පද පේලි .....

Status
Not open for further replies.

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
සිහින් සිරිපොද වෑහුනා
ඉවුරු දෙකොපුල් සේදුණා
සුදු නෙළුම් මල දෑස පියවී
මෙහා ඉවුරට පාවුණා
 

sayu11111

Member
May 28, 2011
12,961
285
0
Japan
කැමීලියා මල් සුවඳට
සඳ කෙමි මත් පා තිය තිය //
මගේ කුටියේ කවුළුදොරින්
නිදි බින්ද දෑස ඒ ඔබමද
සින්ඩරෙල්ලා . . .

සකුණ ගීය සැඟවී යන
පළා පැහැයෙ අළු තවරා //
සැන්දෑ අඳුර ගේන පවන වගේ සියුම් සරින්
ඈත එපිටින් හදට වඩින්
සින්ඩරෙල්ලා . . .

කැමීලියා මල් . . .

සුසුදු හංස පියාපතින්
ගෙත්තම් කොට නිමවා //
ඇන්ද සිනිඳු සේද සළුව වළාකුලෙන් අතුරා
යන්න ගියේ බිය හිතිලද
සින්ඩරෙල්ලා . . .

Artist : Kithsiri Jayasekara
 

Dulanzz

Member
Jan 31, 2011
7,845
654
0
Necker Island
සඳ රේණු වෑහෙනා මේ සීත රාත්‍රියේ
ඔබ ඉන්න මාගේ ළඟින්
හද පිරුණු වේදනා පිසදා සිනා සලා
මට දෙන්න ආදරේ ඔබගේ හදින්

සඳ රේණු වෑහෙනා මේ සීත රාත්‍රියේ
ඔබ ඉන්න මාගේ ළඟින්...


පියවි ලොවේ කිසිදා එක් වෙන්නේ නෑ
එනමුත් මගේ හදින් වෙන්වන්නේ නෑ
දෙතැන තනිවී සදා හෙලන සුසුමන් නිවා
ඔබ ඉන්න මාගේ ළඟින්...

සඳ රේණු වෑහෙනා මේ සීත රාත්‍රියේ
ඔබ ඉන්න මාගේ ළඟින්..

තිබුනත් හදේ පැතුමන් ඉටු වන්නේදෝ
ඔබ ගැන පැතූ සිතින් වැලපෙන්නේදෝ
කඳුළු හසරැල් මවා මසිත ලතැවුල් නිවා
ඔබ ඉන්න මාගේ ළඟින්...

සඳ රේණු වෑහෙනා මේ සීත රාත්‍රියේ
ඔබ ඉන්න මාගේ ළඟින්
හද පිරුණු වේදනා පිසදා සිනා සලා
මට දෙන්න ආදරේ ඔබගේ හදින් ......
:dull::dull:

 

Dewrangi

Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    මා සඳට කැමති බව දැනගෙන
    ඔබ සඳ අයින් කලා අහසින්
    මා මලට කැමති බව දැනගෙන
    ඔබ මල අයින් කලා නටුවෙන්....

    නොයිඳුල් තොල් පෙති අතරින්
    උදුරාගෙන සිනාව
    හදවත නැති මිනිසා ඔබ
    නෙත කඳුලැලි ගෙනාව..

    එක් ටැම් ගෙයි සිරගත කර
    සමනළියක අනාථ
    ජීවිතයම ඔබ අරගෙන
    ඇති දුන් වේදනාව..

    නන්දා මාලනී
     
    • Like
    Reactions: amila_90210

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ලා සඳ ආයේ පායාලා
    නෙතු මානේ පායාලා
    රෑ පානේ පායා රූ ඡායා
    නෙත් තරු අඳුරේ පීදීලා
    සඳ එළියේ නෑවීලා
    සිත් මානේ පායා රූ ඡායා
    දිලී තාරකාවෝ රිදී රැස් දිදී
    හදේ විල් තලාවේ රටාවන් මැවී

    ලා සඳ ආයේ පායාලා
    නෙතු මානේ පායාලා
    රෑ පානේ පායා රූ ඡායා

    මවා රන් රසෝඝේ හදේ පත් ගැටී
    සුසුම් යාවුණා පවන් හා ගැටී
    යොවුන් හීන පීදීලා සිතුම් යාය කැළඹීලා
    යාවීලා නුරාගි‍ සේයා
    පීදීලා ‍සෙනේහෙ ඡායා
    යාවීලා පීදීලා චංචලයි සේයා

    ලා සඳ ආයේ පායාලා ...........


    ගායනය :- සමිතා එරන්දතී මුදුන්කොටුව
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    හිත අස්සට හීන ගොඩක් ගෙනල්ල දුන්න
    ඹය ඇස් දෙක අමතක කර හිදින්නෙ කොහොම
    සුළඟ වගෙ මා අතහැර දුරක යන්නට
    වරද මගේ රත්තරනේ කියලා දෙන්න..
     
