ඔන්න CISCO පැත්තෙන් ලැබෙන අලුත්ම ආරංචියේ විදිහට මේ අවුරැද්දේ සැප්තැම්බර් වල CCNA වල Syllabus එක පොඩ්ඩක් වෙනස් කරලා අලුත් මුහුණුවරකින් හදුන්වලා දෙන්න යනවා. ඒ අනුව අපි දැනට කරන
640-802 CCNA exam එක 200-120 CCNAX නමින් වෙනස් වෙනවා. 640-802 CCNA වල අන්තිම දිනය මේ අවුරැද්දේ සැප්තැම්බර් 30.
Old Exam Number 640-802 CCNA
Last day to test: September 30, 2013
New Exam No - 200-120 CCNA - Interconnecting Cisco Networking Devices: Accelerated (CCNAX)
නමුත් බයවෙන්න එපා අපි CCNA වල දැනට කරන Syllabus එකම තමයි තව පොඩි පොඩි කෑලි ටිකක් එහෙට මෙහෙට කරලා අලුත් කරලා තියෙන්නේ. විශේෂයෙන්ම IPv6 ගැන ටිකක් වැඩිපුර එකතු කරලා තියෙනවා ඊට අමතරව IOS licensing කියන part එකත් Security පැත්තේ පොඩි කෑලි ටිකකුත් අලුතින් එක් වෙනවා.
ඔන්න CCNA පාඩමත් එක්ක හිටියොත් ඒ අලුත් කෑලිත් ඔයගොල්ලන්ට ඉගෙන ගන්න පුලුවන්.