CCNA පා‍ඩම

sanjeeme

Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo





    yalu mewage anzers tikath wenama danada yatin :D

    ඔව් මම තව ටික දවසකින් දාන්නම්. ඊට කලින් ප්‍රශ්න කරපු කට්ටියට අවස්ථාවක් දෙමු තමන් මේ ප්‍රශ්න වලට ලබා දීපු පිළිතුරැ මෙතන දාන්න කියලා
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ccna with sanjeeme
    11.gif
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ප්‍රශ්න වලට පිළිතුරැ සපයපු අය ඉන්නවනම් ඒ අයගේ පිළිතුරැ මෙතන දාන්න. ඒ වගේම ප්‍රශ්න වල තේරැම් ගන්න අමාරැ තැන් තියෙනවනම් ඒ ගැනත් අහන්න.
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    Subnetting and Variable Length Subnet Masks

    ඔන්න අපි තුන්වෙනි පාඩමට ලෑස්ති වෙන්නයි යන්නේ. මම හිතනවා පළවෙනි සහ දෙවෙනි පාඩම් ගැන හොද අව‍බෝධයක් ඔබට ලැබෙන්න ඇති කියලා. අපැහැදිලි තැන් තියෙනවනම් අහන්න.

    හොදයි CCNA කරන හුග දෙනෙක් පටලවගන්න තැනක් තමයි මේ Subnetting. නමුත් CCNA වල හුගක්ම ලේසිම පාඩමත් මේක තමයි. හුගක් අයට මේක අමාරැ වෙන්නේ Basic එක හරියට හදුනගන්නේ නැති එක. ඒක නිසා මේ පාඩමේ මම මුලින්ම කතා කරන පොඩි පොඩි කරැණු ටික හොදටම තේරැම් ගන්න. ඒ වගේම මතක තියා ගන්න ඊට පස්සේ මේ subnetting වල ඇති දෙයක් නෑ.

    අපිට මීට කලින් කරපු TCP/IP Model පාඩමේ අන්තිම කොටස විස්තර වෙන්නේ IP Addressing කියලා. නමුත් මම ඒක එතන කතා කරන්නේ නැතුව මේ කොටසෙදිම කතා කරන්නේ ඒක කතා කරන්න වඩාත්ම සුදුසු මෙතන හින්දා.


    IP Addressing

    මොකක්ද IP Address එකක් කියන්නේ. අපි දැනටමත් අඩුම ගානේ අහලවත් තියෙනවානේ මේ IP Address කියන වචනේ පිළීබදව. ඒ එක්කම මේ පාඩම පුරාවටත් විවිධ තැන් වල මම IP Address ගැන කතා කලා. IP Address එක කියන්නේ network එකක තියෙන Host හදුනා ගැනීම සදහා යොදා ගන්නා Numeric අගයක්. මේක අපි තව නම් කිහිපයකින් හදුන්වනවා. Logical Address, Software Address, Layer 3 Address වගේ.


    අපි ලෝකය පුරා තිබෙන Host ලට සහ නොයෙකුත් Services (Web pages, e-mail) සමග සම්බන්ධතා පවත්වා ගන්නේ මේ IP Address හරහායි. මේ සදහා උපකාරී වෙන Protocol එක තමයි නමින්ම කියවෙන Internet Protocol (IP) එක.

    ඒ වගේම වර්තමානයේ අපි IP Address Version දෙකක් භාවිතා කරනවා


    01 IPv4
    02 IPv6


    නමුත් Subnetting සහ VLSM වලදි අපි කතා කරන්නේ IPv4 ගැන. මොකද IPv6 වල Subnetting තාම CCNA වලට ඇතුලත් කරලා නෑ.

    ඇයි මේ Version දෙකක් කියලා සමහරැන්ට ප්‍රශ්නයක් ඇති. ඒ මොකද අපි IPv4 තමයි Internet ආරම්භයේදි සිට පාවිච්චි කලේ. ඉතින් මුලු ලෝකයටම මේ IPv4 Addresses දෙන්න පුලුවන් ප්‍රමාණයක් තියෙනවනේ. ඒ සීමාවට දැන් ඇවිල්ලා ඉන්නේ. ඉතින් ලොව පුරා බොහෝ දුරට ඒ ඒ ඒ ප්‍රදේශ වලට (ලෝකය විවිධ කොටස් කිහිපයකට බෙදා IP Address නිකුත් කිරීමට ආයතන පිහිටුවා ඇත) IP Addresses නිකුත් කරන ආයතන දැන් IPv4 Addresses නිකුත් කරලා ඉවරයි. අපේ ආසියානු කලාපයට IP Addresses නිකුත් කරන්නේ APNIC (Asia Pacific Network Information Centre) කියන ආයතනය. මොවුන් ප්‍රකාශ කලා පසුගිය වසරේ මුල් කාර්තුවේදි ආසියානු කලාපය සදහා වෙන් කරලා තියෙන සියලුම IPv4 Addresses නිකුත් කරලා ඉවරයි කියලා. හැබැයි අපේ සමහර ISP ලා ලග තාමත් ඒගොල්ලෝ ඉතුරැ කරගත්තු IPv4 Addresses ඇති. නමුත් දැන් ඉතා ඉක්මණින්ම අපිටත් IPv6 වලට මාරැ වෙන්න වෙයි. මම දැක්කා සමහර ISP ලා IPv6 Addresses නිකුත් කරනවා කියලා දාලා තිබ්බා. හරි මම නිකන් දාන්නම් IPv4 වලින් අපිට දෙන්න පුලුවන් උපරිම Addresses ගාන කොපමණද කියලා.


    IPv4 = 4,294,967,296

    ඒ වගේම IPv6 වල අපිට භාවිතා කල හැකි Addresses ගණන පහත දැක්වෙනවා.

    IPv6 = 340,282,366,920,938,000,000,000,000,000,000,000,000

    ඉතින් ඔයගොල්ලන්ට අදහසක් ගන්න පුලුවන්නේ ඇයි IPv4 වල සහ IPv6 වල වෙනස. හරි අපි IPv6 ගැන දැනට අමතක කරමු මොකද IPv6 ගැන වෙනම පාඩමක් තියෙනවා. අපි ඒකෙදි ඒ ගැන වැඩි පුර කතා කරමු. හරි IPv4 වල Subnetting තමයි අපි මේ කතා කරන්න යන්නේ. ඔබ මේ පාඩම් දිගටම කියෙව්වනම් දැනටත් දන්න කරැණු කිහිපයක් තියෙනවා.

    ප්‍රධාන ව‍ශයෙන්ම IP Address එකක දිග (Length) එක 32bit කියන එක. ඒ කියන්නේ byte 4 ක්.


    Do the Math first (ඉස්සෙල්ලාම ගණන් හදමු)


    අපි Subnetting කරනවනම් මේ 2 පාදයේ සංඛ්‍යා ගැන හොද අවබෝධයක් තියෙන්න ඕනේ. ඒක අනිවාර්්‍යයි. ඒක නිසා පහත සදහන් පාඩම් ටිකත් නැවත ගිහින් ටිකක් මතක් කර ගන්න

    http://www.elakiri.com/forum/showpost.php?p=12954113&postcount=455
    http://www.elakiri.com/forum/showpost.php?p=12954401&postcount=456
    http://www.elakiri.com/forum/showpost.php?p=12954401&postcount=480
    http://www.elakiri.com/forum/showpost.php?p=12954401&postcount=482
    http://www.elakiri.com/forum/showpost.php?p=12954401&postcount=483

    හරි ඊළගට අපි බලමු Subnetting වලදි නිතරම කතා කරන්න වෙන වචන set එකක් ගැන සහ ඒවා වල තේරැම් ගැන


    - Bit = one digit 1 හෝ 0

    -Byte = Bit 8 ක එකතුවක්. (මෙය සමහර විට 7bit ‍වෙන්න පුලුවන් parity bit එක නිසා)

    -Octet = Octet එකක් කියන්නේ Bit 8 ක එකතුවක්. Byte එකට සමාන වචනයක් නමුත් අපි Subnetting වලදි මේ Octet කියන වචනය පාවිච්චි කරනවා IP Address එකක එක Bit 8 ක කොටසක් හැදින්වීමට (Byte එකක් කියලා හැදින්වුවත් වරදක් නැත). මම පහත රෑප සටහනින් දක්වලා තියෙන්නේ IP Address එකක Octet එකක් කියලා හදුන්වන්නේ මොකක්ද කියන එක

    Octet.jpg


    - Network Address = මේක තමයි අපි යම් Network (Subnet) එකක Router එකට නිකුත් කරන IP Address එක. හැම වෙලාවෙම Network එකක හෝ Subnet එකක මුල්ම IP Address එක වෙන්නේ මේ Network Address එක. මේ Address එක අපිට Network එකේ Host ලා සදහා පාවිච්චි කරන්න බෑ. Network එකට Router එකක් සම්බන්ධ කරන්නේ නැත්තම් මේ IP එක නිකන් තියන්න තමයි වෙන්නේ.

