සිංහල ගී පදවැල් Sinhala Gee Padawal (Sinhala Song Lyrics)

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මේක තම‍යි sasliit අ‍යි‍යගේ ජාතික ගී‍ය.....:cool::cool::cool:

    මහරගමට වහින්නැතිව වහින්න ඕනෑ තැනකට
    කුඩ‍යක්වත් අතේ නැතිව ඈ ඇති බස් නැවතුම ලඟ...//

    උදේ ඉඳන් වද විඳලා දැනු‍යි ගි‍යේ වැඩ ඇරිලා...//
    ඇඳන් හිටපු සාරි‍යම‍යි හෙටත් අඳින්නේ ති‍යලා... හෙටත් අඳින්නේ ති‍යලා...


    මහ වැස්සට තෙමුනොත් ඈ හෙට අඳින්න ඇඳුමක් නෑ...//
    මග හිටි‍යොත් වැස්ස නිසා ගෙදර ‍යන්න වෙන්නෙත් රෑ...ගෙදර ‍යන්න වෙන්නෙත් රෑ...


    -චාමර වීරසිංහ-
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මේක තම‍යි sasliit අ‍යි‍යගේ ජාතික ගී‍ය.....:cool::cool::cool:
    tumblr_lyjhl01zMJ1r1bja5.gif
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ආදරේ පෑ ඉරේෂා

    ආදරේ පෑ ඉරේෂා
    මා හදෙ හැංගිලා
    දෑස පියවූ ඇසිල්ලේ
    නින්දේදී වෙනවලා

    ශෝක ගංගා ගලාලා
    ප්‍රීති රජදහනේ
    සොදපාලු වෙලා යයි
    ජිවිතේ වැලපෙයි ........//

    මගේ සංකා වියෝගේ
    කාට පවසමිදෝ
    වේදනාවෙන් වෙලියයි
    ආදරේ මෙයදෝ .........//:(

    සිසිර සේනාරත්න
     
    Last edited:
    • Like
    Reactions: Rex921

    BMW_M3

    Active member
  • Apr 7, 2013
    246
    75
    28
    ශ්‍රී ලංකාව....
    සුළං කපොල්ලේ
    තැනූ කැදැල්ලේ
    කෑලි කැඩී බිඳී වැටෙයි
    නිල් කඳු රැල්ලේ

    කූඩු කැඩී තැන තැන ගිය පුංචි කිරිල්ලී
    දැන් ඔබ ලඟ සිටියි රුවක් විලස නොසෙල්ලී
    යොදුන් ගණන් ඔබමැ සොයා ආ සියුමැල්ලී
    පිළිගනු ඈ කොහි යන්ට ද නැවත් ඉගිල්ලී

    ඇයට මවක් පියෙක් නොමැත ක්ෂිතිජ වළල්ලේ
    කඳුල පමණි ඇයට උරුම දවස මුළුල්ලේ
    ඔබ තනිකඩ කුරුළු රජෙකි වෙසෙන නිදැල්ලේ
    ඇයට ලැගුම් දෙන්න සබඳ ඔබේ කැදැල්ලේ


     
    • Like
    Reactions: maheshsenadheera

    BMW_M3

    Active member
  • Apr 7, 2013
    246
    75
    28
    ශ්‍රී ලංකාව....
    [FONT=&quot]රන් දුනුකේ මල සේ - රන් මැනිකේ සැරසේ[/FONT]
    [FONT=&quot]පති කුලයේ කුමරා - ඇය කැදවා යනවා[/FONT]


    [FONT=&quot]සුදු සේල ගතේ එතුනා -ගෙල මාල හතක් බැදුනා[/FONT]
    [FONT=&quot]රස විහිලු කතා ඇසුනා - මුව කොල සිනා පිපුනා[/FONT]


    [FONT=&quot]රන් දුනුකේ මල සේ - රන් මැනිකේ සැරසේ[/FONT]
    [FONT=&quot]පති කුලයේ කුමරා - ඇය කැදවා යනවා[/FONT]


    [FONT=&quot]ඇගෙ මෑණි පියා දෙදෙනා - පොඩි දොනි කියා කියනා[/FONT]
    [FONT=&quot]මේ රූපෙ යොවුන් ලලනා - අද දීග ගමන් යනවා[/FONT]


    [FONT=&quot]රන් දුනුකේ මල සේ - රන් මැනිකේ සැරසේ[/FONT]
    [FONT=&quot]පති කුලයේ කුමරා - ඇය කැදවා යනවා[/FONT]
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පෙම් බැන්ද නෙත් කැල්ම රන් සිහින සේ‍යා....
    ඉඳුදුන්න සේ නැසෙන රැවටිල්ල ලුහු බඳින මා‍යා....

    රන් තාරකාවෝ....දෙනෙතේ රැඳුනාවේ....
    මේ සොඳුරු සිහිනේ....කවදා ඉටුවේදෝ ලඳේ....
    නිම් හිම් නැතේ....සෙනෙහේ ල‍යේ....
    මන්දෝ ලඳේ....සැඟවී ගි‍යේ....

    පෙම් බැන්ද හින්දා....ඉන් මා දැවුනාවේ....
    මේ සොඳුරු පි‍යසේ....නො ඇසේ මිහිරි ගී‍යේ....
    හැඟුමන් මගේ....ඔබ හා බැඳේ....
    පැවතුම් ඔබේ....නොදනී ලඳේ....

