නිදහස් දිනය වෙනුවෙන් විචාරයක් නොවන විචාරයක්...........
මා පුංචි කාලයේදී මවගෙන් හෝ පියාණන්ගෙන් මගේ රට ගැන රචානාවක් සදහා කරුණු ඉල්ලීමි... ශ්‍රී ලංකාව කියන්නේ සංවර්ධය වෙමින් පවතින රටකි... මට පිළිතුරැ ලැබිණි...
කාලය ගතවිය ශිෂ්‍යවත්ව විභාගයට රචනා සහිත පොතක් ගෙනවිත් කියවූවා මතකය... ශ්‍රී ලංකාව සංවර්ධය වෙමින් පවතින රටකි. එහි තිබිණි.
උසස් අධ්‍යාපනය හදාරණ කාලයේ නංගිලා මල්ලිලා කියවන පොත් පත් ලියන රචනා දැක ඇත්තෙමි... මගේ රට සංවර්ධනය වෙමින් පවතින රටකි. මා දිටිමි.
තවත් කාලය ගතවී ඇත.. මාගේ දියණියගේ පුතු විසින් අද දින මගේ රට ගැන පොතක් ශබ්ද නගා කියවීය... ශ්‍රී ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටකි... ඔහු කෑ ගසා කියනු ඇසේ....
ආසන්න වශයෙන් පරම්පරා තුනකි... ශ්‍රී ලංකාව කියන්නේ සංවර්ධය වෙමින් පවතිනි රටකි.
කාරණය වන්නෙ මෙය නොවේ..
තවත් පරම්පරා කීයකටනම් මේ වාක්‍යය ලියන්නට සිදුවේද යන්නයි...
පරම්පරා කීයක් ගියත් කමක් නැත... පුන්චි හෝ ආලෝකයක් අනාගතයේ පෙනේනටද නැත..
දේශපාලන, සමාජීය පමණක් නොව අප හැමෙකාම මේ රට එකම තැන නැවතීමට දශමයක හෝ වගකිවයුතු වැරදිකරුවන් නොවේද....?
ගී විචාර නූලක මෙවන් අදහසක් සමහරවිට නොගැලපෙනවා විය හැක...
රම්බරීගේ නම්බරේ ඉල්ලනවාට වඩා... සුදු ගවුමෙ ගෑවුන මඩ හෝදනවාට වඩා... පළමු හාදුවෙන් තොල් පෙති විතරක් සිබිනවාට වඩා...
ලක් දෙරණේ උපතින්ම ඇගට කාවදින සිංහ ශක්තියත්...
වැටෙන වෙටෙන වාරයක් පාසා නැගිටින්නට හැකි පන්නරයත්...
ප්රශ්ණවලටම ප්‍රශ්ණයක් ඇතිකිරීමේ හැකියාවක් ඇති...
ශ්‍රී ලාංකික අප අතින් දැන් මෙවන් ගී බිහි නොවන්නෙ මන්දැයි මට වැටහෙන්නේ නැත...
අනේ සුනිල් ශාන්තයිනේ හැකිනම් නැවත ටිබෙට් ජාතික එස් මහින්ද හිමියන් වැනි වීරවරයන් කැටුව අපිට අපේ රට ගැන කියාදෙන්නට නැවත උපදිනු මැන...
මක් නිසාදයත් මටනම් සංවර්ධනය වෙමින් පවතින වාක්‍යය ලියලා/කියවලා/අහලාම දැන් ඇති වී ඇති නිසාවෙනි.
අපේ උන්ගෙන් වැඩ ගන්නට වැඩ පෙන්වන්නට සිංහයන්ගේ ශක්තියෙන් ඉදිරියටම යන්නට දැනටත් අපි හොදටෝම ප්‍රමාදය..
මිනිස්සුගෙන් ආකල්ප වෙනස්වෙනවා නම් රට දියුනුවෙයි
. සියලු දේට අදාලයි මේක
ස්තූතියි සහෝ සිතන්නට ලොකුදෙයක් ඉතිරිකරලා කරනු ලැබූ ඌණපූර්ණයට...නිදහස් දිනය වෙනුවෙන් විචාරයක් නොවන විචාරයක්...........Originally Posted by sasliit
ඇත්තෙන්ම මාද එකල ඉගන ගත්තේ " ශ්‍රී ලංකාව යනු තවමත් දියුණු වෙමින් පවතින රටක් බවය" එසේම ඔබගේ විචාරය (විචාරයක් නොවුවද) පිළිබඳ කල්පනා කරන විට මගේ මතකයට ආවේ ජනාධිපතිතුමා පවසන ආකාරයට රටට අවමානය කැන්දා ගෙන ඒමට සමත් ගීතයකි...
“ඔළුව තදින් නරක් වෙච්ච
මිනිසුන් පිරිසක් රැඳිච්ච
අරුම පුදුම රටක් තියෙනවා ඕයි !
මහ මුහුදින් වට කෙරිච්ච
අඹ ගෙඩියක හැඩේ වෙච්ච
ඒකට මරු නමක් කියනවා ඕයි !”

නිදහස් දිනය වෙනුවෙන් විචාරයක් නොවන විචාරයක්...........
[/B]

දවසින් දවසට මොහොතින් මොහොතට අපි වයසට යනව... නමුත් ඒ නිකන්ම නෙමෙයි.. ජීවිතයට දශමයක හරි අත්දැකීමකුත් එකතුකරගෙනයි අපි වියපත් වෙන්නෙ... ඒ නිසාම වෙන්න ඇති එන්න එන්න මගේ බොළද කම අඩුවෙනව කියල ඔයා මට කියන්නෙ.. ඒ ඇයි රත්තරං අයියෙ ඔයා මගේ ආදරය මගේ පිටින් පෙන්වන දේවල් වලින් මනින්නෙ.. ඔයාම නේද මට කියල දුන්නෙ ආදරය කියන්නෙ සද එළිය වගේ අචින්ත දෙයක් කියල....
ඔයා තමයි රත්තරං අයියෙ මේ ලෝකයෙ මගේ වීරය... මගේ පණ, මගේ හැමදේම.. ඒ ගොඩාක් ආදර වන්තියන් වගේ ඒක සරලව බොලදව මම කියන්න දන්නෙ නෑ... ඔයාමයි මට මගේ දකගාරකම, මුරණ්ඩුකම නැති කරල තැන්පත්ව ඉන්න කියල දුන්නෙ... ඉතින් එහෙම ඉන්න පුරුදු වුන මට වෙනකෙක් චෝදනා කලාට කමක් නෑ.. ඒත් ඔයා..........? මගේ ලෝකයේ 1ත් ඔයා 2ත් ඔයා හැමෙකක්ම ඔයා... ඒත් දෙවියනේ ඒක මම පෙන්වන්න දන්නෙ නෑනේ... මගේ හදවත ගලවල අරගෙන ඔයාට දෙන්න පුළුවන්නම්.. හදවතට කෑ ගහල කියන්න පුළුවන්නම් එයා ඔයාට කියාවි මම කොච්චරනම් ආදරේද කියල... එහෙම ආදරේ කරන මට මගේ ලගම ඉදගෙන මෙහෙම දරුණු වෙන්න තරම් නපුරු හිතක් ඔයාට තිබ්බෙ නෑනේ අයියෙ.. ඔයා කොහොමද කොහෙද ඒක හංගගෙන හිටියෙ කියල මට කියන්න...
පෙම්වන්ත හිතටත් යට ඉඳන්
පෙන්වන්න අවියක් ඔබ අරන්
මට ගන්න හැකි ඉර හඳ උනත්
ඔබ දන්නෙ නැහැ ඒ බව තවත්...//
ජීවිත කාලයේම ලග ඉන්නව කියල ඇවිත්... මගේ ජීවිතයම අයිති කරගෙන... මගේ ජීවිතයම නැතිකරල ඇයි ඔයා මෙහෙම ගියේ අයියෙ.. දැන් මට මගේ හිතත් නෑ.. ආදරෙත් නෑ... අඩුමගානෙ ඔයාට කල ආදරේවත් පිරිසිදු විදියට හිතන්න බෑ මට.. හිත ඔයාට ආදරේ බව ඇත්තයි.. ඒත් බුද්ධිය මගෙන් ප්‍රශ්ණ කෝටියක් අහනව... වෙලාවකට ඔයා මට කලේ බොරුවක්ද කියලත් හිතෙන තරමටම මට මාව එපා වෙනව.. ඔයාගෙ උණුසුම සුවද ආදරය නොලැබෙන බව දැන දැනත් හැමදාම හොයනව.. ඒ නිසාම වෙන්න ඇති මේ ලෝකෙ කිසිම දෙයක් මට දැන් දැනෙන්නෙ නැත්තෙ... මොනා උනත් ඔයා මාව රිද්දල මට වැරදි කෝටියක් පටවල යන්නයි හදන්නෙ.. කමක් නෑ.. මම ඔයාව නවත්වන්නෙ නෑ... ඔයාට මගේ ආදරේ මගේ හිත පෙනුනෙ නැත්නම්.. මගේ වැරදි කිය කිය බොරුවට මගෙන් වෙන්වෙන්න හේතු හදනවනම්.. කමක් නෑ.. ඔයා යන්න.. දෙවියන්ගෙ නාමෙට මට චෝදනා කරනඑක නවත්වල ඔයා යන්න.. වෙන දෙයක් නිසා නෙමෙයි.. ඔයා මට දෙවිකෙනෙක් හා සමාන නිසා.. එපා ඒ දෙවොල මගේ දෙපාමුලම විනාස කරන්න... මොකද එහෙම විනාසවෙලා ගියොත් මමත් විනාස වෙලා යන නිසා....
