සුන්දර ගීයක ඇරබුම,..

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    අලුත්ම අලුත් ගීයක්

    දුරක ගිය පෙම්වතුන් ළඟට කළ ගීය ‘පෙනෙන නොපෙනෙන දුරක ඉඳන්’

    කොළඹ විශ්වවිද්යාලයේ කලා පීඨයට පිවිසෙන තැන බිත්තියෙහ රඳවා තිබූ ‘සිත් කවිය’ ළඟ දහසකුත් දෙනා මොහොතකට නතර වුණා.ඒ යනෙන ගමන් එහි අලවා ඇති අපූරු කවි ගෙත්තම් කාලෝචිත සටහන් ආදිය කියවන්න. පීඨයේ ශිෂ්ය ශිෂ්යයාවන්ගේ අදහස් සනිටුහන් වූ මේ බිත්ති පත්තරය ගැන විශ්වවිලද්යාලයේ නොදන්න කෙනෙක් නැහැ.

    ඒ තරමටම මෙය ජනප්රියයි. මේ ‘සිත් කවිය’ අද්දර නෙත් නතර වූ පිරිස අතර රචිතා වාකිෂ්ඨ නම් තරුණියක් හිටියා. එම පීඨයේම ඉගෙන ගන්නා ඇය, උතුරු කොනේ (ගුණදාස කපුගේ) ඇතුළු ගීත රැසක් රචනා කළ චන්ද්රා වාකිෂ්ඨයන්ගේ දියණිය. රචිතා, සිත් කවියේ අදහස් කියෙවේ බොහොම ආසාවෙන්. ඒ ඇය කවියට, ගීතයට බොහෝ සෙයින් ප්රේම කළ හින්දා. සිත් කවියෙහි රචිතාගේ යහළුවකුගේ සිතැඟි විවිධ මාතෘකා යටතේ පළ වුණා. එහෙත් එන්න එන්න ඔහුගේ අදහස් ලියවුණේ යොවුන් ආදරය ගැන විතරයි. ඔහු ප්රේමවන්තයෙක් වෙලා. ඔහුගේ සිත් දිනා ගත්තිය විශ්වවිද්යාලයෙම ශිෂ්යාවක්. ඔවුන් දෙපොළගේ ප්රේමය කාලයත් සමඟම තීව්ර වුණා. විශ්වවිද්යාලයේ උප සංස්කෘතිය ඇතුළේ වසරේ හොඳම පෙම්වතුන් යුවළ තෝරනවා. මේ අවුරුද්දට තේරුණේ ඔවුන්.

    එක්තරා උදෑසනක රචිතා ‘සිත් කවිය’ට සමීප වුණේ පුරුද්දට වගේ. පුදුමයක්! අර පෙම්වතාගේ ආදරණීය අදහස් ඒකේ නැහැ. ඒ වෙනුවට විරහ පද වැල් කිහිපයක් එහි ගෙත්තම් වෙලා. ඒ අකුරු අඬන්න ඔන්න මෙන්න. හේතුව හොයලා බලද්දී පෙම්වතියට හොඳට සල්ලි බාග තියනවා. පෙම්වතා සාමාන්ය පවුලක දුප්පත් කෙනෙක්. ගැහැනු ළමයගේ මවුපියන් බලපෑම් එල්ල කරනවලු මේ සම්බන්ධය නවත්වන්න කියලා. කාලයක් මේ දෙන්නා ඈත් වෙලා හිටියා. හදිසියේම පෙම්වතිය නැවතත් පෙම්වතාට කිට්ටු වුණා. ඔහුට මේක හරිම අදහාගත නොහැක්කක්. ඒ කාලයේදීම ඔහු ‘සිත් කවියට’ නිසඳසක් ලියලා. රචිතා ඒක කියෙව්වා.

    ‘ඔබ මගේ ජීවියට ආයේ ආවා. ඒත් ආයේ යයිද කියලා සැකයි’

    මේ ඒ පද ටිකේ අවසානය. එය රචිතාගේ සිතට තදින්ම දැනුණා. විශ්වවිද්යාලයට නිවාඩු ලැබුණා. රචිතාගේ හිතමිතුරු නව පරපුරේ සංගීතඥ තිළිණ රුහුණගේගෙන් තනුවකට ගීතයක් ලියන්න නිකමට මෙන් ඇරැයුම් ලැබෙන්නේ මේ කාලේ. ඒ තනුව දෙතුන් සැරයක් ඇසූ ඇයට මතක් වන්නේ අර පෙම්වතුන් යුවල සහ ඉහත සඳහන් කළ කවි පේළිය. ඇය ඒ අදහස් ගොන්න කලතලා මෙන්න මෙහෙම ලියනවා.

    පෙනෙන නොපෙනෙන දුරක ඉඳන්

    නුඹ ඇවිත් සිත ළඟට හොරෙන්

    ආවාට නොකියාම ජීවිතෙන්

    නවතින්න හිතුවාද ආයෙමත්

    ආදරෙන්

    දකින හිමිවන හීනේ නුඹ කොතැන හිටියා

    මතක සැමරුම් අතරේ ජීවිතේ තිබුණා

    හඬන හිනැහෙන නෙත් නුඹේ උරහිසේ තිබුණා

    ඇත්තමයි නුඹ අහසක් වගේමයි සිතුණා

    නුහුරු නුපුරුදු හීන අරන්

    ළඟට ඇවිදින් තුරුළු වෙමින්

    ආවාට නොකියාම ජීවිතෙන්

    නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්

    මිරිඟුවක හිත තියලා නුඹ දුරක ඇඳුනා

    රංචු ගැහෙනා රෑනේ තනිකමක් දැනුණා

    ඇසිල්ලක දුටු හීනේ හිත හුඟක් රිදුණා

    අරුත නොදකින සෙනෙහේ ඔය නමට රැඳුණා

    ගීයේ මූලික ටික නිර්මාණය කොට අවසන්. දැන් මේක කාටද දෙන්නේ. ගීතයේ ශෛලියට හුරු වූ ගායකයෙක් ඉන්නවා. ඒ ආත්මා ලියනගේ. ජංගම දුරතනයේ අංක ඔබමින් තිළිණ ආත්මාට ඇමතුමක් ගත්තේ ගීතය ගැන කියන්න.

    අපෝ බැහැ මල්ලි. සිංදු කරමු කියලා පහුගිය කාලේ ඔයා වගේ අලුත් අය ගොඩ දෙනෙක් කතා කළා. ඔක්කොමේම තියෙන්නේ එකම ශෛලියක්නේ.

    රිසීවරයේ එහා කෙළවරෙන් ආත්මාගෙන් අයහපත් ප්රතිචාරයක් ලැබුණා.

    එහෙම කියන්න එපා අයියේ. අහලම බලලා සිංදුව ගැන කියන්නකෝ.

    තිළිණගේ දැඩි පෙරැත්ත මත ආත්මා ගීය ඇහුවා.

    ෂා, මගේ රේන්ජ් එකේමනේ සිංදුව යන්නේ. හරියට මටම හදපු එකක් වගේ.

    ආත්මාගේ මුහුණ ඒ අන්දමින් වෙනස් වුණා.

    මද්දහනේ හිරු මුදුන් වන යාමයක ආත්මා නාවින්නේ පිහිටා ඇති තිළිණගේ ශබ්දාගාරයට ආවා.

    මල්ලි අපි ටක් ගාලා වැඩේ කරමු. මට තව වැඩ කිහිපයකට යන්න තියෙනවා.

    ආත්මා මයික්රෆෝනය අසලට ගොස් හෙඩ්ෆෝනය හිසේ රුවා ගන්න ගමන් පැවසුවා.

    එහෙත් එදා තිබූ කාල වේලාවට පටිගත කළ ගීතයට තිළිණ එතරම් සෑහීමකට පත් වූයේ නැති තරම්.

    අයියේ මේ වැඩේ හරි යන්නේ නැහැ. වෙන දවසක රෙකෝඩිං එක කරමු.

    තිළිණ පටිගත කළ ගීතය මකා දමමින් කීවා.

    තවත් උදෑසනක ආත්මා ආවා. පටිගත කිරීම ඇරැඹියේ උදේ දහයට පමණ. හිතට දැනෙන අවශ්ය හැඩතල ආත්මාගෙන් ලබා ගනිමින් ගීතය පටිගත කොට අහවර වන විට රාත්රී අටත් පහුවෙලා.

