සුන්දර ගීයක ඇරබුම,..

sahan42

Member
Sep 1, 2007
697
177
0
රත්ගම
මේ වගේ කාලේක මේ වගේ ත්‍රෙඩ් එකක් දිගටම ගෙනියනවට උඹලට ජය!!!
සෑහෙන කාලෙකින් එලකිරියේ කමෙනන්ට් එකක් දැම්මේ...
ජය වේවා!!!
-- රත්ගමයා ---

:D:D:yes::yes:
 

ලසී

Member
Jul 14, 2012
25
1
0
සීතල රටක
මගේ ජීවිතේ ආසාවෙන්ම කියවපු නූල.. සීත රටකට වෙලා සිංහල සින්දුවක් අහගෙන උණු තේකක් බිබී මේවගේ පට්ටම පට්ට්ට එකක් කියවීමට වරම් දුන් කොල්ලෝ සෙට් එකට බොක්කෙන්ම ස්තුතියි . පැය 4 තිස්සේ නොනවත්වා කියෙව්වා!! තව පොස්ට් ගොඩක් තියෙනවා කියවන්න. නවත්තන්න එපා!! මේක දිගටම ලියන්න. පට්ටම පට්ටයි!!:yes::yes::yes:
 

musicdimuthu

Member
Feb 21, 2007
9
0
0
sasliit, many thanks for this great work. And for the others who has contributed.
Still reading on the 33rd page. Please keep up this good work!!!
 
හරි ඔන්න මගෙන්ත් එකක්..
රන්බන්ඩා සෙනවිරත්න මහත්තයා සරසවියෙ ඉගන ගන්න කාලෙ තිබුන එක කෑත පුරුද්දක් ඒ තාමා යාලුවො හතර දෙනාටම එක ගනිකාවක් ගෙනල්ල හතරදෙනාම ඈත් එක්ක එක් වීම සින්හලෙන් ම කියනවනම් පෝලිමක් දෑමීම..

ඔන්න එකසති අන්තයක කට්ටිය පුරුදු විදිහට පෝලිමේ වෑඩේ කරනව.. ඊටපස්සෙ පෝය.. මේ ගොල්ලොත් මොන බලු වෑඩේ කරත් පෝය දවසට දලදා හාමුදුරුවන් වදින්න මාලිගාවට යනව. මෙන්න මෙහෙම ගිහාම අර කලින් තමන් කාමරයට ගෙනා ගනිකාව තෙල්, මල් අරන් දලදාව වදින්න ඈවිත්.. කලින් සතුටින් සිනා සෙමින් ඈ සමග එක්වුන මේ පිරිස මෙතනදි ඈට රවනව.. ඒ ඈය වෑරදි කාරියෙක් නිසා.. ඒත් කාටද ඈ වරදක් කරල තියෙන්නෙ??? බලන්ගිහාම ඈ කූබියෙකුටවත් වරදක් කරල නෑ

ඒත් ඈ වෑරදි කාරියක්.. පිරිමින්ගේ පහත් අශා නම් වූ පාප කදට දෝශ විදින පාප කාරියක්.. හෑම දෙනාම යෑහේ ලෑම දකිනව ඒත් කිසිම කෙනෙක් ඈහේ ලය බලන්නෙ නෑ..

එතෙක් මෙතෙක් ගනිකාවන් පිලිබදව් අලියවුන අතිශයෙන්ම සානුකම්පිත ගීතය වන ලදුනේ ගීතයේ නිදාන කතාව මම අහල තිය්න විදිහට ඕකයි


පිස්සු කොර ආආ
 

john charles

Member
Jul 22, 2012
2
0
0
අනිවාර්යෙන්ම! රෙප් කියන්නෙ තමන්ට නිරායාසයෙන් ලැබෙන දෙයක් යාලු!!:)


සිරා නූල දිගටම මෙ වගෙ ගෙනියන්න ශක්තිය ලැබෙවා

හෘද්‍යාංගම ස්තුතිය හැමොටම :love::love::love:

:D:D:D:D:D:D:D:D:D
 

john charles

Member
Jul 22, 2012
2
0
0
අපෙ රටේ සුන්දර කළා කරුවො

දැන් කාලේ යාලු උන ගමන් කරන්න හදන්නෙ honey moon යන්න ඒත් ඒ කාලෙ honey moon ගිහිනුත් කරන්නෙ සින්දු ලියන එක

හදවතින්ම කළාකරුවන් වු ඔයුන්ට අවංක ගෞරවය

:-) :-)
 

malkasun

Member
Jul 11, 2008
23
3
0
yakkalamulla
මම මේ නුඋල කියෙවුවා... ඔක්කොම.. මම සින්දුවක වචන හොයද්දි අහම්බෙන් මට මේක ලැබුනේ ... මම දවස් පහක හයක් විතර කියවල අද තම ඉවර කලේ... සුපිරි වැඩක්... මේකට දර දිය ඇදපු ඔයාලට හැමෝටම බොහොම පින්.....ෛදවයෝගයකින් නොවේදෝ හමුවුනේ අප ...
 

malkasun

Member
Jul 11, 2008
23
3
0
yakkalamulla
මටත් හිතුන ගීතයක විචාරයක් දාන්න...අඩුපාඩු තියෙන්න පුළුවන් යාලුවනේ.. වැරද්දක් තිබුනොත් නිවැරදි කරන්න...

අජානීය ස්කූටර තුරඟා පිට වඩිනා..
කුමාරියෙනි වාත වේගයෙන් ඉගිලෙනු කොතැනා..
බදා හිමි දෙවුර එසවී පුරවර සිරි බලනා...
විලාසයට නුඹේ කිරුල බිම වැටෙයිද සිතුනා..


සූසැට ශිල්පයකු ගෙනා පාරගතව ගියෙනා..
පාරේ වැඩට හවුල් වෙන්න උදැල්ල මට ලැබුණා...
මා ගත දා බිදු හදුනා හදේ සිනා නගනා..
ප්‍රේමවන්ති විලවුන් ගෑ ලේන්සුපට සිඹිනා.


සදාකල්ම පෙම්වතුන්ගේ සිහින පුරා පිපෙනා..
උදුම්බරා මලක් තියේ ආදරයයි කියනා..
රෑ තුන්යම සුවද උලා උදෑසනින් වැකෙනා..
කාට අහිමි උනත් සාධු මල් පිපියන් සැමදා...


