මීගමුවේ ප්‍රශ්නෙට උත්තරේ...

Ravana.

Member
Aug 21, 2008
1,094
164
0
උන්ගෙන් අහපන් අවුල මොකද්ද කියල දැනගන්න පුළුවන්
071-7774400 මෙන්න මෙතනින් අහපන් අවුල

මචන් මිනිහෙක් දන්නැති දෙයක් ඇහුවාම උබ දන්නවනම් කියපන්... මමහ් ඔය නම්බරේ දන්නවා .... මචන් උබ දන්නවනම් කියපන් ....
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මචන් මිනිහෙක් දන්නැති දෙයක් ඇහුවාම උබ දන්නවනම් කියපන්... මමහ් ඔය නම්බරේ දන්නවා .... මචන් උබ දන්නවනම් කියපන් ....
    දාපු උන්ව හොයන්න නියෝග කරලා
    කො.අප.කො එකට
    එකෙන් අන්තර්ජාල සේවා සපයන අයට කියල
    එහෙම එකක වැඩ කරන එකෙක් කිව්වේ මෙහෙම ඕඩර් එකක් එවල කියල
    රංජන අන්ෂකුලරත්න කියන පොලිස් කරය තමයි අත්සන් කරලා තියෙන්නෙ
    ඕඩර් එකට
    දන්නෙ නැත්නම් ඔය නම්බරෙන් අහපන්
    උබ ද දැම්මේ ඕව
     

    qtel

    Well-known member
  • Apr 17, 2011
    1,119
    111
    63
    OUT OF HOME
    මචන්ලා මටනම් හිතෙන්නේ උබලා ඔක්කොම ආගම අදහන්නේ බොරු ෂෝ එකට කියලයි .උබල පිළිම පස්සේ දුවන්නේ ඊනිසා .පිළිම (බෞද්ඩ් / කිතුනු ) කියන්නේ සංකේතයක් විතරයි .උබල සේරම තම තමන්ගේ ආගම හදවතින් අදහපන් .එතකොට ඔය පිළිම ගැන වදවෙනං ඕන නැහැ
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    රත්තරං;13631159 said:
    මේ ලිපිය බෙදා හදා ගත්තේ හැමෝම දැනුවත් කිරීමේ අරමුනින්
    උපුටාගත් තැන හා මාද්‍යවේදී කතෘගේ නම සදහන් කර ඇත.

    මුන් මේ විනාසය කරන්නේ බුදු දහම වගේම සහයෝගීතාව අගයන... ආගමට වඩා ජාතිය වෙනුවෙන් පෙනීසිටින කතෝලික බැතිමතුන්ට නොවේද? ඔවුගේ ප්‍රතිරූපය නොවේද?
    ඒ වෙනුවෙන් ඔවුනුත් හඩ නැගිය යුතු නොවේද? කතෝලික සභාව මේ වෙනුවෙන් ක්‍රියාකලයුතු නොවේද? , ඔවුන්ගේ නිශ්ශබ්ද තාවයෙන් ගම්ය වන්නේ කුමක්ද?

    මේවටත් ජාතිවාදී ත්‍රෙඩ් කියනවනම් ඉතින් වෙන කියන්න දෙයක් නෑ


    1075_540975389253382_929036215_n.jpg


    බෞද්ධයන් බිලී බාන කුරුස සමාගම්.

    බුදු පිළිම කඩා බිඳ ගිනි තබා අන්‍යාගම්කරණය කරන සත් දෙනෙකුගෙන් යුත් ඉවැන්ජලික කල්ලියක් බොදු බල සේනාවෙන් අල්ලයි....

    දේවගැති මාධ්‍ය ලොක්කන් සිව් දෙනෙකුත් ඒ අතර...

    ---------- බොදුබල සේනා වෙනුවෙන් වාර්තා කලේ පංචන ජයසිංහ විසිනි.. .

    644695_352150794875641_1006452256_n.jpg


    බුදු පිළිම කඩා බිඳ දමමින් හා ගිනි තබමින් බෞද්ධයන් අයථාකරයෙන් අන්‍යාගම්කරණය කරනු ලබන හත් දෙනෙකුගෙන් යුත් ඉවැන්ජලික කල්ලියක් වටලා සියලු තතු හෙළිදරව් කර ගැනීමෙන් අනතුරුව පොලීසියට බාර දීමට බොදු බල සේනා ජාලය කටයුතු කොට තිබේ. ඉකුත් 12 වැනි සිකුරාදා (2012.10.12) දින රාත්‍රියේදී බොදු බල සේනා ජාලයේ විශේෂ විමර්ශන ඒකකය මඟින් කරනු ලැබූ මෙහෙයුමකදී පිළියන්දල, මඩපාත, බටගැත්තර ප්‍රදේශයේ නිවසක රැඳී සිටි මෙම කල්ලිය වැටලීමට හැකි වූ අතර, එසේ අත්තඩංගුවට ගත් පිරිස අතර පාස්ටර්වරුන් හෙවත් දේවගැතිවරුන් දෙදෙනෙකු හා මෙරට සුප්‍රසිද්ධ මාධ්‍ය ආයතනයක නිලධාරීන් සිව් දෙනෙකුද වේ. මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සදහා කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ බොදු බල සේනා ජාතික මූලස්ථානයේ පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේදී වැඩිදුර කරුණු රාශියක් අනාවරණය විය.

    "එක පවුලක් හිටියා, මේ පවුලේ පුතාට වයස අවුරුදු 26ක් පමණ ඇති; නම දමිත්. මුලින් තරැණියක් සමඟ ප්‍රේම සබඳතාවක් පැවැත්වූ මෙම තරුණයා කිසියම් පිරිසකගේ පෙළැඹවිම මත හිටිවනම එක්තරා බැංකුවක සේවය කරනු ලබන තරුණියක් සමඟ හිටිවනම විවාහ වෙනවා. නමුත්, මාස දෙකක් ඉක්ම යන්නට මත්තෙන් මේ පවුලට කණකොකා හඬන්නට පටන් ගන්නවා; අර විවාහ වූ තරුණියගෙන් මේ තරුණයාට සිදු වන නොයෙකුත් අඩම්තේට්ටම් හා කෙනෙහිලිකම් නිසා. ඇත්තටම කියනවා නම් මේ තරුණිය ඉවැන්ජලික සමාගමක කුමන්ත්‍රණකාරියක්. ඇගේ මෙහෙයැවීම මත මේ තරුණයාට මානසිකව පීඩාවන් දී පසුව එයින් මුදවන මුවාවෙන් ඉවැන්ජලික පල්ලියට සම්බන්ධ කරවනු ලබනවා. එහිදී පාස්ටර්වරුන් විසින් මේ තරුණයාගේ මනස දූෂ්‍ය කරනවා ඔහු විවාහ වී සිටින තරුණිය දඩබ්බර අයුරින් හැසිරෙන්නේ ඈට යක්ෂාවේෂ වී සිටින නිසා බව කියමින්... එහෙම කියලා එක්තරා ආකාරයක මෝහන නිද්‍රාවකට පත්කරනු ලබනවා. ඊට පස්සේ මේ තරුණයාට උපදෙස් දෙනවා පවුල් ජීවිතය අසාර්ථක වෙන්නේ නිවසේ යක්ෂයෙකු සිටීම හේතුවෙන් බවට. මොවුන් මේ යක්ෂයා කියන්නේ බුද්ධ ප්‍රතිමා වහන්සේට. කොහොම හරි මේ විෂබීජ ගිලින තරුණයා ගෙදරට ඇවිත් පාස්ටර්වරුන්ගේ උපදෙස් පරිදි බුදු පිළිම කඩමින්, ගිනි තබමින්, දෙමාපියන්ට පවා දරුණු හිංසා පීඩා කරමින් උන්මන්තකයෙකු සේ හැසිරෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ අර විවාහ වූ තරැණිය දික්කසාද වී යළිත් තරුණයෙකු බිලී බා ගැනීමේ මෙහෙයුමට අවතීර්ණ වෙනවා. මෙම කල්ලියේ ප්‍රධාන මෙහෙයුම්කරුවා වනුයේ උපතින් හින්දු බැතිමතෙකු වන එහෙත්, පසුව ඉවැන්ජලික සමාගමක් විසින් බිලී බා ගත් පී.දිනේෂ් කුමාර නමැති 27 හැවිරිදි තරුණ දේවගැතිවරයෙක්. "නේම් ඔෆ් ලෝර්ඩ් ජීසස්" නම් ඉවැන්ජලික සමාගමෙන් තමයි මොවුන්ව මෙහෙයවනු ලබන්නේ. මෙවැනි ඉවැන්ජලික කල්ලි කණ්ඩායම්වල මෙහෙයැවීම යටතේ අසාර්ථක වූ පවුල් 500ක් පමණ අප බොදු බල සේනා ජාලය විසින් මේ වනවිට හඳුනා ගෙන තිබෙනවා. ඔවුන් පත්ව සිටින අගතියෙන් මුදවා ගෙන මේ රට ආගමික බිල්ලන්ගෙන් ගලවා ගැනීම සඳහා බොදු බල සේනා ජාලය ක්‍රියාත්මක වනු ලබනවා. මේ අත්තඩංගුවට ගත් කල්ලියේ සිටි මාධ්‍යවේදීන් සිව් දෙනා සුවිශේෂයි. මහසඟරුවනට නිගා දෙන අයුරින් විද්‍යුත් මාධ්‍ය හසුරුවනු ලබන්නේ මොවුන් විසින්. එසේ කොට ලංකාවේ ආගමික නිදහසක් නැතැයි කියමින් ඇමෙරිකාවේ උවමනාවන් ඉෂ්ඨ සිද්ධ කර දීමට ඔවුන් කටයුතු කරනවා. මෙවැනි ඉවැන්ජලික සමාගම් 400ට අධික ප්‍රමාණයක් මෙරට සමාගම් ලියාපදිංචි කිරීමේ පනත යටතේ ලියාපදිංචි වී තිබෙනවා" යැයි බොදු බල සේනා ජාලයේ මහලේකම් ගලගොඩඅත්තේ ඤාණසාර හිමියෝ ප්‍රකාශ කර සිටියහ. වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ:

    "ඉවැන්ජලික කල්ලි කතෝලික සභාවටත් අභියෝගයක් වී ඇති බව පසුගිය දිනෙක මැල්කම් රංජිත් කාදිනල් තුමා විසින්ම ප්‍රකාශ කරනු ලැබුවා. හරි නම් මේවා විසඳගන්න ඕනෑ ඔවුන් විසින්. ඒත් මේ බෞද්ධ රට තුළ කතෝලික සභාවේ බලයක් බලයක් නැති නිසාත්, වැඩිපුරම මෙවැනි උගුල්වලට හසු වන්නේ බෞද්ධයින් වන නිසාත් බොදු බල සේනා ජාලය මීට මැදිහත් වෙලා ඒවා මැඬලන්න කටයුතු කරනවා. නමුත්, අපි දැනගන්න කැමතියි මේවා සම්බන්ධයෙන් කාදිනල්තුමා ප්‍රමුඛ කතෝලික සභාවේ ස්ථාවරය කුමක්ද කියා...? එපමණක් නොවෙයි; මේ වන විට කතෝලික සභාවේ මෙහෙයැවීම යටතේ කතෝලිකාගම දේශානුරූපී කරමින්, සිංහල බෞද්ධ සංස්කෘතිය උකහාගෙන සිදු කරන ඓතිහාසික සංස්කෘතික මංකොල්ලයට කාදිනල්තුමා ලබා දෙන පිළිතුර මොකක්ද කියලත් අපි දැනගන්න කැමතියි. රාගම තේවත්ත බැසිලිකාවේ ඓතිහාසික සංස්කෘතික මංකොල්ලයක් සිදුකර තිබෙනවා.මනාව සරහන ලද සද්ධන්ත හස්තිරාජයින් පිටේ සධාතුක කරඬුව වඩමවන්නාක් සේ කුරුස තබා ප්‍රදර්ශනය කරමින් පෙරහැර පවත්වනවා. මුතුකුඩ, මුරායුධ, සේසත්, වෙස් නැටුම් කණ්ඩායම්, මඟුල් බෙර, සක්පිඹීම්, ගොක්සැරසිලි ආදිය යොදා ගනිමින් කතෝලිකාගම යැයි කියා විශාල ප්‍රෝඩාවක් මවා පෙන්නනවා. මේවා සම්බන්ධයෙනුත් කතෝලික සභාවේ ස්ථාවරය දැනගන්න අපි කැමතියි. මේ රටේ සෑම අර්බුදකාරී අවස්ථාවකදීම මැදිහත් වෙලා බේරා ගත්තේ මහසඟරුවනයි. අදීන ඉතිහාසයක් හිමි මේ රටේ අදත්, හෙටත් ක්‍රියාත්මක වෙන්නේ බෞද්ධ බලයයි. අපි අපේ වත්ත සුද්ද කරනවා වගේම වත්තට පනින්න හදන ඌරු කොටුත් සුද්ද කරනවා. ප්‍රභාකරණ්ගේ ඊනියා ඊළාම් රාජධානි සංකල්පය පිටුපස දිවුණේත්, දමිළ හින්දු විමුක්ති අරගලයක් නොවෙයි; කුරුස යුද්ධයක් බව මේ රටේ හැමෝම දන්නවා. ඒ කාලෙදී මරාගෙන මැරෙන බෝම්බකරුවන් ලෙස පෙනී සිටි පාස්ටර්වරැන් 18 අල්ල ගන්න අපි සමත් වුණා. යළිත් එවැන්නක් සිද්ධ වන්න තියන්නේ නෑ... ඒ නිසා මේ රටේ සාමය බිඳ දමන, මිත්‍යා දෘෂ්ඨීන් වපුරන සෑම ආගමික බිල්ලෙක්වම බෙල්ලෙන් අල්ල ගන්නත් අපි පසුබට වෙන්නේ නෑ..." යනුවෙන් අවධාරණය කළහ.

    එසේ අල්ලාගත් එක් පාස්ටර්වරයෙක් බෞද්ධයන්ගෙන් සමාව ගත් ආකාරය.




    බොදු බල සේනා හරහා ලංකාවේ බිහිවන බෞද්ද පුනරුදයට හා හඩට අපේ ප්‍රණාමය



    මේකේ සාමුහිකත්වය ජාතික සමගිය ගැන කතාකරන හැම ත්‍රෙඩ් එකකටම කමෙන්ට් දාන කිතුනු බැතිමතුනුත් ඉන්නවා.. සිය ගානක් මේ ත්‍රෙඩ් එක බලලත් තියෙනවා. මේකේ කිසිම තැනක අපි එහෙම හොදයි කියන කිතුනු සහෝදරයන්ට වචනෙකින්වත් අපහාස කරලත් නෑ. හැබැයි ඒ එකෙක්වත් මේකට කමෙන්ට් කරලත් නෑ. මේ වැඩේ වැරදියි කියලත් නෑ..කියන්න එකෙක්ටවත් කොන්දක් තිබිලත් නෑ. අන්න එතනනම් අව්ලක් තියෙනවා