දයාබර රුවින්දි පුතේ....
ඔයා තව දිනකින් දෙකකින් ඔයාගේ ශල්‍ය කර්මය සඳහා ඉන්දියාවට යනවා.. ඔයාට දැනෙන්නේ නැති උනාට මේ මොහොතේත් මුළු ලෝකය පුරාම ඉන්න දයාබර හදවත් ඇති මහා පිරිසක් මගේ පුතාව බේරාගන්න නොයේක් විධිහෙන් ආධාර කරමින් ඉන්නවා...
අද උදේ ඕස්ට්‍රේලියාවේ ඉඳන් ඩිලානි අධිකාරම් කියලා නැන්දා කෙනෙක් කථා කරලා කීවා එයා සල්ලී දැම්මා කියලා. ඒ නැන්දාටත් ඔයා වගේම ලස්සන පුංචි අක්කියෙකුයි දඟම දඟ අයියෙකුයි ඉන්නවා... අපි ඒ අයට ස්තූතියි කියමු නේද පුතේ...
සංජීව සූරියආරච්චි මාමා කථා කලේ අබුඩාබියේ ඉඳන්. එයත් මේවෙනකොට පුතා වෙනුවෙන් මුදල් එවලා...
පුතා දන්නවාද “හිත් මල්යාය“ පිටුව කරන මාමලා අවුරුද්දට කරාපු තරඟයකින් දිනාපු දෙන්නෙක් ඒ දිනපු තෑගි මුදල වන රු 35,000/- එහෙම පිටින්ම ඔයා වෙනුවෙන්ම එවලා. බලන්න පුතේ ඔයාට කොච්චර ආදරේ අය ඉන්නවාද කියලා
ලුම්බිණි නැන්දා ඉන්නේ කෝට්ටේ, වැඩ කරන්නේ රජයේ අමාත්‍යාංශයක. එයා පුතා ගැන දැනගෙන අද උදේ පුතා සුව කරැගන්න උදව් වෙන්න අපට ආදාරයක් කරා...
මහේෂි තිලකරත්න නැන්දා ඉන්නේ රාගම. මේ විස්තරය කිව් සැනින් දුවට උදව් කරන්න දායක උනා. ඒ විතරක් නෙමෙයි මේ වෙනුවෙන් වෙහෙසෙන හැමෝටම මෙවන් සත්කාර්ය්යන් කරන්න ශක්තිය ධෛර්ය්යත් ප්‍රාර්ථනා කලා...
ලඟදී දවසක කීර්ති රත්නායක මාමාගේ උපන් දිනය තිබුනා පුතේ. ඒ මාමාත් මේ වෙනකොට ඉන්නේ ඔස්ට්‍රේලියාවේ. අපි එයාට සුබ පතන ගමන් එයාගේ උපන් දිනය අමතක නොවන දිනයක් කරගන්න මේ වැඩ්ට දායක වෙන්න කියලා කීවා. එයා ඒක බොහෝම සතුටින් බාරගත්තා විතරක් නෙමෙයි එහේ ඉන්න එයාගේ යාළුවන්ටත් තියන්නම් කියලා කිව්වා.
ඒ වගේම අද රාගම වල්පොල තක්ෂිල දුමිඳුවර්ධන මාමාගේ උපන් දිනය පුතේ. අපි ඒ මාමටත් සුබ පතන ගමන් ඔයා ගැන කිවිවා. එයා මේ වෙනුවෙන් යමක් හෙට කරැන බවට පොරොන්දු උනා..
අපිට ඔයාගේ මේ වැඩේදී සමහර අයගේ මුහුණු පොතේ පිටුවලට දන්නේ නැතිව උනත්, ආගන්තුකයෝ විදිහට රිංගලා ඔයා වෙනුවෙන් ඔයා ගැන ගැන සටහන් කරන්න උනා අනවසරයෙන්ම.
ඒ එක් ඉල්ලීමකදී අපි කවදාවත් දැක නැති පියුමී නිසංසලා නැන්දා ඔයා වෙනුවෙන් දයාබරව අපිට මෙසේ පිලිතුරු දුන්නා...
“මාගේ සහය නොපමාව ලබා දෙන්නේ සතුටින් මයි... තෙරුවන් සරණයි...“
බලන්න මගේ පුතේ මේ ලොකේ මිනිසුන් කොතරම් නම් සුන්දරද කියලා...
පුතේ මේ වෙනුවෙන් නිතර ඉල්ලීම් ලියමින් දන්නා හැමෝම අමතමින් නිරන්තරයෙන් ඉන්නා සුම්ත් ධම්මික මාමාත් අපිට හැම තිස්සෙම කථා කරමින් දුවගේ තතු විමසනවා....
මේ වගේ තව බොහෝ අය (අපි දන්නේ නැතිව) ලෝකේ කොහේ හරි ඉඳන් ඔයා සනීප කරන්න වෙහෙසෙනවා.. ඒ අතරින් පුතාගේ ගම් ප්‍රෙද්ශයේ අය කොහොමටවත් අමතක කරන්න බෑ. දිනපතාම ඒ අය ඔයා වෙනුවෙන් පාරක් පාරක් ගානේ ගිහිල්ලා ඔයා ගැන කියලා කීයක්ම හරි ගෙනත් දානවා. ඒ අයටත් කියන්න බැරි තරම් පිං ලැබෙනවා අපේ චූටි පැටියා ගොඩ ගන්න උදව් කරනවාට....
අපිට දස දෙසින් එන පිණිවිඩ අතරේ ඔයාට අසීමිතව ආදරය කරන “ජීවන්ත සම්පත්“ මාමා තමන් අතේ ඉතිරිකරන් තිබුනු සියල්ල ඔයා වෙනුවෙන් මේ වැඩේට යොදලා දැන් එයාගේ සියළුම ඥාතීන් හිතමිත්‍රාදීන් සොයා ගොසින් ඔයාව බේරා ගන්න ඉතා දැඩි වෙහෙසක් ගන්නවා... ඒ මාමා හරිම සංවේදීයි පුතේ. ඒක අපිට සමහර වෙලාවට දරාගන්න බරි තරමටම බරයි. ඊයේ ජීවන්ත මාමා මෙහෙම සටහනක් තියලා තිබුනා
“මම ඊයේ නිලූෂ විජේසිංහ අයියට කතා කළා මාමේ !
මම නිලූෂ අයියට වුණු පොරොන්දුව අනිවාර්යයෙන් ඉටු කරනවා.....
සත්තයි මාමේ
නැත්නම් මම මැරෙන්න ඕනේ !
රත්තරන් චූටි දූ පැටියව අපි කොහොම හරි බේරගන්නවා“
මේ වගේ රත්තරන් හදවත් එක්ක ජීවත් වෙන්න ලැබීම කොතරම් පිනක්ද පුතේ..
පුතා ගිහින් ඉක්මනට සනීප වෙලා අපිව බලන්න එන්න.
තුණුරුවන්ගේ අනන්ත මහා ගුණ බලයෙන්, සියළු දෙවියන්ගේ රැකැවරණයෙන් මගේ පුතාට ඉක්මනින්ම සුවය ලැබේවි.
ඔයා එනකම් ලෝකේ වටේම ඔයාට ආදරය කරන ලක්ෂ ගානක් දයාබර හදවත් තියෙන මිනිසුන් ඇඟිලි ගැන ගැනා ඉන්නවා රත්තරං පුංචි සමණල පැටියෝ.......
elakiri ekee hamoomath mekata hawl karuwoo thwa dawas dekai hamootma godak pin...