අද අපි CCNA පාඩමෙන් කතා කරන්න යන්නේ DOD Model යටතේ එන Internet Layer එක ගැන. OSI Model එකේදි මේ layer එක අපි හදුනගත්තේ Network layer එක කියලා. ක්‍රියාකාරීත්යේ කිසිම වෙනසක් නෑ. ඒක නිසා Network layer එක ගැන තිබ්බ පාඩම නැවත කියවන්න. හරි මම මෙතනදි DOD Model එකේ අනිත් layers වලදි කතා කලා වගේ Internet Layer එකේදි අපිට හුගක් වැදගත් වෙන Protocol කිහිපයක් ගැන කතා කරන්නම්. Protocol හුගක් තියෙනවා නමුත් අපි CCNA වලදි වැදගත් වෙන protocol 4 ක් ගැන මෙතනදි කතා කරමු.
හොදට මතක තියාගන්න CCNA වලදි අපි හුගක් වැදගත් පාඩමක් විදිහට කතා කරන Router සහ Routing අදාල වෙන්නේ මේ Internet නැත්තම් Network layer එකට. ඒක නිසා මේකෙදි කතා කරන Protocols හුගක් වැදගත්. CCNA පාඩම පුරාම විටින් විට අපිට මේ Protocol ගැන මතක් කරන්න වෙයි. ඒක නිසා හොදට තේරැම් ගන්න.
අපි Protocol 4 ක් ගැන කිව්වනේ.
01. IP (Internet Protocol)
02. ICMP (Internet Control Message Protocol)
03. ARP (Address Resolution Protocol)
04. RARP (Reverse ARP)
අපි වෙන වෙනම අරන් බලමු මේ protocol ගැන
IP (Internet Protocol
අපිට හුගක් වැදගත් ඒ වගේම දැනටමත් හුගක් දෙනෙක් අහලා තියෙන protocol එකක් තමයි මේ IP protocol එක. කට්ටිය Internet ගැන දන්නවනම් ඒක දත්ත යැවීමට පාවිච්චි කරන protocol දෙකක් ගැන අහලා ඇති TCP/IP කියලා. මේකෙ TCP ගැන අපි Host to Host layer එකේදි කතා කලා. ඊට පස්සේ IP කියන Protocol එක හම්බවෙන්නේ Internet layer එකේ.
හොදයි මගේ මතය අනුවනම් අපි කතා කරපු protocol අතරින් හුගක්ම වැදගත් එක මේ Internet Protocol එක. ඇයි මම එහෙම කියන්නේ. ඇත්තටම මෙයා තමයි ලෝකයේ හැමතැනටම අපි යවන data ටික අරන් යන්න අවශ්‍ය interface එක හදන්නේ. හිතන්න මේ ලෝකය ගත්තොත් කොයි තරම් network ජාති තියෙනවද ? කොයි තරම් OS's තියෙනවද (Windows, Unix, Apple etc..)? ඒ මොන network එකකින් ආවත් මොන platform එකකින් ආවත් ඒ data පොදුවේ වෙනත් network එකකට ගෙන යන්න උදව් කරන්නේ මේ IP එක.
හොදට මතක තියාගන්න අපි Internet layer එකේදි සහ ඒකට ඉහළින් කතා කරපු සියලුම layers වගේම සියලුම Protocol මෙයා සමග සම්බන්ධතා පවත්වනවා. මොකද මෙයාව මග හැරලා ඒ කාටවත් data ටික network එක හරහා යවන්න බෑ. ඇත්තටම අනිත් protocol මෙයාට support කරනවා මෙයා තමයි ලොක්කා.
මෙයා කරන්නේ මෙයාට උඩින් තියෙන layers වලින් එන data (ඇත්තටම මෙයාට එන්නේ segments) දිහා හොදට බලලා ඒවා යවන්න ඕනේ තැන, ඒ යද්දි කොයි කොයි devices හරහා යනවද කියන දේවල් මුලින්ම ගබඩා කරගන්න එකයි. මේකට කියනවා Routing table එක කියලා. මේක ගබඩා කරගන්නේ අපේ router එකේ. ඒ වගේම මෙයා වගබලාගන්නවා අදාළ data එක යැවීමට වඩාත්ම සුදුසුම මාර්ගය මොකක්ද කියලත්. ඇත්තටම මෙයා දන්නවා ඒ data එක ආපු තැන ඉදලා අවසානයට යන තැන දක්වා තොරතුරැ. Data එක ලංකාවෙන් ඇවිත් ඇමෙරිකාවට ගියත් අප්‍රිකාවට ගියත් මොන ලෝකෙට ගියත් ඒ සියලුම path ගැන සංක්ෂිප්තයක් මෙයා ලග තියෙනවා.
මෙයාට එන segments මෙයා Packet එකක් විදිහට හදා ගන්නවා මේකට IP Datagram එකක් කියලත් කියනවා. මේකට මෙයා Source සහ Destination IP Address දෙකකුත් දාගන්නවා. ඊට පස්සේ අදාළ router එක බලනවා packet එක යැවිය යුතු IP Address එක (Destination IP address) එක මොකක්ද කියලා ඒ අනුව එයා තීරණය කරනවා මේ packet එක යැවීමට ඊළගට වඩාත්ම සුදුසු තැන මොකක්ද කියලා.
මෙයාට පහළින් ඉන්න layers වලින් ඒ කියන්නේ Data-Link layer සහ Physical layer (DOD model වල Network Access layer එක) කරන්නේ අදාළ Local Area Network එක ඇතුලෙදි විතරක් device එකෙන් device එකට data ටික ගෙනිහින් දෙන එක විතරයි.
උදාහරණයක් ගත්තොත් මම මගේ ආයතනයේ ඉදලා යම් data එකක් යවනවා කියන්න ඉන්දියාවේ ඉන්න මගේ යාලුවෙකුට එතකොට මේ Data Link සහ Physical layers වලින් කරන්නේ ඒ data එක මගේ ආයතනයේ gateway router (ආයතනයේ LAN එක පිටස්තර ලෝකයත් එක්ක එකට සම්බන්ධ වෙන router එක) එක ලගට අරන් ගිහින්දෙන එක විතරයි. ඒක හොදට මතක තියා ගන්න.