හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

leeka

Member
Feb 26, 2008
4,755
649
0
Battaramulla
පෙරවදනක් නැති ආදරයක විරහාත්මක පසුවදන







පෙරෙදා, එ කියන්නේ සිකුරාදා පාන්දර 3:45 ආපු දුරකතන ඇමතුමෙන් මම විසිවෙලා ඇහැරුනා." මම තව විනාඩි 15 සර්ගේ ගේ ගාව ලෑස්තිවෙල ඉන්න .මම දැන් මහරගමින් පිටත් වෙනවා " . මල මගුලයි තිබ්බ එලාම් එක වැදිලා නැහැ.(කොහේ වදින්නද එලාම් එක තිබ්බ ෆොන් එක ඔෆ් වෙලා :baffled: ) කොහොමින් කොහොමහරි ලෑස්තිවෙලා රාජකාරි කටයුත්තකට ආයතනයෙන් දුන්නු සැප පහසු ;) වාහනයක හරිබරි ගැහිලා පෙරෙදා වැස්සත් අරගෙනම කොලඹින් නුවර බලා පිටත් උනේ.යන්න පිටත් උනාට මොකද නිදිමතයි .සීට් එකත් පාත් කරගෙන නිදාගත්ත මම හතර පස් පාරක් විටින් විට නින්දෙන් ඇහැරුනත් හරියටම ඇහැරුනේ වහනේ පේරාදෙණිය පාරට හරොනකොට ( ඔව් හොදට නින්ද ගිය :P )

මම දන්නේ නැහැ මම එ පලාතට මොකට එච්චර ලෝබ කන් කරනවද කියලා. පුදුමාකාර කියාගන්න බැරි සැහැල්ලුවක් දැනෙනවා. මට එතකොටම මතක් උනේ මීට අවුරුදු 2කට විතර උඩදි පේරාදෙනිය සරසවියට කරක් ගහපූ වෙලාවේ හිතට ආපු දේවල් ටික. මම පේරාදෙනිය සරසවියට යන්න තරම් පින් කරපු හාදයෙක් නෙමෙයි .එත් මට හිතුනා මෙතන ඉන්න උන් මේ පරිසරෙත් එක්ක ගනුදෙනු කරන්න , ගැවසෙන්න කොච්චර නම් පින් කරලා ඇත්ද කියලා . ඒ සරසවිය ඇතුලේ කරත්තයක් දක්කන්න :confused:(කෙල්ලෙක් දාගන්න :P) බැරි උනානම් එක ඒ මනුස්සයගේ ආත්මගානක් තිස්සෙ කරපු පවක් කියලයි මට හිතෙන්නේ :yes::yes: . සරසවි ප්‍රෙමය කොච්චර සුන්දරද සහ කොච්චර අමරණීයද කියලා ගිය අක්කල අය්යලා හොද හැටි දන්නවා ඇති;)
________________________________________________________________
ඔන්න කයිවාරු ගහල ගහල සින්දුවට එන්ටර් වෙන්නයි හදන්නේ.


හන්තාන කඳු පෙළ හඳට ආවඩා...
සරසවියට පිණි පොදක් වැටෙනවා...
මගෙ හද මැදුරට අඳුර ගලනවා...
බට්ටිත්තෙක් මගෙ දුකට හඩනවා...



භද්‍රජී මහින්ද ජයතිලකයන් අතින් රචනා වෙන මේ ගීතයට සන්ගීතය මුසු වෙන්නෙත් එතුමන් අතින්මයි. විදෙශයක ජීවත් වුනත් ලන්කාවෙ ජීවත් වෙන බොහෝ දෙන්නෙක්ට තමුන්ගේ කරගන්න පුලුවන් ගීතයකට පන පොවන්නට එතුමා හැකියාව ලැබුනා .

කෝ ඈ..
කොහෙද මගෙ රන් කිරිල්ලී..
ඇයිදො ගියෙ ඉගිල්ලී...
මා මෙහි හැරදා...
ඈතයි...
ඔබ ගියෙ දුර ඈතයි..
නිවහන මගෙ සීතයි..
එන්න යළි පියඹා...

මේ ගීතය නිර්මානය වන්නේ සරසවිය තුල බිහිවූ ප්‍රෙමය විරහවකින් කෙලවර වුනු වට පිටාවක් කේන්ද්‍ර කරගෙන. පෙර දිනවල සරසවිය තුල ප්‍රෙමයෙන් වෙලිලා ඒ ගත කල කාලය ,ඒ මතකය ඒ පෙම්වතියගේ වෙන්වීමෙන් මේ පෙම්වතාව තනි කරනවා. එ තනිය මේ පෙම්වතා බෙදාගන්නේ එ අවට කෑ ගහන බට්ටිත්තෙක් එක්ක.

මා මෙන් තනි උන බට්ටිත්තෝ..
ගොම්මන් අඳුරට බිය වීදෝ..
විරහ ගීය මගෙ ගයනවදෝ..
මා සනසන්නට හඩනවදෝ..


විරහව හිතට වද දෙනකොට සමහරු තනිවෙන්න උත්සහ කරත් සමහරු තනිවෙන්න බයයි. එ ඔවුන් තනිවෙන මොහොතක් ගානේ ඒ මියැදුනු ප්‍රේමයේ මතක හොල්මන හිත පුරා සැරිසරන නිසා. මේ බට්ටිත්තා කියන දේ මොහුට නොතෙරුනත් ඔහු අනුමාණ කරනවා තමුන්වගේම මේ කුරුල්ලත් තනිවෙලා එ දුක කාට හෝ ඇහෙන්න කෑගහනවා කියලා. එත් මේයට මේක තව විදිහකට පේනවා.එ මගේ අසරණ කම දැකලා මගේ හිතට අස්වැසිල්ලක් ගෙන දෙන්න මාව සනසන්න කරන උත්සහයක් හැටියට .

පියඹා යන්නට මට නම් බෑ..
ඈ සරසවියට එන්නෙත් නෑ..
ගග ලග පෙම් තොට පාළු වෙලා..
මල් පෙති බොර දියෙ මලින වෙලා...

බට්ටිත්තො නුබට නම් දෙයක් නැති උනාම පියබා යන්න පුලුවන් නැතත් තව ටිකෙන් නුඹ් එහේ කරාවි
.එත් මට එහෙම කරන්න බැහැ. මොකද දැන් ඈ මේ සරසවියට එන්නෙ නැහැ. වර්ථමානයේ ඈගේ නොපැමිනීමත් අතීත මතකයනුත් එක්ක වෙලුනු මේ පරිසරය මට සමුගෙන යන්න අවසර දෙන්න නැහැ

කෝ ඈ..
කොහෙද මගෙ රන් කිරිල්ලී..
ඇයිදො ගියෙ ඉගිල්ලී...
මා මෙහි හැරදා...
ඈතයි...
ඔබ ගියෙ දුර ඈතයි..
නිවහන මගෙ සීතයි..
එන්න යළි පියඹා..


මම අදටත් පුදුම වෙන්නේ
නුබේ නික්මයාමට හේතුව සොයාගන්න බැරුව. නමුත් මම දන්නවා නුබ දැන් මගෙන් ගොඩක් ඈතක ඉන්නේ .මම වෙලාවකට බොලදයි ද මන්ද . මොකද නුබේ නැවත පැමිනීම මගේ හිත බලපොරොත්තු වෙනවා.



 
Last edited:

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    මම අදටත් පුදුම වෙන්නේ
    නුබේ නික්මයාමට හේතුව සොයාගන්න බැරුව. නමුත් මම දන්නවා නුබ දැන් මගෙන් ගොඩක් ඈතක ඉන්නේ .මම වෙලාවකට බොලදයි ද මන්ද . මොකද නුබේ නැවත පැමිනීම මගේ හිත බලපොරොත්තු වෙනවා.



    :lol::lol:ඉතින් කෝල් එකක් දාපන්කෝ !! :P:rofl:
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    ඇත්තට ම බිරිද කියන කෙනා කොච්චර නම් ජීවිතයට සමීප ද කියන එක, මුළු අධ්‍යත්මයට ම දැනෙන ගායනයක් මේක. මම විශේෂයෙන් ම අගය කරන, මගේ හීනය බදු බිරිද තමා මේ ඉන්නේ. මේ අන්තිම පදය, අම්මා කෙනෙකු මිස නුඹ මගෙ බිරිද ලෙස-නොදැනේ ළගින් හිද මගෙ හිස සිඹින සද කියන පදය. ජීවන අත්දැකීමක්.
    බිරිද කියන චරිතය තුළ, ගැහැණියක ගේ සියළු ම චරිත ඉන්නවා, සහ තිබිය යුතුයි. බිරිදක්, මවක්, සොයුරියක්, මිතුරියක්, තම සැමියා රාගයෙන් දවන කාමිණියක්, .....මේ සියළූ ම චරිත රග දක්වන්ට පුළුවන් සැබෑ ජීවිතය තුළ සැබෑ ම බිරිදකට ම විතරයි. මොන තරම් අනියම් බිරින්දන් ඇසුරු කළත්, මේ සියළූ ම චරිත තුළ ඉන්න පුළුවන් අපේ ගෙදර එළිය කරන බිරිදකට විතරයි.මේ තමා සියළූ ම ස්වාමි පුරුෂයන් ගේ සිහිනය.......................

    නමුත් අවාසනාවකට ඒ සිහිනය සැබෑ වෙන්නේ, අප කි දෙනෙකු ගෙන් කී දෙනා ට ද????????????

    :yes::yes::yes:

    :love::love::love: සිහිනය සැබෑ කරගන්නට සිහින දකිමින්......!:love::love::love:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113


    මේ සින්දුව රිලීස් වෙච්ච ගමන් මට දැන් වූ දත් කිඹුලාට ස්තුති කරන්න ඕන !! කසුන්ගේ තවත් ලස්සන සින්දුවක් !! එළකිරි.කොම් වෙතින් රිලීස් වුවක් !! දැනෙන දේවල් නම් බොහෝය :(
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    [FONT=&quot]භාවයන් උළුප්පන්ට ගොස් ඇණ ගැනීම හෙවත්[/FONT][FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]පෙමින් බැදීමේ සුන්දරත්වයේ සටහන..................[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]සිතිවිළි සංගිළි පාලම[/FONT]

    Obe_Sitha_Ma_Sitha_Kasun.jpg




    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]කෙදිනක හෝ ඔබ සංගිලි පාලමක ගමන් කර තිබෙනවා ද? එය පුදුම අපූර්ව අත්දැකීමක් බව එය වින්දෝ දනිති. නමුත් එය අමු බියක් බවට පත් කර ගත්තෝ කිසිදා එම වින්දනය නොලබති. සංගිළි පාලමක යාමේ දී විදිය හැකි වින්දනය, බිය, ත්‍රාසය, උද්වේගය, සැකය, සතුට ආදී බොහෝ මානුෂ ආවේගයන් හි සම්මිශ්‍රණයකි.[/FONT]

    [FONT=&quot]රාගම මහ රෝහලේ උරස් සහ ඛන්තුක විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයාණන් වන රනිල් ජයසිංහ මහතාණන් ද මේ වින්දනය විදි අයෙක් බවට මේ පද මාලාව ම දෙස් දෙයි. නමුත් සියුම් ව විමසා බැලීමේ දී ආධුනික ගේය පද රචකයෙකු වන එතුමා අතින් මේ අත් දැකීම ප්‍රේමයක අළුත් අත්විදුමට උපමා කිරීමේ දී මතු කර පෙන්විය හැකි බොහෝ ප්‍රශස්ත, හදවත ආලෝලන කරන කරුණු මග හැරී ඇති බවක් පෙනී යයි.[/FONT] එසේම, වඩා හොදින් වැඩේ කරන්නට ගොස් එතුමා ඇණ ගන්නා සැටි ද පෙනෙන බව මෙහි සදහන් කරන්නේ කණගැටුවෙනි.

    [FONT=&quot]ඔබ සිත - මා සිත වෙන් කළ[/FONT]
    [FONT=&quot]සිතිවිළි සංගිළි පාලම[/FONT]
    [FONT=&quot]ඒ මේ අත වැනෙනා[/FONT]
    [FONT=&quot]චකිතය සිත දවනා.................[/FONT]

