සුන්දර ගීයක ඇරබුම,..

rombo

Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63
    අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී ඒ ඉර හඳෙන් නුඹෙ ලෝකය එළිය උනී
    රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විඳී
    පිය සෙනෙහසට කව් ගී ලියවුණා මදී

    ටී. එම්. ජයරත්නයන් ගේ ගීයකට මාලනී ජයරත්න ලියූ පද මාලාවකි. සුවහසක් කවියන් මවුගුණ ගැන ලියද්දී ගයද්දී පියගුණ ගැන අඩුවෙන් ලිවීම ගැන ප‍්‍රතිවිරෝධය ඒ මඟින් මතු කරයි. එහි යම් සත්‍යතාවක් ඇතත් පිය සෙනෙහස ගැන ලියවුණු අපූරු නිර්මාණ අප ගීත සාහිත්‍යයේ පවතී.

    පියාණනී මා නැවත උපන්නොත්
    අපාර වූ මේ සංසාරේ
    ඔබේ ම පුතු වේවා
    (මහාචාර්ය සුනිල් ආරියරත්න)

    කුමාර ලියනගේ නම් වූ ගේය පද රචකයා ද තම හදවතෙහි නිදන් වූ පියගුණ සමුදාය පොදු සමාජ අනුභූතියක් බව පත් කරමින් අපූරු පද මාලාවක් පියගුණ සාහිත්‍යයට එක් කරයි.
    කුමාර ලියනගේ අප ඉදිරියට ගෙන එන්නේ වන්නිකරය පසුබිම් කරගත්තා වූ පියකුගේ චිත්ත රූපයකි. මේ පියාගේ රූපකාය රචකයා මවනු ලබන්නේ අන්දර යාය, වැව් තාවල්ල පසුබිම් කරගෙනයි.

    “අන්දරයායේ වැව් තාවල්ලේ
    සක්මන්කරනා අප්පච්චී
    දොළේ දියයි මට කෙතේ නිලයි
    ගහවැලේ මලයි මට අප්පච්චී

    ගම්මානයට සශී‍්‍රකත්වය ගෙන එන්නේ, දොළේ දිය, කෙතේ නිල සහ ගහ කොළ මල් ය. ඒ නිසා තම ජීවිතය සශී‍්‍රක කළ අප්පච්චී වෙනුවෙන් රචකයා භාවිත කරන යෙදුම් නිර්මාණයට අපූර්වත්වයක් එක්කර තිබේ. පියා කෙරෙහි මෙහි කථකයා තුළ ඇතිවන භක්තිය ගෞරවය ඒ ඔස්සේ මැනවින් ප‍්‍රති නිර්මාණය වෙයි.
    ගමේ පියවරුන් අස්වද්දන්නේ කෙත්වතු පමණක් නොවේ. ඔවුහු අනාගත පරපුර ද අස්වද්දති. දිවා රෑ මහ පොළොව සමඟ ගැටී වගුරන දහදිය කඳුළු ඔස්සේ ඔවුන් තනන්නේ තම දරුවන්ට අනාගතයට පියනඟන මාවතයි. මට එඩ්වඩ් ජයකොඩි මහතා අතීතයේ ගැයු ගීයක් සිහි වෙයි.

    කරදිය ගැඹුරේ
    තුන්යම ගෙවුණේ
    නුඹගේ දෑතට දිරිය වඩන්නයි
    සුහුඹුල් අත් පා
    යදඬු කරන්නයි
    කිරි කැටි පුතුනේ...

    එහෙත් ඒ කැපවීම පියාගේ මුවින් නොව පුතුගේ මුවින් පීතෘ පූජාවක් ලෙස ඉදිරිපත් කිරීමට කුමාර සමත් වෙයි.

    “වලාකුළේ දාඩිය තවරා
    මහ පොළවට මහ වැසි ගේනා
    දිවිගමනේ ඉම, කඳු මුදුනේ ඉඳ
    p-16.jpg

    පුතු සෙනෙහේ කඳුළැලි සලන

    තමා දහඩිය මහන්සියෙන් අස්වැද්දු කෙත නිල්ල ඉහිරවද්දී දැනෙන සතුට ම තම දරුවන් ගේ පැහැබර අනාගතය දකිමින් මේ පියා භªක්ති විඳියි. පියාගේ ඒ තෘප්තිමත් මනස පුත‍්‍රයා විසින් ද හඳුනා ගනු ලබයි.

    “තුරු හිස මුදුනේ මල් පලඳ්‍ර
    කැකුළු මුවට පලවැල නෙළුවා
    ඒ දඬු මං බැලඳ සත්කුළු පව් බිඳ
    සිදාදියට එන මං තැනුවා

    තමා ආදරයෙන් වැවු පුංචි පැළය ගසක් බවට පත්කොට සුවඳ මල් පුබුදා එය පල දරන්නට සැලැස් වූ අප්පච්චී පිළිබඳ පුත‍්‍රයා තුළ හටගන්නා කෘතවේදී හැඟීම් සමුදාය කුමාර ලියනගේ මනාව ස්පර්ශ කරයි. ඒ සඳහා ගීතමය වූ අපූර්වතම කාව්‍යෝක්ති ඔහු තෝරා ගනියි.
    අප්පච්චීගේ කැපවීම එපමණක් ද? ඔහු තම පුතු යන මාවතේ ඇති බාධා ඉවත් කරයි. “ඒදඬු මං බැඳ” “සත්කුළු පව් බිඳ” යන අපූරු කාව්‍යෝක්ති තුළින් රචකයා ඒ බව එළිපෙහෙළි කරයි. මේ පියා පුතු සිදාදියට එවන්නේ සිදාදියේ දී ඔටුනු පලඳවන්නට නොවේ. ඔහු දැනටමත් ඔටුනු පලඳ්‍ර අවසන් ය. ඔහු සිදාදියට යන්නේ පියා විසින් පලඳවන ලද කිරුළත් සමඟයි. ඔහුට දැන් ඉතිරි ව තිබෙන්නේ ඒ ඔටුන්නේ රශ්මියෙන් සිදාදිය බැබළවීමට පමණි. ඒ මේ ගමේ අප්පච්චී ගෙන් සිදාදියට ලැබෙන උත්තම දායාදයයි.

    අන්දර යායේ වැව් තාවල්ලේ
    සක්මන් කරනා අප්පච්චී
    p-18.jpg

    දොළේ දියයි මට කෙතේ නිලයි
    ගහ වැලේ මලයි මට අප්පච්චී

    වලාකුළේ දා බිඳු තවරා
    මහ පොළොවට මහ වැසි ගෙනෙනා
    දිවි ගමනේ ඉම කඳු මුදුනේ ඉඳ
    පුතු සෙනෙහේ කඳුළැලි සලනා

    තුරු හිස මුදුනේ මල් පලඳ්‍ර
    කැකුළු මුවට පලවැල නෙළුවා
    ඒ දඬු මං බැඳ සත්කුළු පව් බිඳ
    සිදාදියට එන මං තැනුවා

    පද රචනය - කුමාර ලියනගේ
    සංගීතය - රෝහණ ධර්මකීර්ති
    ගායනය - කරුණාරත්න දිවුල්ගනේ
    කුමාර ලියනගේ කවියා ද එබඳු ගමේ අප්පච්චී කෙනෙකු සිදාදියට පුදන ලද දායාදයකි. ඔහු විවිධ ක්ෂේත‍්‍රවල ප‍්‍රතිභාව ඵල කරන්නෙකි. ඔහු දක්ෂ චිත‍්‍ර ශිල්පියෙකි. කවියෙකි. ගීත රචකයෙකි. රංගන ශිල්පියෙකි. මාධ්‍ය වේදියෙකි. යහපත් මිනිසෙකි.
    p-17.jpg
    මෙහි සංගීතය මෙන්ම ගායනය ද පද මාලාව ඔපවත් කරන්නෙකි. බට නළාව වැනි සංගීත භාණ්ඩ යොදා ගැනීමෙන් රසිකයා ගැමි පරිසරයට රැගෙන යාමට සංගීතඥයා සමත් වේ. දිවුල්ගනේ ගේ ගායන ශෛලියේ ආත්මය ගැමිකම බැවින් රචනය සංගීතය හා ගායනය, මනා ලෙස සුසංයෝගී වෙයි.

    මේ නිර්මාණයේ අනෙක් විශේෂත්වය වන්නේ අප්පච්චීගේ දහදිය මහන්සියෙන් සිදාදියේ කිරුළු පලඳින පුත‍්‍රයා අකෘතඥ ගුණ මකුවකු නොවීමයි. ඔහුට ගම අමතක වී නොමැත.
    සිදාදියට එන්නට පාර තැනුණු හැටි ඔහුට අමතක වී නොමැත. උපන්ගම අමතක කළ, තමන් ආ මග අමතක කළ නාගරික දූ පුතුන්ට මේ නිර්මාණය ඇසෙද්දී යම් කම්පනයක් යටි සිත තුළ හෝ ඇති නොවේ නම් එය ද අරුමයකි.
    මේ ලියවිල්ල මා අවසන් කරන්නේ එක්තරා පෞද්ගලිකත්වයකිනි. මගේ සිත මීට අවුරුදු විස්සකට ඉහත ඉතිහාසයට දිව යයි. මම එකල කොළඹ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙක්මි. මා කලා උපාධිය හැදැරූ අතර කුමාර වාණිජ විෂයයෙන් හැදෑරුවේ ය. විටෙක යහළු වෙමින් ද විටෙක තරහ වෙමින් ද අපි සරසවි දිවිය හමාර කළෙමු.
    මා ගැන මුලින් ම පුවත්පතකට ලිපියක් ලියු පුද්ගලයා කුමාර ය. ඔහුට කෘතවේදී වීමට මට තාමත් අවස්ථාවක් ලැබී නොමැත. මේ ලිපිය මා ලියන්නේ ද ඔහුට කෘතවේදී වීමට නොවේ. ඔහු විසින් දායාද කළ නිර්මාණ අල්ප වුවද ඒ විශිෂ්ට නිර්මාණයන්ට කෘතවේදී වීමටයි. මේ ගීතය අසද්දී ඔබට අන්දර යායේ වැව් තාවල්ලේ සිටින අප්පච්චී සිහි වනු ඇත.
    එහෙත් මට ඊට පෙර සිහි වන්නේ මුහුණේ මඳක් රැවුල වවාගෙන උපැස් යුවළක් පැලඳ පොකුටු කොණ්ඩයක් ඇතිව ෆයිල් කවරයක් ද අතැති ව කොළඹ විශ්වවිද්‍යාලයේ කඩිමුඩියේ එහා මෙහා ගමන් කළ හීන්දෑරි කොලු ගැටයෙකි.

    ධම්මික බණ්ඩාර

    නියමයි යාළුවා බොහොම ස්තුතියි ...:)
     
    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63
    මම බොහොම හෙමින් තමයි මේ නුල කියවන්න්නේ ... කියවන විදිහට ප්‍රතිය්චාරය දානවා ..... මේක දිගටම කරගෙන යනවනම් ලොකු දෙයක් ..

    බොහොම ස්තුතියි ගීත වල තේරුම දුන්න හැම දෙනාටම
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    අපි හිතනවට වඩා ජීවිතේ හුගාක් වෙනස්ලු..... අපි කවදහරි යථාර්තයට මුහුණ දෙන්න ඕනලු..........

    ඔයාට මතකද මම ඔයාව දුටුව මුල්ම දවස... මගේ හිත මොනවදෝ මටත් හොරෙන් ඔයාගැන කිවුව.... මම කෙල්ලෙක්නේ ඉතින් මටම මම ගැන ලැජ්ජයි... ඔයත් කපටිය වගේ මට ලං වෙලා කතා කරල මාව හදුනගත්ත... පුදුමයි කවදාවත් පිරිමියෙකුට ලං නොවුණු මම ඔයාට නිකම්ම ඇදිල ගියා... යාළුකමට ඇවිත් අපි දෙන්න අපි දෙන්නට හොරෙන්ම ආදරේ කරල....

    ඔයා මටත් හොරෙන්ම මගේ හිත ලගට ආව... ආදරෙන් මාව බලා ගත්ත. සද එළියක් වගේ ඔයා මට කොතරම් නම් සිසිලසක් ආලෝකයක් දුන්නද... ඔයා දන්නවද මම ඔයාට සද එළිය කියන්නෙ ඇයි කියල.. ඉර වගේ නෙමෙයි ඔයාගෙන් එන ආලෝකයෙත් මට සිසිලසක් දැනෙන නිසා... අනේ ඒත් ඒ සිසිලස අද කෝ... මාව මෙහෙම තනි කරලදාල ඔයා යන්න ගිහින්.... එදා හිටිය පුංචි කිරිල්ලි නෙමෙයි මම දැන්... මටත් ගොඩාක් දේවල් තේරෙනව. ඔයා ආයෙ එන්නෙ නෑ නේද... ඇයි එහෙනම් මගේ ලගට අවෙ අයියේ... මේ පුංචි කිරිල්ලි පව් නේද....?

    පුර හඳ ලඟින්ම කඳුළු බිංදුවක් ගෙනත් තියා
    තරු එළියටත් හොරෙන් කෝ ඔබ කොහෙද දුර ගියා

    ඔයා ලග ඉන්න වෙලාවට මට දැනෙනදේ කොහොමද මම වචන වලට ගලපගන්නෙ.... තාත්ත ඇරුණම මම ලංවුණු එකම පිරිමි කෙනා ඔයා... මම ඔයාට කොච්චර හුරු උනාද...? ගෙදරින් එළියට බහින්නෙ ඔයාට කෝල් එකක් නැත්නම් මැසේජ් එකක් තියල.. ගෙදර ආව ගමන් කියනව ඔන්න මම ආව කියල... ඔයත් එහෙමයි මම ගෙදරින් එළියට බැස්ස වෙලේ ඉදල කී සැරයක් නම් මම ගැන හොයනවද...? පොඩ්ඩ එහෙමෙහෙ උනොත් ඔන්න ඉතින් බයවෙලා මට කරදරයක් කියල... මම එච්චර පුංචි නෑ ළමයෝ... ඒත් ඔයා මට සැලකුවේ පොඩි දරුවෙකුට වගේ... මගේ මුළු ඇගටම දැනෙනව අයියේ... මේ ශරීරය මෙහේ ජීවත් උනත් මුළු සිතින්ම ඔයාගෙ වෙලා තමයි ජීවත් උනේ.... වෙලාවකට අපේ අම්ම මට කියනව ඔයා මාව නරක් කරලලු... මම දැන් ලොකු අම්මණ්ඩි කෙනෙක් වගේලු.... ඔයා මාව ඒ තරමටම බලාගන්න නිසානේ අයියෙ මම එහෙම ඔයාට සිතින් සැමියෙකුට වගේ පුද පූජා කරන්නෙ.. දන්නවද කාටවත් නොකිවුවට මේ අම්මණ්ඩි ඒකට හරි ආසයි.. හරිම ආසයි... ඒ ඔක්කොම ඔයා දුන්නු ආදරේ නිසානේ... ඔයානේ මාව හදල ගත්තෙ... ඔයා ආදරේ ගැන මේ ලෝකෙට කියල දෙන්න ආපු දෙවි කෙනෙක්ද කියලත් මට වෙලාවකට හිතුන.....

    මාල මල් ලතා මාලතියක ලියා එවා
    දෑල සිත් විලේ
    සසැලී රැලි සරැලි නගා
    ඔබ ආදරේ කියා දුන්නෙත්
    සඳක් සේ මවා

    ඒත් ඔයා ගිහින් නේ අයියේ.... තාත්ත කියනව ඔයා එන්නෙ නෑ කියන එක පිළිගන්නලු තේරුම් ගන්නලු... ඉතිං ඔයාට මාව දාල යන්න බෑනේ.... ඔයා එනව නේද... නැත්නම් මේ ඔක්කොම අතෑරල මම එන්නද...? ඔයාගෙ පුංචි කෙල්ල නොදන්නා රටක තනිවෙලා වගේ... මම එළියටවත් බහින්නෙ නෑ... මම පව් කියල හිතෙන්නෙ නැද්ද අයියේ... ඔයාට මතකද ඔයා හදට හරි ආසයි කියල ෆෝන් එකෙන් කිව්වම මමත් එළියට එනවා හද බලන්න. මොකද මම දන්නවනේ මගේ අයියත් දැන් මේ හද දිහාම බලනව කියල.. දන්නවද මම තාත්තගෙ ටීෂර්ට් දෙකක් විතර ඇදගෙනයි එන්නෙ එළියට සීතල නිසා.... මම කිටි කිටි ගාල ඒත් වෙවුලනව... ඒත් ඔයා ආස නිසා ඔයාට නොදැනෙන්න ඔයත් එක්ක ෆෝන් එකෙන් කතා කර කර ඉන්නව. මම පවු නේ.... ඔයා වෙනුවෙන් මැරෙන එක මට හරිම පුංචි දෙයක්.. මගේ ජීවිතේම ඔයාට මම වෙන් කලා... ඇයි අයියෙ ඔයා ඒ ජීවිතේ අතරමං කරල ගියේ.... ඔයා කොච්චර කිවුවත් මට තේරෙන්නෙ නෑ නේ.... එහෙම තේරුම් කරන්න නම් මෙච්චර ආදරයක් මට ඔයා දුන්නෙ ඇයි... මේ වෙනකොට මම කී සැරයක් අසනීප උනාද... ඩොක්ටර් අංකල් බෙහෙත් දෙනව, මම බොනව.. ඒත් එයාලට තේරෙනවයැ මට ඔයා ඕන කියල... එයාල මට බොරුවට විහිළු කරනව.... ඇයි අයියෙ මෙහෙම මාව තනි කරල ගියේ... ඔයා යන්නම ඕන කිවුව, අපි දෙන්නට එක් වෙන්න ලැබෙන්නෙ නෑ කියල කිවුව... ඒත් මට ඒ කිසි දෙයක් තේරුනේ නෑනේ... මම ඔයාට යන්න දෙන්නෙම නෑ... ඔයා මට සැර කලානේ... ඒක නිසා තමා යන්න දුන්නෙ.. ඇයි ඉතින් ඔයා මගේ තාත්තිනේ. ඔයා කියනදේ අහන්න එපැයි.. එහෙම කරපු මාව දාල ඔයා ගියේ ඇයි? ගියේ කොහෙද? කියල මට අදටත් හිතාගන්න බෑ අයියෙ...

    ලන්ද මත පිපී මාලති පර වෙලා ගියා
    පින්න පිණි වැටි
    පුර හඳ බොඳ වෙලා ගියා
    ඔබ සෞම්‍ය සඳ කියූ ප්‍රේමය
    කෝ කොහෙද ගියා

    මම ඔයත් එක්ක තරහ නෑ හොදේ... ඔයා කියපු විදියටම මම ඔයා කියපු දේ ඇහුවනේ... ඔයාට යන්න දුන්නනේ... මේ අඩන්නෙ මගේ පුංචි බොලද කමට... මට ඒකට සමා වෙන්න. ඔයාගෙ මේ පුංචි කෙල්ල ඔයාගෙමයි ඔයාගෙ විතරමයි සදහටම හොදේ... මම ලොකු කෙල්ලෙක් වෙන්නම්... ඔන්න එතකොටවත් මට පොඩ්ඩක් හරි ඔයාව බලාගන්න එන්න ඕනිමයි.. මේ ලෝකෙ කොහේ හිටියත් මොහොතකට හරි එන්න අයියේ... ඔයා ගියේ ආයෙ එන්න පුළුවන් තැනකට නේද..?

    මම ඔයාගේ
    පුංචි කිරිල්ලි.

    පුර හඳ ලඟින්ම කඳුළු බිංදුවක් ගෙනත් තියා
    තරු එළියටත් හොරෙන් කෝ ඔබ කොහෙද දුර ගියා

    මාල මල් ලතා මලාතියක ලියා එවා
    දෑල සිත් විලේ
    සසැලී රැලි සරැලි නගා
    ඔබ ආදරේ කියා දුන්නෙත්
    සඳක් සේ මවා

    ලන්ද මත පිපී මාලති පර වෙලා ගියා
    පින්න පිණි වැටි
    පුර හඳ බොඳ වෙලා ගියා
    ඔබ සෞම්‍ය සඳ කියූ ප්‍රේමය
    කෝ කොහෙද ගියා

    පද රචනය - දේවිකා ජයසුන්දර
    තනුව - විමල් දයානන්ද
    ගායනය - මංගලිකා තෙන්නකෝන්

    (තරහගන්න එපා යාළුවනේ මේ වගේ විචාරයක් දැම්මට...... ) මෙහි ඇති වචන 100% මගේ පුද්ගලික අත්දැකීමක්. ඇය දුන් ආදරයට මෙම විචාරය උපහාරයක්ම වේවා...!!!

    a song and its lyrics say a thousand things words can't..and I think you've presented a nice interpretation to this particular song...:) that is the beauty of music or art..different people can perceive it differently and give it their own meanings.
    by doing that, they can let other people know who they really are..when a song like that is on air, you always stop and think..
    anyway, I once heard this song and thought, 'kandulu binduwa' meant a baby..:P I love giving songs interpretations.
    btw, thanks for sharing this, will go thru other posts too.thanks bro
     
    Halloween

    Member
    Nov 2, 2007
    601
    2
    0
    මේක සිරා ත්‍රෙඩ් එකක්. ගීත විචාර හා නිධාන කතා අපිට කියල දෙන මිතුරන් හැමෝටම බොහොම පිං

    ඔයාල දන්නවද, අපේ සහෘද ගායක මිල්ටන් මල්ලවාරච්චි මහත්තය අපෙන් වියෝ වෙලා අදට වසර 14ක් වෙනව. එතුමා වියෝ උනත් එතුමාගෙ නිර්මාණ සදා අමරණීයයි.
     
