සුන්දර ගීයක ඇරබුම,..

Chinthaka_tc

Member
Jul 17, 2010
4,450
514
0
35
සෙoකඩගල පුරවරය
Pudasunaka%2BNisala%2BBawa.jpg
මේක කතාව නම් මගේ firt love එකට හෑම අතිනම සමානයි....:(
පලාත් විතරයි වෙනස් [පානදුර-නුවර]....:sorry: දන්නෝ දනිති..
. :frown:
 

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,459
    5,793
    113
    හෝම් ස්වීට් හෝම්
    යාලු ඔය ස්ද්දිය ඔය විදිහටම මට උනා කිවුවොත් ඔයා පිලිගන්න්නවද??? ඒ දේ එහෙම උනාඅ... නමුත් දෑන් වෙලාව නෙමේ ඒ කතාව දාන්න ඒ ස්ම්බන්ද නූලකදි දාන්නම් ඒක.. ස්තුතී අපිත් එක්ක බෙදාගත්තාට

    :yes::yes:
    ඔය වගේ දෙයක් උනු එකම එකා උඹ නෙවේ කියලා මම කිව්වොත්

    ඒ වුනු දේ ආයෙමත් හරිගස්සන්න පුලුවන් නං .....
    ඒත් ඒක කරන්න බෑ .................. :eek:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    විඩාපත් හදවත වෙත ඉසින සිලිලාර මුසු සිහිල් පවන් රැල්ල.....................

    සුන්දර ගීයක ඇරඹුම - 2

    "හද විල කළඹන ගී ජල රේඛා"
    නමින්

    නොබෝ දිනකින් ඔබ ගේ නෙතු ඉමේ කෙවෙනි අද්දර දෝර ගලා යන්න ට
    අර අදින වග නම්.......!!!!!!!
     
    • Like
    Reactions: Octa HeliX

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    විඩාපත් හදවත වෙත ඉසින සිලිලාර මුසු සිහිල් පවන් රැල්ල.....................

    සුන්දර ගීයක ඇරඹුම - 2

    "හද විල කළඹන ගී ජල රේඛා"
    නමින්

    නොබෝ දිනකින් ඔබ ගේ නෙතු ඉමේ කෙවෙනි අද්දර දෝර ගලා යන්න ට
    අර අදින වග නම්.......!!!!!!!
    fnVd.jpeg
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    විඩාපත් හදවත වෙත ඉසින සිලිලාර මුසු සිහිල් පවන් රැල්ල.....................

    සුන්දර ගීයක ඇරඹුම - 2

    "හද විල කළඹන ගී ජල රේඛා"
    නමින්

    නොබෝ දිනකින් ඔබ ගේ නෙතු ඉමේ කෙවෙනි අද්දර දෝර ගලා යන්න ට
    අර අදින වග නම්.......!!!!!!!
    හද විල නොකලඹවා, සනසන ලෙස දැම්මොත් මොකෝ...:P
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    විඩාපත් හදවත වෙත ඉසින සිලිලාර මුසු සිහිල් පවන් රැල්ල.....................

    සුන්දර ගීයක ඇරඹුම - 2

    "හද විල කළඹන ගී ජල රේඛා"
    නමින්

    නොබෝ දිනකින් ඔබ ගේ නෙතු ඉමේ කෙවෙනි අද්දර දෝර ගලා යන්න ට
    අර අදින වග නම්.......!!!!!!!

    ඔය තියෙන්නේ.. ජයවේවා.. ඉක්මනට වැඩේ පටන් ගන්න ලොක්ක..;);)
     
    • Like
    Reactions: Octa HeliX

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    විඩාපත් හදවත වෙත ඉසින සිලිලාර මුසු සිහිල් පවන් රැල්ල.....................

    සුන්දර ගීයක ඇරඹුම - 2

    "හද විල කළඹන ගී ජල රේඛා"
    නමින්

    නොබෝ දිනකින් ඔබ ගේ නෙතු ඉමේ කෙවෙනි අද්දර දෝර ගලා යන්න ට
    අර අදින වග නම්.......!!!!!!!
    fnVd.jpeg
     
    • Like
    Reactions: Octa HeliX

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

    :love: :love: :love: :love: :love: :love: :love: :love: :love:

    :love: :love: :love: :love: :love: :love: :love: :love:


    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]හෙළ සුභාවිත ගීතයේ රුව ගුණ වරුණ දකින කවුලුවයි, “හද විල කළඹන ගී ජල රේඛා”.[/FONT]
    [FONT=&quot]අපේ මහ ගෙදර, *ධනුෂුක* සොයුරා ගේ “සුන්දර ගීයක ඇරඹුම” සම්මානිත හුයෙහි ම ද්විතීය භාගය ලෙසයි,
    මේ “හද විල කළඹන ගී ජල රේඛා” ඔබට තිළිණ කෙරෙන්නේ.[/FONT]

    [FONT=&quot]ඒ අපේ මහ ගෙදර අප්පච්චි වූ *ධනුෂ්ක* සොයුරා ගේ පූර්ණ අනුදැණුම, අනුමැතිය,අනුග්‍රහය සහ මග පෙන්වීම යටතේ.[/FONT]
    [FONT=&quot]අපේ මුල් හුය එන්න එන්නම දිගු වීමෙන් සහ ගී විචාර නැවත නැවත උපුටා දැක්විමෙන් ඇති වි තිබෙන විඩාබර බව ඉවත් කිරිමටයි මේ වෙර, සවිය.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]ඒ හැරුනු කොට අප මෙම හුයෙන් බලාපොරොත්තු වන දේ කීපයකි. අප ගියක් රස විදින අයුරද, අප ගේ හදවතට ද, බුද්ධියට ද එය දැනෙන, අප එයින් ප්‍රලය වන අයුරද, ආත්මාර්ථයෙන් තොරව පරාර්ථයෙන් බෙදා ගැනීම ප්‍රමුඛත ම බලාපොරොත්තුවයි. වර්තමානයේ අප ගේ දෙසවනට බලහත්කාරයෙන් පොම්ප කරන සුභාවිත නොවන ගීයෙහි අවගුණය කෙසේ වෙතත්, අප රස විදින සුභාවිත ගීයෙහි ගුණය මතුකොට පෙන්වීම අනෙකයි. හෙල ගී කෙත තුළ වපුරා ඇති විචාරය යයි සම්මත අන්‍යන්‍යෙ පිටකසා ගැනිම් වෙනුවට අපේ හදවත් තුළින් ම නැගෙන සබුද්ධික විචාරයක් රස භාව හදුනනවුන් ගේ සම්මතය තුල රෝපනය කිරීම අපේ තෙවන බලාපොරොත්තුවයි. අවසන, දැන් දැන් ඇසෙන හර සුන් ගී අතරින් ඉදහිට හෝ ගැයෙන සුභාවිත ගී පෙරා, තෝරා, හරවත් විචාර වලින් ඔප කොට, එහි ඇති අර්ථ රසය පමණක්ම නොව, සංගීතය, ගායන විලාශය, සංගීත යෙදුම් ඈ වින්දනීය තැන් එළකිරියන් ගේද, රස භාව හදුනන දුහුනන් ගේද, ගී සාහිතය පිලිබදව ගවේෂණය කරන විද්‍යාර්ථින් ගේ ද පරිශීලනයට, විදීමට , හැදෑරීමට ඉදිරිපත් කිරීම අප බලාපොරොත්තු වෙමු.[/FONT]

    [FONT=&quot]මේ සියල්ලම තබා අප, අප ලෙස අපේ ඇසින් ගී ලොව දකින්නට, රස විදින්නට එලකිරියන් හට මග නොමග පෙන්වන ප්‍රදීපස්ථම්භයක් වීම, මේ හුයට සම්මාදන් වන සියලු ම එලකිරි කොල්ලන් සහ කෙල්ලන් ගේ රස මනස ඥාණනය කිරීම අප ගේ නොතිත් ඉලක්කයයි.

    [/FONT]
    [FONT=&quot]මේ හුයට සම්බන්ධ වන, පෙදෙහි රස හව් විදින එළකිරියේ සුධීන් ගෙන් කෙරෙන ඉල්ලීමකි. ඔබ යම් විචාරයකට ප්‍රතිචාර දැක්විමේ දී කරුණාකර මුලු විචාරය ම නැවත උපුටා දැක්විමෙන් වළකින ලෙස ඉතාමත් බැහැපත් ව ඉල්ලා සිටිමු. ඒ පෙර මෙන් ම මේ හුය ද, අතිශයින් ම දිගු විමද, විඩාබර තත්ත්වයකට ඒමද වැලැක්විමටයි.[/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]ඉදින් අරඹමු, ගීතයේ වින්දනීය ඉසවු සොයා යන තීර්ථ යාත්‍රාව..............[/FONT]


    [FONT=&quot]හද විල කළඹන ගී ජල රේඛා.....................!!!!!![/FONT]
     

