නිදි_නැති_නෙත්!!!

Status
Not open for further replies.

Niwantha Gavin Woods

Well-known member
  • Sep 19, 2008
    974
    65
    48
    Kotte
    දැන් ලියන්න ගත්තේ. රෑ වෙයි ඉවර කරද්දි :sorry::sorry:
    ela ela a kiyanne ada ekak sure neda?
    11.gif
    3.gif
     

    Niwantha Gavin Woods

    Well-known member
  • Sep 19, 2008
    974
    65
    48
    Kotte
    මුන්ට වැඩියෙනුත් ඕනේනේ. ඉතින් ගානට සෙට් වුනොත් අදම දානවා. නැත්තම් හෙට තමා ඉතින් :P:P

    මේ වෙලාවෙ කුණුහර්ප මතක් වෙන්නෙත් නෑ බන්... :P:P:rofl: අඩො උබ දෑම්මේ නත්නම් අපි සන්විධානය වෙලා මොකක් හරි කරනව හරිය :angry::angry:

    කට්ටිය මොකද කියන්නේ? ;);):rofl::rofl:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    මේ වෙලාවෙ කුණුහර්ප මතක් වෙන්නෙත් නෑ බන්... :P:P:rofl: අඩො උබ දෑම්මේ නත්නම් අපි සන්විධානය වෙලා මොකක් හරි කරනව හරිය :angry::angry:

    කට්ටිය මොකද කියන්නේ? ;);):rofl::rofl:
    rep kapamu muge
    parakku wena dawasak gane :yes::yes:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,107
    4,891
    113
    -In Darkness-
    974tfl.jpg



    ~ 6 වන කොටස ~

    "ඇතුලට එන්න"

    ඔහු ඇතුලට ගොස් වාඩි නොවී සිටගෙනම සිටියේය. ෂෙහාරා සාලේ සඟරාවක් හෝ පොතක් කියවමින් සිටියාය. බැලු බැල්මට ඇය කියවන්නේ කුමක්දැයි ඔහුට නොපෙනේ. ඇය ඔහු දෙස බලා නැවත සඟරාව දෙස බැලුවාය.

    "වාඩි වෙන්න"
    ඔහු ලඟ තිබූ පුටුවක් වාඩි විය. සුරියවංශ මහත්මිය ගොස් දිනුකට මුහුණ පා ලඟ තිබූ පුටුවක වාඩි විය.

    "දිනුක, බලන්න ඔයා රස්සාව පටන් ගත්ත දවසෙම වැරදි දෙකයි. අනික කවමදාවකවත් මේ වගේ දුවලා රස්තියාදු වෙලා නෑ. ඔයාව කලින් කියලා යැව්වෙත් මම ඒ නිසානේ"
    "මැඩම් මම වෙලාවට එතනට ගියා"
    "දිනුක කියන්නේ දිනුක එතනට ඇවිත් හිටියත් දුව එයාගේ යාලුවා එක්ක ආවා කියලද?"
    ඇය උපහාසාත්මක අයුරකින් ඇසුවාය. දිනුක කෙසේ කීවද මැය එය විශ්වාස නොකරන බව ඔහුට ඉඳුරාම වැටහිනි. එහෙයින් ඔහු කිසිවක් කීවේ නැත.

    "මේ විදියට මගේ ළමයින්ගේ වෙලාවයි, ආරක්ෂාවයි නිකරුනේ යන්න දෙන්න බෑ. මට මහත්තයට කියන්න වෙනවා මේ ගැන. මහත්තයා ගන්න තීරණය මත දිනුක මෙහෙ තව දුරටත් ඉන්න නො ඉන්න එක තීරණය වෙයි"
    "හොඳමයි මැඩම්"
    "මුලදිම මහත්තයා කියන්න ඇතිනේ මේක ටිකක් වගකීමක් තියෙන වැඩක් කියලා"
    "ඔව් මැඩම්"
    "දිනුක දැන් යන්න. මහත්තයා ඔෆිස් එකේ වාහනේකින් එයි. ලොකු දුව විතරක් එක්කන් ආවම ඇති"
    "මැඩම් මේ ලොකු බේබිගේ පොත් වගයක් ගේන්න කියන්න කිව්වා. තව මේ රෑට කෑම එපා කියලත් කිව්වා"
    "ඉන්න මම ඒ ටික ගෙනත් දෙන්න"
    "චූටි.... අර අක්කගේ කාමරේ මේසේ උඩ තියෙන පොත් ටික ගෙනත් දෙන්න. වෙනම කවරෙක දාලා ඇත්තේ"