    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,763
    866
    113
    ස්වර්ණවිමානේ
    අපි හිතනවට වඩා ජීවිතේ හුගාක් වෙනස්ලු..... අපි කවදහරි යථාර්තයට මුහුණ දෙන්න ඕනලු..........
    ඔයාට මතකද මම ඔයාව දුටුව මුල්ම දවස... මගේ හිත මොනවදෝ මටත් හොරෙන් ඔයාගැන කිවුව.... මම කෙල්ලෙක්නේ ඉතින් මටම මම ගැන ලැජ්ජයි... ඔයත් කපටිය වගේ මට ලං වෙලා කතා කරල මාව හදුනගත්ත... පුදුමයි කවදාවත් පිරිමියෙකුට ලං නොවුණු මම ඔයාට නිකම්ම ඇදිල ගියා... යාළුකමට ඇවිත් අපි දෙන්න අපි දෙන්නට හොරෙන්ම ආදරේ කරල....

    ඔයා මටත් හොරෙන්ම මගේ හිත ලගට ආව... ආදරෙන් මාව බලා ගත්ත. සද එළියක් වගේ ඔයා මට කොතරම් නම් සිසිලසක් ආලෝකයක් දුන්නද... ඔයා දන්නවද මම ඔයාට සද එළිය කියන්නෙ ඇයි කියල.. ඉර වගේ නෙමෙයි ඔයාගෙන් එන ආලෝකයෙත් මට සිසිලසක් දැනෙන නිසා... අනේ ඒත් ඒ සිසිලස අද කෝ... මාව මෙහෙම තනි කරලදාල ඔයා යන්න ගිහින්.... එදා හිටිය පුංචි කිරිල්ලි නෙමෙයි මම දැන්... මටත් ගොඩාක් දේවල් තේරෙනව. ඔයා ආයෙ එන්නෙ නෑ නේද... ඇයි එහෙනම් මගේ ලගට අවෙ අයියේ... මේ පුංචි කිරිල්ලි පව් නේද....?

    පුර හඳ ලඟින්ම කඳුළු බිංදුවක් ගෙනත් තියා
    තරු එළියටත් හොරෙන් කෝ ඔබ කොහෙද දුර ගියා

    ඔයා ලග ඉන්න වෙලාවට මට දැනෙනදේ කොහොමද මම වචන වලට ගලපගන්නෙ.... තාත්ත ඇරුණම මම ලංවුණු එකම පිරිමි කෙනා ඔයා... මම ඔයාට කොච්චර හුරු උනාද...? ගෙදරින් එළියට බහින්නෙ ඔයාට කෝල් එකක් නැත්නම් මැසේජ් එකක් තියල.. ගෙදර ආව ගමන් කියනව ඔන්න මම ආව කියල... ඔයත් එහෙමයි මම ගෙදරින් එළියට බැස්ස වෙලේ ඉදල කී සැරයක් නම් මම ගැන හොයනවද...? පොඩ්ඩ එහෙමෙහෙ උනොත් ඔන්න ඉතින් බයවෙලා මට කරදරයක් කියල... මම එච්චර පුංචි නෑ ළමයෝ... ඒත් ඔයා මට සැලකුවේ පොඩි දරුවෙකුට වගේ... මගේ මුළු ඇගටම දැනෙනව අයියේ... මේ ශරීරය මෙහේ ජීවත් උනත් මුළු සිතින්ම ඔයාගෙ වෙලා තමයි ජීවත් උනේ.... වෙලාවකට අපේ අම්ම මට කියනව ඔයා මාව නරක් කරලලු... මම දැන් ලොකු අම්මණ්ඩි කෙනෙක් වගේලු.... ඔයා මාව ඒ තරමටම බලාගන්න නිසානේ අයියෙ මම එහෙම ඔයාට සිතින් සැමියෙකුට වගේ පුද පූජා කරන්නෙ.. දන්නවද කාටවත් නොකිවුවට මේ අම්මණ්ඩි ඒකට හරි ආසයි.. හරිම ආසයි... ඒ ඔක්කොම ඔයා දුන්නු ආදරේ නිසානේ... ඔයානේ මාව හදල ගත්තෙ... ඔයා ආදරේ ගැන මේ ලෝකෙට කියල දෙන්න ආපු දෙවි කෙනෙක්ද කියලත් මට වෙලාවකට හිතුන.....

    මාල මල් ලතා මාලතියක ලියා එවා
    දෑල සිත් විලේ
    සසැලී රැලි සරැලි නගා
    ඔබ ආදරේ කියා දුන්නෙත්
    සඳක් සේ මවා

    ඒත් ඔයා ගිහින් නේ අයියේ.... තාත්ත කියනව ඔයා එන්නෙ නෑ කියන එක පිළිගන්නලු තේරුම් ගන්නලු... ඉතිං ඔයාට මාව දාල යන්න බෑනේ.... ඔයා එනව නේද... නැත්නම් මේ ඔක්කොම අතෑරල මම එන්නද...? ඔයාගෙ පුංචි කෙල්ල නොදන්නා රටක තනිවෙලා වගේ... මම එළියටවත් බහින්නෙ නෑ... මම පව් කියල හිතෙන්නෙ නැද්ද අයියේ... ඔයාට මතකද ඔයා හදට හරි ආසයි කියල ෆෝන් එකෙන් කිව්වම මමත් එළියට එනවා හද බලන්න. මොකද මම දන්නවනේ මගේ අයියත් දැන් මේ හද දිහාම බලනව කියල.. දන්නවද මම තාත්තගෙ ටීෂර්ට් දෙකක් විතර ඇදගෙනයි එන්නෙ එළියට සීතල නිසා.... මම කිටි කිටි ගාල ඒත් වෙවුලනව... ඒත් ඔයා ආස නිසා ඔයාට නොදැනෙන්න ඔයත් එක්ක ෆෝන් එකෙන් කතා කර කර ඉන්නව. මම පවු නේ.... ඔයා වෙනුවෙන් මැරෙන එක මට හරිම පුංචි දෙයක්.. මගේ ජීවිතේම ඔයාට මම වෙන් කලා... ඇයි අයියෙ ඔයා ඒ ජීවිතේ අතරමං කරල ගියේ.... ඔයා කොච්චර කිවුවත් මට තේරෙන්නෙ නෑ නේ.... එහෙම තේරුම් කරන්න නම් මෙච්චර ආදරයක් මට ඔයා දුන්නෙ ඇයි... මේ වෙනකොට මම කී සැරයක් අසනීප උනාද... ඩොක්ටර් අංකල් බෙහෙත් දෙනව, මම බොනව.. ඒත් එයාලට තේරෙනවයැ මට ඔයා ඕන කියල... එයාල මට බොරුවට විහිළු කරනව.... ඇයි අයියෙ මෙහෙම මාව තනි කරල ගියේ... ඔයා යන්නම ඕන කිවුව, අපි දෙන්නට එක් වෙන්න ලැබෙන්නෙ නෑ කියල කිවුව... ඒත් මට ඒ කිසි දෙයක් තේරුනේ නෑනේ... මම ඔයාට යන්න දෙන්නෙම නෑ... ඔයා මට සැර කලානේ... ඒක නිසා තමා යන්න දුන්නෙ.. ඇයි ඉතින් ඔයා මගේ තාත්තිනේ. ඔයා කියනදේ අහන්න එපැයි.. එහෙම කරපු මාව දාල ඔයා ගියේ ඇයි? ගියේ කොහෙද? කියල මට අදටත් හිතාගන්න බෑ අයියෙ...