     
    • Like
    Reactions: DAMER
    Aug 21, 2011
    29
    0
    0
    Eheliyagoda
    මගේ හිතට දැනුන හොදම සිංදුව

    සදක් බැස ගියා අවර ගිරේ ඉරක් උදා කරලා........
    මටත් ලොවක් තිබුනා මතකයි මම එමි සිහිකරලා......

    දෙලුම් මල් පිපුණු දෙවැට දිගේ පාසල් ගිය කාලේ
    මල් වගේ සිනාසුනු කෙල්ලන් හා මතකයි මගෙ බාලේ.....

    විවේකයක් ලද විටදි අපි දුවපැන ඇවිදිනවා...
    ගණන් තමයි මගෙ හිතට වදේ නිතරම වරදිනවා...
    ගමේ පාසලේ වැඩට අපි පෙරමුණ ගෙන යනවා..
    තවත් වරක්.......තවත් වරක් මට පාසල් යන්නට ලැබුනොත් මම යනවා....

    ඉමක් කොනක් නැති අහස වගේ....කෙළිලොල් දිවිය මගේ.......
    මලක් පිපී සුවදින් පිරැනාසේ මුහුනේ සිනහ රැදේ.....
    දුකක් සිතී දැනුනේ නෑ මා හට අද මට දැනෙනු වගේ.....
    තවත් වරක්.......තවත් වරක් මට පාසල් යන්නට ලැබුනොත් හරිම අගේ...........

    දෙලුම් මල් පිපුණු දෙවැට දිගේ පාසල් ගිය කාලේ
    මල් වගේ සිනාසුනු කෙල්ලන් හා මතකයි මගෙ බාලේ.....
    මල් වගේ සිනාසුනු කෙල්ලන් හා මතකයි මගෙ බාලේ.....පොඩි කාලේ...........:yes::yes:;)

    ගායනය...ක්ලැරනස් විජේවර්ධන
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කියන්න කියන්න..

    කියන්න කියන්න.. හඳ රැඳි දේ මා සමගේ
    කියන්න කියන්න.. ඇති සැමදේ රිසි සේ

    හද පුරා ආදරේ
    ඔබටයි ඉඩ හදවතේ
    දිස්වෙයි මුතුවන් සිනා
    දෙනුවන් යුග ලඟ මගේ
    මන්මත් සිත පුරා
    කැළඹෙයි වේදනා හැඟුම්
    නොදැනී ඒ ඇසිල්ලේ
    කියවෙයි ඔබ නම හොරෙන්

    කියන්න කියන්න.. හඳ රැඳි දේ මා සමගේ

    නිදිවරා ජීවිතේ මා ගෙතූ ගීතයේ
    දැවටෙයි ඔබ කී වදන්
    දෙසවන් යුග ලඟ මගේ
    සුදුවන් පිටු පුරා
    බිහිවෙයි ගී ඔබේ නමින්
    නොසිතා ඒ පිටු කොනේ
    ලියවෙයි ඔබ නම් හොරෙන්

    කියන්න කියන්න.. හඳ රැඳි දේ මා සමගේ
    කියන්න කියන්න.. ඇති සැමදේ රිසි සේ..//

    ගායනය: නදීක ජයවර්ධන
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නිල් කඳු මිටියාවත පමණයි

    [FONT=&quot]නිල් කඳු මිටියාවත පමණයි [/FONT]
    [FONT=&quot]මගේ දෑසේ ‍රැඳිලා ඇත්තේ,[/FONT]
    [FONT=&quot]ඈතට ඈතට ගිය සිත[/FONT]
    [FONT=&quot]කොයිබද නැහැ මා දන්නේ...//
    [/FONT]
    [FONT=&quot]
    සොඳුරු බවින් යුත් අතීතයක් [/FONT]

    [FONT=&quot]මට නෑ හිමි වී ඇත්තේ[/FONT][FONT=&quot],[/FONT]
    [FONT=&quot]ඒ ගැන සිතමින් කෙලෙසද සොඳුරියේ[/FONT]
    [FONT=&quot]ඔබ වෙත මා ලං වන්නේ...
    [/FONT]
    [FONT=&quot]
    සැනසුම් සුසුමක සේයාවක් [/FONT]

    [FONT=&quot]ඉතිරිව නෑ ඔබ ඇසුරේ[/FONT][FONT=&quot],[/FONT]
    [FONT=&quot]සුපුරුදු තනිකම විතරද උරුමය[/FONT]
    [FONT=&quot]මට මේ මුළු දිවියේ...

    [/FONT][FONT=&quot]නිල් කඳු මිටියාවත පමණයි...

    [/FONT]
    ගායනය: නදීක ජයවර්ධන
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පෙරවදනක් නැති අප පෙම් පුරාවතට

    පෙරවදනක් නැති අප පෙම් පුරාවතට
    මට කුමටද තව පසු වදනක් නුඹගෙන් //

    හැම හමුවීමකට
    නියමිත අවසානයක් ඇත්නම්
    සේරුන් වුව ගයනා ගීයට
    විරාමයක් දේ නම්
    මට කුමටද තව පසු වදනක් නුඹගෙන්

    එක සෘතුවකට පසුව
    නව සෘතුවක් පැමිණේ නම්
    ගහ කොල මල් දළු ලා යායට
    අලුතින් සැරසේ නම්
    මට කුමටද තව පසු වදනක් නුඹගෙන්

    පෙරවදනක් නැති අප පෙම් පුරාවතට
    මට කුමටද තව පසු වදනක් නුඹගෙන් //

    මට කුමටද තව පසු වදනක් නුඹගෙන් //

    ගායනය: නදීක ජයවර්ධන