ලස්සන ගීතයක් නේද?.. ඔබ බොහෝ දෙනෙක් මේ ගීතය අසා ඇතුවාට සැක නැහැ. ලංකාවේ ඉතාම ජනප්‍රිය ගීතයක්.. කරුණාරත්න දිවුල්ගනේ ගායන ශිල්පියාගේ සුමදුර හඬින් ගැයෙන මේ ගීයේ පදපෙල අපිට ටිකක් නුපුරුදුයි වගේ නේද? බොහෝ දෙනාට අර්ථය වටහා ගන්නත් අමාරුයි.. ලස්සන අරුතක් තියෙන මේ ගීයෙන් කියවෙන්නේ මොකක්ද කියල අපි සොයා බලමු..




අජානීය කියන්නේ ලෝකේ (තුරඟ තරඟ වල) වේගයෙන්ම දුවන අශ්වයින් ජාතියක්...ස්කූටර් කිවුවම දන්නවනේ මෝටර් සයිකල් කියල... දැන් තියන ඒවාට තියෙන්නේ ගුවන් යානා තාක්ෂනයනේ...ඒවගේ ප්‍රථිපල රෝහල් වාට්ටුවකට ගියාම බලාගන්න පුළුවන්..
අජානීය ස්කූටර තුරඟා පිට වඩිනා..
කුමාරියෙනි වාත වේගයෙන් ඉගිලෙනු කොතැනා..
ඉතාම වේගයෙන්,පවනට බදු වේගයෙන් යන සුපිරි පන්තියේ යතුරු පැදියක නැගී කුමාරියේ කොහෙද මේ යන්නේ..
බදා හිමි දෙවුර එසවී පුරවර සිරි බලනා...
විලාසයට නුඹේ කිරුල බිම වැටෙයිද සිතුනා..
තමන්ගේ පෙමවතාවබදාගෙන ඔහුගේ උරහිසට උඩින් ඉස්සී නගරයේ සිරි අසිරි බලමින් උජාරුවට යන අපූරුව දැක්කම මට හිතුනේ උබේ ඔය ආඩම්බර කිරුල කඩාගෙන වැටෙයිද කියල..අර අහල තියනවනේ ගීයක පදපෙලක් මෙහෙම "උස අත්තක මලක් උනේ ගවු ගණනක් උඩින් ඉන්න අන්තිමේදී උරුම උනේ මල පොකුරක එකක් වෙන්න.."
මේ කතාවට පාදක වෙන චරිතය මේ සිද්දියේ දුර හුගක් දකින නිසයි ඔහුට මෙහෙම හිතෙන්නේ..ඇරත් වර්තමාන කාලේ මේ වගේ සිද්ධි සමාජයේ අරුමයක් නෙවෙයි...


මේ චරිතය කොච්චර උගත් වුවත් ශිල්ප 64 ම දැනගත්තත් ඒවා ඔක්කොම නැතිව ගිහින් දයිවයේ සරදමකට තමා මේ පාරේ වැඩකරන්න සිද්ද වෙන්නේ..මේ සිද්දිය දකිද්දී එයාට මතක් වෙන්නේ තමන්ගේ පෙමවතිය..තමන් මේ විදින දුක ගැහැට හරියට තේරුම් ගනිපු ඇය තමන්ගේ දාඩිය සුවදට ඇලුම් කරනවා.. උදේ ඉදන් රෑ වෙනකන ගිනි අවුවත් එක්ක ජීවන ගඟ එතෙර වෙන්න ඔට්ටු වෙන ඔහුගේ ශරීයෙන් ගලන දා බිදු පිසලන පුංචි ලේන්සු පටේ තියෙන ජීවන සුවදට ඇය හුගක් ඇළුම් කරනවා...ඇය ඒ ලේන්සුව සිඹිනවා.. එතරම්ම ආදරයක්..




උදුම්බරා මලක් පිපෙන්නේ හුගාක් කාලෙකට සැරයක්ලු .. පරම පූජනීය ආදරයේ සංකේතයක් බඳුයි... සදාකල්ම ආදරෙන් බැදුණු පෙම් යුවලගේ ආදරයේ සංකේතය මේ හුගාක් දුර්ලබ උදුම්බරා මල වගේ...
දන්කාලේ තියෙන ආදර කොහේ හරි කුලී කාමරයක රෑ එළිවෙනකොට ඉවර වෙන කාමයෙන් මත් වුන ආදරයක්...ඉතින් මේ පාරේ වැඩකරන අවස්ථාවේදී දකින මේ චිත්‍රයත් එක්ක ඔහුගේ මනසේ මේ කතන්දර පෙළ එකින ඒක මැවෙනවා...ජේත්තුකාර කොල්ලෙක් සුපිරි සයිකලයක කෙල්ලෙක්ව තියාගෙන කොහේ හෝ කුලී කාමරයක් සොයා යනවාදැයි ඔහුට සිතුන නිසා වෙන්න ඇති මේ පද පෙළ ඔහුගේ සිහියට ආවේ.."විලාසයට නුඹේ කිරුල බිම වැටෙයිද සිතුනා.."
ඉතින් මේ රෑ එළිවෙනකොට කොච්චර ප්‍රේම වියැකිලා ගියත් දෙයියනේ කියල උදුම්බර මල පිපෙන්න..ඇයි ඒ? අපි වගේ දුප්පත් අවංක අව්‍යාජ පෙම්වතුනුත් ඉන්නවා... ඔවුන් වෙනුවෙන් පිපෙන්න..
වර්තමාන ආදරේ උදේට පරවෙලා යනවා කියල නොපිපි අරින්න එපා...හැමදාටම පිපෙන්න..."කාට අහිමි උනත් සාධු මල් පිපියන් සැමදා..."
ඔයාලගේ අදහස් උදහස් බලාපොරොත්තු වෙමි......
 