    ලන්ද මත පිපී මාලති පර වෙලා ගියා
    පින්න පිණි වැටි
    පුර හඳ බොඳ වෙලා ගියා
    ඔබ සෞම්‍ය සඳ කියූ ප්‍රේමය
    කෝ කොහෙද ගියා

    මම ඔයත් එක්ක තරහ නෑ හොදේ... ඔයා කියපු විදියටම මම ඔයා කියපු දේ ඇහුවනේ... ඔයාට යන්න දුන්නනේ... මේ අඩන්නෙ මගේ පුංචි බොලද කමට... මට ඒකට සමා වෙන්න. ඔයාගෙ මේ පුංචි කෙල්ල ඔයාගෙමයි ඔයාගෙ විතරමයි සදහටම හොදේ... මම ලොකු කෙල්ලෙක් වෙන්නම්... ඔන්න එතකොටවත් මට පොඩ්ඩක් හරි ඔයාව බලාගන්න එන්න ඕනිමයි.. මේ ලෝකෙ කොහේ හිටියත් මොහොතකට හරි එන්න අයියේ... ඔයා ගියේ ආයෙ එන්න පුළුවන් තැනකට නේද..?

    මම ඔයාගේ
    පුංචි කිරිල්ලි.

    පුර හඳ ලඟින්ම කඳුළු බිංදුවක් ගෙනත් තියා
    තරු එළියටත් හොරෙන් කෝ ඔබ කොහෙද දුර ගියා

    මාල මල් ලතා මලාතියක ලියා එවා
    දෑල සිත් විලේ
    සසැලී රැලි සරැලි නගා
    ඔබ ආදරේ කියා දුන්නෙත්
    සඳක් සේ මවා

    ලන්ද මත පිපී මාලති පර වෙලා ගියා
    පින්න පිණි වැටි
    පුර හඳ බොඳ වෙලා ගියා
    ඔබ සෞම්‍ය සඳ කියූ ප්‍රේමය
    කෝ කොහෙද ගියා

    පද රචනය - දේවිකා ජයසුන්දර
    තනුව - විමල් දයානන්ද
    ගායනය - මංගලිකා තෙන්නකෝන්

    (තරහගන්න එපා යාළුවනේ මේ වගේ විචාරයක් දැම්මට...... ) මෙහි ඇති වචන 100% මගේ පුද්ගලික අත්දැකීමක්. ඇය දුන් ආදරයට මෙම විචාරය උපහාරයක්ම වේවා...!!!

    ela kollo ela

    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,763
    866
    113
    ස්වර්ණවිමානේ
    හඳ අපට අමතක කළ හැකිද? නොහැකි ය. එසේ වන්නේ රාත්‍රියේ හඳපායන නිසා ම නොවේ. ප්‍රේමය සහ හඳ අතර අන්‍යොන්‍ය බැඳීමක් පවතින බැවිනි. මට මේ මොහොතේ ඩෝල්ටන් අල්විස් ශූරීන්ගේ කවිපන්තියක් සිහිවෙයි.
    ”සඳරැස් වැටී මිදුලේ දිය විය අඳුර
    සුළඟට වැනේ වැට අද්දර උණ පඳුර
    අද ගෙයි නිදනු බෑ ඇහුන ද ප්‍රිය සොඳුර
    පිල උඩ එළා දෙනු මගෙ බොරු පන් පැදුර”

    (ඩෝල්ටන් අල්විස්)

    මේ කවි පන්තිය ඩෝල්ටන් අල්විස් නම්කර තිබුණේ “ප්‍රේමය හා සඳ එළිය” යනුවෙනි. ඒ තරම්ම සඳ හා සඳඑළිය ප්‍රේමය සමඟ බද්ධ වී පවතී. සඳඑළිය වූ කලී පෙම්වතුන් ගේ සිත් මෝහනය කරන්නකි. විරහ විරහනීන් ගේ විරහව අවුළුවන්නකි. එසේම සඳ ස්ත්‍රීන්ගේ මුහුණට යෙදූ සුලබ උපමාවකි. තම ආදරවන්තිය සිහිකරවන අපූර්ව වස්තුවකි. කවියන්ගේ කවි සිතුවිලි අවදිකරවන්නකි. මට රත්න ශ්‍රී විජේසිංහයන්ගේ අපූර්ව පදමාලාවක් සිහිවේ.

    දුරු කතර ගෙවාගෙන
    මං නොකියම ආවට
    මට සමාවෙයන් බණ්ඩර මැණිකේ
    අර බලන්න අර පුර හඳ අහසේ
    (රත්න ශ්‍රී විජේසිංහ)

    යාළු බාල සඳේ
    කඳු මුදුනේ මොකද කරන්නේ
    මා දෙසම නොවෙ ද නෙත් නොසලා
    බලා සිටින්නේ
    ඈ සිටින තැනට මටත් හොරා
    මා ගෙන යන්නේ
    ඇගෙ නළල් තලේ අහස් වලා
    පෙළේ අඳින්නේ
    දුරක සිටින මගෙ තනිකම
    අහසෙ සිටින ඔබට පමණි
    දැනුණේ යාළු
    විරහ තාපයේ දැඩිකම
    හිත් පිත් ඇති අයටත් නෑ
    දැනුණේ යාළු

    ඈ දැකුමට නළියන හිත
    ඇගෙ නළලේ හැඩරුව දැක
    සැනසෙයි යාළු
    ඇගේ රුවින් බිඳුවක් ගෙන
    හෙටත් ඈත කඳු මුදුණේ
    හිනැහෙන් යාළු

    පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
    සංගීතය - සෝමතිලක ජයමහ
    ගායනය - සෝමතිලක ජයමහ

    පුරහඳ පමණක් නොව අඩහඳ ද කාව්‍යක්කාරයන් අතහැරියේ නැත. ස්ත්‍රීන් ගේ පටු නළල ඔවුහු අඩහඳට සමාන කළහ. මේ ඉපැරැණි කාව්‍යාලංකාරය නව්‍ය මුහුණුවරකින් ඉදිරිපත් කිරීමට සුනිල් ආරියරත්නයෝ සමත්වෙති. උත්ප්‍රේක්ෂාලංකාර හා වක්‍රෝතීන් මනාව හසුරවමින් රචකයා අඩහඳ මිතුරකු බවට පත්කර ගනී. ඒ අඩහඳ තරුණ පෙම්වතකු ගේ යහළුවකු බවට පත්කොට අපූර්ව කාව්‍යොක්තියක් ගේය පදයකට සම්මිශ්‍රණය කරනු ලබයි.

    යාළු බාල සඳේ කඳු මුදුනේ
    මොකද කරන්නේ
    මා දෙසම නොවෙද නෙත් නොසලා
    බලා සිටින්නේ
    ඈ සිටින තැනට මටත් හොරා
    මා ගෙන යන්නේ
    ඇගෙ නළල් තලේ අහස් වලා
    පෙළේ අඳින්නේ

    ගී පද මාලාවෙන් මුණගැසෙන්නේ තම පෙම්වතිය දැකගැනීමට නොහැකි ව ළතවන යෞවනයෙකි. විරහ වේදනාවෙන් මිරිකෙමින් සිටින ඔහුට කඳුමුදුනට පායා ඇති අඩසඳ ඇසගැටෙයි. ඒ අඩසඳ ඔහුට සිහිගන්වන්නේ තම සුන්දරියගේ නළල් තලයයි. ඇය සිටින දුර ඈත ඉසව්වට ඔහුගේ සිතුවිලි කැඳවාගෙන යාමට මේ අඩසඳ සමත්වෙයි. මේ සඳපළුව ඔහුට යාළු බාල සඳක් වන්නේ එබැවිනි. ඔහුගේ සුන්දරියගේ පටු නළල අඩසඳක් හා සමාන බව රචකයා ව්‍යංගයෙන් සන්නිවේදනය කර සිටියි.

    දුරක වෙසෙන මගෙ තනිකම
    අහසෙ සිටින ඔබට පමණි දැනුණේ යාළු
    විරහ තාපයේ දැඩිකම
    හිත් පිත් ඇති අයටත් නෑ දැනුණේ යාළු

    ඔහු මේ බාල සඳට තම කෘතවේදී බව පළකර සිටී. ඔුගේ හදවත තුළ කැටිගැසුණු ආදරයේ වපසරිය එයින් මොනවට ප්‍රත්‍යක්ෂ වෙයි. ඒ අතර ඔහු සමාජයට චෝදනා කරයි. විරහ වේදනාවක බරපතළකම සිත්පිත් ඇති මිනිසුන් වටහා නොගත්ත ද මේ අජීවී අඩසඳ ඒ වේදනාවේ ගැඹුර වටහාගත් බව ඔහු ප්‍රකාශ කරයි.
    චිකමත්සු නම් ජපන් නාට්‍යකරුවා පවසා ඇත්තේ කලාව වූ කලී සත්‍යයේ හා කල්පිතයේ සංයෝගයක් බවයි. මේ යෞවනයාගේ විරහ වේදනාවේ වපසරිය සුනිල් ආරියරත්නයන් තම කල්පිතයට මනාව හසුකර ගනී. වර්තමාන ගේය පද රචකයන්ට අපූර්ව පාඩමක් මේ ගේය පද රචනාව තුළ අන්තර්ගතය. බාලසඳට ඔහු දක්වන කෘතවේදීතාවයේ මේ යෞවනිය කෙරෙහි යෞවනයා දක්වන අපරිමිත ආදරය ගැබ්වී තිබේ.
    sunil.jpg
    සුනිල් ආරියරත්න
    ”ඈ දැකුමට නළියන හිත
    ඇගෙ නළලේ හැඩරුව දැක සැනසෙයි යාළු
    ඇගේ රුවින් බිඳුවක් ගෙන
    හෙටත් ඈත කඳු මුදුණේ

    දෛවයේ සරදමක් විසින් ඇය ඔහුගෙන් මේ මොහොතේ දුරස්කර තිබේ. ඔහුගේ සිතුවිලි ඈ දැකගැනීමේ ආශාවෙන් නළියයි. එහෙත් මේ යෞවනයා උපේක්ෂාව ප්‍රදර්ශනය කරයි. මේ අඩසඳ දැකීමෙන් ඔහු හිත හදාගැනීමට සැරසෙයි. ඒ සුන්දර නළල් තලාව අඩහඳෙන් දැකීමෙන් ඔහු සැනසීම ළඟා කරගනී.
    යළි කවදා ඈ දකින්නට හැකිවේදැයි ඔහුට නිගමනය කළ නොහැකි ය. එතෙක් ඔහුගේ හිත හදන්නට සිටින එක ම මිතුරා යාළු බාල සඳයි.

    ”ඇගේ රුවින් බිඳුවක් ගෙන
    හෙටත් ඈත කඳුමුණේ හිනැහෙන් යාළු”

    නැමැති ප්‍රකාශයෙන් ඔහුගේ අසරණ බව මූර්තිමත් වෙයි. ඒ සමඟ ම භද්‍රයෞවනය උරුම සෞන්දර්යාත්මක ප්‍රේමයක විරහ වේදනාව මනාව සටහන් වේ.
    somatilaka.jpg
    සෝමතිලක ජයමහ
    අප තත්සර ඇසුරේ ලියා තැබූ බොහෝ ගීත මෙන්ම මෙය ද අපට නෑසෙන ගීයකි. මට මගේ යෞවනය සිහිවෙයි. මගේ මවුපියෝ ඈත පිටිසර පාසලක ගුරු නිවාසයක නවාතැන් ගෙන උන්හ. ඒ ගුරු නිවාසයේ ඉස්තෝප්පුවේ කොට බිත්තියක හිඳගෙන රාත්‍රියේ ගුවන් විදුලියට සවන්දීමේ පුරුද්දක් මට තිබිණි. පාසලේ පිට්ටනිය ඒ ඉදිරිපිටින් පැවැති අතර ඊට එපිටින් කුඩා කඳු ගැටයක් පැවතිණි. මේ කුඩා කඳුගැටය මතට පුරහඳ මෙන්ම අඩහඳ ද උදාවූ රාත්‍රී ගණනාවක් පැවතිණි.
    එවැනි සඳ ඇති රාත්‍රියක මම මේ ගීතය එකල රජරට සේවයෙන් ශ්‍රවණය කළ අයුරු මට තාමත් මතක ය.
    එකල කොහේ හෝ යෞවනියක ගේ රුවක් මා සිත තුළ ද අරක්ගෙන තිබිණි. “යාළුබාල සඳේ” ගීතය ඇසෙද්දී මා තුළ ශෝකයක් ද සුන්දරත්වයක් ද අපරිමිත ලෙස රැඳුණු අයුරු මට මතක ය. ඒ සොඳුරු බව ඈ මේ ගීතය සිහිවෙද්දී මගේ මතකය සසල කරවයි. අද ඇසෙන නිර්මාණයක ඒ ආස්වාදය සොයාගත හැකිද?

    ”ලියාගන්න සින්නක්කර
    දෙනවද මට ඔය ඇස් දෙක”
    :lol::lol::lol::lol::lol:
    :growl::growl::growl::growl::growl::growl::growl:

    මෙබඳු පදමාලා ඇසෙද්දී අර පැරණි සුන්දරත්වය ශෝකයකට පෙරළි අනතුරු ව කෝපයක් බවට පත්වෙයි. මේ පෑනට පිහිතලයක් සවිකළ හැකි නම් මම මේ පද රචකයන් හා ගායකයන් ඝාතනය කරමි. නැතිනම් මම මගේ ගෙල සිඳගනිමි.
    ධම්මික බණ්ඩාර
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රෙද්ද පල්ලෙන් පෙරෙන සුචරිතයට ගැසූ අතුල් පහර..........

    විනේ කටින උන්..........

    විනේ කටින උන්
    විනේ කටින උන් තරහක් නොකියාම
    කණේ කොහොඹ මිරිකනවා හැමදාම
    ගුණේ රැකං ඉන්නලු මල හිමිගේම
    වනේ නැතුව උන්
    වනේ නැතුව උන් දුක දන්නේ කෝම.....???

    ගමේ ගැටව් කරබාගෙන උන්නාට
    විසේ නැග්ග නාකිත් පිළ උඩ රෑට
    නෙලා ගනින් යයි කප් රුක පිදුවාට
    ඉනේ රෙද්දමයි හිටියේ හරහාට

    විනේ කටින උන්
    විනේ කටින උන් තරහක් නොකියාම
    කණේ කොහොඹ මිරිකනවා හැමදාම
    ගුණේ රැකං ඉන්නලු මල හිමිගේම
    වනේ නැතුව උන්
    වනේ නැතුව උන් දුක දන්නේ කෝම.....???

    දැලේ කිරට මුර ගහනා පැටියන්ට
    අනේ කවුද ඉන්නේ වෙලක් දෙන්ට
    ලිපේ ගින්න තුන් වරුවේ අවුලන්ට
    වරෙව් මහතුනේ කුනු කය වළදන්ට

    විනේ කටින උන්
    විනේ කටින උන් තරහක් නොකියාම
    කණේ කොහොඹ මිරිකනවා හැමදාම
    ගුණේ රැකං ඉන්නලු මල හිමිගේම
    වනේ නැතුව උන්
    වනේ නැතුව උන් දුක දන්නේ කෝම.....???

    ප්‍රදීපා ධර්මදාස අප හදුනන්නේ ඇය හිමි ඩලස් පත්තරකාරයෙක් ව ඉන්නා සමයේ, ඔවුන් ගේ පෙම් පුරාවත පවතින කළ සිටමය. සයිවර් කඩයකට වැදී සිය පත්තර සගයන් සමග වේලක් බුදීම ආනන්දය කරගත් මුන් දෙදෙනා ගේ ප්‍රේමය එකල යෞවනයේ සිටි අපහට ගෙනාවේ මහත් වූ ආශ්වාදයකි. ප්‍රදීපා ගායනා කල ගීත වලින් කුහක සුචරිතවාදීන් ගේ කණට ගසන මේ ගීතය, මා ඉතාමත් ප්‍රිය කරන එකකි. එය ලියා ඇති දරා ගත නොහෙන මට්ටමේ සරොස රැදි ආඛ්‍යයන රීතිය එයට හේතුව යයි සිතමි.

    සැමියා මිය ගිය බිරිදක ගේ කුටුම්භ රක්ෂණය පිළිබද අර්බුදය මෙම ගීයේ තේමාවය. පතියා මිය ගිය කල්හි ඔහු ගේ සියළු ම ගුණ කද රැක ගෙන ඉන්නට අවවාද කරන සමාජය ම, ඇගේ දිළිදුකම අවිය කොට ගනිමින් ඇගේ ඇග මස වෙන්දේසි කරන හැටි මේ ගීතය අපට කියයි. මේ උවදෙස් දීම අර්බුදයේ මුව විට සිටින ඇගේ "කනේ කොහොඹ මිරිකීමකි" කොතරම් අපූරුද මේ උපමාව ම? කුටුම්භ රක්ෂණයේ අර්බුදය නොදන්නා උන් ගෙදර බත ඉදවීම සිට දරුවන් ගේ කුදු මහත් කාර්යයන් තනි ගැහැණියක ගේ කරපිට පැටවී ඇති "වණය" නොදකිති. ඉදින් -වණේ නැතුව උන්-දුක දන්නේ කොහොමද?

    ගමේ ගැටව් කරබාගෙන උන්නාට
    විසේ නැග්ග නාකිත් පිළ උඩ රෑට
    නෙලා ගනින් යයි කප් රුක පිදුවාට
    ඉනේ රෙද්දමයි හිටියේ හරහාට

    සැමියා මිය පරලොව ගොස් තනිවන තරුණ මව්වරුන් සමග කොටු පනින්නට බලන් ඉන්නේ තරුණයන් නොවේ. "විසේ නැග්ග" නාකියන්ය. මුදලට ගත පුදනු පිණිස මේ ගැහැණිය පොළඹවන්නේ මේ ඊනියා සුචරිතය අපුල්ලන, එය ම වර්ණනා කරන වැඩිහිටි-මහළු පිරිමින්ය. අහෝ මෙහෙම ගැහිල්ලක් නම් මම අම්මා මුතුන් කාලයක ගීතයකින් අසා නැති. මේ පිරිමින් වුවද ඇගේ සිරුර මිළ දී ගන්නට අත පිරෙන්නට මුදල් දීමට සැරසුණ ද, එයද අර්බුදයක් ම වන්නේ ඊනියා සදාචාරය-සුචරිතමේනියාව නිසාය. මහල්ලන් කප් රුක පිදුවද ඇගේ "ඉනේ රෙද්ද' -" හරහට" සිටින්නේ එබැවිනි.

    දැලේ කිරට මුර ගහනා පැටියන්ට
    අනේ කවුද ඉන්නේ වෙලක් දෙන්ට
    ලිපේ ගින්න තුන් වරුවේ අවුලන්ට
    වරෙව් මහතුනේ කුනු කය වළදන්ට

    දරුවන් සමග ආර්ථික ආගාධයේ ගිලෙන තරුණ මව ගේ පැණය මෙයයි. තම දරුවන්ට වේලක් වත් කන්නට දෙන්නේ කවුද? සැමියා ගේ ගුණ රැකගෙන ඉන්නට බල කරන සමාජය ඇගේ ඒ පැණය ගැන බලන්නේ නැත. ඇයට සරණක් නැත. තම දරුවන් ගේ උදර පොහොණිය, ඊනියා සුචරිතවාදීන් බලන්නේ නැත. එනිසා ඇයට නිවසෙහි ආර්ථික ආගාධයෙන් ගොඩ ඒමට නම්, මේ "මහතුන්" හට සිය කුණු කය වළදන්නට දීමට සිදුවේ.

    කණට ගසන තරම් දරුණු වූ උත්ප්‍රාසයක් ජනනය කරමින් මේ ගීතය ලියා ඇති ගේය පද රචකයා රත්මලේ බන්දුල ගුණවර්ධනයන්ය. අපේ ඊනියා සදාචාරය, සුචරිතය ගැන බණ දෙසාබාන කුහක සමාජය මෙතරම් ගර්හාවටත්, නිගරුවටත් පත් කළ ගී පද රචනයක් වෙනත් තැන සොයා ගැනීම උගහටය.

    යූ ටියුබ් රූපපෙළක් සොයා ගැනීමට නොහැකිවිය. අසනු කැමති සොයුරු සොයුරියන් මෙම දිගුව ඔස්සේ ගොස් බාගත කරගත මැනව.
    පිළිවන් නම් මේ ගියට රූප පෙළක් රචනා කොට ඒ යූ ටියුබය වෙත උඩු ගත කිරීම හෙල සුභාවිත ගීතයෙහි වෙර පිණිසම බව ද නොකියාම බැරිය.

    විණේ කටින උන්-ප්‍රදීපා ධර්මදාස
     
    Last edited:
    • Like
    Reactions: nalaka526

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949

    niyamayi yalu
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මේ ත්‍රඩ් එකේ ඉන්නෙ සංගීතයට ගීතයට ආදරය කරන පිරිසක්.. මට ගීත විචාර කරන්න හෑකියාවක් නෑ. එත් බ්ලොග් හා පොත පත කියවල මතක තියාගත්ත ශ්‍රී ලංකාවෙ සංගීත ලෝකයේ අමතක කරන්නම බෑරි සිද්දි ටිකක් තියනව . ඔය ගොල්ලනෙ අවසරය , කෑමෑත්ත තියනවම් මම දාන්නම්.. මොකද කියන්නෙ???
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මේ ත්‍රඩ් එකේ ඉන්නෙ සංගීතයට ගීතයට ආදරය කරන පිරිසක්.. මට ගීත විචාර කරන්න හෑකියාවක් නෑ. එත් බ්ලොග් හා පොත පත කියවල මතක තියාගත්ත ශ්‍රී ලංකාවෙ සංගීත ලෝකයේ අමතක කරන්නම බෑරි සිද්දි ටිකක් තියනව . ඔය ගොල්ලනෙ අවසරය , කෑමෑත්ත තියනවම් මම දාන්නම්.. මොකද කියන්නෙ???

    අවසරයක් අනවශ්‍යයි... අපිට වඩා මෙහි අයිතිය ඔබ සතුයි සහෝදරයා....
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,470
    17,588

    :):):)
     
    elzzzz danana sahoo...:yes::yes::yes:
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    අවසරයක් අනවශ්‍යයි... අපිට වඩා මෙහි අයිතිය ඔබ සතුයි සහෝදරයා....

