CCNA පා‍ඩම

sanjeeme

Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ගොඩක් දවසකින් Thread එකට අලුත් පාඩමක් එකතු කරන්න බැරි වුනා. ටිකක් Busy වෙලා ඉන්නේ ලංකාවෙන් පිට. ඉක්මණින් අලුත් ලිපියක් දානවා.
     

    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    Uba karana me udaw walata kohoma stuti karanada manda. nawatana epa digatama karagena yana..... Jaya wewa...
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    kohe giyath kamak na okata nam yanada epa kelawena 1 kelawenawa.... ape betch 1e 23k unna ccna ithuru une 6 i unatath melo magulak ba orginal router switch elluweth na


    ඕක තමයි ලංකාවේ හුගක් තැන් වල ප්‍රශ්නය. හරියට මොකක් හරි කරන්න හොද තැනක් නෑ තියෙන හුගක් තැන් වල හරි Standard එකක් නෑ. මම නම් CCNA වලට Class ගියේ නෑ. ඒක නිසා හරියටම දන්නේ නෑ. Anyway, උඹේ දැනුවත් කිරීමට ස්තූතියි. ඒ‍ වගේම අපේ අනිත් අයටත් දැනගන්න හොද Places තියෙනවනම් දාන්න.
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    අපි ඔන්න දැන් පළවෙනි කොටසේ අවසානයටම ඇවිත් ඉන්නේ. අන්තිම පාඩමෙන් අපි කතා කලා යම් message එකක් OSI Layers හරහා යද්දී ඒකට අලුතෙන් add වෙන්නේ මොනවද, ඒවට කියල නම් ආදිය පිළිබද. තව පොඩි කෑල්ලක් තියෙනවා මේ පාඩමේ.


    CISCO Three Layer
    Hierarchical Model.

    නිකන් ඉන්න බැරි හින්දා ඔන්න CISCO සමාගම විසිනුත් Layer Architecture එකක් හදුන්වලා දුන්නා. මේක හදුන්වලා දුන්නේ විශේෂයෙන්ම හුගක් විශාල සහ Complicated Network හදුනා ගැනීම පහසු කර ගන්න. ඒ කියන්නේ Network එක Hierarchy එකක විදිහට වෙන කරගත්තා. එතකොට ඒ
    Network එකේ කොටස් සහ කාර්්‍යයින් හදුනා ගැනීමට පහසුයි.

    අපි බලමු මොනවද මේ Three Layers කියලා

    01. Core Layer (Backbone Layer)
    02. Distribution Layer (Routing Layer)

    03. Access Layer (Switching Layer)

    3-layer%20CISCO%20Moede.jpg


    ඉහත රෑප සටහනේ මේ ප්‍රධාන Layers 3 බෙදෙන්නේ කොහොමද කියලා දක්වලා තියෙනවා. දැන් මේ
    layers ගැන වැඩි පුර විස්තර බලමු


    01. Core Layer
    නමින්ම කියවෙනවා වගේ මේ layer එක තමයි අනිත් layers වලටත් core එක වෙන්නේ. ඒ කියන්නේ යම් network එකක ප්‍රධාන සම්බන්ධතාවය (main WAN line එක) ඇවිත් සම්බන්ධ වෙන්නේ මේ layer එකට.


    අපි උදාහරණයක් විදිහට ගත්තොත් ආයතනයක Network එකට ISP (Telecom, LakaCom)ගෙන් ගන්න line එක ඇවිත් සම්බන්ධ වෙන්නේ මේ Core Layer Equipments වලට. මේ නිසා මේ Layer එකට Internet Backbone Layer කියලත් කියනවා. මේ ප්‍රධාන line එක සම්බන්ධ වීමට Core Layer එකේදි අපි හුගක් වෙලාවට භාවිතා කරන්නේ Core Layer Switches (CISCO Catalyst Switches). මේ switches වල වේගය වැඩියි 100MBps වල ඉදලා 1000GBps දක්වා වේග වලින් මේ switches වෙළද පොලේ තියෙනවා. හුගක් ඒවා වල Fiber Optic connection පහසුකම් තියෙනවා. ඒ වගේම මේවා මිළ අධිකයි.

    Network එකක් ගොඩනගද්දී මේ Core Layer එක හුගක් වැදගත් මොකද Network එක ඇතුලේ (LAN එකේ) සම්බන්ධ වන සියලුම Host සහ අනෙකුත් network devices අතර වේගය රදා පවතින්නේ මේ Core Layer එකෙන් LAN එකට සපයන වේගය අනුව. මේ layer එකේ යම් කිසි බිද වැටීමක් සිද්ධ වුනොත් ඒක Network එකේ සියලුම උපකරණ වලට බලපානවා.

    අපේ network එකට එන සහ යන සියලුම traffic හුවමාරැ වෙන්නේ මේ layer එක හරහා. අන්න ඒකයි මම කලින් කිව්වා වගේම මේ layer එක හුගක් වැදගත් වෙන්නේ. අපි මේ layer එකට වැදගත් වෙන කරැණු කිහිපයක් බලමු.

    # Core Layer එකේදි අපි network එක slow වෙන දේවල් කරන්නේ නෑ. උදාහරණයක් විදිහට ගත්තොත් Packet filter කිරීම, VLAN (
    network එක කුඩා කොටස් වලට කැඩීම), Access List දැමීම වගේ දේවල් වලින් වෙන්නේ traffic එක වැඩි වීමයි ඒක නිසා අපි Core Layer එකේදි ඔය දේවල් කරන්නේ නෑ.

    # ඒ වගේම බොහොම අඩු උපකරණ ප්‍රමාණයක් තමයි මේ Layer එකේදි භාවිතා කල යුත්තේ. උපකරණ වැඩි වෙන්න වැඩි වෙන්න data ගමන් කිරීමේ වේගය අඩු වෙනවා


    # Core Layer එකේදි අපි අඩු latency අගය අඩුවෙන් තියාගන්න ඕනේ. ඔය latency කියන වචනෙට සිංහල තේරැමක් මම දන්නේ නෑ. නමුත් latency කියලා කියන්නේ අපේ network device එකකට පැමිණෙන data එකක් ඒ device එකේ එක port එකකින් ලබාගෙන වෙන port එකකින් හො ඒ port එකෙන්ම නැවත පිට කිරීමට යන කාලය.

    # ඒ වගේම Core Layer එකේ devices වල කල් පැවැත්ම (durability) වැඩි වීම වගේම බිද වැටීම් අවම මට්වමේ පවත්වා ගැනීමටත් හැකි විය යුතුයි.


    02. Distribution Layer

    මේ layer එකට කියන තවත් නමක් තමයි Workgroup Layer. මේ layer එකේදි තමයි අපි හුගක් වෙලාවට Routers භාවිතා කරන්නේ. ඒ වගේම Switches එහෙමත් භාවිතා කරනවා. මේකෙදි හුගක් වැදගත් වෙන දේවල් රාශියක් අපි කරනවා.

    #
    අපි Routing කරන්නේ මේ Layer එකේදි. ඒ වගේම Access List දැමීම, Packet Filter කිරීම වගේ හුගක් දෙවල් මේකෙදි කරනවා

    # VLAN කිරීම හෙවත් අපිට පහසු විදිහට අපේ LAN එක කුඩා කොටස් වලට කඩාගැනීම කරන්නෙත් මේ Layer එකේදි. ඒක නිසා ම තමයි මේ Layer එක Workgroup Layer කියලා හදුන්වන්නෙත්.

    # ඔය Firewall එහෙම දාලා Network එකේ Security set කරන්නෙත් මේ Layer එකේදි.
     
    Last edited:

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    03. Access Layer

    නමින් කියවෙනවා වගේම network users ලට access කරන්නේ මේ Layer එක. ඒ නිසාම අපි මේ Layer එකට Desktop Layer කියලත් කියනවා. Distribution layer එකෙන් කඩපු workgroups වෙන වෙනම වැඩ කරන්නේ මේකෙදි තමයි. ‍ඒ workgroups, host ලට connect කරගන්න උදව් වෙන්නේ Switches. මේකට අපි කියනවා Ethernet Switching කියලා.

    හොදයි ඔන්න අපි CISCO 3-Layer Hierarchical Model එක ගැන කතා කරලා ඉවරයි. ලගදි මේ Hierarchical Model එකෙන්නම් Exam එකේදි ප්‍රශ්න අහලා තිබ්බේ නෑ. ඒත් ඉතින් නිකන් කියවලා හරි තියන්න. ප්‍රශ්න එන්න පුලුවන්.

    Refer:
    http://en.wikipedia.org/wiki/Cisco's_3_Layered_Model
    http://cisconetworkingcenter.blogspot.com/2012/03/cisco-hierarchical-model.html
     

    shanroxz

    Junior member
  • Sep 1, 2011
    39
    1
    8
    hugak useful thread ekak mchn.....digatama karagena yanna...mamath next month idala SLIIT eke CCNA corz eka karanna inne.....
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ko thread eka update wenne nene mchn......??:(

    Sorry Machoo, මම මේ දවස් වල ලංකාවේ නෙවෙයි ඉන්නේ. ටිකක් busy. කොහොම හරි හෙට පාඩම් ටිකක් දාමු.
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ටික දවසකට පස්සේ ඔන්න ආයෙත් අලුත් පාඩමක් අරන් ආවා.

    Ethernet Cabling
    ේක ොඩි කෑල්ලක් වුනාට හුගක් වැදගත් පාඩමක්. ඔයොලෝ Network Field එේ ඉස්සරහට යන්න හිතන් ඉන්නවනම් කවදාවත් අමතක කරන්න බැරි පාඩමක්. Cabling කියලා කිව්වම ොකු topic එකක් ඒත් CCNA වල තියෙන්ේ අපිට අවශ්‍ය basic කරැණු ටිකක්. Cable හදුනා ගැනීම සහ ඒවා ොදාගන්ේ කුමන උපකරණ සම්බන්ධ කරන්නද කියන එක තමයි තියෙන්ේ.

    ඔයගොල්ලෝ හැමෝම දැකලා ඇති කියලා හිතනවා සාමාන්‍ය network cable. ඔයාලා කොහේ හරි වැඩකරනවනම් ඒ ස්ථානයේ පරිගණක ජාලයක් තියෙනවනම් ඒ පරිගණක එකට සම්බන්ධ කරන්න භාවිතා කරලා තියෙන්නේ network cable එකක්.

    පරිගණක විතරක් නෙවෙයි අපි ඉගෙන ගත්ත network devices (Routers, Switches, Hub etc....) සියල්ලම network එකට සම්බන්ධ වෙන්
    network cable එකක් හරහා. බැලූ බැල්මට network cable එක ව. නමුත් අපි එකට සම්බන්ධ කරන device එක අනුcable වෙනස් වෙනවා.

    මෙතනදි අපි ඉගෙන ගන්නවා ප්‍රධාන
    Cable ජාති 3 ක් ගැන

    01. Straight - Through Cable
    02. Crossover Cable
    03. Rolled Cable (Console Cable)