    ඇය මවගේ බසට අවනත වී නැගිට ගෙතුළට ගියාය. දිනුක සූරියවංශ මහත්මියගේ මුහුණ මග හැරීමට ගෙතුල ඇති දෑ නැරඹුවේය.

    "අම්මා........ මොන බෑග් එකද? මෙතන මේසේ උඩ බෑග් ගොඩක් තියෙනවා"
    ෂෙහාරා ගෙතුල සිට කෑ ගැසුවාය.
    "රතු පාට එක" ඇයද උස් හඬින් පැවසුවාය.
    ඇය පැමිණ කෙලින්ම දිනුකට බෑගය දික් කලාය. ඔහු එය ගත්තේ ඇගේ මුහුණවත් නොබලමිනි.

    "මැඩම්... වෙච්ච දේ සර්ට කියන්න එපා. සර් මාව ගත්තේ විජේ අන්කල් ගැන තිබ්බ විශ්වාසෙටනේ. ඉතින් මගේ වැරද්දක් නිසා ඒක විජේ අන්කල්ටත් හරි නෑනේ. මම හෙට උදේ යන්නම්. සර්ට කියන්න හදිසියේ එහෙ කලින් ඉල්ලපු ජොබ් එකක් හරි ගිහින් ගියා කියලා. මං යන්නම් මැඩම්"

    ඔහු නැගිට තව එක් වරක් ෂෙහාරා දෙස බැලුවාය. සමහර මේ ඇයව දකින අවසාන වතාව විය හැකියි. ඔහු ගෙයින් එලියට බැස යන තුරුත් ෂෙහාරා වික්ෂිප්ත බැල්මකින් බලා වුන්නාය. ඔහු කාමරයට ගොස් ඇඳෙහි වාඩි විය. ජංගම දුරකතනය ගෙන හේමන්තගේ අංකය ඔබා කල්පනා කලේ සියල්ල කියනවාද නැද්ද කියා. කටක් ඇර මේවා කෙසේ කියන්නද? එක්වරම ඔහුට කෙටි පණිවිඩයක් ලැබුනි.

    "මතක ඇතිව පොත් ටික අරන් එන්න"

    පණිවිඩය එවා ඇත්තේ නෙතලිය.
    ඔහු එයට පිලිතුරක් යවන නොයවන එක ගැනවත් නොසිතුවේය. මේසය උඩ ඔහු රැගෙන ආ ගමන් මල්ල තවමත් එලෙසමය. එය ඇද්දේ වත් නැත්තේ හොඳ වෙලාවටය. නැත්නම් හෙට යන නිසා නැවතත් ඒවා අස්කල යුතුවේ.


    නෙතලිව ගැනීමට පිටකොටුවට ගියේ හරියටම හත වන විටය. පොත් ටික බාර දුන් පසුව ඇය ඇවිත් වාහනයට නැග්ගාය.

    "යමු"

    ඔහු නැවත වාහනය හරවාගෙන පාරට ගත්තේය. ඇය දුරකතනයෙන් කාට හෝ කතා කරයි. උකුලු මුකුලු පා කතා කරන ආකරයට ඇගේ පෙම්වතා වන්නට පුලුවන. නමුත් ගැහැණු ළමයින් කතා කරන ආකාරය අනුව එලෙස සෙවීමත් එතරම් ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. ඇය කෙතරම් වෙලාවක් කතා කලාද යන්න ඔහුට හරි හැටි ගාණක් නොවීය. නමුත් එය සැලකිය යුතු තරම් වෙලාවකි.

    "දිනුක, හෙට උදේම මට යන්න ඕනේ පොඩි දිහාවක. තාත්තව ටිකක් උදෙන් ඇරලවන්න. මම තාත්තට කියන්නම්"

    ඔහු හෙට උදයේ යන බව මැයට කිව යුතුද? නැතිනම් යුවතිය හෙට උදයේ ඔහු සමඟ යාමට බලා සිටිනවා නියතය. නමුත් එය තමා කියනවාද නැත්නම් ඇය වෙන කාගෙන් හෝ එය දැන ගන්නවාද යන්න ඔහුට සිතා ගැනීමට නොහැකිය.
    "මිස් මේ.... හෙට ඉඳලා මම වැඩ කරන්නේ නෑ"
    එය ඇසූ විට ඇයගෙන් පිළිඹිඹු වූවේ කුමක් දැයි ඔහුට අඩ අඳුරේ නොපෙනිනි. නමුත් ඇය පුදුම වන්නට ඇතයි ඔහු අනුමාන කලේය.

    "මොකක්? දිනුක අදනේ වැඩට ආවේ?"
    "ඔව් මිස්. ඒත් හෙට ඉඳලා මම වැඩට එන්නේ නෑ. හෙට උදේ ආපහු යනවා"
    "ඒ මොකද දිනුක? හදිස්සියෙම? මම කවුරු එක්කද යන්නේ එතකොට?"
    "මිස්ට ටැක්සි එකක් වගේ එකක යන්න වෙයි. ඕනේම නම් මම මිස්ව ගෙනිහින් දාලා ඇවිත් යන්නම්. හැබැයි ඉතින් ආපහු එන්න වෙන්නේ වෙන එකක"
    "මං යන එක පැත්තකින් තියමුකෝ. ඇයි දිනුක හදිස්සියෙම යන්නේ? රස්සාවක් කරන මනුස්සයෙක් එක පාරම එහෙම දාලා යන්නේ නෑනේ. අනික දාලා යන්න තරම් දෙයක් වුනෙත් නෑනේ?"
    "නෑ මිස් එහෙම දෙයක් නෙමෙයි."
    "එහෙනම්? කවුරුහරි මොකුත් කිව්වද??"
    "නංගි මොනවා හරි කිව්වද?"
    ෂෙහාරා මොකුත් කිව්වේ නැත. නමුත් ඇය කල දෙය නිසා මෙය සිදුවුනා යැයි කීම එතරම් හොඳ දෙයක් නොවන නිසා ඔහු කිසිවක් කිව්වේ නැත.

    "කියන්න. නංගි මොනවා හරි කිව්වද?"
    "නෑ මිස්"
    "එහෙනම් හේතුවක් තියෙන්න එපැයි."
    "අම්මට කිව්වද දිනුක යනවා කියලා?"
    "ඔව් මිස්."
    "හරි. මං අම්මගෙන් අහගන්නම්කෝ"

    ගෙදර යන තුරුම දෙදෙන අතර ඉන්පසු කතා බහක් ඇති වූයේ නැත. වාහනය නැවත්වූ වහාම ඇය ගෙට ගියාය. ෂෙහාරා වුන්නේ රූපවාහිනිය නරඹමිනි.

    "නංගි. ඔයා මොනවා හරි දිනුකට කිව්වද?"
    ඇය කිසිවක් කීවේ නැත.
    "කිව්වද කියනවා?"
    "මේ මොකද මේ? මම එයාට මොනවා කිව්වත් ඔයාට මොකද?"
    "මට නම් මොකවත් නෑ. ප්‍රශ්නේ තියෙන්නේ මේ ගෙදරට යන්න එන්න විදියක් නැති වෙන එක."
    "ඇයි මෙච්චර දවස් එයා හිටියද ඔයාට යන්න"
    "මොකද මේ බෙරිහන් දෙන්නෙ අහල පහලට ඇහෙන්න?"
    සූරියවංශ මහත්මිය දෙදෙනාගෙ ශබ්දය ඇසී සාලයට පැමිණියාය.