හැමදාම මල්පෙති ළංකළත්
දැනුනේම නෑ සුවඳැති බවක්
නෑ මා ඔබෙන් ලද අත්වැලක්
සාධාරණයි අපි වෙන් කළත්.....//
ඒත් යන්න කලියෙන් මම එකම එක ප්‍රශ්ණයක් අහන්න ඔයා උත්තර දෙනවද අයියෙ...? මට කියන්න හදවතට එකගව ඇත්තම කියනවද....? ඔයා ඔය කියන විදියට මගෙන් ආදරයක් ඔයාට ලැබුනෙම නැද්ද....? ඔයා ඔය කියන විදියට මම ඔයාට ගැලපෙන්නෙම නැද්ද...? මෙච්චර කාලයක් ඔයා මට කලේ බොරු ආදරයක්ද...? ඔච්චරටම මට චෝදනා කරන්නෙ මගෙන් යන්න හදන්නෙ.... දැන්ද ඔයාට මගේ වැරදි පේන්න හදන්නෙ.. රොන් ටික උරල උරල මලත් එක්කම මියැදෙනව මිසක මල ට මියැදෙන්න දීල වෙන මල් හොයාගෙන යන්නෙ ඒ නිසාද කියන්න මට...
ඉගිලෙන්න තහනම් නම් දුරක්
ඇයි දුන්නෙ මට අත්තටු දෙකක්
අපි ලිව්වෙ ලස්‌සන කවි දෙකක්
මගෙ වෙන්නෙ ඇයි එක කවිපෙළක්...
එහෙමනම් ඇයි අයියෙ මාව මෙච්චර දුරක් ගෙනාවෙ... නිදිහසේ ඉගිල ගියපු මාව දැන් අත්තටු දෙක බැලදලාපු කිරිල්ලියක් වෙලා... මං මුලාවෙලා... ඒත් මම ඔයාට වෛරකරන්නෙ නෑ... තරහකුත් නෑ... ඒත් මට එකම එක දෙයක් කියන්න ඉඩ දෙන්න මං වෙනුවෙන්ම... ඒ තමයි ඔයා මේ අතරමංකරල දාල යන ඔයා වෙනුවෙන්ම ජීවත්වෙලා ඔයාගෙ නාමෙන්ම මැරිල යන මේ කෙල්ල පව් අයියෙ හරිම පව්... ආයෙ කිසිම කෙල්ලෙක් එක්ක මේ වගේ සෙල්ලමක්නම් කරන්න එපා... බුදු සරණයි ඔයාට සදහටම...........
ඉගිලෙන්න තහනම් නම් දුරක්
ඇයි දුන්නෙ මට අත්තටු දෙකක්
අපි ලිව්වෙ ලස්‌සන කවි දෙකක්
මගෙ වෙන්නෙ ඇයි එක කවිපෙළක්...
පෙම්වන්ත හිතටත් යට ඉඳන්
පෙන්වන්න අවියක් ඔබ අරන්
මට ගන්න හැකි ඉර හඳ උනත්
ඔබ දන්නෙ නැහැ ඒ බව තවත්...//
හැමදාම මල්පෙති ළංකළත්
දැනුනේම නෑ සුවඳැති බවක්
නෑ මා ඔබෙන් ලද අත්වැලක්
සාධාරණයි අපි වෙන් කළත්.....//
පද රචනය - චන්න ජයනාත්
සංගීතය - රෝහණ වීරසිංහ
ගායනය - නිරෝෂා විරාජිනී

හොද විචාරයක්...දවසින් දවසට මොහොතින් මොහොතට අපි වයසට යනව... නමුත් ඒ නිකන්ම නෙමෙයි.. ජීවිතයට දශමයක හරි අත්දැකීමකුත් එකතුකරගෙනයි අපි වියපත් වෙන්නෙ... ඒ නිසාම වෙන්න ඇති එන්න එන්න මගේ බොළද කම අඩුවෙනව කියල ඔයා මට කියන්නෙ.. ඒ ඇයි රත්තරං අයියෙ ඔයා මගේ ආදරය මගේ පිටින් පෙන්වන දේවල් වලින් මනින්නෙ.. ඔයාම නේද මට කියල දුන්නෙ ආදරය කියන්නෙ සද එළිය වගේ අචින්ත දෙයක් කියල....
ඔයා තමයි රත්තරං අයියෙ මේ ලෝකයෙ මගේ වීරය... මගේ පණ, මගේ හැමදේම.. ඒ ගොඩාක් ආදර වන්තියන් වගේ ඒක සරලව බොලදව මම කියන්න දන්නෙ නෑ... ඔයාමයි මට මගේ දකගාරකම, මුරණ්ඩුකම නැති කරල තැන්පත්ව ඉන්න කියල දුන්නෙ... ඉතින් එහෙම ඉන්න පුරුදු වුන මට වෙනකෙක් චෝදනා කලාට කමක් නෑ.. ඒත් ඔයා..........? මගේ ලෝකයේ 1ත් ඔයා 2ත් ඔයා හැමෙකක්ම ඔයා... ඒත් දෙවියනේ ඒක මම පෙන්වන්න දන්නෙ නෑනේ... මගේ හදවත ගලවල අරගෙන ඔයාට දෙන්න පුළුවන්නම්.. හදවතට කෑ ගහල කියන්න පුළුවන්නම් එයා ඔයාට කියාවි මම කොච්චරනම් ආදරේද කියල... එහෙම ආදරේ කරන මට මගේ ලගම ඉදගෙන මෙහෙම දරුණු වෙන්න තරම් නපුරු හිතක් ඔයාට තිබ්බෙ නෑනේ අයියෙ.. ඔයා කොහොමද කොහෙද ඒක හංගගෙන හිටියෙ කියල මට කියන්න...
පෙම්වන්ත හිතටත් යට ඉඳන්
පෙන්වන්න අවියක් ඔබ අරන්
මට ගන්න හැකි ඉර හඳ උනත්
ඔබ දන්නෙ නැහැ ඒ බව තවත්...//
ජීවිත කාලයේම ලග ඉන්නව කියල ඇවිත්... මගේ ජීවිතයම අයිති කරගෙන... මගේ ජීවිතයම නැතිකරල ඇයි ඔයා මෙහෙම ගියේ අයියෙ.. දැන් මට මගේ හිතත් නෑ.. ආදරෙත් නෑ... අඩුමගානෙ ඔයාට කල ආදරේවත් පිරිසිදු විදියට හිතන්න බෑ මට.. හිත ඔයාට ආදරේ බව ඇත්තයි.. ඒත් බුද්ධිය මගෙන් ප්‍රශ්ණ කෝටියක් අහනව... වෙලාවකට ඔයා මට කලේ බොරුවක්ද කියලත් හිතෙන තරමටම මට මාව එපා වෙනව.. ඔයාගෙ උණුසුම සුවද ආදරය නොලැබෙන බව දැන දැනත් හැමදාම හොයනව.. ඒ නිසාම වෙන්න ඇති මේ ලෝකෙ කිසිම දෙයක් මට දැන් දැනෙන්නෙ නැත්තෙ... මොනා උනත් ඔයා මාව රිද්දල මට වැරදි කෝටියක් පටවල යන්නයි හදන්නෙ.. කමක් නෑ.. මම ඔයාව නවත්වන්නෙ නෑ... ඔයාට මගේ ආදරේ මගේ හිත පෙනුනෙ නැත්නම්.. මගේ වැරදි කිය කිය බොරුවට මගෙන් වෙන්වෙන්න හේතු හදනවනම්.. කමක් නෑ.. ඔයා යන්න.. දෙවියන්ගෙ නාමෙට මට චෝදනා කරනඑක නවත්වල ඔයා යන්න.. වෙන දෙයක් නිසා නෙමෙයි.. ඔයා මට දෙවිකෙනෙක් හා සමාන නිසා.. එපා ඒ දෙවොල මගේ දෙපාමුලම විනාස කරන්න... මොකද එහෙම විනාසවෙලා ගියොත් මමත් විනාස වෙලා යන නිසා....
හැමදාම මල්පෙති ළංකළත්
දැනුනේම නෑ සුවඳැති බවක්
නෑ මා ඔබෙන් ලද අත්වැලක්
සාධාරණයි අපි වෙන් කළත්.....//
ඒත් යන්න කලියෙන් මම එකම එක ප්‍රශ්ණයක් අහන්න ඔයා උත්තර දෙනවද අයියෙ...? මට කියන්න හදවතට එකගව ඇත්තම කියනවද....? ඔයා ඔය කියන විදියට මගෙන් ආදරයක් ඔයාට ලැබුනෙම නැද්ද....? ඔයා ඔය කියන විදියට මම ඔයාට ගැලපෙන්නෙම නැද්ද...? මෙච්චර කාලයක් ඔයා මට කලේ බොරු ආදරයක්ද...? ඔච්චරටම මට චෝදනා කරන්නෙ මගෙන් යන්න හදන්නෙ.... දැන්ද ඔයාට මගේ වැරදි පේන්න හදන්නෙ.. රොන් ටික උරල උරල මලත් එක්කම මියැදෙනව මිසක මල ට මියැදෙන්න දීල වෙන මල් හොයාගෙන යන්නෙ ඒ නිසාද කියන්න මට...
ඉගිලෙන්න තහනම් නම් දුරක්
ඇයි දුන්නෙ මට අත්තටු දෙකක්
අපි ලිව්වෙ ලස්‌සන කවි දෙකක්
මගෙ වෙන්නෙ ඇයි එක කවිපෙළක්...
එහෙමනම් ඇයි අයියෙ මාව මෙච්චර දුරක් ගෙනාවෙ... නිදිහසේ ඉගිල ගියපු මාව දැන් අත්තටු දෙක බැලදලාපු කිරිල්ලියක් වෙලා... මං මුලාවෙලා... ඒත් මම ඔයාට වෛරකරන්නෙ නෑ... තරහකුත් නෑ... ඒත් මට එකම එක දෙයක් කියන්න ඉඩ දෙන්න මං වෙනුවෙන්ම... ඒ තමයි ඔයා මේ අතරමංකරල දාල යන ඔයා වෙනුවෙන්ම ජීවත්වෙලා ඔයාගෙ නාමෙන්ම මැරිල යන මේ කෙල්ල පව් අයියෙ හරිම පව්... ආයෙ කිසිම කෙල්ලෙක් එක්ක මේ වගේ සෙල්ලමක්නම් කරන්න එපා... බුදු සරණයි ඔයාට සදහටම...........
ඉගිලෙන්න තහනම් නම් දුරක්
ඇයි දුන්නෙ මට අත්තටු දෙකක්
අපි ලිව්වෙ ලස්‌සන කවි දෙකක්
මගෙ වෙන්නෙ ඇයි එක කවිපෙළක්...
පෙම්වන්ත හිතටත් යට ඉඳන්
පෙන්වන්න අවියක් ඔබ අරන්
මට ගන්න හැකි ඉර හඳ උනත්
ඔබ දන්නෙ නැහැ ඒ බව තවත්...//
හැමදාම මල්පෙති ළංකළත්
දැනුනේම නෑ සුවඳැති බවක්
නෑ මා ඔබෙන් ලද අත්වැලක්
සාධාරණයි අපි වෙන් කළත්.....//
පද රචනය - චන්න ජයනාත්
සංගීතය - රෝහණ වීරසිංහ
ගායනය - නිරෝෂා විරාජිනී
දවසින් දවසට මොහොතින් මොහොතට අපි වයසට යනව... නමුත් ඒ නිකන්ම නෙමෙයි.. ජීවිතයට දශමයක හරි අත්දැකීමකුත් එකතුකරගෙනයි අපි වියපත් වෙන්නෙ... ඒ නිසාම වෙන්න ඇති එන්න එන්න මගේ බොළද කම අඩුවෙනව කියල ඔයා මට කියන්නෙ.. ඒ ඇයි රත්තරං අයියෙ ඔයා මගේ ආදරය මගේ පිටින් පෙන්වන දේවල් වලින් මනින්නෙ.. ඔයාම නේද මට කියල දුන්නෙ ආදරය කියන්නෙ සද එළිය වගේ අචින්ත දෙයක් කියල....
niyameta liyala thiyenawa...දවසින් දවසට මොහොතින් මොහොතට අපි වයසට යනව... නමුත් ඒ නිකන්ම නෙමෙයි.. ජීවිතයට දශමයක හරි අත්දැකීමකුත් එකතුකරගෙනයි අපි වියපත් වෙන්නෙ... ඒ නිසාම වෙන්න ඇති එන්න එන්න මගේ බොළද කම අඩුවෙනව කියල ඔයා මට කියන්නෙ.. ඒ ඇයි රත්තරං අයියෙ ඔයා මගේ ආදරය මගේ පිටින් පෙන්වන දේවල් වලින් මනින්නෙ.. ඔයාම නේද මට කියල දුන්නෙ ආදරය කියන්නෙ සද එළිය වගේ අචින්ත දෙයක් කියල....[/B]