CCNA පා‍ඩම

thomian

Well-known member
  • May 20, 2011
    12,290
    17,222
    113
    සාමන්‍යයෙන් CCNP කරලා ඉවර කරන්න කොච්චර කාලයක් යන්වද...?
     

    N..A..1n kelauna

    Junior member
  • Mar 25, 2012
    71
    1
    8
    මොකක්ද router1 overlaps වෙනවා කියන්නේ ????????
    1 ම ip range 1( ex :192.168.1.0) ip address 2ක් router 1 ක් හරහා commiunicate කරන්ඩ බෙරිද ???? (192.168.1.3 / 192.168.1.4) :(:(
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    මොකක්ද router1 overlaps වෙනවා කියන්නේ ????????
    1 ම ip range 1( ex :192.168.1.0) ip address 2ක් router 1 ක් හරහා commiunicate කරන්ඩ බෙරිද ???? (192.168.1.3 / 192.168.1.4) :(:(

    උඹේ ප්‍රශ්නය පැහැදිලි නෑ. එකම Range එකේ IP දෙකක් communicate කරන්න බැරි වෙන්න හේතුවක් නෑනේ සාමාන්‍යයෙන් Subnetting කියලා කරන්නේත් ඒකනේ.
     

    N..A..1n kelauna

    Junior member
  • Mar 25, 2012
    71
    1
    8
    උඹේ ප්‍රශ්නය පැහැදිලි නෑ. එකම Range එකේ IP දෙකක් communicate කරන්න බැරි වෙන්න හේතුවක් නෑනේ සාමාන්‍යයෙන් Subnetting කියලා කරන්නේත් ඒකනේ.
    mage project1k thiyenawa aka tikak amarui petalenawa ake diogram1 enda ath harida kiyala suwar na aka hariyatama pehediliwa kiyanada therenne na. sahoo puluwannam mata mail addras1 mail karanada mekata ([email protected]) denda mama a eadapu diogram1 mail 1k dannam .
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    Cisco Networking Essentials

    ZKLAE7pI.jpg

    Cisco Networking Essentials By Troy McMillan
    Sybex | 2011 | 400 Pages | ISBN: 1118097599 | EPUB | 7 MB




    ඔන්න Network පටන් ගන්න එහෙම උනන්දුවක් තියෙන කට්ටියට මේ පොත හොද ආරම්භයක් කරගන්න පුලුවන්

    An engaging approach for anyone beginning a career in networking... As the world leader of networking products and services, Cisco products are constantly growing in demand. Yet, few books are aimed at those who are beginning a career in IT--until now. Cisco Networking Essentials provides a solid foundation on the Cisco networking products and services with thorough coverage of fundamental networking concepts. Author Troy McMillan applies his years of classroom instruction to effectively present high-level topics in easy-to-understand terms for beginners. With this indispensable full-color resource, you'll quickly learn the concepts, processes, and skills that are essential to administer Cisco routers and switches.

    Begins with a clear breakdown of what you can expect to learn in each chapter, followed by a straightforward discussion of concepts on core topics

    Includes suggested labs and review questions at the conclusion of each chapter, which encourage you to reinforce and measure your understanding of the topics discussed

    Serves as an ideal starting point for learning Cisco networking products and services

    If you are interested in a career in IT but have little or no knowledge of networking and are new to Cisco networking products, then this book is for you.





     

    leeds

    Active member
  • Jan 1, 2008
    325
    51
    28
    CISCO VoIP කියන්නේ Manageable Voice System එකකට. තව ටිකක් තේරැම් කලොත් අපි IP Addresses එහෙම පාවිච්චි කරගෙන හදා ගන්න communication system එකකට. මේක සදහා CISCO විසින් වෙනමම IP Phones සහ VoIP වලටම සුවිශේෂී Routers නිපදවලා තියෙනවා. පහත තියෙන්නේ IP Phone එකක්.

    product_data_sheet0900aecd802ff012-1.jpg


    මේ Phone වලට අපි PC එකකට දානවා වගේ IP එකක් දාලා configure කරලා තියෙන්නේ. ආයතනයක මේ වගේ VoIP system එකක් ස්ථාපිත කරාම අපිට ඒ Voice system එක පහසුවෙන් manage කරන්න පුලුවන්. දැන් හුගක් විශාල ආයතන වල Customer Service Section එකක් Call Centre එකක් එහෙම තියෙනවා ඉතින් මේවට දිනකට එන Calls, SMS manage කරන්න VoIP system එකක් උපකාරී වෙනවා.



