CCNA පා‍ඩම

gama22

Well-known member
  • පුලුවන් හැබැයි අපි හදපු Dynamic NAT pool එකේ real IP එහෙම නැත්තම් Public IP 10 ක range එකක් තියෙන්න ඕ‍නේ.

    Dynamic NAT වලදි අපි හදන pool එකේ තියෙන IP ගනනට සමාන Host ලා ගනනකට එකවර internet access කරන්න පුලුවන්

    ethakota meka NAT & PAT dekama use karala karanna one neha neda .thanks machan:) +rep
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ethakota meka NAT & PAT dekama use karala karanna one neha neda .thanks machan:) +rep

    PAT කියන්නේ එක NAT type එකක්. NAT ජාති 03 ක් තියෙනවනේ

    01 Static NAT
    02 Dynamic NAT
    03 PAT (Port Address Translation) මේකට overloading NAT කියලත් කියනවා.

    ඔව් දැන් මේ කාලේ ඔය මුල් දෙකම පාවිච්චි කරන්නේ නැති තරම්. හැමෝම පාවිච්චි කරන්නේ
    PAT (overloading NAT)තමයි.
     
    gama22

    Well-known member
  • PAT කියන්නේ එක NAT type එකක්. NAT ජාති 03 ක් තියෙනවනේ

    01 Static NAT
    02 Dynamic NAT
    03 PAT (Port Address Translation) මේකට overloading NAT කියලත් කියනවා.

    ඔව් දැන් මේ කාලේ ඔය මුල් දෙකම පාවිච්චි කරන්නේ නැති තරම්. හැමෝම පාවිච්චි කරන්නේ
    PAT (overloading NAT)තමයි.

    thank you in advanced machan :)
     
    N..A..1n kelauna

    Junior member
  • Mar 25, 2012
    71
    1
    8
    ICMP ( internet control management ප්රෝටෝචොල් )
    &
    IGMP ( Internet Group Management Protocol )
    කියන්නේ මොකක්ද ?
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    Authentication , authorization

    මේ 2 ගැන පහේදිලි කරලා දෙනවද ? :sorry::sorry::sorry:

    Authorization
    network එකේ ඉන්න users ලට අවශ්‍ය
    network resource පමණක් භාවිතා කිරීම සදහා username, password ලබා දීම (බොහෝ විට මෙය සිද්ධ කරන්නේ network administrator කෙනෙක් විසින්)

    Authentication
    Authentication කියන්නේ ඉහත Authorization ලබා දීපු user කෙනෙක් ඒ අදාල network resource එක තමන්ගේ username, password මගින් භාවිතා කිරීම
     
    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    එල එල වටිනා thread එකක් වගේ පසුව කියවීම සඳහා bump කරමි :D
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ICMP ( internet control management ප්රෝටෝචොල් )
    &
    IGMP( Internet Group Management Protocol )
    කියන්නේ මොකක්ද ?

    ICMP මේක Internet Control Message Protocol වශයෙන් නිවැරදි විය යුතුයි.

    මේක වැඩ කරන්නේ Network Layer එකේ (මේ Protocol ගැන අපි ඉගෙනගන්නවා ඊළගට). මේකේ නමින් කියවෙන විදිහටම network එකක පණිවුඩකරැවා විදිහට වැඩ කරන්නේ මෙයා තමයි.

    ඒ කියන්නේ අපි Network එකේ වැඩ කරද්දි ජාලය තුල යම් වෙනස් වීමක්, error එකක් සිද්ධ වුනොත් අපිට Message එකකින් කියන්නේ මෙයා තමයි.

    උදා: අපි Network එකක එහා පැත්තේ තියෙන host කෙනෙක් නිවැරදිව සම්බන්ධ වෙලා ඉන්නවද කියලා බලන්න නිතරම භාවිතා කරන command එකක් තමයි ping command එක අපි කාගේ හරි IP Address එකක් ping කරාම ඒ IP Address එක reachable (වැඩද) එහෙම නැත්තම් unreachable (වැඩ නැද්ද) යන වග දැනුම් දෙන්නේ මෙයා තමයි. මේ එක උදාහරණයක් විතරයි.

