හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
'දොස්තර හොඳ හිත'
one of my favorites..... :D I love all the songs of it.. :love:

thanx once again sasliit.... :yes:
;););)
11.gif
11.gif
11.gif
 

thomian

Well-known member
  • May 20, 2011
    12,292
    17,225
    113
    ආදරණීය දූල පුතාලා වෙත....


    1929 අපේ‍්‍රල් 17 දින උපත ලත් දොන් එමානුවෙල් ටයිටස් ද සිල්වා නොහොත් ටයිටස් තොටවත්ත මැතිදුනි 2011 ඔක්තෝබර් 15 වැනිදා අපතරින් නික්මෙනතෙක් ඔබ කල සේවය අමරණීයයි..!!

    කරුණාකර උපුටා ගන්නා විට සහ නැවත පල කරන විට "උපුටා ගන්නා ලද්දේ ElaKiri.com හි හද විල කලඹන ගී ජල රේඛාවෙන්" යන්න සදහන් කිරීමට කාරුණික වන්න.


    :):):):):)
     
    May 21, 2009
    212
    16
    0
    34
    ඔයාගේ ඉස්සරහ
    පළමුව, මෙම thread හෙහි යාවජීව සාමාජිකයන්ට මගේ හර්දයාංගම ස්තුතිය.

    මෙහි සදහන් සමහර ගීත පළමු වරට ඇසුවේ මේ thread ය හරහාය. මම සින්දු විචාරය කිරීමට හෝ තේරුම් ගැනීමට කෙල පැමිණියෙක් නොවෙමි. ඒ නිසා මට මේ හරහා ගීයක් ගීයක් ලෙසින්ම තේරුම් ගැනීමට මෙම thread ය මහගු උපකාරයක්ම විය.

    ඔබලාට ජය !
     
    May 21, 2009
    212
    16
    0
    34
    ඔයාගේ ඉස්සරහ
    කුමරියක පා සලඹ සෑලුණා
    වසා සිටි නෙතු පියන් ඈරුනා
    කුමර බඹසර අසපුවේ මා
    සම සෑදී උන් දෑහෑන් මිදුනා..

    සමහර පද වෑරදි අති.. ඒ වුණාට මට තේරුන විදියට මන් මේක ගෑන කියන්නම්

    :(

    එල එල. තවත් විචාර 10ක් වත් ඔහොම්මම ලියලා දාමු නේ? :D :D
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    Last edited:
    • Like
    Reactions: Kavinda.online

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සීමා ප්‍රාකාර වලින් ඉඩක් නොමැත ගැලවෙන්නට....!!!

    ප්‍රේමවන්තයෙකුත් ප්‍රේමවන්තියකුත් සිය ආදර ගමන ආරම්භකරනුයේ අතරමගින් මේ ගමන නවතීයැයි තුන් හිතකින්වත් නොසිතමින්... ආදරය ආරම්භ කිරීම තරම් එය පවත්වාගෙනයාම නම් ලේසිපාසු කටයුත්තක් නොවේ.. ඔවුන් ඔවුන් අතර ප්‍රශ්ණ, පවුල්වල ප්‍රශ්ණ පමණක් නොවේ සමාජයේ ප්‍රශ්ණ ආදී දහසකුත් එකක් සම්මතයන් හා නීති රීති ආදී අනේක ප්‍රශ්ණ අභිබවා ගොස් ප්‍රේමය ජයගන්නේ කීයෙන් කී දෙනාද...?

    ජයග්‍රහණය සතුටක්.. ඒත් පරාජය.. පරාජය දරාගැනීම තරම් වේදනාකාරී දෙයක් මේ ලෝකේ තවත් තිබේද යන්න සැක සහිතයි... ඒ පරාජයත් එක් පාර්ශවයකට ජයක් ගෙනදී සිදුවන්නක් නම් පෙම්වතාට හෝ පෙම්වතියට මදක් හෝ සැනසෙන්න පුළුවනි.. නමුත් පෙම්වතාත්, පෙම්වතියත් බලෙන් වෙන්කරනු ලබන්නේ නම්.. මේ පවුල්, සමාජ, සංස්කෘතිය ඔවුන් දෙදෙනාට එකතුවන්නට දෙන්නෙ නැතිනම් ඒ වේදනාව කොතරම් කුරිරුද....? බලන්න මදකට පහත පින්තූරය...

    302180_10150297436849193_4444269_n.jpg


    මේ දෙදනා ජීවිතය නැති කරගෙන තිබෙන්නේ කාගේ වරදින්ද..? ඔවුන් දෙදෙනා ඒ දෙදෙනාටම කොතරම්නම් ආදරේද..? වස්තුවේ ඔයා නැතිවුනොත් මම එක මොහොතක් හෝ ජීවත්වෙන්නෙ නෑ කියූ ආදරවන්තයන් වන්තියන් ඒ කතා කොතරම් නම් බොරු කර ඇත්ද..? එහෙව් සමාජයක දෙදෙනා එක්ව මේ ගමන අවසන් කරන්නට තරම් පෙමින් වෙලීම තේරුම් ගන්නට කිසිවෙකුට නොහැකිවීම කොතරම් නම් අපරාදයක්ද..? දෙකක් නැත.. අපේ පවුලට ගැලපෙන්නෙ නෑ.. කුලය හරි නෑ.. මිනිස්සු මොනවා කියයිද..? රස්සාවක් නෑ...? අපේ ජාතියේ නෙමෙයි.. ආදී කුමන හෝ ප්‍රශ්ණයක් මොවුනට එන්නට ඇත..

    මට ඒ ප්‍රශ්ණ දික්කරගෙන මේ අහිංසක මල් තලා පෙලා විනාශකර දමනු ලබන වැඩිහිටියන්ගෙන් අහන්නට ඇත්තේ එකම එක ප්‍රශ්ණයකි... දැන් හරිද...? නම්බුව.. කුලය.. ජාතිය... මිල මුදල්.. ආගම් කියන ඒව මේ අහිංසක ජීවිත වලට වඩා ලොකුද...? එපමණයි අපි යමු ගීතයට...

    මා ඉහතින් දැක්වූ පරිදි ප්‍රේමවන්තයෙකුටත් ප්‍රේමවන්තියකටත් ලොකු ප්‍රශ්ණ ගොඩක්.. ඒ දෙන්නට දෙන්න කොතරම් ආදරයකලත් පලක් වී නෑ.. සමාජය ඔවුන් දෙදෙනාට එක් වන්නට දෙන්නෙ නෑ.. ඉතින් මේ දෙදෙනා ගන්නවා තීරණයක් ඒ තමයි ඔය ඉහලින් තිබෙන රූපය පරිදි දෙදෙනාම එක්ව එකට මියෑදෙන්න... එහෙම හිතල දෙන්නම එකට ජීවිතය නැතිකරගන්නවා..

    මියෑදිලා මේ දෙන්න අලුත් බවයක් ලබනවද.. නෑ.. මේ දෙන්න මියෑදෙන්නෙ ආයෙත් මිනිස්සු ඉන්න ලෝකෙක අපි නොඉපදේවා කියා ප්‍රාර්ථනා කරමින්.. ඔවුන් ප්‍රාර්ථනාකරගෙන මියැදෙන්නෙ අපි මළවුන්ගේ නගරයේ හමුවෙමු කියලා.. ඇයි ඒ එහෙම ප්‍රාර්ථනා කරන්නේ... අන්න ඒ හේතුව තමා මේ ගීතයෙන් පැහැදිලි කරන්නේ... අහල බලන්න... ඔවුන් දෙදෙනාම ඔවුන්ගේ දුක අපිට පවසනවා...

    මේ මිනිස් ලෝකයේ අපි දෙන්නට එක්වෙන්න දෙන්නෙ නෑ... එක වහලක් යට අපි දෙන්න එකතු වෙන්න හදන එක මේ කෘර සමාජය අපිට කරන්න දෙන්නෙ නෑ... සම්මතයන්, නීති රීති එක්ක අපිට මේ ලෝකයේ කොහේදිවත් එකතුවෙන්න ලැබෙන්නෙ නෑ.. ඒ නිසා අපි දෙන්න මියෑදුනා.. දැන් අපිට ප්‍රශ්ණයක් නෑ.. මළවුන්ගේ නගරයේ අපි දෙන්න එකතුවුනා.. අපිට මිනිස් ලෝකයේ එකතුවෙන්න දුන්නෙ නැතත් අපි එකට මියගිහන්.. මළවුන්ගෙ ලෝකයේ එකතුඋනා....



    මළවුන්ගේ නගරයේ මමයි,...
    මමයි හමුවුණා
    මළවුන්ගේ නගරයේ ඔබයි..
    ඔබයි හමුවුණා

    සජිවි සක්වල තලයේ

    වරම් නොමැත හමුවෙන්නට
    එක වහලක් යට ඉඳගෙන
    එක අහරක් වළඳන්නට
    ඔබයි හමුවුණා
    මමයි හමුවුණා

    සීමා ප්‍රාකාර වලින්

    ඉඩක් නොමැත ගැලවෙන්නට
    ජීවත්වන ලෝකයකදි
    අවසර නැත ළං වන්නට
    ඔබයි හමුවුණා
    මමයි හමුවුණා

    ගේය පදමාලාව: මහාචාර්ය සුනිල් ආරියරත්න
    තනුව සහ සංගීතය: සරත් බාලසූරිය

    ආදරණීය වැඩිහිටියනි ඔබ හැදූ මල් ඔබට අයිති බව ඇත්තයි... ඒත් පොකුණක්ම ඕනෑ නැත... මඩ ගොහුරක පිපිණත් මොකද මල් සුවද දෙයි ලෝකයටම... එපා විෂ පොවා පරවෙන්නට ඉඩ හරින්න... ඔබ නොහිතා සමාජ සම්මතයන් නිසා ගනු ලබන තීරණයන්ගෙන් ඒ අහිංසක මල් පමණක් නොවෙයි ඔබත් තැවෙනවා නොවෙද..? සදාකාලිකවම.

    කරුණාකර උපුටා ගන්නා විට සහ නැවත පල කරන විට "උපුටා ගන්නා ලද්දේ ElaKiri.com හි හද විල කලඹන ගී ජල රේඛාවෙන්" යන්න සදහන් කිරීමට කාරුණික වන්න.
     
    Last edited:
    • Like
    Reactions: rusty123

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සීමා ප්‍රාකාර වලින් ඉඩක් නොමැත ගැලවෙන්නට....!!!




    ගේය පදමාලාව: මහාචාර්ය සුනිල් ආරියරත්න
    තනුව සහ සංගීතය: සරත් බාලසූරිය

    එදත් අදත් මගේ සිතට ඉතාම දැඩ් කම්පනයක් එක්කල ගිතයක් මේ.......

    ඒක අවබෝධ කරගන්න පුලුවන් ඒ තත්ත්වෙට වැටුනු කෙනෙකුට විතරයි ම හිතන්නේ......මම ඒ මට්ටමට ගිහින් තියනවා.......ආත්ම ඝාතක තිරනයකට එන්නේ කොතරම් වේදනාවෙන් ද කියන එක සිහි වෙන කොට.............!!!!
     

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth



    මළවුන්ගේ නගරයේ මමයි,...
    මමයි හමුවුණා
    මළවුන්ගේ නගරයේ ඔබයි..
    ඔබයි හමුවුණා



    I think I am becoming sasliits one of fans........

    keep it up sasliit.....

    u r awesome.........