ඔයාටත් හයිවේ එකක් තියෙනවද???

jmai007

Well-known member
  • May 24, 2010
    1,087
    61
    48
    kadawatha
    ඔව් බං තම්බින්ට ග්‍රීක් වගේ...... ෆොන්ට් එක යකා නටලා....
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඔන්න එක එක කාලෙට අමුතු ත්‍රෙඩ් ලියන්න හිතෙන හින්දා අදත් රෙප් කැපෙන ත්‍රෙඩ් එකක් දාන්න හිතුනා, සමහර අය ත්‍රෙඩ් එක දිග වැඩියි කියලත් රෙප් කපනවා ඒකට නම් හීනියට දුකක් එනවා, :)

    මට මගේ ජීවිතේ මූන දුන්න දේවල් කීපයක් එක්ක ගැලපෙන තව මාතෘකාවට බැස්සා. ඉස්සෙල්ලම කියන්න තියෙන්නෙ ඔලුවෙන් හිටගෙන ලෝකෙ දිහා බලන්න බැරිනම් මේක කියවන්න එපා !!!:lol:

    බලාපොරොත්තුවලින් පිරිච්ච ඔහේ පාවෙන තරුන ජීවිත ගැන හොඳක් දකින අයට වඩා වැරදි පේන සමාජයකට මෙහෙම කතා කරන දෙවල් ටිකක් තේරෙනව මදිවගේ එකකුත් ඇති. කොහොමවුනත් ජීවිතය ලස්සනයි. බරපතලක් නොපෙනෙන තරම්, ඒ වුනාට මහා ලොකු සමනල හීන පොදි බැඳගෙන දුර ගමනක් යන්න අපි හැමෝම දිවා රෑ නොබලා වෙහෙසෙනවා. ඒ ගමන කොහොමහරි යනව කියලා හිතාගෙන, සමහර දේවල් වෙන්නෙ නෑ කියල හිතාගෙන දවසකට කීපාරක් නම් විඳවනවද? එහෙම වාර අනන්තයි කියලා හිතෙනව ඇති.මේ විදියට කොච්චර දිව්වත් අපේ බලාපොරොත්තුවලට හරි තේරුමක් දෙන්න තාම කාටවත් බැරිවෙලා තියෙනවා. කවුරු කවුරුත් තම තමන්ට හිතෙන විදියට,අහලා දැකලා තියෙන විදියට ඒක තේරුම් ගන්න උත්සාහ කරනවා. ඒ වුනාට හරි වැටහීමක් දෙන්න බැරිවෙලා, කොටින්ම දුවන්නම්වාලෙ දුවනවා. ඒක තමයි ඇත්ත.:rolleyes:

    අහන දකින කියවලා තියෙන දේවල් එක්ක ලෝකය තේරුම් ගන්න උත්සහ කලාට අපිට හරි වැටහීමක් තියා දැනුම් තේරුම්කමක්වත් ඔය මොකකින්වත් ලැබිල නෑ කියලා හිතෙන වාර අනන්තයි. අපි ඒක තෙරුම් ගන්න උත්සාහ කරනවා නැත්නම් තෙරුම් ලෝකෙට පේන්න තේරුම් අරගෙන වගෙ ඉන්නවා. මොන උපාධි අරගෙන තිබුනත් මොන විශ්වවිද්‍යාලයේ ඉගෙන ගෙන තිබුනත් අවශ්‍යම වෙලාවේදී අපි ගන්න තීරණය වැරදුනොත් ඒ ජීවිතයට ඒ ඉගෙනගත්ත දේවල් වලින් වැඩක් තියෙනවද? එහෙම වැරදුන ජීවිත ඕනතරම් තියෙනවා. පොතේ පතේ දැනුමින්ම ලොකය තේරුම් ගන්න පටන් අරගෙන සමහර පොඩි තැන්වලදී පවා අපි අසරණ වෙච්ච වෙලාවන් ඕන තරම් තියෙනවා. ඒත් ඒ බව දැනගෙනත් ඒ විදියටම වැඩකරවන්න තමයි මේ පවතින ක්‍රමය යටතේ අපිව හුරු කරලා තියෙන්නෙ, ඒකෙන් පිට පැනලා වැඩකරන්න කවුරුත් බයයි. ඇයි කවදාහරි වරදීවි කියන බයට, බලන අහන දකින හැමෝම මොකක් හරි දේකින් විඳවනවා, හූල්ලනවා, හිතින් ගිනි ගොඩවල්වල ජීවත්වෙනවා. :no:


    කලාවට සංවේදී, සොබාදහමට සංවේදී, සතා සීපාවා ගැන කැක්කුමක් තියෙන, තමන්ගෙ අම්මට තාත්තට ආදරේ කරන, තමන් ඉපදුන රටට ගරු කරන්න පුළුවන් විදිහේ පුද්ගලයෙක් හදන්න කියලා තමයි අපි බහ තෝරන අවදියේ ඉඳලා අපිඅට උගන්නන්නෙ . ඒත් ඒ උගන්නන අයම ඉගෙනගන්න උන් ඉස්සරහ ඒක අමු අමුවෙන්ම කඩලා දානවනම් මොකක්ද ඒ අය හැදෙන උන්ට දීල තියෙන ආදර්ශෙ කියලා අහන්න ඕනෙ නේද? එහෙම අහන්න හිතුනත් කොහොම අහන්නද? ඒකට සිමා බන්ධන දාල, සංස්කෘතිය ඉස්සරහට දාල තියෙද්දි. අනිත් එක එහෙම අහන්න ගියානම් කියන්නෙ මොනාද? " අන්න අරූ නැහැදිච්ච එකෙක්", "මේකා මෙච්චර කල් ඉගෙනගෙන තියෙන්නෙ මොනාද දන්නෑ" කියන්න දෙයක් නැත්නම් චූ කොල්ල කියල හරි කියල ගරහන්න පටන් ගනී. මෙහෙම දාහක් දේවල් ඔලුවෙ තියාගෙන තමයි කරන හැමදේම කරන්නෙත්, විභාගෙට ලෑස්තිවෙන්නෙත්, මේ කෝස් එක කරන්නෙත්, දවස ගානෙ ජොබ් හොයාගෙන ඉන්ටවීව් යන්නෙත්, එක එකාට නැවෙන්න සිද්ධවෙලා තියෙන්නෙත්, අපිට ගැලපුනත් නැතත්, මේ හැම මඟුලක්ම කරන්නෙ ඒ හින්දා තමයි. ඒත් ඒ හීන හැමදාටම ඔළුවේ තියෙන දේවල් විතරක්ම වේවිද?, එහෙම හිතෙන වෙලාවලුත් තියෙනවා, නෑ. ඒක එහෙම වෙන්න විදියක් නෑ.:dull:


    "මට වරදින්න විදියක් නෑ. මොකද මං දන්නවා මට යන්න ඕන විදිය. යන්න ඕන ගමන. ඉතින් මට කොහෙ වරදින්නද?" මුල මැද අග ගලපගන්න විදියක් නැති දේවල්වලින් පිරිච්ච ඔළුවට දාගන්න ඕන මොනාද අයින් කරන්න ඕන මොනාද කියලා ටිකක් හිතලා බලන්න. බස් එකේ යද්දී නිකන් ඉන්න වෙලාවට පොඩ්ඩක් කල්පනා කරලා බලන්න මගෙ ලඟ තියෙන්නෙ මොනාද නැත්තෙ මොනාද කියලා හිතලා බලන්න. නරක දේවල් තියෙනවනම් තියෙනවනම් ඒව උඩුදුවලා පිළිකා වෙන්න දෙන්න එපා. අනිත් එක ඕනවට වැඩිය හිතන්න යන්නත් එපා එහෙමවුනොත් මෙලෝ දෙයක් කරගන්න බැරිවේවි.
    මගේ ලඟ තියෙන්නෙ මොනාද මං දන්නෙ මොනාද ඒ දේවල් වලින් ගොඩයන්න බලන්න එතනයි සතුට තියෙන්නෙ.
    :nerd:

    onna recover kala ;)