පද පේලි .....

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔච්චරට ම ආදරයක් කොහෙ ද තියෙන්නේ
    හිතාගන්න බෑ මට නම් පින්බර ළඳුනේ
    මටවත් ඔය විලසට නම් හිතන්න බැහැනේ
    ඔය තරමට හදවත ‍මෘදු කවුරුද කෙරුවේ

    හිත රිදෙන්න කිසිවක් නෑ ඔබගෙන් වෙන්නේ
    කියන වදන් කරන සැවොම මටම තමයිනේ
    මගේ සතුට ඔබේ සතුට ලෙසයි හිතන්නේ
    ඔච්චරට ම ආදරයක් කොහෙ ද තියෙන්නේ

    ඔච්චරට ම ආදරයක් ......

    පුංචි එවුන් ඇස් දෙක වගෙ තමයි බලන්නෙ
    හිරුගෙ සඳුගෙ කාලය නෑ වෙනසක් දැනුනේ
    පැමිණෙන දුක සැප විඳගෙන ළඟ ම හිඳින්නේ
    ඔච්චරට ම ආදරයක් කොහෙ ද තියෙන්නේ

    ඔච්චරට ම ආදරයක් ......

    ගායනය :- කුමාරසිරි පතිරණ
     

    Suhana Kapoor

    Member
    May 9, 2011
    19
    1
    0
    Gaha kola walata daahak as nethi hindaa..
    Sulagata Siumm dahak kan nethi hindaa..
    Kawadaawathma nuba mata nolebena hindaa..
    Muniwatha hodai debasin duka wedi hindaa....

    Nanda Malini
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    නෙතු පෙලන කැල්මේ සිනා සඳ පානේ
    ඔබ ඇවිත් මගේ ලඟින් ඉන්නවා වගේ දැනේ
    ඒ බලන බැල්මේ හදක හසරැල්ලේ
    අපි හදින් බැඳුන වග ලෝකයා නොම දනී :love::love:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නුඹේ උවන රෑ පුන්සඳ වගේ ම ය
    දිළෙන නයන තරු දෙකකට සමානය
    නුඹ මිස වෙන කවුරුත් මට එපා ම ය
    තරු නයනී සැමදා නුඹ මගේ ම ය

    නෙලුම් නෙලන පින්වන්තී වැවේ බැස
    සිතේ නෙලුම් පිපුණා නුඹෙ සෙනෙහෙ දැක
    නුවණ් අගින් හෙලනා එක කැල්මකට
    සිතේ වෙහෙස නැතිවෙනවා කල්පෙකට

    නුඹේ උවන .........

    පවන් රොදක පැටලී නුඹෙ සුවඳ පොද
    සෙමෙන් සෙමෙන් ආවා මා සොයාගෙන
    නිශා යමේ නුඹෙ රූ සිරි මවාගෙන
    මා ඉන්නම් නුඹෙ දෑත ම පතාගෙන

    නුඹේ උවන .........


    ගායනය :- ප්‍රියන්ක රම්මණ්ඩල
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    සෙනෙහෙන් නුවන් සැලෙන පිළිතුරු මබෙන් එනතුරා
    ප්‍රේම කූඩුවෙන් තනිවෙයි හඳත් ගොලුවෙලා
    මාන්නයට හඬන්න බැරි තව කෙනෙකුට කියන්න බැරි
    මට නොලැබේද ආදරේ-නොලැබේද ආදරේ...:oo::oo::confused:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අහස් ගැඹේ තරුකැට ගානේ
    පොළෝ තලේ වැලිකැට ගානේ
    නිල් සයුරේ රළ පෙළ ගානේ
    ආදරෙයි මං ආදරෙයි

    වදුළු සිරස පිපි මල් ගානේ
    විහඟ තුඩක කිචි බිචි ගානේ
    සිහින සිඹින මද නල ගානේ
    ආදරෙයි මං ආදරෙයි

    අහස් ගැඹේ .................

    පිපෙන මියෙන හිරු සඳු ගානේ
    සිතෙහි පිරෙන සිතිවිලි ගානේ
    සිහින ගෙනෙන හැම රෑ ගානේ
    ආදරෙයි මං ආදරෙයි

    අහස් ගැඹේ .................


    ගායනය :- චරිතා ප්‍රියදර්ශනී පීරිස්
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    මම මොකුත් කියන්නෙම නෑමයි...
    හිත රිදෙන කතන්දර බෝමයි...
    ඔබව තේරුම් ගන්නම බෑමයි...
    වෙන් වෙන්න හිතන්නෙත් ඔබමයි...
    වෙන් වෙන්න හිතන්නෙත් ඔබමයි...:confused::confused::confused:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මට හිමි නැති ආ‍දරෙ ඔබෙ
    වෙනකෙකු වෙත යා නම්
    ඉවසන්නම් මතු භවයෙදි
    මා වෙත එනවානම්

    පැතූ පැතුම් නිමක් නැතේ දුටුව දා එදා
    සිහින මැදුරු ඉටු වූවා එක රැයක් පුරා
    හිමිවන්නට මගෙයි කියා සිත කියපු කථා
    වරින් වරේ ඔබට කීවෙ පිළිගනියි සිතා

    මට හිමි නැති ..............

    සිතට වහල් වෙලා වගේ මනස ඔබ නිසා
    විඳවනව ද කොතරම් මා නින්දෙදී පවා
    ඒත් ඉතින් ඔබෙ සිත වෙන කෙනෙකු ළඟ නිසා
    ඉවසන්නම් තනිවෙන්නම් පෙර ලෙසින් මෙමා

    මට හිමි නැති ..............


    ගායනය :- අජිත් මුතුකුමාරණ
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    මතකයන් අමතක කෙරුවත්
    අමතක වෙන්නේ නෑ..
    ඔබ එපායයි මට සිතුනත්
    එපා වෙන්නේ නෑ..
    යලි ඒවියයි සිත කීවත්
    ඔබ යලි එන්නේ නෑ..
    සිත පුරා ආදරේ කරන්නට
    මට දැන් කව්රුත් නෑ..:love::love:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම අහසක් වෙන්නම්
    ඔබ මගේ සඳ වෙන්න
    මම නටුවක් වෙන්නම්
    ඔබ මගේ මල වෙන්න
    මම සයුරක් වෙන්නම්
    ඔබ කිඳුරිය වෙන්න
    මම පණ හරි දෙන්නම්
    ඔබ මගේ සඳ වෙන්න

    සයුරේ ජල කඳ තරමට සෙනෙහස දෙන්නම්
    ගඟනේ තරු කැට ගණනට සෙනෙහස දෙන්නම්
    පොළොවේ වැලිකැට ගණනට ආදරෙ වෙන්නම්
    අතිනතගත් පසුවත් මා මේ ලෙසට ම ඉන්නම්

    මම අහසක් වෙන්නම් .....

    මට මෙන් වෙන හිතකට ඔයා ආදරෙ ඇත්නම්
    ඒ ආදරෙ මගේ පෙමට වැඩිය දැනෙනව නම්
    ඔහුගේ ළඟ මටත් වඩා ඔයාට සෙනෙහස ඇත්නම්
    ඔබට හොඳක් වෙන්න සිතා මං තනිව ම ඉන්නම්

    මම අහසක් වෙන්නම් .....

    ගායනය :- ගැලැක්සීස් සංගීත කණ්ඩායම
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    මහා හිමයේ නදී තෙරක
    හිම පතනය රැඳුන තැනක
    උණුසුම් වූ පොරෝණයක
    ගුලි වෙන්නට නිහඬ රැයක
    ඔබ එනවද ... ඔබ එනවද මාත් එක්ක

    දියඹට තරු කැට වැටිච්ච
    හැන්දෑවක ඉර ඉදිච්ච
    හදාගන්න හිත තැලිච්ච
    කියන්න ගී පද නිවිච්ච
    ඔබ එනවද ... ඔබ එනවද මාත් එක්ක

    වන විහඟුන් ගයන වයන
    උයනක මල්වලට ඇරුන
    සොඳුරු වචන අමුණ අමුණ
    ඇවිදින්නට මුමුණ මුමුණ
    ඔබ එනවද ... ඔබ එනවද මාත් එක්ක

    ඔබ එනවද ... ඔබ එනවද මාත් එක්ක
    ;):D
     

    sunjayasri

    Well-known member
  • Apr 29, 2009
    1,054
    238
    63
    Srilanka
    සීතම සීත හිම කාලේ
    සුදෝ සුදු හිම වැස්සේ
    ඔබේ දෑත් පැටලිලා
    ඈත එපිට හිම යායේ
    තනිවෙන්න සිප ගන්න ආසයි
    මගෙ හිම කුමරී ....

    Jaya Shri
    :)

    ඒ කාලෙ අපි නලවපු සිංදුවක්... Thanks... :)
     

    sunjayasri

    Well-known member
  • Apr 29, 2009
    1,054
    238
    63
    Srilanka
    රතු මල් ගව්මේ දැවටිලා..සුලගින් පාර අසාලා...
    සත්තයි අදරේ කියාලා...සිහින ඉමේ ඔබ නවතිනවා...

    රතු මල් ගව්මේ දැවටිලා..සුලගින් පාර අසාලා...
    සත්තයි අදරේ කියාලා...සිහින ඉමේ ඔබ නවතිනවා...

    දග නොකරන්නම්...සනසන්නම්...
    ලමැදේහි ඔබ සත පන්නම්....
    ඔබ මා ලග ඉන්නවනම් රත්තරනේ..
    මන් හරි අදරෙයි...එහෙනම්....

