පද පේලි .....

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආඩම්බරයි ඔබ හිතුවක්කාරයි
    වෙනදා වගේ නෑ ගස්සලා බලයි
    මට ආදරෙත් නෑ වාගේ දැනෙයි
    පවසන්න මගෙ සඳ ඔබ කාගේ දැයි

    මට ඔබ හීන ගේනවා
    ආදරෙයි කියා මා ළඟට ලංවෙලා
    දුරකට යන්න ගිහින්දෝ
    වටහගන්න බෑ අදහගන්න බෑ

    SMS නෑ දැන්
    miss call නෑ දැන්
    කෙල්ල නිදිද දන්නෑ
    හිතාගන්න මටත් බෑ
    phone එකේ credit නෑ
    pocket එකේ moneyත් නෑ
    මාත් එක්ක loveත් නෑ
    තරහද මං දන්නෑ
    වෙනද වගේ kiss නෑ
    වෙනද ව‍ගේ Rapත් නෑ
    නිදාගන්න ඉස්සරින්
    goodnight call නෑ
    අනේ මට නින්ද නෑ
    හිතට දුකක් බයෙත් බෑ
    boot එකක් දෙයිද මටත්
    මගේ කෙල්ල දන්නෙ නෑ

    ආඩම්බරයි .................


    ගායනය :- ලක්ෂාන් හා සෑම් පී
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    ඔබ හමුනොවුනා කියලා තරහා වෙන්නෙපා
    ඔබ ඇමතුවෙ නෑ කියලා අමනාප වෙන්නෙපා
    ඔබට නොකීවා කියලා තරහා වෙන්න එපා..
    ඔබට නොලීවා කියලා අමනාප වෙන්න එපා..
    මට ඔබ හිමි නැහැ කියලා තරහා වෙන්න එපා..
    මං ඔබ ළඟ නෑ කියලා අමනාප වෙන්න එපා..:love:

    තාමත් පෙනෙනවා..
    මුමුණා ඇසෙනවා..
    සුවඳක් දැනෙනවා..
    රොන් රස තියෙනවා.

    :love::love::love::love:


     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔබට සිත ආදරේ කරයි
    දෙ‍තොල ගොලුවී සිටියි
    නැඟුණු සෙනෙහේ කියනු බැරිවී
    මගේ සිත වේදනා විඳියි

    ලවන් හස කැන් නුවන් කැල්මන්
    හොඳින් හඳුනන්නෙ ආදරේ
    නුවන් රැහැනින් බැඳෙන්නට පින්
    නොමැති‍ දෝ මා කෙරේ
    මගේ විජිතේ සිනා නොමැතේ
    විඩාපත් වේ ද ජීවි‍තේ
    ඔබේ ඇසුරේ ඔබේ සෙවනේ
    නවාතැන් වේ ද මා වෙතේ

    ඔබට සිත ආදරේ .................

    ඔබේ පෙම් ලොල් හදේ නොකලැල්
    ලැඟුම් සොයමින් නුවන් අයා
    යොවුන් බිඟු දැල් හෙලූ හසරැල්
    මසිත සුසුමන් දවා ගියා
    මගේ විජිතේ සිනා නොමැතේ
    විඩාපත් වේ ද ජීවි‍තේ
    ඔබේ ඇසුරේ ඔබේ සෙවනේ
    නවාතැන් වේ ද මා වෙතේ

    ඔබට සිත ආදරේ .................


    ගායනය :- දයාරත්න පෙරේරා
     

    chanukadl

    Junior member
  • Aug 8, 2008
    563
    19
    18
    Aalen_Wela_Ganna_Athula_Samitha.jpg
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    අනන්තයට මා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ
    අනාගතය ලියා තබමි ඈත සොදුරු ආකාසේ....

    චන්දන සුවදින් නැහැවී හිමකත වන අරන තුලින්....
    ඔබ් මෙහි එන සිහින වලා ඉහට උඩින් ඇත ඉහලා

    සතුටු සුවය තුරුලු කරන් නිදානයක රුවන් දොරින්.....
    හෙට උදයම මගෙ කුටියට එනු මැන තනිකම පිසදා:shocked:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සුදුපාට මල් නෙලා යහනක් එයින් හදා
    ඔබ ‍ඒ මතේ හිඳුවා නලවන්නෙමී මෙමා
    හඳපානේ රෑ වෙ‍ලී ඔබත් හා ගැලී පැළේ
    ඉඳන් ගී ගයන්න එන්නම් හැමදා ම මේ වගේ

    කොවුළන් ලවා මිහිරි ගී ගයවන්නේ
    මොණරුන් ලවා රැඟුමන් කර දක්වන්නේ
    නැළවිලි ගී ගයලා මා ඔබ නිදි ගන්වා

    මල් මත වැටි පිණි කැට රැස් කරලා
    අහසෙ යටින් යලි වීකුලු ඇදලා
    පින්නෙන් පසුදා ඔබගේ වලාවෙන් පිසින්නේ
    සියොතුන් ලවා ඵල වැල ගෙන කවලා
    බඹරුන් වෙතින් පැණි මී ගෙන එය පොවලා

    ලෝකය ඔබ හට කරදර දීනම්
    ජීවන සැනසුම ඔව් ඔබෙ වේ මං
    දුක සැප දෙකෙහි ම පසුපස ඉන්නම්
    කටුපිරි මාවත මල් අතුරන්නම්
    ඒ මල් මාවතෙ ඔබ ගෙන යන්නම්

    සුදු පාට මල් ..............


    ගායනය :- සිසිර සේනාරත්න හා ඉන්ද්‍රානි විජේබණ්ඩාර
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    කොද මල් ඇතිරූ සද යහනාවේ සතපා සනසන්නම්
    ඔබ සිත මත සිහිලෙන් නිවුනාවේ
    සිහිනය අඩ නින්දේ තිබුනාවේ මතකයෙ නැලවෙන්නම්
    ඔබෙ හඩ විතරක් මට ඇහුනාවේ
    නිහඩතාවේ වයන්නේ සoගීතේ...
    සුසුමට සුසුමක් මුහුවන උනුහුම ඔබමය

    තුරු වියනට පිනි කෑට වෑටෙනා විට ඒ හඩ කවියකි නිස0සලේ
    දිය කදුරක පොඩ් පෙන නෑගෙනා විට ස0ද්වනියකි පෙම් ප්‍රගීතයේ
    නිහඩතාවේ වයන්නේ සoගීතේ...
    සුසුමට සුසුමක් මුහුවන උනුහුම ඔබමය

    අපටම වෙන් වුනු මේ නිදි නෑති රෑ , භවුන් වඩනවා හිමින් සෑරේ
    කිසිදා නොසිදෙන ආදර උල්පත ගලා හෑලෙනවා හදින් හදේ
    නිහඩතාවේ වයන්නේ ස0ගිතේ
    සුසුමට සුසුමක් මුහුවන උනුහුම ඔබමය
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔබ සුසුම් හෙලන්න
    ඒ සුසුම් සිහිල මට විඳගන්න
    රැය ගුලිවී ඉන්න
    ළය යහන් ත‍ලේ උණුසුම දෙන්න

    ඔබ පුරහඳ වෙන්න
    ඒ පුරා හඳේ ගුලිවී ඉන්න
    මම තරුවක් වෙමි
    රාත්‍රියට අහසේ පිපෙන

    ඔබ සුසුම් ..................

    ඔබ කවියක් වෙන්න
    ඒ කවිය මිහිරි හඬින් ගයන්න
    මම මිහිරක් වෙමි
    ඒ කවියේ රසතැන් පුරන

    ඔබ සුසුම් ..................


    ගායනය :- ප්‍රින්ස් උදය ප්‍රියන්ත
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    ලඟ පාතක නුඹ සිටියා නම්
    රැව්වත් බැන්නත් නොදොඩා උන්නත්
    අකුරක් නෑරම කියන්න තිබුනා ආදරෙන්
    ලඟ පාතක නුඹ සිටියා නම්:no:

    විඳින කලට දුක සිරියහනේ
    නිදන සිතට නුඹමයි පෙනුනේ
    හීන පෙලක මහ නපුරක් කියලා
    වසන්තයයි අවරට හැරුනේ
    වැරදි කියනවා නොවේ... කුමාරයෝ
    වසන්තයයි අවරට හැරුනේ

    ලඟ පාතක නුඹ සිටියා නම්
    රැව්වත් බැන්නත් නොදොඩා උන්නත්
    අකුරක් නෑරම කියන්න තිබුනා ආදරෙන්
    ලඟ පාතක නුඹ සිටියා නම්

    නුඹම දකිනු රිසි ඇස ඇහැරී
    හෙලූ කඳුළු පිනි බිඳු විසිරී
    සොඳුරු උයන හද මුවරද සලනා
    නුඹේ සෙනේමයි මට මිහිරී
    විහිළු කරනවා නොවේ... කුමාරයෝ
    නුඹේ සෙනේමයි මට මිහිරී

    ලඟ පාතක නුඹ සිටියා නම්
    රැව්වත් බැන්නත් නොදොඩා උන්නත්
    අකුරක් නෑරම කියන්න තිබුනා ආදරෙන්
    ලඟ පාතක නුඹ සිටියා නම්


    :no::no::no::no:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සුන්දරයි ඔබ නිහඬ බැල්මෙන් මදෙස බැලුවා ම
    ඔබට ළංවී ළඟින් ඉන්නම් ඉතින් හැමදා ම
    පෙම්බරයි මගෙ හැඟුම් ඔබ ගැන නිතර සිතුවා ම
    ඔබ ම විතරයි මම පතන්නේ සසරෙ හැමදා ම

    ඔබ ව මට හරි දුර තමයි
    නමුදු මගෙ සිත ඔබ ළඟයි
    සොයා එන්නට මට හිතයි
    සුළඟ ඔබ ගැන තතු කියයි

    සුන්දරයි ඔබ ................

    ඔබ ව සිහිවී සිත හඬයි
    කඳුළු නෙතු අග ඉකිගසයි
    සිතේ සිතුවිලි ඔබ ගැනයි
    ඔබට මම හරි ආදරෙයි

    සුන්දරයි ඔබ ................


    ගායනය :- සතිශ් පෙරේරා
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    වැව් කුමුදු මල් පෙති මත හිඳන්
    පුර හඳට ලංවී සීරුවෙන්
    නිල් සළු ඇදන් වැව රැලි නඟයි
    රෑ කුමරියට බැදි ප්‍රේමයෙන්..

    ඔබ පතා තරු මල් අවදියෙන්..
    සඳ ඔබට පරදින හැටි බලන්නට


    ~කසුන් කල්හාර~
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    කඳුපාර ඈත අයිනේ..
    සඳ රෑක ඈ සිනා සේ
    වේදනා සිතාරේ මේ ගිත රාවේ ඇසේවා..
    ජීවිතේ පුරා..!

    යාළු වී දෙවැටේ එදා
    කී කතා අසා..
    යාළු වී දෙවැටේ එදා
    කී කතා අසා..
    පාළු වී හැඬුවා සදා
    මාරුතේ පවා..

    ගං ඉමේ මා දං කැලේ
    පාසැලේ පුරා..
    ගං ඉමේ මා දං කැලේ
    පාසැලේ පුරා..
    මා සොයා ආවා වගේ වෙන්වෙලා ගියා..

    කඳුපාර ඈත අයිනේ..
    සඳ රෑක ඈ සිනා සේ
    වේදනා සිතාරේ මේ ගිත රාවේ ඇසේවා..:yes:
    ජීවිතේ පුරා..!


    ~මිල්ටන් මල්ලවාරච්චි~
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මල් පිපෙන ඉසව්වට අඳුර පිරේවිද ආදරයක් හින්දා
    නිල් දෙනෙත තුරුල්ලට කඳුළු පිරේවිද ඔබහට මා හින්දා

     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    අමතකවෙලා තිබුණ ලස්සන සිංදුවක්..:yes:
    ෆොන්ට්ස් දෙකම ඕනලූ..:frown: :rofl:

    Mmm.... dan shihan Aiya me song eka kiyanawa ne. eeketh podi lassanak thiyenawa.:cool: anunge unath pora kiuwama amuthu kick ekak enawa song eka ahanna.... :P okis nanga Fonts deka ewannam :)
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    මැනලාද සතුට මට දෙන්නේ
    ඉඳහිට දැන් දැන්
    මැනලාම නොවෙයි පෙම් කෙරුවේ
    නුඹ හට මා නම්...

    සඟවා ගන්න හිතක් නෑ
    මා සතු ප්‍රේමයේ වත්කම්
    ගැනලා දෙන්න දෙයක් නෑ
    ප්‍රේමය තනි වුණු ඇත්නම්
    මෑනලා දෙන්න බැරි තරම්
    නුඹ හට පෙම් කෙරුවෙන් මං
    එහෙව් මගෙ හිතට
    ඇයි දැන් මේ නොපනත් කම්..

    සුළඟව එන්න කියාලයි
    හෙමිහිට දොර ඇරියේ මං
    හද බිදි කුණා‍ටුවක් වී
    අද දින ඔබ ආවේ නම්
    මෙහෙමත් වුණේ මට ඉතිං
    කරලද මොන වරදක් මං
    ඉවසනු බැරිදේ නුඹ මට
    කරන වෙනස් කම්..:oo::oo:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වෙනස් නොවනා එක ම දේ
    මේ වෙනස් වීම ද ලොකයේ
    මට කියාදුන් සෙනෙහස නුඹේ
    මේ දුරස්වීම ද සොඳුරියේ

    සඳක් බැස ගිය අහස සේ
    ඇයි මගේ හිත කළුවර කළේ
    මලක් පරවුණ නටුව සේ
    තනිකමට බාරයි ජීවිතේ

    අලුත් මල් යායක් දිගේ
    මල් සුවඳ එබුනත් ගෙට මගේ
    හැරගියත් නුඹමයි හිතේ
    මලත් මල් සුවඳත් මගේ

    වෙනස් නොවනා .................


    ගායනය :- නුවන් නයනජිත් කුමාර
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    වෙන්වෙන්න වාදෝ...
    වෙන්වෙන්න වාදෝ...ලංවූයේ
    ලංවෙන්න වා‍දෝ...වෙන්වූයේ...
    මං ආ මඟ නවතින්නම්
    බිදුවක් ඈතින් ඉන්නම්
    සිහිනෙන් ඔබ දැක ගන්නම්
    හැබැහින් ලඟටම එන්නම්...

    දෙන්නා....උන්නේ....
    රන්රස සේ පෙම් මල් සේ
    ආදරේ - තාරකා...
    සෝවනාවේ ඇන්දුනේ

    වෙන්වෙන්න වා‍දෝ...

    රන්දා....රන්දා...
    රජ දහනේ පෙම්
    රජ දහනේ...
    ඈ සිතේ - මා කෙරේ
    මෝදු වී ආ ආදරේ...

    වෙන් වෙන්න වාදෝ...


    :love::love::love::love:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වෙන් වෙන්න දැන් ලඟයි
    වෙන් වෙන්න බෑ දුකයි
    අප සිත් අහිංසකයි
    කඳුළක් වගේ හඬයි

    ආදරයෙ සඳ දිලී හිත පුරා දැල්වුණී
    ඒ සඳ මිලාන වී නෙතු කඳුළු දෙන හැටී

    වෙන් වෙන්න දැන් ලඟයි .............

    මල් පිපෙන තරමට හිත සුවඳ වෙයි පෙම
    ඔබ නොදැක ඉන්නට මට බැහැ තනියි මට

    වෙන් වෙන්න දැන් ලඟයි .............



    ගායනය :- අසංග ප්‍රියමන්ත පීරිස්
     
    Status
    Not open for further replies.