malkasun

Member
Jul 11, 2008
23
3
0
yakkalamulla
[FONT=&quot]ලංකාවේ එක්තරා කාලෙක , ලොව පලමු අගමැතිනිය ආණ්ඩුව කරන කාලේ ලංකාවෙ බොහෝ ආයතන බහු ජාතික සමාගම් වලට විකිණුවා.. ඉතින් මේ කාලේ මේ සමාගම් වලින් යැපුන බොහෝ සේවකයන්ට රැකියා නැති උනා. බොහෝ අය මේ දේට විරුද්ද උනා.. ඒත් වඩක් උනේ නෑ.. [/FONT]
[FONT=&quot]මේ සමාගම මේ ගමට ස්වර්ණ සම්පතක්… රාජ මාළිගාවක් වගේ .. එතරම්ම මේ දුප්පත් අසරණ මිනිසුන්ට පිහිටක් උනා .. ඒ නිසාම තමා මිනිසුන්ට මේ කම්හල හා පෝෂිත භූමිය මෙලෙස පෙනුනෙ.. [/FONT]
[FONT=&quot]දැන් මේ භූමිය හා කම්හල බහු ජාතික සමාගමට අයත් වෙලා .. ඉතින් දැන් මිනිසුන්ට රාජ මාළිගාවක් නෑ… [/FONT]
[FONT=&quot]සත් සමුදුරෙන් එතෙර වෙලා යුද්දෙකට ආපු සතුරු සේනාව විසින් මේ භූමිය අල්ල ගත්තා . කටු කම්බි වලිනුත් වටකලා .. . මේවට රාජ්‍ය අනුග්‍රහය නොඅඩුව ලැබුණා… මේ අහින්සක මිනිසුන්ට කරන්න කිසුදු දෙයක් නෑ.. මිනිසුන් අසරණ වෙලා .. [/FONT]
[FONT=&quot]එදා දුප්පත් මිනිසුන්ගෙ දෑත් වලින් ඉදිරුන මේ කර්තව්ය දැන් ට්‍රැක්ටරේ යකඩ සද්දෙන් මොහොතින් ඉටු වෙනවා .. අලින්ගෙ කුන්ච නාදයෙන් ඇලලී ගිය මේ භූමිය රැක ගත්තෙ මෙ දුප්පත් මිනිස්සු ... ඒ මේ අලි විනාශ කලොත් ජීවනෝපායක් නැතිවන නිසා.. කුන්ච නාදය කොහි සැගවිලාද.. ට්‍රැක්ටරේට අහුවෙලා පන ගැහෙන මේ ඇටකටු කොතරම් අවසනාවන්තද ? [/FONT]
[FONT=&quot]මේ සීතල පොළොවේ අපි හැමටම අයිති හතර රියනයි .. මේ හතර රියනත් අහිමිව විලාපය නගන ඇටකටු.. මේ ඇට කටු වලට මේ සීතල පොලොව යට සැතපෙන්නවත් ඉඩකඩක් නෑ .. එතරම්ම ශොචනීයයි .. හතර අතේ වැටුනු තැන්වල .. [/FONT]
[FONT=&quot]කටු කම්බියෙන් බෙදා වෙන් කරන්න හදන මේ භූමිය රැකගන්න වරෙවු… සුද්දට එරෙහිව නැගිටින්න වරෙවු .. වරෙවු සිහලුනේ රැක ගනිවු අපේ භූමිය .. [/FONT]
[FONT=&quot]බය වෙන්න නම් එපා මේ සමූහ මිනිස් ඝාතනයක් නම් නෙවෙයි ... [/FONT]
[FONT=&quot]මේ ඇට කටු වගේ රචකයට පේන්නෙ උක් ගස් ... මිනිසුන්ගෙ දෑත් වලින් කැපුන උක් ගස් , අලි රන්චු පිටින් හොරා කාපු උක්ගස් දැන් යකඩ යන්තරෙන් තැලී පොඩි වී යන අයුරු දෙනෙතට කඳුලු බිඳු නැගෙනවා ... [/FONT]
[FONT=&quot]මේ ගීය ලියන්න පාදක වෙන්නෙ පැලවත්ත සීනි සමාගම රජය විසින් බහු ජාතික සමගමකට විකුනපු අවස්තාව ... [/FONT]
[FONT=&quot]එක් වරම තේරුම් ගැනිමට අපහසු වුවත් රචකයා ඉතා සූක්ශමව ඔහුගේ දක්ෂතාව පිලිබිඹු කරමින් ව්යන්ගාර්තයෙන් ඉතාම වටිනා අදහසක් ඉතාම නිර්මානශීලීව ඉදිරිපත් කරනවා.. [/FONT]
[FONT=&quot]සුමදුර තනුව හා ගැඹුරු කටහඩ පසුබිම් අත්වැල් ගායනය ඉතා විශිශ්ට නිර්මානයක් හෙල කලා කෙතට දායාද කරනවා [/FONT]

[FONT=&quot] ඔබේ පරිගණකයට ගීතය භාගත කරගෙන රස විඳීමට[/FONT]


 
Last edited:

sarara

Well-known member
  • Dec 23, 2008
    1,558
    45
    48
    83 කළු ජුලිය කාලේ දවසක රැ 12 ට විතර රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ගෙදර දුරකථනය නාඳ වෙනව,,අනිත් පැත්තෙන් කතා කරන්නේ ගුණදාස කපුගේ මහතා..කපුගේ මහතා කියනවා එක්තරා සඟරාවක නමක් සදහන් කරමින් රත්න කොහොම හරි මේ මාසේ ඒ සඟරාව අරන් කියවන්න කියල..රෑ 12 ට විතර කතා කරලා මේ වගේ දෙයක් කිව්වම එතුමාට පොඩි තිගැස්මක් ඇති වෙන්නත් ඇති..ඒ සගරාවේ තබුන සුන්දර කෙටිකතාවක් ...

    මාතර පැත්තේ සිංහල ගැහැණු ළමයෙක් තමන්ගේ පළමු රැකියා පත් වීම විදියට උප පොලිස් කොස්තාපල් වරියක් විදියට බම්බලපිටිය පොලිසියේ වැඩ බාරගන්නවා,,එතනම යාපනෙනේ ඉඳල ආපු දමිල තරුණයෙකුත් රාජකාරි කරනවා..මුලදී දෙදෙනා අතර ඇතිවෙන හිතවත්කම පස්සේ දළුලා වැඩුණු ආදරයක් බවට පත්වෙනවා,,තරුණයා දමිල වීම හේතුකොටගෙන සාම්ප්‍රදායික ඇතිවෙන විරෝදතාවයන් ගැහැණු ලමයාගේ පැත්තෙන් එල්ල වෙනවත් සමගම ..

    අවසාන ප්‍රථිපලය ලෙස දෙදෙනා හොර රහසේම විවාහ වී තරුණයාගේ ගම රට වන තල් රුප්පාවට පලා යනවා,,

    මේ සුන්දර ආදර කතාව කියවපු රත්න ශ්‍රී විජේසිංහයන්ගේ හිතේ හරි සොදුරු ගී සංකල්පනාවක් උපදිනවා මෙන්න මේ විදියට.,,

    සිංහල සින්දු කියන
    නළලේ තිලක තියන කිරිල්ලි
    තුඩින් හදවතක් අරගෙන
    ගිනිගත් තල අරඹට ආවදෝ ඉගිල්ලී

    දිව නුහුරු බසින් පෙම් කවි කී කුරුල්ලට වශී වී
    ගිනි මලින් තැනූ මල් පොකුරක් අතට ගත්ත මනාලී
    මධුසමේ මදුර කටු අතරේ පිපී වැනුන සුරූපී

    ගිනි අවිත් එක්ක පෙමින් බදුන ව්හඟ සෙනග හාඩාවී
    ඒ කඳුළු සිංහලට නගන්න නුඹට හැකිය ප්‍රියාවී
    ආදරය න්ඹට බාරයි රැක ගනින් දේවතාවී


    මෙන්න මේ විදියට රත්න ශ්‍රී විජේසිංහයන්ගේ අතින් නිර්මානය වෙන අරුත්බර ගී සංකල්පනාවට ගුණදාස කපුගේ මහතා තනූ නිර්මාණය හා ගයනයෙන් උපරිම සාදාරණක් ඉ‍ටුකර තියෙනවා.මේ ගීතය ගැන ඔබගේ අදහසුත් කියල යන්න අමතක කරන එපා..