    රතු මල් ගව්මේ දැවටිලා..සුලගින් පාර අසාලා...
    සත්තයි අදරේ කියාලා...සිහින ඉමේ ඔබ නවතිනවා...

    පිනි බින්දුවක් ගෙනල්ලා...
    මුතු කොට්ටයක් සදාලා...
    සත්තයි අදරේ කියාලා..
    සුවසේ සිරියහනේ...ඔබ සතපනවා...

    රතු මල් ගව්මේ දැවටිලා..සුලගින් පාර අසාලා...
    සත්තයි අදරේ කියාලා...සිහින ඉමේ ඔබ නවතිනවා...

    රතු මල් ගව්මේ දැවටිලා..සුලගින් පාර අසාලා...
    සත්තයි අදරේ කියාලා...සිහින ඉමේ ඔබ නවතිනවා...

    Malith Perera - Rathu Mal Gaume
     
    Last edited:

    sunjayasri

    Well-known member
  • Apr 29, 2009
    1,054
    238
    63
    Srilanka
    ඔබ මගේ වෙලා...මගෙ ලගට වෙලා...
    නිවාඩු පාඩුවේ කියන්න අදරේ කියා..
    අදරේ කියා.....
    සද මඩලවෙලා....තරුලගට වෙලා...
    කියා දෙන්න ආදරේ කියා...
    කියා දෙන්න ආදරේ කියා...

    මල් පිහාටුවක් නෙල්ලා...
    නිල් වරල සරසවා...
    හිත පුරාම අදරේ අරන්...
    කියා දෙන්න ජිවිතේ තරම්...
    කියා දෙන්න ජිවිතේ තරම්...

    ඔබ මගේ වෙලා...මගෙ ලගට වෙලා...

    තුනු විලම මලින් සරසා...
    මල් විලම කලබලා...
    ඔබ ඉර හද ජීවිතතේ අරන්...
    කියා දෙන්න ආදරේ තරම්...
    කියා දෙන්න ආදරේ තරම්...

    ඔබ මගේ වෙලා...මගෙ ලගට වෙලා...
    නිවාඩු පාඩුවේ කියන්න අදරේ කියා..
    අදරේ කියා.....
    අදරේ කියා.....
    සද මඩලවෙලා....තරුලගට වෙලා...
    කියා දෙන්න ආදරේ කියා...
    කියා දෙන්න ආදරේ කියා...

    Oba Mage Wela - Mangala & Kushani
     
    • Like
    Reactions: amila_90210

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මහා හිමයේ නදී තෙරක
    හිම පතනය රැඳුන තැනක
    උණුසුම් වූ පොරෝණයක
    ගුලි වෙන්නට නිහඬ රැයක
    ඔබ එනවද ... ඔබ එනවද මාත් එක්ක

    දියඹට තරු කැට වැටිච්ච
    හැන්දෑවක ඉර ඉදිච්ච
    හදාගන්න හිත තැලිච්ච
    කියන්න ගී පද නිවිච්ච
    ඔබ එනවද ... ඔබ එනවද මාත් එක්ක

    වන විහඟුන් ගයන වයන
    උයනක මල්වලට ඇරුන
    සොඳුරු වචන අමුණ අමුණ
    ඇවිදින්නට මුමුණ මුමුණ
    ඔබ එනවද ... ඔබ එනවද මාත් එක්ක

    ඔබ එනවද ... ඔබ එනවද මාත් එක්ක
    ;):D
    දීපිකා නේ? Mp3 please :rofl::frown:
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    පාළුව වී අද මගේ හඬවන්නෑ ජීවිතේ..
    ඔබ දන්නේ...
    අද මා ඔබේ නමින් තනිවෙන්නෑ.:P:P
    ..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේ ගංඟාව නුඹ වගෙයි මං ගාව නොනවතියි
    හන්තානෙ හැපි හැපී නොදුටුවා වගෙ ගලයි
    දඟකාරකම් වැඩියි හැඩකාර ඒ නිසයි
    මනමාලකම් නොවෙයි මං ඇත්තට ම ආද‍රෙයි

    සංසාරෙ හමුවෙලා අපි පැතූ ඒ පැතුම්
    ගං දෑලවර හැපී නිංනාඳ දෙනු බලන්
    මං ගාව නොනැවතී නොදුටුවා වගෙ ගියත්
    හිත ගාව නැවතිලා මට නින්ද නෑ ඉතින්

    මේ ගංඟාව නුඹ වගෙයි ...............

    එක ‍දිනෙක හරි යසයි තව දිනෙක හරි වසයි
    ගංඟාව නුඹ වගෙයි මං කීවෙ ඒ නිසයි
    මං ගාව නොනැවතී නොදුටුවා වගෙ ගියත්
    හිත ගාව නැවතිලා මට නින්ද නෑ ඉතින

    මේ ගංඟාව නුඹ වගෙයි ...............


    ගායනය :- ශාන්ත ජයලත් තිසේරා
     
    Status
    Not open for further replies.