පද පේලි .....

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඇස ගැටෙනා දස දහසක් නෙතු මත
    ඔබෙ දෑස ම මා සෙව්ව තරම්
    ඒ නෙතු කිසි දින මා සතු නොව බව
    දැන දැන මා පෙම් කෙරූ තරම්
    ඔබ නොදනී මුළු ලොව ම දනී

    ඔබෙ දෑස් මතින් මා පැතු පැතුම්
    ඔය නෙතු මගෙමයි පිරූ පෙරුම්
    ඒ පැතු පැතුමන් ඒ පිරු පෙරුමන්
    කඳුළැල්ලක් වී ගැලූ තරම්
    ඔබ නොදනී මුළු ලොව ම දනී

    ඇස ගැටෙනා දස දහසක් .........

    ඔබෙ නෙතු දැහැනේ සමවැදී මෙමා
    ඔය නෙතු තුළ මා සිතූ සිතුම්
    බොඳවු සිතුවම් බිඳුණු හසරැල්
    සොවින් මා ඒ හෙලූ සුසුම්
    ඔබ නොදනී මුළු ලොව ම දනී

    ඇස ගැටෙනා දස දහසක් .........



    ගායනය :- ශිහාන් මිහිරංග
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    සී සිඉකඩ විසිරුණු සිතුවිලි දිය බුබුලේ නලියන පෙන කැටි වාගේ නැති වේ
    හුදකලාව තනිවී සිටියම සිහින ආකරේක වැටුනා වාගේ නිමක් නෑ
    මොහොතින් මොහොතට ගෙවෙනා කාලය
    දැනෙනවා කාටත් එක විදිහට
    ගිනියම් ඉර....සඳ සිසිලස...
    අතරේ හොයනවා හොයනවා මේ අපි කවුරුද
    හීනෙකි ලොව....සිතුවම් කල...
    අතරේ අහනව බලනව මේ අපි කවුරුද>>>>>>>>>>>>>>>>>>>.

    Wayo
     

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    මේ තරම් සියුමැලිද කලුගල්
    හිතා ගන්නත් බැරි නිසා
    මං ගියා අව්කන බුදුන්ටත්
    දෑස් දුන් මිනිසා සොයා

    කලා වැව ළඟ ඉලුක් හෙවනක
    මැටි පැලක පැදුරක් එලා
    රිදුම් පිරිමදිමින් බලයි ඔහු
    මැරෙන ඉපදෙන රල දිහා

    ඉසුරුමුනියේ නුඹ මැවූ
    පෙම්බරිය කොතනද කියා
    මා ඇසූ විට හිනැහුනා ඔහු
    තවම තනිකඩයැයි කියා
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    දුකේදී හැඬුමට සැපේදී සිනාසෙන්නට ළඟ ඉදන්
    තවත් අම්මා කෙනෙක් ඇත්නම්
    සොඳුරියේ නුඹයි ඒ අම්මා:P
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සීගිරි සීගිරි..
    බිතු සිතුවම් අතරේ
    සීගිරි බිතු සිතුවම් අතරේ
    කවුරුද ඔබෙ රූසිරි මැව්වේ
    සීගිරි ගී කැටපත් පවුරේ
    කවුරුද ඔබෙ පෙම් කවි ලීවේ..

    යුග යුග පසු කර එන්නැති පසුපස
    සුවඳ සොයාගෙන සුපුරුදු සෙනෙහස
    කලා වැවේ මහ දිය කද තරමට
    කඳුළු සළන්නැති අපි වෙන් වෙන්නට

    දැන් දැන් ඒ යයි මඟ බැලු භවයෙදි
    සීගිරි ළඳකගෙ නිලුපුල් රතු වුණි
    පා ඔසවන්නට අවසර නැති වුණි
    හිත ඇවිදින් ඔබ තුරුලේ සැතපුණි

    සැක බිය ඇති තැන ඔබ හමුවන්නට
    හිරු පායාවිද සංසුන් ලොවකට
    බලා හිදී අවුකන බුදු පිළිමය
    එදින බුදු රැසින් අප නහවන්නට...
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    හැඟුම් මත් කළා ඒ නුරා දෑසේ මායා..
    නැගූ මල් සිනා හද පුරා සුවඳ දීලා..
    ඉගිලී ගියාදෝ සයුරෙන් එහා..
    දුර යන්නේ හැංගෙන්නේ මගේ හිත දවාලා...

