පද පේලි .....

Status
Not open for further replies.

amandi3891

Member
Sep 10, 2008
3,524
216
0
"ඔබ එදා ඉඳන් කී දවසක් මා හැඬෙව්වද
ඔබ එදා ඉඳන් කී දවසක් මා නැලෙව්වද...
දිනකදි ලංවී දිනකදි ඈතට යනවා
දිනකදි එනවා තව දිනකදි හැංගෙනවා...."
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තනිව හඬන්නම් දුක මා තනිව විඳින්නම්
    තනිව සිතන්නම් සැමදා තනියෙන් ඉන්නම්

    නිහඬ රැයේ මා තනියේ
    නිදි නොලබා හිඳින වෙලේ
    මතකය මගෙ සිත හඬවාවී
    අදුරු ලොවක මා තිනිකර
    ඔබ හිනහේ වී

    තනිව හඬන්නම් ...........

    ඔබ දිවුරා මට කියු දේ
    අමතක වී ලද ළඳුණේ
    නෙතගින් කඳුළක් ගිලිහේවී
    ආදරයක් නොහඳුනනා
    ඔබ හිනහේ වී

    තනිව හඬන්නම් ...........


    ගායනය රොෂාන් ප්‍රනාන්දු
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    ඔබ හීනයක් හීනයක් වී හිදින්න

    මාගේ නෙතු දැහැනේ...
    මට ආදරේ ආදරේ කියන්න
    ආයෙත් හොර රහසේ...:angry:

    ජිවිතේ වේදනා... සුළගේ පාවුණා...
    ආදරේ කදුළු ගංගා... මල් වරුසාවක් උනා....
    ඔබ ආයේ ආයේ ආයේ ඇවිදින්... සිහිනයේ සැරසුවා...:love:

    රෑ අහසෙ සදවිලා ආවාද පායලා
    දැතෙ මාගෙ දැවටිලා ඉන්න
    ලගම හිනහිලා...
    ඔබ වසන්තයක් වි ඇවිදින්
    මා හද සනසලා...
    මුදු සුගන්දයක් වි මාගෙ
    සිත් පුරා ඉහිරිලා..
    :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ‍රිදවන්නෙපා මේ තරම්
    ඔබ ආදරේ මට නම්
    හඬවන්නෙපා මේ තරම්
    ඔබෙ ජීවිතේ මා නම්
    රිදවන්නෙපා මේ තරම්

    දොඩනා වදනේ හෙලනා බැල්මේ
    වෙනසක් ලකුණු වෙලා
    අහිතක් සිතුවේ වරදක් කීවේ
    නෑ මා කිසි දවසේ ලඳුනේ

    රිදවන්නෙපා මේ තරම් ..........

    කිසිදා නොපතමි අන් කෙනෙකුන් ගේ
    හදවත රැදි ‍සෙනෙහේ
    සසරේ සරනා මතු හැම භවයේ
    ඔබම ය පිළිසරණේ ලඳුනේ

    රිදවන්නෙපා මේ තරම් ..........

    ගායනය :- සෝමසිරි මැදගෙදර
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    හමුවීම ප්‍රේමය නොවේ

    වෙන්වීම ප්‍රේමය වගයි
    අපි පතා ආවා වගේ වෙන් වී යයි...
    ඔඛෙ සිහින වල මා හිඳී
    මගේ සිහින වල ඔබ හිඳී..:P
    :P
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    කියනු මැනේ
    සුර කුමරියේ මාගේ
    ඔබ ඉන්නා ඔය ලෝකේ
    එරෙහි වේවිද කවුරුත් මේ ලෝකේ වාගේ
    මා තනිව මෙසේ
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    දිලෙන පුරසඳ ලෙසින සොබනා රුවින මන බඳිනා
    මුවඟ විකසිත කෝල සිනහා ආල සිත් වඩනා

    Dilena Purasanda || Shalitha Abeywickrema
    දිලෙන පුරසඳ||ශාලිත
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    එපා යළි හමුවන්න ජීවිතේ ගමන් මඟ
    ඔබෙන් මට උරුම වූ වේදනා කඳුළු ගඟ
    හිරු සිනාසෙන ලොවක පැතුම් මල්‍ දෙවැට ළඟ
    ඔබේ ජීවන සුවඳ අරන් ඈතට යන්න..

    සංසාර ගමන් මඟ සෙනෙහස සොයා දිනක
    ආ ගමන නිමා කල ඔබේ හදවත ගාව

    සංසාරයේ යළිදු නවාතැන් සොයායන
    මගේ මළගමදාට ඇවිත් යන්නට එන්න..


    ~සුනිල් එදිරිසිංහ~
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    රෝස කුසුමක් පිපී
    නොවිදි සුවදක් දැනේ
    නොලද සුවයක් සදා පුබුදුවා
    සුවහසක් පැතුමන්
    රෝස කුසුමක් පිපී

    මා අවදි කර යහනින්
    ඔබ එබී හිනැහී කවුළුවෙන්
    කියා රහසක් සැළෙන දෙතොළින්
    නොනැගෙනා වදනින්
    නොහැගෙනා අරුතින්


    රෝස කුසුමක් පිපී ||සුනිල් එදිරිසිංහ
    Rosa Kusumak Pipie || Sunil Edirisinghe

     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    සංවේදනා මහාදේ දරා...


    සංවේදනා මහාදේ දරා
    මන් ඉන්නේ මුළු රෑම නොනිද නිදා
    පෙම් චේතනා ඇවිලී ගියා
    දුක් ගින්න මට දීලා ඔබ ගිය නිසා
    පවනේ පවා මුසු වී ගියා
    මං ගැයුවා දුක් ගායනා...

    ආකාසේ දෙදරා ගියා
    සද අහසේ ගිලුනා කියා
    මැ දෑස නොපෙනේ සදා
    ඔබ රුවම ඕනා නිසා
    සංසාරේ නිම්නේ පවා
    හමුවනේ ඔබවයි සදා
    ඒ මොහොත ලංවෙයි කියා
    මං ඉන්නේ නොමැරී තමා


    ගංගා පවා සිදිලා ගියා
    මං හෙලුව සුසුමින්ම වියලී තලා
    සයුරෙන්ගෙනා දිය‍රැල් පවා
    මහ දියබෙ මං නොදැන ගොලුවී සිනා
    සයනේ වෙලී තනිවී මෙමා
    ඔබ ගැනම සිතුවා එදා


    ආකාසේ දෙදරා ...

    ගායනය :- ශානේ සිං කරුනාරත්න:love::love:
    පද රචනය :- අයෝදයා ෆනෑන්ඩු
    සංගීතය :- චන්දන වල්පොල
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සෙනෙහස ඉල්ලා ලියතඹරා ලඟ
    හඬා වැටෙනවා මියැසි කැලක්
    කපුරු මලක පෙති සිඳ බිඳ දැම්මා
    මලට වඩා විෂ බඹර තුඩක්

    වැහි කළුවර ඇති හැන්දෑ සමයක
    තරු මල් පිපුනලු අහස ගැබේ
    දේව දූතයොත් හඬා වැටෙනවා
    පෙම් මල් ඉහිරුණු පාර දිගේ

    මාලනී බුලත්සිංහල || සෙනෙහස ඉල්ලා
    Malanie Bulathsinghala || Senehasa Illa
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    සතර වටින් කළු කරගෙන වහින වෙලාවේ
    මට මුවාවෙන්ට ගසකුත් නැති සැඳෑ වෙලාවේ
    අතර මගක සිටි මා කුඩේ යටින් කැන්දා
    ගෙදර ගිහින් ඇරලූ දා
    මතකයි අද වාගේ:love::love:
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    අද දීගෙක ගිය නුඹ මට බුලත් අතක් දීලා
    යන්න පිටත් වූ මොහොතේ මගේ දෙපා වැදලා
    එතෙක් සිනාවෙන් හිටි මා කොහෙදෝ තනිවීලා
    නෙතේ කදුළු සිරකරගෙන සිටියෙමි ඉවසාලා

    සුනිල් එදිරිසිංහ|| අද දීගෙක
    Sunil Edirisinghe|| Ada Deegeka
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    රෑට හීන මන්දාකිනි සඳ වත සරසා
    ගැටිස්සියක් මගේ ලෝකෙට හෙමිහිට වැඩියා
    පාට ගෑව පත්තිරුවක ගීපද ලියලා
    ගැටවරයෙක් මට මංගල ඇරයුමක් කරා
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    සීසීකඩ විසිරුණු සිතිවිලි
    දිය බුබුලේ නලියන පෙනකැටි වාගේ
    නැතිවැහ්.. :rofl:
    හුදකලාවෙ තනියම සිටියම
    සිහින ආකරේක වැටුණා වාගෙයි
    නිමක් නැහ්.. :oo:

    මොහොතින් මොහොතට ගෙවෙනා කාලය
    දැනෙනවා කාටත් එක විදිහට..
    ගිනියම් ඉර සඳ සිසිලස - අතරේ හොයනවා හොයනවා
    මේ.. අපි කවුරුද.. :cool:
    ගීයකි ලොව සිතුවම් කල - අතරේ අහනවා බලනවා ‍
    මේ.. අපි කවුරුද.. :P

    :rofl:
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    පරසිදු කරලියැද්ද
    දුව කිරුළස පැළැන්ද
    කුසුමාසන දේවිය දෝන කතරිනා
    දිග නම් ගම් මොකටද
    සිංහාසන කුමටද
    සෙංකඩගල ඇගෙ රජ මැදුර සමානා
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    හඬවන්නෙ ඇයි මාව රහසින්...
    සඟවන්න ඔය නුරා බැල්මන්...
    තහනම් හීනයේ.. දෑස යාවුනේ..

    සීමා නෑ.. මායිම් නෑ.. දෑසින් කී කථා..
    නිමා වෙන්නෙ නෑ...:rofl::rofl::rofl:


    Lyrics - Abhisheka Wimalaweera
     
    • Like
    Reactions: Malinga

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    එපා යළි හමුවන්න ජීවිතේ ගමන් මඟ
    ඔබෙන් මට උරුම වූ වේදනා කඳුළු ගඟ
    හිරු සිනාසෙන ලොවක පැතුම් මල්‍ දෙවැට ළඟ
    ඔබේ ජීවන සුවඳ අරන් ඈතට යන්න..

    සංසාර ගමන් මඟ සෙනෙහස සොයා දිනක
    ආ ගමන නිමා කල ඔබේ හදවත ගාව

    සංසාරයේ යළිදු නවාතැන් සොයායන
    මගේ මළගමදාට ඇවිත් යන්නට එන්න..


    ~සුනිල් එදිරිසිංහ~

    :eek::eek::eek:...........
     
    Status
    Not open for further replies.