පද පේලි .....

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සුන්දරයි ඔබ නිහඬ බැල්මෙන් මදෙස බැලුවා ම
    ඔබට ළංවී ළඟින් ඉන්නම් ඉතින් හැමදා ම
    පෙම්බරයි මගෙ හැඟුම් ඔබ ගැන නිතර සිතුවා ම
    ඔබ ම විතරයි මම පතන්නේ සසරෙ හැමදා ම

    ඔබ ව මට හරි දුර තමයි
    නමුදු මගෙ සිත ඔබ ළඟයි
    සොයා එන්නට මට හිතයි
    සුළඟ ඔබ ගැන තතු කියයි

    සුන්දරයි ඔබ ................

    ඔබ ව සිහිවී සිත හඬයි
    කඳුළු නෙතු අග ඉකිගසයි
    සිතේ සිතුවිලි ඔබ ගැනයි
    ඔබට මම හරි ආදරෙයි

    සුන්දරයි ඔබ ................


    ගායනය :- සතිශ් පෙරේරා
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    මාගේ මතකේ ඔබේ රුව ඇඳේ
    සුහද මා ජීවිතේ ඔබ සතුයි
    ඔබේ සුවඳ මන්මත් කරයි
    ඔබ මා හදේ සැරිසරයි......
    ...:love:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආදරේට වාසනාව නෑ මගේ ලොවේ
    වේදනාව දෑස පෑරුවා සැරින් සැරේ
    සුසුමේ කඳුළේ රන්දා බන්දා
    ආදරේ කරන්න ඕනෙ දෝ

    පැතුවාට දෙඩුවාට දෙවියන්ට කීවාට
    නොලැබෙයි හදේ ආදරේ
    ප්‍රේම සංසාරයේ මාගෙ පැතුමක් තියේ
    කා ගාවදෝ ආදරේ

    ආදරේට වාසනාව .......

    රළ හා ම හැපුනාට සිඳු ගාව මොර දී
    දියවැල් නොවේ ආදරේ
    පින්නෙ අරුණෝදයේ පිපුණු කුසුමක් ‍වගේ
    කා ගාවදෝ ආදරේ

    ආදරේට වාසනාව .......

    ගායනය :- අජිත් පෙරේරා
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    සිතින් විතරක්‌ පෙම් කරන්නම්
    දුරින් හිද ඔබ දෙස බලන්නම්
    ලංව ඉන්නට බෑ ඔබේ අපට අප හිමි නෑ ලොවේ
    ඔබට මා හිමි නෑ මටද ඔබ හිමි නෑ:no::no:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වෙන් වෙන්න දැන් ලඟයි
    වෙන් වෙන්න බෑ දුකයි
    අප සිත් අහිංසකයි
    කඳුළක් වගේ හඬයි

    ආදරයෙ සඳ දිලී හිත පුරා දැල්වුණී
    ඒ සඳ මිලාන වී නෙතු කඳුළු දෙන හැටී

    වෙන් වෙන්න දැන් ලඟයි .............

    මල් පිපෙන තරමට හිත සුවඳ වෙයි පෙම
    ඔබ නොදැක ඉන්නට මට බැහැ තනියි මට

    වෙන් වෙන්න දැන් ලඟයි .............



    ගායනය :- අසංග ප්‍රියමන්ත පීරිස්
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    භවයෙන් භවයේ.. අහිමිව හිමි වන
    නොපිරූ පරමිතාව පුරා..
    සමු ගනිමුද අපි අපේම වූ මතු
    භවයක යලි හමුවෙමුයි පතා...
    විදින්න දුන් ජීවිතය අරන් මම
    විදවන්නද මේ....
    භවය පුරා.......:love:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සීතල සරත් සමේ නැගි තරිඳාන...
    වි‍යරුනු ඝන අඳුරට පෙම් කෙරුවාද...
    කුමරි‍යෙ තනි ‍යහනේ නිදිවැරුවාද...
    තනිකර ආ මට තව පෙම් කෙරුවාද...
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    හැම දේ සිදුවේ මේ දිවියේදී
    හිරු එළියේ හිම දිය නොවේ
    උණුසුමේදි හිම වැටේ
    වැසි දියේ දෙසැම්බරයේ

    පෙම් කරමුද නොකරමුද නොදනිමූ
    කුමක් කරමුද නොදනිමූ
    ආදරය අහිමු වූ විට අවාසනාවයි කියන්නෙමු

    ලවාන්දා කඳුකරේ මලේ
    නිල්වන් මලේ අපෙ හමු වීම නුඹ හා
    කොතරම් කල් ගෙවුනත් මතකයි නුඹ හා මා
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    බිඳුනාද ලිහුනාද
    බැඳි ප්‍රේම හේඩාව
    කිසිදාක නොකැඩෙයි සිතූ
    හැඩුවාද තැවුනාද
    වැලපිලා තනිවීලා
    නැති වීලා කවුරුන් සතූ
    කිසිදාක නොකැඩෙයි සිතූ
    හිස්වෙච්ච හඳදෝ
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    කෑම එපා නෑම එපා බීමයි ඕනේ
    අද රෑටත් ඊයේ වාගේ ආප්ප ඕනේ
    නෝනේ මගෙ සුදු නෝනේ
    අයිස් බැදල කන්නට මට ඕනේ...

    මලින් පෙරී ගහෙන් බාල එන්නේ
    මුට්ටි පුරා තැන තැන උතුරන්නේ
    හොරෙන් හොරෙන් බොන්නමයි හිතෙන්නේ
    බොන අයමයි ඒකේ සොමිය දන්නේ...

    බාර් එකෙන් ආවත් මම බේරී
    ගෙදර ගෝරි නිතරම මගෙ බාරී
    බනින්එපා මගෙ සුන්දර මේරී
    ඔයාට සලකන්නම් හැමදාමත් රෑවී...
    :P:P:P
     
    • Like
    Reactions: Ereshaz77

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    කෑම එපා නෑම එපා බීමයි ඕනේ
    අද රෑටත් ඊයේ වාගේ ආප්ප ඕනේ
    නෝනේ මගෙ සුදු නෝනේ
    අයිස් බැදල කන්නට මට ඕනේ...

    මලින් පෙරී ගහෙන් බාල එන්නේ
    මුට්ටි පුරා තැන තැන උතුරන්නේ
    හොරෙන් හොරෙන් බොන්නමයි හිතෙන්නේ
    බොන අයමයි ඒකේ සොමිය දන්නේ...

    බාර් එකෙන් ආවත් මම බේරී
    ගෙදර ගෝරි නිතරම මගෙ බාරී
    බනින්එපා මගෙ සුන්දර මේරී
    ඔයාට සලකන්නම් හැමදාමත් රෑවී...
    :P:P:P

    ++:lol:
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    "ගිනි අඟුරු ගොඩේ පිච්චෙන රතු අමු මස් සුවඳට
    සැර බෝතල් වීදුරු ගැටෙනා කිරි කිරි සද්දෙට
    සුදු වැල්ල දිගේ දිග ඇදිලා කැමති හැටියට
    අපි එළි වෙනකන් බජව් දැම්මා හිතේ ජොලියට";);)


    -සුනිල් පෙරේරා-
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    අපි කතා නොකර ඉමු හිනා නොවී ඉමු ටික දවසක්
    අපි දෑසින් දෑසට ළංව බලන් ඉමු එක මොහොතක්
    කල්පයක් සේ දැනේ වී, කල්පයක් සේ දැනේ වී..
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    බඹරෙකු හැඬුවා

    මලක් ළඟදි බඹරෙකු හැඬුවා

    ඇහේ කඳුළු ඇති

    ඒ බඹරිඳු දැක

    හඬන්නේ ඇයිදෝ

    මල ඇසුවා..

    ළන්ඳ එහා ඇති

    ඕවිට පාමුල

    කේතකි මල මට බහ දුන්නා

    කවුදෝ ඇවිදින්

    එමල නෙලු බව

    ඉකිබිඳිමින් බඹරිඳු කීවා..

    ඇහේ කඳුළු නොව

    හිතේ කඳුළු දැක

    ඇයටත් හරියට දුක හිතුනා

    එහෙනම් මා වෙත

    පියඹා එන්නයි

    සෙනෙහෙ සිතින් ඒ මල කීවා..:rofl:

    <Neranjala Sarojini, Abewardana Balasuriya>
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපි කතා නොකර ඉමු හිනා නොවී ඉමු ටික දවසක්
    අපි දෑසින් දෑසට ලංව බලන් ඉමු එක මොහොතක්
    කල්පයක් සේ දැනේ වී
    කල්පයක් සේ දැනේ වී

    අපි කතා නොකර හිඳිනා ටික දවසට
    මල් පිපී පරව යන අරුමේ
    ඔබ හිනා දකිනට මල් පුසුඹ දිගේ
    කෙලෙස ද නෑවිත් ඉන්නේ

    අපි කතා නොකර ඉමු .....

    අපි ලංව බලන් ඉඳිනා එක මොහොතක
    මල් පුසුඹක් සේ ඔබ දැනුණේ
    මල් පුසුඹ සිබින්නට මා නෙලූ මලේ
    කෙලෙස ද නෑවිත් ඉන්නේ

    ගායනය :- ජානක වික්‍රමසිංහ
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    කුසුමි ලතා රේණු ලතා අනඟ කතාවේ
    හොරෙන් හොරෙන් මදෙස බලනවා
    වනන්තරේ නිරන්තරේ සඳුන් තලාවේ
    වරින් වරේ කැළුම් ගේනවා....

    සිත බැඳුනට කුසුමිට මගෙ සිත ඇය ලග නෑ රැදෙන්නෑ
    අපි හිතුවට කිසි දින හිත එක තැන තියෙන්නෑ තියෙන්නෑ
    හද පතුලේ මගෙ සිත ඇතුලේ
    ඔබ පමණය මට ඉන්නේ....

    නෙතු ගැටුනට හැමවිට රේණූට හිත ඉඩනෑ ඉඩක් නෑ
    ඇය හැඬුවට තැවුනට ඇගෙ හිත මට වැඩක් නෑ පලක් නෑ
    හද පතුලේ මගෙ සිත ඇතුලේ
    ඔබ පමණය මට ඉන්නේ....
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    මම අහන්නේනම් නැ රත්තරනේ
    දුක දරා ගත්තේ කොහොමද කියලා
    මට දුරින් උන්නු කාලේදී දැනුනා
    මං මට විතරක් අයිති නැ කියා
    මම අහන්නේනම් නැ රත්තරනේ

    හිස තියාන මා ලයමඬල පුරා
    උණු කඳුළු වලින් නම් තෙමන්නෙපා
    මගේ ලයේ කඳුළු ඇහැරෙන හින්දා
    දැන් හිනා වෙන්න මා දිහා බලා
    දැන් හිනා වෙන්න මා දිහා බලා

    මම අහන්නේනම් නැ රත්තරනේ...

    එක කඳුලට සීතල උනත් එදා
    අපි දෙකට බෙදාගෙන විඳගත්තා
    ඒ සීතල යලි නුඹ ළඟ තියලා
    රත්තරනේ මං යන්නෑ කිසිදා
    රත්තරනේ මං යන්නෑ කිසිදා

    මම අහන්නේනම් නැ රත්තරනේ .:D:D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔබ නොදැක ගෙවුණු එක මොහොතක්
    කල්පයක් තරම් මටනම්
    ආදරේ හිතට දැනුනා
    ඔබෙ රුව සිහිනෙන් දකිමින්

    දිගු වරල කඩා ඉහිරවමින්
    නෙත් කොනින් කියන රස කියමන්
    මුදු දෙතොල් සලා සනසවමින්
    ඔබ පාන සිනා මිණි පහනක්

    ඔබ නොදැක ගෙවුණු .............

    මා පතා උන්නෙ පෙර සසරෙත්
    ඔබ කියා සිතේ මට සැනෙකින්
    නෙතු පියන් වැසී යන දවසෙත්
    ඔබ පමණි සරණ මතු ස‍සරෙත්

    ඔබ නොදැක ගෙවුණු .............


    ගායනය :- ඉන්දික ප්‍රසාද්
     
    Status
    Not open for further replies.