පද පේලි .....

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තව එක සැරයක් ඔබ හමුවන්නට ඇතිනම්
    නොසඟවා පවසන්නම් ඔබට ආදරෙයි මං
    නැහැ ඉවසිල්ලක් සිත ඔබ විමසනවා දැන්
    කුමක් කරන්න ද මං ඔබට ආ‍දරෙයි නම්

    විලේ නෙළුම් මල් කොපමණ තිබුණත්
    එක මලකට පෙම් කරමි සිතින්
    නෙලන්න ආසයි දෝතින් ඒ මල
    මගේ ම වන්නට හැමදාමත්

    තව එක සැරයක් .........

    පාලුව තනිකම මට වධදෙන විට
    කෙලෙස ද මා එය ඉවසන්නේ
    ළඟින් නොසිටියත් දෙතැනක සිටියත්
    ඔබේ සුවඳ මා ළඟ රැඳුණේ

    තව එක සැරයක් .........


    ගායනය :- රොෂාන් ෆ්‍රනැන්ඩු
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    ඔබ දැකගැනීමේ
    අරමුණ දිවා රැයේ
    දෙ ඇසේ කැවී කැවී
    වැලි ලෑ විලාසේ
    ඔබ දැකගැනීමේ

    සෙනෙහේ වරුසා වැටී
    ඔබ හමුවේ
    සතුටේ රිදී තිරේ
    සිත පාවේ
    ලොව කැළඹුනාවේ
    ඒ සුළු වෙලාවේ
    අපි ඉමු කතා නැතී
    දරුවෝ විලාසේ

    ඔබ දැකගැනීමේ...

    දවසේ තුන් යාමයේ
    ඔබ ඇසුරේ
    පසු වී නොයා බිඳී
    අද වාගේ
    විසුමට කොහේ හෝ
    මේ මිහි තලාවේ
    හෙවණක මුවා වෙමූ
    මිහිරේ පමාවේ

    ඔබ දැකගැනීමේ..:P


    ගායනය - නිරංජලා සරෝජිනී
     

    Thara85

    Member
    Aug 24, 2012
    717
    166
    0
    41
    Athurugiriya
    මා දෑසේ වේදනා
    ඔබ දෑසේ පෙම් සිනා
    එනමුදු මගේ හදේ
    නෙත වෛර චේතනා...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සුදු මූණ දැකගන්න ඉන්නේ බලා
    මම ආදරෙයි මම ඔබේ පෙම්වතා
    ඔබ ලැබුනෙ මාගේ පෙර පින නිසා
    රැකගන්නවානේ දිවි ඇති තුරා
    ම‍ට ඔබෙ ආදරේ සෑමදා වාසනා

    රැය නින්ද නෑනේ ඔබ ගැන හිතන්නේ
    සිත ඈත යයි පාවෙලා
    තරු කැකුළ මාගේ ඔබ දෙව්ලියක් සේ
    මගෙ නෙතු පිනයි රෑ පුරා

    සුදු මූණ දැකගන්න ...............

    සඳ පහන වාගේ සුදු මූණ ඔබගේ
    පින්වන්තියේ වාසනා
    පෙරුමන් පුරන්නේ රැකගන්න සෙනෙහේ
    ඔබෙ ආදරේ තේරුනා

    සුදු මූණ දැකගන්න ...............


    ගායනය :- දමිත් අසංක
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    ඔබට තියෙන ආදරේ කියා ගන්න බෑ
    ඔබට තරම් මේ වගේ කාටවත්ම නෑ
    සසර සරණ තුරු ලොවේ...මෙහෙම ඉන්න බෑ
    ඔබට දුන්නු ජීවිතේ...නැවත ගන්න බෑ:)

    කල්ප ගණන පෙරුම් පුරා සොයා අවේ මා
    වැටෙන වැටෙන හැම කදුලම උරුම මට නිසා
    විදිමි මම සදා:no::no::no:

    ඔබට තියෙන ආදරේ කියා ගන්න බෑ
    ඔබට තරම් මේ වගේ කාටවත්ම නෑ
    සසර සරණ තුරු ලොවේ...මෙහෙම ඉන්න බෑ
    ඔබට දුන්නු ජීවිතේ...නැවත ගන්න බෑ:P

    හීන ඇතත් හීන් සැරේ තියා ගත්තේ මා
    රිදෙන රිදෙන හැම මොහොතම
    මටම හුරු නිසා
    ඉදිමි නෙතු වසා.
    :sorry::sorry::sorry:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔය ඇස් පියාන ඔ‍හොම ඉන්න
    ‍රහසක් තියනව කියන්න
    රහස ඉවර වුණත් එපා
    මං යනතුරු ඇස් අරින්න

    ලැජ්ජයි බයයි ගැහෙයි
    හදවත දෙතොල වියලිලා
    දෑත සීතලයි සිහියත් අඩක් අඩුවෙලා
    වැඩක් පලක් කරන්න බැරි
    නින්ද ඇතත් නිදන්න බැරි
    මේ අරුමය ද ආදරේ

    ඔය ඇස් පියාන .....

    ස්නේහෙන් නුවන් සැලෙන
    පිළිතුරු ඔබෙන් එනතුරා
    ප්‍රේම කෝඩුවෙන් තනිවෙයි
    හදත් ගොළුවෙලා
    මාන්නයට හඬන්න බැරි
    තව කෙනෙකුට කියන්න බැරි
    මට නොලැබේ ද ආදරේ

    ඔය ඇස් පියාන .....

    ගායනය :- කිත්සිරි ජයසේකර
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    කිරි කෝඩු හිතට ආල නුඹේ දෑස යාවුනා
    මගෙ කෝල කමට ලෝල හැඟුම නුඹට පේවුණා

    සබදෙ සුවඳේ කුඵඳුල් ආදරේ
    උතුරා ගැලුවේ අම මී ජීවිතේ

    කිරි කෝඩු හිතට ආල නුඹේ දෑස යාවුනා
    මගෙ කෝල කමට ලෝල හැඟුම නුඹට පේවුණා

    සුපෙම් නුවන් විමසාවි රූ අඳුන් දසුනින් දුරයි කියා

    ඔය පෙම් තෙපුල් මදහාස පෑ සිනා
    ළය ගිම් නිවූ සිහිලාර වෑහුණා
    මතු මා පැතු - කිසිවක් නොවේ
    සැනසීම වේ ආදරේ

    සිතුම් පැතුම් ඉටුවේවි වාසනා
    අඳුරෙන් මිදී සඳ එ්වි පායාලා
    ඔබ මේ පිදූ සෙවණේම ඈ ඳිලා
    මගෙ ජීවිතේ නවතීවි පා සිනා
    මෙතුවක් ලැබූ කිසිවක් නොවෙි
    සැනසීම වේ ආදරේ:love::love:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සුවඳයි ඔබේ සුසුමන් දැනෙනා
    දිලිසෙයි ඔබේ දෙනුවන් විදහා
    විහිදෙයි ඔබේ කෙහෙරැල් ලෙළෙනා
    දිදුළයි ‍ඔබේ දෙකොපුල් සරනා
    ඉන්නම් සැමදා තුරුළේ සහනා

    මාගේ සිත් නෙත් සයුරේ
    ඔබෙ ආදර හසරැලි නැඟුවේ
    මාගේ හද මැදුරේ ඔබේ රුව සිතුවම් වුණේ
    සිත අවනත නෑ අද මටනම්
    හිත සනසන රූ අද ඔබනම්
    සැමදා ඔබ මගෙමයි සහනා

    සුවඳයි ඔබේ...........

    සඳරැස් වැටිලා ඔබ දෙතොලේ
    සුරතල් සිනහා ඔබෙ රුව ගේ
    ඔය කම්මුල් පෙතිවල ලිස්සී
    සිප තුරුළට ගෙන තව ළංවී
    ආදර සයුරේ අප නැලවී

    ඔය කම්මුල් පෙතිවල ලිස්සී
    සිප තුරුළට ගෙන තව ළංවී
    සැමදා ආදර සයුරේ අප නැලවී
    මනමෝහන කරවන දෙනුවන්
    ගත සෝභන විසිරුණු හැඟුමන්
    නිරතුරු ඉන්නේ මගෙ සහනා

    සුවඳයි ඔබේ...........


    ගායනය :- ප්‍රභාත්, ශමීර් හා නාධිනී
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    මගෙ සිහිනේ ඔබයි
    තනි යහනේ නොවේ ආදරයේ
    හද උණුසුම ඔබයි

    ඔබෙ සෙනෙහේ මගේ
    තනි යහනේ නොවේ ආදරයේ
    ඔබ මුතුලැල් වටී

    මගෙ සිහිනේ ඔබයි
    ඔබෙ සෙනෙහේ මගේ
    තනි යහනේ නොවේ ආදරයේ
    හද උනිසිම ඔබයි

    මල් පැන් පොදක්, කිනිත්තක් අගින්
    ඉසින්නා වගේ මට, ඔබේ ආදරේ
    නෙළුමක්, නෙළුමක්, අරං:love:

    ඔබගෙන් තරම්, ලැබූ පෙම් වදන්
    ඉතින්, ආදරෙයි නම්, බොහෝමයි හැඟුම්
    අහසක්, අහසක් තරම්:love::love:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සුරතල් සිනා පාන
    කෙලිලොල් කථා කියන
    නුඹ මාගෙ තුරුලේ වෙලී
    සිත්තම් කළේ ඔබගෙ
    කුළුඳුල් සෙනේ නේද
    මාගේ හදේ සෙනෙහසින්

    ඔබමයි සදා මගෙ ජීවිතේ
    මගෙමයි සදා ඔබෙ ජීවිතේ
    වස්සානයේ පෑයු දේදුන්න සේ
    ‍සොඳුරේ ඔබගේ හදේ රිද්මය මමයි
    සැමදා මමයි

    සුරතල් සිනා පාන ...............

    සංසාරයෙන් සංසාරයේ
    අප පෙම් කවේ රිද්මය ඇසේ
    කතරේ කඩා වැටුණ පිණි බිඳුව සේ
    සොඳුරේ ඔබගේ හදේ රිද්මය මමයි
    සැමදා මමයි

    සුරතල් සිනා පාන ...............


    ගායනය :- ගැමුණු ෆ්‍රනැන්ඩු
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    රොන් සුවඳ ගෙන මල් පියලි මත පාව යමු රෑනේ
    ඇල් පවන් මත නිම්තෙරක් නෙත මත් බිගුම්වාගේ
    ජීවිතේ හරි සුන්දරයි ආදරය එහි මල් මිටයි
    ඉන්නවානම් මා ළගින් කොයිතරන්නම් සොදුරුද මිහිරී...

    රොන් සුවඳ ගෙන මල් පියලි මත පාව යමු රෑනේ....:lol:

    මල් වයසේ නිදි නැති ඇස් පියන් යට
    ආල හැගුම් පිබිදෙයි උස් පැතුමකට
    හිරිමල් සිතිවිලි කලබා රත්තරනේ ඔබ සිත තුල රහසේ....

    රොන් සුවඳ ගෙන මල් පියලි මත පාව යමු රෑනේ....

    මල් වරුසා වැගිරෙන මේ සිසිල යට
    හීන ලොවේ දොරගුල් දැන් ඇරෙනවද
    නිහැදැලි පතුමක සැගවී
    රත්තරනේ ඔබ හිටි හැටි මනසේ....

    රොන් සුවඳ ගෙන මල් පියලි මත පාව යමු රෑනේ
    ඇල් පවන් මත නිම්තෙරක් නෙත මත් බිගුම්වාගේ
    ජීවිතේ හරි සුන්දරයි ආදරය එහි මල් මිටයි
    ඉන්නවානම් මා ළගින් කොයිතරන්නම් සොදුරුද මිහිරී....


    රොන් සුවඳ ගෙන මල් පියලි මත පාව යමු රෑනේ....:lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දඟකාර සිහිනේ පිංවන්ත කුමරී මට කෝලකම් පෙන්වනා
    සඳකින්නරාවී හසකැන් මවාවී ඔබදෝ මගේ අංගනා
    පැතුමන් ‍ඔහේ පාවෙලා මැවුණා හදේ රූ රටා
    ආසයි ළඟින් ඉන්න මට ළංවෙලා
    පෙරුමන් පිරූ දෑස මට ළංවෙලා

    සොඳුරුයි හදේ දැන් සුපෙම් කල්පනා
    ඔය දෑස මට ආදරේ පැවසුවා
    සඳපාන වාගේ ඔය මූණ ඔබගේ
    සොඳුරුයි ළඳේ සෑමදා
    සෙනෙහේ මැවූ ඒ හසඟන විලාසේ
    මම ආදරෙයි සෑමදා

    දඟකාර සිහිනේ ...........

    සිතුවම් ඇඳී යයි ඔහේ පාවෙලා
    මට ඉන්න ආසයි තවත් ළංවෙලා
    රන්පාට හීනේ හිමිකාරී මාගේ
    හිත රෝස යායක් කළා
    නිල්පාට නෙතඟින් මදහාස මුවගේ
    මට දෙන්නකෝ ළංවෙලා

    දඟකාර සිහිනේ ...........


    ගායනය :- චමිල් හා රිෂාන්
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    මගේ හිත තිස්සෙම ගැස්සෙන
    ඔබේ ඔය ඇස් දෙක දැක්කම:rofl:
    දැනෙයි ජීවිතේ හිනාවක්ද මේ අදාරේ:rolleyes:

    හමුවුනෙ හීනෙන්ද දේදුන්නෙ පාටක් ද දෑසේ
    පිංවන්ත බැල්මක්ද පෙම්වන්ත දෑසක්ද සිත්තම් උනේ.....

    වස්සාන හීනෙක උනුහුම් හැගුමක් ද පෑවේ
    හිත් මායිමේ ඉන්න ආරාධනා කව්ද දුන්නේ
    මායා ඇස්බැන්දුමක්වත්ද සිත් ගත් දසුන්
    දුක් ගීතයක් වෙන්න එපා මේ හැන්ගුම්
    විස්සෝපයක් වෙන්න එපා මේ ජීවිතේ.........:lol:.

    සන්තෝසයෙන් ඉන්න වයි වර්ණ දවසක්ද අවේ
    ඇස් මායිමෙ ඉන්න නික්මෙන්න නොසිතෙන්න ආයේ
    පෑයු රන් තරකාවන් වගෙ රත්තරන්
    මාගෙන් මිදී යන්න එපා දැන් ඉතින්
    තුතිස්පැයේ ළං වෙලා ඉමු මේ වගේ
    :nerd::nerd:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    රෑට මං සිහිනෙන් ඇවිදින් රහසක් කියන්නම්
    ආදරේ දොතින් ගෙනවිත් ඔබ හට පුදන්නම්
    නින්දේ ම සැමදා ඉන්නම් ඔබ ළඟ ඉඳීනම්
    පාට ගෑ හීනයේ දෙතොල් මල් සිඹින්නම්

    මේ ‍පේන පාරේ පියමැන්න අපි දෙන්නා
    සිහිනේ සදා දී ඔය තුරුලෙ මං උන්නා
    රෑ මල් නෙලාලා වරලේ ගසාලා
    නිල් අහසෙ ඔබ එක්ක පියඹා ගියා මං

    රෑට මං සිහිනෙන් ..........

    පිපි පාන යාමේ මල් යායෙ රොන් ගන්නා
    බඹරා ඔයානම් මලවාගෙ මම ඉන්නම්
    මේ පෙම් කථාවේ බඹරිඳු තමා මං
    මේ යායේ පෙම් කුසුම සැමදා මගේ නම්

    රෑට මං සිහිනෙන් ..........



    ගායනය :- රොමේෂ් සුගතපාල හා ජිත්මී
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0

    තුරුල් වෙන්න ආසයි හැන්දවේ
    ඉගිල්ලෙන්න ඇත්නම් අකාසේ

    හිතින් පෙම් කලා මං ඔබ දන් නෑ නේ

    රෑයේ සිහිනයෙන් මා ලං වුනා නේ


    ඉවසන්න බෑ…. හඳගින්න මාගේ….
    පවසන්නකෝ…. ඔබේ ආදරේ….

    හිතුවක්කරී ‍යන්න එපා දැන්

    ආදරේ සැමදා, මං ආදරේයි


    තුරුල් වෙන්න ආසයි හැන්දවේ
    ඉගිල්ලෙන්න ඇත්නම් අකාසේ

    හිතින් පෙම් කලා මං ඔබ දන් නෑ නේ

    රෑයේ සිහිනයෙන් මා ලං වුනා නේ

    නෙතුකැන් ආනන්දේ ඇයි ඔබ ඔරවන්නේ

    තනිකම වද දෙන්නෙ ඔබේ ආදරේ


    උහුලන්න බෑ…. ඔය කැල්ම දැසේ….
    ඉගිලෙන්නකෝ…. හඳ මන්දිරේ….

    හිතුවක්කාරී ‍යන්න එපා දැන්

    ආදරේ සැමදා, මං ආදරේයි


    තුරුල් වෙන්න ආසයි හැන්දවේ
    ඉගිල්ලෙන්න ඇත්නම් අකාසේ

    හිතින් පෙම් කලා මං ඔබ දන් නෑ නේ

    රෑයේ සිහිනයෙන් මා ලං වුනා නේ

    නෙතුකැන් ආනන්දේ ඇයි ඔබ ඔරවන්නේ

    තනිකම වද දෙන්නෙ ඔබේ ආදරේ


    ලා…..ලා…..ලා…ලා…ලා..ලා.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තරු පාට නිලට දිලිසෙන
    ඇස් කථාකරන ලස්සන
    මම නොදන්නවා නොවෙයි දන්නවා
    මම නොදන්නවා වගේ ඉන්නවා