    උඹ අද මගේ නියපොත්තේ ඉඳලා ගැලෙව්වා. මාව මරව මරව කොහොම හරි ඕන විදිහටම සිංදුව රෙකෝඩ් කළා නේද?

    ආත්මා , තිලිණගේ පිටට තට්ටුවක් දැම්මේ එහෙම කියමින්.

    ගීය ගුවන් විදුලියෙන් නිතර ප්රචාරය වන්න පටන් ගත්තා. ආත්මාගේ ජංගම දුරකතනයට නිවනක් නැහැ.

    අනේ ඔයා අපිව ආයෙමත් පිස්සු වැට්ටුවා.

    ආත්මාගේ පැරැණි රසිකාවියන් එහෙම කියූ වාර බොහොමයි. ලියතඹරාගෙන් පසු ආත්මාගේ හොඳම සිංදුව මේක. සමහරෙක් එහෙම කීවා.

    විශ්වවිද්යාලයේ නිවාඩුව අවසන්. රචිතා කලා පීඨයට ඇතුළුවන මාවත දිගේ ඇවිදගෙන ආවා. විශ්වවිද්යාලය පුරා ‘ආයෙමත් ආදරෙන්’ ජනප්රිය වෙලා. රචිතාට ඒ වග දැනුණේ කිහිප දෙනෙකුගේම ජංගම දුරකතනය නාද වීම සඳහා එය යොදාගෙන තිබූ නිසා. මේ කතාවේ පෙම්වතුන් යුවළට රචිතා මේ ගීතයේ සත්ය කතාව කිව්වා. ඒ අයට හරිම පුදුමයි. මේ සංවේදී ගීතය ඔවුන්ගේ නෑදෑ සනුහරයම අහලා. අලුත්ම ආරංචිය වන්නේ මේ ගීතය ඒ පෙම්වතුන් යුවලට සදහටම එකතු වන්නට ආශිර්වාද කර ඇති බවයි.

    FB EKEN ISSUWE , THILINA RUHUNAGE PROFILE EKEN ,

    මම ගොඩක් ආස කරන ගායකයෙක් .. ඒ වගේම ගීතයක්... සිතූතී බෙදාගත්තට
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    සංවේදි පවුලේ සියලු දෙනාට ම යථාලාභසංතුෂ්ඨිමත් සුබ නව වසරක් වේවා!!!!!!

    සමාවෙන්නට ඕනෑය, එන්නට බැරි වුනාට ගොඩ කලකින්. අවුරුද්ද කියන්නේ වසරේ දරුනු ම කාලය. ගෘහ සේවක කාරකාදීන් ගෙවල් වලට යන නිසා දරුවන් බලා ගැනීම, ගෙවල් දොරවල් පවත්වා ගෙන යන්න ට පියඹට උදව් කිරීමා දි දහසක් කටයුතු යෙදෙන නිසා මේ පැත්තේ පස් පාගන්නට බැරි විය.

    ලද විගසම නැවත මා ගී රස විදින විට මගේ හදවතට දැනෙන දේ වමාරා කියන්නට එමි........!!!!!!

    ඔබටත් එසේම වෙවා ලොකු අයියෙ
     
    jay o

    Active member
  • Jan 8, 2008
    781
    210
    43
    CMB, Sri Lanka
    ඒ විතරක නෙවෙයි සහෝදරයා, ඔය බ්ලොග් එකේ පහුගිය දවසක සස්ලිට් ගේ විචාරයක් ගෙඩි පිටින් දාල තිබ්බා. මම ඒකට කමෙන්ට් එකක් දැම්මා, පළමු විචාරය අහවල් තැන අහවල් කෙනා දාපු එකක් ඇයි ලියපු කෙනාට ඒ ගෞරවය දෙන්නේ නැත්තේ කියලා. පැය 3යි අර දාල තිබ්බ කමෙන්ට් එක සහ පෝස්ට් එක අතුරුදන්. ඉන් පස්සේ තමා සස්ලිට් ට මේ ත්‍රෙඩ් එකේ සාප කරමින් පෝස්ට් වැටෙන්න ගත්තේ.
    "ලොකොමෝටිව් පාත් වේ" එක පැහැදිලි යයි සිතමි.
    :lol::dull::angry:

    ඒක වෙන්න පුලුවන්.නමුත් එහෙම නම් මේ නූලේ තියෙනව ගොඩක් ගීත පත්තර වල පලවුනු ඒවා කියලද ඔයා කියන්නේ.මම මේ කාටවත් දෝශාරෝපණයක් එල්ල කරනවා නෙමෙයි.පැහැදිලි කිරීමකට ලක් වෙන්න ඕනේ නිසයි අහන්නේ....
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,299
    17,232
    113
    සංවේදි පවුලේ සියලු දෙනාට ම යථාලාභසංතුෂ්ඨිමත් සුබ නව වසරක් වේවා!!!!!!

    සමාවෙන්නට ඕනෑය, එන්නට බැරි වුනාට ගොඩ කලකින්. අවුරුද්ද කියන්නේ වසරේ දරුනු ම කාලය. ගෘහ සේවක කාරකාදීන් ගෙවල් වලට යන නිසා දරුවන් බලා ගැනීම, ගෙවල් දොරවල් පවත්වා ගෙන යන්න ට පියඹට උදව් කිරීමා දි දහසක් කටයුතු යෙදෙන නිසා මේ පැත්තේ පස් පාගන්නට බැරි විය.

    ලද විගසම නැවත මා ගී රස විදින විට මගේ හදවතට දැනෙන දේ වමාරා කියන්නට එමි........!!!!!!

    ඔබටත් සුබ නව වසරක් වේවා!!!!!!
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඇයගේ පියාණන් මාගේ කුළුපග හිතවතෙකු විය. ඒ ඔස්සේ ඇය මීට වසර කිහිපයකට පෙර කොහෙදෝ පාවී යන සමනලිකසේ මාවෙත විත් හිතවත් විය... මාස ගණනක් මේ හිතවත් කම ඇදී ගියේ ඇයගේ සාමාන්‍ය පෙල අධය්‍යයන කටයුතු වලට මා දුන් පිටිවහල නිසාවෙනි.... මා ඇයට දුන්නේ දැනුම පමණි.... එහෙත් ඇය, ඇයගේ පමණින් ලබාදිය හැකි ආදාරය සෙනෙහස ඉහටත් උඩින් ලබා දුනි... කාලය වසරක් දක්වා ඇදී එද්දී මාද ඇය වෙත කෙමෙන් කෙමෙන් පෙමෙන් බැදෙන්නට විය... ඇය පුදුමාකාර චරිතයකි... පුංචි කෙල්ලෙක් උවත් සිතුම් පැතුම් හා ක්‍රියාවන් විවිධාකාරය... විටක පුංචි කෙල්ලෙක්සේ මුරණ්ඩු ඇය මුරණ්ඩුකම නවත්වන්නේ මගේ ඇමතීමෙන් පසුවමය... තවත් විටෙක සුන්දර ආදරවන්තියකි... හිමිදිරි පාන්දරම මාහට ඇමතුමක් දෙන ඇය මා අවදිකර රාජකාරියට යවයි... හරියටම ප.ව. 1.00 පමණ වෙද්දී කෑම ගැනීමේ ඇමතුම ලබාදෙයි... 4.45 වෙද්දී මා නවාතැන්පල වෙත පැමිණියෙහිදැයි සොයයි... මටනම් මෙය අතිශය සුන්දරය... ආදරය බොලදදැයි මා නොදනී. කෙසේ නමුත් මා ඉහත කී කාරණා වැනි සියදහසක් කාරණා නිසා ඇය වෙත තව තවත් ලංවිය.... මා හට අද ගලාවා ගැනීමට නොහැකිව ලත වෙන්නේද එම බැදීමමයි....

