WAN encapsulation ක්‍රම 3 ක් තියෙනවනේ.
01 Point to point (Dedicated)
02 Circuit Switched
03 Packet Switched
ඔබ සදහන් කරපු HDLC සහ PPP අයත් වන්නේ Point to Point Connection වලට. ඒ කියන්නේ dedicated connection එකක්. ඒකේ පොදු ලක්ෂණය තමයි මුලු කාලය තුලම අපිටම වෙන්වුනු connection එකක් සේවා දායකයා විසින් ලබා දීම. Connection එක බිදවැටීමක් සිද්ධවෙන්න තියෙන ඉඩ කඩ හුගක් අඩුයි. ඒ වගේම PPP සහ HDLC කියන්නේ WAN එකක තියෙන router දෙකක් එකිනෙකාට කතා කරන භාෂාව කිව්වත් වැරදි නෑ.
HDLC (High Level Data Link Control) කියන්නේ IBM සමාගම විසින් මුලින්ම හදුන්වලා දීපු SDLC (Synchronous Data Link Control) වලින් පසුකාලීනව ඇති වෙච්ච WAN technology එකක්.
උඹ WAN ගැන කරලා තියෙනවනම් දැනටමත් දන්නවා ඇති HDLC communication සදහා පාවිච්චි කරන්නේ layer 02 address එහෙම නැත්තම් MAC address බව.
HDLC කියන්නේ CISCO වලින් සාදන ලද communication method එකක්. ඒක නිසා CISCO routers වල default තියෙන්නේ HDLC. ඒක HDLC වල තියෙන අවාසියක් මොකද CISCO වල විතරයි HDLC පාවිච්චි කරන්න පුලුවන්.
HDLC වල තියෙන්නේ පොඩි overhead එකක්. ඒ කියන්නේ මෙයා data communication කරද්දි මෙයාගේ frame එකේ ලොකු විස්තර ගොඩක් තියා ගන්නේ නෑ. Overhead එක අඩුවුනාම speed එක වැඩියි.
ඒ වගේම HDLC වලින් Connectionless වගේම Connection Oriented දෙවිදිහටම Data communication කරන්න පුලුවන්.
HDLC වල තියෙන තව අවාසියක් විදිහට ගන්න පුලුවන් features හුගක් අඩු කම. අපිට WAN එකක් ඇතුලේ දාන්න පුලුවන් වැඩ කෑලි ඒක නිසා සීමා වෙනවා.
-----------------------------------------------------------------
PPP (Point to Point Protocol) කියන්නේ ඕනෑම නිශ්පාදකයෙකුට පාවිච්චි කල හැකි WAN communication method එකක්. ඒ කියන්නේ Industry Standard communication method එකක්.
PPP වලදි අපිට හුගක් WAN methods පාවිච්චි කරන්න පුලුවන්. ඒ කියන්නේ වැඩ කෑලි වැඩියි. අපිට data communication වලදි password පාවිච්චි කරන්න පුලුවන්. Data Compress කරන්න පුලුවන් ..... ඔය වගේ ගොඩක් දේවල් කරගන්න පුලුවන්.
ඒ වගේම තව දෙයක් තියෙනවා. සාමාන්‍යයෙන් අපි WAN වලදි යොදා ගන්න ඉහත කතා කරපු method වලදි අපි Router එකිනෙක සම්බන්ධ වෙන්න භාවිතා කරන්නේ serial interface එකක්. නමුත් PPP වලදි අපිට Ethernet cable එකක් හරහාත් PPP configure කරන්න පුලුවන්. ඒකට අපි PPPoE කියලා කියනවා.
මේකෙදි Overhead එකනම් HDLC වලට වඩා වැඩියි.
-------------------------------------------------------------------------
Frame Relay කියන්නේ Packet Switched WAN encapsulation method එකක්.
මෙහිදී අපිටම වෙනවුනු communication line එකක් නෑ. ඉහත සදහන් කරපු HDLC සහ PPP වලට වඩා මුදලින් අඩුයි. ලංකාවේ හුගක් ආයතන ඔවුන්ගේ ශාඛා සමග සම්බන්ධ වෙන්න මේ Frame Relay පාවිච්චි කරනවා.
Frame Relay concept එක සරලව කිව්වොත් ISP ලා ඔවුන් ලග තියෙන විශාල bandwidth එක පොඩි පොඩි කොටස් වලට කඩලා ඒවා එක එක ගණනට විකුණනවා. හරියට විශාල ඉඩමක් කට්ටි කරලා එක එක ප්‍රමාණ වලට එක එක ගණන් නියම කරලා විකුණනවා වගේ වැඩක්.
machan FRAME RELAY gena thawa tiakak wisthara karanawada