    IGMP (Internet Group Management Protocol)

    මේක ටිකක් වෙනස්
    Protocol එකක්. මේක වැඩ කරන්නේ Application Layer එකත් එක්ක. මේකෙත් නමින් කියවෙන විදිහටම මේක වැඩ කරන්නේ group එකක් එක්ක. අපි කියනවා multicast කියලා. ඉතින් network එකක multicast session සෑදීමට අවශ්‍ය පණිවුඩ ටික එහෙට මෙහෙට අරන් ගිහින් පරිසරය සකස් කරන්නේ මෙයා තමයි.
    හොදයි මොකක්ද
    multicast session කියන්නේ. ඔව් අපිට හිතන්න පුලුවන් network එකක තෝරාගත් host ලා ගණනක් එක group එකකට අරගන්නවා මේ host ලා අතර video streaming, Audio conference එහෙම පාවිච්චි කරන්න පුලුවන්

    මේ streaming/conference බලන්න/අහන්න පුලුවන් අදාල group එකේ කට්ටියට විතරයි. ඉතින් network එකක මේ වගේ group කිහිපයක් තියෙන්න පුලුවන්. එතකොට multicast group දෙක තුනක් එක වෙලාවෙදි information හුවමාරැ කර ගන්නවා කියමුකෝ එතකොට එක group එකක් එක multicast session එකක් විදිහට ගන්න පුලුවන්.

    ඔන්න මම English වලිනුත් පැහැදිලි කිරීමක් දැම්මා වඩාත් හොදට

    Internet Group Management Protocol (IGMP) is the TCP/IP protocol used for managing IP multicast sessions. I t accomplishes this by sending out
    unique IGMP messages over the network to reveal the multicast-group landscape and to find out which hosts belong to which multicast group. The
    host machines in an IP network also use IGMP messages to become members of a group and to quit the group, too. IGMP messages come in
    seriously handy for tracking group memberships as well as active multicast streams.
     
    N..A..1n kelauna

    Junior member
  • Mar 25, 2012
    71
    1
    8
    Authorization
    network එකේ ඉන්න users ලට අවශ්‍ය network resource පමණක් භාවිතා කිරීම සදහා username, password ලබා දීම (බොහෝ විට මෙය සිද්ධ කරන්නේ network administrator කෙනෙක් විසින්)

    Authentication
    Authentication කියන්නේ ඉහත Authorization ලබා දීපු user කෙනෙක් ඒ අදාල network resource එක තමන්ගේ username, password මගින් භාවිතා කිරීම

    ගොඩක් ස්තුතියි සහෝ ,
    හොදට පෙහෙදිලි උනා.....:D:D:D:D
     
    N..A..1n kelauna

    Junior member
  • Mar 25, 2012
    71
    1
    8
    ICMP මේක Internet Control Message Protocol වශයෙන් නිවැරදි විය යුතුයි.

    මේක වැඩ කරන්නේ Network Layer එකේ (මේ Protocol ගැන අපි ඉගෙනගන්නවා ඊළගට). මේකේ නමින් කියවෙන විදිහටම network එකක පණිවුඩකරැවා විදිහට වැඩ කරන්නේ මෙයා තමයි.

    ඒ කියන්නේ අපි Network එකේ වැඩ කරද්දි ජාලය තුල යම් වෙනස් වීමක්, error එකක් සිද්ධ වුනොත් අපිට Message එකකින් කියන්නේ මෙයා තමයි.

    උදා: අපි Network එකක එහා පැත්තේ තියෙන host කෙනෙක් නිවැරදිව සම්බන්ධ වෙලා ඉන්නවද කියලා බලන්න නිතරම භාවිතා කරන command එකක් තමයි ping command එක අපි කාගේ හරි IP Address එකක් ping කරාම ඒ IP Address එක reachable (වැඩද) එහෙම නැත්තම් unreachable (වැඩ නැද්ද) යන වග දැනුම් දෙන්නේ මෙයා තමයි. මේ එක උදාහරණයක් විතරයි.

    IGMP (Internet Group Management Protocol)

    මේක ටිකක් වෙනස්
    Protocol එකක්. මේක වැඩ කරන්නේ Application Layer එකත් එක්ක. මේකෙත් නමින් කියවෙන විදිහටම මේක වැඩ කරන්නේ group එකක් එක්ක. අපි කියනවා multicast කියලා. ඉතින් network එකක multicast session සෑදීමට අවශ්‍ය පණිවුඩ ටික එහෙට මෙහෙට අරන් ගිහින් පරිසරය සකස් කරන්නේ මෙයා තමයි.
    හොදයි මොකක්ද multicast session කියන්නේ. ඔව් අපිට හිතන්න පුලුවන් network එකක තෝරාගත් host ලා ගණනක් එක group එකකට අරගන්නවා මේ host ලා අතර video streaming, Audio conference එහෙම පාවිච්චි කරන්න පුලුවන්

    මේ streaming/conference බලන්න/අහන්න පුලුවන් අදාල group එකේ කට්ටියට විතරයි. ඉතින් network එකක මේ වගේ group කිහිපයක් තියෙන්න පුලුවන්. එතකොට multicast group දෙක තුනක් එක වෙලාවෙදි information හුවමාරැ කර ගන්නවා කියමුකෝ එතකොට එක group එකක් එක multicast session එකක් විදිහට ගන්න පුලුවන්.

    ඔන්න මම English වලිනුත් පැහැදිලි කිරීමක් දැම්මා වඩාත් හොදට

    Internet Group Management Protocol (IGMP) is the TCP/IP protocol used for managing IP multicast sessions. I t accomplishes this by sending out
    unique IGMP messages over the network to reveal the multicast-group landscape and to find out which hosts belong to which multicast group. The
    host machines in an IP network also use IGMP messages to become members of a group and to quit the group, too. IGMP messages come in
    seriously handy for tracking group memberships as well as active multicast streams.

    ගොඩක් ස්තුතියි සහෝ ,,,,,
    clz 1e කරාට මෙලෝ දෙයක් තේරුනේ නෑ........
    සහෝට පින් සිද්ද වෙන්ඩ හොදට පෙහෙදිලි උනා ....:rofl::rofl::rofl::rofl:
     
    kanna@d_unit

    Junior member
  • Jun 9, 2008
    309
    10
    18
    මොනාද , DHCP / DNS කියන්නේ ? මොනාද මේව වලින් කෙරෙන්නේ ??????:D:D:D
    DHCP kiyanne Dynamic host configuration (mama hithanne) protocol. aaken wenne machan mokak hari network ekaka devices godak thiyanawanam aa devices walata ip addresses assign karana eka. practically hena patha company ekaka machines 500k withara thiyanakota aawata ekin ekata gihin IP assign karanna giyaama Sys adminta adanna thamai wenne.... aaka nawathwanna apita puluwan DHCP server ekak configure karanna. eeta passe api aaaka athule IP addresses pool ekak set karala thiyanawa for an example 192.168.1.1-192.168.1.254. eeta passe machine eken karanna thiyenne inna user kenekuta. network adapter settings walata gihin obtain IP address automatically daala thiyanna. Domain controller ekak thiyanawanam apita puluwan A option eka wenas karanna bari wenna Group policy ekak hadanna. :)

    DNS kiyana ekata Domain Name System server Kiyalath kiyanawa Domain Name Server. kiyalath kiyanawa. meken wenne domain name ekak Ip address ekakata translate karala dena eka.
    mekai siddiya computer ekata lesi nama mathaka thiyagannawata wada Numbers mathaka thiyaganna ne.. but minissunta lesi IP address ekata wada nama mathaka thiyaganna.. me prashneta wisadumak widiyata thama DNS aawe.

    DNS kiwwama machan lokema thiyana hama magulama eka server ekakata mathaka thiyaganna baa ne. aa nisa mewa mathaka thiya ganna ROOT servers kiyala jaathiyak thiyanawa aawa thiyenne loketama 13kda koheda (2008 walada koheda aa root servers set eken 8kda koheda hack karala thibba me tika okkotoma kela wunoth badu packet thama) eeta amatharawa me root servers wala instances loke hama ratakama wage thiyanawa. awurudu dekakata withara kalin me wage root server ekaka instance ekak lankaweth deploy kara. ithin DNS server waladi wenne mewage deyak
    api gamu menna me address eka
    www.[B]ucsc[/B].cmb.ac.lk
    meke IP eka api danne naaa ne ethakota PC eka issellama kiyanne LK domain eka gana danna DNS server ekakin me address eka thiyenne mokaatada kiyala ahana eka, wthakota LK gana danna buwa kiyanawa PC ekata machang mama nam hariyatama number eka danne ne poddak ACdomain eka gana danna DNS server eken ahala balapan kiyala request eka uuta redirect karanawa. eeta passe AC DNS eka kiyanawa machang mamath hariyatama siddiya danne ne poddak CMB domain eka gana danna dns server eken ahapan kiyala request eka redirect karanawa eeta passe hugak welaawata CMB DNS eka dannawa "www.ucsc.cmb.ac.lk" meeke hariyatama IP eka ethakota uu kiyanawa menna meka thamai muge IP address eka uba eelagata ewana request mekata ewanna kiyala
     
    www.ucsc.cmb.ac.lk

    godak sthuthi yaluwa dunnu sahayogeta...........:):)
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    මම පිළිතුරක් නොදුන්නේ kanna@d_unit සහෝදරයා පිළීතුරක් ලබා දීලා තියෙන නිසා. තේරෙන්නේ නැති තැනක් තියෙනවා නම් අහන්න. ඒ ‍වගේම kanna@d_unit ට ස්තූතියි පිළිතුරැ ලබා දුන්නට.
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ඔන්න අද ලිපියක් දාන්න පොඩි නිදහසක් තියෙනවා. අපිට ‍තියෙන්නේ DOD Model එක ගැන කතා කරන්න නමුත් ඊට කලින් තව පොඩි පොඩි දේවල් ටිකක් තියෙනවා කතා කරන්න. ඉස්සෙල්ලාම ඒවා ගැන බලමු.

    Ethernet

    අමේ කාලයේ network ගැන කතා කරනකොට වැඩි පුරම ඇහෙන වචනයක් තමයි මේ Ethernet කියන්නේ. Ethernet කියන්නේ network එකක Host ලා දෙන්නෙක් එකිනෙක කතා කිරීම සදහා යොදා ගන්නා තාක්ෂණයක් කිව්වොත් හරි. මෙයා මේ සදහා protocol එකක් භාවිතා කරනවා ඒකට කියන්නේ Carrier Sense, Multiple Access with Collision Detection (CSMA/CD)

    අපි මේ
    CSMA/CD වල ක්‍රියාකාරීත්වය බලමු.

    අපි ඉහතින් විස්තර කල විදිහට
    Ethernet වලින් network එකක් හරහා දත්ත හුවමාරැ කරීමට යොදා ගන්න protocol එක තමයි මේ CSMA/CD කියන්නේ. හොදයි මෙයා host ලා දෙන්නෙක් අතර data හුවමාරැ කරගනිද්දි අනුගමනය කරන දේවල් ටික අපි පියවරෙන් පියවර බලමු.

    01. මෙයා ඉස්සෙල්ලාම බලනවා
    network එකේ ඉන්න කවුරැ හරි පණිවුඩ හුවමාරැ කරනවද කියලා

    02. කවුරැවත් පණිවිඩ හුවමාරැ කරන්නේ නැත්තම් ඔන්න data යවන්න පටන් ගන්නවා. මෙතනදි මතක තියා ගන්න ඕනේ දෙයක් තියෙනවා.
    network එකක host ලා හුගක් ඉන්නවනේ ඒ වගේම හුගක් අය එකම වෙලාවේ data හුවමාරැ කරන්න බලාගෙන ඉන්නවා. නමුත් CSMA/CD හැමතිස්සෙම data යවන්නේ කවුරැත් data යවන්නේ නැති මොහොතක් දිහා බලාගෙන ඉදලා තමයි. එහෙම වුනාම කිහිප දෙනෙක් එකම වෙලාවේ තමන්ගේ වෙලාව එනකන් බලාගෙන ඉන්නවා ඒ වගේම ඒ හැමදෙනාටම එක සමාන අයිතිවාසිකම් (same priority) තියෙනවා data යැවීමට.

    03. ඔන්න සමහරක් වෙලාවල් එනවා එකම වෙලාවක තැන් දෙකකින් data යවන්න පටන් ගන්න. එතකොට ඒ data එකම line එකේ ඇවිල්ලා හැප්පෙනවා :D (collide වෙනවා) මේකට jam වෙනවා කියලත් කියනවා. මේ වෙලාවට එක host කෙනෙක්
    data යවන එක නවත්තලා නැවත් බලන් ඉන්නවා අනිත් කෙනා එයාගේ data යවලා ඉවර වෙනකන්.

    csma-cd.gif

    ඉතින් ඔයගොල්ලන්ට තේරෙනවා ඇති මේක ටිකක් අවුල් සහගත වැඩක් කියලා ඒ කියන්නේ මේකට තරමක වෙලාවක් ගත වෙනවා ඒ කියන්නේ හැම තිස්සෙම line එක free වෙනකන් බලාගෙන ඉන්නවා නේ. ඒ වගේම මේ සිද්ධියේදි speed එකත් අඩුයි.

    ඉතින් මේ
    CSMA/CD හරහා data යවන Ethernet තාක්ෂණය බොහෝ දුරට යල් පැන ගිය දෙයක් බවට පත් වෙලා. නමුත් ‍වියදම අඩු නිසා හුගක් තැන් වල (ලංකා‍වේ වගේ රටවල) මේ තාක්ෂණය භාවිතා කරනවා. මේ සදහා යොදා ගන්නේ 10Base කාණ්ඩයේ Ethernet cable වර්ග (Ethernet cable ගැන ඉදිරියේදි කතා කරනවා)

    ඒ මේකෙදි එක වතාවකදි එක පැත්තකට පමණක data හුවමාරැ වෙන හින්දා මේක Half Duplex කියලත් කියන්න පුලුවන්
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    Full Duplex and Half Duplex

    අපි කලින් කතා කරානේ Ethernet වල ප්‍රාථමිකම තාක්ෂණය ගැන ඒකෙදි යොදා ගන්නේ Half Duplex කියලත් මම කිව්වා. දැන් අපි බලමු මොකක්ද ඒ කියලා

    මම CSMA/CD protocol එකේදි data හුවමාරැ කරන්නේ එකවර එක පැත්තකට පමණයි කියලා කිව්වනේ ඉතින් මෙන්න මේ අවස්ථාව ඒ කියන්නේ එක වරකට Network cable එකක් තුලින් එක පැත්තකට පමනක් නම් data ගමන් කල හැක්කේ ඒකට අපි කියනවා Half Duplex කියලා.

    අපි ඉගෙන ගත්ත devices වලින් Hub එක
    data හුවමාරැ කිරීමට භාවිතා කරන්නේ Half Duplex ක්‍රමයයි. අන්න ඒ නිසයි මම කිව්වේ Hub එකකට කොච්චර Host ලා සම්බන්ධ කලත් තියෙන්නේ එක collision domain එකයි කියලා.

    එතකොට Full Duplex කියන්නේ ඕකේ අනිත් පැත්ත. ඒ කියන්නේ එකවර data යැවීම සහ ලබා ගැනීම දෙකම කරන්න පුලුවන් වීම. අද භාවිතා කරන network වල 95% යොදා ගන්නේ
    Full Duplex තාක්ෂණය.

    duplex.jpg

    ඔයගොල්ලන්ට තේරෙනවා ඇති එකවර දෙපැත්තටම data යැවීමට පුලුවන් නිසා Full Duplex භාවිතා කරද්දි data transfer වේගය වැඩි බව. ඒ වගේම Collision ඇති වෙන්නෙත් නෑ.

    තව වැදගත් දෙයක් තමයි අපි භාවිතා කරන Switch/PC එකේ network port එක යන දේවල්
    Full Duplex support කල යුතුයි. එක අන්තයක Half Duplex විතරක් support කරන port එකකුයි අනිත් අන්තයේ Full Duplex support කරන port එකකුයි තියෙද්දි අපිට Full Duplex data transfer එකක් කරන්න බෑ.

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    MAC (Media Access Control) Address

    අපි MAC Address ගැන කතා කලා Data Link Layer එකේදි නමුත් මෙතනදි මම තව ටිකක් වැඩියෙන් ඒ ගැන විස්තර කරන්නම්.

    MAC Address එකක් 48bit දිගයි ඒ කියන්නේ Byte වලින්නම් 6Byte වෙනවා.

    හොදයි ඔන්න මම ඉතාම වැදගත් කාරණයක් කියලා දෙන්න යනවා.
    MAC Address එහෙම නැත්තම් අපි මේකට කියනවා (Hardware Address) කියලා, මේවා Locally Significant.

    මොකක්ද Locally Significant කියන්නේ. මේ MAC Address එක issue කරන්නේ අදාල Device එකෙන්. ඒ කියන්නේ හැම Network Device එකකටම ඒකට පමණක් ආවේනික MAC Address එකක් තියෙනවා. කවදාවත් එකම MAC Address එක Device දෙකකට තියෙන්නේ නෑ. හොදයි ඒ වගේම මම මීට කලින් කියලා තියෙනවා network එකක් හරහා data එකක් ගමන් කරද්දි Addresses දෙකක් භාවිතා කරනවා Destination එක හොයා ගන්න.

    එකක් තමයි IP Address සහ දෙවෙනි එක තමයි MAC
    Address එක. අපි බලමු මේ දෙක භාවිතයෙන් කොහොමද Network එකක data එකක් Destination එකට යන්නේ කියලා. පහත රෑප සටහන ඇසුරැ කරගනිමින් මම විස්තර කරන්නම්.

    HSRP_thumb%5B4%5D.png

    හොදයි රෑප සටහනේ User PC එකේ ඉදලා අපි පණිවිඩයක් යවනවා Router B වලට. (අපි මෙතනදි මේ data එක ගමන් කරන්න්නේ Router A හරහා කියලා උපකල්පනය කරමු)

    data එකක් එක තැනක ඉදලා තවත් තැනකට යද්දි අපි සැලකිය යුතු point දෙකක් තියෙනවා

    01. Source Address එක (Source IP Address and Source MAC Address)

    02. Destination Address (Destination
    IP Address and Destination MAC Address)

    ඔන්න ඉස්සෙල්ලාම අපි මුල් අවස්ථාවේ Source IP Address එක සහ Source MAC Address එක මොකක්ද කියලා බලමු.

    Source MAC Address = 0021.6A98.1952 (යවන කෙනාගේ MAC Address එක)

    Source IP Address = 10.1.1.100
    (යවන කෙනාගේ
    IP Address එක)

    අපි ඊළගට ඒ මුල් අවස්ථාවේදීම Destination IP Address and Destination MAC Address එක මොනවද කියලා බලමු.

    Destination MAC Address: 0024.F71E.3343
    (මෙන්න මෙතන අපි හොදින් මතක තියා ගත යුතු තැනක් මම කිව්වනේ MAC Address එක
    Locally Significant කියලා ඒ කිව්වේ මේ අවස්ථාව තමයි. ඒ කියන්නේ data එකක් network එකක ගමන් කරද්දි හැම තිස්සේම Destination MAC Address එක වෙන්නේ Network එකේ ඊළග node (device) එකේ MAC Address එක. මෙතනදි අපි User PC එකේ සිට Data එක යවද්දි ඒක ඉස්සෙල්ලාම එන්නේ Router A වෙත එතකොට අනිවාර්්‍යයෙන්ම Destination MAC Address එක Router A වල MAC Address එකයි)

    Destination IP Address: 10.1.1.3 (අපි Data එක යවන තැන IP එක මෙතනදි නම් Router B වල IP Address එක. මේකත් මතක තියා ගන්න Destination සහ Source IP Address එක network එකේ කොතන හිටියත් වෙනස් වෙන්නේ නෑ. මේ අවස්ථාවේ විදිහට මේ data එකේ Source IP Address එක User PC එකේ IP Address සහ Destination IP Address එක Router B වල IP Address එක. ඒක Data එක කොහේ ගියත් වෙනස් වෙන්නේ නෑ.)

    දැන් මේ අවස්ථාව තවත් පැහැදිලි කරගන්න අපි හිතමු දැන් User PC එකෙන් යවපු Data එක Router A වෙත එනවා දැන් ඔන්න Router A විසින් Data එක Router B වෙත යොමු කරනවා. මෙන්න මේ අවස්ථාවේදි Source සහ Destination Addresses ගැන බලමු.

    මුලින්ම
    Source IP Address එක සහ Source MAC Address එක මොකක්ද කියලා බලමු.

    Source MAC Address: 0024.F71E.3343 (ඔන්න දැන් data එක ගමන ආරම්භ කරන්නේ Router A වල ඉදලා එත‍කොට Source MAC Address එක වෙන්නේ Router A වල MAC Address එකයි.)

    Source IP Address = 10.1.1.100 (මම කිව්වනේ Source IP Address සහ Destination IP Address එක කොහේ තිබ්බත් වෙනස් වෙන්නේ නෑ කියලා. ඉතින් ඇත්තටම මේ data එක යැව්වේ User PC එකනේ ඉතින් එයාගේ IP එක තමයි හැම විටම Source IP Address වෙන්නේ)

    අපි දැන් මේ අවස්ථාවේදී Destination IP Address and Destination MAC Address එක මොනවද කියලා බලමු.

    Destination MAC Address: 0022.5579.F643 (දැන් Router A වලින් පිටත් වෙන data එකට ඊට පස්සේ කෙලින්ම හම්බ වෙන්නේ Router B එකනේ ඉතින් මේ අවස්ථාවේදි Destination MAC Address එක වෙන්නේ Router B වල MAC Address එක)

    Destination IP Address: 10.1.1.3 (මේක කොහොමත් වෙනස් වෙන්නේ නෑ හැම විටම Destination IP Address එක වෙන්නේ Router B වල IP Address එකයි)

    ‍මම හිතනවා හැමෝටම තේරෙන්න ඇති network එකක් data එකක් ගමන් කරද්දි MAC Address සහ IP Address වෙනස් වෙන්නේ කොහොමද කියලා.

    ඔය ඉහත සිද්ධිය හොදට මතක තියාගන්න බොහෝ විට Exam එකේදි මේ ගැන ප්‍රශ්නයක් එනවා. (ඉහත රෑපය වගේ රෑපයක් දීලා යම් අවස්ථාවක් අරගෙන data එකේ Destination හෝ Source Addresses ගැන අහනවා)