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ

    ඒවා එහෙම තමයි බන් , වැඩිය හිතන්න එපා...
    මෙතන 18+ කියල තිබ්බා නම් 230views 4000 replies වෙන්න තිබුනා..:angry:
    කවුරු නැතත් අපි ඉන්නවා මචන්..
    Aniwa machan hodata balapu deyak thamay wadagath yamak dammoth kauruwath na eth kunuharpayak dammoth replie..ganan ganna epa macho api innawa.meka patta..:love::love::confused::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    eraser85

    Member
    May 30, 2012
    28
    1
    0
    83 කළු ජුලිය කාලේ දවසක රැ 12 ට විතර රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ගෙදර දුරකථනය නාඳ වෙනව,,අනිත් පැත්තෙන් කතා කරන්නේ ගුණදාස කපුගේ මහතා..කපුගේ මහතා කියනවා එක්තරා සඟරාවක නමක් සදහන් කරමින් රත්න කොහොම හරි මේ මාසේ ඒ සඟරාව අරන් කියවන්න කියල..රෑ 12 ට විතර කතා කරලා මේ වගේ දෙයක් කිව්වම එතුමාට පොඩි තිගැස්මක් ඇති වෙන්නත් ඇති..ඒ සගරාවේ තබුන සුන්දර කෙටිකතාවක් ...

    මාතර පැත්තේ සිංහල ගැහැණු ළමයෙක් තමන්ගේ පළමු රැකියා පත් වීම විදියට උප පොලිස් කොස්තාපල් වරියක් විදියට බම්බලපිටිය පොලිසියේ වැඩ බාරගන්නවා,,එතනම යාපනෙනේ ඉඳල ආපු දමිල තරුණයෙකුත් රාජකාරි කරනවා..මුලදී දෙදෙනා අතර ඇතිවෙන හිතවත්කම පස්සේ දළුලා වැඩුණු ආදරයක් බවට පත්වෙනවා,,තරුණයා දමිල වීම හේතුකොටගෙන සාම්ප්‍රදායික ඇතිවෙන විරෝදතාවයන් ගැහැණු ලමයාගේ පැත්තෙන් එල්ල වෙනවත් සමගම ..

    අවසාන ප්‍රථිපලය ලෙස දෙදෙනා හොර රහසේම විවාහ වී තරුණයාගේ ගම රට වන තල් රුප්පාවට පලා යනවා,,

    මේ සුන්දර ආදර කතාව කියවපු රත්න ශ්‍රී විජේසිංහයන්ගේ හිතේ හරි සොදුරු ගී සංකල්පනාවක් උපදිනවා මෙන්න මේ විදියට.,,

    සිංහල සින්දු කියන
    නළලේ තිලක තියන කිරිල්ලි
    තුඩින් හදවතක් අරගෙන
    ගිනිගත් තල අරඹට ආවදෝ ඉගිල්ලී

    දිව නුහුරු බසින් පෙම් කවි කී කුරුල්ලට වශී වී
    ගිනි මලින් තැනූ මල් පොකුරක් අතට ගත්ත මනාලී
    මධුසමේ මදුර කටු අතරේ පිපී වැනුන සුරූපී

    ගිනි අවිත් එක්ක පෙමින් බදුන ව්හඟ සෙනග හාඩාවී
    ඒ කඳුළු සිංහලට නගන්න නුඹට හැකිය ප්‍රියාවී
    ආදරය න්ඹට බාරයි රැක ගනින් දේවතාවී


    මෙන්න මේ විදියට රත්න ශ්‍රී විජේසිංහයන්ගේ අතින් නිර්මානය වෙන අරුත්බර ගී සංකල්පනාවට ගුණදාස කපුගේ මහතා තනූ නිර්මාණය හා ගයනයෙන් උපරිම සාදාරණක් ඉ‍ටුකර තියෙනවා.මේ ගීතය ගැන ඔබගේ අදහසුත් කියල යන්න අමතක කරන එපා..