    [FONT=&quot]ප්‍රේමයෙන් බැදීමට බලා සිටින ප්‍රේමාන්ද්ව තරුණයෙකුට, ඇය කැමති වේ දෝ හෝ අකමැති වේ දෝ හෝ යන හැගීම සංගිළි පාලමක ගමන් කිරීමේ දී ඇති වන භාවයන් උපදවයි. ඒ තම ප්‍රේමය පිළි ගනී ද, ප්‍රතික්ෂේප වේ ද යන කරුණ මුල් කොට ගෙනය. රචකයා මේ තෝරා ගත් සන්දර්භය නම් මේ ඇති අස්ථිර ස්වාභවය ට හොදින් ම ගැලපේ. සමහර විට ඇය ඔහු ව ප්‍රතික්ෂේප කරාවිද යන අස්ථාවර සිතිවිල්ල ඔහු ගේ ද, ඔහු ඇය ව ප්‍රතික්ෂේප කරාවිද යන සිතිවිල්ල ඇය ගේ ද පැවතීම, දෙදෙනාම එකිනෙකාට සොරා එකිනෙකාට ප්‍රේම කරන අවස්ථා වලදී අප දැක ඇත්තෙමු. සංගිළි පාලමක ඇති දලනය වන ස්වභාවය, සීඝ්‍ර ලෙස චකනය වන ස්වභාවය මෙන් ම, බිය සහ චකිතය ද මේ හැගීම් සමුදාය ට ඔහු උපමා කරයි. චකිතය ([/FONT]uncertainty[FONT=&quot]) සිත දවන්නේ එබැවිනි.[/FONT]

    [FONT=&quot]ඇග සමබර කර - එන්නේ කොහොම ද[/FONT]
    [FONT=&quot]හමනා විට ආදරේ කුණාටුව[/FONT]
    [FONT=&quot]ඇද ගෙන වැටුණත් සිතට බියක් නම් නෑ[/FONT]
    [FONT=&quot]ඔබ ගේ සෙනෙහස දිය සුළියේ සිර වී [/FONT]
    [FONT=&quot]මා මියැදුණත් කමක් නෑ........[/FONT]

    [FONT=&quot]රචකයා අතිශය විරල සහ විශිෂ්ට තම උපමා ව ලෙස මේ රචනයේ යොදන්නේ මෙය ලෙස මා දකිමි. තමා කරන කියන දෙයට සිත අරමුණු කර ගත නොහැකිව, වෙළෙවිව, ප්‍රේමය හදවතේ දරා සිටින කාලය මෙය කියවන අපේ සොයුරන්ට මතක් කළ හැකි යයි සිතමි. තම හදවත තුළින් ම ආදරයේ කුණාටුවක් හමනා විට ඇග සමබර කර, එනම්, අනෙකුත් කටයුත් කාරණා ගැන අවධානය යොමු කරන්නේ කෙසේ ද යන්න ඔහු අසයි. නමුත් ඊළග පදයෙන් ම ඔහු මේ විශිෂ්ටතාවය ට පොලු පහරක් ගසයි. ඒ ඇද ගෙන වැටුණත් සිතට බියක් නම් නෑ...යන පදයෙනි.සංගිළි පාලමෙන් ඇද වැටීම, එනම් සිතිවිළි බිදී යාම, ප්‍රේමය පිළිබද සිතිවිළි බිදී යාම සිතට බියක් නොවන බව කියමින් මේ කලින් ඇති කළ මනෝභාවයන් ට අතුල් පහරක් නොවේ ද ගසන්නේ? ඊළගට එන්නේ ඊටත් වඩා ඕලාරික, සම්ප්‍රදායික ව හම්පඩ ගැසූ අදෝනාවකි. ඒ “ඔබේ සෙනෙහස නිසා මා මැරුණත් කමක් නෑ“ යන සම්පුදායික, විශිෂ්ට රචනා වන්හට තරම් නොවන, අතිශය ඕලාරික අදෝනාවය. මුල් පදයෙන් හද තුළ ඇති කළ භාවයන්, අහෝ හිරු දුටු පිණි මෙන් වියැකී යන්නේ මේ රචනා වේ ඇති මේ අව්‍යක්ත යෙදීම් නිසාය.[/FONT]

    [FONT=&quot]කීරි ගැහෙන කන් අයා සිටින්න ද[/FONT]
    [FONT=&quot]බිදෙනා විට පාලමේ රැහැන් පට[/FONT]
    [FONT=&quot]දෑස පියා ගෙන මං පියවර මැන්නා.....[/FONT]
    [FONT=&quot]ඔබ මා අතැගිළි හමුවූ විගසකිනා.......[/FONT]
    [FONT=&quot]අප සිත් වෙන් කළ පාලම බිදුණා...........[/FONT]

    [FONT=&quot]අවාසනාව දිගට ම ශ්‍රාවකයා ආක්‍රමණය කරයි. නැවතත් පෙනෙන්නේ අපේ හිත මිත්‍ර ශල්‍ය වෛද්‍යතුමා රසය උලුප්පන්ට ගොස් ඇණ ගෙන ඇති සෙයකි. මෙහි අවසන සිට කතා කළ යුතුය සිතමි. සිත දෙක වෙන් කළ පාලම බිදුණු විට ඇති වන්නේ තනි කරම පාතාලයක් නොවේද? පෙම්වතුන් දෙදෙනා ගේ අතැගිළි හමු වූ විගසින්, පැවති සංගිළි පාලම බිද වැටී පාතාලක් නිර්මාණය වනන්ට කටයුතු සැදෙන්නේ ඇයි? අතිශය සුන්දර ව ප්‍රේමාන්විත හදවතක නැගෙන හැගුම්, සංගිළි පාලමකට උපමා කොට පටන් ගත් මේ ගීතය, අතරමග අනා ගෙන ඇති සෙයක් නොවේ ද මේ? අපි මද මොහොතකට. රචකයා සමග එකග වෙමු. පළමුව කියා ඇති අයුරින්, සිය පෙම්වතිය කර ගන්නට සිතන යුවතිය මේ අස්ථිර සිතිවිළි පාලමේ ඇති රැහැන් තද කොට කඩා දමන විට ඇති වන හඩ, මේ රැහැන බිදෙන තෙක් බලා සිටින මේ තරුණයා ගේ සිත කීරි ගස්සන්නේ ඇයි? කීරි ගැසෙන්නේ බිය, ශෝකය. වේදනාව නිසා මිස. සතුට නිසා කීරි ගැසෙන සිත් ගැන ඔබ අසා තිබේද? අහෝ, භාවයන් අතිශයින් කුළු ගන්වන්ට ගොසින් ඇණ ගෙන ඇති ආකාරයේ ගැඹුර??????[/FONT]

    [FONT=&quot]අවසන දී පාලම බිදී යයි. ඒ පාලම බිදී යන්නේ පෙම්වතුන් දෙදෙනා හමු වූ විගසින් බව රචකයා කියතත්, මා නම් සිතන්නේ පාලම බිදෙන්නේ අප, එනම් රසිකයා පහල ඇති ගගට ඇද දමමින් බවය.[/FONT]

    [FONT=&quot] මුල් පද පෙලේ ගොණු වූ උපමාවේ ඇති නැවුම් බව නිසා ම මේ ගීතය යම් තාක් දුරට ජනප්‍රිය වුවද, අතිශය දුර්වල පබැදුමක් බව නම් නොකියා ම බැරිය. අපේ මිතු වෛද්‍යතුමා ගේ තුවාල වල මෙසේ ලුණු ඇතිල්ලීමට සිදුවීම ගැන මම අවංක ව කණගාටු වෙමි. මෙනයින් බලන කළ ගීතයට ඇති එකම ආලෝකය කසුන් ගේ භාවාන්විත කටහඩ පමණි. එය යම් පණක් මෙන් ම ආලෝකයක් ද ගීතයට ලබා දේ. නමුත් කසුන් ගේ මේ නුදුරු අතීතයේ දී නිකුත් වූ “නැවතී මෙතෙකින්“ වැනි ගීයක් සහ සැසදීමේ දී , මේ වා ගීත ද යන පැණය මහද තුඅළ ඇති වන්නේ නිතැතිනි.[/FONT]
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....


    මේ සින්දුව රිලීස් වෙච්ච ගමන් මට දැන් වූ දත් කිඹුලාට ස්තුති කරන්න ඕන !! කසුන්ගේ තවත් ලස්සන සින්දුවක් !! එළකිරි.කොම් වෙතින් රිලීස් වුවක් !! දැනෙන දේවල් නම් බොහෝය :(

    ජීවිතයේ වැඩි පුර ම වින්ද සහ අසා විදවපු ගීත අතලොස්සෙන් එකක් වුනේ මේ ගීතය එය මා වෙත ලැබුණු 05/09/202 දින දී මයි...............
    කෑ ගසා ඇඩුවා මතකයි. එදා බ්‍රහස්පතින්දා...වෙන කරන්න දෙයක් නැති තරම් අසරණ කමක් දැණු නු නිසා..................!!!!
    අකිලට සහ කසුන්ට මේ තරම් මාව සංවේදී කරන්නට පුළුවන් වන ආකාරයෙන් මා ගේ ජීවිතය ගැන මේ මිනිසුන් දෙදෙනා මෙතරම් දන්නේ කොහොමද????????
     
    • Like
    Reactions: rcccc

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    ජීවිතයේ වැඩි පුර ම වින්ද සහ අසා විදවපු ගීත අතලොස්සෙන් එකක් වුනේ මේ ගීතය එය මා වෙත ලැබුණු 05/09/202 දින දී මයි...............
    කෑ ගසා ඇඩුවා මතකයි. එදා බ්‍රහස්පතින්දා...වෙන කරන්න දෙයක් නැති තරම් අසරණ කමක් දැණු නු නිසා..................!!!!
    අකිලට සහ කසුන්ට මේ තරම් මාව සංවේදී කරන්නට පුළුවන් වන ආකාරයෙන් මා ගේ ජීවිතය ගැන මේ මිනිසුන් දෙදෙනා මෙතරම් දන්නේ කොහොමද????????
    :(:(
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    [FONT=&quot]භාවයන් උළුප්පන්ට ගොස් ඇණ ගැනීම හෙවත්[/FONT][FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]පෙමින් බැදීමේ සුන්දරත්වයේ සටහන..................[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]සිතිවිළි සංගිළි පාලම[/FONT]

    Obe_Sitha_Ma_Sitha_Kasun.jpg

    kibula budu wewa
    හොද radio show එකක් ආයි කරමු අයියා:yes::yes::yes:.වෙනදා වගේම maxaaa විචාරයක් rep 4++++:D:D:D
     

    user52

    Member
    Jan 25, 2012
    135
    36
    0
    [FONT=&quot]භාවයන් උළුප්පන්ට ගොස් ඇණ ගැනීම හෙවත්[/FONT][FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]පෙමින් බැදීමේ සුන්දරත්වයේ සටහන..................[/FONT]

    තවත් අපූරු විචාරයක් කිබුල අයියේ..........

    පෞද්ගලිකව මගේ අදහස අනූව ගොඩක් මෙවැනිවූ දුහුල් පදරචනාවන් බිහිවන්නේ තමන් විදින අත්දැකීම එවෙලේම අකුරු වලට පෙරලන්නට යාම නිසාවෙන් කියලයි........ මොකද ඒ වෙලාවේ රචකයාගේ සිත තුල රජ කරන්නේ බීජ වන සිදුවීමට වඩා ඒ සිදුවීම තුලින් ඇතිවන්නාවූ අතිෂය සතුට හෝ අතිෂය වේදනාව යන හැගීම වීමයි......
     

    user52

    Member
    Jan 25, 2012
    135
    36
    0
    ආසාවෙන් හිටපු වැඩසටහන අහන්නත් නෑ..............
    අනේමන්දා...... දවසක් කවුදෝ එකෙක් කියනව ඇහුන ජීවිතේ හරියට නෙල්ලි ගෙඩියක් වගේලු එක එක වෙලාවට එක එක රහ දැනෙනවලු...............
    ඒත් ඉතින් මගේ දිවේ අවුලක්ද නැත්තන් මට අහුවෙච්ච නෙල්ලි ගෙඩියෙ අවුලක් ද දන්නේනෑ ඔකේ තිත්ත රහට වඩා දෙයක් මටනම් දැනෙන්නෙම නෑ............ දැනිලත් නෑ..................
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ආසාවෙන් හිටපු වැඩසටහන අහන්නත් නෑ..............
    අනේමන්දා...... දවසක් කවුදෝ එකෙක් කියනව ඇහුන ජීවිතේ හරියට නෙල්ලි ගෙඩියක් වගේලු එක එක වෙලාවට එක එක රහ දැනෙනවලු...............
    ඒත් ඉතින් මගේ දිවේ අවුලක්ද නැත්තන් මට අහුවෙච්ච නෙල්ලි ගෙඩියෙ අවුලක් ද දන්නේනෑ ඔකේ තිත්ත රහට වඩා දෙයක් මටනම් දැනෙන්නෙම නෑ............ දැනිලත් නෑ..................
    දුක් නොවී ඉන්න දෙකම පටිගත කොට ඇත ඉක්මනින් ලබාදෙන්නෙමු.... :)
     

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    දුක් නොවී ඉන්න දෙකම පටිගත කොට ඇත ඉක්මනින් ලබාදෙන්නෙමු.... :)

    කාලෙකින් ඔයාගේ විචාරයක් කියවන්න ලැබුනේ නැහැනේ :(

    පුලුවන්නම් udaya shree ගේ 'මගේ හීනයේ' සින්දුව විචාරය කරන්නකෝ :rolleyes: