පද පේලි .....

Status
Not open for further replies.

amandi3891

Member
Sep 10, 2008
3,524
216
0
සඳ වැසුනට, ඉර ගිලුනට, කමක් නෑ...
මල් වැ‍ටුනට, තරු නිවුනට, කමක් නෑ...
ඔබ ආයේ දකින තුරු මට ඉවසුමක් නෑ...
සුදු නොමැති ලොවක තනියෙන් ඉඳ පලක් නෑ...

ඔබ නම ඇසුමයි මට ඇති ඉමිහිරි සංගීතේ...
සුදු මා ඇමතීමයි මා ඇහු මිහිරිම ගීතේ...
ගල් කැට අතරින් මැණිකක් ඇහිඳීම අසීරුයි...
ඇහුලූ මැණිකද සුරකිණ එක එයිට අසීරුයි.... සොඳුර...
එයිට අසීරුයි....

ඔබ සිටින පාලු සොහොනක් වුව මට හොඳයි කියා...
මම එමි රජදහනක් ලැබු ලෙස හැම සැපක් තියා...
මුලු ලොවම අමතකයි ඔබ ලඟ සිටින වෙලාවේ...
ඒ මොහොතක මගේ අවසානය ලඟා වුනාවේ... අවසන්
හුස්ම ගියාවේ......:rofl::rofl:
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඉවසිල්ලක් නෑ දකින තුරා ඔය සුදු මූණ නුඹේ
    සැනසිල්ලක් නෑ‍ ‍ලැබෙන තුරා මට ඔය දෑත නඟේ
    ඇස්වහ කටවහ නෑ නුඹෙ රූපෙට උපමා නෑ
    මනලෝල සිනාවට ආශ වෙලා මගෙ හිත උන්මාද වෙලා

    දුටුව දිනේ මන බැඳුනේ නුඹ දඟකාර නිසා
    තවත් අගේ වැඩි වෙන්නෙ ආඩම්බර හින්දා
    හඳක් වගේ සුදු මුහුණේ ඇඳෙන සිනා දැකලා
    මටත් හොරා බොළඳ මගේ හිත මනමාල වෙලා

    ඉවසිල්ලක් නෑ .............

    මල් වයසේ සමනලියේ නුඹෙ ආදරය පතා
    මම ඉන්නේ හද පතු‍ළේ ඇති ආදරේ නිසා
    හැම මොහොතේ ළතවිල්ලේ මම ඉන්නේ ඉවසා
    හැගෙන්නේ ඇයි කෙල්ලේ ආදර හිත හංඟා

    ඉවසිල්ලක් නෑ .............


    ගායනය :- උපාලි කන්නංගර
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    මග බලයි ඔබ සොයයි.....
    සිහිනෙකී ආදරේ.......
    දුක හිතෙයි මට ඇඩෙයි......
    සුසුමකී ආදරේ......
    ආකාස ගංගාවෙ පායන්න සදමාලිනී........
    මා ගාව ඔබ ඉන්න රෑ යහනෙ තුරුලටම වී......
    මග බලයි ඔබ සොයයි.....

    සිහිනෙකී ආදරේ......:lol:.


    ලා රෝස මල්.....දෝතින් නෙලා......
    සිප ගන්නෙමී....කදුළින් තෙමා.......
    මේ ගීය ඔබටත් ඇසේවා......
    කදුළැළ්ල මොහොතක් රැදේවා.......
    මතකේ මැවූ ප්රේම චායා........
    රහසින් සෙමින් ඇද හැලේවා.....
    මග බලයි ඔබ සොයයි.....

    සිහිනෙකී ආදරේ.......


    සංසාරයෙන් සංසාරයේ......
    මා නිල් නුවන් හඩවන්නැතී.......
    සදුනේ තවත් දුර නොයන්න......
    කළුවරක සැගවී නොඉන්න......
    මට ආදරෙන් සුභ පතන්න......
    සිහිනෙන් ඇවිත් යන්න එන්න.......
    දුක හිතෙයි මට ඇඩෙයි......

    සුසුමකී ආදරේ......


    ආකාස ගංගාවෙ පායන්න සදමාලිනී........

    මා ගාව ඔබ ඉන්න රෑ යහනෙ තුරුලටම වී......
    මග බලයි ඔබ සොයයි.....

    සිහිනෙකී ආදරේ...:love::love::love:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේ සීත රාත්‍රියේ තුරුළුවී අපි දෙන්නා
    මුමුණනා පෙම් කථාවන් රහසෙ යයි ඈත පාවෙලා
    සිහිනයේ ම දැවටිලා ප්‍රේමවන්තයෙක් වෙලා
    හැමදා ම ඉන්න ඇත්නම්
    නුඹේ මුවට ලංවෙලා ආල නෙත් කැලුම් දිහා
    බලා ඉන්න ඇත්නම්
    පෙම් පරාදීසයේ කල්ප කාලයක් පුරා
    මා ළඟින් ඉදින්න පෙම් කරන්න එන්න

    හැමදා ම මල්යායෙ සමනලුන් ඇවිත් අහන්නෙ
    ඔබ ගැනයි මගේ ආදරී
    විහඟුන්ගෙ ගී නාද තරු රෑන විමසන්නෙ
    ඔබ ගැනයි මගේ ආදරී
    ආදරී ආදරී ආදරී ආදරී

    සඳ ඈත ඇති රෑක ඔබ ‍නාවොතින් ප්‍රේමි
    මගෙ දෑස කඳුළින් පිරෙයි
    පෙම්වන්ත මදු සිහින මා පතන හැම දේම
    ඔබ තමයි මගේ ආදරී
    ආදරී ආදරී ආදරී ආදරී

    මේ සීත රාත්‍රියේ


    ගායනය :- ප්‍රදීප් ශ්‍රීනාත්
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    අනාත මාරුතේ කුණාටු සාගරේ
    දිවිය ති‍යෙන තුරු මගේ
    ඔබයි ආදරේ....:love:

    අතීතයට වඩා පැරණි අපේ ආදරේ
    අපි දෙදෙනා හැඩූ හැඩුම් දනී සාගරේ
    සදා වෙනස් වෙන්න එපා
    මැණික මා කෙරේ
    දිවිය තියෙන තුරු මගේ
    ඔබයි ආදරේ...:love::love:

    හිතරිදවන වදන් වලට හඩන්නට එපා
    ඇනුම් බැනුම් වලට මගේ තැවෙන
    සසර සරන තුරා මගෙන් මිදෙන්නට එපා
    දිවිය තියෙන තුරු මගේ
    ඔබයි ආදරේ..:love::love::love:

    අනාත සාගරේ කුණාටු මාරුතේ.....:love::love::love::love:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මා සිත බැඳුනේ ඔබටයි ප්‍රිය ළඳුනේ
    සැමදා මා ආ‍දරෙයි ආදරෙයි ආදරෙයි
    දිවුරා කියමී මෙසේ ඔබට මා ආදරෙයි

    සිතුවේ ඔබ ගැනමයි
    යහනේ මා තනිවී
    තිබුණා සිත මගේ සෙනෙහසින් අවදිවී
    හැරදා නොයමී ළඳේ සෑමදා ඔබ මගේ

    ගතින් ඔබ ඈතයි
    සිතින් ඔබ ළඟමයි
    කවදා හමුවේවිදෝ දෙදෙනා හැබැහින්
    හිනැහී ළංවේවි දෝ තුරුළු වී ආදරෙන්

    මා සිත බැඳුනේ ................


    ගායනය :- රොෂාන් ෆ්‍රනැන්ඩු
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    වස්සනයට අත වනලා ඉමු මග බලන්
    උද්යානයක කෙලවරට වී
    ඔබ ඈතින් ඉදන් ඉන්නවද රත්තරන්
    මo ගාවින්ම උනුහුම දී ,,,,,,,,

    වැට කඩුලු අස්සේ - මල් පිපුනු බිස්සේ
    අපි හැන්ගෙමුද උනුහුමට වී
    සමනල්ලු පස්සේ දුව පැන්න කාලේ
    දැන් මට දෙන්න නුඔ මගෙම වී
    ඇයි ඈතින් ඉදන් ඔය තරම් රත්තරන්

    මo අවොත් නුඔ මට හිමි,,,,,,,,,:oo:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ගතින් ඉන්නට නැතත් ළංවී
    සිතින් යන්නට එපා වෙන්වී
    ඔබෙන් තොරවූ ලෝකයක්
    සිතා ගන්නට බෑ

    ඔබේ දෙනෙතින් ලොව දකින්නෙමි
    ඔබේ වදනින් ලොව අසන්නෙමි
    නවාතැන ජීවය මගේ
    ඔබේ සෙ‍වනැල්ලයි

    ගතින් ඉන්නට ...................

    ඔබේ ඇසුරින් යලි උපන්නෙමි
    ඔබේ පැතුමින් දිවි ගෙවන්නෙමි
    සදාතන ජීවය හදේ
    ඔබේ හසරැල්ලයි

    ගතින් ඉන්නට ...................


    ගායනය :- චන්ද්‍රලේඛා පෙරේරා
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    Mmm.... dan shihan Aiya me song eka kiyanawa ne. eeketh podi lassanak thiyenawa.:cool: anunge unath pora kiuwama amuthu kick ekak enawa song eka ahanna.... :P okis nanga Fonts deka ewannam :)

    හේ හේ.. මේ ළඟදි ඇහුනා "සඳළුතලේ ඔබ සිටියා බලා" මිල්ටන් මල්ලවාරච්චිගෙ සිංදුව අළුත් කෙනෙක් කියන.. එයාලගෙ හැකියාවෙන් කියනවනම් ඉතින් මුල් අයිති අයටත් සාධාරණයක් කරලා "සංගීතය මාගේ ආහාරය"යි කරගන්නෙ නැතිව අනිත් අයගෙ ගීත වලින්ම ජීවත් වෙන්නෙත් නැතිව.. හැමෝටම සාධාරණයක් වේවි කියලා හිතනවා..:)

    එවන්නයි කීවෙ ෆොන්ට්ස්..:frown::P
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    අහිමි වුණත් නුඹ ළ‍ඳේ.. මට හඬන්න අවසර නෑ
    වෙලෙන් එහා ඉද නුඹේ සුවද වත
    එතී ආ සුළං මගෙ මුව සිම්ඹා..
    අහිමි වුණත් නුඹ ළ‍ඳේ.. මට හඬන්න අවසර නෑ

    නොපැතූ අතකට - අත දුන් දවසේ
    හෙලූ දුක් සුසුම් මගෙ මුව සිම්ඹා..
    අහිමි වුණත් නුඹ ළ‍ඳේ.. මට හඬන්න අවසර නෑ

    නුඹ කැන්දන් ගිය මංගල රිය නැඟි
    දූලි වළාවෝ මගෙ මුව සිම්ඹා..
    අහිමි වුණත් නුඹ ළ‍ඳේ.. මට හඬන්න අවසර නෑ

    කියා ගන්න බැරි දුකක් නිමන්නට
    නෙතු හෙලු කඳුලක් මගෙ මුව සිම්ඹා..
    අහිමි වුණත් නුඹ ළ‍ඳේ.. මට හඬන්න අවසර නෑ

    :love:

    ~වික්ටර් රත්නායක~
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    කඳුල නිවන්නම් නෙත නොතේමනවානම්
    තනියට ඉන්නම් තනිනොකරනවානම්
    මතකයෙ ඉන්නම් අමතක නොමනම්
    සේනේහෙ පුදන්නම් හිත නොරිදනවානම්
    :oo::oo:
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    හේ හේ.. මේ ළඟදි ඇහුනා "සඳළුතලේ ඔබ සිටියා බලා" මිල්ටන් මල්ලවාරච්චිගෙ සිංදුව අළුත් කෙනෙක් කියන.. එයාලගෙ හැකියාවෙන් කියනවනම් ඉතින් මුල් අයිති අයටත් සාධාරණයක් කරලා "සංගීතය මාගේ ආහාරය"යි කරගන්නෙ නැතිව අනිත් අයගෙ ගීත වලින්ම ජීවත් වෙන්නෙත් නැතිව.. හැමෝටම සාධාරණයක් වේවි කියලා හිතනවා..:)

    එවන්නයි කීවෙ ෆොන්ට්ස්..:frown::P

    :growl::growl::growl: Moko moko geemada? aaAaa??? :angry:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම අහසක් වෙන්නම්
    ඔබ මගේ සඳ වෙන්න
    මම නටුවක් වෙන්නම්
    ඔබ මගේ මල වෙන්න
    මම සයුරක් වෙන්නම්
    ඔබ කිඳුරිය වෙන්න
    මම පණ හරි දෙන්නම්
    ඔබ මගේ සඳ වෙන්න

    සයුරේ ජල කඳ තරමට සෙනෙහස දෙන්නම්
    ගඟනේ තරු කැට ගණනට සෙනෙහස දෙන්නම්
    පොළොවේ වැලිකැට ගණනට ආදරෙ වෙන්නම්
    අතිනතගත් පසුවත් මා මේ ලෙසට ම ඉන්නම්

    මම අහසක් වෙන්නම් .....

    මට මෙන් වෙන හිතකට ඔයා ආදරෙ ඇත්නම්
    ඒ ආදරෙ මගේ පෙමට වැඩිය දැනෙනව නම්
    ඔහුගේ ළඟ මටත් වඩා ඔයාට සෙනෙහස ඇත්නම්
    ඔබට හොඳක් වෙන්න සිතා මං තනිව ම ඉන්නම්

    මම අහසක් වෙන්නම් .....

    ගායනය :- ගැලැක්සීස් සංගීත කණ්ඩායම
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    මං හින්දා කවදාවත් කඳුළු සලන්නට එපා..
    නුඹ හින්ද මං වින්ද දුක නුඹට දැනෙන්නෙපා..
    ඒ වේදනාව බර වැඩියි..
    එය නුඹට උහුලන්න බෑ..
    :love:.

    මතකයි ද ඔබ දුන්න මුල් හාදුව..
    මගෙ ඇස් තෙමුනා ඒ හැඟුම උහුලන්නට..
    ඔබ හැර ගියද, මා තැනුව සුන්දර ලොව..
    නුඹ ඉන්න යන තැනක සතුටින් හෙට...:love:


    යලි දිනක හමු වන්න මම පතමින්..
    බොඳ වෙච්ච හිත අස්සෙ නුඹ සඟවමි..
    රැක ගත්තු අපෙ මතකෙ මම සුරකිමි..
    පුරවන්න බැරි වේවි නුඹ නැති තනි...:love:
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ඉඩෝරයේ නඟර කොනේ අයිෆල් සීමාවේ
    ඔබව පෙනේ...
    ප්‍රංශ යුවතියන් හදේකොන අරන්
    ලිලීමල් සුළං මීදුමෙන් වහන්
    මායාවී පායාවී පමාවී..
    :eek:

    ~අමල් පෙරේරා~
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තනිකරන්නෙ නෑ කවදාවත්
    වෙන් නොවෙමී මතු භවයේදීවත්
    කඳුළු සලා මා හඬවා
    රිදුම් දෙන්නෙපා මට තවත්

    දෙතැනක තනියෙන් සිටි අප හමූ සැඳෑවේ
    සෙනෙහේ මියුරු කල්පනා
    අපට ම වෙන්වූ සොඳුරූ රස ගුලාවේ
    සීමා පවුරූ බිඳ හෙලා
    අපේ ම නේද වරද දොස් නගන්නෙ කෙලෙස
    යොවුන් හැඟුම් ගෙනෙයි වේදනා

    තනිකරන්නෙ නෑ ................

    අවිහිංසක නෙතට හොරා චපල සිතකින්
    සැඟවෙන්නට නෑ සිතුවේ
    නිර්මල වූ හද රවටා සෝ සුසුම් මවා
    ‍දුකක් දෙන්න නෑ පැතුවේ
    පිවිතුරු ඔබෙ සෙනෙහේ සදාකල් ම මවෙතේ
    රඳවගන්න පමණී සැදුවේ

    තනිකරන්නෙ නෑ ................


    ගායනය :- ප්‍රියන්ක රම්මණ්ඩල
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    රන් හිරු මඬලින් සිහිලස අයදිනවා
    පුන් සඳ පහනින් උණුසුම අයදිනවා
    ලෝකය බිහිවූ දා සිට අරුමෙකි මිනිසා
    ගිරිහිස ඉඳුවර සොයමින් ලතැවෙනවා
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    සඳක් වෙන්න බැරි නම් නුඹ හට
    ඉරක් වෙන්න හැකිදෝ මා හට
    වෙහෙස දැනෙන මේ ජිවිතේ
    වැවක් වෙන්න බැරි තැන නුඹ හට
    ඇයි ද කිවුවෙ වෙන්න නිල් දිය

    දුකක් ඉතිරි මේ ජිවිතේ.........:dull::dull:


    සීත සෘතුවකට වෙලා
    මිය යන්න නම් එපා
    පෙම් කවක් ලියන්නට ආසයි මට තවත්
    සෘතුවක් ඇතත් නැතත්
    හුස්ම ලන මගේ පැතුම්

    පණ ගසයි ඔබේ දෙපා මුල වැටී........:):)

    මා නොමැති හෙටක් ඇතත්
    පිපෙන මල් යළිත් පිපෙයි
    හිරැ එළිය ඇවිත් තව දවසක් උදා වී
    හමනා ඒ සුළං රැළෙත්
    නෙත් කොනින් ළගින් හමයි

    නෙතු අගින් වැටුණු කඳුළු සීතලයි
    .....:(:(:(
     
    Status
    Not open for further replies.