    කැමති අය මෙතනින් ගීතය ලබාගෙන රස විඳින්න(mp3)..
    Code:
    http://www.mediafire.com/?m2mhhvlbxlo




    පසුව ලියමි.
    මේ පෝස්ටි එක නිකන් කම්මැලි කමට වගේ දැම්මට මොකද දැන් මේකට වැටිලා තියන කමෙන්ට් ටික දැක්කම ඒවගේ වටිනාකම හිතා ගන්නවත් බෑ.එක නිසා මේ පොස්ට් එක බලන අයට කියන්න තියෙන්නේ මේකෙ තියන හැම පිටුවකින්ම ඔබට යමක් දැනගන්න පුළුවන්.ඒ වගේම ඔයාල දන්නා මේ වගේ ගීතයක පාදක උන පසුබිම් කතාවල් තියෙනවා නම් ඒ කතා අපිත් එක්ක බෙදා ගන්නත් අමතක කරන්නත් එපා..

    me siduwa katha nayakaya thama LTTE eke hitapu nadeshan kiyana koti nayakaya
     

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    ඇරඹුමම කඳුලක්‌ වෙලා
    මා බලා ඉද්දී ඒ දිහා
    ආ දුරත් දුර වැඩි නිසා
    අවසානයට පෙර ඈ ගියා...//

    දුක්‌බරව කවියක්‌ ලියා
    එහි පද පෙළක්‌ අඩුවෙන් තියා...//
    අරුත පසදින්නට කියා
    අවසානයට පෙර ඈ ගියා...

    ශෝකාන්තය එන තුරා
    එහි රැඳෙන්නට සිත් නැති නිසා...//
    අනන්තය ළඟ මා දමා
    අවසානයට පෙර ඈ ගියා...

    පද පෙළ - දිලීප අබේසේකර
    සංගීතය - නාලක අංජන කුමාර
    ගායනය - කසුන් කල්හාර ජයවර්ධන


    මේ ගීතය ගැන ලස්සන විග්‍රහයක් හා විචාරයක් අපේ කිඹූල සහෝදරය දාල තිබුන.... ඒත් ඒක දුටුවමයි මට මතක්උනේ තවත් කරුණු ටිකක්.... ඉතින් ඔන්න ඒ ටිකත් මම දානව අපේ යාළුවන්ට. මෙහි පදරචකයා සමග කරන ලද සාකච්ඡාව කොහෙන්දෝ සොයාගෙන මා වෙත එවූ මගේ හිතවත් සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ සොයුරියවත් මේ වේලාවෙ ආදරයෙන් මතක් කරනව.

    ඉස්සරනම් ආදර සම්බන්ධයක් පටන් ගත්තොත් දෙකක් නෑ අනිවාර්යයෙන්ම විවාහයෙන් නැතිනම් මරණයෙන් තමා අවසන් වෙන්නෙ. ඒවගේම තමයි හිතුමතේට සම්බන්ධකම් පටන්ගන්නෙත් නෑ. හොදට හොයල බලල ආශ්රයය කරල තමයි යාළුවෙන්නෙ.

    ඒත් අද ආදරය.... අද ආදරයට ඉලක්‌කයක්‌ අරමුණක්‌ නැහැ. ගමනක්‌ තියෙනවා. ඒත් යන්න තැනක්‌ නැහැ......ඒ වගේ තමයි ආදරයත්......ආදරයක් තියෙනවා.......ඒත් ඊට අරමුණක්‌ හේතුවක්‌, ඉමක්‌ කොනක්‌ නැහැ.......

    දැන් මම පැහැදිලි කරන්න යන ගීතයෙත් අරුතත් අන්න ඒ වගේ. ඉතාමත් ගැඹුරින් ඉස්සර විදියට ආදරය කරන්න පටන් ගන්න ප්රේමමවන්තයෙකුට හමුවෙන ප්‍රේමවන්තිය අද කාලයේ කොත්තු රොටී ආදරය කරන තැනැත්තියක්. ඉතින් මේ සම්බන්ධයෙන් ප්‍රේමවන්තයා කරන අදෝනාව තමයි කසුන් කල්හාරගේ ගැඹුරු හඬින් ඉතා සංයමයෙන් වගේම හැඟුම්බරව ගායනාකරන්නෙ. මේ ගායනයනම් ලේසිපාසු ගායනයක් නෙමෙයි අවසානයට පෙර ඈ ගියා... කියල දෙවරක් ගැයෙනතැන් හොදට අහගෙන ඉන්න අපේ බාසාවෙන් කියනවනම් පලවෙනි වර එක නැලවිල්ලකුත් දෙවෙනි වර ඊට එහා ගිය ඉතා සංකීර්ණ නැලවිල්ලකුත් ගන්නව.... පුදුම හැකියාවක්....

    ඇරඹුමම කඳුළක්‌ වෙලා
    මා බලා ඉද්දී ඒ දිහා
    ආ දුරත් දුර වැඩි නිසා
    අවසානයට පෙර ඈ ගියා...


