2013 Jun 15 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit-clarence [4]

Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    හැම එකාම යනවා ,පොඩ්ඩක් හිටහල්ලකෝ
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    11.gif

    :D:D:D:D ආර් සී4 ..........
    ටයිර එහෙම ඇවිත් වැරදියට නම කියල ගියේ නැද්ද අද?
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo

    මගේ කැමතිම ගායකයා තමයි ක්ලැරන්ස් විජේවර්ධන කියන්නේ..ඉතින් මේ වැඩසටහන මට හැමදාම මතක තියන වැඩසටහනක් වෙනවා ෂුවර්...
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    හිරිමල් වයසේ සෙනෙහෙන් බැඳී එදා
    මතකේ නොමියේ ඔබ මා සිතින් සදා
    ආදරයේ රස මියුරු වේදනා

     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දන්නවනේ මල්ලි ඉතින් අපි වචනයක් කිව්වොත් ඉතින් කිව්වා තමයි......!
    කොහොමද සැප සනීප..?
    :yes::yes::yes:

    කි‍යන්න තරම විශේෂ‍යක් නෑ අ‍යි‍යේ......වෙනදා විදි‍යටම ඉන්නවා......:D:D:D
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    වැඩසටහන ලොවෙත් සුපිරි..:yes::yes::yes:
    වෙනදා වගේම ආසාවෙන් ශ්‍රාවකයෙක්
    විදියට අහන් හිටියා..:yes::yes:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඌ කරන අවසාන ශෝ එක නං එහෙම තනිකරලා දාලා යන්න හිත දෙන්නේ නෑ... :no:
    ඒකයි ආපහු අවේ... :D
    ඒකත් ඇහුනෙ හොරෙන් අහගෙන හිටපු නිසා...
    :rofl:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    සස්ලිට් මාමි.. පට්ට ෂෝ එක ඈ.. download links දාහන් ෂෝ එකේ.. මුල් ටික ඇහුවෙ නෑ.. call of duty ගගහ ඉදල හෙන ගැහුව වගේ එකෙක් මතක් කළා ක්ෂණික ආවෙ ඒ පාර.. තව ටිකෙන් විලි සංසර්ගෙ බෑ.. එළකිරි තමයි

    මොකද්ද මේ උබේ අන්තිම ෂෝ එක කියන කතාව ??????? :oo::oo::oo::oo::oo:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    රහසේ හඬනා අප හැඟුම්
    ලොව නෑ දන්නේ අප පැතුම්
    ලා සඳු පායනා රැයේ
    පිණි සේ තරු සේ
    තනි වී තැවෙනා පෙම් සුසුම්

    හිරිමල් වයසේ සෙනෙහෙන් බැඳී එදා
    මතකේ නොමියේ ඔබ මා සිතින් සදා
    ආදරයේ රස මියුරු වේදනා

    රහසේ හඬනා අප හැඟුම්...

    සඳ රෑ සිහිනේ සෙවණැල්ල සේ වෙලී
    ඉමු අපි සොඳුරේ සුපුරුදු ලෙසින් බැඳී
    ආදරයේ රස මියුරු වේදනා

    රහසේ හඬනා අප හැඟුම්...

    රහසේ හඬනා අප හැඟුම්
    ලොව නෑ දන්නේ අප පැතුම්//

    11.gif
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    එහෙනම් ඔන්න මාත් යන්න හදන්නේ.
    sasliit නියමෙට වැඩේ ගියා. අද සමුගන්නවා කීවට
    අයේ පුළුවන් තරම් ඉක්මනට එළකිරියේ අපිත් එක්ක එකතුවෙන්න ලැබෙන්න කියල ප්‍රර්ථනා
    කරනවා.




    හැමෝටම සුබ රාත්‍රියක්
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :yes::yes::yes:

    කි‍යන්න තරම විශේෂ‍යක් නෑ අ‍යි‍යේ......වෙනදා විදි‍යටම ඉන්නවා......:D:D:D
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ස්තූතියි

    සදාදරණිය නිවේදක තුමනි.

    ඔබේ අවසන් වැඩසටහන දා.. අවසාන වශ‍යෙන් යමක් සටහන් කලේ නැතිනං පුරා පැය හතරක ගුණාත්මක ශ්‍රවනයකට සහ පුරා වසරකට ආසන්න රේඩියෝ මාවතක සුපිරිම පුද්ගලයෙක්ට කරන්නා වූ ගුණමකුකමක් සේ සිතමි. එසේහෙයින් මෙය ලියමි.

    ක්ලැරන්ස්-
    හතු පිපෙන්නා සේ.. ආ මගක් නැති.. ඉන්න තැනක් නැති සහ අවසානයේ යන මං නැති සුපර්ස්ටාලා බිහිවෙන යුගයක , ක්ලැරන්ස් විජේවර්ධන මහතාණෙනි, ඔබ අපට රසවින්දනයේ සුවිසල් ප්‍රතිමූර්ථය‍කි. සංගීත ලෝකයේ අත්වැල් අල්ලමින් තනතමින් වෙව්ලන්නාගේ සිට.. සුප්‍රසිද්ධ වේදිකාවේ ජය කෙහෙලි නැංවූ ප්‍රබුද්ධයන් දක්වා එයට මොනවට සාක්ශි දරනු ඇත.
    ඔබේ ගායන විලාසය, තනු යෙදීමේ විචිත්‍රවත් හැකියාව හේතුකොටගෙන.. එකදු ගීතය දිනකට සිය සැරයක් වාදනය කෙරෙව්වද කිසි කලෙක එපා නොවන්නේමය. දෙවියන් දුන් අසිරිමත් ගායන කෞශල්‍යය තවත් වසර ගණනාවක් විහිදුවන්නට නොතබා... රුදුරු මත්පැනට ලොල් වී දිවිය නිස්කාරනයේ කෙටි කරගැනීම ගැන මගේ පුද්ගලික වේදනාවක් තිබුනද... ඔබ ජීවත් වූ කෙටි කාලය තුල මේ තරම් ජනහද දිනාගත් ආකාරය නම් අතිශයින්ම විශ්මය ජනකය.
    ඔබ නැතිවී වසර විස්සක් ගතවන්නට ආසන්නවත්... තවමත් ගිටාරය වයමින් කිසි දින නොදුටු ක්ලැරන්ස් ගී ගයන්නන් බොහෝය. එය ඔබගේ ජනප්‍රියතාව තවත් වසර සියයකටත් වඩා දුර ගෙනියන්නක් බවට පෙරමගලකුනකි. ක්ලැරනස් සුහද කළාකරුවාණෙනි., ඔබට සදා මොක් සුව පතමි. ජන හද තුල සදා වැජඹේවා..!!!

    සස්ලිට් නිවේදක තුමනි..-
    එළකිරි.කොම් ඔන්ලයින් මිතුරු මිතුරියන් අතරේ.. මාගේ ලගම හිතවතෙකු ලෙස.. දිනෙන් දින මාගේ ලිවීමේ කාර්්‍යයන් වලට උර දෙමින්... නැතිවී නැසී යන තැනට නොව.. ඇති වී ප්‍රසාරනය වන තැනට වැඩ කිරීමට මා පොළඹවන්නේ ඔබයැයි , නිහතමානීව පවසනු රිසි වෙමි.
    සුවහසක් රසික හදවත් දිනාගත් සිකුරාදා එළකිරි රේඩියෝ වැඩසටහන - මියුරු ගී සර - සස්ලිට් සමග - ඔබ හදුනා ගැනීමට පහසුම මගක් ලෙස දුටිමි. නිතර අසන ගීත වෙනමම ආකාරයකින් රසික හදට ලගා කරවීමට ඔබ යොදාගත් උපක්‍රම විශිෂ්ඨය. සංයමයෙන් ගීත තෝරාගැනීමත්.. සුමට ලෙස නිවේදනය කරමින් .. ශ්‍රාවකයා හා නිවේදකයා‍ අතර ඇති දුරස් බව නැති කිරීමත් ඔබගේ රේඩියෝ නිවේදන ක්ශේත්‍රයේ මා දුටු හොද ගතිගුණය.
    සිකුරාදා වැඩසටහන් වලට අමතරව.. සුවහසක් රසික පිරිසගේ වැඩිම ඉල්ලීම පිට කරන්නට යෙදුනු මෙවන් පැය හතරේ මෙගා රේඩියෝ වැඩසටහන් වල අභියෝගය.. සාර්ථකව ඔබ භාරගන්නා ආකාරය අපූරුය. කිසිදු තිගැස්මකින් තොරව, ආතතියෙන් මිදී.. මනා සංයමයකින් පැය හතර කළමණාකරන ආකාරය ගැන ලිවීමට වචනද ප්‍රමානවත් නොවේ. දත් කිඹුලාට පසුව මා දුටු සොදුරුතම නිවේදකයා ඔබයි.

    පුද්ගලික හේතුවක් නිසා තදබදකාරී එළකිරි රේඩියෝවෙන් ඉවත් වන්නට යෙදුනත්.. ඔබද අප මතකයේ සදාකල් රැදෙනු ඇත. ඔබ විසින් පුහුනු කළ ඔබේ ගෝලබාලයන් දිගටම ඔබේ ධනාත්මක කලාව ඉදිරියට රැගෙන යනු ඇතැයි අපේක්ෂා කරමි.
    නුදුරු අනාගතයේ ජීවිතේ සුවිශේෂී සංධිස්ථානයක් පසු කරන ඔබට මා ඇතුළු සහෘද එළකිරි රේඩියෝ රසික පිරිසගේ සුභපැතුම් එක් කරමින්....
    සාර්ථක ජීවිතයකට ආසිරි ගෙන එමින් සමුගනිමි...
    සස්ලිට්... ඔබට දෙවි පිහිටයි....
    -දිනූෂ සංකල්ප-
    15/06/2013


    ඕනම දෙයක් කොපි කරන්නෝ සිටිත්. කොපි කරන්නෝ කොපි කරපුදෙන්....

     
    Last edited:
    Status
    Not open for further replies.