    සිනාසෙන්න බෑ නේ..
    ඔබේ සුවඳ නෑ නේ..
    කොහේදෝ මා දමා ඉගිලුනේ.. //

    නිල්වන් ගැබේහී සඳ හැංගුනා සේ..
    ඔබ එයිද ආයේ දෑස පේන මානයේ..
    මල පරවුනා සේ නොපිපේද ආයේ..
    හද රැන්දු සිහිනේ බොඳ වෙයිද මාගේ..
    හද විලම සනසන්න දුක මගේ නිවා.......

    සිනාසෙන්න බෑ නේ..
    ඔබේ සුවඳ නෑ නේ...
    කොහේදෝ මා දමා ඉගිලුනේ.... //


    සංසාර හීනේ ඔබ නේද මාගේ..
    මේ පෙම් කතාවේ ගිනි ඇවිලිලානේ..
    හමුවන්න ආයේ පෙරුමන් පුරන්නේ..
    ගිනි දැවෙන ලෝකයේ මං තනි වෙලානේ..
    මුණ ගැහුන තැන තාම මම ඉන්නවා.....

    සිනාසෙන්න බෑ නේ..
    ඔබේ සුවඳ නෑ නේ..
    කොහේදෝ මා දමා ඉගිලුනේ........ //

    Romesh Sugathapala
     
    • Like
    Reactions: Rex921

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ...
    විඳගන්න ඒ සිසිල මා සිත්සේ...
    මට දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නෙ..
    පිනි බින්දු මල් වැහි අරන්...

    සඳ මිතුරි... සිත මිහිරි... කල මැනවි..
    බිඳු කඳුලු... පිනි පොකුරු... කල මැනවි...
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    බොල්පිණී වෑහෙන වෙලාවේ
    ඔබගෙන් සමුගෙන යායුතුවේ
    තාමත් ඔබ ඇත සුව නින්දේ
    ඒකයි මා නොකියා යන්නේ......

    Rookantha Gunathilaka
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සඳට කවියක් කියපු හින්ද ද
    මුහුණු පොඩ්ඩට තරහ ආවේ
    කඳුළු බිඳුවක් තරම් බොළඳ ද
    ඔබේ සෙනෙහස අප්සරාවේ

    සඳට වැ‍ඩියෙන් හදට එළියක්
    ගෙනාවේ ඔබෙ සිනාවයි
    එදා වාගෙ ම දයාබර‍ව ම
    සදා ඉන්නේ ඔබ ළඟයි

    සඳට කවියක් .....

    කැකුළු කොද මල් පරව ගිය මුත්
    ඔබේ සෙනෙහස සුන්දරයි
    දිනෙන් දින හද මඬල සුවඳින්
    සුවඳ කෙරුවේ සෙනෙහසයි

    සඳට කවියක් .....


    ගායනය :- රෝයි පීරිස්
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    අවු කණ්නාඩියෙන්
    බලන්නට තරම්
    මේ ගිම්හානය තියෙන්නෙ නෑ
    වැස්සක ලකුණු අරන්
    දැනටමත් වැහි මේඝයක් ඇවිල්ලා
    ඇහුණාද යාළුවේ
    ජීවිතය
    හිතන තරම් සුන්දරත් නෑ
    අවු කණ්නාඩියෙන්
    පේන තරම් ලස්සනත් නෑ

    කෙටි සාය ඇඳන්

    සුපුල් වටොර රැඟුම්
    බැලුවාට ඇස් අගින් මත් බිඟුන්
    ඇහුණාද යාළුවේ
    ආදරය
    හඳුණන සොඳුරු සිතක්
    හොයාගන්න
    හිතුවට ලේසි නෑ

    ගිරා බස්ම දොඩන

    නුඹ ළඟට ඇවිත්
    තියා යාවි උකුළු වට සිහින පැසක්
    ඇහුණාද යාළුවේ
    ජීවිතය
    හඳුණන සොඳුරු සිතක්
    හොයාගන්න
    හිතුවට ලේසි නෑ:love::love:


    ගායනය - කිත්සිරි ජයසේකර
     
    Last edited:

    chanukadl

    Junior member
  • Aug 8, 2008
    563
    19
    18
    " නාන්න දුනන ලෙසේ මග තොට යලිත් හමුවෙලා
    මහා මේර හිසින් දරාගෙන අපි යමු දුරස්වෙලා "

    අදට (2012-08-14) මගේ ආදරේට අවුරුදු 5 මාස 5.එත් අද එය මන්ලග නෑ අපිට වෙන්වෙන්න වුනා එයාගේ ගෙදරින් මට කැමතිවුනෙන එයාගේ තාත්ත නිසා එයට මාත් එක්ක එන්නත් බැ වෙන කරන්න දෙයක් නැති තැන අපි අත්වුණා.වැඩිකාලයක් නෑ දැන් සතියකට විතර කලින් අපි එතිරණේ අරන් ඇත්වුනේ තාමත් පිස්සුවගේ මටනම්...
     
    • Like
    Reactions: amila_90210

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0



    • තරු ගනිද්දී නුඹව පෙන්වූ හීනයේ ගිලිලා..
      සැපට ඉද්දී පැතුම් සේරම කළුවරේ බින්දා..
      මල් බිසෝවී මෙමට දුන්නු සතුට යළි ගත්තා..
      නුඹ පතා මං එක සිතින් පිදු ජීවිතේ මැරුණා
      :P:P



     

    samanale

    Member
    Oct 3, 2010
    2,314
    205
    0
    in my garden
    නුබේ සිත හිස් අහසක්...
    මගේ සිත කවි දහසක්....
    ලං නොවේ අප දෙදෙනා.....
    කවදාක හෝ සංසාරයේ.......
     
    • Like
    Reactions: amila_90210

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නොමි‍යෙන මල් මතක පෙතේ...
    එක එක බිඳ දැමුව හැටි...
    නෙතු අග තෙත රැඳුනෙ නිති...
    මගෙ වරදම වෙන්න ඇති...

    බොරු සිනහ සිතින්...
    ඔබ ඉන්නව නම්...
    තව කඳුලු කතා පවසන්නෑ...
    මේ කඳුලු මගේ දැන් දුක නෑ...

    මගෙ හීන‍යෙ ලඟ ඉන්නට ඔබ තවමත් නැතිවාදෝ...
    සිත් මාන‍යෙ දැවටෙන්නට මගෙ උනුහුම මදි වීදෝ...
    ආදරේ මට නම් ඇ‍යි විරහ සරදම්...
    ජීවිතේ මම නම් ඇ‍යි කඳුලු මෙතරම්...
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    සම කෝණී ත්‍රිකෝණයකි ඔබත් මාත් ඇයත් තිදෙන
    ඔබ එක මුල්ලක සිටියා ඇය තව මුල්ලක සිටියා
    නෙත් සතරක පහස ලබා මම මේ මුල්ලේ සිටියා
     

    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    ආදරයේ උණුසුම ලඟ දුක දැනෙන්නෙ නෑ
    දුක් කරදර නැති දවසට දුර පෙනෙන්නෙ නැ
    ජීවිතයේ හැමදාමත් සැප රැදෙන්න බැ
    සිනහවෙවී සිනහවෙවී කල් ගෙවන්න බැ..

    තොල් අග මදහස දල්වන
    ප්‍රාර්ථනා මල් පිඹිදෙයි
    ලෝකය උඩු යටිකුරු වී
    ප්‍රාර්ථනා වන් වැලලෙයි..
    සැමදා දුක සැමදා සැප නොමැති ලෝකයේ
    සිනහ නැගෙයි කදුල නැගෙයි එයයි ජීවිතේ..
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    ඉගිලී යන්නට පියාපත්
    නැත මා හට ඔබ මෙන්
    හෙට ආයෙත් දිනයක ඔබ ඇවිදින්
    මා රිදවා සතුටු නොවෙන්
    :P:P
     
    Status
    Not open for further replies.