    මල් පාර දිගට ඉහිරුණ
    රොන් සුවඳ එළා හිත මත
    මනමාල කථාවන් කියනවා
    හිත රිදුණත් නොරිදුණත් හැඬෙනවා

    හිත නොහුලන හැම කඳුළම
    පිසලන ඔය රළු අත්වල
    දැවටි දැවටී ඉන්න ද මං හීන කියනා පාරේ
    රත්ත‍රනේ ඇවිද යමූ දුරදිග සංසාරේ

    මට නොකියන හැම රහසම
    ලියවෙන ඔය තරු ඇස්වල
    පැටලි පැටලී ඉන්න තමයි හැමදාමත් ඕනේ
    නින්ද නොයනා රෑ තනියට රහසක් මං ගානේ

    තරු පාට නිලට ............


    ගායනය :- දුශාන් ජයතිලක හා උරේෂා රවිහාරී
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    තරුමිණි ඔච්චම් පාවි දැන්..
    හදවත වත්තම් වෙවී ආදරෙන්...


    තරුමිණි ඔච්චම් පාවි දැන්..
    හදවත වත්තම් වෙවී ආදරෙන්....මෙ හැගුම් දේවී
    සිතුවිලි සිත්තම් පාවිනම්..
    ඉගිබිගි කැන්දන් ඒවී සීරුවෙන්..දී ලැගුම්..රූවී


    නැතුවට සලුපිලි..මුතු රන්මිණි පෙම පන වැනි
    මා නම් ආශා යාවෙන් මා..හා.. රූ හීනෙන් ප්‍රේමෙන් නාවා
    කිසි ඵල නැති ලොව ඔඹ නැති පෙම පණ වැනි
    මා නම් ආශා යාවෙන් මා..හා.. රූ හීනෙන් ප්‍රේමෙන් නාවා:no:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සා‍ගරේ තරම් ආදරේ අරං
    සරා සිහිනයේ නැවතිලා
    පිරූ මතකයෙන් සිනා මල් හොයන්
    පැතු සේ මා සිතුම් පූදලා
    නුරා මල් හැඟුම් ඇහැරලා
    සදා ජීවිතේ නුඹ වෙලා

    ආදර කවියේ දුරක ගිහිල්ලා
    ජීවිත හීනෙට පාටක් දුන්නා
    හී සර හිත යට කොනකින් තියලා
    සුළඟට ඒ පෙම් කථාව කිව්වා
    තනිකම රෑ තුරුළේ උන්නා
    හො‍රෙන් ම ඇවිදින්
    හිතිල ද මන්දා

    සාගරේ තරම් ..........

    පාවෙන සුසුමේ උණුහුම හංගා
    හීතල දෙතොලින් දෙකොපුල ඉම්ඹා
    සාගර රළ හා තනුවක රන්දා
    ආදරනීය ව කවියක් ලිව්වා
    ඇසිපිය ගෑ ඒ හීනේ දුටු දා
    සෙනෙහෙට ගැඹුරක්
    කොහෙන් ද මන්දා

    සාගරේ තරම් ..........


    ගායනය :- තිලිණ R.හා ධම්මික
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    නිල් දෑසෙ මදහාස
    මට තාම අද වාගේ මතකයි..
    නුඹ පෑව ආදරය හිතගාව
    හැමදාමත් සොඳුරුයි
    පෙම් දමක රන් හීන
    මට බෝම ස්නේහවන්තයි
    හිමි නොවන නුඹ ගැනම
    හිත මාගේ
    ආලවන්තයි..
    :love:

    ~කසුන් ප්‍රීමාල්~
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    සුවදැති කොළ වල පෙම් වදන්ලියුව කලේ....
    මුද්දර අලව අලව ලියුම් යවපු කලේ.....
    සයිකලේ පාග පාග ඒවා බෙදපු පියුමේ....
    සමවෙයන් මම දැන් ලියුම් දෙන්නේ ආයේ......

    උදේ ඉදන් හවස් වෙනකන්...
    අතේ මුදල් සතේට හිදෙනකන්....
    අතේ ඇගිලි රිදෙනකන්....
    කෙල්ල නිදිය ගන්නකන්...
    වචන රචන කරන එකම ක්‍රමය....SMS

    ලියල යවන ලියුම් වගේ කල් යන්නෑ....
    DETELE කරල ERES කලොත් අහුවෙන් නෑ...
    කෙල්ල නිදිය ගන්නකන්...
    මටත් නිදිමත වෙනකන්.....
    වචන රචන කරන එකම ක්‍රමය SMS
     
    Status
    Not open for further replies.