    -Broadcast Address = මේකෙන් කියන්නේ අපි network එකක ඉන්න සියලුම දෙනාට යම් පණිවිඩයක් යවන විට භාවිතා කරන Address එක. ‍අපිට මේ Broadcast කියන වචනය මීට පෙර කිහිප තැනකදිම හම්බ වුනා. හැම විටම හැම Subnet එකකටම එක Broadcast Address එකක් තියෙනවා. හැම Subnet එකකම අවසාන IP Address එක ඒ Subnet එකේ Broadcast Address එක කියලා හදුන්වනවා මේ Address එක අපිට Host ලා සදහා පාවිච්චි කරන්න බෑ. මේ Address එක Router එක විසින් විවිධ කාර්්‍යයන් සදහා යොදා ගන්නවා. මේ ගැන තව හොදට පැහැදිලි වේවි අපි පාඩම ඉදිරියට කරගෙන යනකොට.
     
    Last edited:

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    හොදයි අපි මේ ඉන්නේ හුගක් දෙනෙක් මගෙන් වැඩිපුර අහපු Subnetting පාඩමේ. මම කලින් පාඩමේ කතා කලා IP Addressing ගැන. IPv4 සහ IPv6 ගැන මම විස්තර කලා. ඒ ව‍ගේම අපි IP Addressing සහ Subnetting වලදි භාවිතා කරන පොදු වචන කිහිපයක් ගැනත් විස්තර කලා. ඒ වගේම මම කිව්වා විශේෂයෙන් Binary conversion ගැන නැවත බලලා මතක් කර ගන්න කියලා. ඔය ටික අනිවාර්්‍යයෙන්ම අත්‍යාඅවශ්‍යයි අපිට ඉස්සරහට යන්න. මාත් එක්ක නිවැරදිව මේ පාඩම් ටික හිතට ගත්තොත් මට අනිවාර්්‍යයෙන් කියන්න පුලුවන් ඔයගොල්ලන්ට Subnetting තරම් ලේසි පාඩමක් CCNA වල නැති බව තේරෙයි.

    අපි තව දුරටත් දැන් කලින් පාඩමින් විස්තර කරන ලද වචන Set එක පැහැදිලි කරගමු. මම කිව්වා IP Address එකක් 32bit කියලා. ඒ කියන්නේ 4byte වෙනවා. ඉතින් අපි IP Address එකක් කොටස් හතරකට බෙදනවා. ඒ එක කොටසක් Octet එකක් එහෙම නැත්තම් Byte එකක් කියලා හදුන්වනවා. අපි Network එකක IP Address ලියද්දි ඒ ලියන්නේ Decimal එහෙම නැත්තම් අපි සාමාන්‍යයෙන් භාවිතා කරන 10 පාදයේ සංඛ්‍යා වලින්. නමුත් අපි පරිගණකයේ මොන වැඩ දැම්මත් ඒවා පරිගණකය තේරැම් ගන්නේ Binary එහෙම නැත්තම් 2 කේ පාදයේ සංඛ්‍යාවක් විදිහට බව හැමෝම දන්නවනේ. ඒක නිසයි මම කිව්වේ Binary Conversion ගැන ටිකක් නැවත බලලා මතක් කරගන්න කියලා. එහෙම නැතුව අපිට ඉස්සරහට යන්න බෑ.

    අපි IP Address එකක් ලියන විදිහ බලමු. මම කිව්වනේ අපි IP Address එකක් ලියද්දි ඒක කොටස් 4 ක් විදිහට කඩලා තමයි ලියන්නේ. එසේ වෙන් කිරීමට අපි තිතක් (Dot) එකක් භාවිතා කරනවා. පහත රෑපය බලන්න. මම IP Address එකක් අපි ලියන සාමාන්‍ය Decimal එකක් විදිහට ලියලා ඒක පරිඝණකය තේරැම් ගන්න Binary විදිහටත් ලියලා බලමු. මම ගත්ත IP Address එක තමයි. 192.168.100.10 කියන එක. මම ඒකට අදාළව වෙන වෙනම 192 කියන සංඛ්‍යාවේ Binary අගය (2 පාදයේ අගය), 168 Binary අගය, 100 Binary අගය වගේම 10 ‍යේ Binary අගයත් දක්වලා තියෙනවා. මම හැම Octet එකක්ම ලියලා තියෙන්නේ bit 8 ක් එන විදිහට බලන්න එත‍කොට මුලු bit ගාන 32 ක් නේද.