    • Like
    Reactions: rcccc

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    පිනි පොදක් නැතිව සුසුම් හෙලන
    වන්නිතුලානේ..
    නුඹ සිනාවුණත් කරඹ මලක් සේ
    හිත ඉකිගහනා හඬ ඇහුනා
    හීන් සීරුවේ..

     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සඳ වාගේ ලස්සනයි ඔයා
    තරු වාගේ සුන්දරයි ඔයා
    සඳ වාගේ තරු වාගේ
    මගෙ පාලු දුරලන් ඔයා

    අරුණලු ‍නැගෙනා මදහස දිලෙනා
    හිරු සේ පායා මට සුව ගේනා
    සිහින සැබෑවෙන මතුයම් දවසක
    දෙසිත ම යාවෙනව
    මා ඔබගෙ ම වෙනවා

    සඳ වාගෙ ලස්සනයි ඔයා ...........

    රන් සලු පටලා අතැඟිලි බැඳලා
    යනතුරු සැබැවින් හිත වද දෙනවා
    අඳුරු පහන් කුස කළුවර වූවත්
    ඔබට එළිය දෙමි මා
    ඔබෙ පතිනිය වෙමි මා

    සඳ වාගෙ ලස්සනයි ඔයා ...........


    ගායනය :- සේනානයක වේරලියද්ද හා මංජුලා දිල්රුක්ෂි
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ගඟට ඉවුරක්‌ සේ රැක ඉන්නම්
    කෙතට නියරක්‌ සේ ළඟ ඉන්නම්
    වැයෙන වස්‌දඬු රාවය වෙන්නම්
    හමා එන පවනේ හමා එන පවනේ

    ලියනා කවි පෙළට එළිවැට වෙන්නම්
    සිතුවම අඳිනා තෙලිතුඩ වෙන්නම්
    ගයනා ගීයට පදවැල වෙන්නම්
    රැඳී හද පතුලේ රැඳී හද පතුලේ

    ගඟට ඉවුරක් සේ .............

    සිතට අරමුණ සේ දිස්‌ වෙන්නම්
    හදට අදිටන වී දිරි දෙන්නම්
    අනාගතයට පෙරමග වෙන්නම්
    දෙපා යට වැතීරී දෙපා යට වැතීරී

    ගඟට ඉවුරක් සේ .............


    ගායනය :- නන්දා මාලිනී
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0


    තරු නැති දාට ඇස් තමයි දිලෙන්නේ
    සඳ නැති දාට හදේ රැස් ගලන්නේ
    කඳුලු එළි වලින් අඳුරේ ඉඳන්
    දුකයි සැපයි බෙදාගන්න
    මේ සුරම්‍ය පාරාදීසයේ
    ඔබයි මමයි ඔබයි මමයි
    ඇයි හිස් අතින් ආයෙ ආයෙ යන්නේ...............

    මුවින් සිනා සී හැංගි හැංගී හඬන්නේ
    දිනක් වැලපි කල්ප ගණන් සැනසෙන්නේ
    සුලඟ නැති දා සුසුමෙනුයි සිහිල ගන්නේ
    එහෙම නම් ඇයි ඔබයි මමයි ආදරය නොවිඳින්නේ
    හිරුද නැති දාට සීතලේ ගුලි වන්නේ
    උනුන් හැමදාම පපුවෙනුයි වැළඳගන්නේ
    මේ සුරම්‍ය පාරාදිසයේ
    ඔබයි මමයි එනමුදු ඇයි දෙතැන ඉන්නේ....................

    Amal perera




     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සඳට මුවාවී තනිවෙන්න එපා
    හිරුට මුවාවී සැඟවෙන්න එපා
    කඳුළු වලින් මා නෙත් තෙමනු එපා
    ලොවට බියෙන් මා හැරයන්න එපා

    ඔබව පැතුවෙ මා එක හිතින් බිය නොවී
    කිමද අද මෙසේ ඔබ බොහෝ දුරට වී

    සඳට මුවාවී ..................

    පැතුම් මල් පිපී මද පවනෙ සැලෙන්නේ
    එවන් ලොවක ඇයි මා තනිකරලන්නේ

    සඳට මුවාවී ..................


    ගායනය :- ලලිත් පොන්නම්පෙරුම
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    පියමන් කෙරුවෙමු මහ වෙල් මැද්දෙන්
    පෙම් බස් දෙඩුවෙමු උයන් කොනෙක හිද
    ශිල්ප උගත්තෙමු නැණ ලැබ ගත්තෙමු
    දෙපා වාරු නැත ඔබ හැර යන්නට
    ....................................

    නිල් තන පලසෙ ගැටුනු දෙපාවයි
    කෝල හැගුම් කෙලි කවට සිනාවයි.......//
    මල් නැටුමයි කලගෙඩි නැටුමයි
    මගේ දෑස තුල යලිත් ඇදේවිද
    මගේ දෑස තුල යලිත් ඇදේවිද
    .............................

