ප්‍රවේශම් වෙන්න! සෙනසුරු මාරුව අතළඟ

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ප්‍රවේශම් වෙන්න! සෙනසුරු මාරුව අතළඟ

    ප්‍රවේශම් වෙන්න! සෙනසුරු මාරුව අතළඟ
    ජ්‍යෙdතිර්වේදී - කෑගල්ලේ
    සුනිල් කුමාර ගම්ලත්


    අගෝස්‌තු මාසය මුලදී සෙනසුරු තුලා රාශියට මාරුවීමට නියමිතය. මේ ලිපියෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ ඒ පිළිබඳව නොවේ. සෙනසුරු මාරුවීමට ආසන්න කාලයක සිදුවිය හැකි බොහෝ දේ පිළිබඳවය. මක්‌නිසාදයත් දුකට හා කරදර වලට අධිපති සෙනසුරු විපාක දෙන්නේ බොහෝ විට රාශියේ අගදී බැවිනි.

    සෙනසුරු ග්‍රහයා තුලා රාශියේ සිට වක්‍රවී නැවත වරක්‌ කන්‍යා රාශියට මාරුවූයේ 2012 මැයි මස 16 වැනිදාය. ඒ අනුව 2009-2011 වසරවල ශනි අපල තිබූ බොහෝ දෙනකුට නැවතත් මැයි සිට අපල කාලයක්‌ ආරම්භ විය. ශනි ඒරාෂ්ටක අපලය තිබූ බොහෝ දෙනකුට ඒ අපලය නැවත මැයි 16 සිට බලපාන්නට වූ බව කේන්ද්‍ර පරීක්‍ෂාවලදී නිරීක්‍ෂණය කළ හැකි විය.

    මේ අනුව සිංහ, කන්‍යා, තුලා, කුම්භ යන ලග්න හිමි අයට ශනි ඒරාෂ්ටක අපලය යෙදී තිබිණි. ඊට අමතරව සඳු සිටි රාශිය ඉහත රාශියක්‌ හෝ ඉන් දෙවැන්න වූ අයටද මිථුන ලග්නය හිමි අයට ද ශනි අපල බලපා තිබිණි. ශනි ලංකා කේන්ද්‍රයේ අටවැන්නේ ගමන් කළ බැවින් සමස්‌ත ශ්‍රී ලාංකිකයන්ටද එහි තරමක බලපෑමක්‌ තිබිණි.

    ශනි අපලය ලග්න දොළහට බලපාන්නේ විවිධ අයුරිනි. ඒකාකාරව නොවේ. නමුත් සාමාන්‍ය වශයෙන් ශනි අපලයක්‌ බලපාන කාලය තුළ ශරීරය දුර්වර්ණ වීම, බලතල නැතිවීම, උත්සාහය, ධෛර්යය නැතිවීම, වැඩකටයුතු කල්දැමීම, ශිෂ්‍යයකු නම් අධ්‍යාපනයට අදාළ කටයුතු සඳහා කම්මැලිවීම, කීර්තිය නැතිවීම හෙවත් නින්දා අපහාස එල්ලවීම, කටයුතු ප්‍රමාද වීම, ධනහානි වීම, ප්‍රියයන්ගෙන් වෙන්වීම වැනි අපල ඇති කරයි.

    මේ අවස්‌ථාව ශනි මාරුවට මාසයකට අඩු කාලයක්‌ පවතින කාලයක්‌ බැවින් ඉහත දක්‌වන ලද ශනි අපල ගැන බොහෝ දුරට ප්‍රවේශම් විය යුතුය. මාරුවට පෙර කුමක්‌ හෝ දුකක්‌ හෝ කරදරයක්‌ ඇතිකරවීම සෙනසුරුගේ ස්‌වභාවය බැවිනි.

    සෙනසුරු යනු අහසේ ගමන් කරන ග්‍රහයෙකු බවත්, සෙනසුරු පාප ග්‍රහයෙකු වන්නේ එම ග්‍රහයා පව්කර ඇති නිසා නොව ඡන්මියා විසින් සසර කරන ලද පව් හෙවත් අකුසල කර්ම පෙන්වාදෙන නිසා බවත් අපි "නැකත" මගින් බොහෝ විට විස්‌තර කර ඇත්තෙමු. එබැවින් අගෝස්‌තු 4 දිනට පෙර අප පෙර කරන ලද අකුසලයක ප්‍රතිඵල වශයෙන් බරපතළ අපලයක්‌, කරදරයක්‌, නින්දාවක්‌ ඇතිවීමට බොහෝ විට ඉඩ තිබේ. එබැවින් ප්‍රවේශම් විය යුතුයි.

    ප්‍රවේශම් වන්නේ කුසල ශක්‌තිය වර්ධනය කරගැනීමෙනි. එනම් දන් දීම, විශේෂයෙන් දුගී මගී යාචක පීඩිත ජනතාවට මෙන්ම බඩගිනි නිවාගත නොහැකි කපුටන් වැනි සතුන්ට කෑම දීම, වැරදි වැඩවලින් ඈත්වීම, පන්සිල් ආරක්‍ෂා කිරීම, ආරාධනයක්‌ නැතිව අනුන්ගේ ගෙවල් වලට යැමෙන් වැළකීම, පන්සලට ගොස්‌ විහාරස්‌ථාන බෝධිමළුව පිරිසිදු කර වතාවත් කිරීම, නිල්මල්, නිල් කොඩි සහිත බුද්ධ පූජා තැබීම, බෝධි පූජා තැබීම, දේශපාලනය, විප්ලව ගැටුම් වලින් ඈත්වීම, රාත්‍රි ගමන් යැමෙන් වැළකීම, සවසට රාත්‍රියට ඇල්දිය නෑමෙන් වැළකීම, කළු නිල් වස්‌ත්‍ර භාවිතයෙන් වැළකීම අත්‍යවශ්‍යය. සෙනසුරු අපලයට බුද්ධානුස්‌සතිය හා මෛත්‍රි භාවනාව ඉතා හොඳ ශාන්ති කර්මයකි.

    එමෙන්ම උත්සාහය ධෛර්යය ඇතිව ක්‍රියාකිරීම එවැනි අය ආශ්‍රය කිරීම, සුදු, ලා, වර්ණ භාවිතය, නොපසුබට බව හා ඉවසීම මගින් මෙම අපලය ජයගත හැකි වන්නේය.
     

    63461668

    Member
    May 22, 2007
    199
    15
    0
    Kandy
    අවුල් කියන්නේ ඉතින් විය හියදම් තමා.කොහොමත් ගිය අවුරුදු දෙක තරම්ම නම් චාටර් නෑ.
    eka nam aththa kathawa mchn,wale wal na,gedarin denneth naane :(
    thama intrnt bill eka pay karalath na..last mnth eka:(