    මෙහි ප්‍රේමවන්තයා පුදුම කතාවක් අපිට කියනවා. ඔහු කියනවා ඔහු සම්බන්ධෙ පටන් ගන්නනෙම කදුලකින්ළු.... ඇයි ඒ.... පටන් ගනිද්දීම ඒ ආදරයේ අවුලක්‌ තියෙනවා....... ඉවරයක්‌ දකින්නෙ නැහැ..........ප්‍රේමවන්තයා බලාපොරොත්තුවන ආදරයේ කෙළවරට කලින්ම ඈ ඔහු දමා යනවා.

    ප්‍රවීණ ගීත රචකයා කරුණාරත්න අබේසේකරයන්ගේ පුතා දිලීප අබේසේකර තමා මේ ගීතය ලියල තියෙන්නෙ ඉතින් ඔහු පවසන්නෙ මෙන්න මේ වගේ අදහසක්......

    මේ සිංදුවට මහා විශාල නිමිත්තක්‌ නැහැ. වර්තමාන ප්‍රේමයේ තත්ත්වය ගැනයි කියන්නේ. අද ආදරය කරන්නේ ඉවරයක්‌ දකින්න නොවෙයි. අද අපි අත්දකින්නේ ඉලක්‌කයක්‌ නැති ප්‍රේමයක්‌ විවාහයෙන් කෙළවර වන ආදරයත් නොවේ. මම මුළින්ම ලියුවේ "ආ දුරත් දුර නැති නිසා කියලා. ඒත් කසුන්ට දෙවැනිවර ගීය රෙකෝඩ් කරද්දී ආ දුරත් දුර වැඩි නිසා කියලා වැරදිලා කියෑවුණා. දැන් හිතෙනවා ඒ වැරැද්ද........හරි කියලා.......

    දුක්‌බරව කවියක්‌ ලියා
    එහි පද පෙළක්‌ අඩුවෙන් තියා...
    අරුත පසදින්නට කියා
    අවසානයට පෙර ඈ ගියා...


    මෙතනදි හරිම පුදුම කතාවක් කියන්නෙ මේ ප්‍රේමවන්තය. අපිට පුරුදු විදියට කවියකට පද හතරයි.... නැතිනම් දෙකයි... ඒත් කවිපද තුනක් තියෙන කවියක් නම් මහ විකාරයක්. කොහොමද කියන්නෙ තාලයට.... කොහොමද තේරුමක් ගන්නෙ.... තේරුමක් නැතිව පදයක් අඩුව ලියන කවිය විකාරයක්. අන්න ඒ විකරය ප්‍රේමවන්තිය ප්‍රේමවන්තයට දීල ගිහින්..... ඉතින් පදයක් අඩුඋනාම හරියට තේරවිල්ලක්‌ වගේ අර්ථය තියෙන්නේ අන්තිම පදයේ. ඒත් ඈ ඒ පදය ලියා නැහැ. අවසාන පදය තෝරාගන්න කියා ඇය ඔහුගෙන් ඈත්ව ගිහින්. ඔහුට මෙය ප්‍රෙහේළිකාවක්‌ ඔන්න ඔය ආකාරයට තමයි අද පෙම්වතුන් ආදරය කරන්නේ යම්කිසි දුරකට එනවා ඒත් ඒ ඇවිත් අතරමැද නතර වෙනවා. මෙහි තවත් දෙයක් තියෙනවා හොදට අහන්න අවසානයට පෙර ඈ ගියා... කියන කොටස ගායනා කරන ස්වරූපය.... තේරුමක් ගන්න බෑ, අවසාන පදය අහගන්නත් ඇය නෑ ... මේ කාරනා නිසා අසරණවෙලා දුකෙන් කියන ස්වරූපයක් ඒ අවසන් පදය ගායනා කරන ස්වරූපයෙන් විද්‍යාමාන කරනව.

    ශෝකාන්තය එන තුරා
    එහි රැඳෙන්නට සිත් නැති නිසා
    අනන්තය ළඟ මා දමා
    අවසානයට පෙර ඈ ගියා....


    ආරම්භයම ප්‍රශ්ණවලින් පටන්ගත් මේ ආදර කතාවෙ අවසානයනම් ශෝකයක්ම තමා. ඒක ආදරවන්තිය හොදටම දන්නව. අපි ඕන ප්‍රශ්ණයකට මුහුණ දෙමු, මම මොන ප්‍රශ්ණය ආවත් ඔයා ලග ඉන්නවා කියන දේ ආදරවන්තය ලග තිබුනත් ආදරවන්තිය එහෙම නෑ. ඒ ශෝකාන්තයට මුහුණ දෙන්න ඇය අකමැතියි. දැන දැනම ශෝකාන්තය වෙතට ගමන් කරන්නේ ඇයි....එසේ සිතන පෙම්වතිය ඔහුව අවසානයක්‌ නොදකින තැනක දමා පිටව යනවා.

    අනන්තය ළඟ මා දමා
    අවසානයට පෙර ඈ ගියා...


    අද ලාබ සංගීතය, ලාබ කතාන්දර, ලාබ ගීපද වගේම ආදරයත් කුණුකොල්ලයට වැටිල. ඒක අපේ ගීපද රචකය පැහැදිලි කරන්නෙ මෙන්න මේ විදියට...

    මේ ගීයේ තේරුම ගැන සමහරු විවිධ විදියට අර්ථ දක්‌වනවා. කවුදෝ කෙනෙක්‌ දවසක්‌ කසුන්ගෙන් ඇහුවාලු ඔයා ඔය ගායනා කරන්නේ ඔයාගේ අම්මා ගැනද කියලා. කසුන්ට මේකට තරමක්‌ කේන්ති ගිහිං. කීප දෙනෙක්‌ම මගෙනුත් ඇහුවා. ඔයා ඔය යම්කිසි කතාවක්‌ ගැන ලියපු ගීයක්‌ද කියලා.

    නාලකගෙයි කසුන්ගෙයි දායකත්වය නිසා මේ ගීය ගැඹුරටම ගෙන ගියා. ගීයේ හැම විදියකින්ම අර්ථවත් වන්නේ අරමුණක්‌ නැති ස්‌වභාවයක්‌ ගැනයි. මේ දෙදෙනාගෙන් පළමුව යන්නේ පෙම්වතිය.

    මම මේ ගීතය හැදුවේ අවුරුදු හතරකට පහකට විතර කලින්. ගුවන් විදුලියේ අලුත් ගීත හදන වැඩසටහනකට. එහි මූලිකත්වය අරන් කටයුතු කළේ ඒරානන්ද හෙට්‌ටියාරච්චි තවමත් අලුත් ගීත හැදෙන්නේ ගුවන් විදුලියෙන්. ඒක වැදගත්. මේ ගීය තෝරා ගනිද්දී මමවත්, නාලකවත්. කසුන්වත් එකට හමුවුණේ නැහැ. අපි තුන්දෙනා එකතුවෙලා හදපු ගීතයක්‌ නොවේ. මේ ගීයට ඉඩකඩ හැදුවේ ගුවන් විදුලියයි.


    ඉතින් ඔන්න ඔය විදියට මම තවත් ගීතයක් අපේ යාළුවන්ට දුන්න... මෙහි හොද නරක ගැනත් අපේ කිඹුල සහ අනෙක් සහෝදරයන් දාන ගීත විචාරයන් ගැනත් අපිට අදහස් ලබා දෙන්න.... ගීත අපි දානව වැඩි වගේනම් ඔබලාම සාකච්ඡාකරල අපිට කියන්න. මේක එළකිරි යාළුවන් වෙනුවෙන් කරන දෙයක්. යාළුවොටික තීරණය කරන්න. තවත් ගීතයකින් හමුවෙමු..........
    Patta:confused::confused:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    හිරකර හසරැල්ලෙන් හැඬුම්.. අත්පටලා යමු ආයේ...
    Couple-at-Night-in-Freemans-Alley2-e1304988402631.jpg

    මේ ගීතයෙන් කියන්නෙ තහනම් පෙමක් ගැන.. ඒත් මා එතරම් කැමැත්තක් නෑ මේ ගීතයට තහනම් කියන වචනය යෙදෙනවට... ඒ තරමටම සංවේදී හා සියුම් සංගීතයකින් පෝෂීත ගීයකට තහනම් පෙමක් කියන වචනය සාධාරණද යන්න මට ගැටළුවක්... ඒ නිසා මා මේ විචාරය මට දැනෙන හැගෙන පරිදි විචාරය කරනවා.. අවසාන වෙන්වීමකට වෙන්වී ගිය ආදරවන්තියට කරන ආමන්ත්‍රණයක් ලෙසයි මා මෙම ගීතය දකින්නේ... ගීතයට දශමයක හෝ අසාධාරණයක් සිදුවනවානම් සමාවඉල්ලනවා ඔබ සියළුදෙනාගෙන්ම....

    :shocked::shocked::shocked::shocked: මේකේ කියන්නේ මෙහෙම කතාවක්ද.....?? :rolleyes: පට්ටයෑ.....!! :yes::yes:
     

    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    හිදීවි කොතනක හෝ... හිමි කාරයා ඔබත් නුබේ නමින්
    බදීවි කෙදිනක හෝ එය එනතුරා හිත කඩාගෙන ඉදියි..

    සුනිල් එදිරිසින්හ මහතා ගායනා කරන මේ ගීතය ගොඩක් දෙනා අහල ඇති අහල නැති අය ගීතය පහලින් දාල ඇති බලන්න ...ආදරය හා එහි හිමිකාරත්වය ගැන මෙයින් අපුරුවට ස්වභාවධර්මය උපමා කරගෙන ඉතා අලංකාරව මේ ගීතය ගොඩනැගිල තියනවා......වැඩි කතා නැතුව අපි බලමු අපේ ආදරෙ අපිට ලැබෙන හැටි....

    මේ ලෝකයේ ඕනිම කෙනෙක්ට ආදරය කියන දේ විදින්න කිසිම තහනමක් නෑ..නමුත් ඒක ලැබෙන්නෙ අපේ බාසාවෙන් කියනවනම් බබා කෙටුව විදියටයි....

    අපි කැමති අයට සමහර විට අපිට ආදරේ කරන්න බැරි වෙනවා..අපට කැමති අයට සමහර විටදි අපිට ආදරේ කරන්න බැරි වෙනවා....එහෙම උනා කියල දුක් වෙලා පසු තැවෙන්න ඕනි නෑනෙ...ඒ ගැනයි මේ ගීතයෙන් කියවේන්නෙ.......
    ගගකට සයුරක් මුන ගැසේවී..............................
    රලකට වෙරලක් ලග හිදී වී................................
    නියගෙව වැස්සක් ඇද හැලේ වී.........................
    නුබටත් කෙනෙක් හිදීවී දවසක සොයාගනීවී.......

    මේ පද පේලිය ගැන එකතුව මෙහෙම ගන්න පුලුවන්....මුහුදෙ ඉන්නෙ එක මාලුවාද? කියන එකයි....


    ගගකට සයුරක් කොහේදී හරි මුන ගැසෙනවා.. රලක් එනකන් වෙරල මග බලන් ඉන්නව..... ඒ වගේම නිගයක් අවසාන වෙන්නෙ වැස්සකින්....මේ වගේ තමා අපේ හිමිකරු හෝ හිමිකාරි ගගකට ඇවිල්ල නවතින්න තියන සයුරක් වගේ රලකට ඇවිල්ල වැදෙන්න තියන වෙරලක් වගේ අපිට අනිවර්යයෙන් මුන ගහෙනවා...ඉන් පසු අපේ නියගය ඉවර වෙනවා වැස්සකින්...ඒ නිසා නුබටත් කෙනෙක් හිදීවී දවසක සොයාගනීවී.......


    ඒ නමුත් කවදා කෙදිනක හෝ අපිට අයිති හිමිකාරයා හෝ හිමිකාරි අපට හමුවෙනවා....

    ඒ ගැන අපිට දින සති ගනන් කියල අනාවැකි දෙන්න බෑ...මොකද ඒක වෙන්නෙ මෙහෙමයි කියල කියන්න බැරි නිසා...

    අකුලට පිපෙන නැවුම් මලක් සේ...........................
    නදියක නැගෙන තරංගයක් සේ.............................
    නලලට සිබින පවන් රොදක් සේ............................
    නොසිතුවිටක ලගා වේ නුබ විදි කදුල නිමා වේ........

    මේ කිසිම දෙක් අපිට මේ වෙලාවෙ මෙහෙම වෙනවයි කියල කාටවත් කියන්න බෑ...මොකද ස්භාවධර්මයට අනුව ඒවා වෙන නිසා....

    ඒ වගේම තමා අපිටත් අපේ හිමිකරු අපිට නොසිතුව විටක අපිට හිමිවනවා.....එතකන් ඉවසන්න ....ආදරේ ඉල්ලුවාම එය නොලැබුනයි කියා අඩ අඩා ඒ ගැන හිතල හිතල පසුතැවෙනවන් නැතුව වහබීල ගගේ මුහුදෙ පැනල ජීවිතේ නැත්කරගන්නෙ නැතුව මේ ගැන පොඩ්ඩක් හිතමු.......
     
    Apr 25, 2012
    30
    2
    0
    එහෙත් මා පෙර පැවසූ පරිදි සම්මතයෙන් අසම්මතයට ගොස් මේ සම්බන්ධව සුපිරිම ගනයේ විචාරයක් එක් අවස්ථාවක සිංහල ආචාර්ය සන්නස්ගලයන් විසින් කරන ලදී... එමෙන්ම මෙහි සදහන් දොරේ යන වචනය ගැනද ඔහු විසින් ප්‍රභල විග්‍රහයක් කරන ලදී... (මේ වනවිට මට එය නිවැරදිව මතක නැත).

    ඔහු පැවසූ පරිදි අද සමාජයේ දක්නට නොලැබෙන අවංක, පිරිසිදු, කෙලින් වැඩ කරන, සංවේදී දුප්පතාගේ හිතවතකු ගැන මෙම ගීතයෙන් විග්‍රහ කරනු ලබයි....

    නමුත් ගුණෙ අයියගෙ කාමරය ඊට වඩා හාත් පසින්ම වෙනස්ය.

    ඔහු ජනතාවාදියෙකි.
    දුකට සැපට මම එන්ටර් මගෙ නෑ බොරු පොත....

    සියල්ල පිරිසිඳ දත්තෙකි.
    ඔය කාගෙත් වතගෙත මගෙ ෆයිල් එකේ ඇත....

    නිර්භීතකාමියෙකි.
    පේස්ටු පේස් එනවා නම් වැඩ අතින් පයින්....

    සංවේදී හදවතක් ඇත්තෙකි.
    බ්ලේඩ් වලින් කැපෙන්නෙ නැහැ කෙනෙකුගෙ හොඳ හිත...

    ආගන්තුක සත්කාර දත්තෙකි.
    අගුල් දාල නැහැ දොරේ....

    කාමරයට පැමිණෙන්නන් බොහෝ ය. නන් විධ මිනිසුන්ගේ විවිධත්වය තුළ ඇති ඒකමිතික භාවය ගුණේ අයියගෙ කාමරය හරහා වැටී ඇති පාරයි. ගුණෙ අයියගෙ කාමරයට දේශීය මෙන්ම විදේශීය ආගමන ද සිදු වී ඇත. ඔවුන් ද මේ නිරාමිස සුවය ලබා පිට වී ඇත. “බර පොරවල් ෆොරින් කකුල් එකට වැටීලා“..

    ගුණේ අයියා නම් යථාර්ථමය තත්ත්වය හෝ උතෝපියානු වපසරියේ ආශ්චර්යය කෙබඳු ද? කෙනෙකුට මෙවැනි වූ සාමූහික රස වින්දනාත්මක මර්මස්ථානයකට වැදීම නේරංජනාවෙන් එතෙර වී ඇසතු බෝ රුක මුල නිරාමිස සුව ලැබුවාක් වැනි වූ ආධ්‍යාත්මක ගැඹුරක් විය හැක. නිහාල් නෙල්සන් විසින් ගීත රචක හේමසිරි හල්පිට කරළියට කැන්දාගෙන එනු ලබන්නේ මෙම ගීතයත් සමගිනි. මෙය හල්පිටගේ ප්‍රථම ගීතයයි. එසේම එවැනි සමාජමය තත්ත්වයකට වත්සුණු තැවරූ එදා ඒ සමාජයට කරළියක් හැදූ තවමත් පවතින ප්‍රථම හා එකම ගීතය මෙයයි.





    ගායනය- නිහාල් නෙල්සන්
    තනු- නිහාල් නෙල්සන්
    සංගීතය- ලාල් තේනබදු
    රචනය- හේමසිරි හල්පිට

    කාලයක් නොලැබුනු නිසා කාලෙකින් එන්න බැරිවුනා...

    ආපු ගමන් දැකපු විචාරයට යමක් එකතු කරන්න හිතුනා..

    චාමර ගයන "තනමල්විල මල් පිපුනට"
    චින්ති කියන "කංසා බොන්න සොඳා"
    පුෂ්පෙගෙ "මල්"

    වගේ සිංදුව වල අමු අමුවේ තියන දෙය බොහොම අපුරුවට ලියල තියනවා

    "මස්කට් පැණි බූන්දි තියෙනව මගෙ කාමරේ" පද පේලියෙන්.

    ලංකාවේ සීඝ්‍රයෙන් වර්ධනය වෙන "night club" ඇතුලෙ වෙන දෙත් ලස්සනට කියල තියනව

    "බර පොරවල් ෆොරින් කකුල් එකට වැටීලා
    ටූ තව්සන් ත්‍රී තව්සන් යයි විසිකරලා"

    පද පේලියෙන්.


    http://www.youtube.com/watch?v=0Vtcif3hTYY&feature=youtu.be
     
    Last edited: