පද පේලි .....

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඛණක මිණි නෙතු කැලුම් පුපුරා
    හෙලන කඳුළට ආදරේනම්
    ඔබට හිමි නැති සිනා පොදකට
    අත්වැලක් වෙන්නම්

    වෙඬරු පිඬු වැණි හදින් නැගෙනා
    සුසුම් පොදකට ආදරෙයිනම්
    ඔබට හිමි නැති සහන් සුවයට
    සෙනෙහසක් වෙන්නම්

    ඛණක මිණි ..........

    සැලෙන නාදළු අදර සලිතව
    කියනවා නම් ආදරේ මං
    අනන්තය තෙක් සසර ගමනේ
    සෙවනැල්ල වෙන්නම්

    ඛණක මිණි ..........


    ගායනය :- ප්‍රියන්ක රම්මන්ඩල
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සීතල සරත් සමේ නැගි තරිඳාන
    වියලුනු ඝන අඳුරට පෙම් කෙරුවාද
    කුමරියෙ තනි යහනේ නිදි වැරුවාද
    තනි කර ආ මට තව පෙම් කෙරුවාද
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ඉරුදෙවියන්ගේ නෑයෝ
    සඳ දෙවියන්ගේ නෑයෝ
    ආදි අපේ මුතුමිත්තෝ
    ඉරෙන් හ‍‍දෙන් වැඩ ගත්තෝ..

    හිරුට හොරා පිබිදී ගොවිපලට ඇදෙනවා
    සඳුට සිනාසී කුඹුරෙන් ගොඩ වී එනවා
    පායන ඉරු සමඟ ගඟට බැස සැ‍රසෙනවා
    මූදේ ඉරු නාන කලට ඇඟසෝදනවා

    හිරුඑළියේ රණකෙළියේ සවිය බලනවා
    සඳ එළියේ බණමඩුවේ බවුන් වඩනවා
    ඉරුපානේ සිලට ඇගේ දා වියලෙනවා
    හඳපානේ තෙලට නිවන් අරමුණු එනවා


    ~විශාරද නන්දා මාලනී~
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සීතල සිතුවිලි උණුසුම් සුසුමින්
    සුවපත් කළ ළබැදේ..
    ජීවිත කතරට සිහිලැල් පිණිබිඳු ඉසිමින්
    පෙරමන් කී නිරිදේ...

    මුවරද විසිරෙන මිහිරිම සෙනේහයෙන්
    මා හද සුවදින් පිරූ හැටි...
    ගිණියම් සැඩ හිරු දෝතින් මුවා කරන්
    සුවබර සෙවනැලි හැදූ හැටි...

    නොසිතූ මොහොතක නොමියෙන විලාසයෙන්
    ඉරණම ඔබ ළග රැඳුණු හැටි...
    වැළපෙන පැළකට මල් කැන් දෝත දරන්
    හෙට ගැන උරුමය ගෙනා හැටී...
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    මහත්තයෝ මං දන්නවා නුඹෙ කඳුලක බර
    මහත්තයෝ මට දැනෙනවා නුඹෙ සුසුමක තෙත..
    ඈත් වෙලා ඉන්නට බෑ මට නුඹ මඟ හැර
    හොරෙක් වෙලාවත් ඇවිදින් අරන් යන්න මම..

    ඈත් වුණාමයි දැනුනේ නුඹෙ පෙම්බර බව
    කාත් කවුරුවත් නෑ අද හදන්න ඒ හිත..
    පිඩෙන් පිඬ අනා නුඹ මට කැවූ බතේ රස
    දැනෙන්නෙ මුළු ජීවිතේම වැරදුනු හින්දද..

    මහත්තයෝ මං දන්නවා..

    තාත්තෙක් වගේ අර නුඹ අතගෑ ‍මගෙ හිස
    තෝන්තුවාවෙන් පෙලෙනවා දෙවියොත් නෑ ළඟ..
    සැරෙන් වගේ නුඹ කී දෑ හරි මිහිරියි අද
    මැරෙන්නවත් ළඟට එන්න ඉඩක් නැද්ද මට..

    මහත්තයෝ මං දන්නවා..
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    කෝවිල් බිමට හඳක් පායා
    ආයෙත් මුහුණ මතක්වූවා
    හිත ලෙන්ගතු කම් බෝමා
    රෑ සිල් සුවඳ ගෙටත් ආවා
    පන්සල් යන්න අපිත් ආවා
    නෑකම් අමතක නෑ..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මල් කැකුළකට ආදරේ කියන්න
    තහනම් නැහැ පුංචි සමනලුන්ට
    ළඟට ලංව කවි කියන්න
    අවසර ඇත්නම්
    මට ඉඹින්න තහනම් ඇයි
    ඔය සුදු කම්මුල්

    අහස තරම් දුරක හිඳන්
    පිණි වැස්සක් බිමට එවා
    ඔබේ කෙහෙරැලි සිප ගන්නට
    අහසට හැකිනම්
    ඒ කෙහෙරැලි සිප ගන්නට
    ඇයි මට තහනම්

    මල් කැකුළකට ................

    ගහකොළ නටුවලට හොරෙන්
    මහ රෑ ඔබෙ ළඟට ඇවිත්
    ඔබෙ සියොළඟ සිපගන්නට
    සුළගට හැකිනම්
    ඒ සියොළඟ සිපගන්නට
    ඇයි මට තහනම්

    මල් කැකුළකට ................


    ගායනය :- ලක්ෂමන් හේවාවිතාරණ
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    සුභ මං තලයේ සඳ හිස ඇලයේ
    මල් නොපිපුණු හිම කැලයේ
    පොකුරින් පොකුරේ තරු මුතු එළියේ
    රැඳවෙමි පෙම් සැණකෙළියේ..

    මුව කමල අයා කියු දෙයම ලියා

    පියවර එකිනෙකම තියා
    මගෙ සුවඳ සොයා නළ ඇදෙන නියා
    මතු එනු මැන මවෙත සොයා..

    හෙට අලුත් ලොවේ හිරු අලුත් නොවේ

    දහසක් කල් ගියත් නොවේ
    අද වගෙයි භවේ හැම දිනක්ම ඒ
    ඔබ සඳ වෙයි මවෙත භවේ..

     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආදරේට වාසනාව නෑ මගේ ලොවේ
    වේදනාව දෑස පෑරුවා සැරින් සැරේ
    සුසුමේ කඳුළේ රන්දා බන්දා
    ආදරේ කරන්න ඕනෙ දෝ

    පැතුවාට දෙඩුවාට දෙවියන්ට කීවාට
    නොලැබෙයි හදේ ආදරේ
    ප්‍රේම සංසාරයේ මාගෙ පැතුමක් තියේ
    කා ගාවදෝ ආදරේ

    ආදරේට වාසනාව .......

    රළ හා ම හැපුනාට සිඳු ගාව මොර දී
    දියවැල් නොවේ ආදරේ
    පින්නෙ අරුණෝදයේ පිපුණු කුසුමක් ‍වගේ
    කා ගාවදෝ ආදරේ

    ආදරේට වාසනාව .......

    ගායනය :- අජිත් පෙරේරා
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    ඔබේ ඇස් ළග නුඹව කියවන
    ඇසේ කඳුලක දුරට කිමිදෙන
    ඔබෙන් නාහා ඔබට පෙම් කළ
    මං වැරදිකරුවා...මං වැරදිකරුවා....

    මගේ අදවත් මට නොදෙන්නට
    හෙටත් ඊයෙත් ඔබම ගන්නට
    බරපතල වැඩ හිතට සදහට
    තීන්දුව ලියලා.. තීන්දුව ලියලා...

    ජූරියත් ඔබ පැමිණිලිත් කල
    කොහොම වග උත්තර බඳින්නද
    ආදරේ දැනෙනවා විතරයි
    කියන්නට මට බෑ..කියන්නට මට බෑ....
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සුවඳ මේ ඔබෙ නම්
    සුවඳ විඳගන්නම්
    ආදරේ නැතිනම්
    මම එය දරාගන්නම්

    සිතට දැනෙනා මිහිරි සිතුවිලි
    ඔබ ගැනයි තුන් තිස් පැයේ
    ඈත සිට එන සුලඟ කීවෙත්
    ඔබ ගැනයි රහසින් වගේ
    ඔබට එය නැතිනම්
    මම එය දරාගන්නම්

    සුවඳ මේ ඔබෙ නම් ...........

    හදට හුරු නැති සො‍‍ඳුරු සිතුවම්
    ලඟ මැවැයි නිදි නැති රැයේ
    දරන්නට බැරි දුකක් තිබුණත්
    එය ද සතුටක් ලෙස සිතේ
    ඔබට එය නැතිනම්
    මම එය දරාගන්නම්

    සුවඳ මේ ඔබෙ නම් ...........

    ගායනය :- කුමාරසිරි පතිරණ
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    සමුගෙන යන්නෙමි...
    මම ඔබ තනි කොට...
    අපේ මතු දියුන සොයා...........
    සිතකින් නොව මා...
    නැව් නැග යන්නේ...
    සිත ඔබේ තුරුලේ තිය...........:love::love:

    ගතින් මෙතන මම...
    සිතින් ඔබගේ ළඟ...
    කිසි දින වෙනස් නොවේ...........
    ජීවිතයට නැත...
    ඔබෙ සෙනෙහස වැනි...
    මිනි කිරුළක් මෙලොවේ...............

    සුදු මුදු වැල්ලේ...
    මීදුම් තුරුල්ලේ...
    නැව ඇදිල යනවා.............
    මද පවනැල්ලේ...
    සිත කැලඹිල්ලේ...
    ඔබ ගෙන සිහි වෙනවා...........

    ප්‍රිය සුහ දාණෙනි...
    මා සිර වූයේ...
    දුක් බර බිම් ගේකයි.............
    ඔබ රුව නොපෙනී...
    කට හඬ නොඇසී...
    මගේ සිත අවිවේකයි............

    වෙරළට දිලිසෙන...
    විදුලිය රේඛා...
    අතරින් එබෙනු දැනේ.............

    අඳුර කපා එන...
    පහන් ටැබක් ලෙස...
    ඔබ මට දුරට පෙනේ..............
    මටම ලැබෙන තෙක්...
    සක්වල පාලන...
    දෙවියන් රක දේවා.............

    සසර සරණ තුරු...
    ඔබ මට නොමිමෙන...
    රන් පහණක් වේවා...............

     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිතනම් මා ළඟයි ඔය දෑත දුර ඈතයි
    හැකිනම් ඔබ ළඟයි මා ආදරේ නුඹටයි

    ඈත සයුරු මානයේ කීව පෙම් කථා
    දෑසෙ කඳුළු නංවලා ඔබේ පෙම් සිනා
    ඈත සයුරු මානයේ එදා කී කථා
    සිහින ලොවක තනිවෙලා හිට ඇසෙයි මෙදා
    ඔබ හා යන්න එකවී මට දෑත දෙනවා නම්
    හැරදා වුණත් මගෙ ජීවිතේ ඔබ ළඟට මා එන්නම්

    ආසයි මටත් ඔබේ දෑතෙ එල්ලිලා
    වෙරළ කොනක ආදරෙන් ඉන්න නැවතිලා
    මා ළඟම දැවටිලා උරට හිස තියා
    ඉන්න ඔබට මා ළඟින් දෙන්නෙමී සදා
    ඔබ හා යන්න පාවී ඔය දෑත දෙනවා නම්
    හැරදා මේ ජීවිතේ ඔබ ළඟට මා එන්නම්


    ගායනය :- සදීප්ත, සංධපා, සිනෙත්
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    මේ සඳ වුනත් පායා ඇවිත්..
    ඉස්සර වගේ එලිය දුන්නා වුනත්..
    මේ හුලඟ මත් ආයෙත් ඇවිත්..
    නුඹ හිද්දි දුක් සිසිල දුන්නා වුනත්...

    පෙර හැමදේම නුඹ නැතිව ලැබුනා වුනත්
    මේ එක රෑට නුඹ නැතිව තැවෙනා දෙනෙත්
    හෙට එන රෑට නුඹ නැතිව කෙලෙසක නම් ඉවසම්දෝ............

    මේ ගෙවෙන්නේ අවසන් රැයම වේ
    ආයේ නම් රැය අවසන් වේ...

    මේ සඳ වුනත්...

    ආයේ හිරු නැ...හෙට හුලඟත් නැ..
    නුඹ ආවත් මේ රැය නැ...
    ආයේ නුඹ නැ...දුක් කදුලුත් නැ...
    රැය ආවත් මම නැ......

    මේ ගෙවෙන්නේ අවසන් රැයම වේ
    ආයේ නම් රැය අවසන් වේ...
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    රුදුරු තුරු වදුලේ....
    තියුනු කටු අතරේ....
    දිලෙන සියුමැලියේ...
    ඔබයි ජීවන සුවඳ දෙන්නේ...
    රෝස කුසුම මගේ... :love::love::love:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මල් මදහාස ඔය මූණ මැ‍වෙන තරම්
    මට නොකියා ම ඔබ මා හිතේ ඉඩ අරන්
    සතු කරගන්න හැමදාම යදිනා වරම්
    මා හැරයන්න එපා කිසිඳු කිසිදාකනම්

    දැකල නෑ තව කෙනෙක් ඔබ වගේ මේ ලොවේ
    උමතු වීල ද හිත මගේ ඔය රූ කෙරේ
    ලස්සනයි ඇත්තමයි ලස්සනයි හඳ වගේ
    වටිනවා ඔබව මට බොහොම සත්තයි නගේ

    මල් මදහාස ...................

    දැනිල නෑ වෙන කෙනෙක් කිසිම දා මේ වගේ
    පැතුම වීල ද හමුවුණේ ඔබ මා කෙරේ
    ආදරෙයි ඇත්තමයි ආදරෙයි පණ වගේ
    ඔබ මගේ සතුට හැම නිතර සත්තයි නගේ

    මල් මදහාස ...................


    ගායනය :- සමන් ඉන්දික
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    තරු වෙරළේ - සඳවත සේ
    හිත් අහසේ ඔබ පායාවුන්නා
    හිනැහෙමු ඒ පුරහඳ සේ
    මගෙ මිතුරේ නෙත් කඳුළු පිසදා..

    මල් පිපිලා ඇස් මානේ නෙත් පැහැයන් පුරවා
    හිතට දැනුනා හිත් කඳුලට මල් සුවඳක් හැමුවා
    හොරෙන් ඇවිදින් පිනි කඳුළක් සිත් සායම් තිබ්බා
    සුවඳ විතරයි අතැගිල්ලට හිමි නැතිදෝ මන්දා

    මගෙ ළඟ ඉදන් ලොකු ඇස් පියන්
    වස්සාවේ හිත් යායේ වරුසා..
    මිතුරේ මගෙ නිල් මල් හීනේ සුරකීවා ඔය දෑස වගේ..

    මල් පිපිලා ඇස් මානේ නෙත් පැහැයන් පුරවා
    සුවඳ විතරයි අතැගිල හිමි නැතිදෝ මන්දා
    මගෙ ළඟ ඉදන් ලොකු ඇස් පියන්
    වස්සාවේ හිත් යායේ වරුසා
    මිතුරේ මගෙ නිල් මල් හීනේ සුරකීවා ඔය දෑස වගේ..:yes:

    තරු වෙරළේ - සඳවත සේ
    හිත් අහසේ ඔබ පායාවුන්නා
    හිනැහෙමු ඒ පුරහඳ සේ
    මගෙ මිතුරේ නෙත් කඳුළු පිසදා.
    .:love:

    ~ගයන්ත-දමිත් අසංක~
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මා හද විනිවිද දකින්න
    දෑසක් නුඹට තිබුණා නම්
    මා සිත කියවා බලන්න
    නුඹෙ සිතට හැකිවෙයි නම්
    තවම නුඹගෙයි මං

    නුඹ ප්‍රේමය කියවූයේ
    අසුභ නැකතකටයි
    මල් සුවඳ පිදුවේ
    විෂ බඹර කැලටයි

    නුඹ අන්ධ වී සිටියේ
    උමතු රාගයටයි
    යලි දෑස ඇරුනේ
    දුරස් වූ පසුවයි

    ගායනය - දුමාල් වර්ණකුලසූරිය
     
    Status
    Not open for further replies.