    IP%20Address.jpg

    ඉහත රෑප සටහනේ මම පැහැදිලිව පෙන්වලා තියෙනවා IP Address එකක් අපි ලියන Decimal ක්‍රමය සහ එය පරිගණකය තේරැම් ගන්න Binary ක්‍රමය වගේම IP Address එකක Octet එකක් කියන්නේ මොකක්ද ඒ වගේම Bit එකක් කියන්නේ මොකක්ද එසේ Bit 32 සමාන ලෙස 8 කොටස් 4 කට බෙදීමෙන් IP Address එකේ Binary අගය ලැබෙන විදිහ. ඒ වගේම Octet බෙදීමට අපි යොදා ගන්නා Dot එකත් මම සටහන් කරලා තියෙනවා. ඉතින් ඉදිරියේදි මේ භාවිතා වෙන වචන අමුතුවෙන් නැවත නැවත පැහැදිලි කරන්න යන්නේ නෑ. හොදින් මතක තබා ගන්න.


    හොදයි මම කලින් පාඩමේ කතා කලානේ Network Address සහ Broadcast Address කියලා දෙකක් ගැන. මම කිව්වා IP Address range එකක එහෙම නැත්තම් Subnet එකක මුල් IP Address එක අපි හදුන්වන්නේ Network Address කියලා. ඒ ‍වගේම ඒ IP range එකේ අන්තිම IP Address එක අපි හදුන්වන්නේ Broadcast Address එක ලෙස. මේක අපි රෑප සටහනක් ඇසුරින් පැහැදිලි කර ගමු.

    මම මෙතනදි උදාහරණයක් විදිහට පොඩි IP Address range එකක් ගන්නම්. අපි හිතමු ඒ range එක පටන් ගන්නේ 192.168.100.1 කියලා ඒක ඉවර වෙන්නේ 192.168.100.7 කියමුකෝ (අපි Network එකක IP range කඩනකොට ඔය වගේ හිතුන හිතුන විදිහට කඩන්න බෑ නමුත් මම මෙතන උදාහරණයක් විතරයි අරන් තියෙන්නේ). ඔන්න පහත රෑප සටහනෙන් මම ඒ Range එක දක්වලා තියෙනවා.


    IP_range.jpg

    බලන්න මම Network Address එක සහ Broadcast Address එක දක්වලා තියෙනවා. මම කිව්වා මේ IP Address දෙක අපිට Network එකේ Host කෙනෙක්ට දෙන්න බෑ කියලා අන්න ඒක අනිවාර්්‍යයෙන්ම මතක තියා ගන්න ඕනේ සුවිශේෂීම කාරණයක්. අපේ හුගක් Subnetting කරන අය වරද්ද ගන්න තැනක් තමයි ඔතන. හැම තිස්සේම යම් Subnet එකක පළවෙනි සහ අන්තිම IP Address එක නැතුව තමයි අපි Host ලට දෙන්න පුලුවන් IP Address ගාන ගණන් කරන්නේ. මම ඉහත ඒක පැහැදිලිව දක්වලා තියෙනවා.


    හොදයි දැන් ඔය කරැණු හොදට මතක තියාගෙන අපි ඊළග පාඩමින් IP Address එකක Octet හතර Network පැත්තට සහ Host පැත්තට බෙදෙන ‍විදිහත් IP Classes ගැනත් ඉගෙන ගමු.
     
    • Like
    Reactions: DAMER

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ඔන්න CISCO පැත්තෙන් ලැබෙන අලුත්ම ආරංචියේ විදිහට මේ අවුරැද්දේ සැප්තැම්බර් වල CCNA වල Syllabus එක පොඩ්ඩක් වෙනස් කරලා අලුත් මුහුණුවරකින් හදුන්වලා දෙන්න යනවා. ඒ අනුව අපි දැනට කරන


    640-802 CCNA exam එක 200-120 CCNAX නමින් වෙනස් වෙනවා. 640-802 CCNA වල අන්තිම දිනය මේ අවුරැද්දේ සැප්තැම්බර් 30.


    Old Exam Number 640-802 CCNA
    Last day to test: September 30, 2013

    New Exam No - 200-120 CCNA - Interconnecting Cisco Networking Devices: Accelerated (CCNAX)


    නමුත් බයවෙන්න එපා අපි CCNA වල දැනට කරන Syllabus එකම තමයි තව පොඩි පොඩි කෑලි ටිකක් එහෙට මෙහෙට කරලා අලුත් කරලා තියෙන්නේ. විශේෂයෙන්ම IPv6 ගැන ටිකක් වැඩිපුර එකතු කරලා තියෙනවා ඊට අමතරව IOS licensing කියන part එකත් Security පැත්තේ පොඩි කෑලි ටිකකුත් අලුතින් එක් වෙනවා.

    ඔන්න CCNA පාඩමත් එක්ක හිටියොත් ඒ අලුත් කෑලිත් ඔයගොල්ලන්ට ඉගෙන ගන්න පුලුවන්.