    මෙසේ ගලා ගිය අපේ ආදරයට කිසිදු බාධාවක් නොවුණි... ඇයගේ පියානන් තරම් අපේ සම්බන්ධයට සතුටු වූ තවත් කෙනෙකු නැති තරම්ය... මාගේ ඉලක්කය ඇයට හොද අධ්‍යාපනයක් ලබා දීමය... ඒ වෙනුවෙන් කල හැකි සෑම දේම මා නොපිරිහෙලා ඉටුකලෙමි... ඇයට ඇයගේ අධ්‍යාපන කටයුතු සදහා මා නොදුන් දෙයක් නැත. ඇයගෙන් මා මෙතුවකට කරන ලද එකම ඉල්ලීමද ඉගෙන ගැනීම මෙන්ම ඇය විසින් නිසියාකාරව නොකල එකම දෙයද ඉගෙන ගැනීමම විය.... කාලයත් සමග විවිධ හැල හැප්පීම් ඇරඹෙන්නට විය... මට ඇය ආදරවන්තියකට වඩා පුංචි දියණියකි... ඇයට නම් මා මුළු ලෝකයමයැ... කෑම බීම ඇදුම් වල සිට මාගේ මිල මුදල්ද පාලනය ඇය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම යහපත් බිරිදක් ලෙසින් ඉටු කළාය.. නමුදු මා විසින් ඇයට තරවටු කලේය... ඒ පළමුව කලයුතු දේ පළමුව කළයුතු බැවින් ඉගෙන ගන්නා ලෙසටය.... නමුත් සංසාරේ ගමන යායුතු අයුරින් යනු මිසක වෙනස් කල හැකිනම් වේද...? ඇය ඉගෙනුම දශමයකට මායිම් කලේ නැත... ඇයට මාව තේරුම් ගැනීමට නොහැකි විය... මටද එසේමදැයි මම තවමත් සිතන්නෙමි... ඇය කෙමෙන් කෙමෙන් මගෙන් ඈත් විය... මාගේ කාර්යබහුල ජීවිතය නිසා එතරම් එහි වෙනසක් නොදැනුනද ඇය ඈත් විය... නමුත් ඇයගෙන් විය යුතු සෑම යුතුකමක්ම හා ඇය ආසාකරන සෑම යුතුකමක්ම ඇය විසින් අකුරටම සිදු කලාය... එක් දිනක මාගේ හිමිදිරි අවදි කරවීම නැත... මා ඉවසුවෙමි... දහවල්ද නැත... ඉවසනු නොහේ... මා ඇයට ඇමතුමක් දුනිමි... මාගේ සවන්පත් වලට අකුණු සැරක් වැදුනා වැන්න... ඇය ගෙදරින් පැන ගොසින්ය... ඇයට මෙතරම් ශක්තියක්... මට නොවැටහේ... අඩනු මිස මක් කරම්ද..? ඇඩුවෙමි... ඉකිගසා නිදියහන තෙත්වනතෙක් ඇඩුවෙමි... අතෙහි රුදිරය ගලා බිමට හැලෙන තෙක් දුක් දුනෙමි... වෙන මොනවා කරන්නදැයි නොතේරෙන නිසාවෙන්ම වේදනාව හා දඩුවම උරුම කරගත්තෙමි...

    රාත්‍රියේ යලිත් ඇය ඇමතුමක් දුන්නේ මන්ද යැයි මම අදද කල්පනා කරමි... එහෙත් පිළිතුරු නැත... ඇය මා ඇමතීය. මා එක්කරගෙන යනවනම් මම එන්නම්... ඔයාට රිද්දන්නයි මෙහෙම කලේ... ඇය කෙදිරිලි හඩින් මිමිණීය... දෙවියනේ මෙහෙමත් කෙල්ලෙක්... මා නිසා ජීවිතය කැප කරගන්න මැලි නොවූ සැටි... මම මටම සාපකරගතිමි... මෙයද දෙවියනේ ජීවිතය.... මෙයද දෙවියනේ ආදරය... මටනම් දැන් සිහිමද බවක් හැගෙයි... කෙසේ නමුත් ඇය වැරදිය... බොලදද? මෝඩද? කපටිද? අහිංසකද? මට නොතේරේ. කෙසේ නමුදු ඇය ගෙන ඒමට මා අකමැති විය... නමුදු ඇයගේ දෙමාපියන්ගේ පෙරැත්ත ඇය ගෙන්වා දෙන ලෙසයි... මා ඇය සොයා ගියෙමි... මිටින්හල කිරිල්ලියක් මෙන් දිව ආ ඇය මාගේ අත අල්ලාගත්තේ හරියට ඇයට උපරිම ආරක්ශාව දැනෙනා බව හැග වීමට මෙන්ය.... නමුත් මා දැන් දෙලොවක් නොව ලොවවල් අනන්තයක් අතර සිරවී ඇත. ඇයගේ දෙමාපියන් දැන් ඇය මා වෙත දීමට අකමැතිය... මගේ මවු ඇය භාර ගැන්මට අකමැතිය... මා එම පාර්ශව දෙකම මෙන්ම ඇයගේද සිත රිදවීමට අකමැතිය... මට කිසිවක් නොහැගේ... කෙසේ නමුත් මා ඇයට යළි බලාපොරොත්තුවක් නොදුන්නෙමි... ඇයම සිදුවූ වරද තේරුම්ගෙන ඉගෙනීම වෙතම අවධානය යොමු කලාය... ඇය මාහට පැවසූ එකම එක දෙයක් තවමත් මට සිහිපත්වේ.... තව එකම එක වරක් පරදින්න දිනුම දී, දිනවන්නෙමි ඔබ ජීවිතේ පුරා.........................ඇය නිතරම මට ගයන්නීය.................

    නමුත් මට මගේ හිතට එකගව ඇයට නොව ඇය කළ ක්‍රියාවට සමාවනම් දිය නොහැක... මා ඇයගෙන් ඈත් නොවීය... ඇයට සෙනෙහස පිදීය... ඇයව රැක බලා ගත්තේය... නමුත් ආදරයනම් නොකලේය.... ඒ මන්ද යැයි මට නොහැගේ... මම ආත්මාර්ථකාමියෙක් නොවෙමි... එහෙත් මට ඇයට ආදරේ කල නොහැකිම විය... ඇයට එය කිසිදු ගානක් නොවීය. ඇය සුපුරුදු පරිදි... සමහර විට කලින්ටත් වඩා උනන්දුවෙන් නොයෙකුත් ප්‍රශ්ණ හමුවේ මා බලා ගත්තේය... මගේ ලගින් සිටියේය... ඇයට අවැසි වූයේ එයයි... නමුත් ඇය නිතරම මා හට ඇයගේ ආලය භාරගන්නැයි... ඇය ඒ වෙනුවෙන් ඕනෑම දඩුවමක් භාර ගැනීමට සූදානම් බවද පැවසීය... මා ඇය බැලීමට දැන් යන්නේ නැත... සියළුම දේ දුරකථනයෙන් පමණි... මේ සියල්ල ඉවසූ ඇය, ඇයව බලන්න එන්නැයි ඇයට තේරෙන සෑම ක්‍රමයකින්ම මට පැවසීමට උත්සාහ දැරීය..... ඇයගේ ජංගම දුරකථනයට අමතන වාරයක් පාසා මගේ හදවත පුපුරා යයිදෝයි මට හැගිනි... ඇයගේ රින්ගින්ටෝන් එක වූයේ.....

    එනමුදු මා හැගීම් සහ බුද්ධියේදී... බුද්ධියට ඉඩදුනෙමි... එය මෝඩකමක්ද නැද්ද මම නොදනිමි... ඒත් හැමෝම ගැන සිතා කලයුතු හොදම දේ මම කලෙමි... අද ඇය විවාහවී යහපත් ජීවිතයක් ගත කරන්නීය... මා තවමත් ඇයට දුන් ආලය අමතක කරනු නොහී තැවෙන්නේය... එය මා හට වේදනාවක් නොවේ... ඇය සතුටින්නම් මා හට කිසිදු දුකක් නොදැනේ... ඇය නොලැබීම ගැන ඇතිවන වේදනාවනම් වචනවලට ඇමිණීමට මා අපොහොසත් වෙමි. කෙසේවෙතත් ඇයගේ උපන්දිනය ලංවිය... ඇයට සුභනොපතා ඉන්නේ කෙසේද...? ඇය මාගේ පුන්චි කුමරියයි.. මගේ සිතේ කිසිදු කුහක හෝ ජරා අදහසක් නැත. වැරදි උවත් අවැසි වූයේ ඇයට සුභ පැතීමයි.... ඇයගේ දුරකථන අංකයට ඇමතීමි... පිළිතුරක් නැත... දෙනුන් වතාවක් ඇමතිමි... නිහඩය...