    කැමති අය මෙතනින් ගීතය ලබාගෙන රස විඳින්න(mp3)..
    Code:
    http://www.mediafire.com/?m2mhhvlbxlo



    පසුව ලියමි.
    මේ පෝස්ටි එක නිකන් කම්මැලි කමට වගේ දැම්මට මොකද දැන් මේකට වැටිලා තියන කමෙන්ට් ටික දැක්කම ඒවගේ වටිනාකම හිතා ගන්නවත් බෑ.එක නිසා මේ පොස්ට් එක බලන අයට කියන්න තියෙන්නේ මේකෙ තියන හැම පිටුවකින්ම ඔබට යමක් දැනගන්න පුළුවන්.ඒ වගේම ඔයාල දන්නා මේ වගේ ගීතයක පාදක උන පසුබිම් කතාවල් තියෙනවා නම් ඒ කතා අපිත් එක්ක බෙදා ගන්නත් අමතක කරන්නත් එපා..

    Mama Pahugiya kale paththareka dekka me kiyana tamil police karaya thamai LTTE police chief una P nadeshan.....:yes::yes::yes::yes:
     

    malkasun

    Member
    Jul 11, 2008
    23
    3
    0
    yakkalamulla
    සැකයි මට ඔබේ කුමරි බඹසර ...

    යාලුවනේ මේ ගීයට විචාරයක් දාන්න. රූප පෙළහරින් අදහස හුගක් දුරට එනවා.නමුත් අදාල කතාන්දරය හොයල දෙන්න පුලුවන්නම් තවත් ලස්සන වේවි.. මේ ගීයේ තියෙන , උසාවිය අසල තියෙන පිළිරුව එතනට ආපු හැටිත් හොයාගන්න පුලුවන්නම් අතවත් අගෙයි... මම කීප දෙනෙක්ගෙන්ම හොයල බැලුවා.. ඒත් අවාසනාවකට ඒ ගැන දන්නා කෙනෙක් හමු උනේ නෑ...

     

    malkasun

    Member
    Jul 11, 2008
    23
    3
    0
    yakkalamulla
    ඔබ ලග නැතිදා...


    රෝගී දෑසේ ඇස රදවන්නට ඇයිද පමා වෙන්නේ
    රෝගී දෑසේ ඇස රදවන්නට ඇයිද පමා වෙන්නේ
    ඔබ ලග නැතිදා කෙලෙසකදෝ හද ගිමන නිවී යන්නේ


    සමීප සයනේ සාදා තෙපුල් මැද දැවි සිත සුවපත් වේ
    සමීප සයනේ සාදා තෙපුල් මැද දැවි සිත සුවපත් වේ
    තනිකම දැවටී දෑසේ දැලින් උණු කදුලැලි වෑහේ


    රෝගී දෑසේ ඇස රදවන්නට ඇයිද පමා වෙන්නේ
    රෝගී දෑසේ ඇස රදවන්නට ඇයිද පමා වෙන්නේ

    ඔබ ලග නැතිදා කෙලෙසකදෝ හද ගිමන නිවී යන්නේ


    ජීවක දෑතේ පහස ලැබූවත් සුව ලං නෑ වන්නේ
    ජීවක දෑතේ පහස ලැබූවත් සුව ලං නෑ වන්නේ
    එපා කිසිත් වෙන දෑස පතන රුව බෙහෙතක් වැන්නේ..


    රෝගී දෑසේ ඇස රදවන්නට ඇයිද පමා වෙන්නේ
    රෝගී දෑසේ ඇස රදවන්නට ඇයිද පමා වෙන්නේ

    ඔබ ලග නැතිදා කෙලෙසකදෝ හද ගිමන නිවී යන්නේ



    කරුණාරත්න දිවුල්ගනේ ගයකයානන් විසින් ගායන කරන මෙම ගීය ඉතාම සංවේදී ගීතයක් වන බව මගේ හැගීමයි. මහින්ද දිසානායක විසින් රචිත මෙම ගීය සදහා මියුරු සත්සර මුසුකොට ඇත්තේ උපාලි ජයලත් විසිනි. ගීතයේ පද සංකලනයන්ට හා දිවුලගනේ මහතාගේ හැගුම්බර හඩට උචිත වන ආකාරයෙන් සංගීතය මුසුකොට ඇත.
    රජයේ රෝහලකට ඇතුලත් වන තරුණයෙක් රෝහල් වාට්ටුවේ ඇදක වැතිරී සිටින මොහතක ඔහුගේ ඇස ගැටෙන සුන්දර යුවතියක් ගැන පහල වන ලස්සන ප්‍රේමනීය අදහස් පෙළක් මේ ගීය හැඩකර ඇත.
    රෝහලක සිටින සුන්දර යුවතිය අන් කවරකුත් නොව සුදු නිල ඇදුමින් සැරසී ලස්සන පළදනාවක් හිස පැළද සිටින ඇය හෙදියක්. නර්ස් නෝනා කෙනෙක්.
    රෝහල්වල සේවය කරන හෙදියන්ටනම් මෙය නුහුරු අත්දැකීමක් නොවනු ඇති..