    "අම්මේ අර දිනුක යන්න හදන්නේ ඇයි?"
    "දිනුක අද දෙපාරක් නංගිව ගන්න පරක්කු කරා. නිකරුනේ නංගි රස්තියාදු වුනා අද දෙපාරක්ම. පළවෙනි පාර ඔයා දාන්න ගිහින්. දෙවෙනි පාර චූටි එද්දි ඉඳලා නෑ. ඒ පාර බලන් ඉඳලා කවීශා දුව ගෙනත් දැම්මේ."
    "ගිහින් නෑ කියන්නේ?"
    "චූටි ගන්න තැන හිටියේ නෑ කිව්වේ. දිනුක ගියා කියලා කිව්වා. කවුද දන්නේ ඉතින් කොයි වෙලේ ගියාද කියලා"

    නෙතලි ඉන්පසුව කිසිවක් නොකියා ගෙතුලට ගියාය. නමුත් ඇයට ප්රශ්නය වූයේ දිනුක එසේ කරයිද යන්නයි. ඔහුගේ හැසිරීම කතා බහ වගකීමක් පැහැර හරින අයෙක්ගේ කතාවලට වඩා වෙනස්. කතාවෙන් පුද්ගලයා ගැන කීමට නොහැකි වුනත්, ඔහුගේ කුමක්දෝ වෙනසක් ඇය දුටුවාය. නංගී පැවසූ දෙය නිවැරදි වන්නට පුලුවන. නමුත් කුමක් හෝ නොගැලපෙන බවක් මෙහි ඇති බව ඇයට වැටහුනි. ඇය ඉක්මනටම රාත්‍රී වුවත් නාගෙන ඇඳුම් මාරු කර ගත්තාය. පසුව ජංගම දුරකතනය ගෙන අංක කිහිපයක් එබුවාය.

    "හෙලෝ"
    "හෙලෝ මානෙල් ඇන්ටි. මම නෙතලි. කවීශාට පොඩ්ඩක් දෙන්න"
    "ඉන්න දුවේ"
    මද වේලාවකින් කවීශා එතනට පැමිණියාය.
    "හෙලෝ"
    "හෙලෝ නංගි. මම නෙතලි අක්කා"
    "කියන්න අක්කේ"
    "අද නංගි ඔයා එක්කද ක්ලාස් ඇරිලා ආවේ?"
    "ඔව් අක්කේ?"
    "ඇයි අපේ වාහනේ ඇවිත් තිබ්බේ නැද්ද?"
    "මේ....." ඇය කියන්නේ කුමක්දැයි කලින් සූදානම් වී සිටියේ නැත.
    "මොකද මේ..... ඇවිත් තිබ්බද නැද්ද?"

    නෙතලි මේ අසන්නේ ඇත්ත දැනගෙනද නැද්ද කියා ඇයට වැටහීමක් තිබ්බේ නැත. ඇවිත් තිබ්බේ නැහැ යැයි කීමට පුලුවන. නමුත් එය ඇවිත් තිබූ බව ඇය හොඳාකාරව දන්නේ නම් තමා බොරුකාරියක් වනවා නොඅනුමානය. ඔව් කීමටද නොහැක. එවිට එසේ තිබියදිත් ඇයව රැගෙන ආ එකට බැනුම් අසන්නට සිදුවේ. නමුත් බොරුකාරියක් වනවාට වඩා බැනුම් ඇසීම යෙහෙකි.

