අපේ රටේ සිංහල - මුස්ලිම් ජාතික සමඟිය එදා සි&#3

DjSunimal

Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    අපේ රටේ සිංහල - මුස්ලිම් ජාතික සමඟිය එදා සි&#3

    Nuwara_Eliya_Mosque.JPG

    අපේ රටේ සිංහල - මුස්ලිම් ජාතික සමඟිය එදා සිට පැවත එන්නක්
    වත්මන් රජය යටතේ එය තවදුරටත් තහවුරු වුණා - ජනපති
    මේ රටේ සිංහල- මුස්ලිම් ජනතාව අතීතයේ සිට දැඩි විශ්වාසයකින් කටයුතු කළ බව පෙන්වා දෙන ජනාධිපතිතුමා වත්මන් රජය යටතේ එම සබැඳියාව වඩා තහවුරු වූ බව පෙන්වා දුන්නේ ය.


    එකම රටක ජීවත්වීමට අති කැමැත්තට අකුල් හෙළන, ජාතින් වෙන් කරන්න උත්සහ කරන බලවේග ලෝකයේ ඇති බවද මෙහිදි පෙන්වා දුන් ජනාධිපතිතුමා මේ බලවේගවලට යට නොවී සමඟියෙන් ජීවත් වීමට සියලු දෙනාට හැකි විය යුතු බව ද අවධාරණය කර සිටියේ ය.


    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ බව අවධාරණය කළේ නුවරඑළිය ප‍්‍රදේශයේ ඉස්ලාම් බැතුමන්ගේ ආගමික කටයුතු සඳහා අභිනවයෙන් ඉදිකළ තෙමහල් දේවස්ථානය අද (11) පෙරවරුවේ විවෘත කරමිනි.


    ඉතා ම දීර්ඝ කාලයක් තිස්සේ මුස්ලිම්වරුන් සිංහල දෙමළ ජනතාව සමඟ මේ රටේ එකට ජීවත්වෙලා තියෙනවා. අතීතයේ කන්ද උඩරට රජවරුන් පවා මුස්ලිම් භක්තිකයින්ට විශේෂ අනුග‍්‍රහය දක්වා ඔවුන් ඒ ප‍්‍රදේශවල පදිංචි කරලා තියනවා. මේ සියලුදෙනා මේ විදිහට කටයුතු කර ඇත්තේ එක ම ජාතියක් ලෙස එක ම රටක, එකට ජීවත්වීමට ඇති කැමැත්ත නිසා බව ද මෙහි දි කියා සිටි ජනාධිපතිතුමා මෙම සබැඳියාව, විශ්වාසය කඩා බිඳ දැමීමට කිසිවෙකුට ඉඩ නොතබන බව ද වැඩිදුරටත් අවධාරණය කළේය. ජනාධිපතිතුමා මෙහිදි ද්‍රවිඩ බසින් ද අදහස් දැක්වීය.


    මර්ජාන් ෆලීල් පදනමේ ආධාරයෙන් සහ බැතිමතුන්ගේ දායකත්වයෙන් මෙම දේවස්ථානය ඉදිකොට ඇත. නුවරඑළිය ප‍්‍රදේශයේ ඉස්ලාමීය පවුල් 500 කට පමණ මෙම දේවස්ථානය තුළින් ආගමික කටයුතු සඳහා ඉඩ ප‍්‍රස්ථාව සැළසේ.


    මෙම අවස්ථාවට සහභාගී වූ සමස්ත ලංකා ජමියතුල් උලමා සභාපති මහතා සඳහන් කළේ ශී‍්‍ර ලංකාව ඒකීය රාජ්‍යයක් බවත් සියලු ජාතින් ඒ තුළ සමගියෙන්, සාමයෙන් ජීවත්වන වන බැවින් කිසිදු බලවේගයකට ඊට අකුල් හෙළිය නොහැකි බවත්ය.


    ජනාධිපතිතුමාගේ පැමිණීම සනිටුහන් කරමින් දේවස්ථාන පරිශ‍්‍රයේ රත් මල් පැලයක් රෝපණය කිරීම ද මෙහිදි ජනාධිපතිතුමා අතින් සිදු විය.


    අමාත්‍යවරුන් වන සී.බී. රත්නායක, නවින් දිසානායක, පා.ම. පුත‍්‍ර සිගාමනි, පා.ම. ශී‍්‍ර රංගා, නුවරඑළිය දිසාපතිතුමා ඇතුළු රාජ්‍ය නිලධාරිහු ද ප‍්‍රදේශවාසී ජනතාව ද මෙම අවස්ථාවට එක් ව සිටියහ.
     

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    Nuwara_Eliya_Mosque_0.JPG

    නුවරඑළිය මුස්ලිම් පල්ලිය විවෘත කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා දැක්වූ අදහස්
    මිත‍්‍රවරුනි,


    මුස්ලිම්වරුන් වෙනුවෙන් මේ වගේ දේවස්ථානයක් ගොඩනඟලා විවෘත කරලා ඔබට භාර කරන්න ලැබීම පිළිබඳව මම ගෞරවාන්විත ව සතුටට පත්වෙනවා. මේ දේවස්ථානය ගොඩනැඟීමෙන් පමණක් සැබෑ ඉස්ලාම් බැතිමතකුට සෑහීමකට පත්වෙන්න බැරි බව මම දන්නවා. සැබෑ ඉස්ලාම් බැතිමතෙක් වුණහම නබිතුමා අනුගමනය කරලා එතුමාගේ ධර්මය පිළිපදින්න ඕන.


    මුස්ලිම්වරයෙකු හැටියට ලෝකයට සේවය කරන්න ජනතාව අතර සමඟියෙන් සාමදානයෙන් ජීවත්වෙන්න පුළුවන් වෙන්නේ එතුමාගේ ධර්මය පිළිපදින අයට පමණයි.


    මිත‍්‍රවරුනි, ඉතා ම දීර්ඝ කාලයක් තිස්සේ මුස්ලිම්වරුන් සිංහල දෙමළ ජනතාව සමඟ මේ රටේ එකට ජීවත්වෙලා තියෙනවා. අතීතයේ කන්ද උඩරට රජවරුන් පවා මුස්ලිම් භක්තිකයින්ට විශේෂ අනුග‍්‍රහය දක්වා ඔවුන් ඒ ප‍්‍රදේශවල පදිංචි කරවන්න කටයුතු කරලා තියනවා. ඒ වගේ ම අපි විදේශ ආක‍්‍රමණිකයන්ට එරෙහි ව සටන් කරන කොට මුස්ලිම්වරුන් සිංහලයන්ගේ සහයට ආව බව ඉතිහාසයේ තියෙනවා.


    ශී‍්‍ර ලංකාවට නිදහස ලබලා දෙනකොට එදා හිටපු මුස්ලිම් නායකයින් කිව්වේ මේ රටට නිදහස දෙන්න, අපට අපේ වැඩිමහල් සහෝදරයන් සමඟ සතුටින් ජීවත් වෙන්න පුළුවන් කියලා. එදා ඉඳන් අප අතරේ ලොකු විශ්වාසයක් තිබ්බා. ඒ වගේ ම ත‍්‍රස්තවාදයෙන් රට නිදහස් කර ගැනීමේ සටනේ දී මුස්ලිම්වරුන්ගෙන් විශාල සහයක් ලැබුණා.


    තමුන්නාන්සේලා අතීතයේ ඉඳන් මේ විදිහට කටයුතු කරලා තියෙන්නේ මේ රටට තියන ආදරය නිසා. එක ම රටක් තුළ ජීවත්වෙන්න තිබු කැමැත්ත නිසා.


    මිත‍්‍රවරුනි, ඒ කැමැත්තට අකමැති පිරිසක් ලෝකයේ ඉන්නවා. එක ම රටක ජීවත්වෙන්න තියෙන කැමැත්තට අකුල් හෙළන ජාතින් වෙන් කරන්න උත්සහ කරන බලවේග ලෝකයේ තියනවා. ඔබට මේ බලවේගවලට යට නොවී සමඟියෙන් ජීවත් වෙන්න පුළුවන් වෙන්න ඕන.


    ඔබගේ ආගමේ හරය තියෙන්නේ ලෝක ජාතීන් අතර සමඟියෙන් ජීවත්වීමේ වටිනාකමයි. නබිතුමා කියලා තියනවා පෘථිවියේ උපන් සියලු මනුෂ්‍යයන් එක පවුලකට අයත් බව. නමුත් බලවත් රටවල් ලෝකයේ සියලු ජාතින් දිහා එහෙම බලනවද ?


    අපේ බුදුන්වහන්සේ දේශනා කරලා තියනවා සත්ත්ව ලෝකයේ අපා, දෙපා, සිවුපා කියලා නොයෙක් වර්ග සිටිය හැකි වුවත්, මනුෂ්‍යයන් අතර එහෙම භේදයක් නොමැති බව. කවර තැනක උපන්නත් මනුෂ්‍යයන් සමාන බව බුදුන්වහන්සේ දේශනා කරලා තියනවා. එම නිසා අපේ රටවල, බලවත් රටවල නැති සමඟියක්, සාමදානයක් තියනවා. අපිව සමඟි කරවන්න කවුරුත් ඕන නැහැ.


    මේ දේවස්ථානය නබිතුමාගේ ධර්මය, මුස්ලිම් ජනතාව අතර තහවුරු කරන ස්ථානයක් බවට පත් වෙන්න ඕන. නබිතුමන් අපේක්ෂා කළේ සාධාරණ යුක්තිගරුක සමාජයක්. වෙළෙඳාමේ දී භාණ්ඩ සඟවන්න එපා. කිරීමේ දී, මැනීමේ දී සාධාරණත්වය අනුව කටයුතු කරන්න කියන කාරණය පවා නබිතුමා දේශනා කළේ සාධාරණත්වය අගය කරපු නිසයි.


    නබිතුමා දේශනා කරලා තියනවා දෙවියන් බලන්නේ ඔබ රැස් කරගත්ත ගේ දොර, ඉඩකඩම් ආදි වටිනා දේ දිහා නොවේ. ඔබගේ පිරිසිදු හදවත දිහා කියලා. අද මේ දෙවස්ථානයට රැස් වූ ඔබ පිරිසිදු හදවතින්, පිරිසිදු මිනිසකු වන්න. කුරාණයේ කියනවා සිනාමුසු මුහුණින් එහෙම කියන්න කියලා.
     

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    අති ගරු ජනාධිපතිතුමාගේ පණිවිඩ එළකිරි එකේ අපිට ලොකු ආදර්ශයක් ගන්න පුළුවන් එකක්. හැමෝටම ගරු කරලා සතුටින් සමගියෙන් ඉමු.
    හැමෝටම සුබ අලුත් අවුරුදක් වේවා.
     

    crazyhorse

    Active member
  • Dec 13, 2010
    954
    110
    43
    Colombo - Sri Lanka
    මොකද්ද බන් මේ වෙලා තියෙන්නේ, මේ විදිහට බෞද්දයන්ටත් කරන්න කියපිය තොගේ මහ ගෙරියට, මොකද බන් ලන්කාවට වෙන්නෙ? :angry::angry::angry:
     

    crazyhorse

    Active member
  • Dec 13, 2010
    954
    110
    43
    Colombo - Sri Lanka
    අති ගරු ජනාධිපතිතුමාගේ පණිවිඩ එළකිරි එකේ අපිට ලොකු ආදර්ශයක් ගන්න පුළුවන් එකක්. හැමෝටම ගරු කරලා සතුටින් සමගියෙන් ඉමු.
    හැමෝටම සුබ අලුත් අවුරුදක් වේවා.

    ඒක උබ අපිට කියන්න ඉස්සරවෙලා උබ ඔය කඩේ යන තලගොයන්ට කියපිය, :baffled::baffled::baffled: මේක තොගෙ ජාතකෙ වැරද්ද බොල,.. :angry::angry::angry:
     
  • Apr 7, 2012
    286
    9
    48
    මහින්දයා මාසෙකට පාරක් අලුතින් පන්සලක් හදනවලුනේද ??????:rofl::rofl::rofl::confused:
    දීගවපිය රැකගත්ත දයා ගමගෙටත් වැඩක් දුන්නා
    පර මු..... හු.....:angry::angry::angry:
     

    Similar threads