පද පේලි .....

Status
Not open for further replies.

coolnishan

Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    මා දෑසේ ආදරේ හැඟුම් ලියා තියා
    ඈ කව්දෝ මා හදේ හැඟුම් වශී කලා
    පාරාදීසේ මා දමා පාළුවේ ඈ ගියා.......
    :(
     
    • Like
    Reactions: amila_90210

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    This is for my True Lover...... miss u soo much baby.......................

    28bzbs0.jpg
     
    • Like
    Reactions: m3pium

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    පිනි වැටී මල් පිපෙනා මහ පොළවේ..
    අත් අල්ලාගෙන ඇවිදින්නට සංසාරේ..
    බලා ඉන්නවා තව දවක් එන තුරා..
    පියාණනී මං ඔබෙ ආදර දෝණී..
    :love:
     
    • Like
    Reactions: Malinga

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    අප ධජයේ ඉන්නා සිංහ පැටව්
    පැනයන්නට පෙර මෙරටින්
    පිට රටුන් දොරින් දොර සිඟා නොකා
    සිත අලස සුවය දුරරින් :oo:
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    කවුරුත් එන්නැති
    කවුරුත් දන්නැති
    මල් පෙති ඉහිරුනු මල් පාරේ
    දවසක හමුවෙමු
    හමුවී හිනැහෙමු
    හිනැහී වැලපෙමු අපි ආයේ.
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    ළමා වියේ කිරි සුවඳ ගියේ නැති
    ළමා වියේදී කසාවතක් හැඳ
    පොඩි හාමුදුරුවො පුංචිම කාලේ
    තනියම හිතිලද මහණ වුනේ

    සසර පුරුද්දක් හිතේ තියෙන්නැති
    පෙර සංසාරේ පිං කරලා ඇති
    පොඩි හාමුදුරුවො පුංචිම කාලේ
    තනියම හිතිලද මහණ වුනේ

    ළමා වියේ කිරි සුවඳ ගියේ...

    පොඩි හාමුදුරුවො වාගේ සුරතල්
    පුංචි ළමුන්ගේ කෙලි සෙල්ලම් දැක
    සන්සුන් ගමනින් කොහෙද වඩින්නේ
    සෙල්ලම් පිට්ටනි පසුකරලා

    ළමා වියේ කිරි සුවඳ ගියේ...

    ගායනය : මාලනී බුලත්සිංහල
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පිච්ච කැකුළු මල් මාලය කොන්ඩෙ පළන්ඳා
    සුවඳට වැල්ල දිගේ කෝවිල් ගිය තංගමනී නංගියේ
    අම්ම අප්ප කොයි ගිහින් ද ඇයි තනියම පන්සලේ
    අර සුවඳ හමන පිච්ච කැකුළු කෝ අද උඹෙ කොන්ඩයේ

    අම්ම අප්ප ගියා උදෙන් වැඩට මාළු වාඩියෙ
    මහ මුහුද ඇවිත් දෝරෙ ගියා වාඩියවත් නෑ එහේ
    වෙච්ච කරච්චල් කියන්න සාමිත් නෑ කෝවිලේ
    ලොකු හාමු‍දුරුවො අපට ඇවිත් ඉන්න කීව පංසලේ

    කැඩිච්ච කෝවිල හදන්න ටික දවසක් යයි නගේ
    අපි බුදු සාදුට වැඳල අහමු අම්ම අප්ප ගැන නුඹේ
    මෙච්චර කල් කවදාවත් පන්සලකට නෑ ගියේ
    අපි හැමදාමත් දුක කීවේ දෙවියන්ටයි කෝවිලේ

    දෙවියො බුදුන් කාටත් දුක තේරෙනවා එක වගේ
    අපි බුදුසාදුට වැඳල පස්සෙ කෝවිලටත් යමු නගේ
    ඒනම් මට කියා දෙන්න වඳින විදිය පන්සලේ
    බුදු සාදුට පූජා කරන්න පිච්ච මලක් නෑ අතේ
    අත්පොඩි දෙක එකට තියල වඳින ලෙසම කෝවිලේ
    සුදු අරලිය මල් පූජ කරමු ඒවත් සුවඳයි නගේ

    ගායනය :- හර්ෂණ දිසානායක හා කස්තුරි සූරියකුමාර්
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    වනයේ ගස්වල මල් ඵල සේරම..
    එහි නොතබා බිම හෙළුවේ..
    ඔබ දුන් සේරම යළි ඔබ අරගෙන..
    ලෝකෙට ඇයි දුක දුන්නේ..
    ඔබ දුන් දේ යළි ඔබ ගත්තේ..
    පහන ළඟයි ආලෝකේ දුරයි..:baffled::baffled:
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    උදේ හවා මල් පිදුවට බුදු කුටියේ
    අපි නිවන් යන්නෙ කොහොම ද ම‍ගෙ පොඩි මැණිකේ
    අපේ පැටව් ගියත් ගමේ නන්නත්‍තාරේ
    පුලුවන් ද මැණිකෙ නිවන් යන්න පැටව් පව් අපේ

    කැලෑසියෙන් කැලෑසියට යන්නට ඉහලට
    කොලීජියෙන් කොලීජියට දැම්මත් ලොකුවට
    අපි මොනව කරන්න ද මැණිකේ අපේ කරුමෙට
    නැහැදිච්ච එවුන් වුණේ අනේ අපේ පැටව් ම ද

    උදේ හවා මල් පිදුවට .....

    බත් මුට්ටිය තරහ වුණත් මොනව කරන්න ද
    බත් ගිලෙන්නෙ නෑ මැණිකෙ මගේ උගුරෙන් පහලට
    නෑදිච්ච එවුන් වුණත් අපේ දරුවො මරණ්න ද
    අපි උන්ව නිවන් අරිමු මැණිකෙ දීල අපේ පිණ

    උදේ හවා මල් පිදුවට .....


    ගායනය :- අසංග ප්‍රියමන්ත පීරිස්
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    සුදු හාමිනේ නුඹ කොතැනද අද දවසේ
    දීගෙක ගිහින් දරු පිරිවර මැද සුවසේ
    ලේලිය කැටුව මගෙ පුතු වෙන් විය රහසේ
    මං විතරයි තනියම දැන් මගෙ නිවසේ

    උඹලගෙ තාත්තා ඇත දුර බලාගෙන
    කවදා දූ-පුතුන් ඒදැයි පතාගෙන
    වේවැල් කැඩුනු පුටුවේ වක ගසාගෙන
    මං ඉන්නවා නෙතු කඳුළැල් දරාගෙන

    දරුවන් ඇඳුම් ඇඟැලුම් ගෙන සිඹින්නෙමි
    මනසින් එදා කෙළි සෙල්ලම් දකින්නෙමි
    මරණය දොරකඩට සපැමිණ සිටින්නෙමි
    ලේ කිරි පෙවූ දරුවන් දැක මියෙන්නෙමි


    -නන්දා මාලිනි-
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මිනින්දෝරු කන්තෝරුවෙ මුලාදෑණි ටික
    සුදු බණ්ඩි මගේ නිදා ඉන්න ඉඩම මනිනව ද
    ඈ ඇහැ අරේවි යන්න හොඳයි දම්වැල් අරගෙන
    තරහ අවසරයි යනව ද දම්වැල් අරගෙන

    පිං ‍කුඹුරු නෙළන කාලෙට මට හීල අරන් එන
    හිස විසාධියට තෙල් උලලා තොන්තුවා‍ වෙන
    රත්තරන් දෑත සුදු බණ්ඩිගෙ දෙනියේ පස් යට

    මිනින්දෝරු කන්තෝරුවෙ ........

    දෙයි හාමුදුරුවො දන්නවනම් දැන් ඈ නැති වග
    තෙල් පාන වුණත් නිවා දමයි සංහිඳ පාමුල
    වාවන් නෑ මේ දුරුත්ත සංසාරේ තනි මට

    මිනින්දෝරු කන්තෝරුවෙ ........


    ගායනය :- කරුණාරත්න දිවුල්ගනේ
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    අපිත් එක්ක සිටි අපේම යාළුවෝ
    නිවන් දකින්ඇති ඒ කාලේ
    මෙතේ බුදුන් දැක නිවන් දකින්නට
    පිං පුරවමු අපි සංසා‍රේ__________________:yes::yes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බුදුබණක් කියන්නට පුතු ගෙදර ඇවිල්ලා
    බුදු සුවඳ බුදු එළිය පැළ පුරා ඉහිරිලා
    බුදු පුතේ නුඹ දිනෙක බුදුවෙයන් කියාලා
    නියත විවරණ දෙන්න යමු මැ‍ණිකෙ නැගිටලා

    හැබැයි ඉස්සර වගේ මගෙ පුතේ කියාලා
    තුරුළු කර ගන්නනම් එපා ඉක්මන් වෙලා
    බත් කටක් කවන්නට හිත දියන් ලංවෙලා
    එපා සිල් ඇවැත් වෙයි මවු සෙනෙහෙ සිහිවෙලා

    බණ කතා කියන පුත හුරතලෙන් මුව විදා
    කඳුළු පිස දික නිවෙන බණ අසමු නෙතු පියා
    හැඟුම් නැති සිතින් පුතු දකින්නට දිරි පතා
    අපිත් විවරණ ලබමු වැටී වැඳ පුතු දෙපා

    බුදුබණක් කියන්නට ............


    ගායනය :- එඩ්වඩ් ජයකොඩි
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    හිනහ වෙවී අපි නැටුවට පොළවට වෙහෙස දැනෙනවාද
    කඳුලැලි දහඩිය ගැලුවට මහ කළු ගල් දිය වෙනවාද
    එනමුදු ඔබගේ බැල්මට කාගේ හදවත වාවයිද
    සිත ගිම් නිවන්න ඔබගේ යස උරහිස දෙනවාද

    ඉවාන් පවුලූෂා... ඉවාන් පවුලූෂා..
    .:P:P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම බොහෝ සේ පෙම් කළා
    හිත කියවන ඇස් දෙකට
    මගෙ අත්තටු සඟලේ උණුසුම
    කප්පරනේ ඔබෙ පෙමට
    සිත ගාවින් ඔබ රැඳිලා එවමි මගේ දිවිය
    රත්තරනේ ඔබද මගේ පිංවන්තම පෙම්වතිය

    සුසුමේ උණුසුම දැනෙනා තරමට
    සිටින්න මට ළංවී
    ඔබෙ සිත පොපියන සිතුවිලි හැ‍ම දේ
    මට පවසනු මැනවී
    කිරි සුවඳින් පැළ දෝවන් හැඩකරමු ද දිවිය
    පින් මදිවෙද රත්තරනේ ඔබ වෙන්න මගේ බිරිය

    මම බොහෝ සේ ...........

    අප වෙන්වී ගියොතින් මතු දිනයක
    හිත වාවනු බැරි වී
    උමතු ලෙසින් ජීවිතය ගෙවනු බෑ
    මරණය මට සැපකී
    ප්‍රේමය නම් ජීවිතයට කෙතරම් සුන්දර ද
    මුළු හදින්ම මටම ද ආදරෙ
    සංසාරෙ ම සුදු කෙල්ල

    මම බොහෝ සේ ...........



    ගායනය :- ලක්ෂමන් හිල්මි
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ගෙඩි සි‍ය‍යක් බිම හෙලුවත් අප්පච්චිට එක ගෙඩි‍ය‍යි..//
    අපි රැකෙන්නෙ ඒ ගෙඩි විකුණල‍යි හන්දි‍යේ...
    පුන්චි ලිඳේ වතුරට නාඬන්න නංගි‍යේ...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මානසික රෝගි‍යෙක් මේක අස්සට රිංගලා වගේ.:P:P:P

    කොහෙ ද? එහෙම ‍අයනම් ඉතින් ඉන්නව තමයිනෙ. ටික වෙලාවකින් එයාලයි එයාලගෙ පොස්ට් සේරමයි අයින් වෙනව. දැන් නෑ වගේ නේද එහෙම පොස්ට්? :rolleyes:
     
    Status
    Not open for further replies.