌ සරදියෙල් සොල්දාදුවකු සමග ආරවුලක පැටලිණි.
රාජකාරියට බාධා කිරීමේ චෝදනාව මත සරදියෙල් අත්අඩංගුවට ගැනිණි.
සිරගත කළ සරදියෙල් යකඩ කූරු නවා එළියට පැනගෙන තිබිණි.
සරදියෙල්ගේ සුරකම් කටින් කට පැතිර ගියේ ඉන් පසුවය.

කොළඹ, මහනුවර මාර්ගය ඔස්‌සේ සුදු අධිරාජ්ය වාදීන් බඩු බාහිරාදිය ගෙන යනවිට සරදියෙල්ගෙන් ඒවා බේරා ගැනීම ලෙහෙසි නොවිණි.
පොලිසියටත්, පොලිසියේ ගිනි අවිවලටත් සරදියෙල් කිසි දිනක බිය වූයේ නැත.
සුද්දන් අත තිබූ ගිනිඅවි පවා සරදියෙල් පැහැරගත් අවස්‌ථා බොහෝය.
වරක්‌ සරදියෙල් රාත්රිතයේ කන්දඋඩරටට ගෙන යමින් තිබූ මුදල් තොගයක්‌ අතර මඟදී පැහැර ගත්තේය.
පසුව බලන විට ඒ මුදල් වතු කම්කරුවන්ගේ වැටුප් ගෙවන මුදල්ය.
සරදියෙල්ගේ හිත කඩා වැටිණි. ඔහු මුදල් ආපසු දී යන්නට ගියේය.
සරදියෙල් දුප්පතුන්ට ආදරේ කළේ ඒ පරිද්දෙනි.​
 
sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
උතුවන් කන්දේ සූර සරදියෙල්....

දිනක්‌ සරදියෙල් කරත්තයක්‌ දක්‌කා ගෙන එන බවට ගම් පුරා ප්‍රසිද්ධ විය.
බොහෝ අය සිතුවේ සරදියෙල් වස්‌තු කොල්ලකෑමට එනවා ඇතැයි කියාය.
ඇතැමෙකු වස්‌තුවත් රැගෙන කැලෑ වැදිණි. තවකෙකු වස්‌තූන් ගැන නොසිතා ජීවිතය බේරාගනු වස්‌ කැලෑ වැදිණි.
මේ අතර එක්‌තරා ගැටයකු සරදියල්ට බියේ ළඟ තිබූ පොල් ගසකට බඩගා සැඟවෙන්නට උත්සාහ ගත්තේය.
බිය වැඩි කමටම පය ලිස්‌සා ඒ ගැටයා, බිම වැටිණ, ගැටයාගේ මව විළාප තබන්නට වූවාය.
සරදියෙල්ද ඒ විළාපය ඇසී ගමන නතර කර එතැනට ආවේය.
"ඇයි අම්මේ. සරදියෙල් ඇසුවේ පුතෙකු මෙනි.
විස්‌තරය කී පසු සරදියෙල් අම්මා අස්‌වසා ගහෙන් වැටී අතපය කැඩී සිටි දරුවාට කැඩුම් බිඳුම් වෙදකු සොයා බෙහෙත් කළේය.
සරදියෙල් දුප්පත් කිසිවකුට හිරිහැර නොකළමුත් එකල සුද්දන්ගේ බොරු ප්‍රචාර හා ඒවා තව තවත් ප්‍රචාරය කරන්නට සිටි සිංහල කළු සුද්දන් නිසා ඇතැමෙකු "සරදියල්" නමට බියක් දැක්වීය.‌​
 
sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
උතුවන් කන්දේ සූර සරදියෙල්....

සරදියල් අවසන් වරට අත්අඩංගුවට ගත්තේ 1864 මාර්තු 21 වැනිදාය. එදා මහනුවර පොලිසියේ සාජන්ට්‌ මාගාට්‌ සහ කොස්‌තාපල් සභාන් උතුවන්කන්ද දෙසට ගියේ ගිනිඅවි ඇතිවය. ඒ වන විටත් සරදියෙල් පිළිබඳ නිවැරැදි ඔත්තුවක්‌ දෙන්නකුට පවුම් සියයක ත්යායගයක්‌ දෙන බවට සුදු පාලනය නිවේදනය කර තිබිණි. මම්මලේ ඇතුළු සරදියෙල්ගේ සෙසු ගෝල පිරිස පිළිබඳ නිවැරැදි ඔත්තුවට තවත් පවුම් සියයක ත්යායගයක්‌ වෙන් කර තිබිණි. 1864 ජනවාරි 12 වැනිදා ගැසට්‌ නිවේදනයක්‌ මගින් මේ බව කියා තිබිණි.

කෙසේ හෝ මේ වන විටත් සරදියෙල් සමග කලක්‌ එකට සිටි උක්‌කුවා සහ සිරිමලා සරදියෙල් පිළිබඳ සුදු අධිරාජ්යසයට ගතු කියන්නට ඉදිරිපත්ව සිටියහ. මේ කියන මාර්තු 21 වැනිදා සාජන්ට්‌ මගාට්‌ සහ කොස්‌තාපල් සභාන් වෙත ආ උක්‌කුවා කීවේ සරදියෙල් හා මම්මලේ දෙදෙනා කාදර්ගේ නිවසේ සිටින බවයි. මෙහෙයුම ඇරඹිණි. පොලිස්‌ නිලධාරීන් දෙපළ උක්‌කුවාත්, සිරිමලාත් පෙරටු කරගෙන කාදර්ගේ නිවස වැටලනු ලැබූහ.