    "මේ....ඇවිත් තිබ්බේ අක්කේ"
    "ඇවිත් තිබ්බා නම් ඇයි චූටි ඔයා එක්ක ආවේ?"
    "මං දන්නේ නෑ. මට කිව්වා මං එක්ක යන්න ඕනේ අරකේ යන්න බෑ කියලා"
    "ඒක යකාගේ කතාවක්නේ. ඔයා අපේ අම්මට මොනවද කිව්වේ?"
    "මං ඇන්ටි හම්බෙන්න ආවේ නෑ. ඒ ගමන්ම ගියා. ඇයි අක්කේ මේ?"
    "ඇයි. ඔයාලා කරපු වැඩේ නිසා දිනුකගේ රස්සාවටයි ප්‍රශ්නේ වුනේ"
    "හානේ..... අක්කේ ඒක මේ ජෝක් එකකටනේ කරේ"
    "ජෝක් එක පේනවානේ නංගි දුර දිග ගිය විදිය"
    "සොරි අක්කේ"
    "මට සොරි කියලා වැඩක් නෑ. ඒක කියන්න දිනුකට. මනුස්සයෙක්ගේ ජීවිත එක්ක විහිළු දාන්න එපා. අපි දන්නේ නෑනේ ඒ අයට ඒවා කොහොම බලපානවද කියලා"
    "රියලි සොරි අක්කේ. එහෙම දෙයක් ගැන හිතලා නෙමෙයි කරේ. දන්නවා නම් මම එක්ක එන්නෙත් නෑ ෂෙහාරාව"
    "දැන් ඉතින් සිද්ධ වෙලා ඉවරයිනේ. අපේ අම්මා ඇහුවොත් නංගි ඇත්තම කියන්න. අම්මා බනින එකක් නෑ"

    දුරකතනය තැබූ පසුව ඇයට පැමිණියේ ෂෙහාරා ගැන තරහකි. මනුස්සයෙක්ගේ රස්සාවක් සමග සෙල්ලම් කිරීමට තරම් තත්වයකට වැටීමට තරම් ඇයට මොළයක් නැතිද? ඇය නැවත පහළට ගියාය.

    "අම්මේ.... නංගිට පොඩ්ඩක් එන්න කියන්නකෝ"
    "මොකද මේ. ආයේ රංඩු අල්ලන්නද?"
    "රංඩු අල්ලන්න නෙමෙයි තියෙන්නේ?"
    "මොනවද ලොකූ මේ කියන්නේ?"
    "එන්න කියන්න. එයාගෙන්ම අහගන්න පුලුවන්"
    "චූටි දූ.... එන්න ටිකක්"

    ඇය තවමත් වුන්නේ රූපවාහිනිය බලමිනි. අතර මැදි බාධාව හමුවේ ඇය පැමිණියේ නොසතුටෙනි.

    "ඇයි?"
    "අද ඔයාව ගන්න දිනුක එතනට ආවද නැද්ද?"
    "නෑ" ඇය ගත් කටටම කීවාය?
    "අපේ වාහනේ එතන තිබ්බෙත් නෑ."
    "නෑ. ඇයි අහන්නේ. එයාද කිව්වේ ආවා කියලා?"
    "කිව්ව කෙනා වැඩක් නෑනේ. ආවද නැද්ද කියලා විතරයි දැන ගන්න ඕනේ"
    "ඔයාට විශ්වාස මං කියන එකද නැත්තම් එයා කිව්ව එකද?"
    "දිනුක මට කිව්ව දෙයක් නෑ. අඩු ගානේ ඔයාව ගන්න ගිය එක ගැන වචනයක් කිව්වේ නෑ අම්මා කියනකන්. හැබැයි මටත් දුක තමන්ගේ අය බොරු කියනකොට"
    "ඔයාට මොකක්ද දිනුක ගැන ඔච්චරටම තියෙන කැක්කුම?"
    "මට ඇති කැක්කුමක් නෑ. ඒත් දිනුක එක්ක යද්දි මල්ලි කෙනෙක් එක්ක ගමනක් යනවා වගේ බයක් නැතිව යන්න පුලුවන්. මතකනේ කලින් ආව කෙනා?පොඩ්ඩක් හරි කොටට ඇන්ඳොත් කොයි වෙලේ බැලුවත් බලන් ඉන්නේ කකුල් දෙක දිහා. හිතේ නිදහසේ ගමනක් බිමනක් යන්න මදැයි පටන් ගත්තා"
    "ලොකූ කියන්නේ දිනුක එතනට ගියා කියලද නංගිව ගන්න?"
    "මම කියන්න ඕනේ නෑ. මෙයාව ගෙනත් දාපු කෙනාගෙන් අහන්න."
    එය ඇසූ විට ෂෙහාරා මදක් තිගැස්සුනාය. එකත් එකටම කවීශා බිය වී නෙතලිට සියල්ල පවසන්න ඇත. ඇය වචනයක්වත් කීවේ නැත.

