වැදගත් දේනම් ඔය එකක්වත් නෙමෙයි. ඒ කෙනා එක්ක ජීවත් වෙන්න පුළුවන් ද බැරිද කියන එකයි වැදගත්. ඒ කියන්නෙ එකිනෙකාගෙ හොඳ නරක හඳුනගෙන ඒවට අනුගත වෙන්න පුළුවන් ද බැරිද කියන දේ.
සල්ලි(දැවැද්ද) - අවශ්‍යම නැති දෙයක්
හොද රස්සාවක් - මං කිසිම රස්සාවක් කරන්නෙ නෑ. ඒ කෙනාගෙ කැමැත්ත කරන එක හෝ නොකරන එක.
දෙමාපියන්ගේ කැමත්ත - මේක තියෙනවනම් ගොඩක් හොඳයි. අවුරුදු 20 වැඩිය හදපු දෙමව්පියන්ට නොකිය ඔය දේවල් කරන එක හොඳ නෑ. හැබැයි එයාල අසාධාරණ විදියට හේතුවක් නැතුව විරුද්ධ වෙනවනම් ඉතින් ඒක තේරුම කරල දෙන්න හැකියාවක් තියෙන්න ඕන.
දෙදෙනාගේ කැමැත්ත, ආදරය(විශ්වාසය) - ඉතා වැදගත් දෙන්න අතර අවබෝධය හා විශ්වාසය තියෙන එක.
ජාතිය ආගම ගැලපීම, කුලය ගැලපීම - කිසිම වැදගත් කමක් නෑ. ඒත් ජාති ආගම් ගැලපීමක් වෙනවනම් නරක නෑ මොකද නැත්තම් ඒ කෙනාට අසාධාරණයක් වෙන්න පුළුවන්. මොකෝ ගැහැණු ළමයෙක්නම් එන්නෙ නොදන්න පරිසරයකට. එතකොට එයාගෙ ආගම හා ජාතියට වෙනස් පරිසරයක් තියෙන එක එයාට අහිතකර වෙන්න පුළුවන්.
චරිතය හොද කෙනෙක් වීම(ගති ගුණ) - හොඳ නරක කියන දේ සාපේක්ෂයි. තමන් කැමති ගතිගුණ එයා සතුනම් ඉතින් ඒ වගේ කෙනෙක් තමයි තමන්ට හොඳ වෙන්නෙ.
ලස්සන වීම - සාපේක්ෂ දෙයක්. අවශ්‍යයි. මෙතන ලස්සන වීම කියන්නෙ තමන්ට හිතෙන ලස්සනක් තිබීම කියන එක. ඒ කියන්නෙ තමන්ගෙ හිත කැමති වෙන එක. ඒ කෙනා තමාගෙ රූපයට හා ගතිගුණවලට කැමති වීම හා තමා ඒ කෙනාගෙ රූපයට හා ගතිගුණවලට කැමති වීම. සමහරවිට රූප සුන්දරියකට වුණත් තමාගෙ සිත අකමැති වෙන්න පුළුවන්.
කේන්දරය(හදහන) - කේන්දර ගැලපීමනම් අවශ්‍යය දෙයක් නෙමෙයි. හැබැයි හඳහන්වලින් සමහර දේවල් ගැන හිතාගන්න පුළුවන්. ඒත් එහෙම නොගැලපිල වුණත් සතුටින් ඉන්න අය ඉන්නව. ඒක නිසා ඒ ගැන දරුණුවට හිතන්න දෙයක් නෑ. ආදරය කලොත් ඉතින් ඕක කොහොම වුණත් එකයිනෙ.