    අවසානයේදී ඇය මා හට ඇමතීය.... ඇය පෙර සුරතල් හඩින්ම ඔය අයියනේද..? ඇසීය ... මට ඔව් කියන්නටත් කලින් ඇයගේ සැමියා එය උදුරාගෙන මට මෙලෙස පැවසීය... පොන්නයා, ගෑනියෙක් හොයාගනින්.......!

    සමහර විට ඇත්ත වෙන්න ඇති... අතේ සිටි පුන්චි කිරිල්ලිට ඉගිලෙන්න දී.... ඒ පස්සේ දිව දිව ඒ මතකයේ ඇවිදිමින් අඩා වැටෙන මා ඔවුන්ට අනුව පොන්නයෙක්ම වෙන්න ඇති..... නමුත් මහත්තයෝ මට ඔබ හිතනා විදියේ ජරා හැගීමක් නැත... එසේ ඇත්නම් ඔය කිරිල්ලි ඔය කූඩුවෙන් යළි මා ළගට ගැනීමට මට බැරි කමකුදු නැත... එය ඔබද දන්නා සෙයක් ඔබගේ මුවින් පිටවූ ඔය වදන්ම මට පසක් කරයි... ඔබ දෙදෙනාටම සුභ අනාගතයක්...

    එහෙනම් යහළුවනේ... සස්ලිට් ටික දිනකට නිහඩවෙනවා... මෙහි පලකරන ලද අදහස් උපුටාගැනීම් නොවේ... කොපි කරන කෙනෙක් එළකිරිය ගැන සටහන් කරන්න... නැතිනම් කොපි නොකර ඉන්න...
     
    Last edited:

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    lovingimagevl4.jpg

    මේක මට තේරුන විදිහට එක කොල්ලෙක් කෙල්ලෝ දෙන්නෙක්ට ලවු වගේ කෙස් එකක්..එත් එක එක ඒවා තියනවා දන්නවා නම් හරි තේරුම දන්නා මචන්ලා..:love::love::love::love::love::rolleyes::rolleyes::rolleyes:
     
    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    මේක මචන් මම අහල තියන විදිහට
    සනත් නන්දසිරි මහත්තයාගේ සත්‍ය ජිවිතේ සිදුවීමක් ලු....

    Eda_meda_thura.jpg

    සනත් නන්දසිරි මහත්තයා කැම්පස් එකේ ඉන්න කාලේ ලවු එකක් තිබිල තියනවා ගොඩක් කලෙක ඉදල,,,,
    එත් කෙල්ලගේ ගෙදරින් මේකට කෙස් ලු....කොහොම කොහොම හරි දෙන්න ගොඩක් ප්‍රශ්න මැද මේක දිගටම අරගෙන ගිහිල්ල..
    අන්තිමට කැම්පස් එකේ ෆයිනල් ඉයර් එකෙන් පස්සේ කෙල්ල කියල තියනවා...එය ගෙදර ගිහින් අම්මලට කියලා.. අම්මලාගේ කැමැත්තත් අරන් ටෙලිග්‍රෑම් එකක් දැන්නම් ඔය එතකොට එන්න කියලා....
    කොහොම හරි ඊට ටික දවසකට පස්සේ සනත් නන්දසිරි මහත්තයාට ටෙලිග්‍රෑම් එකක් එනවා ඒ ගැනු ළමයාගේ ගෙදර එන්න කියලා..ඉතින් හා හා පුර කියලා බලාගෙන හිටපු දවසනේ..තව යාලුවෙකුත් එක්ක යනවා අර ගඉර්ල් ගේ ගෙදර යනකොට එතන සුදුකොඩි දාලා මලගේදරක්..
    වෙලා තියෙන්නේ මර දුක් සින් එකක් ..ගෙදරින් කැමති වෙලා න කෙල්ලගේ... කෙල්ල ටෙලිග්‍රෑම් එකක්දාලා වස බිල මැරිලා..:no::no::no::no::no::no::no:
    පට්ට සින්දුව මම මර අසයි....
    :love::love::love::love:................ කාත් කවුරුවත් වෙතත් හිතයි මට පත්වෙන්න ඔය මුවට උඩින්................:love::love::love::love:
     
    elakirinish

    Member
    May 29, 2008
    66
    14
    0

    Mama mey adamai reply karanne. e nisa adala sinduwata reply karanna danne nea. mama mey kiyanne "sinhala sindu kiyana" song eka gana. Ekenne thread eka patan gaththe.... neda???

    Mama danna vidihata nam meka wena kathawak. LTTE eke hitya Nadeshen wa matakada? eyage wife dakune sinhala ganu keneklu. e dennage kathawa thamai mey song eke thiyenne.
    ' gini avith ekka pemin bandunu vihanga senaga handavee
    e kandulu sinhalata naganna obata hakida kumari......"

    ayeth sinduwa ahala ekgana wena aya kiyanna

    83 කළු ජුලිය කාලේ දවසක රැ 12 ට විතර රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ගෙදර දුරකථනය නාඳ වෙනව,,අනිත් පැත්තෙන් කතා කරන්නේ ගුණදාස කපුගේ මහතා..කපුගේ මහතා කියනවා එක්තරා සඟරාවක නමක් සදහන් කරමින් රත්න කොහොම හරි මේ මාසේ ඒ සඟරාව අරන් කියවන්න කියල..රෑ 12 ට විතර කතා කරලා මේ වගේ දෙයක් කිව්වම එතුමාට පොඩි තිගැස්මක් ඇති වෙන්නත් ඇති..ඒ සගරාවේ තබුන සුන්දර කෙටිකතාවක් ...

    මාතර පැත්තේ සිංහල ගැහැණු ළමයෙක් තමන්ගේ පළමු රැකියා පත් වීම විදියට උප පොලිස් කොස්තාපල් වරියක් විදියට බම්බලපිටිය පොලිසියේ වැඩ බාරගන්නවා,,එතනම යාපනෙනේ ඉඳල ආපු දමිල තරුණයෙකුත් රාජකාරි කරනවා..මුලදී දෙදෙනා අතර ඇතිවෙන හිතවත්කම පස්සේ දළුලා වැඩුණු ආදරයක් බවට පත්වෙනවා,,තරුණයා දමිල වීම හේතුකොටගෙන සාම්ප්‍රදායික ඇතිවෙන විරෝදතාවයන් ගැහැණු ලමයාගේ පැත්තෙන් එල්ල වෙනවත් සමගම ..

    අවසාන ප්‍රථිපලය ලෙස දෙදෙනා හොර රහසේම විවාහ වී තරුණයාගේ ගම රට වන තල් රුප්පාවට පලා යනවා,,

    මේ සුන්දර ආදර කතාව කියවපු රත්න ශ්‍රී විජේසිංහයන්ගේ හිතේ හරි සොදුරු ගී සංකල්පනාවක් උපදිනවා මෙන්න මේ විදියට.,,

    සිංහල සින්දු කියන
    නළලේ තිලක තියන කිරිල්ලි
    තුඩින් හදවතක් අරගෙන
    ගිනිගත් තල අරඹට ආවදෝ ඉගිල්ලී

    දිව නුහුරු බසින් පෙම් කවි කී කුරුල්ලට වශී වී
    ගිනි මලින් තැනූ මල් පොකුරක් අතට ගත්ත මනාලී
    මධුසමේ මදුර කටු අතරේ පිපී වැනුන සුරූපී

    ගිනි අවිත් එක්ක පෙමින් බදුන ව්හඟ සෙනග හාඩාවී
    ඒ කඳුළු සිංහලට නගන්න නුඹට හැකිය ප්‍රියාවී
    ආදරය න්ඹට බාරයි රැක ගනින් දේවතාවී

    මෙන්න මේ විදියට රත්න ශ්‍රී විජේසිංහයන්ගේ අතින් නිර්මානය වෙන අරුත්බර ගී සංකල්පනාවට ගුණදාස කපුගේ මහතා තනූ නිර්මාණය හා ගයනයෙන් උපරිම සාදාරණක් ඉ‍ටුකර තියෙනවා.මේ ගීතය ගැන ඔබගේ අදහසුත් කියල යන්න අමතක කරන එපා..

    කැමති අය මෙතනින් ගීතය ලබාගෙන රස විඳින්න(mp3)..
    Code:
    http://www.mediafire.com/?m2mhhvlbxlo

    පසුව ලියමි.
    මේ පෝස්ටි එක නිකන් කම්මැලි කමට වගේ දැම්මට මොකද දැන් මේකට වැටිලා තියන කමෙන්ට් ටික දැක්කම ඒවගේ වටිනාකම හිතා ගන්නවත් බෑ.එක නිසා මේ පොස්ට් එක බලන අයට කියන්න තියෙන්නේ මේකෙ තියන හැම පිටුවකින්ම ඔබට යමක් දැනගන්න පුළුවන්.ඒ වගේම ඔයාල දන්නා මේ වගේ ගීතයක පාදක උන පසුබිම් කතාවල් තියෙනවා නම් ඒ කතා අපිත් එක්ක බෙදා ගන්නත් අමතක කරන්නත් එපා..
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,989
    3,448
    113
    Battaramulla, Sri Lanka
    මේක මචන් මම අහල තියන විදිහට
    සනත් නන්දසිරි මහත්තයාගේ සත්‍ය ජිවිතේ සිදුවීමක් ලු....

    Eda_meda_thura.jpg

    සනත් නන්දසිරි මහත්තයා කැම්පස් එකේ ඉන්න කාලේ ලවු එකක් තිබිල තියනවා ගොඩක් කලෙක ඉදල,,,,
    එත් කෙල්ලගේ ගෙදරින් මේකට කෙස් ලු....කොහොම කොහොම හරි දෙන්න ගොඩක් ප්‍රශ්න මැද මේක දිගටම අරගෙන ගිහිල්ල..
    අන්තිමට කැම්පස් එකේ ෆයිනල් ඉයර් එකෙන් පස්සේ කෙල්ල කියල තියනවා...එය ගෙදර ගිහින් අම්මලට කියලා.. අම්මලාගේ කැමැත්තත් අරන් ටෙලිග්‍රෑම් එකක් දැන්නම් ඔය එතකොට එන්න කියලා....
    කොහොම හරි ඊට ටික දවසකට පස්සේ සනත් නන්දසිරි මහත්තයාට ටෙලිග්‍රෑම් එකක් එනවා ඒ ගැනු ළමයාගේ ගෙදර එන්න කියලා..ඉතින් හා හා පුර කියලා බලාගෙන හිටපු දවසනේ..තව යාලුවෙකුත් එක්ක යනවා අර ගඉර්ල් ගේ ගෙදර යනකොට එතන සුදුකොඩි දාලා මලගේදරක්..
    වෙලා තියෙන්නේ මර දුක් සින් එකක් ..ගෙදරින් කැමති වෙලා න කෙල්ලගේ... කෙල්ල ටෙලිග්‍රෑම් එකක්දාලා වස බිල මැරිලා..:no::no::no::no::no::no::no:
    පට්ට සින්දුව මම මර අසයි....
    :love::love::love::love:................ කාත් කවුරුවත් වෙතත් හිතයි මට පත්වෙන්න ඔය මුවට උඩින්................:love::love::love::love:

    man danna tharamin oka une Sananth Nandasiri ta newei. sinduwa liyapu geetha rachakaya ge athdakeemak.

    mata kawda kiyala nama mathaka ne.
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,299
    17,232
    113
    ඇයගේ පියාණන් මාගේ කුළුපග හිතවතෙකු විය. ඒ ඔස්සේ ඇය මීට වසර කිහිපයකට පෙර කොහෙදෝ පාවී යන සමනලිකසේ මාවෙත විත් හිතවත් විය... මාස ගණනක් මේ හිතවත් කම ඇදී ගියේ ඇයගේ සාමාන්‍ය පෙල අධය්‍යයන කටයුතු වලට මා දුන් පිටිවහල නිසාවෙනි.... මා ඇයට දුන්නේ දැනුම පමණි.... එහෙත් ඇය, ඇයගේ පමණින් ලබාදිය හැකි ආදාරය සෙනෙහස ඉහටත් උඩින් ලබා දුනි... කාලය වසරක් දක්වා ඇදී එද්දී මාද ඇය වෙත කෙමෙන් කෙමෙන් පෙමෙන් බැදෙන්නට විය... ඇය පුදුමාකාර චරිතයකි... පුංචි කෙල්ලෙක් උවත් සිතුම් පැතුම් හා ක්‍රියාවන් විවිධාකාරය... විටක පුංචි කෙල්ලෙක්සේ මුරණ්ඩු ඇය මුරණ්ඩුකම නවත්වන්නේ මගේ ඇමතීමෙන් පසුවමය... තවත් විටෙක සුන්දර ආදරවන්තියකි... හිමිදිරි පාන්දරම මාහට ඇමතුමක් දෙන ඇය මා අවදිකර රාජකාරියට යවයි... හරියටම ප.ව. 1.00 පමණ වෙද්දී කෑම ගැනීමේ ඇමතුම ලබාදෙයි... 4.45 වෙද්දී මා නවාතැන්පල වෙත පැමිණියෙහිදැයි සොයයි... මටනම් මෙය අතිශය සුන්දරය... ආදරය බොලදදැයි මා නොදනී. කෙසේ නමුත් මා ඉහත කී කාරණා වැනි සියදහසක් කාරණා නිසා ඇය වෙත තව තවත් ලංවිය.... මා හට අද ගලාවා ගැනීමට නොහැකිව ලත වෙන්නේද එම බැදීමමයි....

    මෙසේ ගලා ගිය අපේ ආදරයට කිසිදු බාධාවක් නොවුණි... ඇයගේ පියානන් තරම් අපේ සම්බන්ධයට සතුටු වූ තවත් කෙනෙකු නැති තරම්ය... මාගේ ඉලක්කය ඇයට හොද අධ්‍යාපනයක් ලබා දීමය... ඒ වෙනුවෙන් කල හැකි සෑම දේම මා නොපිරිහෙලා ඉටුකලෙමි... ඇයට ඇයගේ අධ්‍යාපන කටයුතු සදහා මා නොදුන් දෙයක් නැත. ඇයගෙන් මා මෙතුවකට කරන ලද එකම ඉල්ලීමද ඉගෙන ගැනීම මෙන්ම ඇය විසින් නිසියාකාරව නොකල එකම දෙයද ඉගෙන ගැනීමම විය.... කාලයත් සමග විවිධ හැල හැප්පීම් ඇරඹෙන්නට විය... මට ඇය ආදරවන්තියකට වඩා පුංචි දියණියකි... ඇයට නම් මා මුළු ලෝකයමයැ... කෑම බීම ඇදුම් වල සිට මාගේ මිල මුදල්ද පාලනය ඇය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම යහපත් බිරිදක් ලෙසින් ඉටු කළාය.. නමුදු මා විසින් ඇයට තරවටු කලේය... ඒ පළමුව කලයුතු දේ පළමුව කළයුතු බැවින් ඉගෙන ගන්නා ලෙසටය.... නමුත් සංසාරේ ගමන යායුතු අයුරින් යනු මිසක වෙනස් කල හැකිනම් වේද...? ඇය ඉගෙනුම දශමයකට මායිම් කලේ නැත... ඇයට මාව තේරුම් ගැනීමට නොහැකි විය... මටද එසේමදැයි මම තවමත් සිතන්නෙමි... ඇය කෙමෙන් කෙමෙන් මගෙන් ඈත් විය... මාගේ කාර්යබහුල ජීවිතය නිසා එතරම් එහි වෙනසක් නොදැනුනද ඇය ඈත් විය... නමුත් ඇයගෙන් විය යුතු සෑම යුතුකමක්ම හා ඇය ආසාකරන සෑම යුතුකමක්ම ඇය විසින් අකුරටම සිදු කලාය... එක් දිනක මාගේ හිමිදිරි අවදි කරවීම නැත... මා ඉවසුවෙමි... දහවල්ද නැත... ඉවසනු නොහේ... මා ඇයට ඇමතුමක් දුනිමි... මාගේ සවන්පත් වලට අකුණු සැරක් වැදුනා වැන්න... ඇය ගෙදරින් පැන ගොසින්ය... ඇයට මෙතරම් ශක්තියක්... මට නොවැටහේ... අඩනු මිස මක් කරම්ද..? ඇඩුවෙමි... ඉකිගසා නිදියහන තෙත්වනතෙක් ඇඩුවෙමි... අතෙහි රුදිරය ගලා බිමට හැලෙන තෙක් දුක් දුනෙමි... වෙන මොනවා කරන්නදැයි නොතේරෙන නිසාවෙන්ම වේදනාව හා දඩුවම උරුම කරගත්තෙමි...