    මේ තරුණයා ප්‍රශ්න කරන්නේ අසනීප වෙලා ඉන්න මගේ ලෙඩ බලන්න ඇයි එන්නේ නැත්තේ..
    මට බොහොම අසනීපයි. ලංකාවේ රජයේ රෝහල්වල නම් මේක සාමාන්‍ය දෙයක්.මේ රචකයා එම සමාජ අඩුපාඩුවද තම නිර්මාණයෙන් විග්‍රහ කරන අයුරු හරිම අපූරුයි..
    රෝගී දෑසේ ඇස රදවන්නට ඇයිද පමා වෙන්නේ
    මේ හෙදියගැන ප්‍රේමයෙන් ඉන්න තරුණයට සිතෙන්නේ ඇය ලග නැත්තම් කොහොමද මගේ ලෙඩ සුව වෙන්නේ. මගේ ශරීරයේ වෙහෙස නිවෙන්නේ .. මගේ ගතට සිතට සහනයක් එන්නේ .. ඔයාට මේවා තේරෙන්නේ නැද්ද? ඇයි මගේ දිහා බලන්නේ නැත්තේ .. මම අසනීප වෙලා ඉන්නේ .. මේ තරුණය පොඩි තරහකින් තමන්ගෙන්ම ප්‍රශ්න කරනවා... රචකයා ඉතාම රසවත් අයුරින් පද පෙලගස්වලා තියෙනවා..
    ඔබ ලග නැතිදා කෙලෙසකදෝ හද ගිමන නිවී යන්නේ

    ලගට ඇවිල්ල ලෙඩ විමසන්නකෝ. එතකොට මගේ මේ අසනීප ඔක්කොම නැතිවෙලා යාවි .සුවපත් වේවි. හෙදිය ඇවිත් ලෙඩ විමසනකොට , බෙහෙත් දෙනකොට , වචනයක් දෙකක් කතාකරනකොට මේ තරුණයට දැනෙන්නේ ඇද ලගට ඇය ඇවිත් සතුටු සාමිචියේ යෙදෙනවා වගේ.... ඔයා මගේ ඇද ලගට ආවත් ඇති මගේ මේ පිච්චි පිච්චි තියෙන අසරණ හිත සුවපත් වේවි...
    සමීප සයනේ සාදා තෙපුල් මැද දැවි සිත සුවපත් වේ

    ඔයා ඈත ඉන්න එපා .. මට හුගක් දුකයි .. මට පේන්නවත් ඉන්න. මට දැන් හරිම පාලුයි.තනියි. බලන්න කෙල්ලේ මගේ ඇස දෙකෙන් කදුළු ගල හැටි.. ඔයාට පෙන්නේ නැද්ද.. මට මහා තනිකමක් දැනෙනවා.. මට එක දරාගන්න බෑ... මගේ ඇස්දෙකෙන් කදුළු ගලනවා... මෙච්චර කදුළු හලන්නේ ඔයා ලගකවත් නැති නිසා....
    තනිකම දැවටී දෑසේ දැලින් උණු කදුලැලි වෑහේ

    දොස්තර මහත්තයාගේ බෙහෙත්වලින් මට වැඩක් නෑ එයා කොච්චර සාත්තු කලත්, බෙහෙත් දුන්නත් මට වැඩක් නෑ... මගේ ලෙඩ සුවපත් කරන්න එයාට බෑ.. සුව වෙන්නෙත් නෑ.. සුව වෙනවා තිය සුවයක් පලාතකවත් නෑ..මගේ මේ පිච්චුනු හිත සුව කරන්න පුළුවන් ඔයාටම විතරයි. ඇයි දෙය්යනේ කාටවත් මේවා තේරෙන්නේ නැත්තේ...
    ජීවක දෑතේ පහස ලැබූවත් සුව නෑ ලං වන්නේ


    වෙන කිසිම බෙහෙතක් මට එපා..මගේ ඇස දෙක ඉල්ලන්නේ ඔයා.. මගේ ඇස දෙකට ඔයාගේ රූපය දැක්කත් ඇති.මගේ ඔක්කොම ලෙඩ සුවපත් වෙනවා..මට ඕන එකම බෙහෙත ඔයාගේ රූපය විතරයි.. මම හොයන දිවය අවුෂදය ඔයාගේ රූපය, ඔයාව. මේ ලෝකේ මට වෙන මොනවත් තිබුනත් වැඩක් නෑ නර්ස් නෝනේ..මට ඔයාවයි ඕන... මගේ ආත්මය සුවපත් කරන්න පුළුවන් ඔයාම විතරයි...
    එපා කිසිත් වෙන දෑස පතන රුව බෙහෙතක් වැන්නේ..

    මේ ලෝකේ මිනිස්සු කොච්චර ආදරේ හොයනවද ? ලස්සන ආදරයකට මේ ලෝකේ වෙනස් කරන්න පුළුවන්.. ලස්සන ඇස දෙකකට පිරිමියෙක් ලෙඩ කරන්නත් ලෙඩ සුවකරන්නත් පුළුවන්...
     

    malkasun

    Member
    Jul 11, 2008
    23
    3
    0
    yakkalamulla
    විදුලිය වැන්නේ






    සිනා නගන්නේ ලැසි ලැසි ගමනින් එන්නේ...
    ඔමරි කරන්නේ ඇදවට කැරකී යන්නේ
    විදුලිය වැන්නේ කෙදිරිලි හඩට දුවන්නේ
    බෙහෙත් දෙවන්නේ ගිලනුන් සනහාලන්නේ


    දුක විමසන්නේ ඉදහිට සැර වැර වන්නේ
    ඔවා දෙවන්නේ කන බොන දේ පවසන්නේ
    හොරෙන් බලන්නේ මා හා පෙමින් බැදෙන්නේ
    කතා කියන්නේ තනිවම සිහින මවන්නේ


    සිනා නගන්නේ ලැසි ලැසි ගමනින් එන්නේ...
    ඔමරි කරන්නේ ඇදවට කැරකී යන්නේ
    විදුලිය වැන්නේ කෙදිරිලි හඩට දුවන්නේ
    බෙහෙත් දෙවන්නේ ගිලනුන් සනහාලන්නේ


    සුදෙන් දිලෙන්නේ මා මන පුබුදා ලන්නේ
    රැජිණිය වැන්නේ රෝහල වටා සරන්නේ
    පොතේ ලියන්නේ මගේ නම ගම විමසන්නේ
    කලමැන ගන්නේ මා හැර පිටුපා යන්නේ


    සිනා නගන්නේ ලැසි ලැසි ගමනින් එන්නේ...
    ඔමරි කරන්නේ ඇදවට කැරකී යන්නේ
    විදුලිය වැන්නේ කෙදිරිලි හඩට දුවන්නේ
    බෙහෙත් දෙවන්නේ ගිලනුන් සනහාලන්නේ

    මා පෙර ලිපියෙන් ඉදිරිපත් කල ගීතය වැනිම ඊට පෙර කාලයේ සනත් නන්දසිරි මහතා විසින් ගායනය කල මේ ගීය රසිකයන් අතර එකල ජනප්‍රිය වුවද වර්තමානයේ බොහෝදෙනෙක් අසා නොමැති වග නම් සහතිකයි... අසා තිබුනත්මෙය කුමන කරුණක් අරබයා රචනය වූවක්දැයි දන්නා අය අල්පය...

    සිනා නගන්නේ ලැසි ලැසි ගමනින් එන්නේ...
    ඔමරි කරන්නේ ඇදවට කැරකී යන්නේ
    විදුලිය වැන්නේ කෙදිරිලි හඩට දුවන්නේ
    බෙහෙත් දෙවන්නේ ගිලනුන් සනහාලන්නේ
    රෝහලකට බෙහෙත් ගැනීමට පැමිණ සිටින තරුණ රෝගියෙකුට පෙනෙන සුන්දර දර්ශනය තමා රචකයා විසින් ප්‍රශ්නයට නගන්නේ..සිනා සෙමින් තාලයට ලැසි ගමනින් එන්නේ කවුද ?
    පොඩි ඔමරි බැල්මක දාල ඇද වටේ රවුමක් කැරකිලා ගියේ කවුද? මේ තරුණ රෝගියා මේ රූපෙන් මත්වෙලා වගේ බලා ඉන්නවා.... නර්ස් නෝනා කෙනෙක් කියන්නෙත් තරුණියක් නේ .. හැට හතරෙනුත් එකක් මේ කඩවසම් තරුණයට දැම්මද කවුද දන්නේ..
    කාගේ හෝ රෝගියෙකුගේ අසරණ කෙදිරිලි හඩට ඇය දුවල යන්නේ විදුලියක් වගේ .. ඉක්මනට අර රෝගියාට බෙහෙත් දීල සනසන්න තරම් ඇය කරුණාවන්ත වුනා.. මේ සුන්දර චිත්‍රය දෙස ඔහු බලා ඉන්නේ හරිම ආසාවෙන්...අනික සියලුම හෙදියන් අතරින් අගේ විශේෂත්වයක් ඔහු දකින්නේ ඒ කරුනාවන්ත්කම, ලාලිත ගමන , සුන්දර යුවතියකට ආබරණයක් බදු ඔමරිය, ඉක්මන් ගමනින් රෝගීනට සාත්තු කිරීම..මුළු රෝහල් වාට්ටුවම සුන්දර ලෝකයක් වගේ ඔහුට පෙන්නේ..

    දුක විමසන්නේ ඉදහිට සැර වැර වන්නේ
    ඔවා දෙවන්නේ කන බොන දේ පවසන්නේ
    හොරෙන් බලන්නේ මා හා පෙමින් බැදෙන්නේ
    කතා කියන්නේ තනිවම සිහින මවන්නේ

    ලෙඩුන් ගාවටඇවිත් ඇය ලෙඩදුක් විමසනවා ඒ වගේම ඔවුන්ගේ පවුලේ තොරතුරු පවා විමසමින් ලෙඩුන් හා සමීප වන්නේ හරියට අම්ම කෙනෙක් තම දරුවනට ලෙඩ වුනාම සාත්තු කරනවා වගේ.. ඔවදන් දෙනවා . මෙහෙම පරිස්සම් වෙන්න වෙන්න ඕන.නැත්තම ඉකමනට සුව කරගන්න බෑ..මේවා අහන්නේ නැති අයට ඇය හිටපුගමන් සැරෙනුත් කියනවා...එහෙම නැතුව බෑ .. මේ සමහර ලෙඩ්ඩු හරි මුරන්ඩුයි නේ...මේවා කන්න .මේ මේ ජාති කන්න එපා.. මං කියන විදියට ඉන්න ..ඔයාට ඕන නැද්ද ඉක්මනට සුව වෙන්න..
    මේ බෙහෙත් හේත් කරන ගමන් මා හා හොරෙනුත් බලනවා.. පුංචි පුංචි ඉගි බිගි පානවා..
    මෙහෙම මේ ඔක්කොම අතරේ මේ කඩවසම් තරුණයත් එක්කල යාලු වෙලා.. දැන් මේ දෙන්න පෙම්වතුන් වෙලා... ඔහුත් එක්කල කතා කර කර ඉන්නවා... ඔහුට පේනවා ඇය සිහින මවන අයුරු.. රෝහල් වාටුවේ ඇගේ පුටුවලග වාඩිවෙලා තනිවම සිහින මවනවා.. ඔහු ඇදට වෙලා බලා ඉන්නවා..දෙන්නම සුන්දර ලෝකවල...
    සුදෙන් දිලෙන්නේ මා මන පුබුදා ලන්නේ
    රැජිණිය වැන්නේ රෝහල වටා සරන්නේ
    පොතේ ලියන්නේ මගේ නම ගම විමසන්නේ
    කලමැන ගන්නේ මා හැර පිටුපා යන්නේ

    සුදුම සුදු කිරි කොකෙක් වගේ.... මං ආසම පාට මට හරිම සතුටුයි...
    මේ තරුණයාගේ සතුට දොරේ ගලනවා...ඔහුට ඇය පෙන්නේ රෝහලේ රැජිණිය ඇය වගේ ... මේ රෝහල ඇගේ වගේ ඔහුට පෙන්නේ.. මේ රෝහලේ හැම තැනම ඇය ඉන්නවා වගේ ... මං මේ වාට්ටුවට අපු වෙලාවේ ඇය මගේ නම අහල එක පොතේ ලිවුවා..මොන ලෙඩේට බෙහෙත් දෙන්නත් ඉතින් නාඩි බලන්න ඕනනේ .. මේ ඇගේ රාජකාරි මේ රචකය දකින අයුරු ඉතාම ලස්ස්සනයි
    වාට්ටුවට එන රෝගීන්ගේ නම ගම වයස විස්තර අර ලොකු පොතේ සටහන් කරනවා...
    රෝගියාගේ නාඩි බලනවා...ඒවා සටහන් කරනවා... ඇයට ඕක විතරක් කර කර ඉන්න බෑ තව වැඩ තියෙනවා හුගක්..රෝගියෙකුගේ කෙදිරිලි හඩක් ඇය විදුලියක් වගේ එතනට යනවා ... රෝගියව සුපත් කරනවා ... තවත් රෝගියෙක් ලගට යනවා බෙගේත් දෙනවා ඔඅවදන් දෙනවා දොස්ත්රමහත්තය නියපුකරපු කෑම ගැන රෝගියාට කියනවා.. රෝගියාගේ පණ්ඩිත කතාවලට පොඩි සැරයක් එහෙම දානවා...අයිම උදෙන්ම එනවා සුදට සුදේ හරිම ලස්සනයි පිරිසිදුයි ... මේ සියල්ල රචකයා මැනවින් දකිනවා .. හෙදියක් වුනාම පිරිසිදුව ලස්සනට ඉන්න ඕන .. ඔහු මේ ඔක්කොම මේ ගීයෙන් හරිම අපූරුවට ඉදිරිපත් කරනවා.....



    ඉතාම සුන්දර ලස්සනම ගීයක්... ගීය රසවිදීමට මේ සබැදියට පිවිසෙන්න
    මාගේ පෙර ඉදිරිපත් කල හෙදියකගේ ගීත විචාරය රස විදීමට...

    බයිලා සංගීතයන් නර්ස් නෝනා ගැන අසන්න.. සමන් ද සිල්වා ගායනා කරන නෝනා මගේ නර්ස් නෝනා ඔබව සිහි වෙනවා නිතර දෙවේලේ ......

    එකම තේමාව ඔස්සේ ගැයෙන ලස්සන ගීත තුනක්...
     

    malkasun

    Member
    Jul 11, 2008
    23
    3
    0
    yakkalamulla
    මොර සුරන මහා වරුසාවේ
    එක දවසක ඇය හා ආවේ
    සද රාණියේ නුඹ නාඩන්
    ඇය නෑ දැන් මේ ගම්මානේ


    තරු පායන මල්පෙති පවනේ
    ගග ඇයි මේ ඈතට ඇදුනේ
    හද පාන වැදී උණ පදුරේ
    අපේ ආදර ලෝකය මැවුනේ
    කෝ එදා පැලන්දු මුදුවේ
    රන් කාන්තිය නෑ අද ලදුනී
    සද රාණියේ නුඹ නාඩන්
    ඇය නෑ දැන් මේ ගම්මානේ




    සුදු මල්පෙති පරදන මුහුණේ
    මුතු කදුලැලි කවුරුද මැවුවේ
    එන පෝයට පන්සල පාලුයි
    මම කවුරු දකින්නද එන්නේ
    කෝ එදා පැලන්දු මුදුවේ
    රන් කාන්තිය නෑ අද ලදුනී
    සද රාණියේ නුඹ නාඩන්
    ඇය නෑ දැන් මේ ගම්මානේ




    මේ ගීතය පද රචනය , සංගීත සංයෝජනය කරලා තියෙන්නේ කවුද කියලනම් මට හොයාගන්න බැරි උනා... ගීතය ගායනා කරන්නේ නම් අල්හාජ් මොහිදීන් බෙග් මහතා .පද රචනය හා සංගීතය ගැන දන්නා කෙනෙක් ඉන්නවනම් සදහන් කරන්න. මටත් මේ ගීතය මුලින්ම අසන්න ලැබුනේ බස් එකේ කොළඹ සිට අනුරාධපුරය බලා යන අවස්ථාවක අතරමගදී ගොඩවුන, ගීත කීපයක් ගායනා කරලා ජීවිතය ගැටගහගන්න අහිංසක, දුප්පත්, ජංගම ගයකයකුගෙන්. මම මේ ගීය මගේ ජංගම දුරකතනයේ රෙකොර්ඩ් කරගෙන ටිකක් මහන්සි වෙලා mp3 එක හොයාගත්තා. මීට අවුරුද්දකට දෙකකට විතර කලින් සොයාගත් ගීයක් නිසා හොයා ගත්තේ කොහෙන්ද කියල නම මට මතක නෑ...


    මටනම් දැනෙන්නේ ඉතාම සුන්දර ගීතයක් විදියට... ඇත්තටම ආදරය කරන කාලයේ කිසිම පෙම්වතියක් කැමති වෙන්නේ නෑ තම පෙම්වතා කිසිම අයුරකින් වෙන කිසිදු තරුණියක් එක්ක කතා කරනවට තබා ඒ දිහා බලනවටත්... ඇත්තටම යොවුන් ප්‍රේමය ඒ තරම්ම ආත්මාර්ථකාමියි... හැම තරුණියක්ම මෙහෙම තමා..
    ඉතින් අපේ මේ පෙමවතාටත් මේ වගේ අවස්ථාවකට මුහුණ දෙන්න වෙලා...
    මොර සුරන මහා වරුසාවේ
    එක දවසක ඇය හා ආවේ
    සද රාණියේ නුඹ නාඩන්
    ඇය නෑ දැන් මේ ගම්මානේ
    රචකයා මොර සුරන වරුසාවක් විදියට ඒ අවස්තාව හදුන්වන්නේ එය එතරම්ම අවාසනාවන්ත අවස්තාවක් බවට දැන් පත්ව ඇති නිසයි .ඇත්තටමමේ තරුණයා මේ කියන තරුණිය සමග වැසි දිනක කුඩේ යටින් එන්නත් ඇති. මෙතරම්ම මේ සිද්දිය දුරදිග යන වග ඔහු කලින් දන්නවනම් මොනතරම් වැස්සක වුවද ඇය සමග නොඑන බව පසුව ඔහුගේ වැළපීම් වලින් අපට පැහැදිලි වේ...මේ දේ ගමේ ඉන්න තම පෙම්වතියට ආරංචි වේ යැයි ඔහු තුන සිතකින්වත් නොසිතන්න ඇති. මේ රචකයා අපට පහදන්න උත්සාහ කරන්නේඒ ගැමි ගතිය. ඕපා දුප වලට පියාපත් තියෙනවා.. අබිලින් ල හැමතැනම. දැන් කාලේ බිත්තිවලට ඇස කන් තියෙනවා වගේ.. ගමේ නාන ලිද ලගදි හරි කොහොම හරි පෙමවතියට මෙය ආරංචි වෙලා . එහෙම ආරංචි වුනාම වෙනදේ අමුතුවෙන් ලියන්න ඕන නෑනේ.රණ්ඩු කරන කිරිල්ලී.
    මම එක දවසයි ආවේ මගේ කෙල්ලේ.මම අයිම කවදාවත් එහෙම එන්නේ නෑ, ඒකි දැන් ගමේ ඇත්තෙත් නෑ.මේ හුග කාලෙකට කලින් වුනේ. දැන් අඩන්න එපා කෙල්ලේ. මගේ මැණික දැන් අඩන්න එපා.ඒකි අයිම මේ පළාතකවත් නෑ.මං කියන දේ තේරුම් ගන්න මගේ රැජිනියේ..දැන් ඔය ඇඩිල්ල නවත්තල හිනාවෙන්නකෝ...
    මොන හිනාවක්ද ඇය දිගටම මොහු සමග රන්දුකරනවා... ඒ තමා යොවුන් ප්‍රේමයේ තියෙන ආථ්මර්ථකාමී බව.
    ඉස්සරනම් ගමේ නෑ කිවුවම ඉතින් අයිම එයාව ගමට ආවම තමා දකින්න වෙන්නේ. අයිම ඉතින් ඒ සබදකම් තියාගන්න ලියුං කඩදාසියක්වත් යවන්න වෙන්නේ හරි අමාරුවෙන්. හැබැයි ඉතින් දැන් කාලේ නම් ජංගම දුරකථන , ඊ මේල්, ෆේස්බුක්, ස්කයිප්, අරව මෙව්වා සබඳතා වර්දනය කරගන්න, ඇතිකරගන්න ක්‍රම ගොඩයි..


    තරු පායන මල්පෙති පවනේ
    ගග ඇයි මේ ඈතට ඇදුනේ
    හද පාන වැදී උණ පදුරේ
    අපේ ආදර ලෝකය මැවුනේ
    කෝ එදා පැලන්දු මුදුවේ
    රන් කාන්තිය නෑ අද ලදුනී
    සද රාණියේ නුඹ නාඩන්
    ඇය නෑ දැන් මේ ගම්මානේ


    දැන් මේ දුකින් ඉන්න තරුණයා තනිවම කල්පනාවට වැටෙනවා. මෙච්චර කල් ප්‍රේම කරපු මාව ඇයට තේරුම් ගන්න බැරි ඇයි.මං කොච්චරනං තේරුම් කරන්න හැදුවද ? ඇය තේරුම් ගන්නේ නෑ . ඇයි එහෙනම් අපි මෙච්චර දුර ආවේ. බලනකොට කිසි තේරුමක් නෑ. ඔහු තනිවම හිතනවා. ඔහුගේ හිතත් පිළිගන්න අකමැතියි. ඔහුට මතක් වෙනවා ඇය එක්ක ගං ඉවුරේ උණ පදුර ලග ඇයත් එක්ක ප්‍රේම කරපු අයුරු... ඒ ආදරයට හද එලිය උණ ගස් අතරින් ගග දියට වැටිලා මවපු සුන්දර ලෝකය. ඒ සුන්දර ලෝකය ඇතුලේ ඔවුන්ගේම ප්‍රේම ගගක පීනපු හැටි ඔහුට එකිනෙක චිත්‍රපටියක් වගේ මතකයට එනවා... ඒ සුන්දර ලෝකේ ප්‍රේම කරනකොට ඔයාගේ අතගිල්ලේ මම පලදවපු පරම පිවිතුරු ප්‍රේමණීය රන් මුදුවේ කාන්තිය දැන් දැන් අඩුවෙනවා වගේ මට දැනෙන්නේ... ඒ ප්‍රේමණීය මුදුව පලන්දපු දවසේ ඔයාගේ ඇස්වල තිබුණු කාන්තිය මවෙත දීපු ආදරය අද කෝ කෙල්ලේ. ඒ ආදරය අද ඇත්තෙම නැද්ද.මට කියන්න. මාව ඔයාට එපාම වෙලාද... අනේ කෙල්ලේ මම අයිමත් කියන්නේ ඔයා අඩන්න එපා...ඒකි නෑ දැන් මේ ගමේ.. මාව විශ්වාස කරන්න මගේ රත්තරනේ...

    මේ රචකයා පුන පුනා පැහැදිලි කරන්නේ මේ තරුණය තුල තිබෙන විරහවේ වේදනාව. ඒ ලතැවිල්ල . ඒ පීඩනය.

    සුදු මල්පෙති පරදන මුහුණේ
    මුතු කදුලැලි කවුරුද මැවුවේ
    එන පෝයට පන්සල පාලුයි
    මම කවුරු දකින්නද එන්නේ
    කෝ එදා පැලන්දු මුදුවේ
    රන් කාන්තිය නෑ අද ලදුනී
    සද රාණියේ නුඹ නාඩන්
    ඇය නෑ දැන් මේ ගම්මානේ


    මෙච්චර ලස්සනට තිබුන මුහුණේ කදුලැලිමැවුවේ කවුද දෙයියනේ..ලස්සන මල්පෙති වගේ තිබුන ඇගේ සුන්දර පිරිසිදු මුහුණ... රචකයා උත්සාහ කරනවා මේ පෙම්වතා ඇයට කොතරම් ආදරේද කියනවාග පැහැදිලිකරන්නට.මේ පෙම්වතාට ඇය ඇඬුවත් ඇයගේ ලස්සනම තමා පෙන්නේ. ඇයගේ කදුලුත් මුතුකට වගේ... මෙච්චර ලස්සන මුහුණකට කොහොමද මේ කදුළු කැට මැවුවේ.. ඔහුට කිසිත් සිතාගන්නවත් බැරි තරමට වේදනාවෙන් මිරිකිලා...
    ඔවුන් හමුවෙලා කතාබස්කරපු තවතැනක් රචකයා සදහන් කරනවා..
    ඒ ගමේ පන්සල. ඇත්තටම පෝයදාට ගමේ පන්සල පෙම්වතුන්ට ලස්සන දේදුනු පාලමක් වගේ. බෝකොල අතරින් වැටෙනා සද එළියෙන් දිලිසෙන ඇගේ සුන්දර මුහුණ ගන්ටාර කුලුනට මුවාවෙලා ඔහු රස විදපු අපූරුව සිහියට නැගිලා මේ එන පෝයට පන්සල පාලුම පාලුයි.
    ඇත්තටම පෝයකට පන්සලක් පාලු වෙන්න නම් ඉතින් පන්සල අන්‍යාගමික ප්‍රදෙශයකවත් ඉදිවන්න එපැයි. නමුත් මේ රචකයා තරුණයාගේ හිතේ තියෙන දුක ඉතාමත්ම වැඩි බව හගවන්න යොදන පදපෙල බලන්න.
    මුළු ගමම පන්සලේ ඉදියත් වැඩක් නෑ මට. මගේ සුදු මැණික නැතුව. කොච්චර ලස්සනට හද පෑයුවත් වැඩක් නෑ.මගේ ලෝකේ එලිය වෙන්නේ නෑ. මගේ මැණික එන්නේ නැත්තම් මම ඇයි පන්සල එන්නේ.මම ඇවිත් වැඩක් නෑ. මගේ ලෝකෙම පාලුයි.පංසලත් පාලුයි.ඇයි මම පන්සල් එන්නේ.
    මම අයිම කියන්නේ මගේ මැණික ඒකි දැන් මේ ගමේ නෑ.දකින්නවත් වෙන්නේ නෑ.මම කියන දේ තේරුම් ගන්න මගේ කෙල්ලේ...



    මේ තරුණයාගේ වැළපීම දිගින් දිගටම ඉදිරිපත් කරන්නේ ඔහුගේ තියෙන වේදනාව රසිකයන්ට හැගාවන්ට... ඉතාම ලස්සන පදපෙලක්. සුන්දර සත්සර මුසුවක්... ගැබුරු වේදනාත්මක හදකින් ගැයෙන මේ ගීයබොහොමහැගුම්බර එකක්..