    Security වලදි අපි කතා කරන්නේ CISCO System (Network) එකක ආරක්ෂාව පිළිබදව. මෙහිදී Router firewall systems, Proxy, Authentication and Authorization ගැන සලකා බැලෙනවා.




    R&S වලදි අපි CISCO Routers සහ Switches ගැන කතා කරනවා Router Configuration, SwitchConfiguration, Routing protocols වගේ දේවල් මෙහිදී කතා කරනවා. මුලින්ම CISCO කරන්න එන කෙනෙක්ට මම නම් අනුමත කරන්නේ R&S කරන්න කියලා ඊට පස්සේ තමන්ට කැමති පැත්තක් තෝර ගන්න පුලුවන්.



    Good!!
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    අපි කර කර ඉන්නේ MAC Address පිළිබදව. මම කිව්වා MAC Address එකක් 48bit දිග Hexa Decimal (16පාදයේ) සංඛ්‍යාවක් කියලා. ඉතින් මේ ගමන්ම අපි පොඩි ගණන් ටිකකුත් හදමු. මේවානම් ඕනෑම Computer Basic course එකක කරනවා. ඉතින් CCNA වල Syllabus එකෙත් තියෙනවා.


    Decimal to Binary Conversion.


    හොදයි මේ කියන්නේ මොකක්ද කියලා මුලින්ම තේරැම් ගනිමු. Decimal Numbers කියන්නේ 10 පාදයේ සංඛ්‍යා. ඒ කියන්නේ අපි එදිනෙදා ජීවිතයෙදි නොයෙකුත් ගණන් මිනුම් සදහා පාවිච්චි කරන සංඛ්‍යා තමයි මේ Decimal Numbers ගොඩට වැයෙන්නේ. Decimal Numbers වල range එක කීයද ? 0 සිට 9 දක්වා සංඛ්‍යා වලින් අපිට Decimal Numbers ලියන්න පුලුවන්.

    එතකොට Binary Numbers කියන්නේ 2 පාදයේ සංඛ්‍යා. ඒ කියන්නේ පරිඝණකය විසින් එයාගේ සියලුම වැඩ සදහා භාවිතා කරන සංඛ්‍යා තමයි මේ ගණයට වැටෙන්නේ මේකෙදි 0 සහ 1 සංඛ්‍යා දෙක භාවිතා කරමින් තමයි අවශ්‍ය ගණන් මිනුම් කරන්නේ.

    දැන් අපි කරන්න හදන්නේ 10 පාදයේ සංඛ්‍යාවක් 2 පාදයේ සංඛ්‍යාවකට හරවන එක. මේක හරිම ලේසියි. අපේ කට්ටිය ඉස්කෝලෙදිත් මේවා කරලා තියෙනවා මගේ හිතේ.

    අපි එක උදාහරණයක් ගමු.

    Dec_Bin_Con.jpg


    මම ඉහත රෑපයේ දක්වලා තියෙනවා 75 කියන Decimal සංඛ්‍යාව කොහොමද Binary එහෙම නැත්තම් 2 පාදයේ සංඛ්‍යාවකට හරවන්නේ කියලා. හරිම ලේසියි 2 න් බෙදාගෙන යන්න තමයි තියෙන්නේ. ඉතිරිවෙන සංඛ්‍යාව ඉදිරියෙන් ලියා ගන්න ඒ ඉතිරිවෙන සංඛ්‍යා තමයි අපි Binary අගය විදිහට ගන්නේ. මෙහිදී වැදගත් දෙයක් කියන්න තියෙනවා දැන් මෙහෙම බෙදාගෙන ගියාට පස්සේ අපි මේ පිළිතුර 2 පාදයේ සංඛ්‍යා වලින් ලියද්දි මොන අංකයද ඉස්සෙල්ලාම ලියන්නේ කියන ප්‍රශ්නය.

    මේකෙදි අපි වචන දෙකක් භාවිතා කරනවා. ඕනෑම සංඛ්‍යාවක (
    Binary වුනත් Decimal වුනත්)ඔයාගේ වම් අත පැත්තෙන් අගටම ලියන අංකය තමයි අගයෙන් වැඩිම. ඒකට අපි කියනවා Most Significant bit (MSB)කියලා. එතකොට අපේ දකුණු අත පැත්තෙන් අගටම ඇති සංඛ්‍යාව තමයි අගයෙන් අඩුම ඒකට අපි කියනවා Least Significant bit (LSB)කියලා. ඉතින් ඕනෑම සංඛ්‍යාවක මේ MSB එකයි LSB එකයි හදුනගත්තොත් ඒ සංඛ්‍යාව ලියන්න ඕන පැත්ත ගැන ප්‍රශ්නයක් ඇති වෙන්නේ නෑ. මම ඉහත රෑප සටහනේ 75 කියන සංඛ්‍යාව Binary විදිහට ලියද්දි ඒකේ MSB එකයි LSB එකයි එන්න ඕන විදිහ දක්වලා තියෙනවා. ඉතින් අපි ඕනෑම Decimal to Binary Conversion එකකදි ඔය විදිහට තමයි MSB එකයි LSB එකයි හදුනගන්න ඕනේ.

    මම ඉහත දුන්නේ එක උදාහරණයක් විතරයි ඔයගොල්ලෝ තව
    Decimal සංඛ්‍යා ටිකක් Binary වලට හරවලා බලන්න. හරිම ලේසියි.
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    Binary to Decimal Conversion

    ‍හොදයි අපි කලින් කරපු වැඩේ අනිත් පැත්ත කරන්න යන්නේ. දෙපැත්තම දැනගෙන ඉන්න එපායැ නේද :):). අපි දැන් Binary ඒ කියන්නේ 2 පාදයේ සංඛ්‍යාවක් Decimal ඒ කියන්නේ 10 පාදයේ සංඛ්‍යාවකට හරවන්න යන්නේ. මේකත් හරිම ලේසි වැඩක් හැබැයි හොදට බලා ගන්න නැත්තම් confuse වෙන්න පුලුවන්.

    අපි ඉස්සෙල්ලාම 2 පාදයේ සංඛ්‍යාවක් අරගෙන ඒක ටිකක් විස්තර කරගමු. අපි ගමු ඉහත (Decimal to Binary conversion) එකේ අගයම. ඒකේ අපිට ආපු
    Binary අගය තමයි 1001011 අපි මේකම ගමු අපේ මේ උදාහරණයට.

    binary_value.jpg



    මම පහසු වෙන්න අපේ Binary සංඛ්‍යාව කොටු ටිකක් ඇතුලට දැම්මා. දැන් බලන්න රෑපයේ පහලින් ඒ එක එක ඉලක්කමට අදාලව ඒ ඉලක්කම් වල 2 පාදයේ වටිනාකම මම දාල තියෙනවා. අපි දැන් දැන ගන්න ඕනේ මේ අගයන් වල වටිනාකම. මම හිතන්නේ ඒක ගණනය කරගන්න ඔයාලා දන්නවා ඇති ඔන්න මම පහත රෑපයේ ඒ ඒ කොටුවට අදාල සංඛ්‍යාවේ 2 පා‍දයේ වටිනාකම දාල තියෙනවා.


    binary_value2.jpg


    ඔතන 2^0 කියන එකේ අගය 1 කියලා මතක තියාගන්න හුගක් දෙනෙක් ඕක අමතක කරනවා. ඔන්න මේ ටික කර ගත්තම අපි දැනටම පිළීතුරෙන් 90% කරලා ඉවරයි. අපිට දැන් තියෙන්නේ මේ 2 පාදයේ සංඛ්‍යා ටික එකතු කර ගන්න විතරයි. අපි බලමු ඒක කරන්නේ කොහොමද කියලා. ඉස්සෙල්ලාම බලන්න 1001011 කියන සංඛ්‍යාවේ 1 ඒවා තියෙන ස්ථාන පිළිබදව. මොකද අපිට 0 තියෙන තැන් අවශ්‍ය වෙන්නේ නෑ. 0 කියන්නේ අගයක් නෑ කියන එකනේ.

    පහත රෑප සටහන බලන්න මම දැන් 1 තියෙන ස්ථාන වල 2පාදයේ අගය විතරක් අරගෙන තියෙනවා.

    binary_value3.jpg


    දැන් අපිට තියෙන්නේ ඒ අගයන් ටික එකතු කරන්න. එතකොට අපිට 1001011 කියන සංඛ්‍යාවේ Decimal එහෙම නැත්තම් 10 පාදයේ අගය ලැබෙනවා.

    binary_value4.jpg



     
    Last edited: