1
අපේ ආගමේ සියල්ල පැහැදිලි සහ ප්‍රායෝගිකයි. මුල ඉඳන් කිව්වොත්, මෙලොව ජිවිතය අපට දීල තියෙන්නේ පරීක්ෂාවක් ලෙස. එනම්, හරි දේ විශ්වාස කරලා, නිවැරදි ක්‍රියා කරන්නේ කවුද යැයි test කිරිමට. මෙය Ultimate විදිහට ජිවත් වෙන්න දීපු තැනක් නෙමේ. තාවකාලික තැනක්. ඔබලාම කියනවා වගේ මෙලොව අනිත්‍යයි. සෑම මිනිසේක්වම test කරන විදිහ එක වගේ නෙමෙයි. විවිධ පරීක්ෂාවන් තියනවා. ඔබ කියපු සියලු අඩුපාඩු/සැප යන සෑම දෙයක්ම පරික්ෂාවේ කොටස්. සැප ඇති අය භාග්‍යවන්තයි කියා හෝ, අඩුපාඩු ඇති අය අවාසනාවන්තයි කියා නෑ. එනිසා, සැප ලැබුණු අය සතුටු වීමටත්, ප්‍රශ්න/අඩුපාඩු ඇති අය දුක් වීමටත් ඇති තැනක් නෙමෙයි මෙලොව.
ප්‍රශ්න/අඩුපාඩු ඇති අය ඉවසීමෙන් සිට, තමන්ට කියන ලද දේ තමන්ට හැකි විදිහට කලොත් pass. සැපෙන් ඉන්න අය, තමන්ට කියා දුන් පරිදි තමන්ට ලැබී ඇති දේ දුප්පතුන් සමග බෙදාගෙන, හොඳ ක්‍රියා කරලා, ස්තුතිවන්ත වුනොත් ඔවුන් pass. ඒත්, දෙදෙනාගේ tests වෙනස් නිසා, දෙදෙනාට ලැබෙන ප්‍රතිපල සාධාරණයි කියන්නේ කොහොමද? පින තීරණය කරන්නේ සාපේක්ෂව. උදා: රු.1000ක් අතේ ඇති කෙනෙක් හා රු.100ක් අතේ ඇති කෙනෙක් යන දෙදෙනාම රු.10ක් බැගින් දුප්පතෙකුට දුන්නොත් දෙදෙනාටම ලැබෙන්නේ එකම පින නෙමෙයි. ඔහුගේ ක්‍රියාව සඳහා ඔහු කරන පරිත්‍යාගය සහ ඔහුට එමගින් සිදුවන අපහසුතාවයේ ප්‍රමාණය සැලකිල්ලට ගන්නවා. අන්ධ කෙනෙකුගේ එම අපහසුතාවයම ප්‍රමාණවත් වේවි ඔහුට ගැලවීම ලැබෙන්න. සියලු සන්වේදීන් ඇති කෙනෙකුට එම තත්වයම ලබාගන්න සැහෙන්න අනික් හොඳ ක්‍රියා කරන්න වේවි.
අපටත් පුනරුප්පත්තියක් තියනවා. ඒ එක පාරයි. පුන පුනා ඉපදෙන්නේ නෑ. Judgment day නමැති ප්‍රශ්න විමසන දවසේදී, මේ පොලව මත පය ගහපු සෑම දෙනෙකුගෙන්ම ඔහුගේ හොඳ/නරක ක්‍රියා ගැන ප්‍රශ්න කරනු ලබනවා. මෙලොවදී අපහසුතා/අඩුපාඩු ඇතිව ජිවත් වූ අයගෙන් අහන ප්‍රශ්න අල්පයි. ඉතා දැඩි අපහසුතා ඇතුව, හරි විශ්වාසයෙන් මෙලොව ජිවත් වූ සමහර අයට කිසිම ප්‍රශ්න කිරීමක් නැතුව ගැලවීම ලැබෙනවා. සැපෙන් හිටපු අයගෙන් ප්‍රශ්න ඇසීම වැඩියි. තමන්ට ලැබුණු හැම දායාදයක්ම සඳහා කල දේ කුමක්ද යන්න අසනු ලබනවා. එසේ ප්‍රශ්න කිරීම කොතරම් දුරට යා හැකිද කිව්වොත්, "ඔබ මෙදා, මෙතැන, මේ ගහේ කොලයක් කැඩුවේ ඇයි" ද යන තරමට විස්තරාත්මක හා බරපතල වෙන්න පුළුවන්. (එනිසා, මිනිසා යම් ක්‍රියාවක් කරන්න කලින් එහි අවශ්‍යතාවය හා එය කරන්න හේතුව ගැන සිතීම අනිවාර්යයි. එනිසා, ඔබලා සිතන පරිදි හිතුමතේට සතුන් මරන්න කිසිම අවසරයක් නෑ. ආහාර ලෙස ගැනීමේ අවශ්‍යතාවයට පමණයි සතුන් මරන්න පුළුවන්). තවද, පව්සමාව කියා එකකුත් තියනවා. එනිසා, මෙලොවදී පව් සමාව අයැදමින්ම සිටිය යුතුයි. එනම්, මෙලොවදී බලාපොරොත්තුව සහ බිය යන දෙක අතර සිටිමින් හැකි පමණ හොඳ ක්‍රියා කල යුතුයි. එලෙස, මිනිසාගේ විශ්වාසය හා ක්‍රියාවන් අනුව ඔහුට pass/fail ලැබෙනවා.