    නෙත කදුලින් හස කැනින් මුවාකල
    සොදුරු පැතුම් පුරවා මනමත් කල........//
    මගෙ කෙලිලොල් විය ගෙවුනු වගයි
    මා හැදු පාසල් මවුනි දයාබර
    මා හැදු පාසල් මවුනි දයාබර
    ..............................
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    පියමන් කෙරුවෙමු මහ වෙල් මැද්දෙන්
    පෙම් බස් දෙඩුවෙමු උයන් කොනෙක හිද
    ශිල්ප උගත්තෙමු නැණ ලැබ ගත්තෙමු
    දෙපා වාරු නැත ඔබ හැර යන්නට
    ....................................

    නිල් තන පලසෙ ගැටුනු දෙපාවයි
    කෝල හැගුම් කෙලි කවට සිනාවයි.......//
    මල් නැටුමයි කලගෙඩි නැටුමයි
    මගේ දෑස තුල යලිත් ඇදේවිද
    මගේ දෑස තුල යලිත් ඇදේවිද
    .............................

    නෙත කදුලින් හස කැනින් මුවාකල
    සොදුරු පැතුම් පුරවා මනමත් කල........//
    මගෙ කෙලිලොල් විය ගෙවුනු වගයි
    මා හැදු පාසල් මවුනි දයාබර
    මා හැදු පාසල් මවුනි දයාබර
    ..............................
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    මට මන් ගැනම අදහන්න බෑ හිත හදන්
    ඔබේ හිමි සුවද ගිලිහෙන්නේ ඇයි මේ ලෙසින්
    ඔබ ලන් වුවා වැඩිදෝ හිතෙයි මොහොතකින්
    අප වෙන් වීමේ සේයාව වෙයිදෝ මෙසේ
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    කුසගිනි උහුලපු දවසක
    සිනාසුනා මා තුරුලු කරන්
    වැහිබිදු ඇතුලට වැටුනම
    ඔබේ නෙතත් ඒ අහස තරම්
    ඔබේ නෙතත් ඒ.. අහස තරම්

    මේ ඉර හද මට කුමකට අම්මේ නුබ නැතිනම්
    අම්මේ... නුබ නැතිනම්

    දූවිලි තැවරුන පුරහද ඇවිදින්
    නිදාගන්න මට හිතක් නොදී
    කලුවර මීදුම් දවසක් නැතිවද
    අම්මා ලග උණුසුමක් විදී


    මේ ඉර හද මට කුමකට අම්මේ නුබ නැතිනම්
    අම්මේ... නුබ නැතිනම්

    සුවද හමන්නැති මල් පෙති අතරේ
    විස කටු වල ඇමිණුනා කවි
    ගොම මැටි සීතල පොලවක් කොතැනද
    කිරි සුවදක් තැවරිලා ඇති

    මේ ඉර හද මට කුමකට අම්මේ නුබ නැතිනම්
    අම්මේ... නුබ නැතිනම්

    ගුණදාස කපුගේ
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    නියන් ගිනි ඇවිලුනත් හිත නිවා
    සොරොව්වෙන් ගලා එන
    දියවරක් සේ ඇදී
    නුඹේ හිත මට යමක් කියනවා..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මට කියන්න අළුයට සැඟවී
    ගිනි පුපුරක් සේ ලෙන්ගතු කම්
    මම ඉන්නෙ නුඹට හරිම මනාපෙන්

    ඔය හැටි ඇයි හරි ලස්සන
    කරන්නෙපා ආඩම්බර
    සිත අංජනයක රැඳුණු නිසාමයි
    එක වචනයකට තොල් විවර කරන්

    මට කියන්න ................

    මල් මුවරද විකසිත වී
    ගුමු ගීයට සෙමර සලයි
    නුඹ දන්නවා ද සෙනෙහස කොතරම්
    අගනේද සොභාදහමට මනරම්

    මට කියන්න ................


    ගායනය :- අතුල අධිකාරි
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    වස්සාන හීනේ තරු ඇස් වසා
    සංකාව මාහදේ හොල්මන් කලා
    පින්තාරු දෑසේ පෙම ගල්වලා
    ඔබ මාගේ හිත එක්ක සෙල්ලම් කලා

    සුලඟ අතේ කෙටි පනිවිඩ එවා
    පෙම් හීන ඇන්දා අහසේ පවා
    සඳ සාවුන් නැති රැයටත් හොරා
    නුඹ ඇවිත් උන්නා සිහිනෙට වෙලා

    පුරසාරම් දෙඩු දෙනුවන් නුරා
    අවනත බැල්මෙන් ඇවිටිලි කලා
    සඳ සාවුන් නැති රැයටත් හොරා
    [FONT=&quot]නුඹ ඇවිත් උන්නා සිහිනෙට වෙලා

    [/FONT]-sithara uduwana-
     
    • Like
    Reactions: kandya
    Status
    Not open for further replies.