    මම එහෙම හිතන්නෙ නෑ යාලු.. එහෙනම් මම දන්න ටික හෙමිහිට දාන්නම

    elzzzz danana sahoo...:yes::yes::yes:

    හරි යාලු මම දන්න්නම්
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    අපේ සංගීතය ඔක්තපෑඩ් කරනය වෙන්නෙ 1990 දකය මෑද හරියෙදි ඒ කියන්නෙ කපුගේ මහත්තය සන්ෆ්ලවර් සමග ගීත එකතුවක් කිරීමත් සමගයි..

    ලංකාවෙ මුල්ම එෆ් එම් නාලිකාව තමා සිරස එෆ්.එම් ඔවුන් තමා මුලින්ම එෆ්.එම් තරන්ග ඔස්සේ පරේක්ශනාත්මක විකාශයක් අරබනව..
    නමුත් මොවුන් හරියටම විකාශය අරබන්නෙ1994.03.04 දින..
    කොහොම හරි ලංකාවෙ මුල්ම එෆ්.එම් නාලිකාවෙ ගෞරවය ලබාගන්න ඕනෙ නිසාම හදිස්සියෙම1993 12.31 රෑ 12ට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංථාව සිටි.එෆ් එම් විකාශය අරබනව

    මම හිතන විදිහට.... ල0කාවෙ සන්ගීතය ඔක්තපෑඩ් කරනය වෙන්නෙ සන්ෆවර් හරහා.. එතනින් තමා බාවාත්මක ගීතවල අබාවයත්, සීනිබෝල ගීත වල උපතත් සිදුවන්නෙ.

    මල් ගෑන සින්දු කියල කියල අනිතිමට මලක් නෑති උනාම කෙහෙල් මලටත්, වීදුරු මලත් සින්දු කියපු යුගය පටන්ගන්නෙ ඔය සන්ෆවර් රෑල්ලෙන්...

    මේරියන්ස් හා ජිප්සීස් කියන්නෙ මොන රෑල්ල ආවත් තමන්ගෙ අනන්නතාවය සහ ශයිලය එකම විදිහට පවත්ව ගත් කන්ඩායම් දෙකක්.. අදටත් ඔවුන් ජනප්‍රිය වීමට හේතුව ව්දිහට මම දකින්නෙ ඒක..

    ඒත් සමගම කන්ඩායම් සන්ගීතය පටන්ගත් ක්ලෑරන්ස් විජේවර්දනයක් (70 දශකය ) වන්මෑන් ශෝ පටන් ගත්ත ආත්මා ලියනගේ වගේ අයත් සන්ගීත ලෝකය වෙන්ස් කරපු අය..

    ඒත් එක්කම රූකාන්ත ගුනතිලකයන් තමා සම්ප්‍රදාය බිදගෙන වෙනමම විදිහක් පටන්ගන්නෙ... ගායනයෙන් සහ ස්0ගීත නිර්මානයෙන්...

    ල0කාවට මුලින්ම රෑප් කියන දේ ගේන්නෙ ශිරාශ් (ද රූඩ් බෝයී)

    ල0කාවට ඩ්ජිටල් මියුසික් එහෙමත් නෑත්නම් පරිගනකයෙන් ගීත සෑදීම මුලින්ම ගෙන එන්නෙ දිලුප් ගබඩාමුදලි සහ ජගත් වික්‍රමසිඔහයන් විසිනුයි

    ඊට පස්සෙ බාතිය සහ සන්තුශ් නිකුත් කරන වසන්තයේ ඈල්බමය අලුත්ම පරිච්චේදය්ක් අරබනව..
    ඒත් ඔවුන්ට වෑඩි පුරම එන්නෙ ගල් මුල්..

    ඊට පස්සෙ බෑනුම් අහන බාතියල දුකා අයිය (වාන්ත දුක්ගන්නාරාල ) කියල රන් කුරහන් මල ගීතය ලියාගන්නෙ.. ලන්කාවෙ ස0ගීතය වෙනම ම පෑත්තකට දාන ගීය තාමා මේක.. ඒත් එක්කම වර්තමාන මියුසික් වීඩියෝ කලාවෙ උපත තමා වේ වීඩියෝ එක..

    ඒත් එක්කම රන් කුරහන් මල ගීතය ඉතිහාස ගතවෙනව පලමුවරට මියුසික් වීඩියෝවක්තුල වෙලදප්‍රචාරය කරපු මියුසික් විඩීයෝව විදිහට එහි ගෞරවය හිමිවන්නෙ වසන්ත දුක්ගන්නාරලයන්ටම තමා

    ඊට පස්සෙ අහන් කාර නගරේ රීමික්ස් එකක් ඒදීහට එලියට එනව.. ඉරාජ් වීරරත්න.. ඔහු පටන්ගන්නව පන්ජාබි රෑල්ලක්...
    බාතිය සහ සන්තුශ් ඉරාජ් අනූව යමින් නේත්තරා ගීතය සහ ඈල්බමය එලි දක්වනව.. මේ එක්කම ඉරාජ් සහ බාතිය අතර සීතල යුද්දයක් පටන් ගන්නව..
    කොහොම හරි මේ යුද්දෙ උච්චතම අවස්තාව තමා ඔවුන් දෙදෙනාම වෙන වෙන්ම සාවනකා කියන පෑරනි හින්දිගීතය රීමික්ස් කිරීම..

    මේ ඔක්කෝම මෙහෙම් වෙද්දි.. ලන්කාවෙ පලමු වරට සන්ගීත නිර්මාන ශිල්පියෙකු විසින් ගීත එකතුවක් එලි දක්වනව.. ඒ තමා ඉරාජ් ගෙ පලමු ගීත එකතුව... දුශාන්ත වීරමන්, හිරාන් තේනුවර වගේ ශිල්පීන් මෙ ඈල්බයෙන් තමා ගීත ලෝකට පිවිසෙන්නෙ

    මේ අතර ජෝති පාලයන්ගෙ සිරියමෙ සරා ගීතය්ට සමාන ලෙස ගීතයක් එලියට එනව ඩාක් ඒන්ජ්ල් කියල.. ඒගීතය ඈවිත් වසර දෙකකට විතර පස්සෙ තමා සෙන්ටිග්‍රේඩ්ස් ඊට මියුසික් විඩියෝවක් කරන්නෙ.. ප්‍රවීන් ජයරත්න මියුසික් විඩියෝ කලාවට පිවිසෙන්නෙත්, ග්‍රෙෆිල්ක් තාක්ශනය යොදාගන්නෙත් මේ වීඩියෝඑකේදි

    එතකොට රොමේශ් ලක්ශාන්,ඩෑඩී, ශිහාන් වගේ අය පවතින රෑල්ලෙන් පිට ගිහින් තමන්ගේම අනන්යතාවක් ගොඩනගාගන්නව..

    දිනේශ් කනකරත්න, රුක්ශාන් මර්ක්, ලහිරු වෙන්මම විදිහට ඉස්සරහවෙනව,..

    මේ ඔක්කොම අස්සෙ වසර 20කට පසු ජිප්සීස් එලි දක්වන ඈල්බමය ඈයි ආදායම් වාර්තා තියනව..

    ඔයවගේ තව කතා ගොඩක් තියනව ඉස්සරහට ඕගොල්ලෝ ඉල්ලුවොත් දාන්නම්

    අත් දෙක රිදෙන නිසා දෑනට නවතින්නම්..
    මම මේටික තවත් ත්‍රෙඩ් එකක දෑම්ම ටික කලකට කලින්..
     
    • Love
    Reactions: Yastysan

    11.gif
    11.gif
    11.gif
    11.gif