    රාත්‍රියේ යලිත් ඇය ඇමතුමක් දුන්නේ මන්ද යැයි මම අදද කල්පනා කරමි... එහෙත් පිළිතුරු නැත... ඇය මා ඇමතීය. මා එක්කරගෙන යනවනම් මම එන්නම්... ඔයාට රිද්දන්නයි මෙහෙම කලේ... ඇය කෙදිරිලි හඩින් මිමිණීය... දෙවියනේ මෙහෙමත් කෙල්ලෙක්... මා නිසා ජීවිතය කැප කරගන්න මැලි නොවූ සැටි... මම මටම සාපකරගතිමි... මෙයද දෙවියනේ ජීවිතය.... මෙයද දෙවියනේ ආදරය... මටනම් දැන් සිහිමද බවක් හැගෙයි... කෙසේ නමුත් ඇය වැරදිය... බොලදද? මෝඩද? කපටිද? අහිංසකද? මට නොතේරේ. කෙසේ නමුදු ඇය ගෙන ඒමට මා අකමැති විය... නමුදු ඇයගේ දෙමාපියන්ගේ පෙරැත්ත ඇය ගෙන්වා දෙන ලෙසයි... මා ඇය සොයා ගියෙමි... මිටින්හල කිරිල්ලියක් මෙන් දිව ආ ඇය මාගේ අත අල්ලාගත්තේ හරියට ඇයට උපරිම ආරක්ශාව දැනෙනා බව හැග වීමට මෙන්ය.... නමුත් මා දැන් දෙලොවක් නොව ලොවවල් අනන්තයක් අතර සිරවී ඇත. ඇයගේ දෙමාපියන් දැන් ඇය මා වෙත දීමට අකමැතිය... මගේ මවු ඇය භාර ගැන්මට අකමැතිය... මා එම පාර්ශව දෙකම මෙන්ම ඇයගේද සිත රිදවීමට අකමැතිය... මට කිසිවක් නොහැගේ... කෙසේ නමුත් මා ඇයට යළි බලාපොරොත්තුවක් නොදුන්නෙමි... ඇයම සිදුවූ වරද තේරුම්ගෙන ඉගෙනීම වෙතම අවධානය යොමු කලාය... ඇය මාහට පැවසූ එකම එක දෙයක් තවමත් මට සිහිපත්වේ.... තව එකම එක වරක් පරදින්න දිනුම දී, දිනවන්නෙමි ඔබ ජීවිතේ පුරා.........................ඇය නිතරම මට ගයන්නීය.................

    නමුත් මට මගේ හිතට එකගව ඇයට නොව ඇය කළ ක්‍රියාවට සමාවනම් දිය නොහැක... මා ඇයගෙන් ඈත් නොවීය... ඇයට සෙනෙහස පිදීය... ඇයව රැක බලා ගත්තේය... නමුත් ආදරයනම් නොකලේය.... ඒ මන්ද යැයි මට නොහැගේ... මම ආත්මාර්ථකාමියෙක් නොවෙමි... එහෙත් මට ඇයට ආදරේ කල නොහැකිම විය... ඇයට එය කිසිදු ගානක් නොවීය. ඇය සුපුරුදු පරිදි... සමහර විට කලින්ටත් වඩා උනන්දුවෙන් නොයෙකුත් ප්‍රශ්ණ හමුවේ මා බලා ගත්තේය... මගේ ලගින් සිටියේය... ඇයට අවැසි වූයේ එයයි... නමුත් ඇය නිතරම මා හට ඇයගේ ආලය භාරගන්නැයි... ඇය ඒ වෙනුවෙන් ඕනෑම දඩුවමක් භාර ගැනීමට සූදානම් බවද පැවසීය... මා ඇය බැලීමට දැන් යන්නේ නැත... සියළුම දේ දුරකථනයෙන් පමණි... මේ සියල්ල ඉවසූ ඇය, ඇයව බලන්න එන්නැයි ඇයට තේරෙන සෑම ක්‍රමයකින්ම මට පැවසීමට උත්සාහ දැරීය..... ඇයගේ ජංගම දුරකථනයට අමතන වාරයක් පාසා මගේ හදවත පුපුරා යයිදෝයි මට හැගිනි... ඇයගේ රින්ගින්ටෝන් එක වූයේ.....

    එනමුදු මා හැගීම් සහ බුද්ධියේදී... බුද්ධියට ඉඩදුනෙමි... එය මෝඩකමක්ද නැද්ද මම නොදනිමි... ඒත් හැමෝම ගැන සිතා කලයුතු හොදම දේ මම කලෙමි... අද ඇය විවාහවී යහපත් ජීවිතයක් ගත කරන්නීය... මා තවමත් ඇයට දුන් ආලය අමතක කරනු නොහී තැවෙන්නේය... එය මා හට වේදනාවක් නොවේ... ඇය සතුටින්නම් මා හට කිසිදු දුකක් නොදැනේ... ඇය නොලැබීම ගැන ඇතිවන වේදනාවනම් වචනවලට ඇමිණීමට මා අපොහොසත් වෙමි. කෙසේවෙතත් ඇයගේ උපන්දිනය ලංවිය... ඇයට සුභනොපතා ඉන්නේ කෙසේද...? ඇය මාගේ පුන්චි කුමරියයි.. මගේ සිතේ කිසිදු කුහක හෝ ජරා අදහසක් නැත. වැරදි උවත් අවැසි වූයේ ඇයට සුභ පැතීමයි.... ඇයගේ දුරකථන අංකයට ඇමතීමි... පිළිතුරක් නැත... දෙනුන් වතාවක් ඇමතිමි... නිහඩය...

    අවසානයේදී ඇය මා හට ඇමතීය.... ඇය පෙර සුරතල් හඩින්ම ඔය අයියනේද..? ඇසීය ... මට ඔව් කියන්නටත් කලින් ඇයගේ සැමියා එය උදුරාගෙන මට මෙලෙස පැවසීය... පොන්නයා, ගෑනියෙක් හොයාගනින්.......!

    සමහර විට ඇත්ත වෙන්න ඇති... අතේ සිටි පුන්චි කිරිල්ලිට ඉගිලෙන්න දී.... ඒ පස්සේ දිව දිව ඒ මතකයේ ඇවිදිමින් අඩා වැටෙන මා ඔවුන්ට අනුව පොන්නයෙක්ම වෙන්න ඇති..... නමුත් මහත්තයෝ මට ඔබ හිතනා විදියේ ජරා හැගීමක් නැත... එසේ ඇත්නම් ඔය කිරිල්ලි ඔය කූඩුවෙන් යළි මා ළගට ගැනීමට මට බැරි කමකුදු නැත... එය ඔබද දන්නා සෙයක් ඔබගේ මුවින් පිටවූ ඔය වදන්ම මට පසක් කරයි... ඔබ දෙදෙනාටම සුභ අනාගතයක්...

    එහෙනම් යහළුවනේ... සස්ලිට් ටික දිනකට නිහඩවෙනවා... මෙහි පලකරන ලද අදහස් උපුටාගැනීම් නොවේ... කොපි කරන කෙනෙක් එළකිරිය ගැන සටහන් කරන්න... නැතිනම් කොපි නොකර ඉන්න...