    "කවුද කවීශා දුවද?"
    "මෙයාලා එද්දි එතන දිනුක ඉඳලා තියෙනවා. චූටි තමා කවීශාවත් ඇදගෙන එයාලගේ එකේ ඇවිත් තියෙන්නේ. ආවට කමක් නෑ කියමුකෝ. අර ළමයා ආවේ නෑ කියලා කියන්නේ? "
    "චූටි. ඇත්තද මේ කියන්නේ අක්කා?"

    ඇය කිසිවක් නොපවසා උඩ තට්ටුවට දිව්වාය. සිද්ධිය එසේ වන්නට ඇති බව එහෙයින් සූරියවංශ මහත්මිය තේරුම් ගත්තාය.

    "බලන්න දුව. මම අපේ චූටිව විශ්වාස කරලා අර ළමයට බැන්නත් එක්ක. යන්න කියලා කිව්වේ නැතත්, මම වුනත් නොකියා කිව්වේ තාත්තා එයාව තවත් තියාගන්නේ නැති වෙයි කියලා. පස්සේ දිනුකම කිව්වා එයා යන්නම් තාත්තට මේ දේවල් කියන්න එපා කියලා. විජේ අන්කල්ට හරි නෑ කියලා. පව් ඒ කොල්ලා"
    "කවීශා කියනකන් දිනුක නංගි කරපු දේ ගැන කටක් හෙලෙව්වේ නෑ අම්මා. මම ඇහුවත් එක්ක නංගි මොනවා හරි කිව්වද වත් කියලා."
    "මේ චූටි හැදෙන්නේ හරිම මුරණ්ඩු විදියට දැන්. බුරුල දෙනවා වැඩි නිසා තමා මේ නැටිල්ල. දවසක තේරෙයි ඕවා දුර දිග ගියාම"
    "මොනවා හරි කියන්න ගියත් බුම්මගන්නවා. මට නම් තේරෙන් නෑ කොහොම කරන්නද කියලා"
    "අර ළමයට ඉන්න කියන්න වෙයි. දැන් කටක් ඇරලා කොහොමද කියන්නේ. මොන ලැජ්ජාවක්ද"
    "ඒ ළමයා ඕක ගණන් ගන් නැතිවෙයි අම්මා"
    "උදේට මම කියන්නම්. ඔයා තාත්තට කියන්න යන්න එපා මේවා. තරහා යයි තාත්තට"
    "හරි නම් කියන්න තියෙන්නේ. පව් නිසා මම කියන්නේ නෑ"

    ඇය මව තනිකර ඇගේ කාමරයට පැමිණියාය. ඇයට දැනුනේ ලොකු යමක් කලා වැනි හැඟීමකි. ඇය ජංගම දුරකතනය ගෙන කෙටි පණිවිඩයක් ගැසුවාය.

    "ඔයා කොහෙවත් යන්න ඕනේ නෑ. මෙහෙම ඉන්න"
    පණිවිඩය ලැබෙන විට දිනුක රාත්රී ආහාර ගෙන ආවා පමණි. ඔහු මද වෙලාවක් එයට යැවීමට නිසි පිළිතුරක් සිතුවේය.

    "හෙට උදේ වෙනකන් කොහෙවත් යන්නේ නැතිව ඉන්නම්" තම තත්වය කෙතරම් දුක්බර වුවත් ඔහු ඇයව සිනාගස්සන්නට ඇත. නෙතලි නැවත පිලිතුරක් එව්වේ නැත. සමහර විට ඇයට නින්ද යන්න ඇත. නැතහොත් උවමනාවෙන්ම එවන්නට නැතිව ඇත.


    ~ මතු සම්බන්ධයි ~
     
    • Like
    Reactions: DAMER and nadeejalm

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    ෆ්‍යුරි මම වෙනුවෙන් ෆැප් කතාවක් මේකට දාන්නම හැදුව​, මම මුට වැදල ඒක අයින් කරගත්තෙ :sorry:
     
    Status
    Not open for further replies.