සරදියෙල්ට හොඳ ඉවක්‌ තිබිණි. පොලිසිය වටලා ඇති බව දැනගත් සරදියෙල් එය තහවුරු කරගත්තේ යුද උපක්ර්මවලට අනුවය.

වැටලූ පොලිසියේ ඉදිරියෙන්ම සිටි සිරිමලා දුටු සරදියෙල්ට යක්ෂ යා ආරූඪ විය.

"යකෝ මරන්ඩ තිබ්බේ තෝව. මරන්ඩ ඕන මිනිහ ඉන්දැද්දී අපි වෙන උන් සැක කළා" සරදියෙල් කෑ ගසා කීය. සිරිමලා සහ උක්‌කුවා පණ එපා කියා දුවද්aදී පොලිසිය වෙඩි තැබීය. සරදියෙල්ගේ ඉන පිටුපසට වෙඩි වැදුණි. ඔහු බිම වැටිණි. කොස්‌තාපල් සභාන් ඉදිරියට ගියේ සතුටිනි. ඒ සමගම ආ වෙඩි උණ්‌ඩය සභාන්ගේ ජීවිතයට වග කීවේය. එය මෙරට ඉතිහාසයේ ක්රිදයාන්විතයකදී පොලිස්‌ නිලධාරියකු මියගිය ප්ර්ථම අවස්‌ථාව විය. ඒ වෙඩි උණ්‌ඩය ආවේ මම්මලේගේ තුවක්‌කුවෙනි. සාජන්ට්‌ මගාට්‌ගේ දෙපාමුල වැටුණු සභාන් කීවේ අපි ඉවරයි කියාය. නමුත් ඒ වන විටත් සරදියෙල් සිටියේ ලේ විලකය. අවසන අවශ්යඋව සිටි සරදියෙල් සහ මම්මලේ අත්අඩංගුවට පත්වූහ.
 
sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
රොබින්හුඩ් වගේ ලක්දිව පතල උන නමයි.....
උතුවන් කන්දේ සූර සරදියෙල් මමයි... සූර සිංහයා මමයි.....

සරදියෙල් සිරබාරයට ගැනීමෙන් පසු....
sara1.jpg

1-Soora-Saradiel.jpg

page11.jpg
 
Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~

    :(:(:(
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    රොබින්හුඩ් වගේ ලක්දිව පතල උන නමයි.....
    උතුවන් කන්දේ සූර සරදියෙල් මමයි... සූර සිංහයා මමයි.....

    නඩු තීන්දුව වූයේ මොවුන් දෙදෙනා එල්ලා මරාදැමීමය. මොවුන්ට එරෙහි පළමු වරද කොස්‌තාපල් සභාන් වෙඩි තබා මරා දැමීමය. 1864 මැයි 04 වැනිදා එල්ලා මරන දිනය තීරණය කළද එය 07 වැනිදාට කල් දැමිනි. මහනුවර ප්‍රදේශයේ ජනයා වැළ නොකැඩී බෝගම්බරට ආවේ 04 වැනිදා බදාදාය. ඇතැමෙකු කල් දැමූ දින තුනද බෝගම්බර අවටම ගෙවා දැම්මේ සරදියෙල්ට උපහාර දක්‌වනු පිණිසද? නොඑසේ නම් මේ මරණ දණ්‌ඩනයට විරෝධය පළකර දැයි හෙළි වී නැත. එකල අධිරාජවාදීහු ඒ සියල්ල වළදමා කතෝලික ආගම ප්‍රචාරයට සරදියල්ගේ නම පවා ඈඳාගෙන ඇතැයි පොත පත පරිශීලනයේදී පෙනේ. මුදලට හා බලයට යටවන වත්මන් සමාජය පිළිබඳ සිතද්දී අධිරාජ්‍යවාදී යුගයේ දී අපේ මිනිස්‌ සමාජයේ අවස්‌ථාවාදීන්ගේ හැසිරීම සිතා ගැනීමට අපහසු නැත.

    කෙසේ හෝ සරදියෙල් හා මම්මලේ එල්ලා මරනු ලැබීය. ඥාතීන් මළ සිරුරු ඉල්ලුවත් ඒවා නොදුන්නේ මේ වීරයන්ට, මරණින් පසු ගරු බුහුමන් කිරීමට ඇති ඉඩ කඩද අහුරමිනි. සරදියෙල්ගේ පරම්පරාව අදටත් අපේ රටේ ජීවත් වෙති. කඩුවෙල, නවගමුව ප්රමදේශයේ සරදියල්ගේ පරපුරේ ඇත්තෝ අදටත් වෙසෙන බව කියවේ.
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක

    මගේ අම්මට මං වාගෙ තව පස් දෙනෙක් හිටියනං
    පර සුද්දට දිනන්න දෙන්නෙ නෑ...........
    තොපිට අපිව පරද්දන්න බෑ ............
    සිංහලයව පරද්දන්න බෑ බොලව්........
    - වීර පුරන්අප්පු​
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land

    මගේ අම්මට මං වාගෙ තව පස් දෙනෙක් හිටියනං
    පර සුද්දට දිනන්න දෙන්නෙ නෑ...........
    තොපිට අපිව පරද්දන්න බෑ ............
    සිංහලයව පරද්දන්න බෑ බොලව්........
    - වීර පුරන්අප්පු​

    සිංහල කියන්නෙ කොන්ද පන තියෙන ජාතියක්. කාටවත් බයේ හිටපු අය නෙමේ. සුද්දගෙයි හම්බයගෙයි කතාවලට රැවටිල ඉන්න එවුන්ට අපේ අතීතෙ අපේ උරුමය අපේ ශක්තිය කියල දෙන්න ඕනෙ

    felix01.gif