    :sorry::sorry::(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
     
    jay o

    Active member
  • Jan 8, 2008
    781
    210
    43
    CMB, Sri Lanka
    ඇයගේ පියාණන් මාගේ කුළුපග හිතවතෙකු විය. ඒ ඔස්සේ ඇය මීට වසර කිහිපයකට පෙර කොහෙදෝ පාවී යන සමනලිකසේ මාවෙත විත් හිතවත් විය... මාස ගණනක් මේ හිතවත් කම ඇදී ගියේ ඇයගේ සාමාන්‍ය පෙල අධය්‍යයන කටයුතු වලට මා දුන් පිටිවහල නිසාවෙනි.... මා ඇයට දුන්නේ දැනුම පමණි.... එහෙත් ඇය, ඇයගේ පමණින් ලබාදිය හැකි ආදාරය සෙනෙහස ඉහටත් උඩින් ලබා දුනි... කාලය වසරක් දක්වා ඇදී එද්දී මාද ඇය වෙත කෙමෙන් කෙමෙන් පෙමෙන් බැදෙන්නට විය... ඇය පුදුමාකාර චරිතයකි... පුංචි කෙල්ලෙක් උවත් සිතුම් පැතුම් හා ක්‍රියාවන් විවිධාකාරය... විටක පුංචි කෙල්ලෙක්සේ මුරණ්ඩු ඇය මුරණ්ඩුකම නවත්වන්නේ මගේ ඇමතීමෙන් පසුවමය... තවත් විටෙක සුන්දර ආදරවන්තියකි... හිමිදිරි පාන්දරම මාහට ඇමතුමක් දෙන ඇය මා අවදිකර රාජකාරියට යවයි... හරියටම ප.ව. 1.00 පමණ වෙද්දී කෑම ගැනීමේ ඇමතුම ලබාදෙයි... 4.45 වෙද්දී මා නවාතැන්පල වෙත පැමිණියෙහිදැයි සොයයි... මටනම් මෙය අතිශය සුන්දරය... ආදරය බොලදදැයි මා නොදනී. කෙසේ නමුත් මා ඉහත කී කාරණා වැනි සියදහසක් කාරණා නිසා ඇය වෙත තව තවත් ලංවිය.... මා හට අද ගලාවා ගැනීමට නොහැකිව ලත වෙන්නේද එම බැදීමමයි....

    මෙසේ ගලා ගිය අපේ ආදරයට කිසිදු බාධාවක් නොවුණි... ඇයගේ පියානන් තරම් අපේ සම්බන්ධයට සතුටු වූ තවත් කෙනෙකු නැති තරම්ය... මාගේ ඉලක්කය ඇයට හොද අධ්‍යාපනයක් ලබා දීමය... ඒ වෙනුවෙන් කල හැකි සෑම දේම මා නොපිරිහෙලා ඉටුකලෙමි... ඇයට ඇයගේ අධ්‍යාපන කටයුතු සදහා මා නොදුන් දෙයක් නැත. ඇයගෙන් මා මෙතුවකට කරන ලද එකම ඉල්ලීමද ඉගෙන ගැනීම මෙන්ම ඇය විසින් නිසියාකාරව නොකල එකම දෙයද ඉගෙන ගැනීමම විය.... කාලයත් සමග විවිධ හැල හැප්පීම් ඇරඹෙන්නට විය... මට ඇය ආදරවන්තියකට වඩා පුංචි දියණියකි... ඇයට නම් මා මුළු ලෝකයමයැ... කෑම බීම ඇදුම් වල සිට මාගේ මිල මුදල්ද පාලනය ඇය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම යහපත් බිරිදක් ලෙසින් ඉටු කළාය.. නමුදු මා විසින් ඇයට තරවටු කලේය... ඒ පළමුව කලයුතු දේ පළමුව කළයුතු බැවින් ඉගෙන ගන්නා ලෙසටය.... නමුත් සංසාරේ ගමන යායුතු අයුරින් යනු මිසක වෙනස් කල හැකිනම් වේද...? ඇය ඉගෙනුම දශමයකට මායිම් කලේ නැත... ඇයට මාව තේරුම් ගැනීමට නොහැකි විය... මටද එසේමදැයි මම තවමත් සිතන්නෙමි... ඇය කෙමෙන් කෙමෙන් මගෙන් ඈත් විය... මාගේ කාර්යබහුල ජීවිතය නිසා එතරම් එහි වෙනසක් නොදැනුනද ඇය ඈත් විය... නමුත් ඇයගෙන් විය යුතු සෑම යුතුකමක්ම හා ඇය ආසාකරන සෑම යුතුකමක්ම ඇය විසින් අකුරටම සිදු කලාය... එක් දිනක මාගේ හිමිදිරි අවදි කරවීම නැත... මා ඉවසුවෙමි... දහවල්ද නැත... ඉවසනු නොහේ... මා ඇයට ඇමතුමක් දුනිමි... මාගේ සවන්පත් වලට අකුණු සැරක් වැදුනා වැන්න... ඇය ගෙදරින් පැන ගොසින්ය... ඇයට මෙතරම් ශක්තියක්... මට නොවැටහේ... අඩනු මිස මක් කරම්ද..? ඇඩුවෙමි... ඉකිගසා නිදියහන තෙත්වනතෙක් ඇඩුවෙමි... අතෙහි රුදිරය ගලා බිමට හැලෙන තෙක් දුක් දුනෙමි... වෙන මොනවා කරන්නදැයි නොතේරෙන නිසාවෙන්ම වේදනාව හා දඩුවම උරුම කරගත්තෙමි...

    රාත්‍රියේ යලිත් ඇය ඇමතුමක් දුන්නේ මන්ද යැයි මම අදද කල්පනා කරමි... එහෙත් පිළිතුරු නැත... ඇය මා ඇමතීය. මා එක්කරගෙන යනවනම් මම එන්නම්... ඔයාට රිද්දන්නයි මෙහෙම කලේ... ඇය කෙදිරිලි හඩින් මිමිණීය... දෙවියනේ මෙහෙමත් කෙල්ලෙක්... මා නිසා ජීවිතය කැප කරගන්න මැලි නොවූ සැටි... මම මටම සාපකරගතිමි... මෙයද දෙවියනේ ජීවිතය.... මෙයද දෙවියනේ ආදරය... මටනම් දැන් සිහිමද බවක් හැගෙයි... කෙසේ නමුත් ඇය වැරදිය... බොලදද? මෝඩද? කපටිද? අහිංසකද? මට නොතේරේ. කෙසේ නමුදු ඇය ගෙන ඒමට මා අකමැති විය... නමුදු ඇයගේ දෙමාපියන්ගේ පෙරැත්ත ඇය ගෙන්වා දෙන ලෙසයි... මා ඇය සොයා ගියෙමි... මිටින්හල කිරිල්ලියක් මෙන් දිව ආ ඇය මාගේ අත අල්ලාගත්තේ හරියට ඇයට උපරිම ආරක්ශාව දැනෙනා බව හැග වීමට මෙන්ය.... නමුත් මා දැන් දෙලොවක් නොව ලොවවල් අනන්තයක් අතර සිරවී ඇත. ඇයගේ දෙමාපියන් දැන් ඇය මා වෙත දීමට අකමැතිය... මගේ මවු ඇය භාර ගැන්මට අකමැතිය... මා එම පාර්ශව දෙකම මෙන්ම ඇයගේද සිත රිදවීමට අකමැතිය... මට කිසිවක් නොහැගේ... කෙසේ නමුත් මා ඇයට යළි බලාපොරොත්තුවක් නොදුන්නෙමි... ඇයම සිදුවූ වරද තේරුම්ගෙන ඉගෙනීම වෙතම අවධානය යොමු කලාය... ඇය මාහට පැවසූ එකම එක දෙයක් තවමත් මට සිහිපත්වේ.... තව එකම එක වරක් පරදින්න දිනුම දී, දිනවන්නෙමි ඔබ ජීවිතේ පුරා.........................ඇය නිතරම මට ගයන්නීය.................

    නමුත් මට මගේ හිතට එකගව ඇයට නොව ඇය කළ ක්‍රියාවට සමාවනම් දිය නොහැක... මා ඇයගෙන් ඈත් නොවීය... ඇයට සෙනෙහස පිදීය... ඇයව රැක බලා ගත්තේය... නමුත් ආදරයනම් නොකලේය.... ඒ මන්ද යැයි මට නොහැගේ... මම ආත්මාර්ථකාමියෙක් නොවෙමි... එහෙත් මට ඇයට ආදරේ කල නොහැකිම විය... ඇයට එය කිසිදු ගානක් නොවීය. ඇය සුපුරුදු පරිදි... සමහර විට කලින්ටත් වඩා උනන්දුවෙන් නොයෙකුත් ප්‍රශ්ණ හමුවේ මා බලා ගත්තේය... මගේ ලගින් සිටියේය... ඇයට අවැසි වූයේ එයයි... නමුත් ඇය නිතරම මා හට ඇයගේ ආලය භාරගන්නැයි... ඇය ඒ වෙනුවෙන් ඕනෑම දඩුවමක් භාර ගැනීමට සූදානම් බවද පැවසීය... මා ඇය බැලීමට දැන් යන්නේ නැත... සියළුම දේ දුරකථනයෙන් පමණි... මේ සියල්ල ඉවසූ ඇය, ඇයව බලන්න එන්නැයි ඇයට තේරෙන සෑම ක්‍රමයකින්ම මට පැවසීමට උත්සාහ දැරීය..... ඇයගේ ජංගම දුරකථනයට අමතන වාරයක් පාසා මගේ හදවත පුපුරා යයිදෝයි මට හැගිනි... ඇයගේ රින්ගින්ටෝන් එක වූයේ.....