Pass අය ස්වර්ගයටත්, fail අය නරකාදියටත් යැවෙනවා. එහි තමයි Ultimate විදිහට ජිවත් විය යුත්තේ. ස්වර්ගයේ ජීවිතය කිසිම ලෙඩක්, දුකක්, ප්‍රශ්නයක්, කණගාටුවක්, කෝලාහලයක්, අමනාපවිමක් හෝ මහළු වීමක් නැති සැනසීම පිරි ජිවිතයක්. මිනිසා මෙලොව දුක් විඳලා කරපු හොඳ ක්‍රියාවන්වල ප්‍රතිපලය තමයි ඒ. නරකාදිය යනු වේදනාවෙන්, ජරාවෙන්, ගහ ගැනීම්, බැන ගැනීම් වලින් පිරුණු තැනක්. එහි කිසිම සැනසීමක් නෑ. මෙහෙම test එකකට පසුව, තමන්ම උපයාගත් ජිවිතයක් ලැබෙන නිසා කාටවත් ඒ ගැන පැමිණිලි කිරීමේ කිසිම හැකියාවක් නෑ. එනම්, ඒ ගැන දෙවියන්ට බැනීමෙන් වැඩක් නෑ. එනිසා, අපට උගන්වන්නේ තමන් පමණක් නොව, මෙලොව සියලු මිනිසුන්ම නරකාදියෙන් ගැලවිමට තමන්ට හැකි උත්සාහය ගන්න ලෙසයි. එනම්, තමන්ට ලැබී ඇති දේ ආත්මාර්ථකාමී විදිහට තනියම භුක්ති විඳින්නේ නැතුව, අනිත් සැමෝමටත් ස්වර්ගය පතන ලෙසයි අපට උගන්වන්නේ.
අපට උගන්වනේ මෙලොව අලංකාරයට හා ආශාවන්ට රැවටෙන්නේ නැතුව, ස්වර්ගයේ ජීවිතය ඉලක්ක කරගෙන ජිවත් වෙන ලෙසයි. මෙලොව දේවලින් ඉටු කර ගත යුත්තේ අවශ්‍යතාවයන් විතරයි, ආශාවන් නෙමෙයි. (ඒ දෙකේ පැහැදිලි වෙනසක් තියනවා). මිනිසාගේ සෑම අවශ්‍යතාවයක්ම ඉටුකරගන්න ආකාරය ගැන පැහැදිලි මග පෙන්වීම් සහ සීමාවන් ඉස්ලාමයේ තියනවා. යම් දෙයක් අවශ්‍යතාවයට වඩා වැඩියෙන් අනුභව හෝ පාවිච්චි කළා කියන එකේ තේරුම ඔහු අවශ්‍යතාවයේ සීමාවෙන් ඔබ්බට ගිහින්, ආශාව නිසා එය කල බවයි. එය Judgment dayහි ප්‍රශ්න කිරීමේදී අමාරුවේ වැටිමට එක හේතුවක් වෙනවා. පව් කිරීම දක්වා එය දුරදිග යන්න හැකියි. එනිසා, එලෙස ආශාවන් පාලනය කර, අවශ්‍යතාවය නමැති සීමාව තුල තබා ගැනිමට අපව සකස් කර ගන්න, සිත පිරිසිදු කරගන්න භාවනා, දේශනා ආදිය අපේ ආගමේත් තියනවා.
ඔය කිව්වේ හරිම කෙටියෙන්. තව දේවල් තියනවා.