    මේ ත්‍රෙඩ් එකේ මෙතනට වෙනකම් මගේ ජීවිතේ සියයට අනූ නවයක් සමානයි අසමානතාව වනුයේ ඇය මාගේ පාසල් දිවියේ සමකාලීන මිතුරියකි.තවද අද ඇය නැවතත් මාගේ කිරිල්ලියයි.ඇය පැන ගියා යනුවෙනුන් ඔබ අදහස් කලේ කුමක් ගැනද කියා අවබෝදයක් ද නැත.නමුත් මා හා මගේ පෙම්වතී ටික දවසකට විරහ වී සිටියා.නමුත් ඔබගේ මේ කතාව හුඟාක් දුරට මාගේ පෙම් ජවනිකාවට සමානය.ස්තූතියි යාළුවා.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    [FONT=&quot]බොදව යන සිහිනයේ අවසන් බලාපොරොත්තුව......[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]කිරි ඉද්ද ගහට සුද අරගෙන සද එන දවසට.......[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]බිදී යන පෙම් පුරාවතක පෙම්වතා සතු අවසන් බලාපොරොත්තුව ගැන කියවෙන, අවසන දී ජීවිතයේ අනිත්‍ය පිලිබදව බෞද්ධ දර්ශනය මෙනෙහි කරමින් සිය සිත සනසා ගන්නට යත්න දරනා පෙම්වතකු ගේ චිත්ත සන්තාපය අප හදවත කීරිගස්වන ලෙස පළකරන සුන්දර වු වේදනාකාරී පබැදුමකි, මේ ගීතය........[/FONT]

    [FONT=&quot]කිරි ඉද්ද ගහට සුද අරගෙන සද එන දවසට[/FONT]
    [FONT=&quot]සිහිනයක් වෙලා ඔබ හිදින්න මගෙ ඇසිපිය යට[/FONT]
    [FONT=&quot]ඒ ඇති මැණිකේ මට.........[/FONT]

    [FONT=&quot]සිහිනයක් ලෙසින් ගිලිහී යන අපෙ හෙට දවසට[/FONT]

    [FONT=&quot]සද මෝදු වී නැගෙන සුන්දර නිශායාමය සියලු ම පෙම්වතුන් ගේ සිත් තුළ සරාගික භාවයන් උපදවයි. කිරි ඉද්ද ගසේ මල් සුදු පෑ ම වේ. එයට සද රැස් වැටෙන කල ඇතිවන සුද, සියළු ම සුදු පැහැයන් පරාද කරන එකකි. මෙවන් සාරාගික වූ නිශාවක, ඇය ළග නොමැති ඔහු පවසන්නේ ඇයට සිහිනයක් වී ඇසිපිය යට රැදෙන ලෙසටය. සිහිනයක් වී ඇසිපිය යට රැදෙන විට ඇසිපියවන සෑම විටකම ඒ සිහිනය ඔහුට පෙනේ. ඒ සිහිනය ඇයයි. ඇය පිළිබද ව ඔහු ගේ සිත තුළ තෙරපෙන සරාගික සිහිනයයි. මේ සිහිනය පමණක් ම දකිමින් ඔහු ට සැනසීමට සිදුවී ඇති බවය ඔහු කියන්නේ. ඒ සිහිනයක් ම ලෙසින් ඔවුන් ගේ අතර පවතින සෙනෙහස වියැකී, ගිලිහී යන නිසා‍වෙනි. ඔහු මෙලෙස තැවෙන්නේ ද ලතැවෙන්නේ ද ඒ සෙනෙහස වියැකී, ගිලිහී යන බැවිනි.[/FONT]

    [FONT=&quot]අප නැතැයි කියා වැරුව ද ගස් වැල් මල් සම්පත[/FONT]
    [FONT=&quot]ගග නතර වුණා දැයි කියන්න මුවදොර මුව දැක[/FONT]
    [FONT=&quot]පසුතැවෙන අපේ සිත් තනිකර ලොව දුර ගමනක........................[/FONT]

    [FONT=&quot]ඔවුන් අතර විප්යෝගයෙන් මෙලොව තැවෙන්නේ ඔවුන් දෙදෙනා ම පමණකි. වෙන කිසිදු සොබාදමේ ප්‍රපංචයක් මේ විප්පයෝගය නිසා නොතැවෙති. අප දෙදෙනා නැති කල ගස් වැල් මල් වරාවි, ගංගා ගලා යාම නතර වේවියි සිහින දැකින පෙම්වතුන් හට මේ රචකයා පවසන්නේ යථාර්ථය ම නොවේද? දෙදෙනෙකු ගේ වෙන්වීමෙන් මේ පෘථිවිතලය භ්‍රමණය වීම නතර නොවනා සේම, මගොව සියලු දේ සුපුරුදු අයුරින් ‍සිදුවෙන බවට යථාර්ථවාදි ව දකින මේ පෙම්වතා, ඇය ඇසපිය මත සිහිනයක් ව රැදීමට පැතීමට තරම් ළද බොළදවීම, ආලයේ ම අතුරු පලයක් නොවේද? මෙලොව කොතරම් බුද්ධිමතෙකු. වියතෙකු, උගතෙකු පෙමින් වෙලි සිටිය ද, ඒ සියලු ම දෙනා ආලයෙන් බොළදවන බව නොවෙද මේ රචකයා නොකියා කියන්නේ.[/FONT]

    [FONT=&quot]මේ නුවර එදා වගෙමයි අපි පෙමින් ඇවිද ගිය[/FONT]
    [FONT=&quot]මුළු නුවර දන්න ගස් වැල් අප නැතත් පදුරු ලන[/FONT]

    [FONT=&quot]ඔවුන් දෙදෙනා වෙන් වී ගියද, ඔවුන් ඇවිද ගිය නුවර මංමාවත් හෝ විදි වෙනස් ව නොමැත. ඔවුන් ගේ බාදී ගිය පෙමින් නුවර හඩන්නේ නැත. යථාර්තය එයයි. නුවර ඇති, මුලු නුවර ම දන්නා ගස් වැල් ආලිස්සමකින් කොරව ම පදුරුලයි, මල් පල ලබා දේ. කිසිදු දෙයක් කිසිදු විලසකින් වත් වෙනස් ව නොමැත. යථාර්ථය, යථාර්ථය ලෙසම පසක් කිරිමට අමතර ව, “මුළු ලෝකය ම නොවෙනස් වඇති මුත් අපි දෙතැනක නේද?” යන විරහවේ සියුම් ශෝක වේදනාවේ ලතැවිල්ල මේ පෙම්වතා රිදවන අයුරු බලන්න. මෙසේ වෙනස් හැගිම් දෙකක් එකවර අපේ හදවතට දැනෙන්නට සලස්වන්නට තරම් මේ ගේය පදයෙහි රචකයා කෙතරම් පරිනත පුගුලෙක් සහ දක්ෂයෙක් විය යුතුද?[/FONT]

    [FONT=&quot]ජීවිතය කියා දී එක දෙක පරමල් හිනැහෙන.....................[/FONT]

    [FONT=&quot]අවසන දී මුළු ජීවිතයේ ම නිස්සාරත්වය පරිසරය කියාදෙන ආකාරය සහ එයින් “සියළු දේම අනිතය බැවින් අපේ පෙමද අනිත්‍යය” යන අවසන් විග්‍රහයට එළඹී මේ පෙම්වතා සැනසෙන අයුරු, අපට ගෙන එන්නේ බෞද්ධ දර්ශනයේ ඇති “සියලු ම දේ අනිත්‍යය” යන සංවේදනය සහ එයින් උපදනා මානසික ශාන්තිය ම නොවේද?[/FONT]

    <==මෙහි පලකරන ලද අදහස් උපුටාගැනීම් නොවේ... කොපි කරන කෙනෙක් එළකිරිය ගැන සටහන් කරන්න... නැතිනම් කොපි නොකර ඉන්න...==>
    උපුටා ගැනීම සස්ලිට් ගෙන්
     
    Last edited: